ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 February, 2013

පොඩි පොඩි රස කතා...............

Girl : සුදූ ඔයා මට ගොඩක් ආදරේද?

Boy : ගොඩක් ආදරේයි පැටියො

Girl : මගෙ කොතනටද ඔයා ගොඩාක් කැමති?

Boy : හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Girl : අනෙ කියන්නකො......

Boy : මම කැමති ඔයාගෙ අර සුදු බොල දෙක මැද්දෙ තියන කලු තිත් දෙකට...

Girl : මොකක්? තමුසෙ මහ ජරා කොල්ලෙක් හලො.....

Boy : අයියො ඒකවත් තෙරෙන්නෙ නැද්ද.... මම කිව්වෙ ඔයාගෙ ඇස් දෙක ගැන නෙ.


.........................................................................................................................................

තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් නිමල්  කමල්ට පහර දුන්නේය.

බරපතල ලෙස තුවාල ලැබූ කමල් නිමල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.


"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා නිමල්ගෙන් විමසුවේය.


ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..


තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?


දැනට අවුරුද්දකට විතර ඉස්‌සර


"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?


"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" නිමල් කියාගෙන ගියේය


....................................................................................................................................

බාලාංශ පන්තියේ සිටි කමලා සහ නිමලා පාසල් ගොස් එන අතරේ කතාබහක නියැලිනි.

කමලා: අපේ බාප්පා මැරුණේ ප්ලේන් එකේ ගිහින්.....
 

නිමලා: අනේ පව් මෙයා... මොකද ප්ලේන් එක කඩන් වැටිලද එයා මැරුණේ......
 

කමලා:පිස්සුද අනේ ප්ලේන් එකට මොකවත් වෙලා නැ...
 

නිමලා:එහෙනම් ඒකේ යන ගමන් ලෙඩ වෙලාද..?
 

කමලා නැ නැ...චූ බරක් හැදිලා දොර ඇරගෙන එලියට බැහලා.

................................................................................................................................

මේ එක්තරා දිනයකදි අඹුසැමියන් දෙදෙනෙකුගේ දින පොත් වල ඔවුන් විසින් සටහන් කර තිබු කොටසකි


ඈයගෙ දිනපොත.

මම ඈහුවා එයාගෙන් මොකද වෙලා තියෙන්නෙ?- එයා කිව්වා මුකුත් නෑ කියලා. ඔය ඔය අප්සෙට් එකේ ඉන්නෙ මගෙ අතින් උන වරදකටද? එයා කිව්වා මට කිසිම ප්‍රාශ්නයක් නෑ.
අපි දෑන් ගෙදර යන ගමන් ඉන්නෙ,මන් කිව්වා මන් ඔයට ගොඩක් ආදරෙයි කියලා. එත් එය හිනා වෙල වාහනය එලවගෙන යනවා. මට හිතා ගන්න බෑ එයාගෙ අමුතු හෑසිරිම. මම දන්නෙ නෑ ඈයි එය කිව්වෙ නෑත්තෙ මාත් ඔයට අදරේයි කියල.
අපි ගෙදර ගියාට පස්සෙ, මට හිතුනෙ මට එයාව නෑති උන කියල. එයා ඉදගෙන ටිව් බලනවා විතරයි එයාට මාත් එක්ක කිසිම දෙයක් කතා කරන්නවත් ඔනෙ නෑ.එයා හරියට පිටස්තර පුද්ගලයෙක් වගෙ ඉන්නෙ. මම තිරනය කලා ඈන්දට ගිහින් නිදා ගන්න.විනඩි 10 කට පස්සෙ එයත් අවා ඈන්දට.ඉතින් මන් හිතුවා මෙක තව දුරටත් හිතෙ තදකරගෙන ඉන්නෙ නෑතුව අහන්න.නමුත් එතකොට එයට නින්ද ගිහින්.මට ඉබෙටම ඈඩුනා, මට නින්ද යනකම්ම මට ඈඩුනා. මට හිතා ගන්න බෑ මොනද කරන්නෙ කියලා. මට හොන්දටම විශ්වාසයි එයා දෑන් හිතන්නෙ වෙන කෙනක් ගෑන. මගෙ මුලු ජිවිතයම විනාස උනා



.
.
.
.
.

ඔහුගෙ දිනපොත

අද දවස :- ශ්‍රි ලංකාව අදත් මෑච් එක පරදයි නෙ.අම්මපා මුන්ගෙ @#$% 

.......................................................................................................................................

ඔන් එක චණ්ඩියෙක් වගේ ඩයල් එකක් නැග්ගලු බස් එකකට. නැගලා පොර කියනවලු "සිංහයෙක් බස් එකට නැග්ගෙ ඈ ..........." කියලා. ඉතිං දැන් පොරට ඉස්සරහට යන්න විදියක් නැහැලු සෙනගලු මිනිහා ඒ ගමන කියනවලු. "දැන් සිංහයට ඉස්සරහට යන්න මේ බස් එකේ ඉඩ නෑ එතකොට ......."ඉතින් මිනිහ පච්චයක් එහෙම ගහලා සුදු යකඩ චේන් දෙක තුනක් එහෙම දාලා හෙන මැර ටයිප් එකකට හිටිය නිසා මිනිස්සුත් බය වෙලා ඉඩ දුන්නලු .............

ඊ ලඟට පොර ඉස්සරහට ගියාලු වාඩි වෙන්න සීට් නෑලු. ඉතිං පොර සීට් එකක් ලඟට ගිහිං කියනවලු "එතකොට සිංහයට වාඩි වෙන්න සීට් නෑ එහෙනම් ............" කියලා. අනේ ඉතිං ඒ සීට් එකේ මෙහා පැත්තෙ හිටියෙ වයසක අන්කල් කෙනෙක්ලු. පොර ඉතිං මොකටද ඉතිං නැති ප්‍රශ්න හදා ගන්නෙ කියලා දුන්නලු සීට් එක. වීදුරුව අයිනෙ හිටියෙ හත අට වසරෙ විතර පොඩි දරුවෙක්ලු. දැන් ඉතිං පොඩි එකත් බය වෙලා අයිනට ගුලි වුනාලු ..........

ටික දුරක් යනකොට පොරට ඕන උනාලු වීදුරුව අයින ඒ ගමන පොර කියනවලු "එතකොට සිංහයට වීදුරුව ලඟ යන්න ඉඩ නෑ එහෙනම් ......" කියලා. ඔන්න ඉතිං අර පොඩි කොල්ලා බය වෙලා අයිනත් දුන්නලු. දැන් පොඩි එකාට ඉන්න බැරිලු ප්‍රශ්නයක් එනවලු අහන්නම අර හාදයගෙන්. "අන්කල් මම ප්‍රශ්නයක් අහන්නද" කියලා ඇහුවලු. පොර කියනවලු "සිංහයන්ට මොන ප්‍රශ්නද බොල අහපං බලන්න කියලා ......" කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා. ආයිත් ටික වෙලාවකින් කොල්ලට ඉන්නම බැරුව අහනවලු "අන්කල් ප්‍රශ්නයක් තියනවා අහන්නද කියලා" ආයිත් පොර කියනවලු "අහපං කොල්ලො සිංහයන්ට මොන ප්‍රශ්නද කියලා ....." ආයිත් කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා ............

දැන් ඉතිං අර මැර හාදයත් වට පිට බල බල යනවලු කොල්ලත් බයෙන් වගේ ගුලි වෙලා යනවලු. ඉතිං කොල්ල බහින හෝල්ට් එකට කිට්ටු වෙලා නැගිටින්න හදන කොට අර මැර හාදයට මතක් වුනාලු මූ ප්‍රශ්නයක් අහනවා කිව්වට ඇහුවෙ නෑනෙ කියලා. පොර කියනවලු "මොකක්ද කොල්ලො උඹ අර සිංහයගෙන් අහන්න තිබුනයි කිව්වෙ .... දැන් අහපං දැන් අහපං ....." කියලා. ඉතිං කොල්ලත් ආයිත් අහනවලු "කමක් නැද්ද අන්කල් ඇහුවට" කියලා. "අහපං අහපං සිංහයන්ට විසඳන්න බැරි ප්‍රශ්න නැහැ ....." කියලා පොර කිව්වලු.

කොල්ලා ටිකක් ඉස්සරහට එහෙම ගිහිං අහනවලු "අන්කල්ගෙ අම්මා කැලේට ගියාද නැත්නම් සිංහයෙක් ගෙදරට ආවද කියලා ......." පොරට තරු වීසි වුනාලු ........


.........................................................................................................................................

දුප්පත් නමුත් උගත් පවුලක් හිටියා. ඒ අය තමන්ගෙ එදිනෙදා ගෙදරට අවශ්ය බඩු ගත්තෙ ගේ ලඟ කඩෙන්. මාසෙ අන්තිමට රුපියල් පන්දහස් ගනනක බිලක් ගෙවන්න එකතුවෙල තිබුනා. නමුත් ඔවුන්ට එම මුදල එම මාසෙදි ගෙවීමට අපහසු වුනා. කඩෙ මුදලාලි පනිවිඩ පිට පනිවිඩ එවනවා ණය බේරන්න කියල. පසුව ගෙදරට ඇවිත් අදම මෙ මුදල ගෙවන ලෙස තර්ජනය කලා. නමුත් දුප්පත් පවුලට එම මාසයේ මුදල් තිබුනෙ නැහැ. ඔවුන් ලඟ සන්තකෙටම තිබුනෙ රුපියල් දහයක් විතරයි. මෙකත් අතේ තියගෙන ඒ රුපියල් දහයෙ නෝට්ටුව දිහා බලාගෙන කල්පනා කරමින් සිටි ගෙදර ඇට්ටර කොල්ලා යමක් එම නෝට්ටුවෙ සඳහන්ව තියෙනවා දැක්ක. වහාම එම රුපියල් දහයෙ නෝට්ටුව ගෙදර පොඩි එකාට දීල ගිහිල්ල කඩේ ණය ගෙවල එන්න ඔහු පිටත් කලා. දැන් ගෙදර අයටත් හොල්මන්....
මෙන්න ක්ෂනයකින් මුදලාලි එනවා අම්මා, මුත්තා ඇතුව කෑගහගෙන.
ගෙදර
ඇට්ටර කොල්ලා අත හැරියෙ නැහැ. අර රුපියල් දහය අරගෙන මුදලාලිට කිව්ව

" නිකන් මෝඩයෙක් වගේ කෑගහන්නෙ නැතුව බලපන් ඕකෙ මොකක්ද ලියල තියෙන්නෙ කියල "

මුදලාලි ඒක කියවල උඩ ගියා.... ඇත්ත නෙන්නම්..... මේ බලපල්ලකෝ......

"ශ්‍රි ලංකාන්ඩුව වෙනුවෙන් නිකුත්කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රි ලංකාව අතුලත ඕනෑම මුදල් ගනණක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය".

මුදලාලිට කට උත්තර නැති උනා...


........................................................................................................................................

නවීන පන්නයේ කාරයක් දරුණු රිය අනතුරකට ලක් විය.

එම ස්ථානයට පැමිණි ප්‍රථමාධාර කණ්ඩායමට දැක ගැනීමට ලැබුනේ රියදුරු අසුනේ සිටි තැනැත්තා මහා හඬින් බෙරිහන් දෙන ආකාරයයි.
 

ඔහු වෙත ළංවූ කණ්ඩායමේ සාමාජිකයෙක් ඔහු සන්සුන් කිරීමට උත්සාහ දැරීය.
 

"මහත්තයා කලබල වෙන්න එපා, පේන විදිහට මහත්තයටනම් ලොකු කරදරයක් නෑ වගේ. නෝනනම් වීදුරුවත් කඩා ගෙන එලියට විසි වෙච්ච හින්දා ගොඩක් අමාරුයි වගේ!"
 

"මොනවද **** ඔය කියවන්නේ? තමුසෙලා දැක්කේ නැද්ද ඒකිගේ කටේ තිබුනේ මොකක්ද කියලා?" පැවසූ ඔහු පෙරටත් වඩා උස් හඬින් කෑගැසීමට විය

.................................................................................................................................................

එහෙන් මෙහෙන් අහන්න ලැබුන රස කතා ටිකක්.........


37 comments:

  1. මරු කතා සෙට් එක. උදෙම්ම ඇති වෙන්නම හිනා උනා.
    සුබ දවසක් !!

    ReplyDelete
  2. හුටා... අඩේ මම එකක් දෙකක් page එකේ දානවා හොඳේ..

    ReplyDelete
    Replies
    1. ඇයි එකක් දෙකක්... ඔක්කොම දැම්මත් මගේ කිසි තරහක් නැතේ.........

      Delete
  3. තැංකූ උදේම හිනස්සලා ලේ ටිකක් පිරිසිදු කරලල දුන්නට

    ReplyDelete
  4. හික්ස් හික්ස්! අන්තිම කතාව නම් එල!!!!

    ReplyDelete
    Replies
    1. අනිත් එවා එල නැද්ද ඉතින්

      Delete
  5. හහහා.....පට්ට........ :)

    අම්මපා මුන් අදත් මැච් එක පරාදයිනේ $@%@ :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. හික් හික්.
    නියමයි. අර කාර් එකෙන් එලියට විසිවෙලා සපත්තුවෙන් වහගෙන ගිය එක මතක් වුනා.

    ReplyDelete
  7. හික්ස්... රුපියල් දහයේ සීන් එක තමා මරු...

    ReplyDelete
    Replies
    1. එක ඉතින් සිරානේ නේද? එහෙමනේ ගහලා තියෙන්නේ.......

      Delete
  8. මොකක්ද නෝනගේ කටේ තිබුනෙ. දන්නෙ නැති නිසා අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරාවටමද? එතකොට ඔයා බබා.........

      Delete
  9. හොකෑස්ස්... නෝනගෙ කටේ තියෙන්නෙ දනෙ බොල.. වෙන මොනවද ?

    ReplyDelete
  10. හිනා ගියා දෙකකට.

    ReplyDelete
  11. හහ් හහ් හා තුන්වෙනි එකයි පස් වෙනි එකයි අන්තිම එකයිනම් මරු සහෝ හිනා කාලා මැරෙනවා.

    ReplyDelete
  12. අයියණ්ඩියා, පළවෙනි කතා දෙක විතරයි කියෙව්වේ,, ටෙම්පුවට ඇස් රිදෙන්න ගත්තනේ :(

    ReplyDelete
  13. අනේ ඔව් බන් මේක කියවන්න හෙන ගේමක් දෙන්න ඕන,,
    නෝනා කාර් එක ඇතුලේ මක් කරලද ,,,කතා ටික මරු,,

    ReplyDelete
  14. මම ආස පලවෙනි එකට...

    ReplyDelete
  15. හෙහ් හෙහ්... නෝනගෙ දිනපොතේ නෝට් එකයි මහත්තයගෙ නෝට් එකයි බලද්දි ඇත්තටම මෙව්වා වෙනව නේද කියල හිතුනා ;)

    ReplyDelete
  16. පළමු කතානම් සිනා වීමට පමණයි. නමුත්, දින පොත ගැනනම් සිනහා වෙනවාට වඩා යමක් ගැබ්ව ඇත.

    // මට හොන්දටම විශ්වාසයි එයා දෑන් හිතන්නෙ වෙන කෙනක් ගෑ// අවිශ්වාසය යුග දිවියක බරපතල මෙන්ම දෙදෙනාද පීඩා විඳින ප්‍රශ්ණයකි. අවම වශයෙන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ එය හොඳින් වටහා ගත යුතුය. නැතිනම් කෙලවර භායානකය.

    බොරු කියන්න ඔන නැහැ. අවසාන් එක නම් කියැවූයේ නැහැ. රජකාරී ටයිම්.

    ReplyDelete
  17. පට්ට ආතල් කතා සෙට් එක ඈ..අන්තිම එක තුන්පාරක් කියවල තේරුම් ගත්තේ හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. තේරුම් ගත්තට කමක් නෑ කාර් වල ඕව කරන්න එහෙම යනවා නෙවෙයි ඔන්න

      Delete
  18. මුදලාලිට නය ගෙවපු කතාව අහල තිබුනේ නැහැ.ලියල තියන විදිය නිසාද මන්ද පළමු එකනම් පට්ට.

    ReplyDelete
  19. "ශ්‍රි ලංකාන්ඩුව වෙනුවෙන් නිකුත්කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රි ලංකාව අතුලත ඕනෑම මුදල් ගනණක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය" මං හිතුවෙ මේක තමයි කතාව කියල. බැලින්නං ඊට පස්සෙ කතාව තමයි කතාව.

    ReplyDelete
  20. අනෙ අම්බෝ හිනා කාල පන යනවා...
    නවීන පන්නයේ කාර් එක එලෝපු එකාට ගොඩක් රිදෙන්න ඇති නේ??????

    ReplyDelete
  21. පට්ට පට පට ඈ....

    ReplyDelete
  22. අර දෙවෙනි කතාවෙ මං අහල තියෙන්නෙ උණහපුළුවා කිව්ව කියල...
    මරු කතා ටික දේවා.... හික්ස්...

    ReplyDelete
  23. අප්පෙ අදනෙ මේ ටික දැක්කෙ.මරු සෙට් එක....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....