ඇත්තටම මම මේ පොස්ට් එක ලියන්නේ නම් පොඩි ආවේගයකුත් එක්ක.... මුනු පොතේ මට එපා උනුම සිද්දියක් නිසා..
කලින් පොස්ට් එකෙත් කනියා මල්ලි කියලා තිබුනානේ ආයේ ෆේස් බුක් යන්නේ නැතුව අප්ඩේට් බලන්න මෙහේ එනවා කියලානේ....
ෆේස් බුක් මම මාත් එක්ක චැට් කරන හැමෝම එක්ක වගේ මම යාලුවෙක් විදිහට චැට් කරනවා..
මේ පින්තුර ටිකත් බලන්න්කෝ ඇයි මට ටිකක් විතර තද උනේ කියලා....
මේ චැට් එක උනේ ඊයේ ගිම්හානි අක්කායි ප්‍රියන්ත අයියායි කරන ආදරණිය නිශාන්තය අහන අතර තුර ෆේස් බුකියේ මගේ
මෙතනින් එහාට නම් ඇත්තටම මේ භික්ෂුන් වහන්සේ නමක් විදිහට පෙනි සිටින කෙනෙක් කියන එකත් මම අමතක කරලා ටිකක් සැරට කතා කලා..
ඔහොම අසහන කාරයෝ ෆේස් බුකියෙන් හොදට මම දැකලා තියනවා... එහෙම උන් චැට් කලා නම් චැට් නොකර ඉන්නවා හරි වදයක් වෙන්න ආවොත් බ්ලොක් කරලා දානවා.. එහෙම අය ඉතින් ගොඩාක් නම් නැ..
කොහොම උනත් සමහර කොල්ලෝ ඉන්නවා ඔහොම හාමුදුරු නමක්විදිහට ප්‍රොෆයිල් හදාගෙන කෙල්ලෙක් යාලු කරගන්න දගලන... මොකද සමහර කෙල්ලොත් එහෙම ඒවට කැමතිනේ...
මොනවා උනත් මම දන්නේ නැ මේ චැට් කරන්න ආව කෙනා ඇත්තටම එහෙම කෙනෙක්ද හාමුදුරු නමක්ද කියලා...
ඇත්තටම භික්ෂුන් වහාන්සේලාට ෆේස් බුක් පාවිච්චි කරලා ධර්ම් ප්‍රචාරේ යෙදෙන පුලුවන් කම හොදටම පවතිනවා.. ඒ වගේ දෙයක් කරනවා නම් රට තවත් ලස්සන වේවි......
ෆේස් බුක් පාවිච්චි කරන කෙල්ලෝ කොල්ලෝ ඔක්කෝගෙන්ම ඉල්ලන්නේ... බුදු දහමට විතරක් නෙමේ ඕනැම ධර්මයක අපහාස වෙන විදිහට හැසිරෙන ප්‍රොෆයිල් බ්ලොක් කරලා එහෙමත් නැත්නම් රිපොට් කරලා දාන්න...
ඇත්තටම මේ වගේ මානසික රෝගින්ට අපි මොනවද කරන්න ඕනේ
හපොයි දෙයියනේ.....:O..:O...:O..:O
ReplyDeleteඅනේ අපොයි කියලා මටත් හිතුනා ශාසනේ ගැන නම්...
Deleteමේ ගැන නම් මටත් හොඳ අත්දැකීමක් තිබුණා ...මොකද මගේ මගේ ප්‍රොෆයිල් එක වගේම මනෝජ අක්කගේ ප්‍රොෆයිල් එකත් update කරන්නේ මම ..මොකද එයා facebook වල රැඳෙන්නේ නැති තරම් ... දවසක් ඔය වගේම චීවරධාරීයෙක් දිග කතාවකට ආව , මොකද ඒ උන්නාන්සේ හිතුවෙ මේ ඉන්නේ කාන්තාව තමයි කියල ..මාත් පොඩි දුරක් කතාව ගෙනත් උන්නාන්සෙට “සියළු දැනුවත් කිරීම් “ කළා ...ඒ දැනුවත් කිරීම් උන්නාන්සෙගේ මහනුවර පන්සලටම ගිහින් දෙන්නටත් පුළුවන් උනා ..මොකද ඒ ආශ්‍රිතවම මගේ ඥාති සහෝදරියක් උනුනු නිසා ...උන්නාන්සෙ නම් කෙහෙල් ගහට කොටල හොට පටලව ගත්තා ..මේ කතාව අපි හැමෝටම කියපු එක වටිනවා ..මේ වගේ සිවුරුදාගත් “නරින්“ ඉන්නා බව නැවත නැවතත් මතක් කර දෙන්නට..
ReplyDeleteඇත්තම අයියේ ඔයා කරලා තියෙන්නේ කරන්න ඕනම විදිහේ වැඩක්... කවුරු උනත් දැන ගන්න ඕනා මොනවද කාටද කියන්නේ කියලා... ඇත්තටම තව දෙයක් වෙනවා... සමහර ස්වාමින් වහන්සේලා එක්ක ඉන්න ගැනුත් ඉන්නවා.. එතන නම් මම හිතන්නේ වැරදි ඒ අය.... තමන් කාත් එක්ක ඉන්නවද කියලා දැන ගන්න ඕනානේ....
Deleteමේ නම් හාමුදුරු කෙනෙක් නෙමෙයි වගේ.මොකෙක් උනත් පුදුම අසහන කාරයෙක්.උට දෙකක් කථා කරපු එකනම් ලොකු දෙයක්.මට නම් මේ වගේ අත්දැකීම් නෑ මොකද මම FB නෑ.
ReplyDeleteෆේස් බුකියේ නැත්තේ ඇයි.... මොනවා උනත් හොද දේවලුත් ඒකේ වෙනවා.... ඇත්තටම ඉතින් සිරාවටම ගොඩාක් අසහන කාරයෙක් තමා
Deletemalli yanda hawasata hawasata pawu haamudhuruwange pansale aanamaalu koolikuttu kunu wewee yanawaa athi !
ReplyDeleteanee mata ithin ehema kesel kanna oana unahama kaden aran kannam.. pansal gihin kanna onee na
Deleteඅපෝ මෙහෙම අය එනව අනන්තවත් මම නම ඇඩ් කරගන්නේ නැ.
ReplyDeleteඅනිවා අක්කෝ එහෙම තමා කරන්න ඔනේ.... එහෙම නොකරන්න කතා කරනවානම් තමා තවත් හොද..
Deleteමෙයා වගේ කීප දෙනෙක් ඉන්නවා. ඉස්සර මම මගේ පුද්ගලික විස්තර මූනුපොතේ දාලා තිබුන දවස්වල එක්කෙකෙනෙක් නම්බර් එකට කෝල් කලා. ඒත් කුරුණෑගල. පන්සලට එන්න කිව්වා. ටිකක් කතා කරද්දි තමයි තේරුණේ වැඩේ. මෙහෙම අය ශාසනෙන් එලවන්න විදියක් තියෙන්න ඕන. නැත්නම් ඒක බුද්ධ ශාසනයට මඩ ගහන අයට ලොකු වාසියක් වෙනවා. අනික ගමේ අයට හයියක් තියෙන්න ඕන මෙහෙම අය අදුනගත්තාම ගහලා පන්නන්න.
ReplyDeleteහැබැයි ඉතින් මම නම් ඇත්තටම මුනු පොතේ එහෙම විස්තර දාන එක නම් අනුමත කරන්නේ නැ.... මොනවා උනත් ඉතින් අපි දැන ගන්න ඕනා එහෙම අයට අයේ එහෙම නොකරන්න කතා කරන්න... ඇත්තටම එකට නම් මොනවා හරි දෙයක් තියෙන්නම ඕනා තමා
Deleteනියමයි මලයා, හොඳට උත්තර දීලා තියෙන්නේ... ඔය වගේ නරි ගැන මෙහෙම පෝස්ට් දාලා මදි, ඔය Screen shot ටික ඔය කියන චීවරධාරියාගේ Friend list එකටම පෝස්ට් කරන්න තියෙන්නේ. මේ වගේ දේවල් ගැන දැනුවත් කරන එක හොඳයි... ෆේස්බුක් කියන්නෙත් සැබෑ ලෝකෙම ප්‍රතිබිම්භයක් ! සමහරු හිතන් ඉන්නේ FB එක දිව්‍ය ලෝකේ කියලා !
ReplyDeleteමේ ටික බුකියේ දාපන්... මමත් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්නම්... බුද්ධාගම කන්නේ මේ වගේ කාලකන්නි තමයි...!!!
එහෙම කරන එක නම් වටිනවා තමා අයියේ... සමහර විට ඉතින් ඔය ෆෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ එහෙම සෙට් උන අයමද දන්නේත් නැනේ.... ඇත්තටම චිවර දාරියෙක්ද කියන එක තමා මට තියන ලොකුම ප්‍රොබ්ලම් එක අයියා.... ඇත්තම මේ පොස්ට් එකම එහෙම ශේයා කරන්න ඕනා මනුස්සයාගේ ප්‍රොෆයිල් එකට
Deleteආ මට ඔහොම අත්දැකීම් 2 ක් තියෙනවා.. දෙන්නටම දෙකක් කතා කලා.. මාව බ්ලොක් කරලා තිබ්බා.. !!
ReplyDeleteමොනාද බං මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ ???
ශික් විතරක්
Deleteඋඹගෙ ඔය ජොල් ඇඟටත් කැමති උන් ඉන්නවාද?
එක නම් එහෙම තමා බනි... මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා....
Deleteඒත් ඇයි බන් උබව බ්ලොක් කරේ.. උබ නේ උන්ව බ්ලොක් කරන්න ඕනේ
හාමුදුරු කෙනෙක්ගේ මූනක් පිටිපස්සේ ඉඳගෙන කරන වැඩ නම් කැතයි.
ReplyDeleteබ්ලොක් කරලා දාන එක තමා හොඳම.
මම එහෙම කරන්නම්කෝ පොඩ්ඩි.... මොනවා උනත් වැඩේ කැතයි
Deleteමේ වගේ ඒව ගැන නම් කතා කරල වැඩක් නෑ... ;)
ReplyDeleteකතා නොකරත් බැ සාතන් අයියා...
Deleteසමහර විට මේ හාමුදුරු කෙනෙක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්, මොකෙක් උනත් හොඳ අසහනකාරයෙක් ........
ReplyDeleteඒක නම් ඇත්ත අයියා.... අයියා.. ඔයා ෆේස් බුක් ප්‍රෝෆයිල් ෆොටෝ මාරු කලාද?
Deleteමේක තවත් එක් සිදුවීමක් පමණයි ........ මා දන්නා තරමින් විශාල චීවරදාරින් පිරිසක් එවැනි අය ඉන්නවා.
ReplyDeleteගොඩාක් වෙලාවට... ඒත් මේ නම් ෆේක් ද දන්නේත් නැ මම
Deleteඕක තව එක්තරා සිදුවීමක් පමණයි මචන් ... ඔය වගේ සැහෙන පිරිසක් ඉන්නවා.
ReplyDeletehora ghana gediyek, daane kaala math welaa
ReplyDeletesirawatamaaaaaaaaaaaaa
Deleteතරහ වෙන්න එපා මෙහෙම කිව්වට.
ReplyDeleteමම දැක්ක විදිහට ඒ කෙනාව වැරදි ට්‍රැක් එකට අරන් තියෙන්නේ උඹමයි කියල මට හිතුනේ . .
"මම බැලුවේ මේ මොකද්ද කියන්නේ කියලා . . කෙල්ලෙක් එක්කවත් උන්නද කියලා"
මෙන්න මෙතනයි වැරැද්ද . . . (අපි සාමාන්‍යයෙන් හාමුදුරුකෙනෙක්ගෙන් තියා නොදන්න කෙනෙක්ගෙන් වත් එක පාරටම මෙහෙම අහන්නේ / කියන්නේ නෑ නේද මල්ලී?)
ඔයා මේ විදිහේ දෙයක් ඒ කෙනාට කියලා සාමාන්‍ය කතා බහ වෙන පැත්තකට ගත්තු ගමන් ඒ කෙනා ඔයා ගැන වෙන විදිහකට හිතන්න ඇති.
අනිත් දවසේ චැට් කරද්දී අපි චැට් කරන්නේ කාත් එක්කද කියලා සැලකිලිමත් වෙලා ඒ ඒ අයට ඒ ඒ විදිහට කතා කලා නම් මෙහෙම දේවල් නොවෙන්න ඉඩ තියෙනවා . .
නැ අය්යේ... මිට කලින් එක දවසක් චැට් කරලා තියනවා... ඒ චැට් කරපු වෙලවේ කිවේ එකම දෙයක් විතරයි.... කෙල්ලෙක් වත් උන්නා නම් කියලා ඔෆ් ලයින් ගියා... ඉතින් මම ඒක එක පාරම මතක් වෙලා තමා එක ඇහුවේ...
Deleteකොහොමත් ඉතින් ඔය වැව රවුමේ ඉන්නේ නම් කපල් තමා අයියේ...
මම කොහොමවත් ඒ වගේ දේවල් වලට අනුබල නම් දුන්නේ නැ අය්යේ...
දුකා හිතපු විදිහ මටත් හිතුනා. සද්ද නැතිව ඉන්න ගියේ. ඒත් කමෙන්ටුව දැක්ක නිසා කිව්වේ.
Deleteඔයා ලොකු වැරැද්දක් කරල තියනව ඔය මනුස්සය එක්ක කලින් කතා කලා කියල නොකිය මේ වගේ දෙබසක් පල කරපු එක..මොකද මේක දකිනකොටම මාත් හිතුවෙ දුකා අයිය කිව්ව දේමයි..සිවුරක් ඇතුලෙ ඉන්නෙ කවුද කියන එක දැනගන්න කලින් අපි දකින සිවුරට ගරුකරල කතා කරන සිරිතක් තියනවනෙ..මම කියන්නෙ කහ සිවුරක් ඇඳගත්ත කෙනෙකුට හාමුදුරුවනේ කියල කතා කරන සිරිතක් තියනවනෙ මුලින්ම......
Deleteමම මේ පොස්ට් එකේ එහෙම දාපු නැති එක නම් ඇත්තටම අඩු පාඩුවක් කියලා මටත් තේරෙනවා.. මොනවා උනත් මම චිවරේට හමුදුරුවන්ට ගොඩාක් ගරු කරනවා
Deleteඅයියේ මමත් පුද්ගලිකව බුද්ධ සාසනේ වෙනුවෙන් මගේ ජීවිතේ උනත් කැප කරන්න ලෑස්ති කෙනෙක්..හැබැයි අයියේ කියන්න ඕනේ මමත් පුදුමාකාර විදියට කළකිරිල ඉන්නෙ වර්තමාන සාසනේ ගැනනම්..ඉස්සර අපේ හාමුදුරුවරු සාසනේ රැක ගත්තෙ ජීවිතේ පූජ කරල.ඒත් අද අනන්ත අප්‍රමාන කාළකන්නි තමන්ගෙ අවලම්කම් වහගන්න චීවරේ පිහිට පතල තියෙනව.පුදුමයක් නෙමෙයි..බුද්ධ කාලෙත් එහෙම උන් හිටිය එකේ අද ගැන මොන කතාද?ඒත් එදා බුදු හාමුදුරුවොවත් හිටියා..ඒත් අද??
Deleteමම මේ තුන් හිතකින්වත් සාසනේට පරිභව කරනව නෙමෙයි..අපේ සාසනේ අපි රැකගන්න ඕනෙ නිසයි මේව කියන්නෙ..මොකද නිර්මල ආගමක් මෙහෙම මන්දමානසික පුද්ගලයො නිසා වැනසිලා යන්න ඉඩ දෙන්න හොඳ නැති නිසා..එහෙම නේද?
මේ ඇත්ත ශ්‍රමණයෙක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි.
ReplyDeleteමේකෙන් මට නං තේරෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.
හැමෝම මහනවෙන්නේ කෙලෙසුන් නසන්න හිතාගෙන නෙමෙයි. විවිධ සමාජමය හේතු නිසා මහන වෙන අයත් ගොඩාක් ඉන්නවා. ඒ අයගේ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි සමලිංගික සේවනය. හිරගෙවල්වලත් හරියට මේ කේස් ඇති.
ඇත්ත කෙනෙක් උනොත් ඇත්තටම ශාසනේ නම් ඉවරයි තමා... ඇත්තටම සමහර අය ඔය හේතු නිසාම මහන වෙලා පස්සේ සිවුරු අරින අයත් වැඩියි, හිර ගෙවල් වලත් මේ දේවල් වෙන්න ඉඩ කඩ වැඩි කියලා මටත් හිතුනා දැන් නම්
Deleteඅනෙ අම්මෝ මෙහෙමත් වැඩ...
ReplyDeleteදෙව්, මචං උඹ කරපු වැඩේ හරි. මේ වගේ එවුන් හොයාගෙන පන්සල් වලට ගිහින් කනට ගහල පාරට ඇදලා දාන්න වටිනවා .
ReplyDeleteමේවගේ උන්ට ලැජ්ජාවක් නැති මේවගේ ජරා වැඩ කරන්න ඕනේ නම් සිවුර පොරවගන්නේ නැතුව උන්ගේම ජාතියේ එකෙක්ව අල්ලගත්තනම් ඉවරයිනේ.
ආගමට දහමට නිගා කරන්නේ නැතුව.
sasane wikunan kanawa
ReplyDelete"පිනක් දහමක් කරගෙන ඉන්න බැරිද?"
ReplyDelete"ඒවම තමයි කරන්නෙ"
හපොයි..දෙයියනේ...!!!මේ වගේ මිනිස්සු නිසා කොච්චර අනිත් මිනිසුන්ට ප්‍රශ්න ඇති වෙනවද...මේ සමාජය ගැන කතා කරලා වැඩක නැ...ඒ තරමටම පිරිහිලා..
ReplyDeleteසමාජයේ නිතරම අහන්න දකින්න ලැබෙන්නෙම මේ වගේ අසහන කාරයින්ගේ බලු වැඩමයි...
ReplyDeleteමේ බක්මහේ ගහන හෙන ඔවුන්ටම වදින්න ඕනේ..
උන් මුළු ලෝකෙටම කරදරයක්....
මමනම් නොදන්න අයව fb friend කෙනෙක් විදියට add කර ගන්නෙ ටිකක් පරික්ෂාවෙන්...
මේවා නවත් වන්න නම් නිකම් සද්ද නැතුව ඉදල හරි යන් නෑ...පුළුවන් හැම තැනකම මේ වගේ එවුන් ගැන දැනුවත් කරන්න ඕනෙ...
චීවරේ දාගෙන මේ වගෙ වැඩ කරන,බුදු දහම වනසන,නිගාවට පත් කරන මේවගේ එවුන් මොනම ක්‍රමයකින් හරි මෙලොවින් තුරන් වේවා!!!!
මටත් ඔය වගේ සීන් 1ක් උනා!:D
ReplyDeleteහැබැයි චීවර ධාරියෙක් නම් නෙමෙයි,ටිකක් තරුණ පහේ කොල්ලෙක්!
ආතල් 1 ට අපිව බයිට් කරාද දන්නෑ!
හැබැයි මම පොරව බ්ලොක් කරා!:p
මේක ෆේක් ප්‍රොෆයිල් එකක් වෙන්න ඇති මම හිතන්නේ.. කොහොම උනත් මේ වගේ දේ නම් අනුමත කරන්නෙම නෑ..
ReplyDeleteගොඩක් දුරට fake account එකක් වෙන්න පුළුවන්. කොහොම උණත් සිවුරට මුවා වෙලා කරන වැඩේ නමක් කැතයි!
ReplyDeleteමං හිතන්නේ නැහැ මේ හාමුදුරු නමක් කියලා ඒත් මෙහෙම හැසිරෙන නමවලුත් ඉන්නවා.
ReplyDeleteමගේ අත්දැකීමේ හැටියට නම් ස්වාමීන් වහන්සේලා ෆේස් බුක් එකේ හමුවෙනවා අඩුයි. මට හිතෙන්නේම මේ වෙනත් අයෙකුගේ වැඩක්. බුද්ධාගම පිලිබඳ අප කීර්තියක් ඇතිකරන්න කළ දෙයක් බව හැඟෙනවා.
ReplyDeleteහොඳම දේ මේ අය රික්වෙසට් කරන කොටම රිජෙකට් කරන එක.
ඕකා හාමුදුරු කෙනෙක් නෙවෙයි දේවා. ඔය ෆේක් ප්‍රොෆයිල් එකක් අටෝගෙන ඉන්න එකෙක් වෙන්න ඕනෙ.
ReplyDeleteකලින් කමෙන්ට් එක ඩිලීට් කරන්න දේවා නම වැරදුනා.
henryblogwalker the Dude
මුදල් නැතිකමට පොඩි කාලේ මහන කරවනවා
ReplyDeleteපන්සලේ මුදලින් ඉගෙන ගන්නවා
තැනකට ඇවිත් ගිහි ජීවිතේට ලොල් වෙලා සිවුරට නිගා වෙන්න ජීවත් වෙනවා
ඕක තමා සරල සිද්ධිය !
සැමා අයියා හරියටම කිව්වා පොඩි කාලේ නොතේරුම් කමටත් පොඩි ලමයි මෙහෙම මහණ වෙලා පස්සේ සිවුර හැර යනවා මම අනන්තවත් දැකලා තියෙනවා.... මේ මාතෘකාව ගැන නම් මම කතා කරන්න කැමතිම නෑ මට කියනවනං කියතෑකි මේවා ගැන....
ReplyDeleteමට මතක් වෙන්නේ රුවන්වැල්ලේ සෝභිත කියන පාහර චරිතය...
ෆේක්ද නැද්ද දන්නෙ නෑ ඒත් පොදුවේ හාමුදුරුවො බුකියට එනවට (ධර්ම ප්‍රචාරය කියන බයිලෙගහගෙන උනත්) මම කැමති නැති නිසා මම උන්වහන්සෙලාව ඇඩ් කරගන්නෙ නෑ.
ReplyDeleteඅනෙ අම්බෝ....
ReplyDeleteපිස්සු හැදෙන සද වැටිලා බම්ප් වෙනවා..
යකෝ මේ වගේ හිවලෙක් :/
උබත් කොරගන්න දේවල්...පවු යකො අර කෙලිපොඩ්ඩි....D
ReplyDeleteමේ නම් හාමුදුරු නමක් වෙන්න බැහැ.අන්තවාදී කාලකන්නි වින්දනයක් ලබන මානසික ලෙඩෙක් ගේ වැඩක් වෙන්න ඇති.
ReplyDeleteසමාවෙන්න ඕනේ එන්න ටිකක් පරක්කු උනා අයියේ..
ReplyDeleteඔය එක අසහනකාරෝයෝ වගයක් තවත් එවුන් ඉන්නවා බුකිය හැක් කරන්න දගලන එවුන් මාර වාත කේස් ඉන්නේ බුකියෙත්..
මගෙ අනිත් ප්‍රොෆයිල් එකට යාළු වෙන්න ආවා කවුද “හිමි” කියල දාගත්තු එක්කෙනෙක්. මං ඇහුව ඇයි මාත් එක්ක යාළු වෙන්න තියන උවමනාව මොකක්ද කියල. එයාට “ආසයි” කියල තමයි උත්තකරේ හම්බ වුනේ. මං ඇඩ් කරගන්නෙ නැතුව කතාව නැවැත්තුවා.
ReplyDeleteඒත් නැවත ඒ වගේ දෙයක් නොකරන්න යමක් කරන්න මට බැරි වුනා. හැබැයි, ඔය වගේ උන්ට ලැජ්ජාවක් නෑ. කොච්චර බැන්නත් ආයෙත් ඒ වැඩේමයි කරන්නෙ.
ඒත් මුං ආගම් වලට අපහාස වෙන විදිහට පෙනී සිටින්නෙ නැතුව තමන්ගෙ උවමනාවල් කරගන්නවනං වටිනව. හාමුදුරු වේශයෙන් FB එකේ පෙනී ඉන්නකොට තියන වාසිය අදාළ වර්ගයේ කොල්ලො (හෝ කෙල්ලො) සෙට් කරගන්න එක වෙන්න පුළුවනි. ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න කොල්ලො සහ කෙල්ලො මේ ගැන කොහොම කොහොම හිතනවද දන්නෙ නෑ.
මෙහෙමය් ,කාටත් නිදහස තියෙනවා තමන් කැමති දේ කරන්න ,,එක ෆේස් බුක් එකට උනත් එකය් ..මම ඔය කියන දේ දිහා බලන්නේ වෙනස් පැත්තකින් ..අපි යාලුවෝ විදියට එකතු කරගන්න ඕනේ අපි හොඳට දන්නා කෙනෙක් ..එහෙම නොදන්නා අය මොකටද තියා ගන්නේ ....
ReplyDeleteහාමුදුරුවන්ගේ පින්තූරයක් දාගෙන ෆේක් ප්‍රොෆයිල් එකක ඉන්න මොකෙක් හරි අසහනකාරයෙක් වෙන්න ඕනා.
ReplyDeleteදේව්.. ...ඔයාට තිබුනෙ..මෑන්..ගැන විස්තරත් හොයලා ගෙඩිපිටින් දාන්න,කපටිකමෙන් අහගන්න තිබුනෙ..!
ReplyDeleteකුරුණෑගල කොහොමත් සුපිරි ප් ටවුන් එකක් තමා.,,,
ReplyDeleteඇතුගල්පුර කියන්නත් ලැජ්ජයි