ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 February, 2014

දැයට කිරුල 2014

දැයට කිරුල ප්‍රදර්ශනේ මේ පාර අපේ ගම් පලාතට ආවත් ඉතින් පහුගිය දවස් ටිකෙම එක එක දේවල් එක්ක ගෙවුන නිසා ( ඒ දෙවල් වල ප්‍රථිපල තාම ලැබුනේ නෑ ) ඒ පැත්තේ යන්න උනේ නැති උනත් ඊයේ ඒ පැත්තේ යන්න පුලුවන් උනා. තාම පටන් ගත්තු සමහර සන්වර්ධන වැඩසටහන් ඉවර වෙලා තිබුනේ නැතත් දැයට කිරුල නිසා වයබට ඉක්මන් සන්වර්ධනයක් ලැබිලා නැ කියලා නම් කියන්න බැ.
අක්කර එකසිය හැට ගනනක් පුරා දෑයට කිරුල ප්‍රදර්ශනය පැවත්වෙන බැවින් එක දවසකින් බලලා ඉවර කරන්න බැරි වෙන්නත් පුලුවන්. එත් සමහර කුටි ලොකුවට තිබුනට එවගේ ෆොටො කතා විතරක් තියන තැන් නොතිබුනා නෙමේ. දැනුවත් කිරිමේ පිරිස් අඩු නිසා ඒ වගේ කුටි වල එතරම් ජනතා ගැවසිමක් දකින්න ලැබුනෙත් නැ. නගරයේ හැම තැනම වාගේ රථ ගාල් ඉදිකරලා තියන නිසා වාහනයකින් එනවා නම් ඒ පිලිබද ගැටලුවක් ඇති කරගන්න උවමනා වෙන්නේත් නැ. මොකද සමහර රථගාල් දවසටම වාහනයක් දැකලවත් නැ.

බොහො ජනතා ආකර්ශනයක් හා ගැවසිමක් දක්නට ලැබෙන්නේ හමුදා ප්‍රදර්ශන කුටි වල වගෙම, කෘෂිකාර්මික ප්‍රදර්ශන ප්‍රදේශ වල නිසා වැඩි කාලයක් ඒ තැන් වල ගත කරන්න වෙනවා.

මේ මාසෙ 27 වෙනිදගෙන් අවසන් වෙන්න තිබුනත් මාර්තු 1 දක්වා දිර්ඝ කරලා තියන නිසා ආවෙ නැති අයට මේ පැත්තේ ඇවිත් යන්න එන්න පුලුවන් ඔන්න.









































හැමදාම හවස 4ට පැරිශුට් සන්දර්ශනයකුත් තියන නිසා ඒ වෙලාවෙත් එතන ඉන්න පුලුවන්නම් වටිනවා. ඒ මොහොතේ විඩියො ගත කලත් ඒකත් මේ බ්ලොග් පොස්ට් එකට එල්ලුවොත් බලන්න බැරි වෙන නිසා එක බුකි ගත කරනම්කො..

මේ දවස්වල විවේකයක් තියනවානම් ඇවිත් යන්න එන්න



26 comments:

  1. එන්න ඕන බොලේ.... වෙලාවක් නැති එකනෙ පුරස්නෙ...

    ReplyDelete
    Replies
    1. වෙලාව හදාගෙන එන්න බලමුකෝ

      Delete
  2. අපරාදේ ෂල්ලි මෙයා.

    ReplyDelete
    Replies
    1. තොපිල අපේ ඔක්කොගෙම තමයි බොල... උඹල වගේ රන් ගොජාගේ සරමට චන්දේ දේන ගමේ බයියලලාට තෙරෙන් නැති එකයි අවුල...රටේ බාගෙටත් වැඩියෙන් ඉන්නේ උබලා වගෙ උන්නේ...

      Delete
  3. විස්තර දකිද්දි අහද්දි යන්න ආස හිතුනත් වේලාවක් නැහැ නේ... :(

    ReplyDelete
  4. මටත් යන්න වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඇවිත් යන්න එන්න අයියා

      Delete
    2. ඇවිත් යන්න එන්න අයියා

      Delete
    3. ඇවිත් යන්න එන්න අයියා

      Delete
    4. ඒක තුන්පාරක්ම කියලා... :)

      Delete
  5. මෙච්චර අත ලඟට ඇවිල්ලත් බලන්න වෙන්නේ නෑ. විභාග අබාගේ!!!

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට පැත්තේ යනවා අඩි දෙකෙ තුනේ දුරට එන්න බැලුනේ අෆ්ෆා

      Delete
  6. ත්‍රිවිධ හමුදාවේ නම් බලන්න දේවල් ගොඩක් තියෙනවා වගේ ෆොටෝ දැක්කම ආස හිතුනා ඒත් ඉතින් දුරයි නේ


    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. ගොඩාක් දුරයි කිවෙ කොයි පලාතේ වගෙද

      Delete
  7. රතු ප‍තෝලත් තියෙනවද දේවා? අර ගෝවා අරෙහෙම හැදිලා තියෙන්නේ මොනවා දාලද බං? පොඩ්ඩක් විස්තර කියාපංකෝ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුව යට වැටිලා අයියා

      Delete
  8. එන්න හිතං ඉන්නවා බලමු..

    ReplyDelete
  9. එතන තිබුනා අය්‍ යා. පාට කරලද කොහෙද. හැබැයි ඉතින් ඔය දෙවල් කොහොම හැදුනද මන්දා මේ දවස්වල පායන හැටියට. කියපු විදිහට 40 ලක්ශයක විතර වියදමක් ගියා කියලා තමයි කිවේ නම්

    ReplyDelete
  10. එන්න බැරි අපි වගේ එවුන්ට පින්තුර ටික වටිනවා මලේ
    රතු පතෝල දැක්කමයි
    අර පාර අයිනේ ගෝවා නං ට්‍රාන්ස්පෝර්ට් කරපුවා වගේ

    ReplyDelete
  11. ඔන්න දේව් මම ඉස්සරවෙලාම ඔයාගෙ අඩිවියට ආවා.දැයට කිරුළ ගමටම ආව කියන්නෙ ඔයා කුලියපිටියෙද?

    ReplyDelete
  12. යන්න නම් පැයක් යන්නෙත් නෑ..නැන්දලත් ඉන්නෙ ඔහෙ තමයි...ඒත් වෙලාව තමයි ප්‍රශ්නේ....ලාස්ට් චාන්ස් එක සෙනසුරාදා තමයි.....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....