ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

11 January, 2012

මඩ නැති ගාලු ගෙට්‍ටුව.

සලක ස්‍රි ලංකා වාසි... නැ නැ වැරදුනා සකල ශ්‍රි ලංකා වාසි බ්ලොග් කරුවන්ගේ අවධානයට....

කලින් පොස්ට් එකේ මම මන්තරකාරි - පොඩි මැන් අතර ඇති උන (මන්තර කාරි හිනා වෙවි බලාගෙන උන්නා විතරයි ) කතා බහේ විඩියෝ දානවා කියලා පොරොන්දු උනත්...

මම පොඩ්ඩක් කල්පනා කරලා ඒ දේ නොදා ඉන්න තිරනය කලා කියන්න වෙන එක ගැන එක බලා පොරොත්තුවෙන් උන්නු ඔයාලට කරන අසාධාරනයක් කියලා මම හිතනවා..

ඒකෙන් ඇත්තටම ඔයාල පොඩි ආතල් එකක් ගනිවි...  ඒත් මන්තරකාරි ගේ පොස්ට් එකත් ඒ විඩියෝ බලපු මගේ සහෝදර බ්ලොග් ප්‍රවිනයන්ගේ අදහස උනෙත් අපි ඒක නොදා ඉමු කියලා...

ඒකට සමා වෙන්න...

ඔන්න දැන් ආයෙත් ගේට්‍ටුවට....

මෙයාටලු නාකියා කියන්නේ

පාන්දර ගෙදරින් එනකොට මගදි ආවා මට කොල් එකක්.. මචන් මම කො‍ටුවේ ඊයේ ‍රැ ඉදන් කියලා.. අර මතට සෙට් වෙලා ට්‍රේන් මිස් උන හින්දා බස් එකේ ඇවිත් 4 වෙනකොට කො‍ටුවෙලු...

ඇවිත් කනුවකට හේත්තුවෙලා ඉදලා ඇදුම බතික් උන ඒවා කවුරුවත් දකින්න කලින් මම පිහදාන්න කියපු නිසා චතු ගේ ටැග් වල වගේ අවමානයෙන් බේර ගන්න පුලුවන් උනා..

ආහ් ඔය පින්තුරේ ඉතින් අර මිස් වර්ණා එනකන් ඉන්නකන් නාකියා බි කුණ්ඩෝ .. උබත් නටාපන් මාත් නටාපන් කියන සෙල්ලම කරන වෙලාවේ මම ගත්තු එකක්..

මේ ඉන්නේ චතු මිතු
මෙයා නම් මම කොට්ටාවට යනකොටත් ඇවිත් හැමෝම ගහපු මඩ නම් මම ගහන්නේ නැ.. ඔය පින්තුරේ තියෙන්නේ එනකොට කකා ආපු බිස්කට් මදිවෙලා තව 2ක් ඉල්ලනවා තමයි...

දෙන්නකෝ අය්යේ 2ක්..

මම හිතාන නම් උන්නේ මෙයා මට නංගියෙක් කියලා.. බලාන යනකොට මෙයා මාර වයසයිනේ.. ඉතින් එතකොට අමතක විම් එහෙම වෙනවානේ...

මෙන්න අපේ හසි

මෙයාත් ඉතින් නොදන්න කෙනෙක් නැනේ ඩොකි කිව්වහම.. හැබැයි ඉතින් හිට ගෙන උනත් නිදාගන්න පුලුවන් කෙල්ලෙක් කියලායි මට නම් හිතුනේ...

මේ ඉන්නේ සිංහයා ලු
ඔන්න හැබැයි එතන ඉටපු කවුරු හරි ගැහැනු ළමයෙක් මුනටම කිවා අනේ ඔයා සිංහයෙක් කිවාට එහෙම කිසිම සිංහ ගතියක් ඔයාලග නැනේ කියලා...

මෙන්න ගෝල්ඩ් ‍ෆිශ්
ඇත්තටම වතුර නම් ඇලජික්ද කොහෙද මාලුවා කිවාට... නැවේම නැද්ද කොහෙද අනිත් අය එන්න කිවාට...යසෝධරාගේ උපන්දිනේ සමරන්න යන්න ඕනා හදිස්සියි කිය කියා තමා උන්නේ නම්

මේ යසයා මල්ලි
කෙල්ලන්ට මොනවාදෝ අරගෙන එනවා කියලා අරගෙන ආවේ නැ කියලා ගැලු ලමයි තරහ වෙලලු උන්නේ...

මෙයාටලු පවනි කියන්නේ
කෙල්ලෙක් කියලා තමයි මෙයා මෙච්චර කල් මෙයා ගැන හිතාගෙන ඉදලා තියෙන්නේ... කෙල්ලෙක් වෙන්න දැගලුවට මෙයාට ඒකට සුදුසු කම් නැ කියලා සිරිපාල වගේ හරි කමක් නැ පොඩි පිරිමි නමක් දාගන්න කියලා තමයි කට්ටියම කිවේ

මෙන්න කෙල්ලෝ
මේ කට්ටියටම මාර විදිහට බඩගිනි එනවාලු.. මොකද අපු ගමන්ම කාලා එන්න කියලා තමයි මෙයාලා ගැන දන්න කිප දෙනෙක්ම අපිට කිවේ. මෙයාලා අපේ කැම එකත් එක්කම කාලා ඉවර කරන්න පුලුවන්ලු අපි ඉක්මන් නොවුනොත්
 මාස ගානකින් නාලා නොහිටපු සිංහල බ්ලොග් කරුවෝ


මෙතන වර්ණා මිස් නම් නැ ඔන්න.. එයාත් නාලා නම් උන්නේ නැහැලු... කොහොම හරි කාලෙකින් නාලා නොහිදපු කට්ටියක් නාලා මුහුදේ වතුර ටික අපිරිසිදු වෙලා කලු පාට උනා කියලා ආරංචි නම්

මේවා මඩ නම් නෙමේ  තව ගොඩාක් අය ගැන ලියන්න තිබුනත් අතර මගදි මගේ කැමරාවේ බැටරි බැස්ස නිසා සම්බන්ද 4ටෝ නම් අඩුයි... තව 4ටො කිහිපයක් විතරක් තියනවා...

බ්ලොග් කරුවන්ගේ ගාලු ගේට්‍ටුව අවසානයි

ඇස් දල්වා බලා සිටින සටිබරයේ මහා උලෙල තෙක් නොයිවසිල්ලෙන්

32 comments:

  1. එන්න බැරිවුන එක ගැන දුකයි...

    ReplyDelete
  2. මම එක... :D :D :D
    මම දැන් යසයා නෙමේ දේවා අයියේ, පිටසක්වලයා... :D ලගදිම නම රෙජිස්ටර් කොරන්ට ඕන

    ReplyDelete
  3. පිරිසිදු ජලයෙන් සේදු මඩ,

    ReplyDelete
  4. ගාලු එන්ඩ බැරිවුන හැමොම ඒදාට සිහින උලේලේ....

    ReplyDelete
  5. ඉතින් මම කෝ යකෝ මෙතන .. මැන්ටලේ කියල මාව අත්හැර දාන්න එපා බං ....

    ReplyDelete
  6. ඉතින් මම කෝ යකෝ මෙතන .. මැන්ටලේ කියල මාව අත්හැර දාන්න එපා බං ....

    ReplyDelete
  7. නාකිය පොඩි එකෙක් නේද?

    ReplyDelete
  8. නියමයි දේවා. ගෙට්ටුවට ගිය නැති අයටනම් මේක ගොඩක් වටිනවා. නැතුව ඉතින් කොහොමෙයි කියලා කට්ටිය අඳුර ගන්නද. මම හිතාගෙන හිටියේනම් තව ගොඩක් අයගේ ෆොටෝ ටිකකුයි, කරපු වැඩ වල ෆොටෝ ‍ටිකකුයි තියෙයි කියලා. තව ටිකක් පුළුවන්නම් දාන්නකො. ගෙට්ටුවට ගිය හැමෝටම සුභ පැතුම්.

    ReplyDelete
  9. අපොයි අපොයි .... ගාල්ල පැත්තේ උදවියට මාසයක් හමාරක් යනතුරු මුහුදු මාළු කන්න බැරිවේවි වගේ.

    ReplyDelete
  10. ගින්දර ගින්දර ................... උබල සෙට් එකම අවිට්ට් එහෙනම් .............. නියමයි නේ ....... මට එන්න බැරිඋනා බලමු ඊලග වතාවෙවත්...............

    ReplyDelete
  11. මඩ සෝදාගත් කල බ්ලොග්කරුවාද ......

    henryblogwalker the Dude

    ReplyDelete
  12. මඩ නම් ඇත්තේම නැත. ඇත්තේ රූමස්සල වැල්ලේ වැලි විතරමය !!! හෆොයි...

    ReplyDelete
  13. ෆොටෝ දෙස බලා හූල්ලමි.....

    ReplyDelete
  14. හ්ම්ම් ලස්සනයි .. තව ගෑල්ලමයි හිටියනම් තවත් ලස්සනයි .

    ReplyDelete
  15. වැඩිය දනෙන්නෙ නැති වෙන්න හීනියට මඩක් ගහලා තියනවා ........
    එතකොට කෝ දේවා මල්ලි .........

    ReplyDelete
  16. චික් අරකෙ කැත. දාපන් මේ වගේ එකක්..

    http://img580.imageshack.us/img580/7657/65975960.jpg

    මොනව වුනත් පට්ටම ආතල් ගමන.
    (කැමරා ලෙන්ස් එකේ අවුලක් තියෙනවා වගේ.කොකටත් පොඩ්ඩක් කාටහරි දීලා බලව ගන්න මල්ලී.)

    ReplyDelete
  17. වැඩියම මඩ නෑ..... ලාවට තියෙන්නෙ..:D හික්ස්ස්.....

    ReplyDelete
  18. දැක්කද මම වගේ එකෙක්ට ගහන්න මඩක් තියෙනවද ... හෙග් හෙග්...

    ReplyDelete
  19. අනිත් කට්ටියගෙන් පින්තුරේ එක්කම විස්තරේ දම්මනම් හොදයි නේද?? මුහුණ් පොතේ දැකලා අදුනන්නෙට්ඟ් කීප දෙනයිනේ...

    ReplyDelete
  20. තව ගෑනු ලමයි හිටියා අක්කි.ඔක්කොම කෙල්ලො 8ක් හිටියා.සෝයි දවස හෑබෑයි

    ReplyDelete
  21. ප්‍රදිප් ගුන රත්න : දුක් නොවි ඊලග එකට සෙට් වෙමු යාලුවා...

    ReplyDelete
  22. මට ගැසූ මඩ වෙලාවට දේවා අයියා දන්නේ නැත..තෑන්ක්ස් ආ

    ReplyDelete
  23. අඩේ හසීකා නංගිත් ආවද ?
    අපරාදේ. මේගේ පෝස්ට් දකිනකොට ඊර්ෂ්‍යාත් හිතෙනවා බොල. කොහේදෑ සර් කාරයා පාර්ටියට ඉන්නම කියලා බල කලා නෙව.

    ReplyDelete
  24. නොගිය එවුන්ගෙ ඊරිසියාව වැඩි කොරන්න වෙන්නැති, තව පිංතුරත් එක්ක පෝස්ට් දාන්නෙ. :-))

    ReplyDelete
  25. හයියෝ... මේවා දකිද්දි මට නම් දුකේ බෑ අෆ්ෆා...

    ReplyDelete
  26. හික් හික්.. අනේ සමාවෙන්ට මම එන්ට පරක්කු උනා නොවැ..

    ReplyDelete
  27. එළ එළ මේ තියෙන්නේ කස්ටියගේ පිංතූර...නම් වලින් විතරනේ ඉතින් දැනං උන්නේ....

    ReplyDelete
  28. මළලසේකර...!!
    මේකද එතකොට එදා මයෙ නම කියාගෙන ඇවිත් හිටපු එකා...!!
    හිටු, මම මුගෙ ෆොටෝ එක බුකියෙ දාල අල්ලගන්ට.....
    යකඩෝ, මයෙ නම ය කියාගෙන ගිය එකා කෙල්ලෙක් වත් වුනා නම් ශේප් ය... එහෙත් මූ කොල්ලෙකි!!

    ReplyDelete
  29. හීනියට සේරම තියෙනවා!! අමතක නොවන දවසක්!

    ReplyDelete
  30. නියමයි!!!නියමයි!!!!
    මල් හතයි...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....