ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

29 December, 2012

වසරක නිමාව..... සහ 2013.

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදා වෙනවා.... ගෙවන මේ 2012 අවුරුද්ද මගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබුන ගොඩක් දේවල් වෙනස් උන අවුරුද්ද්දක්, බ්ලොග් ලියන කියවන හැමෝටමත් එහෙම නේද?

අවුරුද්දේ අන්තිම පොස්ට් එක මේක වෙනවා වගේම ලබන අවුරුද්දේ ඉදන්ලොකු වෙනසක් නොවුනත් පුංචි වෙනස්කම් ටිකක් කරගෙන යන්න බලා පොරොත්තු වෙනවා....

පුංචි වැඩක් තියනවා..මගේ මල්ලි ඒ ලෙවල්වලට ක්ලාස් කරනවා.... තාමත් ඉතින් මටත් ඔය ඒ කාලේ කරපුවා වෙනස් වෙන හැටි සිලබස් බලනකොට පුංචි දෙයක් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න ඒ ලෙවල් වලට.....
එත් මට උද්දව්ව්ක් ඕනා සයන්ස් සබ්ජෙක්ට් ටික නම් අවුලක් වෙන එකක් නැ.. අනිත් සබ්ජෙක්ට් කොමස් වල වගේ දන්නා කියන අය පොඩ්ඩක් මාත් එක්ක එකතු වෙන්න කැමති නම් කියන්න... එහෙම එකතු උනොත් ඒ බ්ලොග් එක පටන් ගනිමු ලබන අවුරුද්දේ.. බ්ලොග් ගැන තියෙන විශේෂ බලාපොරොත්තුව එපමණයි....

තව වෙනස් කම් උනොත් ඒවා බ්ලොග් එකෙනම බලා ගන්න පුළුවන්නේ....

මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එකෙන් මාත් එක්ක උන්නු හැමදෙනේක්ටම ගොඩාක් ස්තුතියි කියලා කියන්න කැමතියි....

නම් වශයෙන් කියන්න ගියොත් කාව හරි මග ඇරුනා කියලා චොදනවා එල්ල වෙන්න පුළුවන් නිසා නම් වශයෙන් කියන්නේ නම් නැ.....


එහෙමනම් ගෙවුණු නත්තල වගේම උදාවෙන නව වසර හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන.... තනිකඩ අය ඩබල් වෙන... ඩබල් අය එක වහලක් යටට යන, එක වහලක් යට ඉන්න අය දෙන්නා තුන්දෙනා වෙන , එහෙම අය ඊට වඩා වෙන... අතමිට කාසි පනම් ගැවැසෙන... හිතත් ගත්ත සතුටින් පිරි නැහවෙන වාසනාවන්ත  සුභම සුභ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම හැම දෙනෙක්ටම මම පාර්ථනා කරනවා....

ප.ලි : ඉස්සර හොදට බ්ලොග් ලියපු, දැන්නොලියන, ඉස්සර හොදට කතා කරපු දැන් එහෙම නොකරන ඒ හැම දෙනාටම පරණ පුරුදු විදිහටම ඉන්න ලැබේවා කියලා විශේෂයෙන්ම පතනා....

ප.ප.ලි  ඔන්න ජනවාරි මාසේ අන්තිම ඉරිදා (27 ) බ්ලොග් ගේට් එකක් තියනවලු... කට්ටියම දිනේ වෙන් කරලා තියාගන්න හොදේ.....

කලින් පොස්ට් එක මිස් උනා නම් ... රියදුරු බලපත්  .. ලංකාවේ...
 

35 comments:

  1. //එහෙමනම් ගෙවුණු නත්තල වගේම උදාවෙන නව වසර හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන.... තනිකඩ අය ඩබල් වෙන... ඩබල් අය එක වහලක් යටට යන, එක වහලක් යට ඉන්න අය දෙන්නා තුන්දෙනා වෙන , එහෙම අය ඊට වඩා වෙන... අතමිට කාසි පනම් ගැවැසෙන... හිතත් ගත්ත සතුටින් පිරි නැහවෙන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම හැම දෙනෙක්ටම මම පාර්ථනා කරනවා....///

    ඔක්කොම කට්ටිය කවර් වෙන්න දාලා.. හි හි...

    සුබ අලුත් අවුරැද්දක් වේවා.. බ්ලොග් වැඩේ සාර්ථක වේවා....

    ReplyDelete
    Replies
    1. හිකිස් එහෙම නැතුව බැනේ.... නේද හිරු......

      සපෝට් එකක් දෙන්න බැරි වෙයිද? අර බ්ලොග් වැඩේට,.......

      Delete
  2. ඉස්සරම සුබ නව වසරක් වේවා කියනවා.
    දෙවනුවට අළුත් වැඩේ ගැන කාලීන විහිළුවක් මතක් වෙනවා “හැබැයි ප්‍රශ්ණපත්‍ර නම් උස්සන්න එපා....“
    අළුත් වැඩේටත් සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. මට පොස්ට් එක ලියනකොටම ලියන හිතුනා හෑබයි පේපර් නම් උස්සන්නේ නැ කියලා...... අවුරුදු 20ක් ෆීල්ඩ් එකේ ඉඩලානේ ඔය වැඩේ කරලා තියෙන්නේ.. ඒ නිසා ඒවා වෙන්නේ නැ දැන් නම්...

      ස්තුතියි...

      Delete
  3. එසේම වේවා මචෝ.

    \\එහෙම අය ඊට වඩා වෙන... අතමිට කාසි පනම් ගැවැසෙන...//
    එහෙම අය ඊටා වඩා වැඩි වුනොත් කොහොමද බන් අතමිටේ කාසි පනම් ගැවසෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මම එතන නම් කිවේ... ඒ හැමෝගෙම අත්වල කාසි පනම් ගැවසේවා කියලා.... කියන්න බැනේ නිශාන් මේක ලංකාවනේ....

      Delete
  4. ඔබේ උදාර වැඩේට අපට හැකි උදව්වක් දෙන්නම් මිත්‍රයා. ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. ඒ දේ වෙනුවෙන් කරන්න පුලුවන්නම් දෙයක් අගය කරනවා ගොඩාක් යාලු.... ජයෙන් ජයම වේවා...

      Delete
  5. ජයම වේවා..

    එතකොට මල්ලිත් බ්ලොගක් ලියනවා.. ක්ලාස් කරනවා...

    ප්‍රශ්න පත්තර පන්නනවා???

    ReplyDelete
    Replies
    1. ඔන්න සැමා ටපලන්,......

      මල්ලි නෙමේ බ්ලෝග ලියන්න යන්නේ මම... මල්ලිගේ සපෝට් එකෙන්...

      පේපර් පන්නනේ නම් නැ හොදේ.... ඒවා ආරක්ෂක ක්‍රම දාළලු දැන්...

      Delete
  6. සුබ අළුත් අවුරුද්දක් වේවා....! ජනවාරි 27 හම්බ වෙමු.... ජය...!

    ReplyDelete
    Replies
    1. එදාට කේක් අරගෙන එන්න වෙයි අයියන්ඩි.......

      Delete
  7. සුබ අළුත් අවුරුද්දක් වේවා !
    ඊලඟ අවුරුද්දෙම බලමු මොකද්ද වෙනස කියලා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉමුකො අයියන්ඩි.....

      Delete
  8. මුලින්ම මට සුභ නව වසරක් වේවා..
    ඊළඟට ඔබට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙමනම් මම අමුතුවෙන් සුබ පතන්නේ නැ ඔන්න.... යසිත්ම සුභ පතාගනනේ....

      Delete
  9. එල! හොඳ වැඩක් පටන් ගන්නනේ යන්නේ! මමත් පුළුවන් සහයෝගයක් දෙන්නම්!

    ReplyDelete
    Replies
    1. අනිවා උදව් ඕනා වෙනවා මචන්......

      Delete
  10. පටන් ගන්න හදන වැඩේ සාර්ථක වේවා..! උදා වෙන නව වසර ඔබටත් සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තැන්ක්ස්...... සුභ නව වසරක් ඔබටත්.......

      Delete
  11. වැඩේටයි...නව වසරටයි දෙකම සුභ වෙන්න කිවුවා එහෙනම්....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තැන්කු වෙන්න ඕනා දසුන්......

      Delete
  12. සුභ නව වසරක් දේවාටත්..

    2013ම මුණ ගැහෙමු අපිත්..

    ReplyDelete
    Replies
    1. 2013 මුණ ගැහෙන්න මමත් ආසාවෙන් ඉන්නවා..... සුභම සුභ මල් සපිරි නව වසරක් අයියන්ඩි....

      Delete
  13. //එහෙමනම් ගෙවුණු නත්තල වගේම උදාවෙන නව වසර හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන.... තනිකඩ අය ඩබල් වෙන... ඩබල් අය එක වහලක් යටට යන, එක වහලක් යට ඉන්න අය දෙන්නා තුන්දෙනා වෙන , එහෙම අය ඊට වඩා වෙන... අතමිට කාසි පනම් ගැවැසෙන... හිතත් ගත්ත සතුටින් පිරි නැහවෙන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම හැම දෙනෙක්ටම මම පාර්ථනා කරනවා....//

    මම දැක්ක ලස්සනම නව අවුරුදු ප්‍රාර්ථනාව...:)
    මේ උන්නාන්සේටත් බෙදන්ට කතාවත් මතක් උනා.:D

    ඔයාටත් එසේම වේවා දේවක...!!!

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්..... පොඩ්ඩි දැකපු කල්...... මම හිතුවා අපිත් එක්ක අමනාපයෙන් කියලා...

      තැන්ක්ස් හොදේ....

      මොකක්ද ඒ බෙදන කතාව....

      Delete
  14. දෙව් මල්ලිලා අපි එකම ගණයට වැටෙන අය. ඒ කියන්නේ බැංකු ජොබ් කරන ගමන් බ්ලොග් ලියන. එහෙව් එකේ මල්ලිගේ අනාගතය ඉතාමත් සුබ වෙන්න කියල ප්‍රාර්ථනා නොකර කොහොමද? ඔයාගේ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන දහතුනක් වේවා කියල පතනවා !!! ඒ වගේම මම දන්නා සබ්ජෙක්ට් එක IT වල සිලබස් එක ලබා දුන්නොත් දැනුම දෙන්න කැමැත්තත් පල කරනවා.

    ReplyDelete
  15. සයන්ස් ගැන හෙල්ප් එකක් ඔනේ නම් අමතන්න .........

    ReplyDelete
  16. හම්බෝ කොමස්, මට දිරවන්නේ නැතියෝ...දෙව්වටත් ලබන අවුරුද්ද පට්ට ආතල් එකේ ගෙවන්න පුළුවන් සුභම සුභ වසරක් වේවා

    ReplyDelete
  17. අන්න නියම වැඩක්..සමාජය හොඳපැත්තට ගන්න නම් ඒවත් කළ යුතුයි

    ReplyDelete
  18. ම්ම්ම්...කරන්න යන වැඩේ එල..
    පුළුවන් සහයෝගයක් දෙන්නම් මමත්..ජය වේවා !!

    ReplyDelete
  19. සුභ නව වසරක් වේවා ! සියලු පැතුමන් ඉටුවේවා !

    ReplyDelete
  20. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
  21. උදාවූ නව වසර සුභ නව වසරක් වේවා
    කෝරලේ වලව්ව

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....