ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

21 October, 2012

ජිවිතේ කියන්නේ පිස්සුවක් විතරමද?

මුලින්ම කියන්න ඕනා මට මහන වෙන්න තරම් ජිවිතේ ගැන එහෙම දෙයක් හිතිලා නම් නෙමේ.... මහන වෙලා ඉන්න අයත් සිවුරු හැරලා යන මේ කාලේ. ( පන්සලේ හිටපු පොඩි සාදු )
මට එහෙම දෙයක් හිටිලා කියන එක නම් කොහොමත් වැරදියි...

සමහර දේවල් ගැන කල කිරීමක් තිබුනත් ජිවිතේ ගොඩාක් දේවල් විදිමින් මම ජිවත් වෙන නිසා එත් ඇත්තටම බැලුවොත් මේ ජිවිතේ මොනවගේ දෙයක්ද කියලා හිතන්න ගියොත් පිස්සු හැදෙනවා.....

පොඩි කාලේ දන්නා කියන දා ඉදලා බලාගෙන ඉන්නේ කවදද ඉගන ගන්න පාසලකට යන්නේ කියලා.... බලාගෙන ඉදලා ඉදලා ගියාට පස්සේ කවදද අපි ලොකු මිනිහෙක් වෙන්නේ අපිට ඕන දෙයක් කරන්න නිදහසේ  ඉන්න ලැබෙන්නේ කියලා බල බලා ඒ පාසල් කාලෙන් එහා ගෙවන්න තියන ජිවිතේ ගැන හිතනවා....

එත් එක ලැබුනට පස්සේ කියනවා වැඩියෙන්ම සුන්දර පාසල් කාලේ තමයි කියලා.....

ඔය මොනකාලේ ගෙව්වත් අන්තිමේ කවදා කොහොම හරි මේ ලෝකෙන් යන්නම යන්න වෙනවා... ඒ කියන්නේ මැරෙනවානේ.....

අපි මේ හැම දේම කරන්නේ මැරෙනකන් විතරනේ... ලක්ෂ ගණන් වියදම් කරලා ඉගන ගන්නවා රස්සා කරනවා ආදරේ කරනවා එකී නොකී මෙකි හැමදේමත් කරනවා  මැරෙන දවස එනකන් අපි ජිවත් වෙන්නත් ඕනනේ.

මේ අපි ඩ්‍රාමා එකක් රගපානවා නෙමේනේ.... මැරෙනවා කියන්නේ එක ඩ්‍රාමා එකක් ඉවර වෙනවා වගේ වැඩකුත් නෙමේනේ...

ඩ්‍රාමා එකක් නම් ඉවර උනහම වෙන එකක් වත් බලන්න පුළුවන්..... එත් මේ අපෙ ජිවිත මැරුණට පස්සේ මොනවා වෙයිද කියලා කාටද කියන්න පුළුවන්... අපි නිවන් දකින්න තරම් පින් කරලා නැත්නම් මොනවා හරි ආත්මයක් ලබලා ආයේ ඉවදෙවී... ආයෙත් ඔය චක්‍රයම යාවි..

ඔහොම ගෙවිලා ගෙවිලා ආයේ ඉපදෙන්නේ නැති දවසකුත් එනවනේ එදාට....

අනේ මට ඕවාහිතන්න ගියොත් පිස්සු හැදෙනවා....

ජිවිතේ ප්‍රශ්නාක් ආවහම මැරිලා උත්තර හොයන අයට වඩා මොන තරම් දුකක් විදගෙන හරිජිවත් වෙන්න පුලුවන්නම් එක තමා ගොඩාක් වටින්නේ...

ඉන්න ටික කාලේ (මේ අපේ අන්තිම ආත්මෙද දන්නෙත් නැනේ ) සතුටින් ඉන්න කරන්න පුළුවන් තරම් දේවල් කරන එක තමා මගේ නම් ආසාව...

හිතන්න ගියහමහිතෙන විකාරයක් උනාට මේක අපේ ජිවිත වල ඇත්ත.... කිසිම තේරුමක් නැති වැඩ තමා අපි මේ කරන්නේ....

බලය , මුදල් ,වගකීම්, ඔය මොනදේත් ඉන්න ටික කාලේ විතරයි, අයේ ඉපදුනොත් ඔය ඔක්කොම ආයේ හොයන්න ඕනා,..

ඊලග ආත්මේ ලැබෙන්නනම් මේ ආත්මේ පින් කරන්න ඔනලුනේ.....  මට නම් හිතෙන විදිහට (ඔයාලට හිතෙන විදිහ වෙනස් ඇති ) ඉන්න ටික කාලෙත් ජිවිතේ විදින්නේ නැතුව ඊලග ආත්මේ වෙනුවෙන් විතරක් වැඩ කරනවානම් එයාට ඊලග ආත්මයක් ලැබුනත් වැඩක් වෙන එකක් නැනේ,,

සතුටින් ඉමු අපි ඉන්නා ටික කාලේ... අපි ඔක්කොම මැරෙනා මිනිසුන්

15 comments:

  1. ම‍ගේ සිතිවිලිත් ඔ‍හොමමයි
    ජීවි‍තේ මහ පුදුමයි බලා‍පො‍රොත්තු ‍ගොඩක්.....
    ඒව වලට ඕන විදිහට අපි හැසි‍රෙනවා
    අපි අ‍පේ අ‍පේක්ෂා හසුරුවනවා

    ReplyDelete
  2. මම නම් හිතන්නේ ජීවිතේ එක්තරා රඟපෑමක් කියලා. පොඩ්ඩක් හිතලා බලන්ට. :D

    ReplyDelete
  3. අතීතය ගැන හිත හිත දුක් වෙන්නවත් අනාගතේ ගැන හුගාක් හීන හදාගෙන ඒ වෙනුවෙන් දුක් විදින්නේ වත් නැතුව අද දවස සන්තෝසෙන් ඉන්න ඔනේ කියලයි මම නම් කියන්නේ . අද දුක් විදල හෙට සන්තෝස වෙනව කියන අයට අමතක වෙන දෙයක් තමයි අද හවසට උනත් අපි මැරෙන්න පුළුවන් කියන එක . ඒ නිසා මනෝ පාරවල් නැතුව මේ මොහොතේ ජීවත්වෙන්න පුළුවන් කෙ‍නාට මෙනව නැතත් මොනව තිබුනත් යන වෙලාවට සතුටින් යන්න පුළුවන්

    ReplyDelete
  4. ජිව්තේ ගැනනනම් ඕනෙවට වඩා හිතන්න ගියොත් පිස්සු හැදෙනවා . ඒ නිසා ඒ මොහොතේ කරන්න තියන නිවැරදි දේ කරල සතුටින් ඉන්න තමා තියෙන්නෙ මල්ලී .

    ReplyDelete
  5. වැඩිය හිතන්න ගියොත් ගිම්හානි කිව්ව වගේ පිස්සු හැදේවි. පින් කරලා ලබන ආත්මෙ කොහේ හරි ඉපදෙන්නෙ නැතෑ කියලා ඉන්නයි තියෙන්නෙ මල්ලි...

    ReplyDelete
  6. හ්ම්ම්..ඉන්න කාලෙ හොඳින් ඉමුකො..

    ReplyDelete
  7. පොඩ්ඩි කියන කතාව හරි !
    ජීවිතයේදි අපි අඩු වැඩි වශයෙන් එක එක චරිත රඟපානවා.

    ReplyDelete
  8. ඔය කථාවම බුදුන් වහන්සෙ දේශනා කලේ වසර 2600 කටත් කලින්... මායා රගමඩලේ රගන නලු නිළියන් නොවෙද අප?

    ඉපදීම දුකකි... සැබෑ නිවිම නම් නිවනයි... මැරුණු දවසට නිවන් සැප ලැබේවා ! කියලා තඩි අකුරින් බැනර් ගහලා නිවන් දකින්න බෑ... ඒ වෙනුවෙන් යමක් නොකොට...

    ReplyDelete
  9. ජීවිතය කියන්නෙ කෙටියෙන්ම .."බලාපොරොත්තුවක්"..!
    බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න. ඒව බිඳවැ‍ටුනම වෙනත් විදියට තවත් බලාපොරොත්තුවක් අපිට ලැබෙනව.
    නැත්නම් බලාපොරොත්තු ඉ‍ටු උනාම....ඒත් තවත් බලාපොරොත්තුවක් එනව.

    ReplyDelete
  10. පිස්සු නැත්තම් ජීවි‍තේ ආතල් එකක් නැහැ. බං !

    ReplyDelete
  11. ජීවිතේ ගැන තේරුම් ගන්න හදමින් ඉන්නේ..

    ReplyDelete
  12. ඇත්ත මොන ප්‍රශ්නේ ආවත් කේන්ති නොගෙන කලබල නොවී ජීවත් වෙනවා නම් හැම කෙනෙක්ගෙම ජීවිත සතුටෙන් අවසන් වෙයි.

    ReplyDelete
  13. මම නම් මේ ටිකේම උත්සහ කරන්නේ ඉගෙන ගන්න කාට හරි උදව් කරන්ඩ. මොකද මාත් අද මේ තැන ඉන්නේ ඉගෙන ගත්ත නිසා නෙව. අන්න ඒ තැනට එන්ඩ කෙනෙක්ට අත දෙන්ඩ තමයි මගේ ප්ලෑන !

    ReplyDelete
  14. අමූලික ඇත්ත බන් :)

    ReplyDelete
  15. මමනම් ආත්ම පිළිගන්නේ නෑ.
    නමුත්, ඉන්නා ටිකේ අනුන්ටත් කරදරයක් නොවී, සමාජයටත් බරක් නොවී ඉන්න ඉගෙන ගන්න ඕන.
    ලබන්නාවූ 2013 ඔබටත් සුභ නව වසරක් වේවා....!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....