ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

09 May, 2013

හිනා වෙන්න හොදම තැනක් ( දන්නා අයට නෙමේ නොදන්නා අයට )

මාසෙකින් විතර මමත් පොස්ට් ලියලා නැ මම අද දාන පොස්ට් එකත් ඔන්න මගේ ඒවා නම් නෙමේ... අද කියන්නේ මම ෆේස් බුක් එකේ ඉන්න ගෘප් වලින් ටික දවසකින්ම ගොඩාක් කියවන්න කැමති පොස්ට් යන ගෘප් එකක් ගැන... බ්ලොග් ලියන කියවන අය ගොඩාක් මේ ගෘප් එකේ ඉන්නවා කියලා මම දන්නවා නොදන්නා අයට දන ගන්නයි... මගේ බ්ලොග් ලියන්න නොහිතෙන කම්මැලි කම කඩා ගන්න කියලා එකේ පොස්ට් දෙක තුනක් එක්ක ඒ ගෘප් එකට ඇවිත් තව කතා කියවන්න කියලා කියනවා කැමති නම්...

මේක කරන ඇඩ්මින්ලා ට මගේ ප්‍රණාමය....

ඒ වගේම එකේ කතා ලියන හැමෝටමත් මගේ ස්තුතිය

ඒ වගේම ඔයාලා ලියන කතා මම කොපි පේස්ට් කලාට සමා වෙන්නඅනිත් අයට එන්න කියන්න මම හිතුන පොස්ට් ටිකක් තමා දන්නේ

********************************************************


බලමු ඔබ කොයි තරම් දක්ෂයෙකුදැයි කියා
---------------------------------------------
මෙහි පහතින් ප්‍රශ්න හතරක් සමගින් එක් බොනස් ප්‍රශ්නයක් වේ.මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුය.
වැඩි වෙලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ.
සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකි නම් පමණක් අභියෝගය භාර ගෙන පිළිතුරු සපයන්න.

පළමුවන ප්‍රශ්නය
-----------------
ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවායැයි සිතන්න.
ඔබ දැන් සිටින්නේ දෙවනියා පසු කරමින්ය.
දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟ වදිමින් සිටින්නේද?

පිළිතුර
ඔබ පිළිතුරු දුන්නේ පළමු ස්ථනය කියාද ?එසේ නම් ඔබ සම්පුර්ණයෙන් වැරදිය
ඔබ පසු කර සිටින්නේ දෙවනියා නම් දැන් ඔබ ලබාගෙන සිටින්නේ ඔහුගේ ස්ථානයයි.
ඔබයි දැන් මේ තරඟයේ දෙවනියා

ඊළඟ අවස්ථාවේ මීට වඩා දිරිය ගන්න .දැන් දෙවන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න.
පළමුවන ප්‍රශ්නයට ගත කාලයටත් වඩා අඩු කාලයකින් පිළිතුරු සපයන්න.

දෙවන ප්‍රශ්නය
---------------
ඔබ දැන් අන්තිමයා පසු කරමින් සිටිනවා යයි සිතන්න.
එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක් ද?

පිළිතුර
ඔබ පිළිතුරු දුන්නේ අන්තිමයාට කලින් දුවන්න ලෙසද ?
එසේ නම් මෙවරත් ඔබ වැරදිය.
පවසන්න ඔබ කෙසේද අන්තිමයා පසුකරන්නේ කියා ?
ඔබ මේ සඳහා ඉතාමත් හොඳ කෙනෙකු නොවේ මිත්‍රයා

තෙවන ප්‍රශ්නය
---------------
මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටලුවකි
මෙය මනොමයෙන් කල යුතුය.මේ සඳහා කොලයක් පන්සලක් ඝනකයන්ත්‍රයක් භාවිතා නොකිරීමට අවංක වන්න.

1000ක් ගෙන එයට 40ක් එකත්හු කරන්න.දැන් එයට තව 1000ක් එකතු කරන්න.දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.එයට 20ක් එකතු කරන්න.දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවස්සනයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.

ඔබට ලැබුන පිළිතුර 5000ක් ද ?
ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100 යි
ඔබ විශ්වාස නොකරයි නම් දැන් ඝනකයන්ත්‍රයක් භාවිතා කර බලන්න.

අද අනිවාර්යෙන්ම ඔබේ දවසක් නොවේ .එහෙමද ? :o
ඇතැම් විට ඔබට අවසාන ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට හැකි වේ .

සිව් වන ප්‍රශ්නය
----------------
මෙරීගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී
පලුමු වැනිය නනාය
දෙවනියා නානෑය
තෙවැනියා නිනීය
සිව් වෙනියා නෙනේය
ඔබ අදහස් කරන පරිදි පස් වෙනියගේ නම කුමක් විය හැකිද ?

ඔව් ඔබේ පිළිතුර වනුයේ නුනූ ද ?
එය එසේ නම් ඔබ මෙවරත් වැරදිය.
අයගේ නම වනුයේ මෙරීය.නැවතත් ප්‍රශ්නය හොඳින් කියවන්නන.

සමාප්තිය
******
ඔව් මෙයි පරමාර්ථය ඔබ පරාජයට පත් කර ,අසාර්තකයකු යයි ඔප්පු කිරීම නොවේ.
සැම විටම සැම අයෙක් ම සැම දෙයකටම දක්ෂයෙකු නොවේ.අප නොදන්නා බොහෝ දෙ ඇත.
කල යුත්තේ දන්නා අයකුගෙන් අසා දැන ගැනීමය.එය නිහතමානී ගුණයකි.නිහතමානිත්වය
දියුණු වන්නෙකුගේ ගුණයකි.උඩඟු කම පිරිහීමට හේතු වේ.
****************************************************************
ශ්රිලන්කිකයෙක් වීම ආඩම්බරයකි... දවසක් ඇමරිකන් කාරයකුය්, ඉන්දියන් කාරයකුය්,
අපේ ලාන්කික්යකුය් සෙට් වෙලා මුහුදේ පොඩි රව්මක්
දාන්න කතා උනාලු... කොහමහරි තුන්දෙනාම
එකතුවෙලා ගමන යන්න පටන් ගත්තලු....
මුහුදේ යනකොට මුහුදේ යක්ෂයෙක් එකපාරටම මුන්
තුන්දෙනාම ඉස්සරහ කඩා පාත් උනාලු... ( දැන් අහන්නෙපා මගෙන් මුහුදේ යක්ෂයෝ ඉන්නවද කියලා..
හරිද?? ) යක්ෂය කිව්වලු මම දැන්
තමුසෙලා තුන්දෙනවා මරන්න හදන්නේ... එහම
මැරෙන්න කැමති නැති අය මට හොයාගන්න බැරි වෙන
විදිහට මොනවහරි හංගන්න... මට හොයාගන්න බැරි
උනොත් මම හංගපු කෙනාව මරන්නේ නැ කිව්වලු... ඉස්සෙල්ලම ඇමරිකන් කාරය කලපනා කරලු මොනවද
කරන්නේ කියල... උ ට මතක් උනාලු උ ගේ අතේ තියන
මුද්ද.. උ ඒ මුද්ද අරගෙන මුහුදට විසිකරලා කිව්වලු
පුලුවන්නම් මුද්ද හොයන්න කිව්වලු.. යක්ෂය කිව්වලු ''
ඕවත් වැඩද '' කියල මිනිත්තුවක් යන්න කලින් මුද්ද
හොයාගෙන ඇවිල්ල ඇමරිකන් කාරයට පෙන්නුවලු... මේක දැකපු ඉන්දියන් කාරයා ටග්ගාලා කුස්සියට
දුවල අඹ ඇටයක් අරහෙන ඇවිල්ලා මුහුදට ගොඩාක්
ඇතෙන් විසි කරලා හොයන්න කිව්වලු... යක්ෂයා ඕකත්
විනාඩි දෙකක් යන්න කලින් හොයාගෙන
ඇවිල්ලා පෙන්නුවලු...
දැන් අපේ එකාගේ වාරේ.... අපේ එකා කිව්වලු... මමත් හංගන්නම්.. හැබෙය් තමුසෙට හොයාගන්න බැරි
උනොත් මගේ යාළුවො දෙන්නට කිසිම හිරිහැරයක්
කරන්න බැ.. ඔට්ටුය්ද කියල ඇහුවලු... යක්ශයත්
හා කිව්වලු... අපේ එකා මොනවා කරන්න ඇද්ද ?? අදහසක් එහම
තියනවද ?? පොඩි කෝප්පයකට වතුර ටිකක් අරගෙන මුහුදට
හලලා කිව්වලු පුලුවන්නම් හලපු වතුර ටික හොයල දෙන්න
කියලා....
******************************************************************
මේ  කතාව ට නම් මම ගොඩාක් කැමතියි....

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...
යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...

චාමර: ම්ම්... හරි ඔට්ටුයි...
එතකොටම ගමේ මිනිහෙක් වැඩ ඇරිලා එන ගමන් මුන් දෙන්නගේ ඉස්සරහට හම්බුනාලු....
ආ චාමර.. කොහෙද මේ යාලුවෙකුත් එක්ක...
චාමර: ආ අයියේ... අපි මේ බාර් එක පැත්තේ යනවා... ගිහිං එන්නම්...
යාළුවා : අම්මට උඩු.. උඹ ඌව දන්නවනේ... හරි අව්ලක් නෑ හැබැයි බාර් එකේදී ඉස්සෙල්ලම හම්බෙන එකා උබව දන්නවනම් මං උඹට ග්ලාස් දෙකක් අරං දෙනවා නැත්තං උඹ මට ග්ලාස් 4ක් අරං දෙන්න ඕනි...

චාමර : හතරක්???? ම්ම් හා එහෙනං යන්කො...
බාර් එක ඇතුලට යද්දිම වේටර් කොලුවා : ආ චාමර මහත්තයා... කාලෙකින්...
යාළුවා: අඩෝ උඹ හැමදාම එන නිසා මේකේ එවුං උඹව දන්නවා... අසාධාරණයි... මං උඹට ග්ලාස් දෙකක් අරං දෙන්නම් හැබැයි හෙට මාත් එක්ක පාර්ක් එකට යන්න ඕනි එහෙදි ආයි ඔට්ටුවක් දාමු.... :/
චාමර: අනේ මංදා උඹේ කැමැත්තනේ.... :3

ඊ ළඟ දවසේ මේ දෙන්න යනවා පාර්ක් එකට..
යාළුවා: මචං දැන් ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උඹව අඳුරන්න ඕනි 1000ක් ඔට්ටුයි...
චාමර : මං අතේ තියෙන්නෙත් 1500යි බං හාකෝ එහෙනං....
ඔන්න පොඩි කොල්ලෙක් එනවා බෝලයක් අහුලන්න චාමරලා ඉස්සරහට...
පොඩි එකා: ආ චාමර මාමේ... එන්නකෝ බෝල ගහන්න...
චාමර: බෑ පුතේ වෙනදවසක ගහමු...

යාළුවා: අම්ම ගහයි උඹ මාර පොරක්නේ... මෙන්න දාහ... උඹේ 2500ම ඔට්ටුයි මේකේ ඇතුලේ මං පෙන්නන එකාව උඹ අඳුරන්නේ නැත්තං මට ඔය 2500 නැත්තං මං 2500ක් දෙනවා...
චාමර : අඩෝ ඒක අසාදාරණයි... මං කොහොමද උඹ පෙන්නන එකා දන්නේ...
යාළුවා : එහෙනං 1000 දියන්...
චාමර : හරි ඔට්ටුයි...

පාර්ක් එක ඇතුලේ පට්ට ලස්සන කෑල්ලක් දැකල යාළුවා කියනවා... මචං උඹ අර කෙල්ලට ගිහිං කතා කරපං උඹව එකී දන්නවනම් මං 2500 දෙනවා...
චාමර : අනේ බෑ මචං මං 2500 දෙන්නම් මට බෑ...
යාළුවා(පුල් ආතල් එකෙන්) : අඩෝ එහෙම ඔට්ටු නෑ... හරි 10,000 ක් ඔට්ටුයි එකී උඹව දන්නේ නෑ...උඹ පැරදුනොත් 2500 දියන්...
චාමර : හා එහෙනං 10,000ක් දෙන්න ඕනි හරිද :/
මෙන්න මුන් ඉස්සරහට යද්දිම අර කෙල්ල අඬන්න පටන් ගත්තා... "ඇයි චාමර ඔයා මාව දාල ගියේ... ආයි කවදාවත් මගේ ඇස් දෙක ඉස්සරහට එන්නේ නෑ කියපු ඔයා ඇයි මේ.. මං ඉස්සරහට ආවේ ඊ....... :'(

යාළුවා : o.O ඉඳා තොගේ 10,000 තෝ මේ රටේ එවුං විතරයි දන්නේ.... අර සුද්දා (පාර්ක් එකේ සුද්දෙක් පෙන්නමින්) උඹව දන්නවනම් උඹට මං මගේ අයි ෆෝන් එක දෙනවා... මං සල්ලි ගෙනාවේ නෑ ඔට්ටු දාන්න... :/
චාමර : උඹ අත අරින්නෙම නෑනේ බං :/ කියමින් සුද්දා ලඟට යයි...
සුද්දා : helloooo Chamara... after long time dick head...
යාළුවා : අඩෝ තෝ මාර පොරක්නේ... ඉඳා ෆෝන් එක ආයි ඔට්ටු ඕනි නෑ... :/

චාමර : යකෝ මං දන්නවා පාප් වහන්සේවත් :/
යාළුවා : :o පල යන්න හා ඔට්ටුවක් දාමු... මං උඹට ටිකට් දීලා කන්න බොන්න දීලා තව ලක්ෂ දහයකුත් දෙනවා උඹව පාප් වහන්සේ දන්නවනම්... යමං වතිකානු... :/

ඔන්න දෙන්නා වතිකානු යන්න ප්ලේන් එකට නගිනවාලු... නගින ගමන් යාළුවා කියනවලු...
හරි මෙතන තියනවා රු.50,000ක් උඹ මේකේ පයිලට්ව දන්නේ නෑ මොකක්ද ඔට්ටුව...
චාමර: අම්මට උඩු මං දන්න පයිලට් කෙනෙක් ඉන්නවා ඌ හිටියොත් මගේ වෙලාව....
එක පාරටම ස්පිකර් එකෙන් පයිලට්ගේ ඉංගිරිසි අනවුන්ස්මන්ට් එකට පස්සේ ඌ කියනවලු "මගේ හිත මිත්‍ර චාමරද මේ ගමනට එක් වී සිටීම මට ඉතා සතුටක්" කියලා...
යාළුවා පයිලට්ගේ අම්මට බැන බැන රු 50,000 දුන්නලු ආය පාප් වහන්සේ හම්බෙනකල් සද්ද වහල ඉන්න ඕනි කියල හිතාගෙන... :D

ඔන්න වතිකානුවට ගියා කියමුකෝ.. ඊ ළඟ දවස පාප් තුමා ආගමික දේශනයක් තියන දවසක්ලු... චාමර යාළුවට කිව්වලු මචං මං ටිකක් අවට සිරි නරබලා එන්නම් කියල...

චාමර කෙලින්ම ගියේ පාප් තුමා හම්බෙන්නලු ගිහිං කිව්වලු අනේ පාප් තුමෝ මං යාලුවෙක් එක්ක ඔට්ටුවක් දැම්මා ඔබ තුමා මාව අඳුරනවා කියල අනේ හොද පාප් තුමා වගේ හෙට දේව මෙහෙයේදී මට කතා කරන්න නැත්තං මං හිඟන්නෙක් වෙනවා කියල... පාප් තුමා අමාරුවෙන් කැමති කරවාගෙන චාමර ඇවිත් ඔන්න දෙන්නම ඊ ළඟ දවසේ වතිකානු දේව මෙහෙයට ගියාලු...

යාළුවා පුල් ආතල් එකේ ඉන්නවලු ලක්ෂ 10ක් අදනම් මුගෙන් ගන්නවා කියලා....

ඔන්න පාප් වහන්සේ ඉස්ටෙජ් එකට එනවලු චාමරගේ කරට අතකුත් දා ගෙන... යාළුවා තාම දැක්කේ නෑලු චාමරව... චාමර යාළුවට පොඩ්ඩක් පේන්නත් ඉස්සිලා බලද්දී යාළුවා වෙන එකෙක් එක්ක කතා කර කර ඉඳලා පාප් වහන්සේ ඉන්න පැත්ත බලලා දඩොස් ගාල කලන්තේ දාල වැටුනලු...

චාමරට තමන් කරපු හොර වැඩේ ගැන දුක හිතිලා යාළුවා ලඟට ගිහිං වතුර ටිකක් එහෙම ගහල කිව්වලු... මචං උඹට කලන්තෙත් දැම්ම නේද... මට සල්ලි එපා බං... පිට් එකනේ කියලා...

යාළුවා කිව්වලු " උඹ මගුලක් කතා කරනවා.. සල්ලි නිසා නෙමේ බොල කලන්තේ දැම්මේ... එතන හිටපු එකෙක් මගෙන් ඇහුව "කව්ද බං අර චාමර ළඟ ඉන්න ආප්පයක් ඔලුවේ දා ගත්තු නාකි ඩයල් එක" කියලා... "
 *****************************************************
දවසකට කතා බර ගානක් ඇඩ් වෙන මේ ගෘප් එකේ නැති අය ඉන්නවද කියලා මම දන්නේ නැ.... ඔන්න ඉතින් නැති අය මේ පාරේ ගිහින් එකට එකතු වෙලා ඇති වෙනකන් හිනා වෙන්න කතා කියවන්නකෝ..
 මෙන්න පාර
ප.ලි  : කතරගම පැත්තට සම්බන්දයක් තියන අය ඉන්නවනම් පොඩි උදව්වක් ගන්න මට මැසේජ් එකක් දානවද?  මේකට
 
 

16 comments:

  1. නීයම ජෝක්ස් ටික... උපරිමයි...

    නාමල්ට හරි ශෂීන්ද්‍රට හරි කෝල එකක් ගන්න....

    ReplyDelete
    Replies
    1. ඒ මක්කෙටයි අය්යා...

      Delete
    2. අනික ඒ දෙන්නගේ ආඩම්බරකාර තාත්තා මගේ ෆෝන් නම්බර් දන්නවා උනාට මම දන්නේ නැනේ ඒ අයගේ නම්බර් ...... :ඩි

      Delete
  2. කතා ටික නම් නියමයි. . . . .

    අර මුහුදට වතුර හලපු කතාවට තමයි මාත් කැමතිම.

    නියම පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. මට නම් ඉතින් නියම චාමරගේ කතාව තමා

      Delete
  3. කතා තුනම පස්ට මචෝ, අපිත් ඉතින් ඒ කන්ඩායමේ ඉන්නවනෙ.

    අර පළවෙනි එක නම් රන්දුව බ්ලොග් එකේ ලියල තිබුන බං

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් මම දැක්කා දේශ් කමෙන්ට් එහෙම කරලා තියනවා./...

      Delete
  4. තැන්කූ ලින්කුවට...... :) මං දැනන් වුන්නේ නෑනේ ඒක ගැන....

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ගිහින් ඇති වෙනකම් හිනා වෙන්නකෝ

      Delete
  5. දේව්,

    ලින්කුවට ස්තුතියි.


    “මගේ බ්ලොග් ලියන්න නොහිතෙන කම්මැලි කම කඩා ගන්න.....“

    මටත් ඔන්න ඔය ලෙඩේ හැදිලා ඒකට බේතක් කියපංකෝ බං

    ReplyDelete
    Replies
    1. අනිවා මටත් එක කරන්න පුළුවන් උනොත් අනිවා කියනවා හැමෝටම...... කෝ තාම මටත් එක කරන්න බැරි වෙලානේ

      Delete
  6. කෙලලා තියෙන්නේ තාප්පෙටම! කීයක් ඔට්‍ටුද චාමර උඹව දන්නේ නෑ.

    ReplyDelete
  7. ප්‍රසන්න අයියා කතරගම නේද ...?

    ReplyDelete
  8. මේක කියවන්න හෙන ගේමක් දෙන්න ඕනේ. ඇහැට හරිම අමාරුයි. පොඩ්ඩක් පාට වෙනස් කරන්න.

    ReplyDelete
  9. මේක මං කලින් බුකියේ දැක්කා සහෝ.. මෙතැනට ගෙනාවට තුති.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....