ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

16 February, 2016

බලාගෙනයි පරිස්සමින්. අන්තර්ජාල හොරු හැමතැනම - Internet thieves


තාමත් කීප දෙනෙක්ට හරි අපිව  මතක තියන එක සතුටු වෙන ගමන් ලියන්න උන්නු ලිපිය නම් නෙමේ.. එත් බුකියේ දැකපු පොස්ට් එකක් නිසා ටිකක් ලියන්න හිතුන දෙයක්..

කියන්නේ නැතිව පොටෝඑක ඉස්සුව නිසා නම අයින් කළා   
සමහර  විට  මේක කලින් බුකියේ ගොඩක් දෙනෙක් දකින්න  ඇති මොකද  මේක තිබුනේ  කලින් බ්ලොග් පොස්ට් එකේ  කිවා වගේම  තවත්  බ්ලොග් ලියන ලොකු මහතැන් කෙනෙක්ගේ බුකි ගිණුමේ නිසා...

පොස්ට් එකට මාතෘකාව වෙන්නේ අන්තර් ජාල රැවටීම්.... මේ කලින් දාපු පොටෝ  එකට සම්බන්ද විදිහේ අන්තර්ජාල රැවටීම් දෙකක් ප්‍රධාන වශයෙන් මම දැකලා තියනවා,.

1) ඔයාගේ සර් නේම් එක තියන කෙනෙක් ලොකු සල්ලියක් තිබිලා මැරිලා ගිහින් තියනවා එයාටසම්බන්ද වෙන කවුරුවත් නෑ... අපි ඔයාව හොයා ගත්තා මේවාට ඔයාට අයිතියක් තියනවා කියලා දැනගෙන විස්තර කියන්න ඔයාගේ විස්තර කියන්න

2 ) මම ජිවත් වෙන්නේ මේ...........රටේ...මගේඅම්මයි ,තාත්තයි දෙන්නම යුද්දයක්  හරි මොනවාහරි හේතුවකින්නැති උනා. මට මේ රටේ කවුරුවත් නෑ.. එත් මගේ අම්මයි තාත්තයි ලොකු සල්ලියක් ඉතුරු කරලා තියනවා... හැබැයි ඒවා මට මේ රටේදී පාවිච්චි කරන්න බැ. වෙන රටකට එවලා තමා පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මට එක ගන්න උදව් කරනවා නම් අපි දෙන්නට හොදට ඉන්න පුළුවන්.. මට ඔයාගේ විස්තර එවන්න

ඔය කියන දෙකෙන් ඇත්තටම මට මතක විදිහට මම 10-11 ඒ කියන්නේ මිට අවුරුදු 14-15 කට කලින්  2 එක ගැන කියවුන මේල් එකක් තමා මට නම් අවේ... ඔය විස්තර වලට අමතරව කෙල්ලගේ කියන ෆොටෝ වගයක් , බෑන්ක් ස්ටේට්මන්ට් වගයක් , අන්තිම කැමති පත්‍රය වගේ ගොඩාක් ඒවාත් එක්ක තමා මේල් කරලා තිබුනේ. බොරු මොකටද මමත් ඉතින් මොනවා මොනවා හරි ඕවාට රිප්ලයි දෙක තුනක් යැව්වා වගේම අන්තිමේ පොයින්ට් එකට ආවහම එක නතර කළා...

පොයින්ට් එක
(1)  දී වෙන්නේ මට මේවගේ විස්තරවලට ඩොකියුමන්ට් හදා ගන්න ඒවා එවන්න පොඩි මුදලක් වැයවෙනවා. ඒ සල්ලි ටික මට එවන්න පුලුවනිද ?

(2)  දී වෙන්නේ සල්ලි මාරු කරන්න ඔයාගේ බැංකු ගිණුමට මට එකට  ලියකියවිලි ටිකක් හදා ගන්න ඕනා ඒ ටිකට තියා කන්නවත් මට සල්ලි නෑ. දැන් ඉන්නෙත් සරණාගත කදවුරක. මට එකට සල්ලි ටිකක් ඕනි කරලා තියනවා.. මේ සල්ලි ඔක්කොම ඔයාගෙයි මගෙයිනේ ඒ නිසා මට එක එවන්න උදව් කරන්න
(මම ඔතනදි එක නොකළේ ඉතින් ඒ දවස්වල සල්ලි නොතිබුන නිසා.. නැතිනම් ඉතින් ඔය තරම් කෝටි ගානක් හම්බවෙනවා කියනකොට නොකර ඉන්න හිතේවිද?-- ඒ ඉස්ස්සර දැන් නම් ඕවා බලන්නෙත් නෑ ආවත් )

ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ඒවාගෙන් බේරාගත්තු අවස්ථා මේ කටාර් අවුරුදු 1.5 ටත් ගොඩාක් තියනවා..
ලගකදිම උන දේ..

මේ පොර ලංකාවේ ටිකක් ප්‍රසිද්ද ආයතනයක කළමනාකරණ තනතුරක් දරපු හොද ඩයල් එකක්. යාලුවෙක්ගෙ යාලුවෙක් නිසා ආශ්‍රය කරන්න  ලැබුනා. මෙහෙට ජොබ් විසා එකකින් ඇවිත් ජොබ් එකක් හොයන කාලේ ඉතින් ලැබිලා තිබුනා ගොඩාක් හොද ජොබ් ඔෆර් එකක්...

ඒ කියන ජොබ් එක ලැබුනා නම් ඉතින් ඒ දීමනා එක්ක මාස 6යක් ජොබ් එක කලත් ඇති. අවුරුදු 10කට ඇතිවෙන්න සල්ලියක් හොයාගන්න තිබුනා. ජොබ් එක දෙන ආයතනය එකට සම්බන්ද ආයතන ඊට පස්සේ එකේ සර්විස් එක ගන්න තැන් ඔය ඔක්කොම ගැන විස්තර එක්ක ජොබ් ප්රෝෆිල් එක පිටු 10ක් විතර වෙබ් සයිට් එක්ක හැමදේම ගානට හදලා තිබුනා..

කොහොමත් ඉතින් කීවට මට එක ඇත්තටම හිතට ෆිට් උනේ නෑ. අනික ඉතින් මෙහෙට සල්ලි වියදම් කරන් ඇවිත් ඔය ජොබ් එක නිසා ඩුබායි යන්න කියලා තමා දැන් ලෑස්ති වෙලා තිබුනේ. කොහොම හරි ඉතින් එකම කියවන නිසා මමත් දවසක් ඉතින් ඔය කියන ජොබ් විස්තරේ ඉල්ලාගෙන ඕක ගැන පොඩ්ඩක් නෙට් එකේම හොයලා බැලුවා... ඔය අතරේ ඉතින් කතා කරනවා ජොබ් එක දෙනවා කියන කම්පැනි එකෙන් විසා හදන්න ඕනා කියලා. විසා වලට අපි සල්ලි ගෙවන්න ඕනා. පස්සේ ගෙවනවා කියලා තමා තියෙන්නේ.
පොඩ්ඩක් හොයලා බලනකොට ඔක්කොමවෙබ්  අඩවි ටිකත් ඇත්ත ඒවාට ලගින් යන්න අකුරක් දෙකක් වෙනස් කරලා හදපු ඒවා.. තව දවසක් දෙකක් පරක්කු උනා නම් විසා වලට සල්ලි යවලා...
අදහගන්න බැරි විදිහේ ජොබ් ගැන ලියුම් එහෙම (මේල් ) එනවා නම් පරිස්සමින්.. ගොඩාක් ඒවා නයිජීරියන්කාරයන්ගේ වැඩ තමා

අනිත් ලොකුම අන්තර්ජාල හොරකම තමා ලොතරැයි දිනුම්. ඒ වගේම උපාදි පාඨමාලා.ලොතරැයි දිනුම් ගැන නම් කතා කරලා වැඩක් නෑ. එහෙම එකක් ඇවිත් සල්ලි මොනවහරි එවන්න කිවොත් දෙන්න තියන දිනුමෙන් අඩු කරගෙන ඉතිරි ටික එවන්න කියන්න
උපාධි මොනවා හරි කරනවා නම් ඒ උපාදි දෙනවා කියන ආයතන ගැනත් පොඩ්ඩක් හොයලා බලලම ගෙවීම් කරන්න.. මොකද මාසෙකට එක්කෙනෙක් දෙන්නක් වත් අඩුම ඔය වගේ දෙවාල් නිසා මාසයක් දුක් විදලා හම්බ කරගන්න සල්ලි කොහෙවත් ඉන්න හොරුන්ට යවන්න අපි වැඩ කරන තැන් වලට එනවා.. සමහර අය තේරුම් කරලා දුන්නම පිලිගන්නවා.. සමහර අය පිළිගන්නේ නැතිව වෙන තැන්වලට ගිහින් ඒ සල්ලි යවලා පස්සේ පසු තැවෙනවා...

දැන් ඔය ඊමේල් වලින් පස්සේ දුරකථන ඇමතුම් වලිනුත් ඔය වගේ දේවල් ගොඩාක් වෙනවා.. මේ තරම් තෑග්ගක් ඔයාගේ දුරකථන අංකයට ලැබිලා තියනවා. එක ගන්න සිම් එකේ පිටිපස්සේ තියන අංකය (ඔයාට බොරුවක් කරන්නේ නෑ කියලා තේරෙන්න ) කියන්න. මේ තෑගි මුදල ගන්න මේ දේවල් ටික ලෑස්ති කරගන්න ඒ වගේම ඉතින් මේ නම්බර් එකට සල්ලි දාන්න තෑග්ග ඔයාට එවන්න (එවීමේ කුලිය ) වගේ පොඩි පොඩි දේවල් වලිනුත් අඩුවක් නෑ..

මේ හැමදෙයකින්ම කියන්න තියෙන්නේ එක දෙයක් විතරයි. කාටවත් අපිට මොනවත් නිකන් දෙන්න පිස්සුවක් නෑ. එහෙම මොනවම හරිදෙයක් තියනවා කියනවා නම් එතනින් ඔයාගේ මොනවම හරි දෙයක් නැති කරගන්නේ නෑ කියලා කල්පනාවෙන් එකට මුහුණ දෙන්න.




11 comments:

  1. අද කාලෙට වටින පෝස්ට් එකක්

    ReplyDelete
  2. මටත් ඔය ජාතියෙ මේල් නම් මාසෙකට එකක් නම් එනවමයි. :D
    phone එකට sms දෙකක් ආව ගිය සතියෙ. You have a gift. Call to get the details. ඔන්න ඔය වගේ එකක්. ඒ ෆෝන් එකට ආපු පළවෙනි වතාව.

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩාක් ඊමේල් වලින් කට්ටිය දන්නා නිසා ෆෝන් වලට එක මාරු වෙලාද කොහෙද?

      Delete
  3. අර පිරමිඩ් ගැනත් කොච්චර කියල දුන්නත් අහුවෙන එවුවො ඉන්න එකේ ඕව මොනවද.
    හොඳම දේ සල්ලි දාන්න කියපු ගමන් වැඩේ අතෑරල දාන එක.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ඉතින්... සල්ලි එහෙම දෙනවා කීවාම අත ඇරලා දන්නා පුලුවන්ද?

      Delete
  4. //තාමත් කීප දෙනෙක්ට හරි අපිව මතක තියන එක //
    මටනම් මතකයි. මම බ්ලොග් එක පටන් ගත්ත කාලෙම ඒකට මුලින්ම ආපු කීප දෙනාගෙන් කෙනෙක් තමා ඔයත්. ආපහු දකින්න ලැබීමත් සතුටක් :)

    ඔය රැවටීමකට අහුවෙලා මම දන්න අක්කා කෙනෙක් ගේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ඩොලර් 200 ගානක් කැපිලා තිබුනා.

    ReplyDelete
  5. මාත් අන්තර්ජාල හොරෙක් වෙන්න හිතාගත්තා.
    I'd rather be a hammer than a nail
    If could,
    yes, I could.

    ReplyDelete
  6. topnetsystem.blogspot.com මගේ එකත් දාපන් මචන් මගේ බ්ලොග් එක පරිගණක පිලිබදව තැන්ක්ස්

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....