ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

12 August, 2011

Sir ක්ලාස් එකේදි Cha කරපු දේවා ගේ උත්තරේ.. (2 Part)

A/L චාටර් එකේ මම දුන්නු උත්තරේත් එක්ක සර් කොහොමද එදා පොඩ්ඩක් CHA උනේ කියලා කලින් පොස්ට් එකෙන් මම කිවේ නැනේ ඒකත් ඉතින් පොඩි පොස්ට් එකකින් කියන්නම්කෝ..

ඔන්න කතාව තෙරෙන්නේ නැතිවෙයි ඔයාලා මේකේ කලින් කොටස කියෙව්වේ නැත්නම්..
කතාව බලලා එන්නකෝ මෙතනින්

කිවට එහෙම යන්න ටිකක් කම්මෙලි වගේ නම් මම පොඩ්ඩක් කතාව කියන්නම්කෝ...
දේවා ක්ලාස් එකේ ඉන්නකොට පන්තියේ ලමයි රොකට් ඇර ඇර උන්නා..

දේවාත් එක දිගට දිගට ලියලා ලියලා අත පොඩ්ඩක් ගසන කොටම දේවාට පිටිපස්සෙන් හිටපු කෙනෙක් රොකට් ඇරලා ඒකට මාට්‍ටු උනේ දේවා තමයි..

ඉතින් ලමයි ගොඩක් මැද දේවා නැගිටින්න උනා... ඉදගන්න ඕනේ නම් මෙන්න මේ ගාන හදන්න කියලා තමයි සර් කිවේ

ඔය රොකට් එකේ ආරම්භක ප්‍රවේගය පැයට කිලෝ මිටර් 144 යි...10 ත්වරනය යටතේ ඕක ගමන් කරපු මුලු දුර මිටර් කියද කියලා තමයි එදා ඇහුවෙ...

මෙන්න දේවා දුන්නු උත්තරේ

මේකේ ආරම්ම්භක ප්‍රවේගය (U)ඉතින් පැයට කිලෝ මිටර් 144 කියන්නේ ඉතින් තත්පරයට මිටර් 40යි කියන එක කියලා ඔයාලා දන්නවනේ..
ගුරුත්වජ තවරනය (A)කියන්නේ තත්පර වර්ගයට මිටර් 10යි නේ ගමන් කරපු උපරිම දුරදි රොකට් එක ගිහින් නතරවෙනවානේ ඒ කියන්නේ අවසන් ප්‍රවේගය(V) 0 නේ

මෙන්න මේකෙන ගමන් කරපු දුර (S) හොයාගන්න පුලුවන්නේ

V 2 (V වර්ගය) = U (U වර්ගය) + 2AS
0 = 40 * 40 + 2 * (-10) S
1600 = 20S
S = 80 m

ඕක හින්දා නම් නෙමේ සර් ආයේ කාලාස් එකේ ප්‍රශ්නයක් ඇහුවේ නැත්තේ
ඔහොම උත්තරයත් දිලා දේවා ඊලගට කිව දේ නිසයි

හැබයි සර් පොඩි ප්‍රශ්නයක් තියනවා ඔයතරම් ප්‍රවේගයකින් මම මෙතන ඉදන් ඒක එවපුවහම යන්න පුලුවන් උපරිම දුර 80 මිටර් උනාට මම මේ ඉන්න තැන ඉදන් සර් ඉන්න ඔය බිත්තිය ලගට 20ක් වත් නැනේ ඉතින් යන්න පුලුවන් උපරිම දුර ඊට වඩා වෙන්න බැ නේද කියලා ඇහුවා

පන්තියක ඔහොම අහපුවහම කොයි තරම් ආතල්ද කියලා ටියුශන් ක්ලාස් එකකට නිකමටවත් ගිහින් තියන කෙනෙකුට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැනේ


18 comments:

  1. ප.ලි : ගාන හදපු හැටි තේරුනනේ.. ඔකේ 10 කියන එක රින වෙන්නේ ත්වරයකින් ගියට මන්දනයක් තමා ඇත්තටම වෙන්නේ.... ඒකයි

    තව මේක වැරදිනම් දන්න කියන ඇයෝ පොඩි කමෙන්ට් එකකෛන් සටහනක් දාලාම යන්නකෝ

    ප.ප.ලි : ඇනෝ කෙනෙක් හැමදාම මට බනිනවා මම ෆලෝ කරලා යන්න කියලා ඉල්ලනවා කියලා.... ඉහින් හැමදාම බැනුම් අහන්නත් බැනේ... ෆලෝ කරලා යන්න තරම් වටිනවා නම් ඒකත් කරලා යන්න ඔයාලා

    ReplyDelete
  2. සර් හිතන්නැති මූ ඇම්ඩන්ගෙ පරම්පරාවෙ එකෙක් කියලා.ඒකයි ඊටපස්සෙ ලෙඩ දැම්මෙ නැත්තෙ.
    @ප.ලි-ඕවා කාටද බං දැං මතක. ඒ ලෙවෙල් කලේ කොයි කාලෙද.
    @පපලි.-ඌ හැමදාම ටයිප් කරලා බනින එකට වඩා, ඒක කියවන්න උඹට අමාරුයි කියලද ඔය කියන්නෙ?

    ReplyDelete
  3. ගාන නම් හරි වෙන්න ඕනා. ඒත් අර කියපු කතාවලට කට්ටියම බඩවල් අල්ලගෙන හිනා නොවී හිටියොත් තමයි පුදුමේ.
    ඔහොම සර්ලා අපිට හම්බ වෙන්නේ නෑනේ. එහෙම නම් අනිවා ෆන් එකේම පිසික්ස් ඉගෙන ගන්නවා. දේවා ක්ලාස් ගියේ කුරුණෑගල ට වෙන්ටෑ. ඔය කීර්ති සර් එහෙම ක්ලාස් කරන්නේ එහේ නේ.

    ReplyDelete
  4. ඇඩේනවා දේවා..හි හි පට්ටම උත්තරේ...සර් අන්තිම දවසේ කලින් පොස්ට් එකේ කිව්වා වගේ දෙයක් කියන එක ඉතින් අහන්නත් දෙයක්ද...

    ReplyDelete
  5. ඔන්න මමනම් ගියේ කීර්ති සර්ගේ තමයි..ඒත් අපි නුවරනේ..මමනම් ඒ කාලේ සර්ට මාර බයක් තිබ්බේ :D

    ReplyDelete
  6. එලය...තව ලියන්න..:)

    ReplyDelete
  7. ඔබේ රස අතිත කතාවත් එක්ක මට මගේ භෞතික විද්‍යා ගුරුතුමා නැවතත් මතක් වෙනවා , දැනට මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ උගන්වන පීරීස් සර් තමයි අපේ ගුරුතුමා , ඇත්තෙන්ම “නියම ගුරු උතුමෙක්“ , මේ වගේ සුන්දර කතා බහ අපේ ජීවිතය රසවත් වගේම හැමදාම නැවුම් බවක් දෙන්නට හේතු වෙනවා ,
    තව ලියන්න , අයෙත් පාසල් කාළයට ගිහින් වගේ දැනෙනවා.
    ප්‍රමාද වුනාට සමාවෙන්න , පොඩි භාවනාවක හිටියේ , දන්නවනේ ඉතින් .....

    ReplyDelete
  8. ඇත්තටම ඒ කාලේ මොන තරම් සුන්දරද කියලා අපිට ඒ කාලේම හිතුනනම්

    ReplyDelete
  9. රාජ් : අනේ මන්දා බන් කලින් හරි උත්තරේ දුන්න හින්දාද දන්නේත් නැ ඉතින්
    ප.ලි : මම ඒ ලෙවල් කලේත් 07 බන්
    ප.ප.ලි: හැමදාම එකම ඕනේත් නැනේ ඉතින්

    ReplyDelete
  10. මධුරංග : ඔව් යාලුවා මම ක්ලාස් නම් ගියේ කුරුනැගලට තමා... පිසික්ස් ක්ලාස් එකේ නෙමේ මේක නම් උනේ මැත්ස් ක්ලාස් එකේ... මම කිර්ති සර් ගේ ගියේ නැ.. අසේල සර් ගේ තමා ගියේ

    ReplyDelete
  11. ChammA : ඒකනේ කියන්නේ ඇත්තටම සර් ඒක කොච්චර කාලයක් මතක තියගෙන ඉදලා තියනවද??

    ReplyDelete
  12. රාජ් : අනේ බන් මමත් බයෙන් උන්නේ හැබැයි කිර්ති සර් ට නෙමේ පින්නපොල සර් ගේ රසායන විද්්‍යාව ක්ලාස් ඒකේදි

    ReplyDelete
  13. චතු මිතු : ඔබද මට ශක්තියක්මය

    ReplyDelete
  14. මහේෂ් : ප්‍රමාද උනාට කමක් නෑ අය්යේ... අය්යගේ ලිපි ගොඩාක් වටිනවා අපිට... මම ලියන ලිපියක් නිසා හිත මොහොතකට සතුටින් පිරුනනම් ඒක මට ශක්තියක්

    ReplyDelete
  15. ඇනෝ : ඕක අපිට ඒ කාලේ හිතෙන්නේ නැනේ යාලුවා

    ReplyDelete
  16. අපේ හිස්සැල්ල සර්ගෙ එහෙම ක්ලාස් එකේ රොකට් එකක් ඇරල අහු උනොත් ගානක් හදල ශේප් වෙන්ට නම් බෑ...අනිවා සොට් එකක් කන්නම වෙනව..නැත්තම් කාඩ් එක දීල පන්තියට ආයුබෝවන් කියන්න වෙනව..එච්චර දරුනුයි විනය නීතිරීති

    ReplyDelete
  17. ෂා නියමයි අයියේ.. ඇත්තටම එහෙම උනානම් බිත්තියෙ වැදිලා හරි නතර වෙන්න ඕනනේ.

    ReplyDelete
  18. හහ්හ්හ්හා,,, උපරිම පිළිතුරක්,,,,
    මට නම් ඔහොම ගටක්‌ නෑ,,,

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....