ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

24 May, 2011

සමා වෙන්න සදරු

සදරු ගේ ලෝකය මොකක්ද මේ එක පාරම නම් ඔයාලා කාටවත් හිතා ගන්න නම් බැරි වෙයි මම හිතන්නේනම්.... මම සදරු එත් කාලෙකට කලින් කිවේ ඒ නම නම් නේමේනේ... ඔයාලා දන්නවනේ ඒ මොකක්ද කියලා... ගොඩාක් දෙනෙක් දැන ගන්න තරම් මේ ඩයල් එක ප්‍රසිද්ද නම් නැතුව ඇති... එත් දන්න කියන අය ගොඩාක් දෙනා දන්නවා මම දේවා කියලා
එත් සදරු ගේ ලෝකය කියලා අප්‍රියල් 30 මම මේ බ්ලොග් එක පටන් ගත්තා.. එත් බ්ලොග් කියවන කොට මම තේරුම් ගත්තා මට මේ නම අයිති නැ කියලා.. හිස් අහස ලියන අය්යාටයි සදරු කියන නම අයිති... ඉතින් සමාවෙන්න සදරු කියලා මම සමාව ඉල්ලන ගමන් මගේ මට මේ බ්ලොග් අවකාශේ තවම තනියම අයිතිවාසිකම් කියන්න පුලුවන් දේවා කියන නමට අද ඉදන් මේ අවකාශය මාරු වෙනවා..
ඒ කියන්නේ ඉතින් අද ඉදන් සදරු ගේ ලෝකය දේවා ගේ ලෝකය වෙනවා..
නම වෙනස් වෙනවා එක්කම බ්ලොග් එකේ පොඩි පොඩි වෙනස් කම් නම් ටිකක් වෙයි...
ඒ මොනවද කියලා ඉස්සරහට මගෙත් එක්ක ඉන්න යාලුවෝ හැමෝටම දැන ගන්න පුලුවන් වෙයි
ඉතින් මම ඔයාලා හැමොගෙන්ම මාව ෆලෝ කරලා මාත් එක්ක දිගටම ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා
හිස් අහස ලියන  සදරු අය්යේ.. මේ බ්ලොග් අවකාශයේ දවස් 25වත් මම ඔයාගේ නම පාවිච්චි කලාට සමා වෙන්න මම අද ඉදන් සදරුගේ ලෝකය
දේවාගේ ලෝකය විදිහට හැමොම එක්ක සහයොගයෙන් වැඩ කරන්නම්...
කමෙන්ට් දාලා ෆලෝ කරලා මාත් එක්ක ඉන්නකෝ මගේ යාලුවනේ

22 comments:

  1. ඇඩ් එක නම් වෙනස් කරන්නේ නැ යාලුවා...නම තමයි වෙනස් කරන්නේ..
    දිගටම මාත් එක්ක ඉන්නකෝ

    ReplyDelete
  2. ඔවුවා නම් මොනාද දොරේ ! මගේ බ්ලොගේ නම හිස් අහසනේ ! අනික සඳරුලා කීප දෙනෙකුට ඉන්ඩ බැරිද ? උඹලට කැමති නමකින් ලියන්ඩ මල්ලී.

    යකඩෝ තව සඳරු කෙනෙක් දැක්කාම මට සතුටුයි .හැබැයි ඉතින් මට කොකු වැඩියි මම කියලා හිතලා උඹට කස්ටිය පාරෙදී නෙලයිද දන්නේ නෑ ඕං

    "සඳරුට" වඩා "දේවා" නම නම් මචං ටිකක් විතර ඝාම්භීරයි නේද ? උඹට ඒ නම හොඳා කියලා හිතෙනවානම් ඒක පාවිච්චි කරන්න ..

    අද ඉඳන් අපිත් එන්නම් මෙහේ පැලපැදියං වෙන්න ..

    ReplyDelete
  3. මොනව උනත් ඔයා ගත්ත තීරනයනම් සිරා මචං.. නියම කොල්ලෙක්....

    මටත් ඔය 2 පැටලැව්නා නිතරම..

    ReplyDelete
  4. මටත් නම් මුලදී පොඩ්ඩක් ටැපලුනා. මොකද මං සඳරැ කියලා කලින් දැනගෙන හිටියේ අපේ හිස් අහස ලියන මලයනේ. මං එයාගේ බ්ලොග් එක කියලා හිතාගෙන තමයි මුලින් මේකට ආවේ. :D

    අවුලක් නැත්නම් අපිට අවුලක් නෑ ඔන්න. හොඳට ලියන ඕනෙ දෙයක් අගය කරනවා. ජය

    Robin

    ReplyDelete
  5. @ හිස් අහස : අහස හිස් උනාට අයියේ ඔයාගේ බ්ලොග් එකෙන් හදවල් 10 යක ශක්තිය තියනවා... ඉතින් ඔයා වගේ කෙනෙක්ගේ නම මම වගේ පොඩි කෙනෙක්ට ගැලපෙන්නේ නැ... අවුරුදු එක හමාරකට විතර කලින් මගේ නම ආයේ හැමදාටම දා ගන්නම්කෝ
    තැන්ක්ස් මේ පැත්තේ ආවට...
    කෝකටත් පරිස්සම් වෙන්න නම මාරු කරන එකමයි හොද නේද?

    @ සුපර් : ඔන්න ඉතින් ආයේ පැටලෙන එකක් නැනේ නේද? සුපර්

    ReplyDelete
  6. @ Robin : දිගටම හොද දේවල් ලියලා ඔයාලත් එක්ක ඉන්න තමයි මටත් ඕනේ.. තැන්ක්ස් මේ පැත්තේ ආවට

    ReplyDelete
  7. හිකිස්......මම මේක දැන්නේ දැක්කේ........හොඳා...හොඳා....සුභපැතුම් අය්යා....

    ReplyDelete
  8. ඒ දේවා මචං මම උපන්නේ 1989 මම අයියා නේද ? උඹ සුවර් එකට මට වඩා බාලයි නේද ? ඒ ප්‍රස්නෙත් ඉවර කරගනිමුකෝ .

    ReplyDelete
  9. අන්න වැදගත් ප්‍රශ්නයක්... මටත් අයියද, මල්ලිද කියල දන්නෙ නැති නිසා ආමන්ත්‍රනය කරනකොට නිකං අවුල් වගේ.. ;-)

    ReplyDelete
  10. ත‍ටු සිදුන සමනලි : ඔන්න අය්යා කිවට ඔයා මම නම් දන්නේ නැ.. මම හිතන්නේ මම මල්ලි වෙන්න ඇති නේද?

    @ හිස් අහස: අනේ එහෙමනම් කියන්න කනගා‍ටුයි මල්ලි කියලා තමා මට කියන්න වෙන්නේ.. බර්ත් ඩේ ප්‍රසන්ට් එවන්න එක්කම මම කියන්නම්කෝ මගේ උපන්දිනේ
    1988/09/26

    ReplyDelete
  11. @හිස් අහස ,ත‍ටු සිදුන සමනලි ,සුපර් ,....... දැන් ඉතින් ඔය අයියලා මල්ලිලා අක්කලා නංගිලා (කැමතිනම් ) කියමුකෝ තමන් කොහොමද කියලා

    ReplyDelete
  12. උඹ කීවට සමා වෙයං අයියේ ! මම 1989/12/17

    ReplyDelete
  13. @ සදරු : අය්යෝ ඕක මොකක්ද මලයන්ඩි.. කැමති වෙලාවල් වල අපේ පැත්තේ ඇවිත් යන්නකෝ... කැමති අය ඇඩ් කරගන්නකෝ ජි ටොක් වලින් මාව sadaru.world

    ReplyDelete
  14. දේවා නම හොදයි තමා. සදරු බ්ලොග් 6 තියෙනවා මට ඇව්ල්ලා තියෙනවා

    ReplyDelete
  15. අනු : එක තමා පොඩ්ඩක් හරි අපි වෙනස් වෙන එක හොදයිනේ....

    ReplyDelete
  16. නැහැ....මම නංගි....මම උපන්නේ 1993..මම හරි මම හිතන්නේ...:D

    ReplyDelete
  17. @තටු සිඳුනු සමනළියක්: ආහ් මෙච්චර ලොකු වැඩ කරන්නේ මේ වගේ පොඩි කෙල්ලෙක් කියලා නම් මට හිතාගන්නවත් බැනේ.... දිගටම ඔයා ඔය විදිහටම ලියන්න්නකෝ........ අපි හැමදාම ඔයාත් එක්ක ඉන්නවා...

    ReplyDelete
  18. එල එල
    අපි ඉන්නව දිගටම, ජය වේවා!

    ReplyDelete
  19. මොනවිදිහට බ්ලොග් ලිව්වත් අනිවාර්යෙන්ම මම කියවන්න එනවා.
    ජය වේවා !!!!

    හිස් අහස සදරුයි දේවාගේ අඩවියේ සදරුයි !!!!! :)

    ReplyDelete
  20. @ සඳරුවා (හිස් අහස) - උඹ ඉපදිලා තියෙන්නෙ මගෙ නංගිගෙ උපන් දිනේ දවසෙනෙ. උඹට අනිවාර්යයෙන්ම මම සුබ පතනවා ඊලඟ උපන් දිනේට.

    ReplyDelete
  21. මල්ලි උඹ නම් මාර කොල්ලෙක්...
    එක නමකින් පටන් අරගෙන ඒ නමින්ම උඹට කලින් බ්ලොග් ලියන කෙනෙක් ඉන්නව කියල දැනගෙන ඔක්කොම නම් ගම් වෙනස් කරල... තව සඳරු මලයාගෙන් සමාවත් ඉල්ලලා...

    මලයා දන්නවද මට වෙච්ච වැඩක්... මං මුලින්ම 2010 පෙබරවාරි 28 මගේ අඩවිය පටන්ගත්තේ සියපත By sansarasidu කියල... බ්ලොග්කරණයට ටිකක් පරණ අයගේ බ්ලොග් රෝල්වල මගේ අඩවිය තාමත් සඳහන් වෙන්නේ ඒ විදිහටම තමා.. ඒත් ටික කාලයක් යත්දි දන්නෙම නැතිව තවත් සියපතක් ඇවිල්ලා... ඉතින් එකම නමින් අඩවි දෙකක් තියෙන එක කියවන අයට අපහසුවක් වෙච්චි හින්දා මං මට අනන්‍ය වෙච්චි සන්සරසිදු කියන නමට මාරු වුණා...

    ඒ අතින් ගත්තහම උඹ නම් මාර කොල්ලෙක්... මලයෝ...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....