ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

23 November, 2012

සුදු මහත්වරුගේ හිගා කැමේ පිළිවෙතද මේ....

මේක සත්‍ය කතාවක් නම් තමයි එත් ඇත්තටම එක උනේ එහෙමමද කියලා කියන්නත් බැ.... එත් මේ වගේ දෙයක් වෙන කොහේ හරි වෙනවනම් එතන වංචාවක් සිද්ද වෙනවා කියන එක ස්ථිර නිසා එක වළක්වාගන්න පුංචිම හරි දෙයක් මේකෙන් වෙන්න ඉඩ තියන නිසා කියන්න හිතුනා.....

මේක මට අදාළ තැනක සිදු උනාද නැද්ද කියන එක නොහිතා (මට උනා කියලා හිතන්නම එපා ) මෙහෙම වෙන්න පුලුවන්ද කියලා හොයලා බලමු...

ස්ථානය  :- සෙනග ගැවසෙන සමාජයේ පිළිගත්තු ආයතනයක්..............

පුද්ගලයා : සුදු මහත්මයෙක් සමග ශ්‍රී ලාකික සවේදී හදවතක් ඇති වැදගත් මහත්මයෙක්.....

වෙලාව : රාජකාරි වෙලාව තුල මිට සතියකට පමණ පෙර.....

............................................................................................................

ශ්‍රී ලාකික සමාජය අදටත් වඩා ආගන්තුක සත්කාර වලට බෙහෙවින් ලැදී ජාතියක් කියලා ඒ කාලේ ඉදන් ගොඩාක් දෙනා කියලා තියනවා උනත් මේ කාලේ එහෙම දේවල් ගොඩාක් වෙනවා අඩුයිනෙ.....

ලංකාවේ ගොඩාක් දෙනා පිටරටවල් වලට යන්නේ රැකියාවක් හොයාගෙන..... එහෙ ගිහින් ඒ වැඩ කරලා සල්ලි අරගෙන ලංකාවට එන එකනේ කරන්නේ....

කොහොමද ලංකාවට හිගාකන්න ඔෆිසියල් විදිහට පිට රට සුදු මහත්වරු මෙහෙට ආවොත්....

ඇත්තටම මම මේ කියන පුද්ගලයා ආවේ එහෙමද කියලා මම දන්නේ නම් නැ එත් ඉතින් උනේ එහෙම දෙයක් නම් තමයි.... මොකද දවස් 2කින් මුදල් ආපහු දෙනවා කියලා කිවත් එක නොවුන නිසා

යම් ආයතනයකට හදිසියේ කඩා වැදුනු කොට කලිසමක් හා අත් කොට කමිසයක් ඇද ගත්තු සුදු මිනිසෙක් තමන් දැඩි අසරණ තත්වයකට පත් වෙලා තියන්නේ...  තමන් ලංකාවට ආවේ යාළුවන් පිරිසක් එක්ක.... ඒ අසන්නේ පවතින නගරයකදී ඒ අයව මග හැරුනා... ඒ අය මේ පුද්ගලයාව දාලා ගිහින්..

දැන් මට යාපනේට යන්න ඕනා.. සුනාමි කාලේ මම ගොඩාක් ලංකාවට උදව් කරා... මම හදලා දුන්නු ගෙදරකුත් යාපනේ තියනවා....

මේ වෙලේ මට සල්ලි ගෙන්න ගන්නවිදිහකුත් නැ.. මට පුළුවනි නම් රුපියල් දෙදාහක් දෙන්න  ( අපේ හිගන අය ඉල්ලන්නේ මහත්තයා නෝනා දීලා යන්න කියල රුපියලක් දෙකක් පහක් දහයක්නේ... එත් මෙතන කෙලිනම් 2000ක්.... කොයි තරම් ලොකු සලරියක් ගත්තාත්  රු 2000ක් එහෙම ඉල්ලපු ගමන් දෙන්න බැනේ...

කොහොමහරි එකටත් සාධාරණ තර්කයක් අරගෙන ආවා මේ සුදු මහත්තයා..... හැමෝගෙන්ම මෙහෙම ඉල්ලන්නත් බැ මොකද හැමෝටම කියන දේ තේරෙන්නේ නැ කියන එක... අනිත් එක රුපියල් දෙදාහක් කියන්නේ ලොකු ගානක් කියලා හිතුවට අපේ රටේ නම් ඩොලර් විස්සක් විතරයි....

ඒ නිසා අනුකම්පා කරලාඋදව් කරන්න කියලා...

තව ගොඩාක් දේවල් කිවා.....මේ තත්වයටපත් උණුශ්‍රීලාංකික පුද්ගලයා හිතට එකගව ඇති උණු අනුකම්පාවත් එක්ක රු 1500ක් මුදලක් මේ සුදු අන්කල් ට දුන්නා...

තාමත් ශ්‍රීලාකිකයන් ගේ හිත තුල අනුන්නට උදව් කිරීම ගොඩාක් හොදින් තියනවා කියන එකට මේක පුංචි උදාහරණයක්විතරයි....

ඒ වගේම මේ පුද්ගලයා ආපහු මේ මුදල් එවන්නත් පොරොන්දු වෙලා දැනට සතියකට වැඩි(ආපහු ගන්න බලාගෙන දුන්නු එකක් නම් නෙමේ.... එත් මේකතවත් සන්විදානාත්මකහිගා කමක්ද දන්නේ නැනේ...)

ඔන්න ඔහොමලු සුද්දෝ ඔෆීෂියල් විදිහට හිගා කෑවේ....

(මේ හිගා කැවා කියන එක මම වෙනස් කරනවා ඒ පුද්ගලයා අන්තිමට කිවා වගේ මුදල් ආපහු ලැබෙන්න සැලැස්සුවා කියලා දැනගන්න ලැබුනොත්.....)

18 comments:

  1. මේක කතාවක් විදිහට ලියන්නත් බැනේ.... ඒ නිසා ලියපු විදිහ මටත් ඒ තරම් ෆිට් නම් නැ/
    එත් මේක නොලියත් බැ කියලා හිතුනා... සමහර විට ඒ පුද්ගලයා ඇත්තටම අසරණ උන කෙනෙක් වෙන්නත් පුළුවන්.... මොනවා උනත් මෙහෙම දෙයක් උනොත් මේක මතක් වෙයිනේ....

    ReplyDelete
  2. සමහර සංචාරකයන් ලංකාවෙ අයගෙන් උදව් ගන්න හරිම බයක් තියෙන්නෙ.. ඊයෙ වැඩඇරිලා යද්දි මුනගැහුනු කෙනෙක් බස්ස්ටෑන්ඩ් එකට පාර ඇහුවා. කියලා දීලා ටික දුරක් යද්දි මතක්වුනා තනියම පාර හොයාගන්න අමාරුවේවි කියලා. ඒ වගේම මම ආපහු ඒ විදේශිකයා මුනහැහුනු තැනට එනකොට ඔහුත් එතැනට එනවා දැක්ක වටේට කැරකි කැරකි. ඒත් මම පාර පෙන්වන්න යනකොට ඔහු කියනවා තනියම යන්නම් කියලා. අන්තිමට මම හන්දියෙන් හරි පාර පෙන්වලා හැරිලා ගියා. යන්න ඕන තැනක් කීවානම් බස්එකක් ලගටම එක්කන් යන්න තිබුනා. ඒත් මූ කීවෙ නෑනෙ කොහෙද යන්න ඕන කියලා..

    ReplyDelete
    Replies
    1. අපේ අයගෙන් බැට කාපු කෙනෙක් වෙන්න ඇති..

      Delete
  3. සමහර විට ඒ කෙනා ඇත්තටම අපහසුතාවයකට ලක් වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද ඒ මුදල හිගාකාගෙන ඒ රටවලට ගෙනියන්න නම් ඔය වගේ සිය ගානකගෙන් ඉල්ලන්න වෙනවා. මම දැන් අවුරුදු 3ක් තිස්සේ උපදේශකවරියන් දෙන්නෙක් එක්ක වැඩ කරනවා. ඒ අය වැටුපක් ගන්නෙ නැතුව ලංකාවට ඇවිත් මානසික රෝග වලින් පෙලෙන අයට උදව් කරනවා. ස්වේච්ඡාවෙන්. එයාලා තමන් ළග තියෙන මුදල් අවශ්‍ය දේට අරපරිස්සමින් වියදම් කරනවා. සුද්දො වර්ණනා කරනවා නෙමෙයි. අනේ මන්දා. දෙකම වෙන්න පුළුවන්.

    ReplyDelete
  4. හ්ම්.. දැන් සුද්දොත් මේ වැඩේට බැහැලද? හැබැයි ඉතින් ඇත්තටම ඒ මනුස්සයා අමාරුවේ වැටිලා හිටියද දන්නෙත් නෑ...

    ReplyDelete
  5. ඉස්සර වගේ වත තියෙන සුද්දෝ දැන් නැහැ බං.අනිං උන් ඇම්බැට්ට වෙලා ඉන්නේ

    ReplyDelete
  6. මෙහෙම මිනිස්සු ඉන්නවනං හොඳයි එත් වෙන්නේ ඔකේ අනික් පැත්තනේ ...


    .... හේ හේ.. මම මේ උඩින් ආවේ සුදු මහත්තයා කියල කෑල්ලක් වීලා තියන නිසා.. මොන ගිනි විජ්ජුම්බරයක්ද කියලා දන්නේ නැහැනේ ..

    ReplyDelete
  7. අෆොයි.. හ්ම්ම්... එහෙත් මිනිස්සු ඉන්නවානේ. එකෙන් වෙන්නෙ හොද මිනිස්සු නැත්තටම නැති වෙලා යන එකයි.

    ReplyDelete
  8. සුද්දෝ දුප්පත් කියලා හිතෙන දෙයක් මම දැක්ක දැනට සති දෙකකට පමණ පෙර බදුලු කෝච්චියේ යද්දී. මමනම් කවදාවත් නොකන, අපිරිසිදු ලෙස වට්ටියක ඇසිරු වඩේ, පත්තර කොළවලින් සැදු කවරවල දැමු කවදා හැදුවේදැයි නොදන්නා රෝල්ස්, ලැවරියා, ආදිය තම දිවා අහාරය ලෙස ගන්න සුද්දන් දෙදෙනෙක් මගේ ඉදිරිපිට අසුනේ සිටියා. ඔවුන් තාත්තයි පුතයි වගේ. මම හිතන්නේ දීර්ඝ කාලයක් ඉතිරි කරගත් මුදලකින් විදේශ සංචාරයක යෙදෙන්නන් විය හැකියි. (අපිට එහෙමවත් බැහැනේ)

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  9. ඉස්සර වගේ නෙවෙයි දැන් සුද්දෝ අපිට වඩා දුප්පත්..

    ReplyDelete
  10. සමහර විට ඒ සුද්දා ඇත්ත කිව්වා වෙන්නත් පුළුවන් ඇත්ත කියලා සල්ලි ඉල්ලන් ගියත් ආයේ එවන්න අමතක වුනා වෙන්නත් පුළුවන් සමහර විට ඔහු ඒක අමතක කරලා දාලා ඉන්නත් පුළුවන් එහෙමත් නැත්තම් කවදාහරි දවසක සල්ලි එවන්නත් පුළුවන්.

    ReplyDelete
  11. ඇත්තටම අවංකව කල දෙයක් වෙන්න බැරිද සමහර විට රපියලක් දෙකක් ඉල්ලා දෙදහක් හදාගන්නවට වඩා තමන්ට අවශ්‍ය මුදල එකවර ඉල්ලුවාම හරිනේ.

    ReplyDelete
  12. සුද්දොන්ට හිඟමන් හම්බෙන්නේ පොඩි ගණන් වලින් නෙවේ වගේ??

    ReplyDelete
  13. චීන්නු දැන් ලංකාවේ හන්දියක් හන්දියක් ගාණේ ගිහින් හෑන්ඩ් ෆෝන් විකුණද්දී මේකත් වෙන්න බැරිකමක් නැහැ වගේ

    ReplyDelete
  14. නම වෙනස් කරන්න වෙන් නෑ.. සුද්දන්ගේ පට්ට හිඟාකෑමක් නෙ.

    ReplyDelete
  15. ලන්කාව ඩොලර්වලට ලොකු විදේශ විනිමයක් දෙන නිසා ගොඩක් දුප්පත් සුද්දොත් ලන්කාවට එනව. ඒ වගේම අපිට වඩා කට්ට සුද්දො දැන් ඉන්නව. මට හිතෙන හැටියට නම් සුදු මහත්තය අවන්ක කෙනෙක් නම් ඔහු මේ වන විට අනිවර්යයෙන්ම සල්ලි එවල. මොකද, හමේ පාට, භාසාව වෙනස් වුනාට මනුස්සකම වෙනස් වෙන්නෙ නැහැනෙ.

    ReplyDelete
  16. කාලෙකට කලින් ලංකාවට ඇවිත් අපේ එව්වො එක්ක ඉඳල වැඩේට බැස්ස එකෙක් වෙන්න ඇති. දැන් ජොබ් එක විදිහට තමා කරනව ඇත්තේ.. :P

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....