ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

27 April, 2012

සයිබර් සැනකෙලි පාර්ට් 2.

සයිබරයේ  මහා බක් මහ සැනකෙලිය ඉවර වෙලා දවස් 6ක් විතර ගෙවිලා තාම මුනු පොතේ බ්ලොග් වල ඒ ගැන කියවෙනවානේ.. මගේත් ඒ ගැන ලියවෙන දෙවෙනි ලිපිය.. පලවෙනි එක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් එන්න පුලුවන්

* විශ්වය මිටින් ගත් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය සදාතනික සහෝදරත්වයේ වින්දනිය කූටප්‍රාප්තිය*

හැමෝම දන්න කියන සයිබරයේ එක එක නම් වලින් හදුන්වන සයිබර් සිහින බක්මහ උලෙලේ නිර්මාතෘ වරයා...
උදේ ඉදන්ම පට්ට බිසි චරිතයක් නිසා වැඩිය කතා කලේ නැ වගේ දැක්ක විදිහට....
ආපු ගමන් ඕනයා අයියාට අසනිපයි කියලා බලන්න යන්න උනානේ..


මම ඉන්න 4ටෝ ගොඩාක් අඩුයිනේ ඔන්න පොඩි මැන් , වැප් අය්යා එක්කම ඉන්න 4ටෝ එකක්...  ඔය ඔතන ඉන්න නංගි තමා කට මිරිස් කරලකට වඩා සැර දුශ් කියන්නේ...

ආදරේ හරියට විදිනවානම් ඒක දුකක් කියලා එදා ඔතන ලොකු වලියකුත් දාගත්තා, ආදරය නිසා දුක් විදින්නේ නැත්නම් ඔයාලා හරියට ආදරේ කරන්නේ නැහැලු මම නෙමේ දුෂ් තමා කිවේ

හැටකට ගහන්න වගේ ආවට මේ අය මේ එන්නේ අවුරුදු උත්සවෙට තමයි


අවංක පැට්ටා අයියා කෙල්ලට ලියපු ලියුම ලියලා ඉවර කරගන්න බැරි උනා කියලා පිට්ටනිය කෙලවරක ඉදන් ලියන අපුරුව ඒ ලියුම

ඔය එන්නේ ඉතින් යුගයේ තවත් ජනප්‍රිය එක දිගට පොස්ට් වැටෙන්නේ නැති පන්සල් හංදිය බ්ලොග් එක ලියන කල්හාර අයියා ඇතුලු පවුලේ පිරිවර තමා....

යන්නේ නැතිව ඉන්න උන්නු මමත් යන්න කල්හාර අය්යාගේ බල කිරිමත් හේතු උනා.. තැන්ක්ස් අය්යේ මේ තරම් දේයකට එන්න පාර කීවට


මේ ඉන්නේත් ඉතින් අර සුලැගිල්ල කියලා සාර සංග්‍රහයක් ලියන ඒ වගේ තව ඉතින් හොරෙන් බලන බ්ලොග් එකක ගොඩක් ලිපි වලට ලින්ක් වැටිලා තියන පවිත්‍ර කොලුවා තමා,,

ගාල්ලේ පිරිවර.. බනියා තුමාට කැම නොදි අනිත් අය කාලාද කොහෙද? හිම හංසි, ප්‍රාර්ථනා ඉන්නවා ඔතන

ආපහු යන්න සල්ලි නැ ඩොකි අක්කා (හසි) මේක අරන් කියක් හරි දෙන්නකෝ



සයිබර් උලෙල මාධ්‍ය ආවරනය කරමින් කටයුතු කල කිහිප පොල අතරින් වෙනි අය්යා. JD Da Shady අය්යා සමගින් කවදාවත් වයසට නොයන නාකියා

එතෙක් මෙතෙක් ලක් ඉතිහාසයේ නොවු තරමේ වේගවත් කාන්තා මීටර් 100 සියලු තරග කරුවන් එක පෙලට

ලාස්ට් රෝ නොහොත් අන්තිම පේලියේ සෙට් එක


 මෙතන හරියටම මොකද උනේ කියලා අහගන්න වෙන්නේ නම් පොඩි මැන්ගේ වෙන්න බිරියගෙන්ම තමා... දතක් කැඩෙන්න දුන්න කියලා තමා ආරංචිය


සිහින බක් මහ උලෙල අතර මැද අල්ලන් සෙල්ලම්



මේ පැණි හිනාවක් ද අහිංසක හිනාවක්ද කියලා තාම හිතා ගන්න බැ මට.. මොනවා උනත් මේ තමයි මෙවර සයිබරයේ සිහින බක් මහ උලෙලේ බර කරට අරන් කරපු රාජ් සහෝදරයා



පරිණත කමෙන්ට් කරු හෙවත් බ්ලොග් අවකාශයේ තරුණ හදවත ඔබා මාමා 
පොඩි මැන් ට උදේ පාන්දරම ඔබ්සවර් අංකල් ව අදුන ගන්න බැරිවෙලා තියෙන්නේ දැන් ඉන්න වයසට වඩා පරන වැඩි වයසක ෆොටෝවක් ප්‍රොෆයිල් එකට දාලා නිසා කියලා තමා කිවේ

ජනරග ගේ මයික්‍රෆෝනය දැන් අනුරාධ හා ගයාන් වෙත


කොයි තරම් කුප්ප කතා කිවත් බලන්නකෝ රත්ගමයාගේ තියන අංහිසක පෙම් පාට

කෙල්ලන් සමග වැඩිම ෆොටො ගනනකට මුන ඔබා ගන්න තැත් කල ඩාක්නෙට් ඉශාර මලයා සමගින් ප්‍රාර්තනා, හසි

සිහිනස් වැඩ ගොඩාක් කල එල කොල්ලෙක්... මෙතන නම් දෙහි ගෙඩිය අතේ තියාගෙන දුවගෙන ගිහිල්ලා අනිතිම මොහොතේ හැන්ද උඩ තියාගන්න ගිහින් ඒකත් වැ‍ටුනා කියලා කිවේ


දුකා අයියා... මට ඇත්තටම එක පාර අදුන ගන්න බැරි උනා අයියා දාලා තියන පින්තුර වලට වඩා ගොඩාක් ලස්සනයිනේ......


දුෂ් කට ඇරි සැනින් ජනරග  නහය වසා ගත්තේ ඇයි..... පින්තුරයෙන් ඔබේ හදවතට


රේප් මහතාගෙන් දර්ශණිය 6 පාරක් එත් මේ ක්‍රිකට් නෙමේ කණා මුට්ටි...රෙපා ඇවිත් උන්නේ ක්ලාස් යන පොතුත් අරගෙන... එහෙමයි කැපවිම



හිම හංසි & බිම්සර ඇත්තට මට දැකපු 4ටෝ වලින් අමුතු ලස්සනක් දැකපු 4ටෝවක්

කලින් පොස්ට් එකේදි මම ගත්තු 4ටෝ දානවා කිවත් මේ දවස් වල අප්ලොඩ් කරන්න නම් වෙන්නේම නැ.. ඒ නිසා හිත ගත්තු ලස්සන 4ටෝ ටිකක් බෙදා ගන්න හිතුනා....


මේ 4ටෝ වල නියම අයිතුකරුවන්ට මාගේ ප්‍රණාමය...

මේ 4ටෝ ටිකෙන් නමින් රුපයෙන් එක වර නොදැකපු කිහිප දෙනෙක් ගැන දැන ගත්තා නම් ඒ ඇති....

සයිබර් සිහින බක් මහ උළෙල 2012 පිලිබද සටහන් මෙතකින් නිමා කරන්න හිතුනා

නැවතත් දවසක සයිබරේ යහලුවන්ගේ එකතුවකින් මුණ ගැහෙමු..

ජය වේවා..




75 comments:

  1. කාලෙකින් කොමෙන්ට් කොරේ නැහැයි කිව්වනෙ.අද පළවෙනි එක මගෙන්.සිහින උළෙල ඇත්තටම ලස්සනයි.ඒකෙ සටහන් මෙතනින් නවත්තන එක හොඳයි.මොකද ඕනම දෙයක් ඕනවට වඩා ඕන නැහැයි කියනවනේ,හැබැයි ඉතින් ඒ සුන්දරත් වයනම් කවදාවත් අමතක වෙන එකක් නැහැ.ඔන්න කලා කාරයා ආයෙමත් බ්ලොග් පුර තරනය කරන්න පටන් ගත්තා.අයියට වෙලාවක් තියෙනවනම් ඇවිත් යන්න http://janithlakshan.blogspot.com/

    ReplyDelete
    Replies
    1. කලා කාරයා මල්ලි ව දැක්කේ නම් කාලෙකින් තමා.... ඇත්තටම ඕනම දෙයක් ඔනාවට වඩා ඕනෙම නැ තමා..
      අනිවා අපිත් එන්නම්කෝ

      Delete
  2. ඒ මමත් ඉන්නවනේ... පාට් 3 එකකුත් දාමු.. තව ෆොටෝ ‍මග එනවලු

    ReplyDelete
    Replies
    1. හැම වෙලේම අක්කලා ලගම ඉන්න දැගලුවා කියලා තමා කියලා තිබුනේ ඇත්තද?
      ඔව් ඉතින් මල්ලිගේ වයසත් එක්ක බලනකොට නංගිලා තම බ්ලොග් ලියන්නේත් නැනේ නේද?

      Delete
    2. ඔන්න මට වඩා බාල අය ඉන්නවනම් දැන්ම කියන්න...

      Delete
    3. අනේ ඔව් ඉන්නවා නම් කියන්න... පව් මල්ලියා

      Delete
  3. මමද ඉන්නවාය. මාර සතුටුය. තැන්කිවුය !!!

    ReplyDelete
    Replies
    1. අනේ අෆ්ෆා.. ඉතින් වැදගත් කියන මහත්වරු ගැන ලියන්න ඕනනේ.... ජය

      Delete
  4. අපොයි ඔවු ඔක ගැන දැන් ලිය උනා හොඳටොම ඇති....නියම සටහනක් ජය

    ReplyDelete
    Replies
    1. ලියලා ඉවරයක් කරන්න හිතෙන්නේත් නැනේ අය්යා

      Delete
  5. හිකිස් උබත් නැහැ මමත් නැහැ.. :)

    තාම ඒ මතකයන් තියෙනවා. නැවත සෙට් වෙමු !

    ReplyDelete
    Replies
    1. අනිවා අයියා... අය්යාගේ 4ටෝ නම් තියනවා.. ඒත් ඉතින් මේ ඉන්ටර්නෙට් එක්ක තමා ප්‍රොබ් එක.. අනිවා ඉක්මනටම මුන ගැහැමුකෝ දවසක

      Delete
  6. අඩේ ආරංචි උනේ නෑද්ද මම එදා උදේ එද්දි ත්‍රිවිල් එකකට හෑප්පුනා. එකයි කලින් පෝස්ට් එකේ කමෙන්ට් එකකින් මම කීවෙ

    ReplyDelete
    Replies
    1. ආහ්... ඒහෙම එකක් නම් දැක්කානේ.. මම කිවේ කොල් එකක්වත් දුන්නේ නැනේ කියලා... සො දැන් කොහොමද?

      Delete
  7. ලස්සන ෆොටෝ ටික...
    :)

    ReplyDelete
    Replies
    1. ඔයාලා වගේ ලස්සන අය මෙතන තව අඩුයි අෆ්ෆා

      Delete
  8. අඩෝ මං ඔලුව ඔබාගන්න හැදුවෙ නෑ බොල, උබලා ඇවිත් ෆොටෝ ගහගෙන හියාට, ඉරිසියා කාරයෝ

    ReplyDelete
    Replies
    1. හසී අක්කා මුට කැමති නැති බව ‍ෆොටෝ බලපුවාම පේනවා.. අර මූ එබීගෙන ඉන්නකොට එයා එහා පැත්තට ‍වෙනවා

      Delete
    2. ඉෂාර : දැන් මෙහෙම දෙයක් උනේ නැ........... එහෙම කලේ නැ කියලද කියන්නේ

      Delete
    3. දැන්නේ ඒක දැක්කේ.... ඔය නම් අර අයියා දකිවි කියලා වෙන්න ඇති

      Delete
  9. ඔනා මාමගෙ 4ටෝ එක වැටිල නෑ... පොඩ්ඩක් බලපං...

    කවුද ඩෝ මට දත් කැඩෙන්න ගහන්නෙ... ?? අපි බෙන්තර පාලමෙන් එහා හරියා.. සද්ද දැම්මොත් තනි කෑල්ලට ඉතුරු කරන්නෙ නෑ හරිය...

    ReplyDelete
    Replies
    1. කවුද බං කියන්නෙ දත් කැඩෙන්න ගහුවා කියලා, දේවා මලයට වැරදිලා ....
      ඇත්ත සිද්දිය පොඩි මෑන්ට පිට වෙච්ච අධෝ වාතය අහක ඉන්න උන්ට තියා පොඩි මෑන්ටවත් ඉවස ගන්න බැරි වෙච්ච එක .........

      (ඔය ෆොටෝ එකට හොඳ කමෙන්ට් ටිකකුත් එක්ක fb එකේ තිබුනා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං ෂෙයා කලොත් කට්ටියටම ඇත්ත දැන ගන්න පුලුවන් වෙයි)

      Delete
    2. කවුද බං කියන්නෙ දත් කැඩෙන්න ගහුවා කියලා, දේවා මලයට වැරදිලා ....
      ඇත්ත සිද්දිය පොඩි මෑන්ට පිට වෙච්ච අධෝ වාතය අහක ඉන්න උන්ට තියා පොඩි මෑන්ටවත් ඉවස ගන්න බැරි වෙච්ච එක .........

      (ඔය ෆොටෝ එකට හොඳ කමෙන්ට් ටිකකුත් එක්ක fb එකේ තිබුනා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං ෂෙයා කලොත් කට්ටියටම ඇත්ත දැන ගන්න පුලුවන් වෙයි)

      Delete
    3. පොඩි මැන් : දැන් නම් ඒක හරි.. තැන්ක්ස් මචන්... එහෙම තමා කියලා තිබුනේ බොරුද එතකොට

      Delete
    4. ඔය එලි වෙන්නේ ඇත්ත... ඒක තමා කට්ටිය වායු බොම්බයක් ගහලා කියලා කියව කියව උන්නේ.....

      Delete
    5. මන්න ඇත්ත තියෙන කතා ක්‍රන පොටෝ 3 නේ...

      ඇවිත් බලපල්ලා...

      http://mamaiarui.blogspot.com/2012/04/3_27.html

      Delete
  10. ලස්සනම පිංතූරය කාන්තාවන්ගේ මීටර් 100 දිවීමේ වේගවත් තරඟය. තරඟකාරියන් ඇත්තටම දුවලා තියනවා. :D

    ReplyDelete
    Replies
    1. අපරාදෙ! හිටියනං පොඩ්ඩිත් දුවනවනේ. :)

      Delete
    2. අපරාදෙ! මට ඒකත් මිස්වුනා!

      Delete
    3. පොඩ්ඩියේ කිසිම තරගයක් බොරුවට නම් කලේ නැ මම හිත්න්නේ.. පොඩ්ඩි එනවා කිය කියා බොරු නම් කලා තමයි

      Delete
    4. පොඩ්ඩිට බැනේ... රාජ් අයියා.. දැන් 40ත් පැනලානේ

      Delete
    5. ඊලග පාරවත් එමු රාජ් අයියා

      Delete
  11. // රේප් මහත්තයා // අහුවෙයන්කෝ ආයේ දවසක. අර කෑවා කිව්වා බල්ලා කන්න තිබ්බේ අත් දෙකයි කටයි දෙකම.
    මු වල් වෙලා තියෙන තරම එක පාරට රේප් ගැන මතක් වෙලා තියෙන්නේ අත් දෙක උස්සගන්න බෑ කිව්ව හින්දද මන්දා. ???

    ReplyDelete
    Replies
    1. අඩේ සොරි වෙන්න ඕනා... රෙපා තමා.... නියම මිනිහා.... පන්ති යනවා කියලා අම්මගෙන් වැඩි පුර ක්ලාස් ‍ෆිසුත් අරගෙනලුනේ ආවේ

      Delete
    2. ඒ වුනාට රේප් මහත්තයා කියන එක බරපතල චෝදනාවක්. අනික ඒවගෙ වැඩ කරන එකාට මහත්තයා කියන එකත් අපරාධ වලට අනුබල දීමක්.
      henryblogwalker the Dude

      Delete
    3. බලන්නකෝ එක අකුරු කැල්ලකට කරන්න පුලුවන් දේවල්...

      Delete
  12. එදා තිබුන කිව්ව අනිත් වැඩේට ගිහින් නෑ වගේ මලය :)

    ReplyDelete
    Replies
    1. මම කලින් ආවා අයියා... හවස 2ට විතර.. ඒකට ‍රැ ගියා

      Delete
  13. Ko ale mama na nea. 3weni series 1kuth damu neh ayye..... :D :D

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. බලමුකෝ නංගෝ දැන් නම් ඇතිද මන්දා.. ඔයාගේ ඒවත් තිබුනනේ.... සො සෝ තරහද ඉතින්

      Delete
  14. දේවා අපිව අමතක කර ඇත. ඒ ගැන දුකය. ඒ වුනාට කමල්ලෑය. ඌ ආපු එක ඇතිය. ආයේ දවසත අපිව මතක් වෙල්ලැතෑ.... පෝස්ට් එක එලම එලය...

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඔන්න කිවා කතාවක්.. එක බැලුවනේ.. ඒකෙ උඩින්ම හිටියා නේද?

      Delete
  15. Replies
    1. දැන් ඉතින් අඩ අඩා ඉන්නකෝ එන්නේ නැතුව ඉදලා

      Delete
  16. අනේ අර කොච්චි කරල වගේ කියන දුෂ් නගාගේ බ්ලොග් එක මම දන්නේ නෑනේ. ලින්ක් එක දාන්නකෝ.....

    ReplyDelete
    Replies
    1. කියවලා නැද්ද බට්ටියේ... මෙන්න ගිහින් බලන්නකෝ

      http://aadarayadukak-dush.blogspot.com

      Delete
    2. අලේ කියවනවා විතරක් නෙවෙයි. පස්සෙනුත් පන්නනවානේ. ෂිකේ ලැජ්ජාවේ බෑ. අයියේ මම ඔය නමින් දන්නේ නෑනේ.

      Delete
    3. ඒකනේ.. මේ කෙල්ල ටිකක් සැරයි.. කියවන්නේ නැ කියලා දැනගත්තොත් ඉතින් ඉදලා හමාරයි.........

      Delete
  17. මං තිං පොටෝ එකක් ගත්තොත් කැත කෙල්ලොත් ලස්සන වෙනවා නේ :P

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ විතරක් ලස්සන වෙන හින්දා ඇති කෙල්ලානගේ 4ටෝ කැලි විතරක් ගන්න ඇත්තේ.. නිකමටවත් බලන්න මගේ 4ටෝ කැල්ලක් අරගෙන නැනේ...

      Delete
  18. එදා එන්න බැරි උනාට කට්ටියගේ අවුරුදු උත්සවේ පෝස්ට් ටිකයි පින්තූර ටිකයි බැලුවම ගියා වගේ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒහෙම කියන්න බැ කාව්‍යා,... මෙතන 4ටෝ වලින් පොස්ට් වලින් දකින්න බැරි ලස්සනකුත් එතන තිබුනා

      Delete
  19. වෙලාවට පරක්කු වෙලා ආවෙ.............:P

    ReplyDelete
    Replies
    1. ඔන්න කිවා කතාවක්,.... මට මේ කලින් යන්න උන එක ගැන තාමත් දුක් වෙන ගමන්

      Delete
  20. සතුටුයි.. ගිය සැරේ උනත් ටික වෙලාවකට පොඩ්ඩියො දෙන්නත් එක්ක ඇවිත් ගියේ පුළුවන් කමකට නෙමේ.. මේ සැරේ නම් ඊටත් වඩා වැදගත් වැඩක් කළා.. අපේ ගමේ පොඩි උන්ටත් අවුරුදු උත්සවයක් කළා.. ඒක වැටුනෙත් එදාටමනේ.. හැබියි ඔතනට ආවානම් සතුටු වෙන්නේ මම විතරනේ.. ඒත් මම කරපු දෙයින් සතුටු වුන උන්ගේ මුහුණු දැන් ආයෙ ආයෙ දකිද්දී දැනෙන සතුට නිසා ඔය ගමන නාවාට කිසිම දුකක් නෑ දේවා මට...

    ReplyDelete
    Replies
    1. මේ පාර නාවට ඊලග පාර එන්න බලන්නකෝ අක්කෝ.. අම්ම මුනු පොතේ දැක්ක එදා 4ටෝ සතු‍ටු පිරුනු මුනු දැක්කහම හිතටත් සතු‍ටුයිනේ

      Delete
  21. අරූ ගානට උසට හිටියනන් හිමාංසිගෙ මනාපෙ පැනලා ඈ! මම කිව්වෙ බිංසර :D :D

    ReplyDelete
    Replies
    1. මලිත්ගෙ වෙරිමත තාම හිදිලා නෑද්ද කොහෙද.පිස්සුද මෝඩයෝ අර පොඩි එකා මට වඩා හුගක් බාලයි.

      Delete
    2. දේවා අයියා කාලෙකට කලින් දාලා තිබ්බා වයස ප්‍රශ්නයක් නෑ කියලා පොඩ්ඩක් ඒක බලලා හිටිංකෝ... හැබැයි ඉතින් බිම්සර මලයට දෙයියංගේ පිහිටයි

      Delete
    3. මලිත්: අනේ මන්දා ඉතින් මල්ලිට අක්කටද අබ සරනයි කියලා කියන්න ඔනේ කියලා

      හිම හංසි : වයස නම් මොනවද නංගෝ... ඔයා කැමතිනම් කියන්න අපි ගෙවල් වලට කතා කරන්නම්

      ගැමියාගේ පත් ඉරුව : ඒකනේ.... කියන්නේ// නංගිලාට අපි ඔවා කලින් කියලා තියනවානේ

      Delete
  22. ලබන සැරේ අපිත් දෙනවා බැටේ.

    ReplyDelete
    Replies
    1. අපිත් එන්නම්කෝ මල්ලි සපෝට් එකට

      Delete
  23. කිව්වත් වගේ අන්තිම පොටෝව පට්ට ලස්සනයි... හිම හංසි(අක්කා/නංගි) මම හිතන්නේ නංගි විය යුතුයි,ඉන්න පොටෝවල මෙයා අමුතුම ලුක් එකක් දාගෙන ඉන්නේ "එකකට වඩා ගනින්කෝ බලන්න" වගේ බැල්මට් එකක් තියෙන්නේ හොඳට බලන්නකෝ...

    ආදරය නිසා දුක් විඳිනවා කියන්නේ මාරයිනේ එහෙම ආදරයක් වැඩක් තියේ යෑ... ආදරේ වෙනුවෙන් දුක් විඳිනවා කිව්වනම් සාධාරණයි කියලා හිතෙනවා...දුෂ් අක්කාගේ බ්ලොග් එක පැත්තේ යන්ටෝන..

    මගේ පොටෝ නෑනේ බොලේ මම හෙන ගේමක් දුන්නා මගේ පොටෝ දෙක තුනක් එකතු කරගන්න ඊළඟ පාර නම් ගහන ගහන පොටෝවට පනිනවා ඉෂාර වගේ

    ReplyDelete
    Replies
    1. අනිවා,... මල්ලි විතරක් නෙමේ මමත් ඊලග පාර නම් ඕක කරන්වාමයි... එහෙම නැතුව බැ ඇත්තටම....

      ආදරය ගැන ඉතින් ඒ තරම්ම මම නම් කතා කරන්න කැමති නැ මල්ලි.

      Delete
  24. මර fun එකක් ගන්න ඇති නේද කස්ටිය. දැක්කහම තනි ඇහැට ඇඩෙනවා අෆ්ෆා......... මට එන්න බැරි උනාට

    ReplyDelete
  25. ඒකත් සුපිරි ඈ... කවදාවත් දැකපු නැති යාළුවො ගොඩක් දෙනෙක් අදුන ගන්න පුලුවන් වුනානෙ අවුරුදු උළෙල නිසා..:)

    ReplyDelete
  26. එදා නම් පට්ට දවසක් !!! පට්ට ෆන් එකක් ගත්තේ.

    ReplyDelete
  27. ඔබා මාමා ගැන කියපු කතාවනම් ඇත්ත.. මටත් ෆොටො දකිද්දි එක පාරම අදුන ගන්න බැරි උනානේ...

    ReplyDelete
  28. මේ එකකවත් මම නැහැ නේ.

    ReplyDelete
  29. කෝ මමත් නැහැනේ මේ එකකවත්..:පි
    කොහොම වුනත් කට්ටිය සෙට් වෙලා.සන්තෝසයි..

    ReplyDelete
  30. මරුම තමයි ඈ.........

    ReplyDelete
  31. මරුම තමයි ඈ.........

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....