ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 February, 2014

දැයට කිරුල 2014

දැයට කිරුල ප්‍රදර්ශනේ මේ පාර අපේ ගම් පලාතට ආවත් ඉතින් පහුගිය දවස් ටිකෙම එක එක දේවල් එක්ක ගෙවුන නිසා ( ඒ දෙවල් වල ප්‍රථිපල තාම ලැබුනේ නෑ ) ඒ පැත්තේ යන්න උනේ නැති උනත් ඊයේ ඒ පැත්තේ යන්න පුලුවන් උනා. තාම පටන් ගත්තු සමහර සන්වර්ධන වැඩසටහන් ඉවර වෙලා තිබුනේ නැතත් දැයට කිරුල නිසා වයබට ඉක්මන් සන්වර්ධනයක් ලැබිලා නැ කියලා නම් කියන්න බැ.
අක්කර එකසිය හැට ගනනක් පුරා දෑයට කිරුල ප්‍රදර්ශනය පැවත්වෙන බැවින් එක දවසකින් බලලා ඉවර කරන්න බැරි වෙන්නත් පුලුවන්. එත් සමහර කුටි ලොකුවට තිබුනට එවගේ ෆොටො කතා විතරක් තියන තැන් නොතිබුනා නෙමේ. දැනුවත් කිරිමේ පිරිස් අඩු නිසා ඒ වගේ කුටි වල එතරම් ජනතා ගැවසිමක් දකින්න ලැබුනෙත් නැ. නගරයේ හැම තැනම වාගේ රථ ගාල් ඉදිකරලා තියන නිසා වාහනයකින් එනවා නම් ඒ පිලිබද ගැටලුවක් ඇති කරගන්න උවමනා වෙන්නේත් නැ. මොකද සමහර රථගාල් දවසටම වාහනයක් දැකලවත් නැ.

බොහො ජනතා ආකර්ශනයක් හා ගැවසිමක් දක්නට ලැබෙන්නේ හමුදා ප්‍රදර්ශන කුටි වල වගෙම, කෘෂිකාර්මික ප්‍රදර්ශන ප්‍රදේශ වල නිසා වැඩි කාලයක් ඒ තැන් වල ගත කරන්න වෙනවා.

මේ මාසෙ 27 වෙනිදගෙන් අවසන් වෙන්න තිබුනත් මාර්තු 1 දක්වා දිර්ඝ කරලා තියන නිසා ආවෙ නැති අයට මේ පැත්තේ ඇවිත් යන්න එන්න පුලුවන් ඔන්න.









































හැමදාම හවස 4ට පැරිශුට් සන්දර්ශනයකුත් තියන නිසා ඒ වෙලාවෙත් එතන ඉන්න පුලුවන්නම් වටිනවා. ඒ මොහොතේ විඩියො ගත කලත් ඒකත් මේ බ්ලොග් පොස්ට් එකට එල්ලුවොත් බලන්න බැරි වෙන නිසා එක බුකි ගත කරනම්කො..

මේ දවස්වල විවේකයක් තියනවානම් ඇවිත් යන්න එන්න



07 February, 2014

ඇත්තටම වැරදි කවුද?... Facebook ද?

2014 උදාවෙලා මාසයකුත් ගෙවිලා ගිහින්.කොහොම උනත් උදා වුනු 2014 වසර බ්ලොග් ලියන කියවන හැමොටම සුභම ශුභ නව වසරක්ම වෙවා...
අද උදේම අහන්න ලැබුනේ ෆේස් බුක් එකට බනින පුවතක්. ෆේස් බුක් පලවුනු පින්තුරයක් ගැන ප්‍රශ්න කිරිමක් නිසා 17 හැවරිදි සිසුවියක් සියදිවි නසාගෙන (මෙතන මට ඇහුන විදිහ වැරදි නම් නිවරැදි කරන්න )

මෙ වගෙ දෙයක් උන ගමන් සිදුවන මුලම දේ හැමදෙටම පලි ෆෙස් බුක් එක තිබුනේ නැත්නම් මෙහෙම වෙන්නේ නැනේ කියල එකට බනින්න එක තහනම් කරන්න දගලන එකනෙ.

ඇත්තටම මෙතන වැරද්ද ෆේස් බුකියෙද එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ ආකල්පද? පුන්චි වයසට හිතනකොට ලොකුම වැරද්දක් තමන්ට උනා වගේ හැගිමක් දැනෙන එක සාදාරනයි. එත් මෙතරම් දෙයක් දරාගන්න බැරි තරම් හිත් ශක්තිමත් නැ කියලා හිතනකොටත් අනගතේ ප්‍රශ්න ආවොත් කොහොම මුහුන දෙවිද කියලා හිතන්න වෙනවා. පාසලකින් පොතේ පතේ දැනුම විතරක් දිලා විභහගයක් පාස් කරන එක විතරක් කරන්න ඔනා කියලා හිතන තත්වයකට පත් වෙලා නම් එතන මේ සමාජෙට ලොකු වැරද්දක ආරම්භයක් වෙන්න පුලුවන්. ආදරය කරන එක ලමා මනසට ගැලපෙනවා කියලා සාදාරිනකරනය කරන්න බැරි උනත් උගත් , සමාජ දැනුමක් තියන වැඩිහිටි පිරිසක් කරන්න දෙවල් ගොඩක් තියනවා ළමයෙක් වැරද්දක් කරනවා නම්.

ෆෙස් බුක් කියන්නේ නරක දෙයක් නෙමේ. නරක දෙවල් ඔන තරම් අන්තර්ජාලෙ තියනවනේ. හැබැයි එකට විසදුම අන්තර්ජාලේ භාවිතා කරන එක තහනම් කරලා ආපහු ගල් යුගයට යන එකත් නෙමේනේ....  

ඇත්තටම මට හිතාගන්න බැරි මෙතන වැරදි කවුද කියන එක විතරයි..

මේ වැරද්ද කරපු ලමයාද?
ෆේස් බුක් එකේ ඒවා බලලා ප්‍රින්සිපල්ට කියපු ගුරුවරියද?
ළමයි ගොඩක් ඉස්සරහ අසභ්ය වචනයෙන් ළමයට කතා කරපු ප්‍රින්සිපල්ද
එහෙමත් නැත්නම් ළමයාගේ දෙමව්පියන්ද?
එහෙමත් නැත්නම් ෆේස්බුක් හදපු මාක් ද?

කාලෙකට පස්සෙ ලියන්න පටන් ගත්ත නිසා කතා කරන්න වුවමනා මාතෘකාවක් උනත් දිගට කතා කරන්න ටිකක් අමාරුයි...

වි ඩේ එකත් ලග එනවා ඒ කාලේ ලියපු පොස්ට් එකක් මෙතන ඇති..

එහෙමනම් ජය වෙවා


30 December, 2013

සුභ නව වසරක් වේවා - Happy New Year 2014

දවසින්දවස ගෙවිලා 2013 කියන අවුරුද්දත් ඉවර වෙන්න තව දවස් දෙකක් විතරයි අද දවසත් එක්ක තියෙන්නේ...







ගෙවෙනඅවුරුද්ද දිහා හැරිලා  බලනකොට  ලබා ගත්තු දේවල් වගේම ලබාගන්න බැරි උණුදේවලුත් තියනවා නමුත් ඇත්තටම  අවුරුද්දක්  විදිහට  හැරිලා  බලනකොට  ගොඩාක්  පිස්සු  කෙලපු  අවුරුද්දක්... ජිවිතේ  අවුරුද්දක  ගිය  වැඩිම  ට්‍රිප්  ගියේ  මේ  අවුරුද්දේ  ලබන අවුරුද්දේ  මේ රෙකෝඩ් එක කඩන්න බලාපොරොත්තුවකුත්  තියනවා හැබැයි.

රැකියා  ස්ථානේ  පොඩි වෙනසක් එක්ක වගේම කොලබ  බෝඩිම් ජිවිතෙකට  හුරු උන එකත් එක්ක සමහර සමහර වෙනස් කම් එක්ක  ජිවිතේ ගලාගෙන  ගිය එකෙත් අමුතුම දෙයක් වෙලා

නොදන්නා ගොඩාක්  දෙනා ගැන දන ගන්න වගේම දැන ගෙන හිටපු අය ගැන වැඩියෙන් දැන ගන්න ඕනවට වඩා අවංක වෙන්න හොද නැ කියන පාඩමත් මම  මේ අවුරුද්දේ ඉගන ගත්තා...

ජිවිතේ  ගොඩක් වෙනස් කම් 2014 අවුරුද්දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න  නිසා 2013 ට වඩා 2014 ගොඩාක් ලස්සන වේවි කියලා හිතනවා... එත් කවුද දන්නේ ජිවිතේ කොහොම ගෙවෙයිද කියලා....

ආයෙමත් පරණ විදිහට 2014 බ්ලොග් ලියන්න පටන් ගන්නවා වගේමඋදාවෙන 2014 බ්ලොග් ලියන කියවන හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා




22 December, 2013

CYBER BEACH PARTY 2013 - 12 -21

සින්හල බොලොග් කරුවන්ගේ තවත් එකමුතු වෙලා කරපු වැඩක් ඔන්න 2013 -12-21 දවස පුරා ගල්කිස්ස ජො ජො මුහුදු වෙරල තිරයේ පවත්වන්න යෙදිලා තියනවා... ඔන්න එකට දේවාත් ගිහින් ලු... ඒ ගියා කියන්න මාසයකට විතර පස්සේ මේකේ අකුරු කිපයක් කොටලා යන්න හිතුනා

වෙනදා තරම් මඩ වෙන නම් මම මෙකෙදි නම් දැක්කේ නම් නැ... මඩ නැති බ්ලොග් ගෙට් තියන්න විදිහක් නැති නිසා එවා තියන අයට දාගන්න ඉඩ දිලා අපි ඉතින් මෙවන් අවස්තාවක් උදා කරලා දුන්නු සන්විදායක මන්ඩලෙට ගොඩාක් තැන්කු කියල ආයේ කවදා හරි පොස්ට් එකකින් මුන ගැහැනකන් ජයවෙවා කියන්නම්




































more photos : on my fb wall