ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

07 February, 2014

ඇත්තටම වැරදි කවුද?... Facebook ද?

2014 උදාවෙලා මාසයකුත් ගෙවිලා ගිහින්.කොහොම උනත් උදා වුනු 2014 වසර බ්ලොග් ලියන කියවන හැමොටම සුභම ශුභ නව වසරක්ම වෙවා...
අද උදේම අහන්න ලැබුනේ ෆේස් බුක් එකට බනින පුවතක්. ෆේස් බුක් පලවුනු පින්තුරයක් ගැන ප්‍රශ්න කිරිමක් නිසා 17 හැවරිදි සිසුවියක් සියදිවි නසාගෙන (මෙතන මට ඇහුන විදිහ වැරදි නම් නිවරැදි කරන්න )

මෙ වගෙ දෙයක් උන ගමන් සිදුවන මුලම දේ හැමදෙටම පලි ෆෙස් බුක් එක තිබුනේ නැත්නම් මෙහෙම වෙන්නේ නැනේ කියල එකට බනින්න එක තහනම් කරන්න දගලන එකනෙ.

ඇත්තටම මෙතන වැරද්ද ෆේස් බුකියෙද එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ ආකල්පද? පුන්චි වයසට හිතනකොට ලොකුම වැරද්දක් තමන්ට උනා වගේ හැගිමක් දැනෙන එක සාදාරනයි. එත් මෙතරම් දෙයක් දරාගන්න බැරි තරම් හිත් ශක්තිමත් නැ කියලා හිතනකොටත් අනගතේ ප්‍රශ්න ආවොත් කොහොම මුහුන දෙවිද කියලා හිතන්න වෙනවා. පාසලකින් පොතේ පතේ දැනුම විතරක් දිලා විභහගයක් පාස් කරන එක විතරක් කරන්න ඔනා කියලා හිතන තත්වයකට පත් වෙලා නම් එතන මේ සමාජෙට ලොකු වැරද්දක ආරම්භයක් වෙන්න පුලුවන්. ආදරය කරන එක ලමා මනසට ගැලපෙනවා කියලා සාදාරිනකරනය කරන්න බැරි උනත් උගත් , සමාජ දැනුමක් තියන වැඩිහිටි පිරිසක් කරන්න දෙවල් ගොඩක් තියනවා ළමයෙක් වැරද්දක් කරනවා නම්.

ෆෙස් බුක් කියන්නේ නරක දෙයක් නෙමේ. නරක දෙවල් ඔන තරම් අන්තර්ජාලෙ තියනවනේ. හැබැයි එකට විසදුම අන්තර්ජාලේ භාවිතා කරන එක තහනම් කරලා ආපහු ගල් යුගයට යන එකත් නෙමේනේ....  

ඇත්තටම මට හිතාගන්න බැරි මෙතන වැරදි කවුද කියන එක විතරයි..

මේ වැරද්ද කරපු ලමයාද?
ෆේස් බුක් එකේ ඒවා බලලා ප්‍රින්සිපල්ට කියපු ගුරුවරියද?
ළමයි ගොඩක් ඉස්සරහ අසභ්ය වචනයෙන් ළමයට කතා කරපු ප්‍රින්සිපල්ද
එහෙමත් නැත්නම් ළමයාගේ දෙමව්පියන්ද?
එහෙමත් නැත්නම් ෆේස්බුක් හදපු මාක් ද?

කාලෙකට පස්සෙ ලියන්න පටන් ගත්ත නිසා කතා කරන්න වුවමනා මාතෘකාවක් උනත් දිගට කතා කරන්න ටිකක් අමාරුයි...

වි ඩේ එකත් ලග එනවා ඒ කාලේ ලියපු පොස්ට් එකක් මෙතන ඇති..

එහෙමනම් ජය වෙවා


19 comments:

  1. ළමයින්ට හරි වැරදි කියා දෙන්නෙ කොහොමද බං වැඩිහිටියෝ හරි වැරැද්ද දන්නෙ නැති කොට.....දන්නවනං මෙහෙම දේවල් වෙනවැයි....

    ReplyDelete
  2. මට නම් හිතෙන්නේ අර ගුරුවරී මේ ළමයගේ පුද්ගලික ජීවිතයටත් ඇඟිලි ගහන්න උත්සහ කරලා කියලා. ඒ ළමයගේ ෆේස්බුක් ගිනුම කියන්නේ පුද්ගලික දෙයක්. ගුරුවරුන්ට ළමයින් ගැන ඔය විදිහට හොයල බලන්න පුලුවන් වෙන්නේ ඉස්කෝලෙ වෙලාවෙදි විතරයි.


    තව දෙයක් තමා තමන්ගේ අතීශය පුද්ගලික දේවල් සමාජ ජාල වෙබ් අඩවි වලට අතාරින එක එච්චර සුබ නෑ..

    ReplyDelete
    Replies
    1. හොද ගුරුවරුත් ඕන තරම් ඉන්නවා ලමයින්ගේ හරි වැරදි හොයලා කියන කිප දෙනෙක් තමා ඉරිසියාව වපුරවන්නේ මොනවා උනත් මීට වඩා ලමයාත් ඉවසන්න තිබුනා

      Delete
  3. මන් හිතන්නේ මාක් වැරදි කාරයා . මාක් කාරයා කෙට්ටු නිසා අපි මහතා පොරක් සොයන්න වෙනවා ඇතා ලවා පාගන්න .

    ReplyDelete
  4. තවමත් අපේ සමාජේ ගොඩක් දෙනෙක් අන්තර්ජාලය දකින්නෙ හිතින් මවා ගත්තු යකෙක් දිහා බලන විදියට. ඒ නිසා තමයි අපිට මේ වගේ දේවල් අහන්න දකින්න වෙන්නෙ. අපේ සමාජයේ මැජික් කියලා හංගන්න ඈත් කරන්න උත්සාහ කරන දේ විවෘතව කතා කළානම් මත්ද්‍රව්‍ය ගැන වුනත් ආදර සම්බන්ධතා සමඟ බැඳුනු ලිංගිකත්වයයි අපරාධයි ගැන වුනත් මේ තරම් ප්‍රශ්න ඇති නොවේවි. මේ ගැන කතා කළාම සිංහලකම නැති වේවි කියල බය වෙන්න දෙයක් නෑ. හංගන දේ වැඩි වෙන තරමට ඒ දේ වෙනුවෙන් ප්‍රචාරණය වෙනවා වැඩි.
    මෙතැනදි ගුරුවරියට පුලුවනි උපදෙස් දෙන්න. ඒක බාර ගත්තෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රශ්නෙ ගැන කතා කරනවට වඩා අපිට පුලුවන් නම් ප්‍රශ්නෙ ඇති වෙන්න පුලුවන් ආකාර හොයා බලලා ඊට පිළියම් යොදන්න ඒක සාර්ථක වේවි ගුරුවරියටවත් ළමයාටවට වැරැද්ද පටවනවාට වඩා.

    ReplyDelete
  5. මෙතන වෙලා තියෙන්නෙ ප්‍රිංසිපල්, ගුරුවරු තමංගෙ සීමාව ඉක්මවා ගිහිල්ල කටයුතු කිරීම මට හිතෙන හැටියට. සම හරක් ඉන්නව තමං ඉස්කෝලෙන් එළියට ආවට පස්සෙත් ප්‍රිංසිපල් කියල හිතාගෙන ඉන්න සහ ළමයින්ගෙ හැමදෙයක්ම පාලනය කරන්න බලයක් තියෙනව කියල හිතාගෙන ඉන්න.

    ReplyDelete
  6. වැඩිහිටි පරම්පරාව බලන් ඉන්නේ බුකියට ලෙඩේ අදින්නම නෙ!
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
  7. අළුත් දේ ට බය, අළුත් වෙන්නත් බය වැඩිහිටි පරපුරක් බලගතු වුණා ම මේ වගේ ශාපලත් සිදුවීම් තව ඕන තරම් වෙන්න පුළුවන්. ඒ ශාපය ඉස්සරහ අනිත් අයගේ ඉරණම සිය දිවි නසා ගැනීම විතරක් වෙන එක නවත්වගන්නේ කොහොමද?

    ReplyDelete
  8. මං මේ කතාවේ අගක් මූලක් දන්නේ නෑ. දාමු බලන්න ලින්ක් එකක්වත්.

    එහෙමත් නැත්නම් ෆේස්බුක් හදපු මාක් ද?

    මම ඊයේ බැලුවා මාරක සකරබරගගේ කතාව. The Network . බූවත් අනිත් උන්ගේ බෙලි කපාගෙන තමයි වැඩේ කරලා තියෙන්නේ. පොත The Accidental Billionaire.

    ReplyDelete
  9. හදහන බලාගත්තොත් නරකද ?
    සිංහල ජ්‍යොතිෂ ලිපි මාලාව.ජ්‍යොතිෂ දෑනුම සමග ජීවිතය සාර්තක කරගෑනීමට ලාංකික ඔබට මගපෙන්වීමක්.
    Read More >> www.obehadahana.blogspot.com

    ReplyDelete
  10. ඇත්තටම අද ලමයින්ට තමන් තමන්ව පාලනය කරගන්න එහෙමත් නැත්නම් ගැටලුවකට මුහුණ දෙන හැටි කියල දෙන්නෙ නැද්ද. අඩුම තරමෙ ගෙදරදිවත් එහෙම නොවෙන එක ගැටලුවක් අපි ඉස්සර කොච්චර ගුටිකාල ඇද්ද අද ලමයෙක් ගැහැවොත් බැන්නොත් දැඩි තීරණ ගන්නවා. අවුල ඒකයි

    ReplyDelete
  11. දඩුවමක් දෙන්න ඔන නිවරදි වෙන්න මිසක් වැනසෙන්න නෙමෙයි.ලමයෙකුට අවවාදයක් දෙනකොට ටිකක් දුර හිතල නිවරදි විදියට නොකිරිමෙ න් තමයි මෙහෙම දෙ වෙන්නෙ.

    ReplyDelete
  12. වැරදි කවුරු වුනත් දැන් ඒ සිසුවිය ජීවිතේ නැති කර ගෙන.. ආයේ මොනා කලත් ඒ ජීවිතේ ලැබෙන්නේ නැහැනේ..

    ReplyDelete
  13. ඔය ප්‍රින්සිපල්ට ළමයි නැද්ද් දන්නෙ නෑ ෆේස් බුක් ගැන ටිකක් කියලා දෙන්න

    ReplyDelete
  14. උඹගේ බ්ලොගයට අද තමයි මුලින්ම ආවේ. නැවත එන්නම්.ජය වේවා!!

    ReplyDelete
  15. වරද ෆේස්බුක් නෙවෙයි. මෙහි වරද ඇත්තේ ලිංගික කුහකත්වය ඔලුවේ පුරවාගත් ගතානුගතික ගොන් විදුහල්පතිගේ මෝඩ හැසිරීමයි.

    ReplyDelete
  16. දැන් ඉතිං කවුරු වැරදි උනත් ඒ ළමය මැරිල ඉවරයි නේ? :( සිස්ටම් එකම වෙනස් කරන්න වෙයි එහෙම බැලුවොත්...

    පිරිසක් ඉදිරියේ "වේසි" වගේ වචනයක් පාවිච්චි කරල ගැණු දරුවෙකුට බැනපු ප්‍රින්සිපල් වැරදි... ඔයිට වඩා වචන පාවිච්චි කිරිමේ සංයමයක් තියාගන්න තිබ්බා. විනයක් ඕන තමයි. එත් ඒ වචනේ හරි කියල කියන්න බැහැ.

    අනික් අතට ළමයාට උනත් පොඩ්ඩක් ඉවසන්න තිබ්බා සියදිවි නහ ගන්නේ නැතිව. ඒක ලොකු පවක් නෙව.

    අම්මල තාත්තලට උනත් ළමය ගැන සැලකිලිමත් වෙන්න තිබ්බ. දුකින් ඉද්දි, හිත හදන්න තිබ්බ.

    මුණු පොතේ හොඳයි නරකයි දෙකම තියෙනවා...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....