ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

23 April, 2012

සයිබර් සිහින බක් මහ උළෙල - 2012 - මගේ ඇසින්

ලක් මව් තුරුලේ පමණක් නොව ලොකයේ කොහේවත් මෙහෙම බ්ලොග් කරුවන්ගේ එකමුතුවක් අත්විදින්න පුලුවන් වෙවි කියලා මම නම් හිතන්නේ නැ... මේ දිග හැරෙන්නේ ශ්‍රි ලාංකික බ්ලොග් කරුවන්ගේ සයිබර් සිහින උලෙල 2012 මම අත් විදපු හැටි...

කෙටියෙන්ම මේක හදුන්වනවානම් ඇත්තටම පට්ට....

නවක බ්ලොග් තරු වල දායකත්වයෙන්... ප්‍රවින බ්ලොග් කරුවන්ගේ අවවාද සම්පත් ශ්‍රම දායකත්වයෙන් දිග හැරුනු සයිබර් සිහින බක්මහ උලෙල 2012 වචනයේ පරිසමාප්ත අයුරින්ම සයිබරේ මිතුරන් හැමදාම අන්තර්ජාලයෙන්.. බ්ලොග් කමෙන්ට්, ෆේස්බුක් ඔන්ලයින් චැට් වලින් එකතුවෙලා ඉන්න මොහොතෙන් මිදිලා හැබැහින් එකතු වෙලා හැකියාවන් දක්ශතා පෙන්නන්න ගොඩ නංගපු සුපිරිම සුපිරි උලෙලක් කියලා කිසිම විවාදයක් නැතුව කියන්න පුලුවන්...

* විශ්වය මිටින් ගත් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය සදාතනික සහෝදරත්වයේ වින්දනිය කූටප්‍රාප්තිය*

වචන වලින් විස්තර කල නොහැකි ආශ්වාදයක්.. හදවතට දැනෙන සමිප සොදුරු බවක් එක්ක ගෙවුනු හෝරා කිහිපයක් අකුරු කරනවාට වඩා ඒ මොහොතේ මගේ පුන්චි කැමරා කාචයේ (ලොකු කැමරා තිබුනානේ ඒවාගේ 4ටෝ ඉක්මනට එලියට ඒවිනේ) සටහන් උනු සේයාරු කිහිපයකින් මෙලෙස සයිබරයේ බක් මහ උලෙල සදාතනික සිහිවටනයක් ලෙසින් බ්ලොග් පි‍ටු අතරට එක් කරන්නෙමු..

උත්සවයේ අවසාන මොහොත තෙක් ‍රැදිමට නොහැකි ඌ නිසාවෙන් සමහර තරග පිලිබද තවත් බ්ලොග් වලින් කියවන්න ලැබේවි..


මම යනකොට එතන මැච් එකක් ග්‍රවුන්ඩ් එකේ... වෙලාවට අනිත් පැත්ත තමා අපිට වෙන් කරලා තියෙන්නේ... නැත්නම් ඉතින් උදේ පාන්දර ගේම ඉල්ලන්න වෙනවනේ


මේ සෙට් එක උදේම පිට්ටනියට බැහැලා ඕං

හැබැයි සංවිධායක මණ්ඩලය එතනට නියම කෙනාව එවලා තිබුනා වැඩ ටික බලන්න...  පොඩි උනාට කෙල්ලගේ කටේ සැර තමා බලන්න ඕනේ
පේනවානේ වැඩ..
ඇතුල් වෙන්න කැම ටෝකන් ගන්න මුලින්ම ආවේ මෙන්න මේ දෙන්නා

මේ ඉන්නේ ආව අය


මේ ඉන්නේ ආව අය
මේ තියෙන්නේ පහන

එස් එල් ටි එකෙන් ප්‍රධාන අනුග්‍රහය


කථනයෙන් බස් රේඩියෝ

මේ ඉන්නේ ආව අය
සයිබර් අවකාශයේ කනා මුට්ටියට ගහන්නේ මෙන්න මෙහෙමයි..







කනවා කියලා කන්න ඕනද මෙහෙම බනිස්...




 

සමබර බ්ලොග් කරුවෝ 


තව ගොඩාක් 4ටෝස් තියනවා... තව කියන්න දේවල් ගොඩාක් තියනවා.. කොහොමත් හැමෝම දන්නවානේ මම ඉන්න පැත්තට සුපිරි වේගයකින් අන්තර්ජාලෙට ලොග් වෙන්න ෆොටෝ අප්ලොඩ් කරන්න පුලුවන් කියලා.... ඉතින් දැන් නම් ඒවා දන්න අමාරුයි... පුලුවන් උනොත් ඊලග පොස්ට් එකෙන් දාන්නම්කෝ ඔයාලා කැමතිනම්...

සයිබර් බක් මහ උලෙල අදහස ඉදිරිපත් කරමින් එය හිනයකින් යතාර්ථයක් බවට පත් කල ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන හැමෝම දන්න කියන අභිත අයියාට මගේ ස්තුතිය...

අභිත අයියාගේ ඒ හිනේ දෙවෙනි වර දකිමින් එය මෙලෙස සාර්ථක කරගන්න වෙහෙස මහන්සි උන රාජ් සහෝදරයා ඇතුලු අනික් පිරිසටද මගේ ප්‍රණාමය..

මේ හැම කටයුත්තකටම හදවතින්ම උපකාර කරන උපදෙස් ලබාදෙමින්මග පෙන්වන බ්ලොග් ප්‍රවිනයනටද මගේ ස්තුතිය..

ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ උනු හැම දෙනෙක්ටම සම්බන්ද වෙන්න නොහැකි උනත් ඒ වෙනුවෙන් වචනයකින් හරි උදව් කල හැමටමද ගොඩාක් ස්තුතියි...

THANKS

102 comments:

  1. නියමයි නියමයි දේවා... අනිත් ෆොටො ටිකත් දාමු.. අපි මේවා බලන්න ආසාවෙන්නේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම දාන්නම් අයියා.. (දැන් බය නැතුව අයියා කියන්න පුලුවන්නේ)

      Delete
  2. පින්තූරුවල ඉන්න අයගේ නම් දාන්ටකෝ.
    අර පැදුරේ දාගෙන බනිස් කන එක්කෙනෙක් අනුරාධද? :D:D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩියේ.... ඔයාත් එන්නකෝ වෙලාවක ඒක කරන්න සපෝට් එකට.. පුලුවනිද අදුන ගන්න කාපු කැමට මට නම් ටිකක් අමාරුයි අනේ අදුන ගන්න

      Delete
  3. අකුරුවලින් විතරක් මුණ ගැහුන අය සැබෑවටම හමු උන එක නං සතුටක්, ඒත් අරක්කු කියන එක මෙතනට ලං කරගත්ත එක නං අනුමත කරන්න බෑ, අරක්කු නිසා මේක සම්පූර්ණ විහිලුවක් උනා. අරක්කු ටිකක් කටේ ගාගෙන බොරුවට කැපී පේන්න කෑ ගහලා, තරඟවලත් පිස්සු කෙලපු පොරවල් හිටියා. අඩුම ගානේ තරඟ ටිකවත් හරියට ජජ් කරගන්න බැරි උනා ඒක නිසා. සීනිවලට කූම්බි ඇදෙනවා වගේ බාගෙට බාගයක් හිටියෙ අරක්කු ගහන තැන. ගන්න ආතල් එකක් ෆෙස්ටිවල් එක ඉවර වෙලා ගත්තා නං මොකද.

    ඔය විදියට ගියාම වෙන්නෙ, කිසිම දෙමවුපියෙක් මේ වගේ දේකට තමන්ගෙ දරුවෙක් වැරදිලාවත් එවන්නෙ නැති වේවි. මොකද සමහර ලමයින්ගෙ දෙමවුපියොත් ඇවිල්ලා හිටියනෙ.

    කොහොම උනත් සංවිධාන කටයුතු නං කියන්න තරං වරදක් නෑ, කෑම එක එහෙම හොඳට තිබුනා. එන පාරවත් අරක්කුවලින් තොර සයිබර් ෆෙස්ටිවල් එකක් දැකීමට ලැබේවි කියලා හිතනවා. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අපිනම් මචං බොන්න ආවේ පිට්ටනියට, එතන අවුරුදු උතසවයක් තියෙනව දැකල ඒකටත් ගොඩ උනා....ටොයිං. හියැක් හූ.....!

      Delete
    2. මෙතන මම දැකපු දෙයක් කියන්නත් ඕනා.. මම කොහොමත් නොබොන කෙනෙක් නිසා බිම ගැන නම් ඒ තරම් කැමත්තක් නැ... ඒත් ඉතින් බොන්න එපා කියලා එකට විරුද්ද වෙන්නෙත් නැ.. ඊයේ සයිබර් සැනකෙලියේ එහෙම දේවල් උනේ නැ කියන්නේ නැ.. හැබැයි ඔය කියන කිසි දෙයක් නම් උනේ නැ... ඔය මත් වෙන දේවල් පාවිච්චි කරන අයගෙන් එහෙම බාධාවක් උනා කියලා මම නම් එතන ඉන්න කොයිම වෙලාවකවත් දැක්කේ නැ. ඒ අයත් කතා බහ කරලා උන්නා.... ගල් මුල් හැමදාමත් තියනවානේ... මොනවා උනත් උත්සවේ නම් සුපිරියටම තිබුනා ඇනෝ....

      Delete
    3. @දේවා,
      උඹ නොදන්නවා උනාට කොල්ලො ඇත්තටම එහෙම දේවල් උනා. ඒක සහතිකයි ස්ථිරයි, ඇස් දෙකටම දැක්කා.

      Anonymous,
      ඔව් බං මාත් මේ ලොකුවට සීරියස් කොමෙන්ට් කෑල්ලක් දැම්මට පස්සෙ කල්පනා කොරලා බැලුවාම ඔය වගේ වෙලාවට ගන්නෙ නැති ෆන් මොකටද කියලා හිතුනා බං. ගත්ත ෆන් එකේ තරම කියන්නෙ ආපිකෝ ඩබල් ලේයර් මෙට්ටෙක නිදා ගන්නවට වඩා සැපට අපේ කොල්ලෝ බිමත් නිදා ගෙන හිටියා. එන පාර අපි ඉර හැරෙන කං ඉන්නෙ නැතුව අවුරුදු උත්සවේ පටන් ගන්න පොල් තෙල් පහන පත්තු කරන කොටම බෝතලේ කඩමු මචෝ.
      (AnonymousApr 22, 2012 05:28 PM)

      Delete
    4. එහෙම උනා නම් ආයේ එහෙම නොවෙන්න කියලා හිතලා වැඩ කරමු යාලුවා

      Delete
  4. කිව්වත් වගේ පින්තූර වල ඉන්න අයගෙ නම් දාමුකො අපිටත් බලාගන්න.
    ස්තුතියි අපිව දැනුවත් කිරීමට.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අයියා ඒක පන යන වැඩක් වෙයි නේද?

      Delete
  5. ලස්සන පින්තූර

    ReplyDelete
  6. නියමයි. අනිත් ටිකත් දාන්නකෝ...අපිත් ආසයිනේ බලන්න :)

    ReplyDelete
  7. අඩේ අෆ්ෆා.... මමත් ඉන්නවා පින්තූර වල.... නියමයි දේවා... පාන්දරම ඇවිත් ගොඩක් දේවල් කලා.... දේවා සය පොඩි මෑන් තමයි කෂ්ටිය ලියාපදිංචි කරලා (රෙජිස්ටර්) කෑම ගන්නකොට පෙන්නන්න ඕන මෙව්වා එක දුන්නේ. වැඩේ කියමෙට කලා... කොල්ලා කලින් ගියානේ. නැත්නම් අවුරුදු කුමාරයා වෙන්න කෙළ හළ හළ හිටියේ...

    ReplyDelete
    Replies
    1. අසාධාරණ ලෙස මම කලින් යනවා කියලා දැන දැනත් ඒ තරගේ පස්සට දාපු එක ගන නම් ෆට්ට දුකයි අෆ්ෆා... ලබන සැරේ අපි දෙමුකෝ බැටේ

      Delete
  8. මරු බං....

    ReplyDelete
  9. Replies
    1. එන්න කියලාත් ආවේ නැනේ හොද වැඩේ

      Delete
  10. Replies
    1. අක්කාව අදුන ගන්න ලැබිමත් සතුටක්.....

      Delete
  11. හහහා.......එල.... නියමයි...සුපිරියි...

    ReplyDelete
  12. හී හී... මාර දවස ඊයේ නම්..

    ReplyDelete
    Replies
    1. නංගිලා ඉතින් ෆට්ට බිසිනේ.. ටිකයි කතා කරන්න ලැබුනේත්... ඒක හිනෙන් එලි වෙන්නේ නැනේ ඉතින්

      Delete
  13. අපොයි..... මම නෑනේ පින්තූරවල....... ඒත් කමක් නෑ, වැඩේ නම් නියමෙ ට කෙරුණා. මගේ ජීවිතේ අමතක ම නොවන දවසක්....!!!

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. වයි දිස් මේ කලබල කලබල ඩි...... ඊලග පොස්ට් එකෙන් ඔය නැති පින්තුර එලියට ඒවි

      Delete
  14. සුපිරි වැඩක්...රූමස්සල ගෙට් එකෙන් පස්සෙ සයිබර් ෆෙස්ට් එකට එන්න ඇඟිලි ගැන ගැන හිටියෙ...ඒත් කරුමෙට කකුල තුවාල වෙච්ච් නිසා ඉන්න උනා..මොනා කරන්නද...කස්ටිය එලට ෆන් එක අරන් තියන්ව...නියමයි...සංවිධානය කරපු කාටත් මගේ ස්තුතිය....(‍y)

    ReplyDelete
    Replies
    1. ඉක්මන් සුවය පතනවා මචන්... හිම හංසි කිවා එන්න වෙන්නේ නැති කතාවක්... ඊලග දිනයේදි මුන ගැහැමුකෝ

      Delete
  15. අහුවෙන්නකෝ ඊළඟ පාර

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ බලාගෙන අතටම ලගටම ඇවිත් අහුවෙනකන්.... :ඩි... ඔය තරම් සැර ඇයි අනේ ඔයා

      Delete
  16. දේව් අයිය යන්න මොහොතකට ඉස්සෙල්ල කතා කරන්න අවස්තාව ලැබුනා ඒක ගැන සතුටුයි.....ඊළඟ පාරත් සෙට් වෙමු හොඳේ......

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලියෝ ආයේ දවසක සෙට් වෙමුකෝ.... කතා කරන්න ලැබුන එක ගැන සතු‍ටුයි ගොඩාක්

      Delete
  17. දැන් නම් දුකයි.. ටිකක් ‍වේලස්සන ආවනම් මේ ටිකත් බලා ගන්නවනේ...

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා මචන්... ඒ ටයිම් එකට හරි සෙට් වෙන්න ලැබුනනේ.... ඊලග පාර කලින් එමුකෝ

      Delete
  18. ඇත්තටම මේකනම් නියම ෆන් එකක්

    ReplyDelete
    Replies
    1. මල්ලිව නම් මුන ගැහුනද මන්දා... :/

      Delete
  19. මේක දැක්කහම නම් දේවා සේරම අදහස් වෙනස් වෙලා ලබන පාර නම් බට්ටිත් එන්න හිතා ගත්තා. අපරාදේ මගේ මෝඩ අදහස් නිසා මේ තරම් සතුටු වෙන්න තිබුණ අවස්ථාවක් නැති කර ගත්තනේ.
    කියන්නකෝ ඉතිං කවුද තරග වලින් දිණුවේ. කුමරා කවුද කුමරි කවුද කියලා?

    ReplyDelete
    Replies
    1. අම්මෝ ලොකු දෙයක් බට්ටි එහෙම හිතා ගත්තු එක.. (ඊලග එක එනතුරු ඇගිලි ගනිමින්) මම කුමරා වෙන්න බලාගෙනනේ ගිය කෝ මම එනකන් තිබ්බේ නැනේ..

      Delete
  20. අගේ ඇති පින්තූර ටික . බොහොම ස්තූතියි අපිටත් බලාගන්න සැලැස්සුවාට . මටනම් ලස්සනම පින්තූරෙ ටොයිං මල්ලිත් අයේශත් දෙහි ගෙඩිය ගෙනියන පිංතූරේ .

    ReplyDelete
    Replies
    1. තව ලස්සන පින්තුර ඔන් ද වේ අක්කා.. මොනවා කරන්නද අක්කා මේවට එන්නේ නැහැලුනේ.... දුකයි.. එන්නකෝ අනේ

      Delete
  21. ම්...ඔච්චර් දුර ඉඳල උඹ ආපු එක අපිට ලොකු ශක්තියක් මලේ....

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙයක් මිස් කරගන්න බැ කියලා හිතුනා අයියේ.. එන්නේ නැ කියලා ඉදලා අයියාට එනවා කිවේත් 21 ‍රැ 8ට විතරද කොහෙද?

      එල ප්‍ර.සං තුමා

      Delete
  22. පිංතූර එක්කම දැම්ම නිසා ලස්සනයි. හොඳට මහන්සි වෙලා කරලා තියනවා. මීළඟ එක මීට වඩා හොඳින් කෙරෙයි කියා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් නුවර උන්නා කියලා කියන්නේ නැතුව ඊලග එකට නම් අයියා එන්නම ඕනා....

      Delete
  23. අඩේ උඹව හොයාගන්න බැරිවුනානේ!

    ReplyDelete
    Replies
    1. ආවද අයියා ඔයත්... මගේ මේ බ්ලොග් එකේ පලවෙනි කමෙන්ටර්... ශික් අපරාදේනේ දැක්කේ නැනේ මම කතා කරන්නවත්... ආයේත් දවසක මුන ගැහැමුකෝ

      Delete
  24. මම ඇවිල්ලා බැලුවා මලයා කොහෙද කියලා, පස්සෙ තමා එස් එම් එස් එක ආවෙ, අපිත් වැඩි වෙලා හිටියෙ නැහැ, වහින්න වගේ ආව නිසා ඉක්මනට ගියා ......

    ReplyDelete
    Replies
    1. ගොඩාක් වෙලා කතා කරන්න ලැබුනේ නැත්ත අය්යා එක්කත් කතා කරන්න ලැබුන එක ගැන නම් සතු‍ටුයි මට ගොඩාක්... එක හිනෙන් එලි නොවෙන නිසා තවත් දිනයක ආයෙමත් මුන ගැහැමුකෝ

      Delete
  25. මොනවා කරන්නද මල්ලි දුක තමා.... :(((( ඔයා මැසේග් එක එවන කොට මං හොදට දොයි...
    මහන්සි වෙලා නැගිට ගන්න බැරුව හිටියෙ...

    ReplyDelete
    Replies
    1. අක්කා මේ ටිකේම ගෙදර තිබුනු දේවල් එක්ක මහන්සි උනානේ.. සෝ ඉතින් ඉක්මනටම මුන ගැහැමුකෝ තවත් දවසක

      Delete
  26. විස්තර විචාරයට බොහොම ස්තුතියි දේවා මලේ ! උඹ යන්නෑ කියලත්ත ගිහින් නේ... කියමයි !!!

    ReplyDelete
    Replies
    1. තවම ඉවර නැ අයියා ඉතිරි එකත් දාන්නම්කෝ ඉක්මනටම... ඔව් අය්යා කලින් දවසේ ‍රැ තමා යන්නම ඕනා කියලා හිතුනේ

      Delete
  27. නියම දවසක්!! සංවිධායක කමිටුවට පිං!!! නියමයි!!

    ReplyDelete
    Replies
    1. හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එලිපිටලු... ආව එක ගැන පුදුමයි

      Delete
  28. මේ ඉන්නේ ආව අය කියන ෆොටෝ එකේ අභීත ලඟ සුදු කැප් එක අතේ තියාගෙන ඉන්නේ මම.

    ReplyDelete
    Replies
    1. අන්න එල කිරි වැඩක්... හැමෝම තමනව අදුන්වලා දුන්නා නම් ඇත්තටම හොදයි...

      Delete
  29. මම නම් හිතුවෙම නෑ දේවා අයියා එයි කියලා වෙඩින් එක තියෙද්දි ඒ තිබිලත් ආපු එක කොයිතරම් දෙයක්ද.... මම ආවේ පරක්කු වෙලානේ මේ ෆොටෝ වලට මම නෑ දුකයි අප්පා..... මම ඇවිත් මුලින්ම හම්බුනේ දේවා අයියව උණුසුම් පිළිගැනීමක් ලැබුනේ.. ඊළඟ පාර අන්තිම වෙනකන් ඉමු අයියේ ජීවිතේ අමතක නොවන අත්දැකීමක් මේක...

    මත්පැන් පානය කරපු කට්ටියත් හිටියා කොහොම නමුත් හිත් නොහොඳ නොවී සාමකාමීව එයාලා හිටිය එක ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. හමු විම සතුටක් මල්ලි.... අර සැමා අහන්න හිතුනා කියපු දේ මටත් හිතුනද මන්දා...

      මොනවා උනත් ඇනෝ කියපු දේ ඔයාටත් දැනිලා නැනේ ඒ කියන්නේ..

      Delete
  30. මට එන්න බැරි වුනානේ :'(
    අනිත් පින්තූරත් දාපන්කෝ විගහට

    ReplyDelete
    Replies
    1. හෙට නම් කොහොම හරි දානවා ප්‍රොමිස් ඇ

      Delete
  31. මට කෙලවිය...උදේ පංදර ඒමේදී තිරී රෝද කාරයෙක් මාව පැප්පෙව්වේය අනාත විය කකුලේ වළලු කරටම කෙලවිය දැං බැංඩේච් ඔතාගන සිටින්නේය..

    ReplyDelete
    Replies
    1. නිකමටවත් කියන්න එපා... මහ ‍රැ එනවා කියලා දවසටවත් අවේ නෑ... කෙල්ල එක්ක රවුමක් වත් ගියාද දන්නේ නැ.. හිකිස්.. ඊලග පාරවත් සෙට් වෙමුකෝ

      Delete
  32. හැම එකාම කියනව වගේ පොටෝ එක්ක නම් දාන්නලු.. :)

    උබගෙ පන යයි කොල්ලෝ..

    මාත් පොටෝ හොය හොය හිටියේ.. ස්තුති !

    ReplyDelete
    Replies
    1. ඉතිරිය තුල උබද ඇත... අම්මෝ නම් දාන්න නම් බැරියෝ

      Delete
  33. ඇත්තටම සතුටු වුනා ඊයෙ නම්.ඒත් පොඩි හිත් රිදීමුත් වුනා.ෆොටෝස් ටික ෆේස්බුක් දානවකෝ හලෝ

    ReplyDelete
    Replies
    1. හිත් නෙමේ දත් නේද නංගෝ.. කොහොමද දැන් ඒ තත්වේ

      Delete
  34. මමත් හිතුවෙම උඹ එන එකක් නැති වෙයි කියලා. ඒත් මෙන්න කොල්ලා උදේ හතහමාර වෙන්නත් කලින් ඇවිත්. ගෘප් පොටෝ එකේ ආව අයගෙන් තුන් කාලක්ම නෑ. පොටෝ නම් කවද ගහගන්න බැරිද ඒත් ඒ වගේද ගත්ත ෆන් එක :)))

    ReplyDelete
    Replies
    1. අනිවා බන්... මම එනකොටත් අය්යා ඇවිත්නේ.... සතු‍ටු වගේම කලින් යන්න උන එක ගැන දුක හිතෙන දවසක්

      Delete
  35. ඊයෙ නම් පට්ට ආතල් මචං. මට උඹත් එක්ක කතා කරන්න බැරි උනා නම් සමාවෙයං හොඳේ.

    ReplyDelete
    Replies
    1. මටත් ටික දෙනක්වම මිස් උනා මචන්.. අපි ඉක්මනටම තව දවසක මුන ගැහෙමුකෝ

      Delete
  36. උත්සවය නම් සුපිරියි...එන්න හිටපු හැමෝම ආවානම්....හුගාක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අය ආව නම් හොදයි තමයි අය්යේ.. ඒත් මට නම් මේ ආව හැමෝම එක්කමවත් කතා කරගන්න බැරි උන එක ගැන දුකයි

      Delete
  37. මොනව කියන්නද ... පට්ටයි කියල තමයි කියන්න වෙන්නෙ... නම් දාන එක ඉතිං කෝක මරන්නෙයි නේ බං...

    ReplyDelete
    Replies
    1. අඩේ එන්නේම නැ කියලා එනකොට නම් මාර ආතල් තමා.. කොහොම උනත් ඒල

      Delete
  38. දවල් වෙලා උඹත් පොඩි චැටක් දාන්න කියලා හිතං හිටියේ කොහෙද වේලපහින්ම මාරු වෙලානේ

    ReplyDelete
    Replies
    1. අනේ බන් මම යනකොට 2ත් පහු වෙලා.. ඔයාලා ටිකක් බිසි වෙලානේ උන්නේ පස්සේ දවසක සෙට් වෙමුකෝ

      Delete
  39. හම්මේ ෆන් එක නම් එසේමය, මගෙ නම් තාම ඇග රිදෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඒ බන් ඒ මොකද? උබ මොනවද ඔය තරම් අමාරු වෙන්න කලේ

      Delete
  40. උදේ නම් මූ සූටි සූටි වලි වලට සපෝට් කර කර හිටියා. මතක ඇතිනේ. පස්සේ බලනකොට මූ මාරු වෙලා. කොහොම උනත් මාර පට්ට නේ...

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් ඔන්න ගොඩාක් අහිංසකයි... මම කියලා නෙමේද ආවේ.. සොලි හොදේ

      Delete
  41. ඔන්න මං ආවා.
    එදා නම් නියම දවස නේද.... ගොඩක අයව අදුනගන්න ලැබුනා.
    :)
    අනිත් ෆොටෝස් ටිකත් ඉක්මනටම දාන්න...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තටත් අලුත්නේ.. සාදරයෙන් පිලිගන්නවා... එදා හරියට කතා කරන්නත් බැරි උනානේ බලමුකෝ ඉතින් ඉස්සරහට

      Delete
  42. අපොයි එන්න බැරි වුණ එක නම් කණගාටුවට කාරණයක්. විනාඩි දෙකතුනකට හරි ඇවිල් යන්න තිබුනනම් හොඳයි කියල හිතෙනවා මේ පිංතූර දැක්කාම. අනේ අවිවේකී කම ගැන මටම කණගාටුයි. බලමු මතු දවසකවත්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් අයියා ඒවි කියලා හිතාන උන්නේ කතා කරන්න.. ඉක්මනටම දවසක බලමුකෝ අයියා

      Delete
  43. සුබ පැතුම් ..... උනුසුම් සුබ පැතුම්.. ලබන අවුරුද්දේවත් බලමු..
    …ලොවෙත් නැ.. දුකේ බැ.. මට ඒක කියන්න බැ..

    ReplyDelete
    Replies
    1. අනිවා පිස්සු පුසා ලබන සැරේවත් එහෙමනම් සෙට් වෙමුකො

      Delete
  44. අහෝ දුකකි ඉරකි තිතකි...කමක් නෑ ඔයාලා අපිටත් එක්කම සතුටු වෙලා තියෙන්නේ..ඉතුරු පොටෝ ටිකත් දාමුකෝ යාලු..අපි වගේ ආවේ නැති අයට බලන්න...
    ඊලග පාරවත් අපි එන්නම්කෝ..මේවා දැක්කම දුකේ බෑ..ඇඩෙනවා තනි ඇහැට...;'(

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්කෝ.. කෝ ඉතින් ඔයාලට එන්න කියලත් ඔයාලා අවේ නැනේ ඒ නිසා ඇඩුවට කමක් න ඉතින් හොදම වැඩේ

      Delete
  45. කියල වැඩක් නෑ අප්පා මගේ නම් ඇස් දෙකම අඬනව.

    ලබන සැරේ දෙනවා බැටේ.

    ReplyDelete
    Replies
    1. දැන්ම ඉදලා නිවාඩු අරගෙන තියාගන්න මල්ලි

      Delete
  46. සුපිරි මචන් මම ඊළඟ එකට නම් අනිවා එනවා මචන්. අනිත් photos ටිකත් හිමින් සැරේ up කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම කරන්න බලන්න්ම්කෝ.... අනිවා ලබන සැරේ එමුකෝ

      Delete
  47. එල.. ලබන පාරත් මේ වගේ ම ෆන් එකක් ගමු!! පට්ටයි ඈ..

    ReplyDelete
    Replies
    1. අනිවා.. කොහොම උනත් කතා කරන්න නම් උනේ ටික වෙලාවනේ පස්සෙ මිට් වෙමුකෝ

      Delete
  48. පට්ටයි පට්ටයි....අපි එනකොට නම් සුට්ටක් පරක්කු වුනා...
    වැඩේ නම් සුපිරි! සංවිධායක මඩුල්ලට පිං :)

    ReplyDelete
  49. නියමයි නියමයි !!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....