ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

20 April, 2015

කටාර් වල අපේ අවුරුදු.

2014 ජුනි මාසෙන් පස්සේ අල්ලන්නවත් නොලැබුණු බ්ලොගේට අත තියන්න ඕනි කියල හිතුනා... බ්ලොග් වලින් කොයි තරම් ඇත් වෙලාද කියනවනම් අද  අවුරුදු උත්සවේ කියලා දැන ගත්තෙත් මාරයාගේ පොස්ට් එක බලනකොට...  හැබැයි ඉතින් එකත් මාරයා අර නොලියා බැරිකමට ලීයලා වගේ දැනුනේ කාලෙකින් පොස්ට් එකක් කියවපු නිසාද මන්දා. මොනවා උනත් මේ කතරක හිර වෙලා උන්නේ නැතිනම් අපිත් ඉතින් උදේ පාන්දර ඔය පැත්තේ තමා...

කොහොම උනත් දැන් නම් ඔතන ආව ගිය ඇත්තෝ කීප දෙනෙක් ඇරෙන්න අනිත් උදවිය ගැන නම් දන්නෙම නැති තරම් වෙන්න ඕනි...

මොනවා උනත් සංවිධානය කරපු සංවිදායක මණ්ඩලයට හදවතින්ම ඒ සදහා සුභ පතනවා..

බ්ලොග් ලියන්න ඕනි කියලා නිකන් ඉන්න ගමන් අයෙම හිතුන නිසා තමා මේ පොස්ට් එක ලියන්න ගත්තේ...   කටාර් වල අපි අවුරුදු සමරපු හැටි

අවුරුදු දා කියල ඉතින් ඇත්තටමමේ රටවල් වල නිවාඩු ලැබෙන්නේ නැහැනේ එත් ඉතින් අපිත් පුළුවන් විදිහට අවුරුදු සමරුවේ මෙහෙමයි....


 



කටාර් කියන්නේ ලංකාවේන් 120000ක් වගේ ඉන්න රටක් නිසා කොහොමවත් හැම අවුරුද්දෙම අවුරුදු උත්සවයක් නම් වරදින්නේ නැ...

ගොඩාක් මැදපෙරදිග රටවල් වල වගේම කටාර් වලත් අවුරුදු උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක විදිහට ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුව අනුග්‍රහය ලබා දුන්නා....

අවුරුදු උත්සවයේ ලංකාවේ අවුරුදු ක්‍රීඩා එක්ක එක එක තැන්වල වැඩ කරන ලංකාවේ ගොඩාක් අය එකතු වෙලා කතා බහ කරලා සතුටින් ගෙවුණු හොරා කිහිපයක් විදිහට නම් කරන එක ඇත්තටම වරදක් වෙන්නේ නැ..ප්‍රධාන අනුග්‍රහකයාගේ නියෝජිතයන් විදිහට මේ රටේ වැඩ කරන නිසා ඒ වෙනුවෙන් සක්‍රියව දායක වෙන්න මටත් අවස්ත්ත්වක් ලැබුන එක ඇත්තම ගොඩාක් ලොකු සතුටක්..















ඔන්න ඔහොම තමා ඉතින් අපි කටාර් වල අවුරුදු දවස් ටික ගෙවුනේ.. අයෙමත් බ්ලොග් ලියන්න පටන් ගන්න දෙයක් හිත හිතා ඉන්නකොට මේ දේවල් උන නිසා පොස්ට් එකක් විදිහට ලියන්න හිතුන නිසා ලියලා දැම්මේ...

උදාවුණු  මේ අවුරුද්ද සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුභ සතුටින් ගෙවන්න ලැබෙන සුභම සුභ වසරක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....

11 comments:

  1. ඔය තියෙන්නෙ නියමෙට.
    දේවකටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. අය්යාන්ඩිත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  2. එයාපෝට් එකෙන් ප්‍රමෝෂන් එක ලැබුනේ කටාර්වලටද?

    ReplyDelete
    Replies
    1. ප්‍රමෝෂන් නෙමේ ට්‍රාන්සර් එක ලැබුනේ කටාර් වලට

      Delete
  3. කොහෙද බන් මේ තැන. අපි දන්නෙත් නැතුන් ඇති, මොකෝ මේවා දැන් සෑහෙන්න වෙනස් වෙලානෙ. මන් පිට වෙලා ආවෙ 2003 දිනෙ.

    අර නිළිය එක්ක පංචායුධයක් කරේ දාන් ඉන්නෙ නළුවෙක්ද නැත්තන් එයාගෙ සැමීද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් තැන නම් දන්නේ නැති වෙන්න බැ.. අල් සාද් සපෝර්ට් ක්ලබ් ග්‍රවුන්ඩ් එකේ අය්යා....

      නිළියගේ හබි ද කියලා නම් දන්නේ නැ... හිරු එකේ නිවේදක අය්යා කෙනෙක් ලු......

      Delete
  4. බලාගෙන අර අංජුලා රෑට රෑට හිජාබ් එක ඇඳගෙන ගිහින් තමයි ඩීල් දාන්නේ.

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා ! ඔය තිබිලා තියෙන්නේ හොඳ අවුරුදු උත්සවයක්..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා....... හ්ම්ම්ම්ම්

      Delete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා. උඹ දැක්ක කල්!

    ReplyDelete
  7. අම්මා ගහයි දේව්....
    බ්ලොග් වලිං සමු අරං ආයේ අලුතෙන් බ්ලොගේකින් එනකොට පරණ බ්ලොගර්ස්ලා ගොඩක් බ්ලොග් වලිං සමු අරං. සර්ච් කරනකොට ටික දෙනෙක් හමුවුනා.දැං ඉතිං ආයෙත් පරණ ** ජෙමා විදියට බ්ලොග් ලෝකේ හතරවරං ගහනවා...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....