ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

12 December, 2012

සියලුම බ්ලොග් කරුවන්,කාරියන් වෙත....

මිහිපිට ජිවත් වෙන හැමෝටම අද දිනය දාලා මොනවා හරි වැඩක් කරනවා නම් ඉතින් වැදගත් දවසක් තමයි... මොකද ඉතින් මේ මිහිපිටජිවත් වෙන කාටවත් තමන්ගේ මේ ආත්මෙදි ආයේ මෙහෙම දිනයක් දාලාමුකුත් කරගන්න ලැබෙන එකක් නැ..

මොකද අද 12 / 12 / 12 . ඊලග අවුරුද්දේ ඉදන් ඉතින් 13 , 14, 15 වගේ මාස අපේ දැන් භාවිතා වෙන දින දර්ශන වල මාස නැනේ... ඒ හින්දා අද අමුතු දවසක්...

ඇත්තටම බැලුවොත් ඉතින් මේකත් එක්තරා දවසක් විතරයි තමයි... එත් ආයේ 2101 - 01 - 01 වෙනිදාට තමයි  ලියන්න පුළුවන් වෙන්නේ 01 - 01 - 01 කියලා.... එත් ඉතින් තව අවුරුදු 88ක් 89ක් ජිවත් වෙන්න අපිට පුළුවන් වෙන එකක් නැනේ.....

මේ 12 -12 - 12 ගැන මොන තරම් කතා කීවද... මායාවරුන්ගේ දින දර්ශනය අනුව අදින් ඒ අයගේ කැලැන්ඩර් එක ඉවර වෙනවා.. ඒ කියන්නේ අද අපේ ජිවිත වල අවසන් දවසද?


 මේක ඉතින් 2009 ඉදන් කියන දෙයක්නේ බලලත් ඇති ඔන්න අද මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්ලු එහෙම උනොත් පරිස්සම් වෙන එක තමා හොදම දේ... පුලුවන්නම් කට්ටිය උදේම නැගිටලා තියන කළමනා ටික එකතු කරගෙන (අර දවසක් මාරයා දාලා තිබුණු කළමනා ටික ඇතිවෙයි මම හිතන්නේ ජිවත් වෙන්න )  වෙන ග්‍රහලෝකයක් බලා හරි ගමන් අරබන එක නුවනට හුරුයි කියලා තමා කියන්න තියෙන්නේ....

මරණේ වෙන හැටි සජීවීව බලාගන්න පින නැති උනොත් එහෙමඒ නිසා ඔය වීඩියෝ එක බැලුවත් කමක් නැ.. ඔහොමලුනේ වෙන්නේ......

 

 බ්ලොග් යාලුවනේ ඉතින් මේ ජිවිත කාලේ මගෙන් ලොකු ලොකු වැරදි අඩු පාඩු වෙන්න ඇති... ඉතින් මේ අන්තිම දවස් ටිකේ ඕවා හිත හිතා මැරෙන්න ඕනේ නැනේ.... ඔය ඉතින් හැමෝම කියන විදිහට (සමහරු කියනවා දෙසැම්බර් 21 කියලා සමහර ය කියනවා 12 කියලා ) ඔය කොයි දවස උනත් ඉතින් එහෙම බැරි වෙලාවත් පුරුවේ පිනකට මැරුනොත් (මගේ නෙමේ ඔහෙලගෙ ) ඊලග ආත්මෙත් අපි බ්ලොග් වලින්ම සෙට් වෙමු...

හොද හොද බ්ලොග් ගේට් තියමු.... අවුරුදු උත්සව වෙසක් කුඩු තරග 
(අන්තිම දවස  නිසා මේකත් කියලාම යන්නම්කො..... මේ අවුරුද්දේනොමරුනොත් මම කොහේ උන්නත් හිතාන උන්නේ සයිබරයෙන් හොදම වෙසක් නිර්මාණ තරගයක් තියලා එකෙන් දිනන අයට පොඩි තෑග්ගකුත් දීලා පොඩි වැඩක් කරන්න.......) වගේ ඒවා කරමුකෝ....

එක කරන්නත් බැරි වෙයි වගේ... එහෙම උනොත් ඊලග ආත්මේ වත් කට්ටිය එකතු වුනහම එක කරමුකෝ....

අමතක වෙයි කවදාවත් වැඩක් කරනකොට දිනයක් දැම්මේ නැතුව වැඩ කළා නම් හරි වැඩ කරනකොට හැමදාම දිනය දැම්මා නම් ඔන්න අදත් විශේෂයෙන්ම දාන්න අද 12 - 12 - 12 හොදේ......

ආයෙමත් කියනවා මොනවා හරි මගෙන් වැරද්දක් අඩු පාඩු වක් උනා නම් සමාවෙන්න............... අද නොමරුනොත් මමආයේ බ්ලොග් ලියනවා හොදේ.....  ඒ නිසා ඔය හිතට දැනෙන ඒවා කියලා යන්න....

අද  මැරුනොත්....

 

නොමැරී උන්නොත්




51 comments:

  1. අනේ අනේ මොඩය, උබත් මේ හරකගෙ ගානටම වැටුන එහෙනම්, උබේ ඔය වචන සෙට් එකෙන් පෙන්නේ උබනම් සිරාවටම මේක පිළිගන්න බවක් තමයි, නැත්නම් සමවෙන්නත් කියයිද ? හිතේ යම් කහටක් තියෙන නිසාමත් මැරෙන්න ඇති බයටත් ලියපුබවයි පෙන්නේ. හ්ම්ම්ම් අවුලක්නෑ හෙටත් මොනවහරි ලියපන් අපි ට උබෙන් වරදක් වෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. ශුවර් නෙ එහෙමනම් මම වැරදි කරලා නැනේ. අනෙ මම බය නම් නැ හොදේ.

      Delete
  2. ඔන්න ඉතින් දැන් මම මේ මැරෙන්න බය වෙලා ලියපු එකක් එහෙම කියලා හිතනවා නෙමේ... මම මැරෙන්න නම් බය නැ.... හිතුනා ලීවා.... සෝ මැරෙනවා නම් ඉතින් එක දවසක් එන්නම ඕනේ නැනේ නේද?

    ReplyDelete
  3. නොමැරී උන්නොත් හමුවෙමු එහෙනම්!

    ReplyDelete
  4. Ada neme 21 venidane Mayavarunge calendar eka ivara venne :D

    ReplyDelete
  5. ඇත්තටම සුවාස් වෙයිද

    ReplyDelete
  6. මං නං මැරෙන එකක් නෑ මේ මාසෙ. ඒ නිසා ජනවාරි පළවෙනිදට කිරිබත් කෑල්ලක් කාලා යන්න අපේ පැත්තෙ ඇවිත් යන්න. ජය...!

    ReplyDelete
    Replies
    1. ගෙවල් පැත්තෙද අයියා. එන්නම්කො එහෙමනම්.කොහොම්ත දැන්ම මැරිලා කොහොමද නෙද

      Delete
  7. අද තමා රාවණා නින්දෙන් නැගිටින්නේ. ඒ වගේම රාවණා යූ ඇම්පියෙන් බලයට එන එකේ පලවෙනිම අඩිතාලම වැටෙන්නේ අද තමා.

    බොරු නම් වර්ගපූර්ණිකාව බලන්න.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් එ පැත්තෙ යන්න බැරි උනානේ අදවත් ගිහින් බලන්න ඔනා

      Delete
  8. අද විදිමු!හෙට මැරෙමු!! මොකෝ ජීවිතය විදවන්න ඕනේ නැති නිසා!

    ReplyDelete
  9. නිකා ඉඳහන් බන් බය නොකර....

    ReplyDelete
    Replies
    1. අයියා බය වෙනකොට බැරියැ. හිකිස්

      Delete
  10. මම නම් කෝකටත් කියලා මගේ ලට්ට ලොට්ට ටික ලෑස්ති කරන් ඉන්නෙ..මැරුනොත් ඒමයි නැත්තම් ඒමයි..

    ReplyDelete
    Replies
    1. ලැස්ති කලා කිවෙ මැරෙනකොට අරන් යන බඩද නැත්නම් වෙන මොනවා හරිද ?

      Delete
    2. මැරුනුතෝ හරි බේරුනොත් හරි කියලා දෙකටම ලෑස්තිපිට ඉන්නෙ..කෝකටත් ලැප් එකයි ඩොන්ගල් එකයි දාගත්තා..බිසකට් පෙටිටි දෙක තුනකුත් දාගත්තා

      Delete
    3. දැන් ඉතින් නොමරුන එකේ බිස්කට් පෙට්ටි දෙක ඉක්මනට කාලා ඉවර කරමු නේද? අමාරු නම් කින්නකෝ අපිත් සයිඩ් සපෝට් එකක් දෙන්න එන්නම්......

      Delete
  11. අහල තියනවද මහා දාර්ශනික පිස්සු පූසා කියල තියනව
    ඉන්න ඩිංග ජීවත්වී .. . සැපෙන් ඉදිමු අපි මල්ලී

    කියල. මම නං ජීවත් වෙන්නෙ ඒ තියරියට අනුව. ඒ නිසා අද මලත් හිතට දුක නෑ

    ReplyDelete
    Replies
    1. අද නොමැරුනොත් මාත් ඔය තියරියටම බහිනවා අයෙ. දෙකක් නැ

      Delete
  12. 'සඳ හිරු තරු පවතිනතුරු අපි මැරෙන්නේ නෑ..' :)

    ReplyDelete
  13. "සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ..
    අනග තරුණ බඹරු අපි..
    අමර වරම අපට හිමි..
    අපි මැරෙන්නේ නෑ..
    අපි මැරෙන්නේ නෑ.." :)

    ReplyDelete
    Replies
    1. එහෙම තමා හිතාන ඉන්නේ එත් දවසක යන්නම යන්න වෙනවනේ,,, මට ඉන්න ඕනා කියන්න බැනේ.....

      Delete
  14. දැන්නෙව දැක්කේ මම පලමුවතාවට මැරෙන්න කලින් කාටහරි 1වෙනි comment එක දාල.. හාහ් හැහ්හ් දැන් ඉතින් මළා මොකෝ කිව්වලු

    ReplyDelete
    Replies
    1. අම්මේ අපි වගේ පොඩි බ්ලොග් එකක එහෙම දෙඅක් උනා කියලා මැරෙන්න නම් එපා හොදේ....

      Delete
  15. ලබන ආත්මෙ බ්ලොග් එකක් තියෙයි ද ?

    ReplyDelete
    Replies
    1. මොකද අනේ බය හිතෙන කතා කියන්නේ.... එහෙම නැති වෙලා බැනේ...

      Delete
  16. මාරයා කියනවා වගේ ලියන්න වෙන්නේ ගල් වල තමා.. හි හි

    ReplyDelete
    Replies
    1. වර්ගපුර්නිකාවේ මිපලානේ ජයරත්න මහත්තයා කියනවනේ ගු-ගල් , බ්ලොග් හොයා ගත්තේ අපි කියලා... ඊලග නැවත නව යුගෙත් ඒ අවස්ථාව අපිටම ලැබෙනවා ඒ කියන්නේ.....

      Delete
  17. මැරෙන්නනේ නෑ මලේ බය නොවි ඉඳහන් හැබැයි දින දසුනේ මේ වගේ සුන්දර අත්දැකිමක් විදින්න ලැබෙන්නෙ නම් නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ මොකද ඉතින් අපි 2101 වෙනකන් ජිවත් වෙන්න කියලද? බැනේ ඉන්න ආස උනත්.......

      Delete
  18. hiks marune nahane ban balamu 21 wenida wenakam

    ReplyDelete
    Replies
    1. තව සතියක් බලාගෙන ඉන්න වෙනවා ඒ කියන්නේ.................

      Delete
  19. අනෙ මේ....කවද මරුනහම මොකෝ බං...
    ඉන්න ටිකේ පිනක් දහමක් කරගෙන නිවී සැනසිල්ලෙ ජිවත් වෙනවනම් ඒ ඇතිනෙ...
    මායා වරුන්ට වැරදිලා මේ පෘතුවි තලය හෙට අනිද්දා චක බලාස් වෙන්නෙ නෑ.පොඩි පොඩි දේවල් වෙයි.ඔය දැනටමත් වෙන්නෙ..
    තව කාලාන්තරයක් මේ ලෝකෙ පවතිනවා...

    ReplyDelete
    Replies
    1. මායා වරු ඔහොම කතාවක් කොහොම හිතුවද මන්දා.... තව ටික කාලයක් නම් මුකුත් වෙන එකක් නැ නම් තමා එත් මිනිස්ස්සු කරන වැඩ වල හැටියට එහෙම මුකුත් නොවී තියන්නත් නම් බැ...... ජයම වේවා...

      Delete
  20. දැන් මැරිලා නැ නේද? කියල වැඩක් නැ නෙව. පිනක් දහමක් කරන් උන්නා නම් කවද මැරැනම මොකෝ.

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. හ්ම් දැන් ඉතින් නොමරුන නිසා එකත් ටිකක් වැඩිපුර කරන්න ඕනා, එතකොට කවදා මරුනහම මොකද නේද?

      ජයම වේවා...

      Delete
  21. හෙට මැරුනත් හිතට සැපයි අද ජොලිකරලා /////////

    ReplyDelete
    Replies
    1. සතුටින් ඉන්න එක පරම ධනයයි කියලා තින්නේ ඒ නිසා වෙන්න ඕනා....

      Delete
  22. ලෝකෙම විනාස වෙනව නම් ඉතිං මොකටද අනේ බය වෙන්නේ.මම නම් නැව ගිලුනත් ජොලියේ ඉදලා කවද හරි මැරිලා යනවා.

    ReplyDelete
    Replies
    1. අනේ බට්ටිව දැක්ක කල්.... හ්ම්ම් බට්ටි මේ දවස් වල ගොඩාක් ජොලියෙන් කියලා නම් ආරංචියි..... හ්ම්ම් අපි කවදා හරි මැරෙන මිනිස්සු කියලා දැනගෙන වැඩ කරන එක තමා හොදම බට්ටියේ...

      Delete
  23. අඩේ මැරුණෙ නෑනේ :D
    උඹ පණපිටින් ඉන්නවදෝ.........

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් මම මැරිලා නැනේ...... පන පිටින්...........

      Delete
  24. :) :) මැරුණේ නැහැ.කමක් නැහැ :)

    ReplyDelete
  25. මැරුණද...............ඉන්නවද...ඇත්ත කියපල්ලකෝ....කෝ ඉන්නවදෝ............?

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....