ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

24 August, 2011

ශවර් 4 යි.. එත් නාන්නේ වතුර බේසමින් .....

ටිකක් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනානේ... බ්ලොග් තරු වැඩේ නම් ගොඩාක් සාර්ථකයි.. මම ඒකේ හැබැයි පොස්ට් දාන්නේ මාසෙකටම එකයි නැත්නම් දෙකයි... ඒක ගැන ඔයාලට මොකද වෙන්නේ කියලා ඒ බ්ලොග් එකේ පොස්ට් වලින්ම කියන්නම්කෝ...

ඔන්න ඉතින් ඒ කතා පැත්තකින් තියමුකෝ... අද ආවේ කියන්න පොඩි කතාවක්..  මේ දවස් වල ටිකක් තදට වහිනවානේ.. ඉතින් මෙහෙම වැහපු දවසක උනු පොඩි කතාවක් මතක් උනා.. එක බ්ලොග් එකේ කුරු‍ටු ගාන්න හිතුවා...

කොහොමත් ඔ‍ෆිස්  වල  වැඩට උදව් කරන්න, තේ හදන්න , අතු පතු ගාන්න එහෙම ඉන්නවනේ පියන් ට අමතරව තවත් වැඩට කෙනෙක්... අපේ එකෙත් එහෙම ඉන්නවා ඔහෙම අය..

ටික කාලේකට ඉස්සර මෙහෙම වැසි දවසක ඔය වැඩට ඉන්න ගැනු කෙනාට එන්න බැරි වෙලා.. කොහොමහරි ඔය ඒ වෙනුවට එවන අය ඉන්නවනේ... එහෙම කෙනෙක්ව එවලා....

ටිකක් විතර වයසක අංකල් කෙනෙක් තමා අවිත් තියෙන්නේ... ඇවිත් හෙනම පොර කතා තමා කියන්නේ (උගේ වැඩ ටිකත් අපිට කරලා දෙන්න්න ඕන සයිස් එකේ ඒවා)

මැන්ගේ එක පුතෙක් එංගලන්තේ ඩොක්ටර් කෙනෙක්ලු....

ඉතින් මෙවා කරන්න ඕන කෙනෙක් නෙමේලු...

පොඩ්ඩක් අපේ වොශ් රුම් වල වතුර ටිකක් ස්පිඩ් එනවා මදි....

මැන් අපේ පියන් එක්ක කියනවා... මහත්තයා ශවර් ස්පිඩ් මදි අප්පා...
මේවාගෙන් හරි යන්නේ නැ..

අපේ යෙදර නම් මට එක ශවර් යෙකයි... නෝනට යෙකයි.. පොඩි දුවටයි ලොකු දුවට යෙකයි.... පුතාලට තව එකයි..
පියන් ඉතින් අහගෙන ඉදලා.... මුකුත් කියන්නත් බැනේ ඉතින් ඇත්තද දන්නේත් නැනේ...

ඔන්න ඉතින්
දවස ඔහොම ගෙවිලා යනවා කියමුකෝ... අපේ බැන්ක් එකේ උඩ තට්‍ටුවෙම කාමරයක් තමයි ඔය ලන්ච් එක ගන්න ටි හදන්න එහෙම තැනක් තියෙනේ.
ඕකේ සින්ක් එකක් තියනවානේ...

හවස සර් කෙනෙක් ඔතනට යනකොට මැන් කෙනෙක් බකට් එකකට වතුර එකක් පුරවගෙන ඔලුව දානවලු ගන්නවලු... නානවලු....

මාර වැඩේ තමයි වෙලා තියෙන්නේ අර ශවර් 5ක් 6ක් තියාගෙන නානවා කියපු මිනිහා වතුර බේසමකින් නානවලු...

ඇත්ත අපි ගොඩාක් හැමෝම පොසත් නැ තමයි... සමහර තැන් වලදි අපිට වෙනවා අපි ගැන කියන්න... ඒත් අයි අපි අහුවෙන අපිට කොහොමවත් නොගැලපෙන බොරු කියන්නේ.. ජිවිතේ හැමදේම හැමොටම නැ තමයි...

එත් අපි එහෙම කරන එක හරිද?????

32 comments:

  1. හ්ම්ම් ඒකනම් ඇත්ත තමා බං.මිනිස්සුන්ගෙ ගොඩක්ම තියෙන්නෙ මහ පුස් වැඩ.
    {මම මේ පැත්තෙ එන්නෙ නැ කිව්ව එකටත් එක්ක මෙන්න අද මුල්ම කමෙන්ට් එක මගෙන්.}

    ReplyDelete
  2. ඔය කියන්නේ ඇත්ත දේවා. බොහොම අයගේ තියන දුර්වලතාවයක් මේක. තියනවට වඩා පෙන්නන්න යන එක. හැබයි මේව අහු උනදාට යන එන මන් නැ.අපෙත් කාර්යාලයේ හිටියා ඔහොම කෙනෙක් එයා බලනකොට එයගේ බිරිදිටත් බොරු කරලා තියෙන්නේ බොරු පඩි විස්තර කියලා. අන්තිමට මේ හැමදේම අහු උනාම එයා ලොවෙත් නැති උනා.

    ReplyDelete
  3. සමාජයේ තවත් එක් පැති කඩක් ලස්සනට චිත්‍රණය කළාට ස්තුතියි.

    ReplyDelete
  4. සමහර අය කැමතියිනේ පම්පෝරි ගහන්න...එහෙම අය කියන ඒවා අහගෙන ඉඳලා අනිත් කනින් පිට කලහම ඉවරයි ;)

    ReplyDelete
  5. පොරට තද ඌෂ්ණයක් අල්ලන්න ඇති... අපේ එකේ ඉන්න සමහරුත් හෙන ටෝක් තමා දෙන්නේ...

    ReplyDelete
  6. උන් බොරු කිව්වම මොකෝ බන් කාටවත් පාඩූ නෑනේ. ඒ වගේද ගලක් නෑ කියල ඒ වෙනුවට කෝටී 450 ක් ණය ගන්න එක. පෙට්‍රල් ගැන කෙලිය කෙප්ප. බේත් ගැන කෙලින කෙප්ප...

    ReplyDelete
  7. එක අතකට අපි ඔය වගේ අය ගැන අනුකම්පා කරන්න ඕන.
    නිශාන්ත අයියා කිව්වා වගේ මේත් එක්තරා සමාජ කොට්ඨාශයක්..නේද.

    ReplyDelete
  8. මිනිහ ඇත්ත කීවද දන්නෙත් නැහැ.මගේ පාසල් මිතුරෙක් හිටියා. ඔහු බර්ගර් ජාතිකයෙක් ඒ වගේම එක්තරා ක්‍රීඩාවක් වෙනුවෙන් ලෝක ශුරතාවට පවා සහභාගී වුවෙක්.ඔහුගේ නිවසත් ඉතා මනරම් එකක් ඉතා ප්‍රසිද්ද ගගක් අසබඩ තිබුනේ.නමුත් ඔබ දන්නවද මගේ මිතුරාගේ පියා තම ජීවනෝපාය ලෙස පදික වේදිකාවේ පාවහන් අලුත් වැඩියා කලබව.මගේ මිතුරා හැඩරුවින් හොලිවුඩ් නළු ලියනාඩෝ ඩි කප්රියෝට බොහෝ සමානය ඔහු දකින කෙනෙකු ඔහුගේ පියා සපත්තු මසන්නෙකු බව කිසිදා විස්වාස නොකරනු ඇත.

    ReplyDelete
  9. Samaajaye pawathmata boru tikak kiwwata waradak naha kiyalayi mata hithenne, habayi defence karanna danaganna one.Samaajaye pawathmata boru tikak kiwwata waradak naha kiyalayi mata hithenne, habayi defence karanna danaganna one.

    ReplyDelete
  10. හූ ......හූ ..... කතාව දෝලාවෙන් ගමන පයින් කියන්නෙ ඔය වගේ සීන් වලට තමා .....

    ReplyDelete
  11. මරේ මරු!ව‍ට් අ පෝසිලිං ගැජට් කිව්වලු! ඔව්වද අයියෝ මිනිස්සුන්ට වෙන්නේ.... ඔයි නැට්ට නැතුව අලි මැරෙන්නේ!

    මරු කතාව අයියේ!මාත් මේ මේ පැත්තේ ගොඩ වැදුණාමයි!අර ගැජට් එකටත් තැන්කූ ඈ! ඒගැන වෙනම ලියන්න තරම් වෙලාවක් නැති නිසයි මෙහෙම ලීවේ!තරහා වෙන්න නම් එපා!

    ReplyDelete
  12. ඔය වගේ පම්පෝරි ගහන මිනිස්සු අප්‍රමාණයි මචන්..

    ReplyDelete
  13. අනේ අප්පා ඔය මහත්තයඩත් මර එව තමා අප්පා හිතෙන්නේ....

    ReplyDelete
  14. DILANKA : ඇත්ත තමයි යාලුවා.. එත් තේරෙන්නේ නැද්ද ඔය තරමට....
    ඔන්න ඇත්තටම අද නම් පලවෙනියා තමා....

    ReplyDelete
  15. ගිම්හානි : අනේ දෙවියනේ කාට බොරු කලත් බිරිදට බොරු කරන්නේ ඇයි.. සලරි එක අඩුවෙන්වත් කියලද???

    ReplyDelete
  16. කොහෙත් ඔය වගේ අය ඉන්නවා....අර කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියල කතාවකුත් තියනවනේ

    ReplyDelete
  17. සැලරි එක වැඩියෙන් කියලා පෙම් කරන කාලේ. හිතා ගන්න පුලුවන්නේ එහෙම කලාම බැන්දට පස්සේ මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  18. මහේෂ් : සමාජයේ එක්තරා අදුරු පැත්තක්, මේ දේ අයින් කරගන්න පුලුවන්නම් අපිට.......

    ReplyDelete
  19. deeps : එහෙම කරන්න පුලුවන්නම් ඇත්තටම අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නම් නැ තමා, එත් එතකොට ඒ අය හිතනවා අපි එයාලා කියන ඒවා පිලි අරගෙන කියලා.....

    ReplyDelete
  20. prasanna86k : උශ්නයක් කොහොමද බන් ඒසි එකේ අල්ලන්නේ

    ReplyDelete
  21. මාතලන් : එහෙම කතාත් කියලා තියනවාද අනේ මම අහලාම නැනේ

    ReplyDelete
  22. නිල් අහස : ඔව් අය්යේ අනුකම්පා කරනවා ඇරෙන්න අපිට ඒ අය හදන්න යන්න නම් බැ...

    ReplyDelete
  23. ඇනො : මාත් දැන් යම් තැනක උන්න්නට ගොඩාක් දුක් විදපු තාත්තා කෙනෙකුගේ පුතෙක්... පොර ටොක් දෙන්න තරම් තත්වයක් අපිට තිබුනේ නැ

    ReplyDelete
  24. සජිත් : ඔන්න කිවා ඉතින් කතාවක්...... ඔන්න මම නම් එකග නැ‍තෝ

    ReplyDelete
  25. පන්සල් හන්දිය : අන්න කතාව..... 100%ක් අය්යා හරි අය්යේ,,

    ReplyDelete
  26. ගැජට් බෝයි : සාදරයෙන් පිලිගන්නවා ඉතින් ඔන්න..... ආයේ එන්නකෝ

    ReplyDelete
  27. ChammA :ඒකනේ කියන්නේ... ඕවට වැඩිය කෙයා හොදම නැ‍තෝ

    ReplyDelete
  28. රතු මුහුද : හිකිස්... හිකිස්

    ReplyDelete
  29. සිතිවිලි නිහඩයි : නංගිටත් ඔන්න ඒක හරියටම තේරිලා

    ReplyDelete
  30. ගිම්හානි : අය්යෝ.... අඩුවෙන් කිවා නම් වැඩි ටිකට මොනවා හරි කරන්නවත් තිබ්බා,,,, අපරාදේ මැන් , දැන් කොහොමහරි ශේප් ද??? (මේ අක්කාගේ මහත්තයා එහෙම නෙමේනේ)

    ReplyDelete
  31. ඔහොම මිනිස්සු නම් අනන්තවත් ඉන්නවා.
    මිනිස්සු නිකන් පොෂ් වෙන්න යනවා.
    ඊට වඩා හොද නද්ද තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියලා හිත හදා ගත්තා නම්...

    ReplyDelete
  32. he he ඔහොම මිනිස්සු පම්පෝරි ගහන ඒව අහන් ඉන්න එකත් මට නම් හරිම වදයක්!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....