ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 November, 2012

200ක් ඉවරයි..... තව ඉස්සරහට යනවද?

ගොඩක් වෙලා අරගෙන ගොඩක් දේවල් ගැනලියපු පොස්ට් එක පබ්ලිෂ් කරන්න යනකොටම ඩිලිට් වෙනකොට මොන තරම් ආතල්ද කියලා මේ දැන් අත්වින්ද නිසා ආයේ ඒ ගැන මතක් කරන්න නම් මම කැමති නැ...  200 වෙනි සටහන බ්ලොග් අවකාශයේ ඉතා ලොකු ඉලක්කමක් නොවුනත් මගේ බ්ලොග් ඉතිහාසයේ මට වැදගත් සටහනක්....

2010 මාර්තු මුල මගේ ෆේස්බුක් මිතුරියක් උණු ජිවිතේ මල් එහෙමත් නැත්නම් සංසාරේ අපි ලියන දිල් අක්කා නිසා බ්ලොග් අකුරු කරවපු මම තවත් බොහෝදෙනෙක්ගේ උදව් අවවාද උපදෙස් බැනුම් නරක කමෙන්ට් අතරේ පොස්ට් 200ක දුරක් ඇවිත් ඒ පිලිබදව මම ගොඩාක් සතුටු වෙනවා.... මේ පොස්ට් 200 පුරා මාත් එක්ක උන්නු හැම දෙනෙක්ටම මම ගොඩාක් ස්තුති වන්ත වෙන ගමන් පුලුවන්නම් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා...

කලින් පොස්ට් එක නැතිඋන නිසා මේ පොස්ට් එක නම් දිගින් වැඩි වෙන එකක් නැ

මේ පොස්ට් දෙසිය තුලදී... මාව ෆලෝ කරපු පිරිස 409ක් වන්නත් කමන්ට් 6285ක් වෙනත් මගේ පිටු පෙරලපු පිරිස දෙලක්ෂ හතලිස් දහස පසු  කරන්නත් උණු එක ගැන මට ඇතටම ලොකු සතුටක් තියනවා....

මේ පොස්ට් දෙසිය ඇතුලේ මම කරපු දායක වෙන්න ලැබුන හොදම ක්‍රියාව විදිහට අසනීප උණු මදුශානි නංගිව සුව කරගන්න මෙහෙයුම විදිහට මම දකිනවා....

ඒ හැමදෙයක් එක්කම ගොඩාක් හොදයාළුවො ගොඩක් මගේ ජීවිතේට බ්ලොග් එකතු කරලා දුන්නා...

ඉදිරියටත් ඒ හැමෝම එක්ක හොදින් ඉන්න හොද දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ගමන්ම මම 200 වෙනි පොස්ට් එක පුංචි සටහනකින් ඉවර කරනවා..... ---- 201 න මුණ ගැහෙමු....

--- උපුටනය - සයිබර් සැණකෙළි බ්ලොග් අඩවිය 2012 - 11 - 19 ----

පසුගිය වසර මුළුල්ලේ 
Raj, සඳකිඳුරා, යසන්ත, චතුමිතු, ගයාන්, දුෂ්, පොඩිමෑන්, බිම්සර, දේවා, ප්‍රාර්ථනා, හිමහංසි, ජනරඟ, මලිත්, උදිත්, ජිංජිබිරිස්, යැංකි, ප්‍රදීප් සහ දඟයා 
කියන සංවිධායක මණ්ඩලයේ සාමාජිකයින් දැක්වූ දායකත්වයත්, 2011 වසරේ සංවිධායක මණ්ඩලයෙන් ලැබුණු මගපෙන්වීම් හා බස්රේඩියෝ, සියළුම සින්ඩිකේටර්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදි ආයතන හා සංවිධාන දැක්වූ සහයෝගයත්, විශේෂයෙන්ම ලොව පුරා විවිධ ස්ථාන වල සිට විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සියළුම බ්ලොග්කරුවන්ගේ උනන්දුවත් නොවන්නට අපට මෙතෙක් ආ මග එන්නට නොහැකි වන්නට තිබුනා.

ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෞරවණිය ස්තුතිය පල කරන අතර මේ විවෘත කරන්නේ දයාබර ඔබගේ අවස්ථාවයි.

පසුගිය දෙවසර තුල ලැබූ අත්දැකීම් ඔස්සේ ඉදිරියට යමින් සිංහල බ්ලොග්කරුවන් අතර සහෝදරත්වය වර්ධනය කරන්නටත් ඉදිරි වසරේ නවමු වැඩසටහන් සංවිධානය කරමින් පවත්වන්නටත් ඔබට හැකිනම් අප සොයන්නේ ඔබයි.

සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙක්/ සාමාජිකාවක් ලෙස 2013 වර්ෂය පුරා බ්ලොග් අවකාශයේ මිතුරෝ මෙහෙයවන්නට, ඒ වෙනුවෙන් දායක වන්නට ඔබ කැමතිනම් නොවැම්බර් මස 30 වන දිනට පෙර මේ පෝරමය පුරවා ඔබේ කැමැත්ත පල කරන්න. මේ අවස්ථාව ඔබේ හෙට දවස වෙනස් කරන අවස්ථාවක් නොවේ යැයි කිවහැක්කේ කාටද?




----- උපුටන අවසන් ----

අද අවසන් දිනය කියලා තියන නිසා ඉක්මනින් ඔබේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් ලබා ගන්න්න

එහෙමනම් ආයේ හමු වෙමු 201

56 comments:

  1. 200ට සුබ පැතුම් !! ඉදිරියටම යන්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සෙන්නා.....

      Delete
  2. සුබ පැතුම් දේවා මල්ලී ....ඔව් ඔබේ සහයෝගය නිසාවෙන් අද ඇය සතුටින් ජීවත් වෙනවා ..එය සතුටක් !

    ReplyDelete
    Replies
    1. මගේ ජිවිතේ මම වඩාත් සතුටු වන දෙයක තමයි අයය්යා ඒ මොහොතට සම්බන්ද වීමට ලැබීම... ඒ සම්බන්දයෙන් අය්යාට මගේ ස්තුතිය...

      Delete
  3. මගෙනුත් ඕං 200ට සුභ පැතුම් 200 ඒවා 200ක් ලියන්න ආයුබෝ වේවා...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි යාලුවා. ජය වෙවා

      Delete
  4. සුභ පැතුම්...
    ඔයා ලියන්න. අපි පුළුවන් වෙලාවට ඇවිත් කියවන්නම්....

    ReplyDelete
    Replies
    1. පැමිනිම ගොඩාක් වටිනවා මට..

      Delete
  5. සුබ පැතුම් මලයෝ. තව තවත් පෝස්ට් ලියන්න මගෙන් ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා පතනව.

    ReplyDelete
    Replies
    1. අයියාගෙ නිතරම පැමිනිම ලොකු ශක්තියක් මට....

      Delete
  6. සුබ පැතුම් දෙව් !

    ReplyDelete
  7. 200 වෙනි පෝස්ටුවට මගෙනුත් සුබ පැතුම් !
    ජය !

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි. ජයෙන් ජයම වෙවා

      Delete
  8. mama blog loke kiyala ekak thiyenawa kiyala danagaththeth meka dekalane. :) onna magenuth subha pethum. jayen jaya !!

    ReplyDelete
    Replies
    1. එකත් ලොකු දෙයක්නෙ නෙද රෙප් සහො ජය වෙවා

      Delete
  9. සුභපැතුම්!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  10. මගෙනුත් උනුසුම් සුභ පැතුම් වසන්තයෙ පැතුම් මල් පිදින සුභම සුභ අනාවක් වෙවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි යලුවා ඔයාටත්.

      Delete
  11. 200ට සුභ පැතුම්! මට නම් 200 කියන්නෙ ලොකු ගාණක්. තව දුරටත් ලියාගෙන යමු.

    ReplyDelete
    Replies
    1. පුලුවන් තරම් කාලයක් අපි ලියමුකො. ජයම වෙවා

      Delete
  12. සුබ පැතුම් ඔබට...!!

    ReplyDelete
  13. සුබම සුබ පැතුම්...!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ගොඩාක් ස්තුත්යි.....

      Delete
  14. ඔන්න මගෙනුත් සුභ පැතුම්!!! ! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තැන්ක්ස් යාලුවා.....

      Delete
  15. සුභ පැතුම් මචන් මම බ්ලොකරණයට පිවිසෙන්න හිතුවෙත් උඹේ සහ තව කීප දෙනෙක්ගේ පෝස්ට් කියවලා.
    තවත් සාර්ථක වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අනේ.... මම එක දැනගෙන උන්නෙත් නැනේ... එල එල අනිවා බන් තැන්ක්ස්

      Delete
  16. උණු උණු සුභ පැතුම්.. මමත් බ්ලොගර් වලට අදමයි බැස්සෙ.. තාම මෙව්ව ගැන වැඩි අත්දැකීමක් නෑ..
    තව පෝස්ට් 2000000000000000000 ලියන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් අනිවා මේකේ ඉන්නකොට ලැබෙන නිසා දිගටම බ්ලොග් එක්ක ඉන්නකෝ.....
      ආත්ම 100000000000කින් වත් ඔය ගැන ලියලා ඉවර කරමු නේද කොහොමහරි....

      Delete
  17. 200ට සුභ පැතුම් දේවෝ....

    ReplyDelete
  18. niyamai kolla....
    digatama liyanna....
    liyana eka nawaththanna epa...
    mamath blog lokayata aluth kenek..
    mamath me paththe awath ada thamai mulinma comment ekak damme...
    jaya pathanawa yaluwa.....!

    http://katumatige.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පුළුවන් හැම වෙලාවටම ලියන්න තමයි ට්‍රයි කරන්නේ ඉතින්.... අලුත් කෙනෙක් කිවනේ ඔයත් දිගටම ලියන්නකෝ... ජය වේවා...

      Delete
  19. elaz yaluwa...
    patta blog ekak macha...
    digatama liyanna...
    mamath blog lokayata aluth kenek...
    mekata kalin avith thibbath comment ekak damme ada...
    jaya pathanawa oyata yaluwa....

    http://katumatige.blogspot.com/

    ReplyDelete
  20. හප්පේ... ඔයා නැත්තං අද ප්‍රදීප්ගේ පිටුවකුත් නෑ.... සුබ පැතුම් මල්ලි. දිගටම බ්ලොග් ලියන්න විතරක් නෙමෙයි. ජීවිතයේ දහසකුත් එකක් බලාපොරොත්තු ඉටු වෙන සාර්ථක ජීවිතයකට. ඔන්න ඔයාගේ පෝස්ට් එකක් කියවලා වගේම හොරකම් කරලා පටන්ගත්ත බ්ලොග් එකටත් දැන් අවුරුද්දක්. ජය...!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔහොම කියන්න එපා අය්යා.... අය්යා වැදගත් ලිපි ගොඩක් ලියනවනේ.... අවුරුද්දකුත් උනා කියලා දැක්කා.... එන්නත් බැරි උනානේ... මොනවා උනත් හැමදෙයකම සාර්ථක වෙන වසරකම වේවා අය්ය්යාගේත්,,,,

      Delete
  21. ජය වේවා.

    මට 200ට තව පෝස්ට් 2,3යි ඕනෙ මගෙ හිතේ.

    ලියපං දිගටම

    ReplyDelete
    Replies
    1. එල එල....... උබ පොස්ට් 200 තාම ලියලා ඉවර නැද්ද බන්.... මට වඩා ගොඩාක් ලියනවනේ වැදගත් දේවල් එලම තමා... ජයම වේවා

      Delete
  22. ඉස්සර වෙලාම සුබ පතනවා ! අර කලින්ම කියුවාවගේ සෑහෙන්න ලියලා ඩිලීට් බොත්තම එබුනම සෑහෙන්න පහු බැස්මක් එනවා තමයි ඒත් ඒ ලියපු ටික ආයෙම ලියන්න උත්සහා කරලා නැද්ද. එක පාරක් හරි උත්සහකරලා බලන්න කොච්චර සාර්තක නිර්මානයක් බිහිවෙනවද කියලා . අත්දැකීමන් ඔබ තරම් මා ලියා නැති වුවත්, මා අතින් ලියවුන සාර්තකයි කියලා මට හිතෙන හුඟක් ඒවා එහෙම ඩිලීට් වෙලා ආපහු ලියපු ඒවා
    …තව බොහෝ කල් ලියන්න ආයෙම සුබ පතනවා



    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. කියපු වචන ටිකට ගොඩක් පින්.. උත්සහ කරලා බලන්න ඕනා..... අත්තම්ගේ පෙට්ටගමේ හැම පොස්ට් එකක් වගේම ගොඩක් සාර්ථකයි මම හිතන විදිහට.... ජයෙන් ජයම වේවා...

      Delete
  23. පොස්ට් 200ක් කියන එක ලේසි පහසු කාර්යක් නෙවේ රැකියාවක් කරන කෙනෙකුට. 200 ට විශේෂ සුභ පැතුම් !!! බ්ලොග් කරුවෙක් සහ සහෝදර බැංකු කරුවෙක් වශයෙන්.

    ReplyDelete
    Replies
    1. සහෝදර බැංකු කරුවෙක් විදිහට ඇත්තටම මේ දිනවල රාජකාරි පරිසරය ගැන අත්දැකීමක් ඔබටත් ඇති නිසා පොස්ට් නොලියවිමට කරුණු පැහැදිලි කරන්න ඕනා කියලා නම් මම හිතන්නේ නැ..
      පුළුවන් හැම වෙලාවකම ලියන්න උත්සහ කරනවා.... ජය වේවා..

      Delete
  24. 200 සුභ පැතුම් 250 ඉක්මනින් හරවත් ඒවා ලියන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  25. 200ට සුභ පැතුම් දේවා... දිගටම ලියමු.. අපිත් ඉතින් මේ පැත්තේ ඇවිත් යන්න එනවනේ..

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....