ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

09 October, 2012

ආදරේට බාධාවක් ද දුප්පත් කම

ජිවිතේ කියන්නේ ඇත්තටම  පුදුම දෙයක්... මම මේක ගොඩාක් තැන වලදී කියන දෙයක් සමහර විට මගේ මේ බ්ලොග් එකේම පොස්ට් කීපයක්ම පටන් අරගෙන ඇත්තෙත් ඔහොම කතාව කියලා....
ජිවිතේ කෙනෙක්ට වැඩියෙන්ම වටින්නේ සල්ලිද? එහෙමත් නැත්නම් ආදරේද? එහෙමත් නැත්නම් තමන්ගේ තත්වේද? ඉගැනීමද? රස්සාවද? එහෙමත් නැත්නම් වෙන මොනවා හරි දෙයක්ද?
දුප්පත් කම ජිවිතේඅනිත් හැම දෙයකටම බාධාවක්ද? දෙව් කියන්නෙත් ඇත්තම ගොඩාක් දුප්පත් කොල්ලෙක්නේ..... ගොඩාක් අය එක දන්නවා ගොඩාක් අය එක දන්නේ නැ......
දුප්පත් කම ආදරේට බාධාවක් කියලා හිතන අය ඉන්නවානේ නේද?
...................................................................................................................
මුණු පොතෙන් ශෙයා උණු මේ කතාව ඔයාලත් කියවලා ඇති එහෙම උනත් මේක ගොඩාක් හිතට දැනුන නිසා බෙදාගන්න හිතුනා...
සෝ  මේ දවස් වල ෆේස් බුකියේ ඒවාම මගේ බ්ලොග් එකේ දැම්මත් ඒවාගේ හිතන්න යමක්දැන ගන්න දෙයක් තියනවා කියලාහිතුන ඒවා විතරයි... මම වැරද්දක් කරන්නේ නැ කියලා හිතෙනවා  ඇනෝ අය්යලා මල්ලිලා, (අක්කලා නංගිලා ඉන්නවද දන්නේ නෑ) එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් එකට එක එක කතා කියලා තිබුනා ලියන්න දෙයක් නැත්නම් නොලියා ඉදපන් අනුන්ගේ ඒවා නොදා කියලා.. 
සෝ මම ඉතින් කොහොමත් ඒවගේ ක්‍රෙඩිට් ගන්න යන්නේ නැනේ.. මොකද ඒවා මම ලියපුවා කියලා කියන්නේ නැනේ කොයිම වෙලවකත්
ඔන්න මේ කතාවත් මගේ නම් නෙමේ... ලියපු කෙනාට මගෙත් තුති.... (ලියපු කෙනා නොදනී)
දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා

"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල

කෙනෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.

වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.

"මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.

මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා

" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"

ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා

"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? 
සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"

ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?
 

ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.
 
ප.ලි  : එහෙමයි කියලා අහන අහන කෙනාට කැමති වෙන්න කියලා කිවා නම් නෙමේ.... ගැලපෙන අය තෝරා ගැනීම ඉතින් ඔයාලගේ අයිතියක්නේ...... ගිහින් එන්නම්..... ජය වේවා
 

41 comments:

  1. ගන්න ලොකු දෙයක් තියෙනවා මේ කතාවේ
    කලින් නම් අහල තිබ්බා දේවෝ

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත..... සෝ මේක ගත්තේ ෆේස් බුක් එකෙන්නේ පුබුදු...

      Delete
  2. මූණූ පොතෙත් දැක්කා ඇත්තමයි බන් මුලු හදවතටම කතා කරන දෙයක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අවතාර්...... ඕනාවට වඩා හිතන අයට අනිවාර්යෙන්ම වෙන්න ඕනා දෙයක්

      Delete
  3. ගොඩක් සල්ලි තියන හොඳ කෙල්ලොත් අහම්බෙන් වගේ ඉන්නවා....

    "එහෙමයි කියලා අහන අහන කෙනාට කැමති වෙන්න කියලා කිවා නම් නෙමේ....ගැලපෙන අය තෝරා ගැනීම ඉතින් ඔයාලගේ අයිතියක්නේ....." මේ කතාව සහතික ඇත්ත මොකද පංති බේද බලන්නෙ නැතුව හොඳ කෙනෙක් තෝරාගන්න එක තමන්ගේ වැඩක් :)

    ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. එකගයි සහෝ ඔය කතාවට 100%කම .... ජය

      Delete
  4. උඬගු බව විනාශයට මුලයි කියනවානේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සිතුවිලි සිතු...... ඔන්න ඔයා එහෙම වෙන්න එපා

      Delete
  5. පට්ට කථාව !!!!!!
    සල්ලි වලින් කරන්න බැරි මොන කරම්නම් දේවල් තියනවද????

    ReplyDelete
    Replies
    1. රුපියල් කෝටියක් වියදම් කරලවත් කරගන්න බැරි දේවල් සත පහක් වත් වියදම් නොකර කරගන්න පුළුවන්

      Delete
  6. අන්න හරි නියම කතාව.ගෑණු ලමයිට තේරෙන්නේ නෑ කොල්ලෙක්ගේ ඇත්ත ආදරේ.

    ReplyDelete
    Replies
    1. සමහර කොල්ලොත් ඉන්නවා එහෙම.. මොනවා උනත් හොද අවබෝධය තමා වටින්නේ හැම දෙකටම

      Delete
  7. හ්ම්..... ඇත්ත කතාව.ඒත් ඉතිං කාලා බලලා මිනිස්සු අදුරගන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා ඉතින් වැරද්දක් කරගෙනත් බැනේ අක්කෝ

      Delete
  8. හ්ම්ම්,,,,දෙයක් හිතන්න තියන කතාවක්!
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. දැන් නම් හිරු ඔය ගැන හිතලා ඉවර ඇතිනේ මම හිතන්නේ....

      Delete
  9. හොඳ කතාවක් මචං....

    ReplyDelete
  10. ආදරයට හැම එකම බාධාවක් ගැලපෙන කෙනා නොලැබුනොත්...:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩ්ට නම් හරියටම තේරිලා තියනවා.... එක ඇත්ත තමා 100%ක් ම

      Delete
  11. මාත් මේ දවස් වල වැඩිපුර හිතන්නෙ ඔය වගේ සිද්දියක් ගැන තමයි. නිසල ගං දිය අලුත්ම පෝස්ටුව බැලුව නම් ඔයාට හිතාගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේක කතා කල යුතු සුලභ ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකත් එක්කම දැම්ම නම් ගොඩක් වටිනවා... සෝ මොනවා උනත් අනිවාර්යෙන්ම කතා කලයුතු දෙයක් නම් තමා... අපිත් එන්නම්කෝ...

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආදරයට ආදරය නොකරන අය තමා ගොඩාක් වැඩි... ඔයාට නම් ඒ දේ හොදින්ම ලැබෙනවා ඇතිනේ..... ජය

      Delete
  13. මමනම් ඕක දකින්නේ වෙනස් විදියට. කෙනෙක් ආදරේට දුප්පත්කම හරි වෙනත් සමහර දේවල් හරි බාධාවක් කියනවනම් ඒකට කියන්න තියෙන්නේ “නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටෙකුත් ටිකක් ඕනලු“ කියන කතාව. අපේ අම්මානම් කියන්නේ හත්පට්ටයක්ම හොයාගත්තත් ඉතුරු “ටික“ කවදාවත්ම හොයාගන්න ලැබෙන්නේ නෑලු.

    ReplyDelete
    Replies
    1. අම්මේ..... අය්යලාගේ අම්මා දන්නා කියන දේවල්... ඔය කතාව නම් අහලා තිබුනේ නැ මෙහෙම සම්බන්දයකින්

      Delete
  14. ඒ වුනාට සල්ලි වලට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
    සමහරවෙලාවට සමහරදේවල් ලැබෙන්නේ නැති වුනාම මමත් සල්ලිකාර පවුලක ඉපදුනානම් කොච්චර හොඳද කියල හිතිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සල්ලි තියන මනුස්සයෝ කියලා හිතෙන්නේ නැ කාටවත් තියන තරම මදි කියලා මයි හිතන්නේ.. සෝ ඉතින් ඕනාවට වඩා හිතලා දුක් වෙලා වැඩකුත් නැ ඉතින්

      Delete
  15. දෙන්නට දෙන්න ආදරේ නම්. නොවෙනස් වෙනව නම් තව මොනාද බං ?

    ReplyDelete
    Replies
    1. ඔය දේ විතරක්ම තිබුනොත් ඉතින් ප්‍රශ්න ගොඩාක් විසදුනත් සමහර ප්‍රශ්න නම් ඉතුරු වෙයි නේද සෑම්

      Delete
  16. ආදරේට එපා දෙයක් නෑ. හැම මගුලම ඕන. සල්ලිත් එයින් එකක් තමයි. සල්ලි නැතුව ආදරේ පවතින්නෙ එහෙමත් වෙලාවක තමයි.

    ReplyDelete
  17. හිතන්න දෙයක් තියන කතාවක්..මීට ටිකක් සමාන සින්දුවක් තියනවා නේද.. මේ වෙලාවේ පද ටික මතකයට එන්නේ නෑ.

    ReplyDelete
  18. ඕකට ඉතින් මං මොනවද කියන්නේ... මම යාලුවෙලා හිටිය කෙල්ල නම් මාව දාලා ගියේ මට සල්ලි නැති නිසා... ඉතින් තවත් සාක්ෂිකාරයෝ ඕනද ඔය දේ වුණ... දැන්නම් ඇත්තටම කෙල්ලෙක් දැක්කට කතා කරන්නවත් හිතෙන්නේ නෑ... හැමෝම ඒ වගේ නැතුව ඇති... ඒත් හිත වෙනස් වෙන්න කාලයක් යයි...

    ReplyDelete
  19. මන් හිතුවේ දේවා හෙන පෝසත් කියලා
    ඇයි දෙවාමනේ කිව්වේ මාස දෙකක පඩියෙන් එකයි දහයක ෆෝන් එකක් ගන්නවා කියලා.

    ReplyDelete
  20. සල්ලි නැතුව ආදරේ ගොඩක් කාලයක් කරන්න පුලුවන්ද කියන ඒක මටනම් ප්‍රශ්නයක් අප්පා ..

    ReplyDelete
  21. //ගැලපෙන අය තෝරා ගැනීම ඉතින් ඔයාලගේ අයිතියක්නේ.//

    හී හී :)

    ReplyDelete
  22. මමත් මූණුපොතේ මේ කථාව දැක්කා.. අවංක ආදරය කියලා ජීවිතය විදවනවාද... සල්ලි තියෙන එකක් බැදගෙන ගොඩයනවාද කියන අන්ත දෙක තමා ඔතන තියෙන්නෙ... ඔය දෙකෙන් කොයි එක තෝරාගත යුතුද කියලා මට නම් ඇත්තටම කියන්න බෑ... ජීවිතය විදවනකොට තිබ්බ ආදරයත් පෑළ දොරෙන් පලා යන්න පුලුවන්...මොකද අපි ඔක්කොම පෘතග්ජන මිනිසුන් නිසා...

    ReplyDelete
  23. සල්ලී නිසා ආදරේ අමතක කරපු ජිවිත මම ඕනෑ තරම් දැකලා තියෙනවා.සමහරක් පිරිමි ළමයි ගැණූ ළමයගේ ජිවිතයේ වටිනා කමත් අර ගත්තට පස්සේ තමයි දුපත් කම බලන්නේ.සමහරක් ගැහැණු ළමයින්ට කොල්ලගේ දුප්පත් කම පෙන්නේ ඒ අහිංසකයාට වඩා සල්ලි කාරයෙක් තමන් පස්සෙ එන විටයි.එතිං ආදරේ දොළනය වන්නේ එහෙමයි.ඔබට ජය!

    ReplyDelete
  24. අත්දැකීමෙන්ම දන්නවා බාධාවක් කියලා.
    එතනින් එහාට්ට මුකුත් කියන්නේ නෑ...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....