බ්ලොග් කියන වචනේ මම මුලින්ම ඇහුවේ ජිවිතේ මල් ලියන දිල් අක්කා මගේ බුකියේ යාලුවෙක් උනාට පස්සේ. ගොඩාක් දෙනෙක්ගේ ගුරුතුමි වෙන දිල් අක්කා මගේ බ්ලොග් වලත් ගුරුවරියක්ම උනා. බ්ලොග් පොස්ට් පැය 4.5කට එකක් වැටෙන කාලයක් එක. ලාන්කිය සින්ඩිකෙටරය ආරම්භ උනු කාලේ අතර තිබුනු පරතරය දැන් නම් මතකයෙන් ඇත් වෙලාද කොහෙද?
විනාඩි , පැය ගෙවිලා දවස් සති වෙනකොට ගොඩක් බ්ලොග් ලියන කියවන අය වැඩි වෙනකොට සින්ඩිකෙටර එක එක හැදෙනකොට, වතුර ගගහා මැරතන් දුවනකොට. තරගෙට කවි මඩු තියනකොට, සහාභාගිත්වය වැඩි වෙලා දාරා ගන්න බෑරි වෙලා කවි මඩු කරනකොට , ටෙක්නිකල් පොස්ට් , රස කතා, ජිවන අත්දැකිම්, කතන්දර , කවි , නිසදැස් , එකි නොකි මෙකි හැම දෙවල්ම ලියවෙනකොට දවසින් දවස බ්ලොග් ලියන අයගේ ගණන එකින් එක වැඩි වුනා.
කියවන අය ගාන වැඩි උනා. තර්ක විතර්ක එක්ක සුන්දර වලි උනත් නොතිබුනා නෙමේ. හැබයි ඉතින් ඒ දෙවල් මොනවා තිබුනත් එකතු වෙලා කරන්න පුලුවන් හැමදෙයකදිම එකට කට්ටිය උන්නු ෆිට් එකක් තිබුනා. කලින් මගේ පොස්ට් එකක ඇනො කෙනෙක්ද කොහෙද දාලා තිබුන කමෙන්ට් එකක මොනවද බ්ලොග් ලියන අය කලෙ එක කට්ටියක් කරලා තියන දෙවල් එක්ක බලනකොට කියලා.
ඒ දෙවල් කියවන්න ගත්තොත් කියවන්න ගොඩක් දෙවල් තියෙවි. එත් හැමදෙකම අවසානයක් තියන්නත් ඔනා. සමහර දෙවල් වල අවසානය සදාකාලික අවසනයක් වෙන්න ඔනෙමත් නැනේ.
මම මහ ලොකු බ්ලොග් කරුවෙක් නම් නෙමේ. ලියන පොස්ට් වල ගන්න දෙයකුත් නැතිව ඇති. එත් කාලයක් තිස්සේ මමත් ලියාගෙන ආවා. ගොඩාක් පොස්ට් ලියවෙන්නේ ලියන්න ගන්න දෙ ගැනමත් නෙමේ,වෙනම මාතෘකාවකින්.
ඒ දවස්වල බ්ලොග් ලියපු ගොඩාක් අය දැන් ලියන්නෙ නැත්තේ ඇයි කියන එකට හෙතු එක එක අයට තියෙන්නේ එක එක දෙවල්නේ.
තාමත් ලියන අය ගොඩකුත් ඉන්නවනේ එ අය බ්ලොග් අවකාශයේ මගේ සිනියර්ලා ( බ්ලොග් අවකාශෙ එහෙම අය නැ කියලා කිවත් ඒ කාලේ ඉදන් ලියපු අය මට නම් සිනියර්ස්ලාම තමා )
මාරයා , කතාන්දර , වැප් , දුමි , ඔනයා ,බිගුනද , ජිවිතෙ මල් , නෙරන්ජි , දුකා , නදි , දිනෙශ් , වගෙම තවත් ඒ කාලේ උන්නු ගොඩාක් අය මෙ වෙනුවෙන් ගොඩාක් දෙවල් කරලා තියනවා.
අලුත් පරම්පරාවෙ ගොඩක් දක්ශ අය ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
එහෙමනම් ඉතින් මේ හැමදෙනාටම සුභ පතලා මම සමුගෙන යනවා..
අවුරුදු හතරක් බ්ලොග් අවකශයෙ ඉදලා එ හතරවෙනි උපන්දිනයත් පහු කරලා බ්ලොග් අවකාශයෙ රැදෙන පස්වෙනි අවුරුද්ද ට
ජය වෙවා... එදා මෙදා තුර ගොඩාක් යාලුවො මුන ගැහුනා. සමහර අය තරහ උනා. සමහර අය නොකියම බ්ලොග් අවකාශය අතඇරලා ගිහින්.
මොනවා උනත් එදා ඉදන් උන්නු හැම දෙනෙක්ටම ගොඩාක් තැන්ක්ස්.
පසු සටහන : මේ ලිපිය ලියන දෙවාගේ අඩවිය මගේ පලවෙනි බ්ලොග් අඩවියවත් එකම බ්ලොග් අඩවියවත් නොවන හින්දා ආරම්භක දිනය මේ අඩවියෙන් හොයාගන්නත් බැරි වෙයි, 2010 මාර්තු මාසෙ බ්ලොග් ලියන්න පටන් ගත්තත් මෙ බ්ලොග් අඩවිය 2011 අප්‍රියල් 30 වෙනිදා ඉදන් තමයි ලියන්නේ
මේ වෙනකොට පොස්ට් 238ක් ලියලා සාමන්‍ය නම් පොස්ට් එකකට 1000-1200ක් වගේ අගයක තියගෙන පැමිනි පිරිස මේ වෙනකොට 279000ක විතර අගයක් අරගෙන තියනවා, මගේ ප්‍රතිචාරත් එක්ක (මුල් අවදියෙ නම් රිප්ලයි කරලත් නැ ) පොස්ටුවකට 30-35ක විතර කමෙන්ට් අගයකත් තියගෙන අදවෙනකන් එන්න ලැබුන එක මට සතුටක්.
බ්ලොග් , බුකිය කියන්නේ මගෙ ජිවිතේ නොවුනත් බ්ලොග් වලට මම ගොඩාක් ආදරෙයි,
සුභ පැතුම් දේව්
ReplyDeleteස්තුතියි..
Deleteසුබ පැතුම් මල්ලි !!
ReplyDeleteතවත් කාලයක් බ්ලොග් අවකාශයේ රැඳෙන්න ලැබෙන්න කියලා පතනවා !
අයියන්ඩිගේ නම අමතක වෙලා නෙද සොරි අයියා. මගෙ හැම පොස්ට් එකකටම අය් යාගේ කමෙන්ට් තියනවානේ. ගොඩාක් ස්තුතියි හැමදාම මාත් එක්ක ඉන්නවාට
Deleteඅම්මට සිරි ගජ.... එල කොල්ලෙක්නෙ... සුභ පතනව මුලු හදවතින්ම තව අවුරුදු 60 - 70 ක් වත් බ්ලොග් එක අප්ඩේට් කොරහන් කියල....
ReplyDeleteඑලම වෙවා. තැන්කු කිවා ඔන්න. පිස්සු හැදෙයි . ඊලග ආත්මෙත් ඕන වෙයි බන් ඔය කියන විදිහට වැඩ කරන්න නම්. දැනටමත් 25 පැනලා. තව 70 ක් ගියොත් 95ක්නේ බන්
Deleteබ්ලොග් සිව්වසට සුබ පැතුම් !
ReplyDeleteතව බොහෝ කාලයක් බ්ලොග් ලෝකයේ රැඳෙන්නට හැකිවේවා !
අයියාගේ බ්ලොග් එකෙත් ඇනිවසරි එක එනවා කියලා ආරන්චියි. අපි වගෙ පොඩි බ්ලොග් කරුවෙක් නෙමෙනේ ඉතින් පාටි දාන්න වෙයි නේද
Deleteසිව් වසරක ගීතය තව දිගු කලක් ගයන්නට ඉත සිතින් සුභ පැතුම්
ReplyDeleteගොඩාක් ස්තුතියි. මචන්
Deleteදේව්ට අපෙනුත් සුබ පැතුම් !
ReplyDeleteස්තුතියි ගොඩාක්. හ්ම්ම්ම් දැකලානම් නැ වගේ මිට කලින්
Deleteසුබ පැතුම් මල්ලි . දැන් ලියන්නෙ අඩුවෙන් නේද ?
ReplyDeleteලියවෙනවා අඩුයි නම් තමයි අයියා. ඒත් පුලුවන් වෙලාවල් වල ලියන්න තමා ට්‍රයි එක
Deleteලියවෙනවා අඩුයි නම් තමයි අයියා. ඒත් පුලුවන් වෙලාවල් වල ලියන්න තමා ට්‍රයි එක
Deleteසුභ පැතුම් දේව් අයිය
ReplyDeleteදිගටම ලියන්න අපි එනෝ...
තව සෑහෙන කාලයක් ලියන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දේවා.. සුභ පැතුම්..
ReplyDeleteසුබ පැතුම් මලේ ,
ReplyDeleteඔබට මතකද දන්නේ නැහැ , මේ සිංහල බ්ලොග් නිසාම , විශේෂයෙන්ම ඔබ ඇතුළු බ්ලොග් මිතුරන්ගේ උපකාරය නිසාම , “ජීවිතේ අපේක්ෂාව අතහැර ගන්නට ඔන්න මෙන්න තිබුණු තරුණියක “ අද සතුටින් ජීවිතේ ගත කරන බව .
එම සිදුවීම සිංහල බ්ලොග් ඔස්සේ රට පුරා විතරක් නොවෙයි ලොව පුරාම ගෙන ගියේ වෙනත් කිසිම මාධ්‍යයකින් නොවේ ඔබවන සහෘදයන් ගේ හෘදයාංගම වූ මිතුරු බැඳීම ඔස්සේ .
ඒ කළ පින හැමදාටම සතුට ගෙනේවි ඔබටත් , මේ මිතුරු කැළටත්
ඉඩක් ලැබෙන විටක ලියන්න , අපිත් එන්නම් හමුවන්න , විවේකය ලැබෙන විදියට ..
අවුරුදු පහක් මේකේ රැඳිලා ඉන්නවා කියන්නේ ලොකු දෙයක් බං. මට නම් දැනටම ඇතිවෙලා වගේ තියෙන්නේ.
ReplyDeleteජයවේවා.
ඔබේ ජීවිත අත්දැකීම් අපත් සමග බෙදාගෙන අවුරුදු හතරකුත් ගිහින් නේද . මුලු හිතින්ම සුභ පතනවා මල්ලි .
ReplyDeleteසුබ පැතුම් දේව් :)
ReplyDeleteහතරට සුබ පැතුම් දේව්
ReplyDeleteහැබෑට අවුරුදු පහක් උන්නද?? ඔහේ පලයං ඒකෙත් හැටි. අහිංසක සුකුමාර ලමයකේ නේ.. ජය වේවා...
ReplyDeleteසුභ පැතුම් මිත්‍රයා...ගම්පහදි හමුවුනා වගේ ආයෙමත් දවසක අප හමුවේවි.
ReplyDeleteඅවුරුදු හතරක් කියන්නෙ සෑහෙන කාලයක් නෙ. පරණ කකුලක් :D
ReplyDeleteසුභ පැතුම් !
සුභ පැතුම් වැඩි වැඩියෙන් ලියවේවා :)
ReplyDeleteසුබ පැතුම්....
ReplyDelete