ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

07 August, 2011

වැඩියෙන්ම වටින්නේ අනතුරක් උන කෙනාගේ ජිවිතේ නේමේද????

ඇත්තටම මම මේක නොදන්න කම නිසා මයි අහන්නේ.... දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියලා දෙන්නකෝ.... ඇත්තටම අද මට දකින්න ලැබුන දෙයක් නිසාමයි මෙහෙම පොස්ට් එකක් දාන්න හිතුනේ... ඇක්සිඩන්ට් එකක් එහෙම නැත්නම් අනතුරක් වෙන්න ගත වෙන්නේ නිමේෂයකට (තත්පරයකටත් අඩු කාලයක්) දේවා ඒක හොදටම දන්නවනේ ගිය දෙසැම්බරයේ දේවා ත බර එහෙම එකකට මුහුන දුන්නානේ...
උනෙත් පොලිසියක් ලගමයි.. ඔතන විනාඩි 7,8ක් දේවා ඉන්න ඇති එත් මලිස් පොමලා ආවේ නම් නැ... (හරියටම දන්නේ නැ එකපාර සිහි නැති වෙලානේ) අද මම අහන්න යන දේටත් මුල ඔහොම දෙයක් තමා....
කථාවත් කියාගෙනම ගියොත් ඔයාලට ලේසි වෙයිනේ

අද ගොඩාක් තැන් වල ලංකා බැංකුවේ 72 වෙනි සංවත්සරය හේතුකොට ගෙන තැන්පතු ඒකරාෂි කරන වැඩසටහනක් තිබුනා කියලාසමහර විට ඔයාල දන්නවා ඇතිනේ.... හදවතින්ම වැඩ කරන තැනට දේවා ආදරේ කරන නිසා ගොඩාක් ඒ වගේ දේවල් වල නම් දේවා ඉන්නවා... අද ඒවා ඉවර වෙලා එනකොට තමයි මේක උනේ....
මේ වගේ තමා

අනතුරක්....... වෙනවා නම් මම දැක්කේ නැ.... මම එන්න විනාඩි 5කට විතර වගේ තමයි ඒක වෙලා තියෙන්නේ... තුවාල කාරයෝ තාමත් එතන.... එක්කේනෙක්ගේ කකුලක් හොදටම ඩැමේජ් වෙලා.... පතුරක් තියලා බැදලා තිබුනා,සෙනග උන්නා 30ක් විතර, මේන් රෝඩ් එකක්මත් නෙමේ... ඒත් එතන වාහන තිබුනා 15ක් විතර....

දේවා තාම රෝද 4ක අයිති කාරයකුත් නෙමේනේ..... තාම ඉතින් කැරෙකෙන්නේ රොද 2ක් උඩ.
එ හින්දා හොස්පිටල් එකකට අරගෙන යන්න විදිහක් මට තිබුනේ නැ...

එක මැන් කෙනෙක් පාර මැදට වෙලා පාරේ යන වාහන හැම එකම නවත්වලා හොස්පිටල් එකකට යන්න පුලුවන්ද අහනවා... ඇත්තටම ඒ එයගේ කවුරුවත් නෙමේ වෙන්න ඇති....

මට මුලින් හිතුනා තමන්ගේ කෙනෙක්වත් නොවෙන මේ කෙනා මේ තරම් කරුනාවන්ත උනේ කොහොමද කියලාත්.. එත් එහෙම අයත් ඉන්න්වානේ.. ඇත්තමයි මට වාහනයක් තිබුනනා නම් දාගෙන යනවා...

එක වාහනේක එක්කේනෙක් කියනවා මේ පැත්තට යනවා නම් අනිවා අරගෙන යනවා (දැන් ඉතින් හොස්පිටල් එකක් ඒ පැත්තේ ලගින් හදපන්කෝ)

කොහොමෙන් කොහොමහරි වාහන 50කට විතර වැදලා වැදලා හයර් එක දෙන්නම් කියලා ට්‍රිවිල් මල්ලි කෙනෙක්ව සෙට් කරගත්තා.... එතකොට මම එතනට ඇවිත් විනාඩි 20ක් විතර... ඇක්සිඩන්ට් එක වෙලා එතකොට පැය භාගයක් වෙන්න ඇවිත්.....

අර තුවාල කාරයෝ කැ ගහනවා... වැරද්ද කාගේ උනත් මේ ජිවිතයක්නේ...

හොදම දේ මේකයි... මම අර කිවා නේද පාර මැද කැ ගහපු බොයි කෙනෙක් ගැන.... වාහනයක් සෙට් කරගත්තට පස්සේ මැන් (ලෙඩා තනියම විල් එකේ) මැන්ගේ විල් එකේ හොස්පිටල් එකට යන්නම් කියලා යන්න ගත්තා එතන උන්නු තව දෙන්නෙක් එක්ක.. (ලෙඩා එක්ක යන්න කවුරුවත් කැමති උනේ නැ)

අර මැන්ටත් විල් එකක් තියාගෙන අර අමාරු ලෙඩාව පැය භාගයක් විතර එතන තියා ගත්තා.... අහනකොට ගොඩක් අය කිවේ ඔවා අරගෙන ගිහින් අන්තිමේ අපිටත් පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා , මොකටද අපි ලෙඩ දාගන්නේ කියලා...

ඇත්තටම එහෙම නිතියක් අපේ රටේ තියනවාද??? මගේ ප්‍රශ්නේ මම දන්නේ නැත්තේ ඕකයි.....

එහෙම නිතියක් තියනවා නම් ඇයි එහෙම එකක්.... අනතුරකට පත් උන කෙනෙක්ව බේර ගන්න කෙනෙක්වේඑහෙම අපහසු තාවයට පත් වෙන නිතියක් හදලා තියෙන්නේ....

වැඩියෙන්නම්  වටින්නේ මිනිස් ජිවිත නේමේද???????

ෆලෝ කරලා යන්න පුලුවන්නම් මට ගොඩක් වටිනවා

32 comments:

  1. නීතිය නං දන් නෑ.ඒ උනාට වැඩේ වෙන්නෙ නං ඔහොම තමා

    ReplyDelete
  2. නීතිය නිසා මනුස්සකම් නැතිවේගන යන යුගයක් බිහිවෙගන එන බවයි පෙනෙන්නේ ... ඔයවගේ ලෙඩෙක් අරගෙන යනකෙනාට විදින්න වෙන කරදර නිසාම කවුරුවත් ඔය වගේ වෙලාවක ඉදිරිපත් වෙන්න අකමැතියි (ඔබ ලෙස සිතන සීමිත් පිරිසක් ඇර) ...

    මට අහන්න ලැබුණු තව කතාවක් කියන්නම් ... යම්කිසි හොරකමක් වෙනවා දැකපු කෙනෙක් එයට සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා... නඩුව හැමදාම කල් යනවලු.. මේ මනුස්සයත් ඉතින් කියන කියන දවසට උසාවි යනවලු.. ඔහොම ගිහින් බැරිම තැන මේකේ ඉවරෙකුත් නැති නිසා මේ මනුස්සය දවසක් නඩුවට නොගිහින් ඉඳල.. ඔන්න දවසක් කීපයකට පස්සේ එනවලු නියෝගයක් වහාම උසාවියේ පෙනිසිටින්න කියල... නඩුවට නොපැමිණ උසාවි අන නොපිලිපැදීම නිසා කියල...

    ReplyDelete
  3. මම දන්නා තරමින් නම් අනතුරට පත් වූ අය රෝහලට ගෙනයාමට නිත්‍යානුකූල කිසිම විරුද්ධත්වයක් නැහැ , පාරේ අදාල සීමාවන් සලකුණූ කරලා , රෝගීන් , තුවාල කරුවන් ඉවත් කරගන්නට පුළුවන් , මේ සඳහා පොලිසිය එන තුරුම සිටිය යුතු යැයි නීතියක් මම නම් අසා නැහැ , ඒ අපේ සාමාන්‍ය ජනාතාව අතර තිබෙන මතයක් පමණයි , කළ යුතු වැදගත්ම දේ ජිවිතය බේරා ගැනිම , ඒකයි මිනිස්කම , අදාල රෝගියා රෝහලට ඇතුලත් කිරීමේදී නම දුන්නාත් එහි ලොකු වගකීමක් මේ උදව්වට ආ අයට ඇතිවන්නේ නැහැ , මොකද බොහෝ වෙලාවට වෛද්‍ය සටහන් තුල මේ සිදුවීම ගැන ලියැවෙන නිසා ,

    ReplyDelete
  4. කොහෙත් ඔහොම තමය්, මම ඉන්නේ කැනඩාවේ , මෙහෙ accident එකක් වෙලා හෙල්ප් කරන්න ගිහින් ලෙඩේ තව වැඩි උනොත් වන්දි ගෙවන්නත් වෙනවා ... ඒ අතින් ලංකාව හොදය්

    ප . ලි : ඔයගොල්ලොත් google transliterate එකේ accident කියල type කරලා බලන්න ...

    ReplyDelete
  5. අනතුරකදි විතරක් නෙවි, ඕනම වෙලාවක රෝහලට ලෙඩාව ඇතුලත් කරපු කෙනාව තමයි ප්‍රශ්නයක් ඇතිවුනාම රෝහල්පොලිසියෙන් හොයන්න එන්නෙ. (ලෙඩාගෙන් පැහැදිලි සාක්කියක් නොලැබුනොත් මේක සිද්ධවෙනවාමයි.)

    ReplyDelete
  6. ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිස්සු ඕවට බයයි. මොකද ලෙඩාට මොනාහරි උනාම කෙලින්ම බලන්නේ ලෙඩාව ගෙනාවේ කවුද කියලා. ඒකම තමයි ඇක්සිඩන්ට් එකක් උනාම මිනිස්සු එච්චර ඒ පැත්තට එන්නේ නැත්තේ.

    ඒ උනාට අර කිව්වත් වගේ කොහොමහරි ඒ මනුස්සයාව ඉක්මනට ඉස්පිරිතාලෙකට ගිහින් දාන එක ගොඩක් වටිනවා. මොකද ඒකත් කාගේ උනත් මනුස්ස ජීවිතයක් නේ.

    මමත් දවසක් බස් එකේ යනකොට ඔහොම සිද්ධියක් උනා. කැමති නම් මෙතන ක්ලික් කරලා ඒක කියවන්න . ඒකෙනුත් උනේ ඔයිට සමානම සිද්ධියක්. ඒකෙදිත් කවුරුවත් ලෙඩාව ඉස්පිරිතාලේ ගෙනියන්න උනන්දු උනේ නෑ.

    ReplyDelete
  7. දේවාට වගේම මටත් ඇක්සිඩන්ට් ගැන අත්දැකීමක් තියනවා. මම කොලඹ රස්සාව කරන කාලේ ගෙදර ඉදලා කොලඹට බයික් එකේ යනකොට ඇහැලියගොඩදි බරපතල විදියෙ හැප්පිල්ලක් හැප්පුනා. ඇහැලියගොඩ සහ කොලඹ අතරත් මම ජීවත්වෙන හම්බන්තොට දිස්ත්‍රික්කෙ ඉදලා ඇහැලියගොඩටත් තියන දුර කියන්න ඕන නැහැනේ. මගේ ඇක්සිඩන්ට් එක වුනේ දෙපැත්තටම නැතුව. එහෙම වෙලාවට දැනෙන අසරණකම වචනයෙන් විස්තර කරන්න බැරිවුනත් එතනට රැස්වූ හිතහොද මිනිස්සු මා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කලා. මාව ත්‍රීවිල් එකකින් ඉස්පිරිතාලෙට ගෙනිච්ච කෙනාට මම දුන්න ත්‍රීවීල් ගාස්තුවවත් ගත්තෙ නෑ.

    ReplyDelete
  8. ඔය වගේ සිද්ධියක් අපේ නැන්දටත් උනා..
    එක පාරක් ඉරිදා පොළේදි හොරෙක් නැන්දගේ මාලේ කඩලා..ඊට පස්සේ කස්ටියම එකතු වෙලා හොරාව අල්ලලා ගස් බැදලා පොලීසියට බාර දීලා..
    නැන්දත් මාස ගානක් තිස්සේ උසාවියට ඇද්දා නඩුවට සාක්කි දෙන්න..ඒත් නඩුව ඉවර වෙන පාටක් නැති නිසා එපාම වෙලා නැවතිලා..
    මෙන්න බොලේ ටික දවසකින් ගෙදරටම උසාවි නියෝගයක් අවා උසාවියේ පෙනී හිටින්ට කියලා..ඊ ලග දවසේ නැන්දා උසාවි ගියාම අල්ලලා හිරේ දාලනේ නඩුවට ආවේ නෑ කියලා..
    අන්තිමේට නැන්දම කියනවා හොරාට මාලේ දීල නිකන් හිටියනම් හොදෛ කියල හිතුනලු..
    ඔන්න අපේ රටේ වෙන දේවල්..නීතිය ගැනනම් කතා කරල වැඩක් නෑ..

    ReplyDelete
  9. දේවෝ,,
    මිනිස්සු කතාවෙන්නම් කරුනාව බේරෙනවා. ඒත් මේ වගේ අවස්තාවකනම් පිහිට වෙන්නේ කීයෙන් කී දෙනාද?

    ReplyDelete
  10. රොෂාන් අයියා උත්තරේ දීලා තියන නිසා ආයේ කියන ඕනේ නැහැනේ..මෑත දන්නා තරමින් අපේ රටේ වැඩ වෙන්නේ රොෂාන් අයියා කියලා තිබුන විදියට තමා

    ReplyDelete
  11. අනේ මන්දා මල්ලි.........

    ReplyDelete
  12. අම්මෝ මම ඉන්නෙත් කටාර් වල. මෙහෙත් මොකක්වත් උනොත් නම් අඹ සරණයි. ලංකාවේ තියෙන්නේ මම නම් හිතන විදියට නොදැනුවත්කම. කොහොමත් ඉතින් ලංකාවේ පොලිසියත් හොදයි නේ.

    ReplyDelete
  13. මම හිතන්නේ මහේෂ් අයියා කියපු දේ හරි , මාත් දන්න තරමින් එහෙම ප්‍රශ්නයක් නම් නැහැ..ඒත් ඉතින් අපේ රටේ වෙන දේවල් වල හැටියට කියන්නත් බැහැ මචන් .

    ReplyDelete
  14. ලන්කාවේ නිතියේ එහෙම නෑ මන් දන්න තරමින්.ඕවා අපේම මිනිස්සු හදගත්ත කතා.ලෙඩාව හොස්පිටල් දාලා එතන රස්තියාදු වෙන්න වෙයි කියලා අපෙ අය හිතන්නේ.එහෙම නෑ රජයේ රෝහළකට ඇතුලත් කලොත් ඊට පස්සෙ වෙන්න ඕන ඒවා එගොල්ලො බලාගන්නවා

    ReplyDelete
  15. අකු : එත් අනේ ඇයි එහෙම

    ReplyDelete
  16. දිනුෂා : අනේ රටකට ගිය කලක්... මෙහෙම ගියොත් සොරිම තමා

    ReplyDelete
  17. මහේෂ් : ඒත් තාම ඒක ජනතාව අතරට ගිහින් නැ වගේ අය්යේ

    ReplyDelete
  18. ඇනෝ : ඇත්තමද බන්.... එහෙමනම් මෙහේ හොදයි තමා

    ReplyDelete
  19. රොශාන් : ඒත් ඒක අසාධාරනයිනේ

    ReplyDelete
  20. මධුරංග : ඇයි බන් එහෙම වෙන්නේ ,...
    අනිවා කියවන්නම්කෝ

    ReplyDelete
  21. රාජ් : මාව ගිහින් දාපු කෙනත් එහෙම තමා බන්... හොද මිනිස්සුත් තාම ඉන්නවා

    ReplyDelete
  22. විශ්ව : මොකද බන් ඉතින් නැන්දා කලේ ඊට පස්සේ

    ReplyDelete
  23. ගිම්හානි : ඒක නම් ඇත්ත තමා... කවදා රට යහපත් වෙයිද මන්දා?

    ReplyDelete
  24. ඩිප්ස් : අසාධාරනයි ඒක නම්

    ReplyDelete
  25. අයේශා : එත් ඒකයි ඇත්ත

    ReplyDelete
  26. ක්සැන්ඩර් : එ ගැන නම් කතා කරලා වැඩක් නැ

    ReplyDelete
  27. ChammA: එත් ජනතාව අතරට ගිහින් නැ වගේ නේද බන්

    ReplyDelete
  28. නිකමා : එත් මිනිස්සු බය නිසා උනත් අමතක කරනවානේ මේ මිනිස් ජිවිතයක් කියලා

    ReplyDelete
  29. ඔක්කොටම කමෙන්ට් කරපු : ගොඩක් ශොට් රිප්ල්යි තමා දෙන්න උනේ.. මේ දවස් වල ටිකක් මම පාඩ්ම් කරනවා ඒකයි තරහ වෙන්න ඒපෝ... හැමදාම ඔයාලා තමයි මගේ ශක්තිය... කමෙන්ට් කරන්න හැමදාමත්

    ReplyDelete
  30. වෙලාවට නැන්දා උසාවි ගිහින් තිබ්බෙ අපේ අම්මත් එක්ක..යන්තම් Lawyer කෙනෙක් අල්ලලා මෝසමක්ද මොකක්දෝ එකක් දීලා ශේප් උනාලු..ඒත් උදේ වරුවම Lockup එකේලු හිටියේ..

    ReplyDelete
  31. හදිසි අනතුරක් වුනාම ඒ අනතුරට ලක්වුන කෙනාට උදව් කරන්න කිසිම දේකින් බාධාවක් නෑ.ඒ බාධා හෑම එකක්ම මිනිස්සු විහින්ම හදාගත්ත බොරු දේවල්.මට ඒ ගෑන මගේ ජීවිතේටම සම්බන්ධ අත්දෑකීමක් තියනවා.මීට ගොඩ කාලෙකට කලින් මට මගේ තාත්තා නෑතිවුනා...හදිසි අනතුරකින්.තාත්තා ගිය බයික් එක ඈක්සිඩන්ට් වෙලා කානුවකට වෑටිලා පෑයක් විතර ඉදලා තියනවා..කිසි කෙනෙක් තාත්තාව රෝහලකට අරන් ගිහින් නෑ.පස්සේ කවුරුහරි කෙනෙක් තාත්තාව රෝහලට අරන් ගිහින් තිබුනා.ඒත් එතකොට ගොඩක් පරක්කු වෑඩියි.අනතුර නිසා තාත්තාගේ ලේ ගොඩක් ගිහින්...​​ඒත් ඊට පෑය බාගෙකට කලින් තාත්තාව ගෙනාවා නම් එයාව බේරගන්න තිබුනා.ඒ පෑය බාගේ නිසා අපේ ජීවිත ගොඩක් වෙනස් වුනා.ටිකක් දිග වෑඩි වුනත් මම මේ කමෙන්ට් එක දෑම්මේ ඉල්ලීමක් කරන්න.අනතුරකට ලක් වෙලා ඉන්න කෙනෙක් දෑක්කොත් අනිවාර්යෙන් ඒ කෙනට උදව් කරන්න.ඒක මොනතරම් වටිනවාද කියලා එහෙම කලාම ඔයාලාට දෑනෙයි.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....