ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

20 February, 2012

ඇත්තටම ඔයාලා මේවා කරලා තියනවද? විශ්වාස කරනවද?

අතුරු කතා: පොස්ට් එකක් ලියන්න මේ තරම් මම වෙලා අරගෙන නැතුව ඇති මේ තරම්.. ඒත් මදුශානි නංගිගේ ජිවිතේ වෙනුවෙන් මම තව කිප දෙනෙකුගේ හරි අවදානය යොමු වෙයි කියලා හිතලා බ්ලොග් පොස්ට් එකක් නොදා උන්නේ...

ඇත්තටම දැනට අවශය කරන මුදලෙන් 3හෙන් 2ක විතර (2/3) හොයා ගන්න පුලුවන් වෙලා. බ්ලොග් අවකාශයේ මිතුරනේ ඔබලාට ගොඩාක් පින්.. ඉතිරි මුදල් ටික හොයාගන්න ඇත්තටම පුලුවන් වෙවි කියලා හිතෙනවා.. තාමත් උදව් කරන්න බලාගෙන පිරිසක් ඉන්න නිසා..
 මම දාපු පොස්ට් එක තමන්ගේ බ්ලොග් වල දාපු වචනයකින්හරි ඒ වෙනුවෙන් කැප උනු හැමෝටම ස්තුති කරන්න දවසක් ඉක්මනටම උදාවේවි..

මේ ගැන තාමත් නොදන්න ඔබ වෙනුවෙන් නැවතත් අවදානයට...

****************************************************************

ඉතින් අද පොඩි දෙයක් ගැන කථා කරන්න හිතුවා..

මොනවා හරි දෙයක් අපි කියනකොට වැඩි වාර ගානක් ඒ දේ වෙනවද?

සමහර ගෙවල් හදනකොට මොනවා හරි අලුතෙන් ගොඩ නගනකොට එතන අනිත් අයගේ අවදානය ඒ නිර්මානය දෙසට යොමු වෙන එක වලක් වන්න මෙම නිවසට බුදු සරනයි.. මෙම ආයතනයට දෙවි පිහිටයි ඔහොමනේ ගහලා තියෙන්නේ... එතකොට අර ගොඩනැගිල්ල දිහා බලන එක අඩු වෙනවානේ

එතකොට ඉතින් ඉරිසියාව නිසා වෙන දේවල් අඩු වෙනවාලුනේ...

මම දන්නේ නැ මෙහෙම කරන්නේ ලංකාවේ විතරද එහෙමත් නැත්නම් ලංකාවෙන් පිටත් මේ දේවල් මෙහෙම කරනවද කියලා...

ලංකාවේ මිනිස්සුන්ට දරාගන්න බැරිද තවත් කෙනෙක් ගේ සතුටක් දියුනුවක්...

ඒ විතරක් නෙමේනේ කතාවට තමන් අකමැති කෙනෙක් ගැන කියනකොට නම් මිනිහට හොදක් වෙන්න එපා.. කවදා හරි ඔය මනුස්සයා අතේ සතේ නැතුව පාරේ හිගා කන්න ඔනා.. වැලි වැටෙන්න ඕනා ඔහොම කතා කියනවා මම ඇහිලා තියනවා.. එහෙම හැම වෙලේම මන්තරයක් වගේ මතුරනකොට එහෙම වෙන්න පුලුවන්ලු...

මන්තර වලාත් තියෙන්නේ ඔය කියන වචන 1008 පාරක්, 108 පාරක් කියවලා එකම දේ කියවලා ගබඩා වෙන වචන වල ශක්ටියලුනේ..

එහෙම එකම දේ කියවන කොට ඒ  දේවල් වෙන්න තියන ඉඩ කඩ වැඩිලු.. විශ්වාස කරනවද ඔයාලත් ඒක...

ඉතින් මට පොඩි දෙයක් හිතුනා.. කැමති කෙනෙක් ඉන්නවා නම් කරලා බලන්න.. තමන් ආදරේ කරන කෙල්ල තමන්ට තාම ආදරේ නැත්නම් ඒක 1008 10008 විතර කියන්න
" මම ඔයාට ගොඩාක් ආදරෙයි  ....... ඔයාත් මට ආදරේ කරනවා...."

ඕක නිතරම කියනකොට ඒවගේ වචන වල බලෙන් ඔයාලා කැමති දේ වෙන්නත් පුලුවන්නේ..

මට නිකමට හිතුන දෙයක්.. නිසායි මම මේක ලිව්වේ..

ගොඩාක් ගෙවල් වල ඔහොම ලියලා තියනවා මම දකින නිසා..

ඇත්තටම මේවගේ අර්ථයක් යහපතක් තියනවාද?

ඔන්න ඉතින් ඔයාලත් කියන්නකෝ එහෙමනම් දේව් ගේ අඩවියට තෙරුවන් සරණයි...

ඇත්තටම ඔයාලා ඒවා විශ්වාස කරනවද?

79 comments:

  1. දේවාගේ අඩවියට තෙරුවන් සරණයි දේවාගේ අඩවියට තෙරුවන් සරණයි දේවාගේ අඩවියට තෙරුවන් සරණයි දේවාගේ අඩවියට තෙරුවන් සරණයි දේවාගේ අඩවියට තෙරුවන් සරණයි /////

    ReplyDelete
    Replies
    1. කනි මල්ලි ඔන්න 5පාරක් විතර කියලා.. තව 103ක් කියයිද මන්දා............. හිකිස්

      Delete
    2. අඩේ යම්මා මම නේද එක දැන්නේ දැක්කේ :D

      Delete
    3. කනියෝ දාපන් for loop එකක් මේ වගේ
      for (int i =0;i <=108;i ++)
      {
      දේවාගේ අඩවියට තෙරුවන් සරණයි
      }

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඇ බන් ගලේ මොකක්ද මේ කතාවේ තේරුම............. මොකේටද දැන් මේ ලුප් එක දාන්නේ

      Delete
    6. දැන් අය්යමනේ කිව්වේ කණිය කියල තියන්නේ 5 පාරයි කියල,එකයි ඔහොම එකක් දැම්මේ :D

      Delete
    7. හික්ස්ස් අන්න වැඩේ ගලේ කරනවනම්...

      Delete
    8. ගලේ , කනියා : ඇ බන් ඔය මතුරන ගුරාලත් ඔය ලුප් දාගෙනද දන්නේ නැ නේද දැන් ඔය වැඩ කරන්නේ.............

      Delete
    9. ඔය ලූප් එක 109 වාරයක් යනවනෙ බොලේ...5 පාරක් කියල තියෙන්නෙ තව 103 පාරකට දැම්මොත් ඇතිවෙයි :D

      Delete
    10. සිරාවටම ඇත්තනේ දොඩන් = ලකුණ මැකුවනම් ගොඩ

      -ගලේ-

      Delete
    11. හරි එහෙමනම් කට්ටියමා එකතු වෙලා හොද විදිහකට කලා නම් හරි....

      Delete
    12. = ලකුණ මැකුවහම හරි යයිද?

      -සෙට් එක-

      Delete
    13. දේවා,
      මම දන්න නිසා කියන්නෙ . . . ලූප් එක දානවනං පලවෙනි බබා ලැබුනට පස්සෙ දාපං . . .

      Delete
    14. අඩේ අප්පා... දැන් නම් මේ ලුප් කතාව ගැන පර්යේශනයක්ම කරන්න වෙනවා........... හිකිස්

      Delete
  2. මම නං ඕවා විස්වාස කරන්නේ නෑ....නොකරන්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. ඒත් මේ දේවල් ගොඩාක් තැන් වල වෙනවානේ....

      Delete
  3. මධුෂාණි වෙනුවෙන් කරන සත් ක්‍රියාවට මගේ ආචාරය, බය නැතුව ඉන්න ඉතිරි මුදලත් අනිවා ලැබෙයි .....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අයියේ.. ඒ මුදලත් හොයාගන්න පුලුවන් වෙයි කියලා මට ගොඩාක් ලොකු විශ්වාසයක් තියනවා... සතු‍ටුයි ඒ ගැන නම් ගොඩාක්

      Delete
    2. තව විසිදාහයි මල්ලි . . . .

      Delete
    3. ඔව් අයියේ... තව ඒ වගේ ඉලක්කයක් තමා අපිට තියෙන්නේ.. ඔයාලට ගොඩාක් පින් අයියේ මේ වෙනුවෙන් කරපු උදව් වලට ඔයාලා නොහිටින්න මේක කරගන්න ගොඩාක් අමරු වෙන්න තිබුනා

      Delete
  4. විශ්වාස කරන එකා කොයි රටේ හිටියත් කොතරම් උගත් උනත් විශ්වාස කරනවා.. බුද්ධිමත් උන් ඕවා විශ්වාස කරන්නේ නෑ.. හෙන ගහපන් කිව්වට. ඒවා ගහන්නෙත් අහිංසක ඒවුන්ට...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මාතලන් අයියා ඉන්නේ මේ කියන බුද්ධිමත් කියන ගොඩේ කියන එකේ නේද?

      Delete
  5. දේව්ගේ අඩවියට අබ සරණයි ! අහ් !!! වැරදුනා ! බුදු සරණයි !!!

    මලයා කියන කථාවේ ඇත්තකුත් නැතුවා නෙවේ. ඒත් ඉතින් මම හිතන්නේ ඔය වගේ දේක දී දෙපැත්තේම ශක්තිය positive වෙන්න ඕනේ. තමන්ට කැමති නැති කෙල්ලෙක් ගැන ලක්ෂ වාරයක් මැතිරුවත් ඒ කෙල්ල කැමති වෙන්නෑ !!!

    මන්ත්‍ර හා පිරිත් වලත් තියෙන්නේ ඔය වගේ මොකක් නමුත් ශක්තියක් තමා...!

    ReplyDelete
    Replies
    1. සිරාවටම එහෙම කැමති වෙන එකක් නැද්ද අයියා... මට නම් වැඩක් නැ ඉතින් කොහොමත් ඒක........ අබ සරනයි.......... හිකිස්...

      Delete
  6. එහෙම ලොකූ විස්වාසයක් ඇතිවෙන්න දෙයක්නම් තාම වෙලා නෑ..ඒත ඔවයෙත් යම් ඇත්තක් ඇති කියලනම් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පුන්චිම හරි බලයකුත් ඇති නේද මල්ලි.............

      Delete
  7. හ්ම්.... අනේ මන්දා මලේ. ඒත් ඔය ඇස් වහ කට වහ කියන්නෙ චිත්ත බලය කියලා කියනවානෙ.මට අපේ සර් කෙනෙක් කිව්වා වයසට යන්න යන්අ ඇස්,කන් දුර්වල වෙන නිසා ඒ බලය මනස ශක්තිමත් කරන නිසාලු වයසක අයගෙ ඇස් වහ කට වහ වැඩි.

    ඒත් වචන වල ශක්තිය තියෙන බව මව් විශ්වාස කරනවා.ඒ නිසානෙ අපි පිරිත් කියන්නෙත්

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නම් මම ඇහුවාමයි අක්කෝ... ඇත්තටම ඒ කතාවේ ඇත්තක් ඇති කියලා හිතෙනවා...

      ඇත්තටම පිරිත් වලත් බලයක් තියනවා කියලා මමත් විශ්වාස කරනවා

      Delete
  8. මම ඔය ගැන හරියටම දන්නේ නැහැ මල්ලී , ඒත් පිරිතේ , ඒ වගේම එහි ශබ්දයේ , රිද්මයේ , යම් වැදගත් බලපෑමක් වන බව කිවයුතු මයි , ඒ අපේ සිතට සහ අපේ චිත්තවේගය යන්ට emotionally ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හැකියාවක් තිබෙන බව අද හදුනාගෙන තිබෙනවා , අද ඒ වෙනුවෙන්ම වූ විද්‍යාත්මක විෂයක් පශ්චාත් උපාධිය දක්වාම තියෙනවා ..(http://www.collegeofsoundhealing.co.uk ) ...ඔන්න ඕකයි මං දන්න කතාව ...

    කෙසේ වෙතත් මධුෂාණී වෙනුවෙන් ඔබ දැක්වූ දායකත්ව ඉහළින් අගය කරන්නට ඕන , ඔබත් මැදිහත් වීමත් සමඟ ඔබේ මිතුරු කැළගේ සහයෝගයත් එක්ක කළ ප්‍රචාරණයේ ප්‍රතිපලයක් විදියට අද වන විට 90,000කට වැඩිය ලැබල තිබෙන බව ආරංචියි , දැන් ඒ මධුෂාණි සතුටින් ..ඔයාලගේ උදව්වෙන් ඇයත් හෙට ඔබ සැම වගේම සොඳුරු යෞව්වනයේ සතුට විඳීවි ..බොහොම පිං ඔබටත් එක්වූ සැමටත් ...

    ReplyDelete
    Replies
    1. මේ ගැන නොදන්න පැත්තක් ගැන දැනුවත් කලාට ගොඩාක් තුති..

      ඇත්තටම මදුෂානි නංගා හිනාවෙන දිනය වැඩි ඇතක නොවෙයි කියලා මටත් හිතෙනවා,, හිතට ඒ ගැන දැනෙන සතුට ඇත්තටම වචනයෙන් කියන්න මට බැ අයියේ.. ඒ තරම් ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා

      Delete
  9. ඇත්තම කියනවනම් ඔය දේවල් ගැන වැඩි විස්වාසයක් නෑ.. ඒත් දේවාගේ බ්ලොග් එකට තෙරුවන් සරණයි කියල කියන්නම්..

    ReplyDelete
    Replies
    1. අයියා මේ ගැන නොපිලිගන්නේ නම් මේ දේවල් එක්ක ගැටිමක් ඇති නොවන පැත්තක ඉන්න නිසා වෙන්න නිසා වෙන්න ඇති

      ස්තුතියි අයියා

      Delete
  10. ඇත්තටම මමනම් විශ්වාස කරනව...
    උදාහරණයක් විදියට ගත්තොත් සෙත්කවි හා වස්කවි...
    කටින් පිටවෙන ශබ්ධවල බලය ඇත්තටම අත්විඳල තියෙන නිසා මම පිළිගන්නව....

    ReplyDelete
    Replies
    1. ඒ කිවේ කවුරු හරි වස් කවියක් වත් කිවාද?
      පුන්චි හරි නම් බලයක් තියනවාමයි කියලා මමත් හිතනවා

      Delete
    2. හයියෝ නෑ....මාව දන්න කියන කෙනෙක්නම් තාම මට වස්කවි කියන්න ඇවිත් නෑ...මොකද ප්‍රතිඵලය අනිතිම භයානකයිනේ.....:)

      මං ඇත්තටම එහෙම සිද්ධි දැකල තියෙනව....

      Delete
    3. ඒක මිසක්.... ඒත් ඉතින් දැන් නම් ඔහොම දේවල් කරනවා අඩුයි නේද? කාට හරි මොනව හරි කරන්න ඕන උනොත් කෙලින්ම වෙඩි තියලා හරි කපලා කොටලා දාන සමාජයක්නේ මේක...

      දැකලා තියනවා කිවේ.........

      Delete
    4. මන්තරවල සහ වස්කවි වල...බලය ඇස් පනාපිටම දැකල තියෙනව....
      එක සැරයක් මනුස්සයෙක් ලේවමනෙ බිම වැටුන හැටි ඇස්දෙකට දැක්ක.

      Delete
    5. ඒ කිවේ කාට හරි මන්තරයක් හරි වස් කවි කියලා මෙහෙම දෙයක් උනා කියලද යාලු කිවේ.. අනේ මන්දා එහෙම දේවල් වෙන්නේ නැ කියලා පැත්තකට දාන්නත් බැ...

      Delete
  11. ඕවා විශ්වාස කරන්නෙ ආත්ම ශක්තියක් නැති අය තමයි...ඒ ගොල්ලො වැරදුනහම තමන්ගෙ වැරැද්ද වහ ගන්න ඒක ග්‍රහයන්ට, තෙරුවන්ට, බුදුන්ට පවරලා අපේ වැරැද්දක් නෑ කියලා තමන්වම රවට්ටා ගන්නවා.ලෝකයාව රවට්ටන්නත් දඟලනවා.. හැම දෙයකම පාලනය තියෙන්නෙ තමන්ගෙ හිතේ කියලා තේරුම් ගන්න අය ඉන්නෙ ටික දෙනයි වගේම ටික කාලයයි... මධුශානිට උදව් කරන වැඩේ නම් සුපිරි.. අපිත් ඉතින් පුළු පුළුවන් විදියට ඕන්න උදව් කලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තම හිතේ බලයක් වගේම ශබ් දයේ බලයකුත් තියනවා කියලා මම විශ්වාස කරනවා අයියේ.. මොකද එහෙම අත්දැකිම් මට තියනවා...

      ඇයි හැම අලුත් ගොඩනැගිල්ලක් හදනකොට ඔහොම බොඩ් වගේම එක එක රුප හදලා තියන්නේ කියලායි මට තියන ප්‍රශ්නේ

      ගොඩාක් පින්ම් අය්යේ

      Delete
  12. එහෙම බලයක් මැතිරීමෙ තියනව. ඔයාට කියන්න මගෙ සීය මට කියලදුන්න අලි පන්නන මන්තරයක්. කැලේ යද්දි අලිය ඉස්සරහට ආවොත් කරන්න තියෙන්නෙ ඒ මන්රේ දකුනු අල්ලට 108 වතාවක් මතුරල අල්ල අලියගෙ නලලෙං තියන එක . . . අලිය දුවනව පන කඩාගෙන . . .

    ප.ලි.
    දේවා ගේ අඩවියට අබ සරනයි . . .!!!

    ReplyDelete
    Replies
    1. අනේ අයියා දැන් ඉතින් ඔය මන්තරයට තියෙන්නේ එක අකුරද? එක අකුර උනත් ඕක 108 පරක් කියනකොට යන්න තියන වෙන්න තියන ඔක්කොම වෙලා ඉවරයිනේ....
      මේ දේ ඇත්තටම උනාද බලන්න ඉතින් ඔයා ඕක කරලා බලලා තියනවද?

      ඔන්න ඔහොම උනොත් වෙන දෙයක් කරනවා මිසක් ඕක නම් කරනවා නෙමේ

      Delete
    2. ඕකනෙ කියන්නෙ . . . අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමඋන මේ වගේ වටිනා දේවල් උඹලත් එක්ක බෙදාගන්න හදන අපිට තලන්න ඕනෙ හංදියෙ හිටෝල . . හරකගෙ අහවල් එකෙං

      Delete
    3. පාරම්පරිකයි කියලා නිකන් මැරුම් කන්න ඕනද අය්යා... හන්දියේ තියලා තැලුවත් කමක් නැ ඔන්න මේවා එහෙම කරන්න යනවා නෙමේ

      Delete
  13. මම ඔයාට ආදරෙයි..මම ඔයාට ආදරෙයි..මම ඔයාට ආදරෙයි..මම ඔයාට ආදරෙයි.......
    දේව් ඔයා බය උනාද?? මම මේ කියන්නෙ නාමල් රාජපක්ශට..!!

    ReplyDelete
    Replies
    1. අපරාදේ මම හිතුවේ මට කිවා කියලා..... ශික් දුකේ බැ අනේඅ...

      ආදරෙයි කියනකොට බය වෙන අයත් ඉන්නවද?...........

      Delete
  14. හලේ.. අර මම ඔයාට ආදරෙයි එක නම් try කරලා බලන්න වටිනවා.. හී හී.. එහෙම වෙනවා නම් 10000000 සරයක් වුනත් කියන්න බැරිය අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. නංගෝ එකයි බින්දු අටයි කියන්නේ ජිවිත කාලේ පුරාවටම ඒක කිය කියා ඉන්න වෙයි... ඊට වඩා දෙයක් නැති වෙයිද කරන්න.......

      Delete
  15. අමුම අමු බයිලා
    මට නම් ඕවා මල විකාර

    1 "මට වෙරි වේවා" කියලා මන් උදේ ඉඳන් හවස් වෙනකම් කිව්වත් මට වෙරි වෙනෙන නැහැ

    2 "මාව විභාගේ පාස් වේවා" කියලා ලක්ෂ වාරයක් කිව්වත් එහෙම වෙන්නේ නැහැ

    3 ලංකාවේ ඉන්න මුලු ජනගහනෙන් බාගයක් විතර මේ දවස් වල හෙන ගහපන් කියන කාටවත් කවදාවත් හෙනගහන්නේ නැහැ ඒ යන යන තැන අකුනු සන්නයක හයි කරන නිසා නෙමෙයි එහෙම වෙන්නේ නැති නිසා.

    4 උඹේ බ්ලොග් එකට කෙලවෙයන් කියලා මන් සතියක් මැතිරුවත් ඒක වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. පිළිගත හැකි තර්කයක්.

      Delete
    2. හික්ස්ස් අම්මපා අමූලික ඇත්ත

      Delete
    3. අෆ්ෆා.. අයියා හිතලා තියන දේවල්..

      1. එහෙම කියලා වෙරි උනොත් අඩියෙන් අඩිය තියන බාර් වලට මොකද වෙන්නේ.. මම හිතන්නේ අයියා හිතන ගානට වඩා වැඩියෙන් ඔය බාර් කාරයා හිතනවා ඇති අදනම් මුට මගෙන් නොබි වෙරි නොවේවා කියලා..

      2. පාඩම් කරන ලමයි එහෙම හිතනවාද?

      3. වෙලාවට කවුරුවත් එහෙම හිතන එකක් නැ අෆ්ෆා..

      4. අෆ්ෆා... අනේ එහෙම දෙයක් උනත් ඉතින් මේකේ ගන්න දෙයකුත් නැනේ....

      (මෙහෙම කිවාට අයියා ඇත්තටම මේ දේවල් නම් ඇත්ත තමා)

      Delete
  16. ආහ්............. නංගෝ එකයි බිංදු අටයි කියන්නේ පොඩි ඉලක්කමක් එහෙම නෙමේ ජිවිත කාලේම කියව කියව තමා ඉන්න වෙන්නේ................

    ReplyDelete
  17. ලංකාවෙ මිනිස්සු බොහෝ දෙනෙකුට අනුන්ගේ දියුණුව දරාගන්න බැරිකමක් තියෙන බව නම් අත්දැකීමෙන් දන්නවා. අබ බිස්නස් කරලා විතරක් දියුණුවෙන්න පුලුවන් ලංකාවෙ මිනිස්සු හූනියම් කරන විදියට!!! (:D)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අබ බිස්නස් එක කලොත් ඇත්තටම ගොඩ යන්න පුලුවන් තමා අයියා.... ඒ වගේමයි දේවාලයක් ලග පොල්.

      Delete
  18. ඔය කටවහ කියන්නෙත් ඕකටනේ මං නම් ඕවා වැඩිය විශ්වාස කරන්නේ නැහැ ඒත් විශ්වාස නොකරත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ හින්දා නේද ඔය පබයෝ එහෙම හදලා තියන්නේ... අනේ මන්දා ලංකාවේ විතරයි ඔය ඔක්කොම.....

      Delete
  19. අනේ බං මෝං වැඩනේ.. තමංගෙත් රටේ ලෝකෙ දියුණුවට වැඩ කරන්නෙ නැතුව මතුර මතුර ඉඳල හරියනවද. මම කිසි දවසක කිසිම වැඩකදී ඔයවගේ ඒවා අනවශ්‍ය විදියට පාවිච්චි කරලා නෑ. විභාග වලට ඉන්ටර්විව් වලට යනකොට රාහු කාල අනං මනං බලලා නෑ. මට කිසි ප්‍රශ්ණයක් වෙලත් නෑ.
    ඕවා කරන්නේ සිත දුර්වල මිනිස්සු තමයි.

    ReplyDelete
    Replies
    1. මතුර මතුර ඉදලනං වැඩක් නැ අයියා.. එත් බලන්නකෝ පත්තරයක් ගත්තාත් ඒකේ පි‍ටු 10කින් 6ක විතරම ඔහොම කතාමනේ..

      ලංකාවේ මිනිස්සු ඒ තරම් මෝඩ ද?

      Delete
    2. හිහී... මල්ලී.. ඒක ඉතිං තම තම නැණ පමණික් දැනගතයුතු.

      නෙත් එෆ්එම් එකේ මහා යන්තර රාජයා ඉල්ලගෙන කෝල් කරපු ලංකාවෙ මිනිස්සු ගැන අහන්න ඇතිනේ.

      Delete
    3. හිකිස්...........
      සමහර දේවල් ගැන ලංකාවේ සමහර මිනිස්සු ඇත්තටම තාමත් 18,19 වගේ සියවස් වල ජිවත් වෙන්නේ

      Delete
  20. කියන්ඩ ඕන් නෑ..මරණෙ කියල තියෙන්නෙ හරියටම...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔබා මමා මම දාපු උත්තරේ කියවලා නැ වගේ නේද?

      Delete
  21. ඕක ඇත්ත... හැබැයි ඔය කෙල්ලෙක් ගැන එහෙම හිතන් කිව්වට වැඩ කරන එකක් නැහැ.. කෙල්ලන්ට මන්තර අහන්නෑ...

    තමන්ට වෛරකරන කෙනෙක්ට හරි තමන් වෛර කරන කෙනෙක්ට හරි නිකන් ඔයවගේ යහපත් දෙයක් කාලයක් හිතෙන් කියලා බලන්ඩ.. මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. මේ කිවේ අත්දැකිමෙන්ද යාලු...

      යහපත් දෙයක් කාලයක් හිතුවොත් නම් ඇත්තටම ගොඩාක් හොද දෙයක් වේවි මට හිතෙනවා එහෙම

      Delete
  22. හෙහ්...හෙහ්...ඊයේ රෑ නිදා ගන්න ඔන්න මෙන්න තියල පොස්ට් එක කියෙව්වෙ. දැනුයි දැක්කෙ උතතරේ....

    ReplyDelete
    Replies
    1. මොකද ඔබා මාමා හිතන්නේ....

      බාර් කරයාගේ සිතිවිල්ල ප්‍රභල වෙන්න බැරිද?

      Delete
  23. දේව් ගේ අඩවියට අහපතක් ම වේ වා

    ReplyDelete
    Replies
    1. කමක් නැ බන්.... මම උබට අයහපත පතන්නේ නැ.. හිකිස්... යහපතක්ම වේවා...

      Delete
  24. Mema aththada boruda?kiyala hithala karadara wenna epa..onama ugayaka samajayak thula mewani wishwasa athiwenawa pawatinawa..samharu piligannawa,samaharu na..oka thama aththa..ekata kauruth waradi na.thatz the nature

    ReplyDelete
  25. මරේගේ කතාවට සම්පූර්ණයෙන්ම එකගයි! මේවා තනිකරම මිනිස්සුන්ගේ හිත්වල තියෙන විකාර විතරයි. ඕවා ඔහොම කරන්න පුළුවන්නම් අපිට තියෙන කරදර වලට ඕවම කර කර විසඳුම් හොයන්න බැරියැ. මට කෙල්ලක් එක්ක යාළු වෙන්න ඕන්නම් වශී ගුරුකමක් කළාම හරි?, පොහොසත් වෙන්නනම් අර ෆෙන්ෂුයිද මොකක්ද එක කළාම හරි? මොන පිස්සු විකාරද!

    අපේ රටේ මිනිස්සු මිත්‍යාවට වන්දනාමාන කරන කාලෙක ඉතිං මේ දේවල් ගැන කණගාටු වෙන එකේ තේරුමකුත් නෑ!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි... ඒත් දැන් යන විදිහට ඒවා වෙනස් වෙයි කියලාත් ඉතින් හිතන්නට අමාරුයි....

      මොනවා උනත් මේ අන්ධ විශ්වාශ නිසා අමුතුම ලොකයක් වෙලා

      Delete
  26. දේවා අයියාගේ අඩවියට තෙරුවන් සරණයි...!!!

    ReplyDelete
  27. ඔයත් කැමති කෙනෙක් හිතාගන ඔය මන්තරේ මතුරලා බලන්ටකෝ හරි යයිද කියලා....:D

    ReplyDelete
    Replies
    1. එහෙම කලොත් ඔයාට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ පොඩ්ඩියේ..........

      Delete
  28. කෙල්ලෙක් සෙට් වුනාම කියන්නම් දේවා අයියා.....:)))

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....