ජිවිතේ ගැන අමුතු හැගිමක්නේ මට තියෙන්නේ...... අද මේ බ්ලොග් එකේ නොලියුනු ටයිප් කතාවක් ලියන්න තමා උත්සහ කරන්නේ....
අමුතු කතා ලියනවා කියලා ගොඩක් දෙනෙක් මගේ මුනට කිවනේ සයිබර් සනකෙලියේදී...
මම ඉතින් ලියන්නේ අමුතු කතා නම් නෙමේ ඔන්න මට හිතෙන විකාරපිස්සු කතා තමයි..... මේ කතාව ඉතින් මගේ බ්ලොග් පොස්ට් යන අනිත් සයිට් වලින් නම් ඉල්ලනවා ඒවගේ දාන්න එපා කියලා.....
......................................................................................................................................
එක්දාස් නවසිය අසු ගණන් වල අග භාගයේ ඉපදුනු මම ඉපදෙනකොටම අනිත් සහෝ ව නැති කරගෙනම ඉපදිලා තියෙන්නේ අය්යාට මේ ලෝකේ දවසක් වත් ජිවත් වෙන්න ඉඩ අහිමි කරලා.... එහෙම බලනකොට මම උපන් ගෙයි මිනිමරුවෙක්..... ( ඔන්න නඩු දන්න එහෙම හදනවා නෙමේ... මට කලින් එයා එලියට ඇවිත් මාවත් නොබලා යන්න ගිහින්...) අපේ අම්මාවත් හරියට මුණ දැකලා නැ කියලා තමා කියන්නේ... සමහර විට ඉතින් ඒ අය්යා ලස්සන නිසා මට දුක හිතෙයි කියලා නොකියා ඉන්නවද දන්නෙත් නම් නැ..
කොහොම උනත් උපන් අය්යා නැති උන නිසා මම නොනිල අය්යා වෙලා දැන් ඉන්නවා මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි එක්ක.....
අපේ පවුල මහා ලොකු පෝසත් පවුලක් නම් නෙමේ.... යන්තම් ජිවිතේ ගෙවාගන්න පුළුවන් තරමේ ආදායමක් ලැබුනත් ඒ කාලේ අඩුවක් නොදී බලාගන්න අම්මයි තාත්තයි ගොඩාක් මහන්සි වෙලා තියනවා...
අම්මා කියන විදිහට පොඩි කාලේ මම කරදර කරලා නම් නැ.... මාව බිමින් තියලා තිබ්බොත් කොහේටවත් යන්නේ නැහැලු ආයේ අතට ගන්න කන් මම එතන ඉන්නවලු කිසි කරදරයක් නැතිව....
හ්ම්ම් මොනවා උනත් අපේ පවුලේ අය එක්කෙනා දෙන්න වෙනකොට දෙන්නා තුන්දෙනා වෙනකොට එහෙම අමාරු කම් ආවේ නතුවමනම් නෙමේ....
එහෙම උනත් අපි කට්ටියටම හොදින් උගන්වන්න ගොඩාක් මහන්සි උනා.. කොලබ ලොකු ඉස්කෝල වලට තියා මෙහෙ ලොකු පාසලකටවත් නොගියට අපිට ගමේ පාසලේ මහන්සි වෙලා ඉගන ගන්න පුළුවන් තත්වයක් තිබුනා....
11 වසරට යනකන්ම මම එහෙම කොහොමත් ලොකු සද්දයක් දාගෙන හිටිය චරිතයකුත් නෙමේ..... 11 වසරේ ගමේ ඉස්කෝලේ උන්නු මම අවුරුද්දේ අන්තිමේ තිබුණු ගණිතය පෙරහුරු පරීක්ෂණයෙන් කලාපේ තිබුණු හැම පාසලකම ළමයෙකුට වඩා ලකුණු අරගන්න පුළුවන් උනා... නගරේ ටියුෂන් ගිය නොගියට ඒ දේවල් වලට නම් උපන් හැකියාවක්ද මන්දා ඊට අවුරුදු කීපයකට පස්සේ මල්ලිටත් ඒ දේම කරන්න පුළුවන් උනේ......
කොහොම උනත් ඕලෙවල් වලට පාසලේ උන්නු ළමයි 57න් ඉහලම ප්‍රතිපල අරගෙන පාස් වෙන්න ලැබුන එක ජිවිතේ ලොකු වෙනසක් කළා...
නගරේ පාසලක ඉගන ගත්තු ඒ කාලේ වැරදුන තැන් ගොඩකුත් තියනවා වගේම ජිවිතයට ලබා ගත්තු දේවල් ගොඩකුත් තියනවා....
ඒ ලෙවල් මැත්ස් කලත් හැබැයි මගේ පංන්තියේ අනිත් අය වගේ හැම වෙලේම පොතේම උන්නු කෙනෙක් නම් නෙමේ මම..... කරන්න පුළුවන් ගොඩාක් දේවල් කළා.. විදින්න පුළුවන් ගොඩාක් දේවල් වින්දා
හැබැයි මගේ ජිවිතේ මේ වෙනකන් අරක්කු සිගරට් නම් ලංකරගෙන නැ කවදාවත්..... මට උන්නුයාළුවොගැන ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන්... සමහර අය උපරිම බෙබාලා.... එත් කවදාවත් මට බොන්න බල කරපු යාලුවෙක් නම් ඉදලා නැ..
ජිවිතේ මහා ලොකු බලාපොරොත්තු පොදී බැදගෙන ජිවත් වෙන්න ආස කලෙත් නැ... ජිවිතේ පොඩි කාලේ ඉදන් මට වැඩ දෙන ප්‍රශ්නයක් තමා මගේ කලින් පොස්ට් එකේ කියන්න උත්සහ කලේ එත් එක කියාගන්න මට තේරෙන්නේ නැතුවද මන්දා.....
මැරෙන ආයේ ඉපදීමක් ගැනවත් කියන්න බැරි ජීවිතයකට අපි මොකටද ඉතින් කප්පරක් බලාපොරොත්තු තියාගන්නේ?
මට ඒ කාලේ තිබුන ලොකුම බලාපොරොත්තුව වැදගත් කියන රැකියාවක් කරගන්න එක.. ඒ කියන්නේ.. ටයි එකක් දාලා අයිඩි එකක් කරේ දාගෙන වැඩ කරන එක.... (දැන් නම් ඊට වඩා ඒවා තියනවා )
බෑන්ක් යන්න අදහසක් නොතිබුනත් හැමදාම ආසාවක් තිබුනේ ඒ වගේ ජීවිතයකට නිසා එක ගැන ගොඩාක් සතුටින්....
හදිසියේ මේ ගැන පොස්ට් එකක් ලියන්න හිතුවේ බෑන්ක් ගියාට පස්සේ හිතට ආව අනිත්ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට වෙලා වගේ තියන නිසා...
ඉනටවිව් මෝඩි දාලා තිබුන කාලේ ගැන අහපු දෙන්නෙක් තුන් දෙන්නෙකුත් උන්න නිසා ඒ ගැන කියන්න නොලැබුන නිසා ඒ ගැන කියන්න හිතුවා
බෑන්ක් ගියාට පස්සේ හිතුන ඕනා උන ලොකුම ආසාව තමයි බෑන්ක් එක වෙනුවෙන් ලංකාවෙන් පිට වැඩ කරන එක.....
එකටත් දෙව් වාසනාවන්ත වෙලා... සිලෙක්ෂන් ලෙටර් එකත් ආව නිසා තව ටික කාලයකින් දෙව් ඉගිලෙන්න බලාගෙන ඉන්නවා....
ඒ කියන්නේ තව ටික දවසකින් දෙව් ලංකාවෙන් පිට අවුරුදු 2කට විතර වැඩ කරන්න යනවා ...... එතකොට සයිබර් ෆෙස්ටිවල් මග හැරේවිද?
නෑ නේද ඔය අනිත් අයත් ඇවිත් යන්න එන්නේ.. බලමුකෝ,....
ඊට කලින් මොනවත් ගේට් එහෙම ඔගනයිස් වෙන්නේ එහෙම නැද්ද?
සෝ ඉතින් ඊට පස්සේ තමා ඉතින් ජිවිතේ අනිත් දේවල් කරන්න වෙන්නේ.... මොනවට හදිසි වෙනවද ඉතින් දැන්ම ඕවට..... තාම පොඩි කොල්ලෙක්නේ මම
ප.ලි. : ජිවිතේ මම විදපුදුක් ගැන මෙතන ලියල නම් නැ.. ඇත්තටම මම විදපු දුක් සයිබරයේ කීප දෙනෙක් විතරක් ගොඩාක් හොදට දන්නවා....
විදපු දුක් දැන් මතක් කරන්න ඕනේ නැ ඉතින්....
අපි හෑමෝගෙම ජීවිතවල අනිත් අයට කියන්න බැරි තරම් දුක් වින්ද පු අවස්තා තියෙනවා.ඒත් අපි ඒවා අමතක කරලා ඉස්සරහට යනවා.ආපහු හැරිලා බලනකොට වින්දපු දුක අපිට සතුටක් වෙලා.ඒක තමයි ජීවිතය.ඔබේ අනාගත බලාපොරොත්තු ඉශ්ට වේවා කියල ප්‍රාර්තනා කරනවා.
ReplyDeleteමගේ උනුසුම් සුභ පැතුම් දේව් අයියේ !!!! මේ කසෙන්ටුව පලවෙනි එක නම් මට සෑහෙන්න හැපී .... මොනව නැති උනත් ... බ්ලොග් එක ලියන එක නම් නතර කරන්න එපා ඈ ...
ReplyDeleteගුඩ්ම ගුඩ් ලක් දේවා!!! ගියාට කමක් නෑ.. ඔන්ලයින් හිටු..
ReplyDeleteඅදමයි ආවේ මේ පැත්තට .මගේ උණුසුම් සුබ පැතුම් මිත්‍රයා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
wish you all the best my brother , thats mean we are going to miss u for near 2 or 2.5 years ..............
ReplyDeleteany way that is good for your future ,,,,,, wish you all the best bro ... you did a great job
හරියනවනන් එච්චරයි .. ආයේ එන්න... බුදු සරණයි ජයෙන් ජය ඈ
ReplyDeleteසුබපැතුම් අලුත් ගමනට..
ReplyDeleteහ්මි ගිහින් එන්න ඔබට ජය
ReplyDeleteඋඹට ජය පතමි සහෝ..
ReplyDeleteමගෙනුත් සුභ පැතුම්!
ReplyDeleteජයෙන් ජයම වේවා!
සුභ පැතුම් සහෝ....ලංකාව අමතක කරන්න එපා......
ReplyDeleteසුභ පැතුම් දේවා...දුර හිටියත් කතා නොකරත් සහෝදරකම් වෙනස් වෙන්නේ නෑනේ.ඒක නිසා රට යන එකට දුක් නොවී ඉන්නම් නේද දේවා...
ReplyDeleteමගේ ජීවිතේ ගැනත් ලියන්න හිතෙනවා මේක කියෙව්වම
ReplyDeleteඔන්න රජෝ ලිවිල්ල නම් අතාරින්න එපා හරි
සියලු කාර්යයන් සාර්ථක වෙන්නට සුභ පතමි...
ReplyDeleteදුක් අමතක කරලා ජීවිතේම ජයගන්න..:)
ReplyDeleteජයෙන් ජයම වේවා සහෝ!
දුක් විඳල ජයගත්ත ජීවිත කාටවත් වට්ටන්න බෑ බං...!
ReplyDeleteටිකක් පරක්කු වුනානේ. අසනීප තත්වයත් එක්ක බ්ලොග් කියවනවා අඩුයි. ඒ වුනාට හදවතින්ම සුබ පතනවා මල්ලි. මම හැමදාම කියනව වගේ උඹ නොවෙන්න අද ප්‍රදීප් බ්ලොග් ලියන්නෙ නෑ. ඒ වුනාට බුකියෙදි දොස් කියපු එක වැරදියි. ඉන්ටවීව් ගිය දවසෙමයි මම සුබපැතුවෙ. මතකද? යන්න කලින් ආයෙත් හමු වෙයිනේ. ජය...!
ReplyDeleteඔයා උත්සාහයෙන් මෙතක් දුර ආපු ගමන ගැන ගොඩක් සතුටු වෙනවා . ජීවිතේ ඉතිරි ටිකත් ජය ගන්න ඔයාට පුලුවන් කියල දන්නවා . ඔයාගෙ බලාපොරොත්තු සියල්ලම සිතන පතන අයුරින් ඉටුවෙන්න කියල පතනවා . කොහේ ගියත් අපිත් එක්ක මේ වගේම ඉන්න මල්ලි . ඔයාගේ සුභ ආරන්චිය මට දුර කතනයෙන් කියනවිට මම හිටියේ ගොඩබිමින් ගොඩක් ඈත දූපතක . ගොඩක් සතුටුයි මාව මතක් උනාට ඔයාගෙ සතුටු අවස්ථාවේ . මුලු හදවතින්ම සුභ පැතුම් !
ReplyDeleteජීවිතේ අපි කවුරුත් එක කාලෙකදි දුක් විදලා තිනවා මලයා.. ජීවිත් ශක්තිමත් වෙන්නේ මේ දේවල් නිසා තමයි..
ReplyDeleteසුභ පැතුම් දේව් අයියා. ජීවිතේ දුක් විඳින්නේ නැතුව සැප විඳින්න බෑ
මගෙන් සුභ පැතුම් දේව්.
ReplyDeleteමොන දේ කරත් එක සාර්ථක වේවා කියලා පතනවා.
අපේ සහෘදයෙක්ට හරියනවා කියන්නේ අපිටත් සතුටු දායක දෙයක් ඇත්තෙන්ම
ජය වේවා මචෝ.. ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. පරෙස්සමෙන් ගිහින් වරෙන්කො..(Y)
ReplyDeleteජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවේ. මම ඇස් දෙකට දැකලා තියනවා වැඩි වයසක් නැති පොඩි කොල්ලො කෙල්ලො රට ගියාම නූල කැඩිචිච සරුංගල් වගේ කරන්නෙ මොනාද කියලා දන්නෙ නැහැ. සමහරුන්ට එහෙට ගියාම නයිට් ක්ලබ්වල තියන බල්බ්වල එලිය දකින්නෙ නැතුව නින්ද යන්නෙත් නැහැ. ගන්න පඩිය දවස් දෙකයි. කල්පනාවෙන් ජීවිතේ හැම අත්දැකීමක්ම ලබන්න ඕන උනත් හැම දෙයක්ම ලිමිට් එකට තියා ගන්න ඕන. හදවතින්ම සුබ පතනවා මලයා ........
ReplyDeleteසුභ පැත්ම් මචං.... බොක්කෙන්ම....
ReplyDeleteඑල එල... සුබ පැතුම්....
ReplyDeleteGood Luck Dewaka malliya....Gihilla waren jayen Jaya.....!!!!!
ReplyDeleteවිඳපු දුක් පැණි රසයි කියලා පරිස්සමෙන් ඉගිලෙන්ඩ තමා තියෙන්නෙ දැන් ඉතින්.නෙහෙනම් මංචිගෙනුත් සුභ පැතුම් හොඳේ... :)
ReplyDelete