ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 January, 2012

ඇත්තටම කෙල්ලෙක් කොල්ලෙක් කසාද බදින්න ඕනේ මොන වයසෙන්ද?

ගොඩාක් දවසකින් පොස්ට් එකක් දාන්නේ.... ටිකක් එක එක ප්‍රශ්න ගොඩක හිර වෙලා උන්නා....  ඒත් ඉතින් බලනකොට තිබුනු ප්‍රශ්නයකුත් නැ කරපු දෙයකුත් නැ

ඒක නෙමේ ඉතින් අද මොනවා හරි කියන්නම ඕනා...

නිමිත්ත : මාර්ග වාහන පරික්ෂාවේ උන් පොලිස් නිළධාරින් දෙදෙනෙකු මා නතර කල මොහොතේ ඇති වු කථා බහ...

බලනවකෝ නේද වයස අර කෙල්ලට තාම අවුරුදු 18ක් වත් නැ නේද? ඒ වුනාට පොඩි එකෙකුත් ඉන්නවා..

මම: ඔව් ඉතින් සමහර විට තාම නිතියෙන් බැදලාවත් නැතුව ඇති... වයස නැතුව...

*****************************************************************************
ඇත්තම මේ සිදුවිම ගොඩක් මේ පැත්තෙ නම් වෙලා තියන දෙයක්..

ඉගෙන ගෙන ඉවර වෙලා ඒ කියන්නේ උසස් පෙල නම් නම් නෙමේ... යන්තම් ඕලෙවෙල් කලා විතරයි...

තව දුරටත් ඉගන ගන්න ඕනා කමක් නැ කියමුකෝ.. ඒත් ඒ  ගමන්ම පරස්ථාවක් කරගන්නේ හරියට සමාජේ ගැන මොනවා දැන ගෙනෙද කියලා මට වෙලාවකට හිතෙනවා..

ඇත්තටම මගේ පන්තියේ උන්නු (ඕ ලෙවල්)  අයගෙන් තාම කසාද බැදලා නැත්තේ මම විතරද කොහෙද?

අනිත් අයගෙන් ගොඩාක් අය දැන් අම්මලා, තාත්තලා වෙලා..

ඒත් ඒ ගොඩාක් දෙනෙක් ජිවිතේ විදිනවා කියන දේ නම් කරන්නේ නැ විදවනවා විතරයි (මම කියලත් ඉතින් විදින එකක්ද නැනේ)

එත් ඇත්තටම කෙල්ලෙක් කොල්ලෙක් කසාද බදින්න ඕනේ මොන වයසෙන්ද?

පොදි බදින්න සල්ලි තියන අයට නම් ඉතින් ඔය වයස කියන දේ ගැටලුවක් නෙමේ වෙන්න ඇති...
ඇත්තද දන්නේ නැ ඉතින් කථාවට කියනවා ඔය ලොකු ලොකු සල්ලි කාරයන්ගේ හිතේ සතුට දුප්පත් පැල්පතක ජිවත් වෙන කෙනෙක්ගේ තරම් නැහැලු..

මේක නිකමට හිතුන දෙයක් බ්ලොග් එකත් පාලු කපලා අයේ ලියන්න පටන් ගන්නත් ඕනානේ..

කොහොමහරි ඉතින් බ්ලොග් ලියන කියවන කසාද බැදපු බදින්න ඉන්න ඔය කට්ටියම කියමුකෝ...

කසාද බදින්න හොදම වයස මොකක්ද කියලා...

ප.ප.ලි : මට නම් ඔය වගේ තිරනයක් ගන්න නම් නෙමේ ඔන්න...

89 comments:

  1. හුරේ දේවා හිරේ යන්ට ලෑස්තිය!
    අතට සමුදුන් ඔබට සුභ පැතුම් මලියගෙන් :D
    ජය වේවා!

    ReplyDelete
  2. ඔන්න මම නම් දන්නේ නෑ මලේ.
    ආයේ බොරු කියන්නේ මක්කටද ?

    ReplyDelete
  3. මම නම් හිතන්නේ කසාද නොබැඳ ජිවත් වෙන එක තම හොඳම දේ.බැඳීම් අඩුයි නිදහස වැඩියි.අනික කසාද ජිවිතේ ඔය කියන තරම් සුන්දර නැහැ.ළමයි හැදුවට පස්සේ ඉතින් අවරුදු 20k යනකන් පන යනකන් කඹුරන්න ඕනේ.ඊට පස්සේ සැලකුවොත් එහෙමයි නැත්නම් එහෙමයි.ඊට වඩා හොඳයි තනිකඩව ඉඳල (තමන්ගේ ආශාවන් පිරිමහ ගන්න එක වෙනම දෙයක් ) ගානක් ඉතුරු කරලා තරමක හොඳ වැඩිහිටි නිවාසෙක ඉන්න එක .

    ReplyDelete
  4. පුලුවන්නම් විසි ගනංවල මුලදි බැඳපං කොල්ලො. නැත්නං වෙන්නෙ පොඩි එකා පෙර පාසැලට බාර දෙන්න ගියාම අහයි "ඇයි සීයා එක්ක ආවෙ, තාත්තා හරි අම්ම හරිනෙ එන්න තිබ්බෙ" කියලා.

    henryblogwalker the Dude

    ReplyDelete
  5. මම නම් කියන්නෙ කොල්ලො ... බය නැතුව හරිය .. ඇත්තටම අපි බඳින්න ඕන හොඳටම නාකි වුනාම.

    ReplyDelete
  6. අනේ මංදා හෆ්ෆා... බඳින වයසක්නම් දන්නෙ නෑ.. වෙන්න තියන විදියට වෙන්න ඕනෙ දේවල් වෙන්න දීලා මමනම් බලං ඉන්නවා හෆ්ෆා,,

    ReplyDelete
  7. thaniyama inna eka kochchara funda..eth antima kale thani wena ekata thama akamathi

    ReplyDelete
  8. හොඳම වයස තමයි

    ***බඳින්න හිතෙන්නත් ඕනේ
    ගැලපෙන සහකාරයෙක්/සහකාරියක් ඉන්නත් ඕනේ
    සුදුසු වෙලාවක්(කේන්දර නෙමෙයි සල්ලි යහමින් තියෙන වෙලාවක්)බලන්නත් ඕනේ
    පවුලක් නඩත්තු කරන්න හැකියාවක්(ජොබ් එකක්) තියෙන්නම ඕනේ
    **අතිශය ඉවසීමක් නැත්තම් බැන්ඳට වඩා ඉක්මන්ට ලිහාගන්නත් වෙනවා හි හි

    මම කියවලා තියෙනවා විවාහ ජීවිතේ කියන්නේ කපිතාන්ලා දෙන්නෙක් ඉන්න නැවක් වගේ කියලා.ඒ නැව හරි ගමන් මාර්ගයෙන් ගෙනියන්න නම් දෙන්නගෙම සහයෝගය වැදගත් එහෙම නැත්තම් ටයිටැනික් නැවට වුනා වගේ තමයි....

    ඕං අයියේ මගේ අදහස තවත් අයෙකුගේ අදහසක් සමග...හැබැයි මම තාම පොඩි එකා

    ReplyDelete
  9. @ misfit :
    මනුස්සයෙක් විදියට ලෝකෙට උපන්නා නම් තමන්ගේන ලෝකෙට වෙන්න ඕනේ දේ ඉටු කරන්න ඇයි පස්ස ගහන්නේ... කසාද බඳින්න පස්ස ගහන මිනිහා කොහොමද වගකීමක් භාරගන්නේ ? කවදා හරි මැරෙන දවසට තමන්ගේ ජීවිත කාලය දිහා බලලා සතුටු වෙන්න පුළුවන් වේද ?

    ReplyDelete
  10. කොල්ලෙක් නම් අනිවා 25-28 බඳින්න ඕනා...

    කෙල්ලෙක් නම් 21-24 තමා...

    මම බැන්දේ 25 න්... මේක බලන අපේ බැඳපු උදවියත් අදහසක් කියලා යනවා නම් තමයි හොඳ !!!

    ReplyDelete
  11. මම නම් කියන්නේ කොල්ලෙක්ට හොදම වයස 27 වගේ :))

    ReplyDelete
  12. @Chathuranga Perera
    කසාදය කියන්නේ ඇදගෙන නෑමක්.වගකීම් බාරගන්න නොහැකි kama නෙවි විවාහය කියන වගකීම සහ බරට තියන නොකැමැත්ත.මේ ලෝකෙට කරන්න තියන යුතුකම?
    එහෙම යුතුකමක් කරන්න ඇත්තටම ලෝකයක් කියල දෙයක් තියද? අපි කියන්නේ නිකන්ම නිකන් සත්තු කොටසක් විතරයි මේ ලෝකේ . මේකේ අපි නැතිවෙන දවසකට ඒ අඩුව පුරවන්න තව මොකක් හරි දේවි.දහ දෙනෙක් නොබඳ ඉන්න තීරණය කලොත් විස්සක් ඒ දහයේ අඩුපාඩුව මදි නොකියන්න පුරවවී. එකම ප්‍රශ්නේ අපි අර 20 දෙන වෙලා තවත් දුක් විඳිනවද 10 වෙලා අපිට යමක් කරගන්නවද කියන එක .යමක් කරගැනීම බොහෝ අරුත් සහිතයි

    ReplyDelete
  13. පික්ශු මලියා : අනේ මලයෝ..... මම උබට කීවා කියලා හිතාගනින්කෝ... මේ මම එහෙම හොරාට බදින්නේනැ බන්

    ReplyDelete
  14. මධුරංග : එහෙම කියලා නම් හරි යන්නේ නැ නේද අයියේ.. අයියලා අපිට කලින් ඉස්සර වෙන්න ඕනනේ

    ReplyDelete
  15. misift : ඔය ඔහොම කියන අය ඒ වුනට ඉක්මනටම කසාද බදිනවා... ජිවත් වෙනවා කියන්නේ ඒකටම වෙන්න ඇති නේද යාලුවා.. අනාගතේ දවසක අපි මෙහෙම මේ අයව හැදුවනේ කියලා සතු‍ටු වෙන්නවත් පුලුවන්නේ.///

    ReplyDelete
  16. වයස ප්‍රස්නයක් නෑ.... :D

    ඒත් ඉතිං අපි ජීවත් වෙන සමාජෙ අනුව ඒව වෙන්ස් වෙනව නේද... ?? අවුරුදු 20 වෙනකොටම ළමයෙකුත් ඉන්නවනම් වයසින් තුනෙන් එකක් යන්නත් කලින් ජීවිතේ භාගයකටත් වඩ ඉවර වෙලා වුරුදු 30 විතර යනකොට ළමයි දෙන්න තුන්දෙනයිළාඅර්ථික ප්‍රස්නයි අරවයි මේවයි.. ජීවිතේ කල කිරිලා...

    එහෙම නැති අයත් නැතුවම නෙවෙයි.. ඉන්නවා.. ඒත් බහුතරයකට එහෙමයි මම දකින විදියට...

    ReplyDelete
  17. ඩුඩේ : අනේ බන් දැන් නම් 23යි.. මුල කියන්නේ දැන්ද?? දැන්ම නම් බැරි වෙයි මම හිතන්නේ.... ඇ යාලු 30න් බැන්දත් ලමයි 32න් හම්න්බ උනත් 38 වෙනකොට පාසල් යනවානේ...
    38 වයසකුත් නෙමේනේ නේද??

    ReplyDelete
  18. කුමාරයා : සිරාවටමද කියන්නේ... ඒ කියන්නේ ඔයා බදින්න ඇත්තේ මිට අවුරුදු 15කට විතර කලින්නේ නේද? එතකොටනේඔයා නාකියි

    ප.ලි : ඇත්ත්ටම එදා මාව දැක්කේම නැද්ද් මාමේ... හිකිස්

    ReplyDelete
  19. හිතුවක්කාරි : අර කලින් පොස්ට් එකක ඔයා දාලා තිබුනා වගේ කෙනෙක් මුන ගැහිලා නම් ඔය කථාව පොඩ්ඩක් වෙනස් වෙයි නේද??

    වෙන්න තියන දේවල් ඔයා කොච්චර නැ කිවත් වෙනවාමනේ නේද හිතු..

    ReplyDelete
  20. ano : thanikama hodayi yamak karagannna puluwan kaalayak thiyanakan witharak....

    ReplyDelete
  21. ගැමියාගේ පත් ඉරුව : මල්ලි තාම පොඩි එකා කිවාට ගොඩාක් දේවල් සිරියස් හිතලානේ... ඔහොම හිතන එක ගොඩාක් හොදයි...

    ඇත්තටම එක්කෙනෙක්වත් එහෙම ඉක්මන් වෙන්න ගියොත් සොරිම තමා...

    ReplyDelete
  22. චතුරංග පෙරේරා : අම්මේ අය්යේ ඔයා යන්තම් හිතට දැනෙන දෙයක් කිවා... තව ඉතින් මට 23නේ... තාම මම බදින වයස ඇවිත් නැහැනේ...

    ඒකනේ බැදපු අය නැද්ද මන්දා තාම...

    ReplyDelete
  23. වර්ණා : ඒකේ නම් මොකක් හරි යටි අරමුනක් තියනවා වගේ... ඇ.. මොකද ඒ.. කොල්ලා කියනවද 27 වෙනකන් බදින්න බැ කියලා

    ReplyDelete
  24. පොඩි මැන් : ඕකම තමයි බන් පොලිස් මැන් කිවේත්.. ජිවිතේ එපා වෙලා අවුරුදු 27 ,28න් ඉතින් වලි දාගෙන ඩිවොස් කේස් ගොඩ ගැහෙනවාලු...

    කෝ තාම අනිත් අයට තාම හිතාගන්න බැරිද වයසක් එහෙම

    ReplyDelete
  25. වස ලැජ්ජාවයි වුනේ කොල්ලො ... හැම තැනකදිම දුටුවා .. ඒත් ඉතින් මේ ඉන්නෙ දේවා කියල දන්නෙ කොහොමද ..?
    උදාහරණයක් විදිහට .. ප්‍රොපයිල් පොටෝ එකේ ඉන්න එකයි එදා මම ට්‍රිප් එකෙදි දැකපු එකයි කොයි තරම් වෙනස් ද ..? ප්‍රො.. පික්චර් එකේ ඉන්න එකා පොඩි කොලුගැටයෙක් වගේනෙ. ඒ මදිවට නලළෙන් උඩ නෑ. ඉතින් කොහොමද අඳුනාගන්නෙ.

    ReplyDelete
  26. බඳින්න ඕන නෑ....(ආණ්ඩුවේ ලියකියවිලි වල අත්සන් කරන්න ඕන නෑ) එකට ජීවත් වෙන්න.... වයස ඕන එකක්..

    ReplyDelete
  27. ඇත්තටම කියනවනම් මචන් මම බැන්දේ 21 න් දැන් මට 26 යි මට හා පැටවූ වගේ දුවල දෙන්නෙක්ම ඉන්නවා.ලොක්ක මේ අවුරුද්දේ නර්සරි යන්නත් පටන්ගත්ත.
    කිසි ප්‍රශ්නයක් නැහැ ආර්ථිකය අවුලක් නැත්නම් අවුරුදු 20 න් පස්සේ කොල්ලෙකුට බඳින්න පුළුවන්.
    මේක මට හරි ගියාට අනෙත් අයට දිරවන්නේ නැති වෙන්න පුළුවන් ඒත් ඉක්මනට බඳිනවා වගේ නෙමෙයි ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා මොකද කොල්ලෙක් ගොඩක් ෆන් ගන්නේ ඔය කාලෙනේ මචන්.
    විවාහය කියන එක තේරුම ගත්තොත් පවුලක වගකීම් තේරුම ගත්තොත් මුලින් බැන්දත් පස්සේ බැන්දත් එකම තමා ඒත් අද කාලේ දකින දේවල් අනුව පහුවෙලා අත්දැකීම් අරගෙන බඳින එවුනුත් අනන්තවත් බුල ගහනවා මචන්.

    ReplyDelete
  28. මට දැන් 24යි... මම නම් අනිවා තව 5ක්වත් මෙහෙම ඉන්නවා..

    ReplyDelete
  29. මල්ලී ...කෝකටත් හුඟක් පරක්කු කරන එකනම් එච්චර හොඳ නෑ ...මෙන්න අද පත්තරේ තිබුණ article එකක් ..නිකං කියවලම බලන්නකෝ ...

    http://news.nationalpost.com/2012/01/17/delaying-parenthood-has-serious-medical-risks-for-both-men-and-women-study-warns/

    ReplyDelete
  30. අනේ මේ කොහෙ හරි ඉන්න අහිංසකයෙක් අල්ලගෙන බැඳගෙන ඇයි ඒ පුද්ගලයට දුක් දෙන්නෙ මම නම් ඒ පව් වැඩේ කරන්නෙ නැහැ ..හැමදාම මෙහෙම ජොලියෙ ඉන්නව.....:):):)

    ReplyDelete
  31. කුමාරයා : ඒ කියන්නේ මම පොඩි නැ කියලාද කියන්නේ... ප්‍රෝෆයිල් එකට දාලා තියෙන්නේ අවුරුද්දකට කලින් ගත්තු එකක්..

    ඒ කිවේ කොහොම වෙනසක්ද තියෙන්නේ... මම හිතන්නේ ලොකු වෙනසක් තියෙන්නේ බැනේ..අ

    ඔයා නිදාගෙන ආවෙත් නැනේ.. ඔය තරම් අනිත් අය කියවනකොට

    ReplyDelete
  32. මමත් වින්චැට් කිරිල්ලිත් එක්ක එකඟයි... මම කසාද බැන්දෙත් විසි ගණන්වල මුලදි... දැන් හිතෙනව තව කාලයක් තනිකඩව හිටියා නම් හොඳයි කියල බැඳීම් වැඩි කරගෙන සංසාරෙ දික්කර ගන්නවට වැඩිය... මේ මගේ පෞද්ගලික මතය.....

    ReplyDelete
  33. අහ්හ් පිස්සුද මට ඇති කොල්ලෙක් නැහැ :/

    ReplyDelete
  34. මම නම් හිතාගෙන ඉන්නෙ 28න්.. ගෙවල් දොරවල් එහෙම හදලා. ඔක්කොමත් හරි කෙල්ලෙක් තමා අඩු.. හිකිෂ්!

    ReplyDelete
  35. මම නම් ඔය අනිත් අය ගැන දන්නේ නැ. මම නම් අවුරුදු විසි අටක් විසි නවයක් වෙන කම් කසාද නම් බදින්නේ නැ. මම මේ දවස වල ගෙවන ලයිෆ් එකේ හැටියට දැන්ම බැන්දොතින් මාසෙන් දෙකෙන් වයිෆ් ආයෙත් ගෙදර යන එක බුදු ෂුවර්. ඒත් ගැනු ළමයෙක් නම් අවුරුදු 26 ක් 27 ක් වෙන්න කලින් කසාද බදින එක තමා හොද. නැත්තම් ඉතින් එක්ස්ෆයර් වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  36. බඳින්නෙ කොහොමද ඉන්න තැනක් නැහැ හරි හමන් ආදායමක් නැහැ
    ඉන්න තැනක් ඇතුව හරි හමන් ආදායමක් ඇතුව කසාද බැඳීම
    අලිය ගත්තනෙ හෙණ්ඩුව පස්සෙ ගන්නවා
    ඔය තියෙන්නෙ කසාද බැඳිල්ල ගැන මගේ අදහස් තමා, මට නං හිතෙන්නෙ කොහොමත් කෙල්ලෙකුට කොල්ලෙකුට කියලා වෙනසක් නැහැ අවුරුදු විස්ස පහු උනානං ඇති කියලා .........

    ReplyDelete
  37. මට හිතෙන්නේනම් ගෑණු ලමයෙක් 25ක් වෙනකොටත් පිරිමි ලමයෙක් 28-30 වගෙ වෙනකොට .

    ReplyDelete
  38. @misift,
    “මම නම් හිතන්නේ කසාද නොබැඳ ජිවත් වෙන එක තම හොඳම දේ.බැඳීම් අඩුයි නිදහස වැඩියි“

    ඉතිං සහෝ බැරි වෙලාවත් ඔබතුමාගේ අම්මා තාත්තත් ඔය විදියට හිතුවා නං අද “misift“ කියන නමෙන් කමෙන්ට් කරන්න කෙනෙක් නැති වෙනවා නේ .....

    “අනික කසාද ජිවිතේ ඔය කියන තරම් සුන්දර නැහැ“

    මේ කතාවට නං කිසිසේත්ම එකඟ වෙන්න බැහැ, ඒක තීරණේ වෙන්නෙ දෙන්නට දෙන්න තේරුම් ගැනීමේ හැකියාව මත, හැබැයි ඉතිං ප්‍රශ්න රණ්ඩු නැති කසාද ජීවිතයක් තියනවා නං සීයට දශම ගාණක් වගේ තමා, එහෙමයි කියලා කසාද ජීවිතේ සුන්දර නැහැ කියන්නෙ නං අමූලික බොරුවක් ........

    “ළමයි හැදුවට පස්සේ ඉතින් අවරුදු 20k යනකන් පන යනකන් කඹුරන්න ඕනේ“

    ඒක දුකක් විදියට දැනෙන්නෙ තාම “misift“ දරුවෙන් නැති නිසා වෙන්න ඕන, නිකමට වගේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා බලන්න, ලමයින්ට අවුරුදු විස්සක් නෙමේ ජීවිත කාලෙම උනත් කඹුරන එක දුකක්ද කියලා ........

    “ඊට පස්සේ සැලකුවොත් එහෙමයි නැත්නම් එහෙමයි“

    ලමයි සලකන එක නැති එක තීරණය වෙන්නෙ පවුල් පසුබිම තුලින්මයි, අපේ අම්මා, තාත්තා අපේ ආච්චිට, ආතට සලකපු විදිය දැකපු මම කවදාවත්ම අපේ අම්මට,තාත්තට නොසලකා ඉන්නෙ නැහැ, එහෙම හරි දැක්මක් පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට නැති උනාම තමා දෙමාපියන්ට වැඩිහිටි නිවාසවල පිහිට පතන්න වෙන්නෙ .....

    ReplyDelete
  39. බදින්න හොදම වයස 30. (මොකද මම බැන්දෙ ඒ වයසෙදිනෙ):)

    ReplyDelete
  40. හ්ම්.... මං හිතන්නෙ ගෑණු ලමයෙක්ට හොදම වයස 24-27 අතර කියලා.

    පිරිමි ලමයෙක්නම් ඉතිං 29 විතර වෙනකල් හිටියත් මොකෝ...

    ReplyDelete
  41. විවාහය කියන්නේ ජීවිතයේ තියෙන ලස්සනම දෙයක්. හැබැයි ඒකට ජීවිතේ ප්ලෑන් කරල තියෙන්න ඕනේ. නැත්නම් කාට හරි ආදරේ කරල හිතුන ගමන් බැන්දොත් ජීවිතේ ඇත්තටම විඳවන්න තමයි වෙන්නේ. කෝටි ගණන් සල්ලි තිබුණත් අඩු වයසින් බැන්දොත් වෙන්නේ විඳවන්නම තමයි.

    අපි පාසල් කාලෙ ඉවර කරල තව ටිකක් දුරටත් ඉගෙන ගෙන සාමාන්‍යෙයන් රස්සාවක් හොයාගන්නකොට අවු.22 වත් වෙනවා. ඉතින් මේ කාලෙ තමා ඇත්තටම ජීවිතේ අත්හදා බැලීම් කරන්න පුළුවන් කාලේ. පොඩ්ඩක් පිස්සු නටලා, බීලා, දෙපාරක් විතර හයිස්පීඩ් හරි බීල හරි ඩ්‍රයිව් කරල එලිවෙනකම් පොලිසියේ බංකුවේ ඉඳගෙන ඉඳල වගේ දේවල් කරන්න පුළුවන් මේ කාලෙ තමයි. ඒ වගේම කෙල්ලෝ දෙතුන් දෙනෙකුට ආදරේ කරලා (තමන්ගේ ඇත්තටම ආදරේ කෙනා ඉද්දි) එක්කෙනෙක් දෙන්නෙක් එක්ක රැයක් දෙකකුත් ඉඳලා වගේ දෙවල් කරන්න පුළුවන් වෙන්නෙත් මේ කාලෙ.

    මෙන්න මේ කළේ අවුරුදු 26 විතර වෙනකම් ගත කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි පොඩ්ඩක් තැන්පත් වෙන්න ඕනේ. කීයක් හරි වැඩිපුර ඉතුරු කරල. ආදරේ කරන ගෑනු ළමයට විවාහය ගැන අදහස දීලා, ඉන්න තැනක් සහ වාහනයක් ගන්න පොඩි ප්ලෑන් එකක් ගහල වැඩ පටන් ගන්න ඕනේ. අනිවාර්්‍යෙයන්ම මේ කාලෙ ටිකක් මහන්සි වෙලා වැඩ කළොත් අවු. 29 වෙනකොට මේ දේවල් වලින් සියයට 60 විතර සම්පූර්ණ කරගන්න පුළුවන්. බඳින්න හොඳම මේ කාලෙ තමා. ජීවිතේ විඳින්න ඕන නම් මේ ක්‍රමය හොඳයි කියල මම හිතනවා. හි හි..... මම කළෙත් එහෙමයි....

    ReplyDelete
  42. මං හිතන්නෙ 25 -30 අතර තමා ගෑනු පිරිමි දෙගොල්ලටම බඳින්න හොඳම වයස.
    [ අපි දෙන්න බඳින කොට මට 26 යි බිරිඳට 25 යි ]

    ReplyDelete
  43. ඒක හරි ඒක හරි !!
    අපි මල්ලිලාට ආදර්ශමත් වෙන්ට එපැයි !!!
    හික් හික් හික් දේවාටත් හිතෙන එවුවා !!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.... අයියලාගේ අඩි පාරේ අපි යන්න ඕනනේ

      Delete
  44. කෙල්ලෙකුත් ඉන්නවා නම්, අනිත් සේරම දේවලුත් ප්‍රශ්නයක් නොවේ නම්, ඕනනම් දැන් බැන්දත් කමක් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔතනදි තමයි ප්‍රශ්නයක් උනොත් දැන් නම්

      Delete
  45. හරි මල්ලි උඹේ වයස හොඳායි... බැඳපාං....

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ මම තාම පොඩි එකා අය්යේ

      Delete
  46. Sumith Niriella : ඇත්ත්ටම ලියකියවිලි වල අත්සන් කරන්නේ ඉතින් අවිශ්වාස නිසානේ... මමත් හිතනවා එහෙම කරන එක ඒ තරම්ම වැදගත් නැ කියලා

    ReplyDelete
  47. අපේ මුතුන් මිත්තන් වුනත් ගොඩක් වයස ගිහින් විවාහ වුන අය නෙමෙයි..ඒත් එයාල මැරෙන තුරා සතුටින් ජීවත් වුනා..ඒ එයාල ලඟ හැදියාවක් තිබුනා අද සමාජයට වඩා..ඒත් අදට අවුරුදු 17න් 18 න් විවාහ වෙන එක ප්‍රායෝගික නෑ..හොඳම වයස කියල වර්ගීකරනයක් කරන්න අමාරුයි..ඒත් ආදරේ විවාහය වගේම සමාජය ගැනත් නිවරැදි අවබෝදයක් ඇති වුන දවසක තමයි විවාහ වෙන්න ඕන..ඒ මට හිතෙන හැටි.. :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ කාලේ ඔය කොල වල අත්සන් කරන විවාහ තිබුනෙත් නැනේ නේද එහෙම බලනකොට කොහොමත් වයස කොහොම උනත් අවබෝධය තමා වැදගත් වෙන්නේ නේද සිත් රු

      Delete
  48. අඩේ මම අදද මෙහෙ ආවේ. සෑමා මීට පසු පස්සෙන දේවාගේ පන්නවා..

    කොල්ලෙක් - 28 අවුලක් නැහැ නේද :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බන් අවුලක් නැ නේද කියලා ඇහුවේ කිසි අවුලක් නැ යාලු... පස්සෙන් පන්නගෙන එන්නකෝ හැමදාම

      Delete
    2. සිරා.. සෑමාගේ ගූගල් රීඩරේ සිටි දේවා, දැන් සෑමාගේ බ්ලොග් රෝලේ ප්‍රසිද්ධියේ.. හිකිස් !

      Delete
  49. shaaanu :ශානු මේ කියන්නේ කොල්ලෙක් කියලා මම හිතනවා.. සහෝ ඒ වයසෙන් බැදලා අද ගොඩාක් සතුටින් ඉන්න එකට මුලින්ම මගේ ප්‍රනාමය.. මොකද ගොඩාක් තැන් වල අඩු වයසෙන් බැදලා පවුල් අවුල් වෙලා තියන තැන් මම දැකලා තියන නිසා..

    ඇත්තටම ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා.. ජිවිතේ හරියට තේරුම් ගත්ත කෙනෙක්ට වයස ප්‍රශ්නයක් නම් නැ වගේ

    ReplyDelete
  50. හපොයි මටනම් තව සෑහෙන කල් තියනවා...

    ReplyDelete
  51. සතුටෙන් හිටියා ඇති කියල වගේ හිතුනම කසාද බදින්න මලේ...

    කොමෙන්ට් ටික කියවන්න වුනේ නැ.. හිමින් බලමුකෝ ඒවත්

    ReplyDelete
    Replies
    1. අය්යෝ..... ඇයි අක්කියෝ එහෙම කියන්නේ.... එහෙම සතුට නැති වෙනවද කසාද බැන්දොත්

      Delete
  52. Dinesh : අම්මේ අයියේ ඒ නම් කල් වැඩි වගේ නැද්ද??

    ReplyDelete
  53. මහේශ් නිශාන්ත : ඒකත් එක විදිහකට බැලුවොත් ඇත්ත තමයි අය්යේ.. හැමදේකටම කලින් ස්ථාවර වෙලා ඉන්න එකත් හොදයිනේ.... නේද අයියේ

    ReplyDelete
  54. වින්චැට් කිරිල්ලි : අනේ ඒ කියන්නේ ජිවිත කාලේ පුරාවටම තනියම ඉන්නද කල්පනාව... කොහෙද දුක් වෙන්නේ සතුටින් තියන්න පුලුවන්නේ...

    ReplyDelete
  55. ශානි : හ්ම්ම්ම්ම් කියලා හරියන්නේ නම් නැ ඔන්න

    ReplyDelete
  56. මියුරු : අනේ අක්කෝ අය්යාට එහෙම ඇහුනානම්.... පව්නේ.. දැන් ඔයාලා ඉන්නේ සතුටින්නේ...

    ReplyDelete
  57. මියුරු : අනේ අක්කෝ අය්යාට එහෙම ඇහුනානම්.... පව්නේ.. දැන් ඔයාලා ඉන්නේ සතුටින්නේ...

    ReplyDelete
  58. වර්ණා : ඇත්තමද?....................... ඔන්න ඉතින් කිවා බොරුවක්....... හරි හරි අපි අම්මාට කියන්නේ නැ ඉතින්

    ReplyDelete
  59. පිටසක්වලයා : ඒ කිවේ ඒවා හැදුවේ අගහරු ලෝකෙද??
    අර කුරු කුරු ගහගෙන ඉන්න කෙල්ලක් හොයන එකනම් අමාරු වෙයි තමා නේද??

    ReplyDelete
  60. රෙප් මහත්තයා : ඔන්න මට තේරෙන්නේ නැති කථාවක් කිවා.. කොහොමද අය්යා එක්ස්පයර් වෙන්නේ.... ඔය වයින් එහෙම කල් යන්න යන්න හොද වෙනවා කියලානේ අහලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලත් කියනවලු හෙහ් හෙහ්

      Delete
  61. පන්සල් හන්දිය : ඔය කතා සෙට් එකත් මම පන්සල් හන්දියේ කැමතිම පොස්ට් අතරේ තියනවා..... දැන්ම නම් බැ වගේ අයියේ...

    ReplyDelete
  62. ගිම්හානි : ඔය නොකියා කිව්වේ අක්කා දැන් ඉන්නේ බදින්න ඕනා වයසේ කියලානේ... ඔන්න කාට කිවත් නැතත් මට නම් වෙඩින්ග් එක කියන්න ඕනා.. අනිවා මම එනවා

    ReplyDelete
  63. රාජ් : ඒ කියන්නේ මට තව අවුරුදු 6,7ක් එහෙමනම් පාඩුවේ ඉන්න පුලුවන් නේද?

    ReplyDelete
  64. නිසුපා : අක්කෝ එහෙමනම් අම්මාට කිවා නම් හරිනේ මගේ කාලේ ලං වෙලා කියලා... ඔයාගේ වෙඩින්ග් එකටත් එන්නම ඕනා....
    කොල් එකක් දුන්නම ඇති හොදේ..

    ReplyDelete
  65. ද මැට්‍රික්ස් : ජිවිතේ ගැන ඔයා දකින දැකලා තියන විදිහ හැම කෙනෙක්ම දකින විදිහට වඩා ටිකක් වෙනස්.. ඔයාගේ ජිවිතයෙනුත් ගන්න ගොඩාක් දේවල් තියනවා කියලා මට හිතෙනවා..

    මමත් එකගයි අඩු වයසේ මැරේජ් ස්ථිර නැ කියන එකටත්.. හැමදෙයක්ම කරන්න ඕනා ජිවත් වෙන පොඩි කාලේ ඇතුලතනේ... අපි හැමෝම මැරෙන මිනිස්සු..

    සමහර ඔය කියලා තියන දේවල් එක්ක නම් මම එකග නැ.. කොහොම උනත් ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාගේ ජිවිත අත්දැකිම් බෙදා ගන්න ආවට.. දිගටම ඒවි කියලා විශ්වාස කරනවා

    ReplyDelete
  66. ඔබ්සවර් : ඒ කියන්නේ මාමලගේ තිබුනේ පාසල් ප්‍රේමයක්ද.... කොහොම උනත් මාමලා සතුටින් ඉන්න නිසා ඒ වයස හොදයි කියලා හිතෙනවා... බලමුකෝ... තව කල් තියනවානේ

    ReplyDelete
    Replies
    1. පාසල් නෙමේ ' ක්රෙඩ්ල් ස්නැච් ' එකක් කියන්න පුළුවන් කාලෙ පටන් ගත්ත එකක්

      Delete
    2. හිකිස් .... මට තේරුනේ නැ ඔබා මාමේ,

      Delete
  67. misfit එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි... නොබැඳි සංගමයට සාමාජිකයන් බඳවගනු ලැබේ... හැබැයි මුලින් බැදිච්ච උන් මාස දෙක තුනෙන් සාමාජිකත්වෙන් ඉවත් වුනා ;)

    මචන් දේවා, ‍අලුත් ඇඳුම නම් හොඳයි.. ඒත් කලු බැක්ග්‍රවුන්ඩ් එකේ සුදු අකුරු කියවිල්ල මට නම් අමාරුයි.. කොම්පීතරේටම ඇස් දෙක දිය වෙලා තියෙන්නෙ.. අකුරු ටිකක් ලොකු කරන්න පුළුවන් නම් හැමෝටම ලේසි වෙයි..

    ReplyDelete
  68. අයියෝ මම නම් තවම පොඩි එකා එත් මේ පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි දැක්කම මටත් යමක් කොටන්ද හිතුනා....

    මේ පැත්තට අවෙත් ගොඩක් කාලෙකින්,දැන්නෙ දන්නෙ දේවා අයිය අපේ මේ ලග පාත පොරක්නෙ....

    ඔන්න මගේ අදහස නම් මේකයි....

    ඔය පුරස්නෙ එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා...
    සමහර එවුන් ඉන්නවනෙ වයස 20 විතර වෙනකොට අම්බානෙකට පිස්සු කෙලිනවා,ජිවිතේ කිසිම වගකීමක් නෑ ,අපේ ගොඩක් ඉන්න එවුන් ඔහොම තමා,ඕක ඉතින් වයසෙ වැරැද්දනෙ .....
    තවත් කට්ටියක් ඉන්නව ඔය වෙද්දී ඉගෙනීමේ වැඩත් හොදට කරගෙන,ගෙවල් වල බරත් කරට අරන් ජිවිතේ ස්ථාවරයකට ආපු අය,ජොබ් කට්ටක් එහෙමත් හොයා ගත්තු ....එහෙම අය නම් ඉන්නෙ ටිකයි....

    ඔය දෙගොල්ලන්ගෙන් ස්ථාවර උනු එවුන් නම් බැන්දට කමක් නෑ 20 විතර කැමති නම්,එත් මට හිතෙන හැටියට නම් තව අව්රුදු 2ක 3ක් ඔන්න ඔහෙ නොබැදම හිටියොත් හොදයි.බැන්දම ඉතින් වගකීම් වැඩිනෙ.....

    ඕකෙ තව පැත්තක් තියෙනව ඔන්න ඉතින් අහගන්ඩකෝ.....

    සමහර අය ඉන්නව දෙමව්පියෝ කිව්වත් වෙන මොකා කිව්වත් ජොබ් එකක් හොයා ගන්නැති,ස්ථාවර තත්වයකට එන් නැති අය....

    දෙමව්පියො මොකද දන්නවද කරන්නෙ ඕකට කියල කියල බැරිම තැන "මූව බන්දලවත් දීල බලමු මේක හැදෙයිද කියල....." හිතල ඔන්න ඉතින් බැඳලා දෙනව....

    සමහර එවුන් නම් ඉන්නව හිටියටත් වඩා චාටර් වෙන එවුන්...
    අප්පේ සමහර කොල්ලො නම් මේ බදින්න කලින් හිටපු එකාද කියල හිතන්නවත් බැරි තරමට වෙනස් වෙනවා...
    ඔන්න ඕකයි ඉතින් කොලුවන්ගේ තත්වෙ .....මට නම් හිතෙන්නෙ කෝකටත් 23-28 වගේ වයස හොදයි කොලුවෙක්ට....

    දැන් ඔන්න මේකයි කෙල්ලන්ගෙ තත්වෙ....

    කෙල්ලෙක්නම් අනේ අප්පේ 18,20 බදින්න එපා....
    ඔයාල තාම චුටි කෙල්ලොනෙ,නිකම් කසාද බැදලා නැති බර ඔලුවට දාගන්ඩ එපා ඔය වයසට...
    ආදරේ කරන්න,ඒ අයව තේරුම ගන්න අව්රුදු කීපයක් ආශ්‍රය කරල විවාහ වෙන්න...මට හිතෙන විදියට 23-26 වගේ කාලෙ හොදයි විවාහ වෙන්න....

    කෙල්ලෙක්ට කොහොමත් විවාහ ජිවිතේ වගකීම් වැඩිනෙ...එක නිසා තමන්ගෙ සහකරුවා තොර ගනිද්දි තමන්ව හොදින් තේරුම ගත්තු කෙනෙක්ව තොර ගන්න එතකොට පුළුවන් වේවි ඒ ජිවිතේ ලස්සනට සතුටින් ගත කරන්න.....

    අපි හැමෝටම ඕනේ ජිවිතේ ලස්සනට සතුටින් ගෙවන්නනේ..........

    ඔන්න ඕකයි ඉතින් මගේ අදහස....
    පොඩි එකා කියෙව්ව වැඩිද මන්ද එත් ඉතින් කියන්ඩ හිතුන දේ මම කිව්වා...
    එහෙනම් ජයම වේවා!!!!!!!!

    ReplyDelete
  69. මට හිතෙන්නේ 27-29 කොල්ලෙක්ට එළය....22-25 කෙල්ලෙක්ටනං එළය...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ටිකක් වයසට ගිහින් බදින්න තමා මාත් හිතාන ඉන්නේ

      Delete
  70. හදන එකා පරම්පරාව කන එකෙක් උනොත්? ජිවත් වෙනවා කියන්නේ තමන් ජිවත් වීම මිස අනුන්ව ජිවත් කරන එකට නෙවි. බැඳීම් අඩු ජිවිතේ සැහැල්ලුයි. ඕක ඔය බන්දනෙට අහුවුණා ය හොඳට දන්නවා නමුත් කවදාවත් එළිපිට කියන්නේ නැහැ.

    @ pansal handiya

    මගේ අම්මයි තාත්තයි ළමයි හදපු නිසාම මමත් ළමයි හදන්න ඕනෙද?
    සමාජය කිව්වා පලියට දෙයක් කරන්නතිව තමන්ම හිතල බලන්න.අම්මෙක්ගෙන් ඇහුවොත් ළමයි හදන එකා දුකක් ද කියල "එක සැපතක්" කියල තම කියන්නේ.එකට හේතුව පොඩි කලේ ඉඳලම අපේ මනස එක සැපතක් විදිහට අපේ ඔළුගෙඩි වලට දාපු එක.අනික මම කිසිම වෙලාවක අම්මෙක්ගේ සෙනෙහස ආදරය ප්‍රශ්න කරන කෙනෙක් නෙවි.අම්මෙක් තාත්තෙක් ගන්නේ ලොකු වග කීමක්. එත් එහෙමයි කියල මමත් ඒ හැමදේම කරන්න ඕනේ කියල හිතනවානම් එක මහා මෝඩ කමක්.තමන්ගේ කැමැත්ත තමයි කරන්න ඕනේ.

    ReplyDelete
  71. බදින්න හොදම කාලය තමයි, පාළුව තනිය මුල් වරට දැනෙන්න පටන් ගන්නා වෙලාව, ඒ කියන්නේ ගෙදරින් පිට රස්සාවකට හෙම ගියාට පස්සේ!මම හිතාන ඉන්නේ එහෙමයි!

    ReplyDelete
    Replies
    1. තව කොච්චර කල් යයිද යාලුවා ඒකට.... ආදරය කරලාම බදින එක ගොඩාක් හොදයි මම නම් හිතන්නේ

      Delete
  72. කෙල්ලෙක් නම් පොඩි වයසින් කසාද බැන්ඳම ප්‍රශ්න වැඩියි.කොල්ලෙක් නම් ඉතින් ස්ථාවර උනාම කසාද බදින්න ඕන.ඒ කිව්වෙ ජොබ් එකක් වත් නැතුව ඉන්න හිටින්න තැනක් වත් නැතුව කසාදයක් කරගන්න හොඳ නෑ.
    අනික කෙල්ලො නම් හුගක් වසය ගියාම ඒ කිව්වෙ 28ක් 27ක් වගේ වෙලා කසාද බදින එක ටිකක් හොඳ මදි.
    කොල්ලොත් පොඩි වසසින් බඳින එක හොඳ මදියි වගේ,මොකද විසි 25ක් උනත් ඒ කොල්ලන්ගෙ සෙල්ලක්කාර වයසනෙ.කසාද බැන්දම වගකීම් වැඩියි.ඉතින් ඒව තේරුම් ගන්න නම් ටිකක් වයසින් මුහුකුරා ගිහින් තියෙන්න ඕන.
    ඒත් ඉතින් තමන්ට පවුලක් නඩත්තු කරන්න පුලුවන්නම්, බිරිඳව / සැමියාව හරියට තේරුම් ගන්න පුලුවන්නම්, තනිකඩ ජීවිතේදි කරපු සෙල්ලක්කාර කම් අමතක කරලා බැඳීම් වැඩි වගකීම් වැඩි ජීවිතයක් ගත කරන්න පුලුවන්නම් හෙට උනත් කසාද බඳින්න.
    මම තාම පුන්චියි හොඳේ.ඒ නිසා මට හිතෙන දේවල් කිව්වෙ.experience නැත.ඒත් කාලය ආවාම මමත් කසාඳ බඳිමි.ඔක්කොටම කලින් ඉගෙන ගන්න තියෙනවනේ.ඊලගට ජොබ් එකක්.ඊටත් පස්සෙ තමයි ඉතින් ඕක.

    ReplyDelete
  73. රිප්ලයි වැඩ නැනේ...

    තරු ගේ ලෝකය : තරු අය්යා තාත්තා කෙනෙක් කියලානේ මම හිතුවේ

    ReplyDelete
  74. සාතන් : ඔන්න අකුරු නම් ලොකු කලා අය්යේ..... දැන් නම් පුලුවන් වෙයි නේද??... මට නම් බැ බන් ඕකට බදින්න...` කවදා හරි මම බදිනවා

    ReplyDelete
  75. දමිත් ශියන්ත : ගොඩාක් කාලෙකට පස්සේ මම හිතන්නේ මේ ඔයා ඇවිත් තියෙන්නේ...

    කියපු ඔක්කොම සිරාවටම ඇත්ත කියලා මමත් හිතනවා.. ඇත්තටම මොන දේ කරන්නත් කලින් තමන්ට කියලා හොද ස්ථාවර තත්වයක් හදාගෙන ඉන්න එක තමා ගොඩාක් වැදගත් වෙන්නේ...

    පිස්සු කෙලින අය බැන්දාට පස්සේ පිස්සු නවත්වනකොට හොදට හිටපු අය බැන්දට පස්සේ පිස්සු කෙලින්නත් පුලුවන් නේද?

    ReplyDelete
  76. හිම හංසි : ඔයා කියන විදිහ හිතන විදිහ හරි කියලා මමත් හිතනවා...සෝ ඔයාගේ ටාගට් ඔක්කොම කරගන්න පුලුවන් වෙයි ඔයා කියන හිතන විදිහට... ඇත්තටම කවුරු උනත් පොඩි හරි පිස්සුවක් දෙකක් කෙලිනවාමනේ ඉතින් තනිකඩ ජිවිතේ...

    ඒවා කසාද බැන්දහම කරන්න බැනේ... හැමදෙයක්ම කරන්න කියන්න එක්ස්පිරියන්ස් නම් ඕනේ නැ මම හිතන්නේ.. කසාදේ කියන දේ එක්ස්පිරියන්ස් ගන්න කරන්න පුලුවන් දෙයකුත් නෙමේනේ..ජිවිතේ දෙතුන් පාරක් කරන්න පුලුවන් දෙයකුත් නෙමේනේ

    ReplyDelete
  77. Mama bande 27. Mage lokuduwa A/L. Dewaniya A/L. Thunweniya 8 wasara. Mama satutin innawa.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....