ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

Showing posts with label Qatar. Show all posts
Showing posts with label Qatar. Show all posts

20 April, 2015

කටාර් වල අපේ අවුරුදු.

2014 ජුනි මාසෙන් පස්සේ අල්ලන්නවත් නොලැබුණු බ්ලොගේට අත තියන්න ඕනි කියල හිතුනා... බ්ලොග් වලින් කොයි තරම් ඇත් වෙලාද කියනවනම් අද  අවුරුදු උත්සවේ කියලා දැන ගත්තෙත් මාරයාගේ පොස්ට් එක බලනකොට...  හැබැයි ඉතින් එකත් මාරයා අර නොලියා බැරිකමට ලීයලා වගේ දැනුනේ කාලෙකින් පොස්ට් එකක් කියවපු නිසාද මන්දා. මොනවා උනත් මේ කතරක හිර වෙලා උන්නේ නැතිනම් අපිත් ඉතින් උදේ පාන්දර ඔය පැත්තේ තමා...

කොහොම උනත් දැන් නම් ඔතන ආව ගිය ඇත්තෝ කීප දෙනෙක් ඇරෙන්න අනිත් උදවිය ගැන නම් දන්නෙම නැති තරම් වෙන්න ඕනි...

මොනවා උනත් සංවිධානය කරපු සංවිදායක මණ්ඩලයට හදවතින්ම ඒ සදහා සුභ පතනවා..

බ්ලොග් ලියන්න ඕනි කියලා නිකන් ඉන්න ගමන් අයෙම හිතුන නිසා තමා මේ පොස්ට් එක ලියන්න ගත්තේ...   කටාර් වල අපි අවුරුදු සමරපු හැටි

අවුරුදු දා කියල ඉතින් ඇත්තටමමේ රටවල් වල නිවාඩු ලැබෙන්නේ නැහැනේ එත් ඉතින් අපිත් පුළුවන් විදිහට අවුරුදු සමරුවේ මෙහෙමයි....


 



කටාර් කියන්නේ ලංකාවේන් 120000ක් වගේ ඉන්න රටක් නිසා කොහොමවත් හැම අවුරුද්දෙම අවුරුදු උත්සවයක් නම් වරදින්නේ නැ...

ගොඩාක් මැදපෙරදිග රටවල් වල වගේම කටාර් වලත් අවුරුදු උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක විදිහට ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුව අනුග්‍රහය ලබා දුන්නා....

අවුරුදු උත්සවයේ ලංකාවේ අවුරුදු ක්‍රීඩා එක්ක එක එක තැන්වල වැඩ කරන ලංකාවේ ගොඩාක් අය එකතු වෙලා කතා බහ කරලා සතුටින් ගෙවුණු හොරා කිහිපයක් විදිහට නම් කරන එක ඇත්තටම වරදක් වෙන්නේ නැ..ප්‍රධාන අනුග්‍රහකයාගේ නියෝජිතයන් විදිහට මේ රටේ වැඩ කරන නිසා ඒ වෙනුවෙන් සක්‍රියව දායක වෙන්න මටත් අවස්ත්ත්වක් ලැබුන එක ඇත්තම ගොඩාක් ලොකු සතුටක්..















ඔන්න ඔහොම තමා ඉතින් අපි කටාර් වල අවුරුදු දවස් ටික ගෙවුනේ.. අයෙමත් බ්ලොග් ලියන්න පටන් ගන්න දෙයක් හිත හිතා ඉන්නකොට මේ දේවල් උන නිසා පොස්ට් එකක් විදිහට ලියන්න හිතුන නිසා ලියලා දැම්මේ...

උදාවුණු  මේ අවුරුද්ද සියලු දෙනාටම වාසනාවන්ත සුභම සුභ සතුටින් ගෙවන්න ලැබෙන සුභම සුභ වසරක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....