ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

09 February, 2016

කාලෙකට පස්සේ..... Re Launch

බ්ලොග් එකක් කියලා මටත් තිබුනා කියලා මතක් වෙන විදිහට බ්ලොග් ගැන පොඩි පොඩි දේවල් කතා කරන එකෙක් එක්ක ටික දවසක් ඉන්න වුන හින්දා මේ පැත්තට ඔලුව දාන්න පුළුවන් උනා... 
බ්ලොග් ලියන වේගේ කොයි තරම් වැඩි වෙලාද කියනවා නම් පහුගිය අවුරුදු දෙකටම පොස්ට් 5 ක් වගේ ලොකු ගානක් ලියවිලා තියනවා...

ඔය එක එක හේතු වැඩ වලට හිර වෙලා ඉන්න අතරේ මේක අමතකම වෙලා ගියානේ ඇවිත් බලනකොට ඉතින් හිත කවුන්ටරේ ඉතින් 300004ක් වෙලා.... මේවා ඉතින් අර මාතලන් වගේ බ්ලොග් ලෝකේ පතාක යෝධයන්ගේ බ්ලොග් හිට් කවුන්ටර එක්ක බලනකොට සැලකිය යුතු ගානක් නම් නෙමේ තමා ඉතින්.. 

මොනවා උනත් ඉතින් ලංකාවට එන්නත් තව වැඩි කාලයක් නෑ කියලා හිතාන ඉන්න එකේ පොඩ්ඩක් මේකටත් ටික ටික ඔලුව දාගෙන ඉන්න කියලා තමා හදන්නේ ඔන්න ඉතින් අද ඉදන්.

මිට අවුරුද්දකට දෙකකට කලින් උන්නු ඔක්කොම ඉන්නවද කියලා නම් හොයා ගන්න බැරි උනා...  සමහර ය මුණු පොතෙන් විතරක් දකිනවා කාලෙකින් වචනයක් දෙකක් කතා කරනවා ඇරෙන්න එකේ ඉන්නවත් නිදහසක් නැති හැටි...

වෙලාවකට හිතෙනවා මේ කරන දේවල් මොනවටද කියලා.  නිදහසක් නැතිව වැඩ කරනවා සල්ලි හොයනවා වියදම් කරනවා ඔය ඔක්කොම කරලා මැරිලා යනවනේ... ඉතින් ඊට පස්සේ පින් කරලා තිබුනොත් ඉපදේවි එහෙම නැති උනොත් කොහේ හරි මොන ආත්මයක් හරි ලබයි.. පහුගිය ආත්මේ ගැන දන්නේ නැ වගේම ඉස්සරට ඉන්න ආත්මේ ගැනවත් පොඩි දැනුමක් ගන්න තරම් නම් ඉතින් අපිට බලයකුත් නැහැනේ...

කොහොම හරි ඔහොම ඉතින් ඉපදිලා මැරිලා , මැරිලා ඉපදිලා කවදාහරි කෙලවරකුත් එනවලුනේ... මම නම් හැබැයි ඕක කෙලවර වෙනවට ආස නෑ.. (මම ආස නැත්තේ හොදද?) 
එහෙම ඉවර උනොත් ඉතින් මොකද ටෙලි ඩ්‍රාමා එකක් ඉවර උනා වගේ නෙමේනේ.. එක නම් ඉවර උනහම ආයේ වෙන එකක් හොයාගෙන හරි බලන්න පුළුවන්නේ. එත් ඉතින්ඒ වගේද මේක.. 

ඔය දේවල් ඔහොම තියාගෙන ඕක දැනගෙන මිනිස්සු ජාතියකට ආගමකට මරා ගන්නවා.. ලැබිලා තියන ජිවිතේ සතුටින් හැමෝම එක්ක හැමෝටම පුලුවන්නම් එක කොයි තරම් හොද වෙයිද? ඒවා නම් ඉතින් මේ ශත වර්ශේ වෙන එකකකුත් නැ. ඒ නිසා ඒවා ගැන කතා කරලා වැඩකුත් නෑ  

ලියන්න පටන් ගන්න්න ඕනා නිසා පොඩ්ඩක් විකාරයක් එක්ක වචන ටිකක් පටල ගත්තා.... ඉස්සරහට තව එක එක ඒවා ටිකක් පටලාගෙන ඉමුකො...

එන පාරත් ටිකක් වෙනස් කළා

sadaru-world.blogspot.com එකෙන් වගේම දැන් ඉතින් www.devaka.info/ එකෙනුත් මේ පැත්තේ එන්න පුළුවන්


ආයේ එනකන් ඉතින්, ජය හා සතුට




16 comments:

  1. මොකෝ බැංකුවක් පොල්ලක් තිබ්බයි මේ පැත්ත මතක් උනේ.. හා හා ලියමුකෝ.. අර පතාක යෝධයා ගැන නං කියල වැඩක් නෑ බං.. හැක්

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මොනවද මිනිහා ගැන නරක කතා ද සමාජේ තියෙන්නේ

      Delete
  2. සතුටක් නැවතත් ලියනවා දකින්නට ලැබීම.ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කාලෙකින්.... දකින්න ලැබීම සතුටක් ඇත්තටම

      Delete
  3. ඔන්න ඔහේ ලියමු ආයෙත් පටන් අරගෙන. පහුගිය් කාලේ ඔලුවේ පිරිච්ච දේවල් ඇතිනේ එලියට දාන්න.

    ReplyDelete
    Replies
    1. ආයේ ලියන්න කියලා හිතුවා..... ස්තුතියි.....

      Delete
  4. Replies
    1. අම්මෝ............. නාඩියා දැක්ක කල්

      Delete
  5. ඔය කිව්වට උඹ මුට්ටිය දාලා බලලා අතුරුදහන් වෙයි ආයෙම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් අම්මේ..... ඉතින් පරණ අය දන්නවානේ හැටි නේද?
      එත් වෙනසක් කරන්න ඕනි

      Delete
  6. බොහොම කලකින්.දිගටම ලියන්න මල්ලී.

    ReplyDelete
    Replies
    1. තාමත් අක්කා කියවන්න එනවා නේද? ස්තුතියි අක්කා

      Delete
  7. දේව් දිගට ම ලියමු...........ජයවේවා.........

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....