ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 September, 2012

ආදරියේ හිතට දුක් වැඩි නුබ හින්දා..

වෙලාව 7ත් වෙලා..... අද සෙනසුරාදා පන්ති තියනවා නේද නැගිටින්නේ නැද්ද? එලාම් එකත් වදිනවා ඕක ඔෆ් කරලා නැගිටින්නේ නැද්ද? අම්මා උදේ පාන්දරම කතා කළා.....

අද පන්තිත් නැ..... මොන වදයක්ද? නිවාඩු දවසකවත් නිදා ගන්න ඉඩක් නැද්ද? ම නිදි හොදේ..

එලාම් එක ඔෆ් කරලා ආයෙමත් ඇහැ පියවෙගන එනකොටම ජගමේ දුක කියන්න ගත්තා....

මේ මොන වෙඩිමක්ද......  මොකා උනත් මේ කෝල් කරන එකාගේ අද අම්මටයි තාත්තටයි නම් ඉතින් කිබුහුම් ගිහිල්ලම මැරේවි.......කියලා හිත හිත මම ජගමේ අතට ගත්තා....

වසාලා හමාරයි.............. දැන් ඉතින් මැරෙන්න වෙන්න වෙන්න වයිෆ්ගේ අම්මටයි තාත්තටයි තමා....

මොකද අදකවදාවත් නැතිව වෙන්න වයිෆ කෝල් කරන්නේ කියලා හිතනකොටමයි මීටර් උනේ අද කෙල්ල එක්ක ෂොපින් යන්න එන්න පොරොන්දු උනා කියලා...

ඕන වෙඩිමකට ලග තිබුනේ පන්ති කට් කරලා ඉතිරි කරගත්තු රුපියල් 2500ක් විතරයි....

මොන දේ උනත් මාසෙකට සැරයක් නම් අනිවාර්යෙන්ම මෙහෙම දඩයක් වදින එක සුවර් කියලා දන්න නිසාම මාසේ නොයන පන්ති දෙක තුනකත් නම් කියලා තාත්තා බොහොම අමාරුවෙන් හොයන සල්ලි වලින් වැඩි කොටසක් මගේ සාක්කුවට දාගන්නේ අනාගත ලෙලි වෙනුවෙන් කියලා දන්නවනම් මට මොනවයින් මොනවා වෙයිද කියලා මමවත් දන්නේ නැ...

දැන් ඉතින් ඕවා හිතහිතා ඉන්න එක වැඩක් නැහැනේ....

හෙලෝ..... ඔව් බබා.....

මොකද කරන්නේ තාම නිදි කුම්බරයා වගේ අත් දෙකත් කකුල් දෙක අස්සේ ගහගෙන නිදිද? මම තව විනාඩි 30යි බලන්නේ.....  නොලිමිට් එක ගාවට ආවේ නැත්නම් මම ආපහු යනවා  ආයේ ඉතින් මම ගැන හෙව්වේ නැති උනාට කමක් නැ...

අනේ ඇයි බබා එහෙම කියන්නේ මොකද ඔහොම කතා කරන්නේ..... මම තව ටිකකින් ඔතන....

හරි හරි එහෙමනම් එනවා එතකන් මම කැෆේ එකට ගිහින් මොනවා හරි කන්නම්... ඔයා ඇවිත් බිල සෙට්ල් කරලා අපි ෂොපින් යමු.......

මෙහෙමත්  කෙල්ලෙක්.... මගේම වාසනාවට තමා ඉතින් එහෙම කෙනෙක් ලැබිලා තියෙන්නේ... දැන් ඉතින් මොනවා කරන්නද මේ රුපියල් 2500න්....

අම්මේ අද පන්ති තියනවලු... පේපර් ක්ලාස් එකක්.... විභාහගයටඅනිවාර්යෙන්ම එන ප්‍රශ්න ටිකක් කතා කරනවලු....

ඉතින් එන්නකෝ පුතා අද වෙන වැඩකුත් නැනේ....

කොහේ  යන්නද එකට යන්න රුපියල් 1000ක් ඔනාලු..... මගේ ලග කොහෙද ඉතින් ඕවට සල්ලි...

එකත් එහෙමදටිකක් ඉන්නකෝ බලන්න..... නංගිගේ කරාබු දෙක උකස් කරලා ගත්තු අන්තිම රුපියල් 1000 තිබුනා ලග.... හදිසියකට ගන්න කියලා...

ඉගන ගන්න නැති සල්ලි මොනවටදපුතා.... උබ ඉගන ගෙන නංගි ගැනත් බලපන්කො...

අහ්හ් 1000ක් තියනවද ඉක්මනට දෙන්නකෝ මට යන්න ඕනා තව පය බාගෙන් පටන් ගන්නවා පන්තිය....

අද  මොනවා හරි කරලා කෙල්ලව කැමති කරගෙන යන්න ඕනා ෆිල්ම් එකවත් බලන්න....

මොන මන්ගල්ලෙටත් තියෙන්නේ රුපියල් 3500නෙ.... බලමුකෝ....

කෝ ඔයා කොහෙද ඉන්නේ තව විනාඩි 5යි මම බලන්නේ 10.30ට මට පොඩි වැඩකට යන්නත් තියනවා...

ඒ කොහෙද මම තව විනාඩි5න් ඔතන...

අම්මත් එක්ක රිලේෂන් කෙනෙක්ගේ ගෙදර....  දැනුත් මේ යන්න එපා කියනකොට ආවේ මම....

හරි  හරි ඔන්න මම ආවා....

අනේ එන්න වෙලා ගියානේ මෙතන බිල් එක නම් පොඩි ගානක් තමා රු 400ක් කියලා කිවා... බිල් එක ගෙවන්න කියනකොට කොල්ලට ඇහැක් ගහලා පොඩි ශේප් එකක් දාගෙන උන්නේ... අනේ බිල ගෙවලා එන්නකෝ... ඉක්මනට යන්න ඕනා....

පොඩි කෑම උදේ කන්න විතරක් රු 400ක් ගියහම දහවල් කමටත් ඔහොම කෑවොත් දවසට රු 1200ක් යනවා.. අර එතකොට මාමා කියපු 2000 + 500න් කන්න පුළුවන් වෙන්නේ දවස් 2කට ටිකක් වැඩියෙන් විතරනේ...

හ්ම්ම්ම්  යමුකෝ එහෙමනම්

අනේ  බබා අද නම් ගොඩාක් දේවල් අරන් දෙන්න වෙන්නේ නැතිවෙයි අතේ තියෙන්නේ දැන් රු 3000ක් විතර තමා.....

අනේ ඔයා මහා හිගන්න්නේක්නේ අනේ.. කෙල්ලට ඕන දේවල් අරන් දෙන්න බැරිනම් මොකටද යාලු වුනේ...

ඇයි රත්තරන් ඔයා ඔහොම කියන්නේ.... මට පුළුවන් හැමදේම ඔයා වෙනුවෙන් කරනවනේ...

කරනවා කරනවා ඒ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ... හරි හරි එකක් දෙකක් හරි අරගෙන දෙනවකො..... හැබැයි ඊලඟ මාසේ මේවටත් එක්ක අරන් දෙන්න ඕනා...

හරි  බබෝ..

..............................................................................................................................................

හ්ම්ම්  වෙලාව 10.20ත් වෙලා දැන් මම යන්න ඕනා.... අම්මා බලාගෙන ඇති...

අනේ.............

අනේ නෙමේ අයේ ඉක්මනටම හම්බවෙනවනේ ඉතින් අපි... මතක් කරලා එදාට අර මම අද බලපු කිට් එක මට අරගෙන දෙන්න ඕනා හොදද?

බායි එහෙමනම් මම යනවා...

පරිස්සමින් රත්තරන්.....

................................................................................................................................................

අතේ ඉතුරු රුපියල් 10යි... එකෙන් කොහොමද බස් එකෙන් යන්නේ... දැන් ඉතින් පලයන්කෝ පයින්ම ගෙදර....

ජගමේ ආයෙත් දුක කියන්න පටන් අරන්... හ්ම්ම්ම් අමිලයා.... මොකද මේ අපතයා මේ වෙලාවේ...

මචං අමිල. ඇයි බන්....

උබ කොහෙද සුරංග ඉන්නේ....

මම මේ ගෙදර යන ගමන් බන් අමිල  ඇයි එහෙම ඇහුවේ....

නැ බන් සුරංග උබ අවුල් වෙන්න එපා මම මේ කියන දේ අහලා...

අපි දන්නවා උබ තුශාරිට බොක්කෙන්ම ලව් කියලා.....

ඔව් බන් මට කන්න නැතත් මම එකී ගැන හිතනවනේ බන්

එක තමා බන් අපිට තියන අවුල... දැන් එකී කවුද මන්දා කාර් කාරයෙක් එක්ක !@#%^^&%* හොටෙල් එකට රිංගනවා අපි සෙට් එකම බලාගෙන.......
..........................................................................................................................................................

ප.ලි  : දැන් ඉතින් ඔන්න මේක මට ආදේශ කරන්න බලාගෙන එහෙම එන්න එපා.. හොදේ.....

කතා ලියලා පුරුද්දක් නැහැනේ මට ඒ නිසා අඩු පාඩු තියනවා සුවර්.... ඒවා කියලා යන්න

ජය  වේවා..

ප.ප.ලි. : සුරංග මොනවා කරන්න ඇතිද?

ආදරේ කරනවා කියලා ගෙදර ප්‍රශ්න වහගෙන ආදරේ කරන්න ඔනාද?

ඔහොම කෙල්ලෝ ජීවිතේටඕනද/







26 September, 2012

Happy Birth day දේවා

මිට අවුරුද්දකට කලින් මම පොස්ට් එකක් දැම්මා හරියටම අද වගේ දවසක සුභ පැතුමක් අරන් එන්න ඇවිත් බලන්න ඒ මොකද කියලා....

ඒ කාලේ වගේම තාමත් මට ඒ පිස්සුව තියනවනේ.... මම මටම විශ් කරගන්න.... ඉතින් ඔන්න අද මගේ උපන් දිනේ.... දැන් ඉතින් කොල්ලට 24කුත් ඉවර උනා... තාම පොඩි කොල්ලෙක් හොදේ...

වෙනදා වගේ දිග හැලි ලියන්නේ නැ ඉතින් වෙනදා වැඩිය බලන්න නාවත් කට්ටිය මම වත් වෙන බ්ලොග් බලන්න ගියානේ,, තාම හරියට ඒ විදිහට එන්න බැරි වෙලා තියන නිසා සුබ පතන්න එන්න අය අඩු වෙලානේ...

පිස්සු හොදටම තදවී.... කෙටිම පොස්ට් එකකින් මම මටම සුභම සුභ මෙව්වා එකක් වේවා කියලා කියා ගන්නවා...

ජය වේවා

අද තනොජා අක්කිගෙත් බර්ත් ඩේ එක මම දන්නා විදිහට...... අක්කටත් සුබ උපන්දිනයක් වේවා මටත් සුභ උපන්දිනයක් වෙන ගමන්ම

මෙන්න  කේක් කළා යන්න.....


.

.


.

.


තිබුනේ  නැද්ද.............. එ කියන්නේ ඔයා පරක්කුයි... කලින් අය කළා යන්න ඇති.... හම්බුනේ නැති අය කියලා යන්නකෝ....

අපි ගියා එහෙමනම්

24 September, 2012

ප්‍රශ්න කියලා හිතන්නේ අපි ප්‍රශ්න වලටමද?

මුහුණ දෙන්න තිබුණු ගොඩාක් ප්‍රශ්න ඉවර නිසා ආයෙමත් බ්ලොග් පැතත බලන්න පුළුවන් වෙලා.. එ ගැන නම් සතුටුයි...
මොනවද මේ පැත්තේ වෙන්නේ කියන එක ගැන ලොකු අවබෝධයක් නම් නැ ඉතින්.. ටික කාලයක්ම කලේ අවාරෙට පොල් වැටෙනවා වගේ මේ පැත්ත මතක් වෙන වෙලාවට ඇවිත් මොනවා හරි ලියලා දුවපු එකනේ... ආයෙමත් කියවන්න පටන් ගන්න ඕනා කියලා හිතුනා.... ඒවා ඉතින් වැඩකට ඇති කතා නෙමේනේ...

අද කතාව.. ආ.............හා මම පටන් ගත්තානේ ජිවිතේ සතුට සොයන් ලිපි පෙළක් එකක් නම් ලීවා කලින් සල්ලි ගැන....
අද  ඉතින් එකේ දෙවෙනි කොටස......

දැන් ඉතින් සමහර අයට හිතෙන්න පුළුවන්නේ ඉතින් දැන් මේ අපිට පොරටෝක්ස් දෙන්නේ හැම වෙලේම සතුටෙන්ද ඉන්නේ කියලා...

අනේ නැ මමත් ඉතින් සතුට හොයන් යනවා...

මට හිතෙනදැනෙන දේවල් තමා මෙ ලිපි පෙලෙන් ලියවෙන්නේ,

අද ලියන්න යන දෙ නම් ඉතින් නොතිබුණු කෙනෙක් ඉන්නවානම් ඉතින් ඒ කෙනා අද ඉපදුන කෙනෙක් වෙන්න ඕනා...

ප්‍රශ්න...

ජීවිතේට මොනම හරි ප්‍රශ්නයක් ආවේ නැති කෙනෙක් ඉන්නවද..... ඉතින් අපි මොනවද මේ ප්‍රශ්න ආවහම කරන්න ඕනේ... එ ගැන මම කියන්න යන්නෙත් නැ... ගොඩාක්.....

පුංචි ෆොටෝ එකක් හැබැයි ගොඩක් වටිනා අදහසක් තියන මමත් ගොඩාක් බලන අදහස් ටිකක් මෙතනට එකතු කරන්නම්...


ඇත්තටම හිතලා බැලුවොත් අපේ ජිවිත වලට ප්‍රශ්න කියලා අපි හිතන ගොඩාක් අවුල් වෙන සමහර විට ජීවිතෙන් පවා වන්දි ගෙවන දේවල් අපි අපේ කර ගත්තට අපට අදාළ නොවන ප්‍රශ්නයක්...

ලෝකේ තියන හැම ප්‍රශ්නයක්ම අපේ කරගන්න ගියොත් නම් ඇත්තටම අපිට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන එකක් නැ....

ගොඩාක් ප්‍රශ්න වලට හොදම විසදුම කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න එක තමා..... කාලය ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් දෙනවා කියන එකමම නම් අත්දැකීමෙන්ම විශ්වාස කරනවා...

ප්‍රශ්න නැති ජීවිතය හරියට පරිප්පු නැති හෝටලයක් වගෙ කියලාත් කියනවානේ...

ප්‍රශ්නත් ඕනා ජිවිතයට... එත් අපි දන ගන්න  ඕනා කොහොමද අපි ඒ ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්නේ කියලා..

ප්‍රශ්න වලින් පැනලා යන්නෙත් නැතුව මුහුණ දෙනවා කියන්නෙත් ඇත්තටම ගොඩාක් සාර්තක ජයග්‍රහණයක්....

සමහර  ප්‍රශ්න පටන් ගන්නේ අපේම වරදින් කියන එක අපි තේරුම් ගන්නවානම් අපිට පුළුවන් වෙනවා ගොඩාක් ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්න....

ප්‍රශ්න වලට ඔයාලා කොහොමද මුහුණ දෙන්නේ කියලා කියලා යන ගමන් පහල අහලා තියලා දෙයටත් උත්තරයක් දීලාම යන්නකෝ...


අපිට තියන ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා නේද මේවා දකිනකොට.....

දැන් ඉතින් ගොඩාක් දෙනෙක්ට තියන ප්‍රශ්නේ කොල්ලෙක් නැති එක කෙල්ලෙක් නැති එක නේද?

 ඔන්න  මේක ඔයාලට ගැලපෙන විදිහට අදාළ කර ගන්න...

 ඇත්තටම බලනකොට එකත් බලන්න තරම්ලොකු ප්‍රශ්නයක් එහෙම නෙමේ නේද?



ඇත්තම අපි ප්‍රශ්න කියලා හිතාගෙන ඉන්න ඒවා ලොකු ප්‍රශ්නත් නෙමේනේ... ජිවත් වෙන්න තියන පුංචි කාලේ ප්‍රශ්නත් එක්ක විතරක් ඉදලා හරියන්නෙත් නැනේ....

ප්‍රශ්න ගැන කතා කරමු තව ඉස්සරහටත්....

ගිහින් එන්නම් ජය හා සතුට....

අහ්හ්හ්හ්හ්හ් තව ඩින්ගෙන්  අමතක වෙනවා.... ඔන්න වැදගත් දවසක් ලග එනවා... ඔයාලට නෙමේ අනේ මට.. මගේ උපන්දිනේ... ඔන්න ඉතින් මේ වෝල් එක පැත්තෙවත් එන්නකෝ ඔය ලග එන 26 වෙනිදාට...

ඔන්න  පාටි ඕනා කියලා නොකියා කෝල් එකක් එහෙම දීලා මේ පැත්තේ ඇවිත් යනවා නම් මම පාටි දෙන්නම් හොදද?


12 September, 2012

ජිවිතේ සතුට සොයන්....... සල්ලි

ජිවිතේ  සතුට සොයන්..................... ආරම්භය....

ජිවිතේ අපිට අපි හිතන විදිහටම ගෙවන්න පුලුවන් නම් කොයි තරම් අපුරුද කියලා නොහිතුන කෙනෙක් ඉන්නවානම් ඒ මේ මොහෙතේ ඉපදුන කෙනෙක් විතරක්ම වෙන්න ඕනා.. අපි හිතන විදිහට අපි කැමති විදිහකට ජිවත් වෙන්න අපි කොයි තරම් ආසයිද?

අපි හිතනවා අපිට යාන වාහන සල්ලි පොදි බැදන් ඉන්න තිබුනනම් කොයි තරම් හොදද කියලා.. ඒත් අපි කියෙන් කි දෙනාටද එහෙම සැපක් ලැබෙන්නේ....... සල්ලි තියනවානම් මොනවද කරන්න බැරි කියලා හිතන අය  කොයි තරම්ද කියලා බැලුවොත් ජිවත් වන ප්‍රමානයෙන් 90%කටත් එහා ප්‍රමාණයක් ඉන්නවානේ......

ඉතින් ඔය සල්ලි වලට ඔය තරම් දෙයක් කරන්න පුලුවනිද?

මගේ රාජකාරි ජිවිතේ නිතරම මට මුන ගැහෙන අය අතරේ ගොඩාක්ම ඉන්නේ ඔය අපි පතන සල්ලි කාර මිනිස්සු වගේ ඉන්න පුලුවන්නම් කියන වගේ ජිවිත.....

ඒත් අපි හිතන සල්ලි තිබුනානම් මරුම තමා කියන ආකල්පයෙන් එයාලා ජිවත් වෙනවා කියලා හිතනවද?

දවසකට  තමන්ගේ ගිනුමට රුපියල් 100000ක් දාන කෙනෙක්ගේ හිතේ සතුටට වඩා සතියකට සැරයක් තමන්ගේ ගිනුමට රුපියල් 1000ක් දාන ගනුදෙනු කරුගේ හිතේ සතුට වැඩි කියල හිතෙන වෙලාවල් වගේම ගොඩාක් අය එක්ක කතා බහ කරන නිසා මම දන්නවා ඒ මම හිතන දේ ඇත්තක් තියනවා කියලාත්....



මෙතන උනත් ඇති  දවසකට රුපියල් ලක්ෂ 7,8ක්  එක්ක ගනුදෙනු කරන අය...  සල්ලි වලින් විතරක් ඔයාලාගේ ජිවිත වලට ඕන කරන සැනසීම ලැබිලා තියනවද? 100%කමවිශ්වාසයෙන් කියන්න පුළුවන් සල්ලි වලින් විතරක් අපේ ජිවිත වලට ඕනැ කරන සතුට සැනසීම.... වගේ කිසි දෙයක් හැමදාම තියාගන්න බැ...

සල්ලි කාර අය හිතේ හැමවෙලේම ගොඩාක් බයකින් ජිවත් වෙන්න තමයි ජිවිත හැදිලා තියෙන්නේ.... අපි මේ තැනින් පහලට වැටුනොත් මොකද කරන්නේ... මේ සල්ලි කොහොමද පරිස්සම් කරගන්නේ.... මොනවද අපි මේවට කරන්නේ..... කොහොමද අපි ආරක්සා  වෙන්නේ.... කාවද විශ්වාස කරන්නේ.. කාවද අපි ආශ්‍රය කරන්නේ... ඔය වගේ දාහක් ප්‍රශ්න

තමන්ගේ ආර්ථීක තත්වේ ගොඩාක් හොද තැනක තියන එක පුද්ගල වශයෙන් වගේම රටේ  ආර්ථික තත්වය සලකන කොටත් ගොඩාක් හොද දෙයක්.

එත් මම මෙතන කිවේ නම් සල්ලි වලින් හැම දෙයක්ම නම් කරන්න බැ.. අපි හිතන පතන හැම දේම කරන්න බැ කියලා තමයි..

ජිවිතේ අපි කවුරුත් ආසයි ලස්සනට ජිවත් වෙන්න  හැබැයි  සල්ලි වලට විතරක් මුල් තැන දෙන්න ගියොත් අපිට ජිවිතේ විදින්න නම් නෙමේ විදවන්න වෙන්න පුළුවන් ඉඩ වැඩියි...

සල්ලි  නිසා යාළුකම් නැති වෙන තැන් උනත් අපි මේ බ්ලොග් අවකාශයෙන්ම දෑකලා තියනවානේ..

ජිවිතේ සතුට සොයන්..... ලේබල් එක යටතේ ලිපි ටිකක් (මාසෙකට එකක් විතර වගේ) ලියන්න හිතුනා....

එ වගේම කීප දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුනා කරන රැකියාවේ (බැංකු ) රහස්‍ය නොවන එත් බැංකුවකටම ගිහින් තොරතුරු හොයා ගන්න වෙන (ලෝන් වගේ ) දේවල් ගැනත් ටිකක් ලියන්න කියලා.... එ ගැනත් පොඩ්ඩක් ලියන්න කියලා ..... එහෙම ලියනවට කැමැත්තක් ඒ ගැන තොරතුරු  ඕන අයත් ඉන්නවා නම් කියන්නකෝ.....

ජිවිතේ  කියන්නේ සල්ලිම නෙමෙ නම් මොනවද ජීවිතේට වැඩියෙන් වටින්නේ.................ඊලඟ ලිපි වලින්....
ලිපි පෙළක් ලියන මුල්ම වතාව... එකත් බ්ලොග් අවකාශයෙන් ටිකක් ඇත වෙලා ඉදලා  ආයෙත් ලියන්න පටන් අරගෙන....


07 September, 2012

රැවුලක් ඕනමද? කොහොමද මෙහෙම තිබුනොත්



ඉතින්.... ආයෙමත් පරණ තාලෙට...... හැබැයි ඉතින් ඊටත් වඩා ටිකක් වෙනස් වෙයිද කියලාත් කියන්න බැ.

ඒවා  ඕනේ නැ ඉතින්.... කාලෙකට කලින් බ්ලොග් අවකාශේ  ටිකක් ගැහැනු ළමයි  ගැන ඒ අය කැමති දේවල් කරන දේවල් ගැන එහෙම පොස්ට් ලියවුනානේ.... වෙනදා වගේ බ්ලොග් ගෙන කිසි අප්ඩේට් එකක් නැති නිසා තාමත් ලියවෙනවද කියලා මම දන්නෙත් නැ... ඉක්මනටම පරණ බ්ලොග් තිබුන තත්වෙටම එනවා නම් ගොඩාක් හොදයිනේ...

ඔය අතරේ පිරිමි අය ගැන ලියවුනු ගොඩාක් පොස්ට් වල ලියවුනේ කොල්ලන්ගේ වැරැදී වගේ ඒවා විතරයි... අඩුම තරමේ කොහොමද කොල්ලෝ කියන එක ගෙන පුංචි සටහනක් වත් මම නම් දෑකලා නැ...

ඉතින් මම හිතුවාටිකක් ඒ ගෙන කතා කරන්න....

කොල්ලෙක් උනහම රැවුලක් ඕනමද?
ගොඩක් දෙනෙක් නම් දැන් ඉතින් ඔය රැවුල වවාගෙන ඉන්නේ නැනේ..
දැන් රැවුල වවාගෙන උන්නොත් අහන්නේ මොකද ඔය ජුතක බමුණා වගේ කියලා...
 එයාට කොයි තරම් රැවුල තිබුනද කියලා බලාගන්න මම එ කාලේ උන්නේ නැනේ. සමහර අයට රැවුල නතුවහම මුනට හරි නැ.. සමහර අයට රැවුල මුනට තිබුනහම හරි නැ.. මොනවා උනත් ඉතින් එක තීරණය කරන්න පුළුවන් තමන්ටම...
රැවුල එහෙම කපලා පිලිවලකට ඉන්න එකත් හොදයිනේ... එ කොහොම උනත් ඉතින් සමහර අය ඉන්නවා කොන්ඩේට වගේම රවුලටත් එක එක මෝස්‌තර දාන අය...
රැවුල වවාගෙන ඉන්න අය... තාම රැවුල නැ කියලා එනකන් බලාගෙන ඉන්න අය , එහෙමත් නැත්නම් මහත්තයාගේ , වෙන්න මහත්තයාගේ , හිතේ ඉන්න කෙනාගේ හරි මේ තියන මෝස්‌තර වලින් රැවුලක් මැච් කරගත්තනම් හොදයි නේද?
හරිද මන්දා  අහලා තියන විදිහට ඒබ්‍රහිම් ලින්කන් ජනාධිපති  තුමා උනත් ජන්දේ දිනලා තියෙන්නේ රැවුල වවාගෙන පෙනුමට හිටපු කාලේ කියලා මම අහලා තියනවා.... එක හැම රටටම අදාලද මන්දා...








31 August, 2012

ඉපදුන මාසේ කවදද කියලා මතකද? ඇවිත් බලන්න මේවා ඔයාටත් ගැලපෙනවද කියලා

 කාලෙකින් පොස්ට් දාන්න බැරි වෙනකොට මාර්ක් අය්යා මොනවා හරි වැදගත් කියලා හිතෙන දෙයක් හොයලා දෙනවා... මෙකත් එහෙම හොයා ගත්තු එකක්... හැමෝටම මොන මාසෙක හරි ඉපදුන දවසක් තියනවානේ.... ඔන්න ඔයාලගේ උපන්දිනේ එක්ක බලල හරිද කියලා මටත් කියන්න


ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

මාසයේ 3 වන දින උපන් ඔබ,
පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද ලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබ ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් බිදවැටීම් සිදු විය හැකිය.

4 වන දා උපන් ඔබ,
හොද කලමනාකරන හැකියාවක් ඇති එමෙන්ම හොද සංවිධායකයෙකි. තම හැගීම් පාලනය කරගැනීමට ඔබ සමත්ය. ඍජු, අවංක අයෙකි. සන්සුන්ව අසීරු වැඩ කටයුතු පවා තනිව කිරීමට ඔබ සමත්ය. හැගීම් පාලනය කරගැනීමට ඔබ සමත්ය. නමුත් ආදරය සම්බන්ධයෙන් වේගවත් තීරණ ගැනීමට පෙළඹේ. ඔබ දැඩි, මුරණ්ඩු අයකු ලෙස සැලකිය හැකිය.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 5 වන දා නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අළුත් අළුත් අදහස් ඉදිරිපත් කරයි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසුය.

මාසයේ 6 වන දින උපන් ඔබ,
වගකීම් සහගතව කටයුතු කරන, ස්වභාවික අදහස් උදහස් වටහාගන්නා යහපත් අර්ථචරියාවෙන් යුක්ත ය. හැමදෙනාටම අවංක වීම ඔබ සතු ගුණාංගයකි. තම පවුල පිළිබදව මෙන්ම මිතුරන් පිළිබදවද විශේෂ සැලකිල්ලක් දක්වයි. වගකීම් සහගතව හා අරපරෙස්සමින් යුතුව කටයුතු කිරීම ඔබ තුල දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.

ඔබේ උපන් දිනය යෙදී ඇත්තේ 7 වන දා ද?
ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය. විවිධ හේතූන් නිසා ඔබ තනිපුද්ගලවාදියකු ලෙසද කටයුතු කරයි. තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ සතුය. ඒ මගින් තර්කානුකූලව සිතීමට ඔබ පෙළඹේ. ඔබ ආධ්‍යාත්මිකව බොහෝ ශක්තිමත් අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල් ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි. නිසි පිළිවෙලකට වැඩ කිරීමට ඔබ තැත් නොකරයි. තනිවී වැඩ කිරීමට ඔබ කැමතිය. නැතිනම් සියල්ලම තමා යටතේ පාලනය කිරීමට කැමතිය. මධ්‍යස්ථව සිතයි. ටිකක් මුරණ්ඩු වේ.

ඔබ උපන්නේ මාසයේ 8වන දින නම්,
ඔබ ව්‍යාපාරවලට ඉතාමත්ම දක්ෂ අයෙකි. පාලනයට විශේෂ දක්ෂතාවක් දක්වයි. ඔබ ඕනෑම දෙයක අගය තක්සේරු කිරීමට පෙළඹෙන ස්වභාවයක් ඇත. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් සාර්ථකත්වයට පත්විය හැකිය. කුඩා කල සිටම ඔබ තුල පාලනය කෙරෙහි විශේෂ කැමැත්තක් පවතී. මුදල් පරිහරනයේදී ඔබ ඉතා සකසුරුවම් අයෙකි. සාමාන්‍යයෙන් ඔබ කාර්යබහුල අයකු නොවේ. නිකරුනේ ගත කරන කාලය ප්‍රයෝජනවත් දෙයක් සදහා වැය කිරීමට ඔබ පෙළඹේ. ද්‍රව්‍යමය අතින් ඉතා ඉහල දියුණු තත්වයකට පත්වීමට ඔබට හැකිය.

මාසයේ 9 වන දින උපත ලැබූ ඔබ,
පරමදර්ශනවාදියෙකි. එමෙන්ම මානව හිතවාදියෙකි. ඔබ පුළුල් හදවතක් ඇති, සාධාරණ, නිර්ලෝභී අයෙකු නිසා පහසුවෙන් අනෙකුන් හා කටයුතු කල හැකිය. අන්‍යයන්ගේ අවශ්‍යතා හා අදහස් වලට සංවේදී අයකු වන ඔබ ඉතා කරුණාවන්තය.

ඕනෑම මාසයක 10 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබේ සැලසුම් සාර්ථක කර ගත හැකිය. ඔබ සංවේදී අයෙකි. නමුත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. කිහිප අවස්ථාවකදීම ඔබට නායකත්වයට පත්වීමේ අවස්ථාව ඇත.

11 වන දින උපන් ඔබ,
පරමදර්ශනවාදියෙකි. බල කිරීමට වඩා ඒත්තු ගැන්වීම මගින් යමක් කල හැකි යයි ඔබ සිතන නිසා ඔබ අන්‍යයන් සමග ඉතා හොදින් වැඩ කටයුතු කිරීමට සමත් වේ. ඔබටම ආවේණික වූ ආධ්‍යාත්මික සිතුවිලි ඔබ සතුය. ඔබ පරීක්ෂාකාරී, සංවේදී, මනෝධීන අයකු ලෙසද හැදින්විය හැක. හොද මතකයක් ඔබ ඔබ සතු වන අතර ව්‍යාපාර වැඩකටයුතු සිදුකිරීමේදී විවිධ ගැටළු වලට මැදි විය හැක. ඔබ අනිවාර්යයෙන්ම නිර්මාණශීලී අයෙක් වන අතර මේ ආභාෂය ඔබේ දියුණුව සදහා යොදා ගත හැකිය.

මාසයේ 12 වන දින ඉපදුනු ඔබට,
මානසිකව හා භෞතිකව විටින් විට බිදවැටීම් වලට ලක්වීමට සිදුවේ. ඔබ අවිවේකී, පහසුවෙන් මුලාවීමේ ප්‍රවනතාවක් ඇති අයකු ලෙසද පැවසිය හැකිය.ඔබ ඉතාමක් හොද සිතුවිලි වලින් යුක්තය. ලිවීම, කියවීම, හා ගායනය ආදී ක්ෂේත්‍රවලට විශිෂ්ඨත්වයක් දක්වන ඔබ හැමවිටම අන්‍යයන් සමග ඇසුරු කිරීමට දක්ෂ, කාර්යක්ෂම අයකු වේ. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතුය. නමුත් ඔබ ඔබේ උනන්දුව අඩුකරගෙන විවිධ බාහිර ප්‍රශ්න පිළිබදව ආකූලතා ඇති කර ගැනීමට පෙළඹේ. ප්‍රායෝගික, තර්කාන්විත සිතුවිලි වලින් යුක්ත ඔබ ප්‍රේමණීය, හිතෛෂි අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරාවට විටින් විට බිද වැටීම්වලට මුහුණදීමට ඔබට සිදු වේ.

13 වන දින උපන් ඔබ,
විශිෂ්ඨ කලමණාකරුවෙක් හෝ සංවිධායකයෙකි. එම නිසා ඔබ අනෙක් අය අතර කැපී පෙනීමට ලක්වේ. වගකීම් සහගතව කටයුතු කරන ඔබ විනීත අයෙකි. අවංකය. බොහෝ විට සන්සුන්ව තනිවී වැඩ කිරීමට යොමුවේ. ඔබ නිවැරදි යයි සිතා සිදු කරන සමහර දේ නිසා සමහරුන් පීඩාවට පත්විය හැකිය. එය ඔබගේ දුර්වලතාවයකි.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 14 වන දින නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමට ඔබට අපහසු වේ.

ඔබ උපන්නේ 15 වන දින නම්,
නිරන්තරයෙන්ම තම පවුලේ සාමාජිකයන් සමග ඉතා ශක්තිමක් බැදීමක් පවතී. ඉතා යහපත් දෙමව්පියෙක් හෝ ගුරුවරයෙක් වීමට ඔබට හැකියාව ඇත. ඔබ බොහෝ වගකීම් දැරිය හැකි දක්ෂ අයෙකි. අන්‍යයන් අතර එකමුතුකම පවත්වාගැනීමට ඔබ නිරන්තරයෙන් උත්සාහ ගනී. නිරීක්ෂනය, අධ්‍යයනය හා ගවේශනය කිරීම තුලින් යමක් ඉගෙන ගැනීමට ඔබ යොමු වේ. කලා අංශයේ ඔබට බොහෝ දුර ගමන් කල හැකිය. ඔබ නිර්ලෝභී අයකු ලෙස සැලකේ. නමුත් සමහර අවස්ථා වලදී ටිකක් මුරණ්ඩු චරිතයකි.

16 වන දින උපත ලැබූ ඔබ,
හුදකලාවට කැමති පුද්ගලයෙකි. සාමාන්‍යයෙන් තනිවී වැඩකටයුතු කිරීමට කැමති ඔබ සතුව දැඩි, ස්ථීර, පහසුවෙන් නො‍නැමෙන ආකාරයේ හිතක් ඇත. ඔබ ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ කරයි. ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් ඔබ වෙන්කරන්නේ කල්පනා කිරීම සදහාය. සමහර අවස්ථාවල තරමක් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වන ඔබ දැඩි මතධාරියකු ලෙස සැලකිය හැකිය. මේ හේතුවෙන් ස්ථාවර සම්බන්ධතා පවත්වාගෙන යාම ඔබට අපහසුය. නමුත් බාහිර පුද්ගලයන් හට පෙනෙන්නේ ඔබ නිවසේදී හා සමාජයේ හොද සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නෙකු ලෙසය. තාක්ෂණික අංශය, විද්‍යාත්මක විෂයයන්, ආගමික ගවේෂනය ආදිය ඔබ වඩාත් ප්‍රියකරන අංශයන් වේ. ඔබ ඉතා හැගීම්බර අයෙකි. නමුත් ඒ බව බාහිර පරිසරයට පෙන්වීමට ඔබ කටයුතු කරන්නේ නැත. මේ නිසා ආදරය ප්‍රකාශ කිරීමේදී හෝ ආදරය ලැබීමේදී යම් යම් දුෂ්කරතාවලට පත්වීමට ඔබට සිදුවේ.

ඕනෑම මාසයක 17 වන දිනයේ උපන් ඔබ,
මූල්‍යමය අතින් උපතින්ම වාසනාවන්ත අයෙකි. 17 යනු ව්‍යාපාරවලට ලැදි අයට ඉතාමත් සුභ දිනයකි. ඔබ සාමාන්‍යයෙන් අවංක, ගුණගරුක අයෙකි. වාණිජමය ව්‍යාපාරවලදී සාර්ථකව වාසි ලැබීමට ‍මෙම දිනයේ උපන් අයට හැකියාව ඇත. අතිදක්ෂ සංවිධායකයෙක් මෙන්ම කලමනාකරුවෙකි. විශාල ව්‍යාපෘති පවා පාලනය කල හැකිය. බලාපොරොත්තු සාර්ථක වේ. ආරම්භ කල සියළුම වැඩ අවසාන කරයි. සංවේදීය. නමුත් අපරික්ෂාකාරී වීම නිසා ආදර කටයුතු සම්බන්ධයෙන්දුෂ්කරතා ඇති විය හැකිය.

මාසයේ 18 වන දින උපත ලැබූ ඔබ,
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට කැමතිය. නමුත් සමහරුන්ගේ අවශ්‍යතාවයන් මත තනිව වැඩ කිරීමට පවා ඉදිරිපත් වේ. මානවවාදී, පරාර්ථකාමී අයෙකි. පාලනය හා සංවිධානය සම්බන්ධයෙන් දක්ෂතාවක් ඇත. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී, කාරුණික සිතුවිලි වලින් යුක්තය. ඔබ ඔබගේ හැගීම් ප්‍රදර්ශනය කරන අයකු වූවත් සමහර විට ඒවා සගවා තබා ගැනීමට පෙළඹේ.

ඔබ ඉපදුනේ මාසයේ 19 වන දින නම්,
ඔබ මධ්‍යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම් ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ. පුළුල් දැක්මක් ඇත. සංවේදීය. නමුත් හැගීම් සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී පෙනෙන අයෙකි. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට ඔබ ප්‍රිය කරයි. අසීරු අවස්ථා වලටද මුහුණදීමට සිදුවිය හැකිය. විවාහයෙන් පසුවද ඔබ ඔබේ හැගීම් වෙනස් කර නොගනී. ඉක්මනින් කලබලයට පත්වන ඔබ ලේසියෙන් කෝපයට පත්වේ.

20 වන දිනයේ උපන් ඔබ,
හැගීම්බර, සංවේදී අයෙකි. සමාජශීලී බවින් පොහොසත් ඔබ ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට සමත්වේ. පහසුවෙන් උණුවන හිතක් සහිත ඔබ වහා කලබල වන ස්වරූපයක් පෙන්වයි. ආදරය කිරීම සදහා බලාපොරොත්තු වන්නේ තමන්ගේ හැගීම් අවබෝධ කරගැනීමට හැකි පෙම්වතෙක් හෝ පෙම්වතියකි. සමහර විටෙක අධෛර්ය්‍යට පත් වීම හා නොසන්සුන් වීම ඔබගේ දුර්වලතාවයකි. එවැනි අවස්ථාවල මානසිකව බිදවැටීම් වලට ලක් විය හැක. ජීවිතයේ කිහිප විටකම මෙවැනි බිදවැටීම් දක්නට ලැබේ.

ඔබ 21 වන දින උපන්නේ නම්,
ඔබ පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද වේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂය. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබගේ සිතුවිලි තර්කාන්විතය. එමෙන්ම ප්‍රායෝගිකය. නමුත් බාහිර ප්‍රශ්න නිසා ඔබේ උනන්දුව අඩු විය හැකිය. ඔබ ඔබේ පවුල හා හිතමිතුරන් අතර ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් සිදුවන බිදවැටීම් වලින් ජයගැනීමට ඔබ උත්සාහ කල යුතුය.

22 වන දින උපන් ඔබ,
ඔබ සතු වගකීම් ඒ ආකාරයෙන්ම ඉටුකරයි. භාරගත් විශාල වැඩකටයුතු පවා ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔබ සමත්ය. කිරීමට අපහසු දීර්ඝකාලීන වැඩ පවා නිමකරයි. කුඩා කාලයේදී ඔබ මුරණ්ඩු අයෙකු ලෙස සැලකේ. ඔබ ඉතා හොද සංවිධායකයෙකි. චිත ඇදීම සදහාද රුචිකත්වයක් දක්වයි. ආරක්ෂාකාරී, බුද්ධිමත් අයකු වූවත් ඔබ ඉක්මනින් කලබලයට පත් වීමට ඉඩ ඇත.

ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 23 වන දින නම්,
පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම් ඔබට අපහසුතා ඇති වේවි. ඔබ බොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි.

24 වන දා උපන් ඔබ,
වගකීම් දැරීමට දක්ෂය. අන්‍යයන්ට උදව් කිරීම ඔබේ ජීවිතයේ දක්නට ලැබෙන යහපත් ගතිගුණයකි. ඔබ යම් ගැටළුකාරී අවස්ථාවලදී මැදිහත්කරැවකු වී සාමය සලසන අයකු ද වේ. තම පවුල හා මිතුරන් වෙනුවෙන් උපරිමයෙන් කැපවේ. ඔබ පරිපාලනයට හා ආරක්ෂා කරගැනීමට විශේෂ නැඹුරුවක් දක්වයි. සමහර වියටෙ ඔබ හැගීම්බර, සංවේදී අයෙකි. ආදරය කිරීමේදී හෝ ලැබීමේදී ආදරය ඔබට බොහෝ වටිනා දෙයක් ලෙස සලකයි.

ඔබ උපන්නේ මාසයේ 25වන දින නම්,
තාක්ෂණය, විද්‍යාව හෝ සංකීර්ණ විෂයයන් සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ සර්වසුභවාදී, සම්ප්‍රදානුකූලව වැඩ කරන අයකු ලෙස දැක්විය හැක. තාර්තික ලෙස, බුද්ධිමත්ව, වගකීම් සහගතව සිතීම ඔබ සතු විශේෂ ලක්ෂණයකි. ඔබේ වින්දනයන්/හැගීම් ඉතා ගැඹුරු නමුත් ඒ බව පෙන්වීමට ඔබ කැමති නැත. ඔබ ඉතා රහසිගත චරිතයකි. සමහර විට දැඩි මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර සැලකෙන්නේ පරික්ෂාකාරී, වැඩි කතා නොමැති නිහඩ චරිතයක් ලෙසය. නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක.

26 වන දින උපන් ඔබ,
ව්‍යාපාර ලෝකයේ විශාල දියුණුවක් ඇති අයෙකි. ඔබ ජීවත් වන පරිසරය තුලින් ඔබගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට ඔබ සමත්ය. සංවිධානයථ කලමනාකරනය, පාලනය අතින් ඔබ ඉදිරියෙන් සිටියි. ඔබ මුදල් භාවිතයේදී කාර්යක්ෂම අයෙකි. ඔබගේ අධිෂ්ඨානයන් ඉතා ශක්තිමත්ය. ඔබ සාමාන්‍යයෙන් ඕනෑම දෙයකට පහසුවෙන් හැඩ ගැසෙන සහයෝගයෙන් කටයුතු කල හැකි කෙනෙකි. පුළුල් දැක්මක් ඇත. ඔබගේ සිතුවිලි ප්‍රායෝගික මෙන්ම තාත්වික ඒවාය. ද්‍රව්‍යමය අතින් තෘප්තියක් ලැබීමට ඔබ සමත්ය.

27වන දින උපන් ඔබ,
මානවවාදී, පරාර්ථකාමී අයෙකි. මිනිසුන් සමග සුහදව වැඩ කටයුතු කිරීමේ හැකියාව ඔබට උපතින්ම පිහිටා ඇත. නමුත් ඔබේ විවේකයෙන් බොහෝ කාලයක් කල්පනා කිරීම සදහා වෙන්කරයි. පුළුල් දැක්මක් ඇති ඔබ සාධාරණ, ත්‍යාගශීලී, සහයෝගයෙන් වැඩ කිරීමට කැමති අයෙකි. එම නිසා බොහෝ මිතුරන් ඇති කර ගැනීමට ඔබට හැකිය.

28 වන දින උපන් ඔබ,
ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු වුවත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප්‍රවනතාවක් ඇත.

ඔබ උපන්නේ 29වන දින නම්,
ඔබ පරමදර්ශනවාදියකු ලෙස සැලකේ. නිර්මාණශීලීය. නමුත් ව්‍යාපාර කටයුතු වලට අදක්ෂය. පරීක්ෂාකාරී සංවේදී අයකු වේ. නමුත් විශ්ලේෂී හැකියාව අතින් දුර්වලය. වහා කළබල වන අයෙකි. සමහර විටෙක අකාර්‍යක්ෂම අයෙකු ද වේ.

ඔබ ඉපදුනේ 30 වැනිදා නම්,
ඔබ ඔබේ සතුට වෙනුවෙන් තම අදහස් පාලනය කර ගැනීමට යොමුවේ. නිර්මාණශීලී අයකු වන ඔබ ලේඛණය සදහා විශේෂ දක්ෂතාවක් දක්වයි. නිරවුල් පිරිසිදු අදහස් ඇත. ඔබ සහජ විකටයකු හෝ රංගන ශිල්පියකු වීමට ඉඩ ඇත. ඔබට සාර්ථක ලේඛකයකු හෝ පිටපත් රචකයකු වීමට භාග්‍යය ඇත. ශක්තිමත් අදහස් වලින් යුක්ත ඔබ නිතරම සාධාරණ පැත්ත ගැනීමට යොමුවේ.

ඔබ උපන්නේ මාසයේ 31 වැනිදා ද?
හොද කලමනාකරන හා සංවිධානාත්මක හැකියාවක් ඔබ සතුවේ. ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඉහල දියුණුවක් ලැබිය හැකිය. දැඩි කැපවීමකින් වැඩ කරන ඔබ ඉවසීමට සමත් අයෙක් නිසා ඒ මගින් දියුණු වීමට අවස්ථාව ඇත. ප්‍රකෘතිමත් අයෙක් ලෙස සැලකුනද සමහර විටෙක දැඩි තීරණ ගන්නා, මුරණ්ඩු අයෙක් ලෙසද සැලකිය හැකිය. සමහර විටෙක සංවේදීය. නමුත් තම හැගීම් පාලනය කිරීමට ඔබ පෙළඹේ. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදි වන නමුත් සමහර දේ නිසා ඔබේ උනන්දුව හීන කරගැනීමට යොමුවේ. ප්‍රායෝගිකව සිතා යමක් සිදු කරන අයෙකි. සංචාරයට කැමති ඔබ තනිවී ජීවත්වීමට අකමැතිය. ඉක්මනින් විවාහයට යොමුවේ. වගකීම් දැරීමට හැකි අයෙක් වන නිසා දියුණුවට පත් විය හැකිය.


හිකිස්............. ගිහින් එන්නම් ජයෙන් ජයම වේවා..

21 August, 2012

Mobile Network මාකටින්........

හායි යාලුවනේ........ ගොඩාක් කාලෙකට පස්සේ..... සමහර අයට නම් එක හොදයි කියලත් කියලා තිබුනනේ.... අනේ ඉතින් මට හිතෙන පුළුවන් වෙලාවට ලියනවා බැරි වෙලාවට නොලියා ඉන්නවා....

ඉතින් මොනවද අද ලියන්නේ......

කෝ බලන්න මොබයිල් ෆෝන්පාවිච්චි කරන එහෙමත් නැත්නම් ශෝට් මැසේජ්  පාවිච්චි නොකරපු  අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න.... 



අනේ ඉතින් මම ෆෝන් එකක් දෙන්න නම් නෙමේ...... ඇත්තටම ඉතින් එහෙම පාවිච්චි නොකරපු කි දෙනෙක් එක එක අයගේ රැව්ටීම්  වලට  අහු වෙලා ඇතිද?

එක එක අයගේ එක එක තාලේ මැසේජ්  නිසා එහෙම වෙන්න වෙන අවස්ථා නම් ගොඩාක් වැඩියි නේ..

අපි කි දෙනක් ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, එයාටෙල්, හච්  නෙට්වර්ක් නිකරුනේ පෝසත් කරනවද?

මම  මේ කියන්නේ  අවශ්‍ය වෙලාවට ගන්න කෝල් මැසේජ් ගැන වත් යාලුවන්ට බෝයි ෆෙන්ඩ් ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ට යවන මැසේජ් කෝල් ගැන නම් නෙමේ.... ඒවා ඉතින් අතවශ්‍ය ඇමතුම් වෙනවනේ හැමෝටම..

එත් ඔයාලා කි දෙනෙක් මෙහෙම මැසේජ් යවලා ඇතිද? ප්‍රතිපලයක් ලැබිලා තියනවා ද?  එකෙන් ඉතින් අර කියපු නෙට්වර්ක් පෝසත් වෙන්න අපේ බිල් එක වැඩි වෙන එක විතරනේ වෙන්නේ...

'Magical msg!
2813/1221/199190
Send to 6 people. Then go to your inbox
Press # and then see your  lover name...
(its not a jke)Try it.


මේ දේවල් ඉතින් වෙන්න පුලුවන්ද මේක 6 දෙනෙක්ට යැව්වා කියලා ඉතින් ඔය කියන විදිහට ලවර් ගේ නේම් එක බලන්න පුළුවන් වෙන්න ඉතින් මේකට මාර හැකියාවක් තියෙන්න ඕනනේ....

අපි නම් අහුවෙයි මොබයිල් නෙට් වරක් මාකටින් වලට.....




"L O V E          IS NOT A  GAME" 
godaaaak kattiya love karanne aka sellamak kiyala hitan.

Oya hitanne aka sellamak kiyala nemeinam
me msg eka oyge hama yaluwektama yawanna. 
Matat ekka. Oyta reply 5k awoth 
oya adaraya karana kena oyata labewi. 
Reply 4 awoth eya oyta godaaaaak adarei.
Reply 3 k awoth eya oyawa rawattanawa.

Reply 2 k awoth eya oyata adare na.
Eta wada aduwen awoth oya yanne miriguwak passe....... 
(oya meka katawath yawwe nathnam oyaage adarey boruwak)
reply 5kta wada awoth eya oyagema witharayi..

සෝ මෙහෙම දේවල් ඔයාලත් ඇවිත් ඇති...  සමහර විට ඔයාලා රිප්ලයි කරලත් ඇති.. හැබැයි මට නම් හිතෙන්නේ මේවා මොබයිල් නෙට් වරක් වල මාකටින් වැඩ වලට හෙල්ප් කරන දේවල් කියලා...  

හැබැයි  ඉතින් ඔය අතරේ මෙහෙම එස් එම් එස්  එනවා... ඒවා නම් ඉතින් ආවට කමක් නැ..

13837 Oyage Wayasin Guna Karalala 
E Uththare 73n Guna Karannna.
balanna Uththare,
oyage Wayasa 4 Parak Repeat Wela Neda? 

මිට  වඩා ගොඩාක් දේවල් ඔයාලටත් ඇවිත් ඇති.... කැමැති නම් ලියලා යන්නකෝ ඔය පහලින්....  මොනවා උනත් මම නම් ඔහොම ඒවාට රිප්ලයි කරන්නේ ගොඩාක් අඩුවෙන්... අර මටත් එවන්න වගේ කියලා තිබුනොත්... තරහ වෙන වගේ කෙනෙක් නම් ඉතින් ආපහු රිප්ලයි එකක් විතරක් යවනවා...

ඉතින් යාලුවනේ සුබ කාලයක්..... ඉස්සරහට මොන මොන දේවල් වෙයිද දන්නේ නැ..... බලාගෙන ඉන්න තමා තියෙන්නේඉතින්....

ජය  වේවා


  

08 August, 2012

දුබලයි කිවාට දුබල ම නැ....

ඇත්තටම ගොඩාක් දවසකින්...

සමහර පුද්ගලයෝ හිතාන ඉන්නවා තමන් ගොඩාක් ලොකු බලයක් තියන මිනිස්සු තමන්ට කරන්න බැරි වැඩක් නැ තමන්ට වඩා වැදගත් මිනිස්සු මේ ලොකේ නැ කියලා...

එහෙම මිනිස්සු මටත් ඕන තරම් මුන ගැහිලා තියනවා.. ඒ වගේ අයත් එක්ක වැඩ කරලා තියනවා...

සමහර අය ඉතින් ඔය කියවන තරම් වැඩකුත් නැ කියල අත්දැකිමෙන්ම දන්නවා....

`සමහර දේවල් අපි හිතන තරම් සුන්දරත් නැ ඒ වගේම නරකත් නැ...

තමන් ගැන ඕනාවට වඩා ආඩම්බර වෙන කෙනාට පැවත්ම ගොඩාක් තාවකාලිකයි..

හුග දවසකින් මුකුත් නොලිව නිසා කියවන්න ලැබුනු චින උපමා කතාවක් ගැන පොඩි සටහනක් ලියන්න තමයි ඔය දැගලුවේ...

ගොඩාක් අය නම් දන්නවා ඇති..

රජ ගෙදර මුළුතැන්ගෙයි මැටි බදුනක් හා යකඩ බදුනක් (තව ඒවා තියෙන්න ඇති මේ කතාවට අදාල ඒ දෙක විතරයි ) තිබිලා තියනවා...

මේ යකඩ බදුන ගොඩාක් තමන් ගැන ආඩම්බරේන් හිටපු ඩයල් එකක් ලු..
හැම වෙලේම මැටි බදුන දිහා බැලුවේ අපහාසාත්මක විදිහටමයි....

දවසක් මැටි බදුනට යකඩ බදුන කියනවාලු... ඔට්ටුයි උබට බැ මාත් එක්ක හැප්පෙන්න....

ඒක අත්ත මැටි බදුන ගොඩාක් නිහතමනිව පවසලා තියනවා.

උබ මහා බය ගුල්ලෙක් යකඩ බදුන තවත් ඒ අභියෝගය එක්කම එල්බගෙන ඉදලා කියනවා...

මැටි බදුන කියනවා එතකොට මම බය නිසා නෙමෙයි නොහැප්පෙන්නේ... ඔබෙයි මගෙයි දෙන්නගෙම කාරිය ඒක නෙවෙයි යමක් අඩ0ගු කර ගැනිමයි කියලා..

මැටි බදුනට වැඩි කල් ඉන්න නොදෙන බව පවසා ඉක්මනින්ම කැලි බවට පත් කරන බවට වහසි බස් තෙපල මහත් අරගලයක් කරන්න යකඩ බදුන හැමවෙලෙම උත්සහ කලා..

නමුත් මැටි බදුන නිහඩව කලය ගත කලා

කාලය ගෙවිලා ගිහින් ලොකය වෙනස් උනා.. රජ මාලිගය නටබුන් උනා..

පසු කාලයක කැනිම් කරන්න පටන් ගත්තු සමයක රජ මැදුර කෑනිම් කරලා ගත්තු භාණ්ඩ අතර අර මැටි බදුනත් තිබුනා... ඒක පිරිසිදු කරලා ගත්තහම පරණ විදිහටම තිබුන නිසා ඒක ආරක්ශා කරන්න නියොග කලා..

එවිට මැටි බදුන මෙහෙම කිවලු. ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. මේ සමිපයෙම සහොදර යකඩ බදුනක් ඇති ඒකත් හොයලා බලන්න කියලා

`නමුත් යකඩ බදුනක් වෙනුවට එතන මල කා කලුව ගිය පස් ටිකක් පමනක් තිබුනලු

ඉතින් ඇත්තටම අපි දුබල කියලා හිතන අය ඇත්තටම ගොඩාක් ශක්තිමත් වෙන්නත් බැරි නැහැ කියලා හිතලා අනිත් අයටත් ගරු කරන එක නම් ගොඩාක් වටිනවා..

කතාව මට කියවන්න ලැබුනේ සි බැන්ක් නිව්ස් 2012 අප්‍රියල්- ජුනි කලාපයෙන්

23 July, 2012

කොල්ලෝ ගැන කෙල්ලෝ නොදන්න දේවල්...

 මේක නම් මම කියන දෙයක් නෙමේ ෆේස් බුක් පේජ් එකක තිබුන එකක්.....
ඉතින් මේ කියන්නේ ඇත්තද කියලා කොල්ලෝ කෙල්ලෝ දන්නවා ඇතිනේ..

පොස්ට් නොලියවුනු ටයිම් කඩා ගන්න ඔන්න ලියලා දැම්මා... පොඩි වැඩක් කරගෙන යනවා මේ දවස් වල ඉක්මනට ඒකත් එක්ක මුන ගැහෙමුකෝ......


 1 කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.

2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.

3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.

4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා.


5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.

6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන හය කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.

7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි, කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.

8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.

9. අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.

10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්‍රීඩාවක් ගැන.

11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.

13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.

14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.

15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි

16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.

17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ.

18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.

19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනවා




ඇත්ත නේද ඉතින් මේවා...............



මේ කතාව නම් කෙල්ලෝ ගැන ගොඩාක් දුරට හරි නේද?

ගිහින් ඉක්මනින්ම එන්නම්කෝ

14 July, 2012

දේව් ගේ බ්ලොග් සතියක නිමාව

)බස් බ්ලොග් සතියේ නිමව.. සටහන් කරමින් මම ඒ වෙනුවෙන් දාන හත්වෙනි පොස්ටුව..

ඈත්තටම මේ මාසෙට කලින් මාසය දෙක තුල බ්ලොග් එක ලියන එක ගොඩාක් අතරින් පතර උනු දෙයක්... සමහර දවස් වල මම බ්ලොග් එක පෑත්තේ යන්නෙත් නෑතුව ගෙවුනු කාලයක් තිබුනා.. ඒ ඔක්කොම වෙනස් කරන්න මේ බ්ලොග් සතියට පුලුවන් කියලා මට හිතෙනවා...

හෙන්‍රි අය්යා , හසිත වගේ අය ආදරණිය විදිඅහට පොස්ට් වෑඩි විම නිස කියවල කියවල ඉවර කරන්න බෑරි තරම් පොස්ට් ගොඩ ගෑහිල කියලා කියවන්න උනෙ ඈත්තටම බ්ලොග් ලියන අයගේ අලුත් පිබිදිමක් මේ සතියේ උන නිස වෙන්න ඔනා... සමහර විට බ්ලොග් සතියේ නිමව සටහන් කරමින් මම දාන මේ පොස්ටුව බ්ලොග් සතිය වෙනුවෙන් බ්ලොග් ලියන අයගෙන් ලියවෙන අන්තිම පොස්ටුව වෙන්නත් පුලුවන් මේ අවුරුද්දට....
මේ වගේ වෑඩ සටහනක් පවත්වන්න අදහස ආපු.. ඒ අදහස ක්‍රියාත්මක කරන්න පුලුවන් හෑම දේම කරපු හෑමොටම මම මේ වෙලාවේ ගොඩාක් ස්තුති කරනවා..

දවසට එක පොස්ට් එකක් ගානේ ලියවුනු නිසා සමහර ලියන පොස්ට් වලට කමෙන්ට් වලට රිප්ලයි දෙන්නත් බෑරි උනා... පුද්ගලිකව ඒ ගෑන විමසපු අයට ඉක්මනටම රිප්ලයි දාන්නම්කෝ...

මීට ගොඩාක් කලෙකට කලින් තිබුන වගේ බ්ලොග් උනක් ආයෙමත් ඈවිත් වගේ...
`පුලුවන් හෑම වෙලෙම පුලුවන් විදිහේ දෙයක් එක්ක ඔයලා එක්ක එකතු වෙන්න මම උත් සහ කරනවා..

මේ හත් වෙනි පොස්ටුව මම බස් රේඩියො කණ්ඩායමට ස්තුති කරන්න යොදා ගන්න ඔනා කියලා හිතුන නිසා ....

සයිබර් අවකාශයේ අපේ රේඩියොව බස්.... බ්ලොග් කරුවන් අතර වර්ධනයක්, පිබිදිමක් ඈති කරන්න ගන්නා වු මේ උත්සහයට හදවතින්ම සුභ පතනවා....

මේ සතිය පුරා ලියවුනු පොස්ට් වලට ආයෙමත් ගිහින් එන්න කෑමති නම් මෙන්න පාරවල්

ලංකාවේ ඉගැනුම් පරිසරය හා විභාග ක්‍රමය

 

 

ල0කාවේ ඉගෑනුම් ක්‍රමවේදය, විභග ක්‍රමය ගෑන දේව් ට හිතුන විදිහ ගෑන ලියවුනු රෑඩිකල් පොස්ට් එකක්

 

යෝජිත ද? ආදර ද? 

 

විවාහය යොජිතද එහෙමත් නෑත්නම් ආදරේ කරලද කියලා භිතලා ලියවුනු තවත් රෑඩිකල් අදහස් ටිකක්

 

 

ආයුබොවන් ........ ඈපරල් වෙන්නප්පුව.... සමාවෙන්න , පුත්තලම...

 

 

ජිවිතේ තවත් අත්දෑකිම් ගොන්නක් ගෑන ලියවෙන්න පාර කියන ජිවන අත්දෑකිමක් ගෑන පුන්චි සටහනක්

 

 

වටිනාකම හා අයිතිය

 

 

දේව් ට හිතුනු දෑනුනු එක්තර සමාජ පෑතිකඩක් සමගින් හිතන්න යමක්

 

 

මා සිතුවේ සොහොයුරියක් විලසමය....

 

 

නිසදෑස් ලියන්න ගිහින් ලියපු නිකමට හිතුනු හිතට ෆිට් උනු පෑදි පෙලක්..
ආදරේන් නොව සොයුරු නෙතින් බලන්න ආයාචනයක්

 

 

මගේ ෆොන් හා ගෑලෑක්සි එස් 3 සමගින් චින මිනිස්සු

 

 

තවත් එක්තරා සමාජ ප්‍රශ්නයක්... කවුද මොනවද මේ දවස්වල වෙන්නේ

 

 

මේ සතිය පුරා ලියවුනු පොස්ට් ගෑන මටම හිතුන දේවල් ටිකක් ලිව නිසා ඔන්න ඉතින් මෙහෙම බ්ලොග් සතිය වෙනුවෙන් ලියවුනු එක දිගට සතියක් පොස්ට් මිශන් එකට කමාවක් තියනවා..

බස් බ්ලොග් සම්මාන ඊලගට මොකද වෙන්නේ....

  http://syndi.buzzradio.lk/

 

මගේ ෆොන් හා ගෑලෑක්සි එස් 3 සමගින් චින මිනිස්සු

ඈත්තටම කවුද මේ ලොකේ වෑඩ කරායෝ.... රටක් විදිහට ගත්තොත් අපිද? අපිත් වෑඩ කාරයෝ තමයි සමහර දේවල් වලින්.....

ඒවා ඉතින් හොදම පෑත්තටත් නෙමේනේ...

ඒවා ගෑන කතා කරන්න නෙමේ ඉතින් හෑදුවේ...

ඈත්තටම චින මිනිස්සු එක්ක තරහක් ආව එකත් මම හිතන විදිහට හොදම වෑඩ කාරයොඅ ඒ අය කියලා හිතුන නිස ඒ ගෑන ලියන්න හිතුනා

අද ඉතින් වෑඩ ඈරිලා පුරුද්දක් විදිහට මාසෙකට සෑරයක් විතර යන අකුරු දෙකේ නමක් තියන මොබයිල් ශොප් එකකට ගොඩ වෑදුනා..

කොහොමත් මම ගොඩාක් ෆොන් වර්ග මේ වෙනකොට පාවිච්චි කරලා තියනවා.. සමහර ඒවා දවසයි සමහර ඒවා මාස ගනන්.. සමහර ඒවා අවුරුදු ගනන් පවිච්චි කරලා තියනවා...

මම මුලින්ම ජ0ගම දුරකතනයක් පාවිච්චි කරන්න ගත්තේ 2004... ඒ කියන්නේ තම මට තියෙන්නේ අවුරුදු 8ක විතර මොබයිල් ඉතිහසයක් තමයි
`මුලින්ම ගත්තු ෆොන් එක එරික්සන් වර්ගයේ දුරකතනයක්.. ඊට පස්සේ නොකියා , සෑම්සුන්ග් , එල් ජි. බර්ඩ් , ඈල්කටෙල් , සොනි එරික්සන් , ලෙනොවා , ඩු , එච් එක්ස් , වගේ ගොඩාක් වර්ග වල දුරකතන ගනන් අමතක තරමට පාවිච්චි කරලා තියනවා., හෑබෑයි ඔය දුරකතන නෑති කරගෙන නෙමේ ඒවා සෙල් කරලා තමයි අලුත් එකක් ගන්නේ.. මිට මාස 2කට විතර කලින් මම ලග මොබයිල් තුනක් තිබුනා එකක් සිම් හතරක් යුස් කරන එකක් අනිත් දෙකම තනි සිම්. එක පාර සිම් 6ක් (ලxකාවේ නෙට්වර්ක් තියෙන්නෙත් 5යිනේ)

ඔහොම ෆොන් ඉතිහසයක් තියන නිසත් ගොඩක් ෆොන් ගන්නෙ මෙය් ශොප් එකෙන් නිස අදත් අලුතෙන් ආපු ෆොන් බලන්න කියල තමයි ගියේ

මේ දවස් වල මම යුස් කරන ගෑලෑක්සි වයි එකට සමු දිල එස් 3 එකකට ට්‍රයි කර කර උන්නු නිසා එක ගෑන පොඩි උනන්දුවක් තිබුනා...

ශොප් එකේ කෙලවරක තිබුනු ගෑලක්සි එස් 3 එකක් වෙතට අත ගියේ එක වෙනුවෙන් මාස 2ක සෑලරි වෙන් කරන්න උන්නු නිසා වෙන්න ඈති

කියද මේක එකයි දහයට අඩු නෑද්ද? කියක් හරි අඩු වෙනවා නම් ඒකේ වාසියත් මටමනේ කියලා හිතිල ඈහුවේ එකේ ල0කාවේ මිල එක්ලක්ශ දහදහක් වෙනව කියලා අහල තිබුන නිසා

පිස්සුද බන් උබට හින්දා ඕක දෙන්නම් 6කට (හයදාහකට් ) ඕක චයිනිස් වර්ශන් එක බන් තාම ඔරිජිනල් එක හොල් සෙල් එකට දාලා නෑ අපි කියලා කිවා...

එක්ලක්ශ දහදාහේ ෆොන් එක චයිනා කාරයො 6000කට දෙනවා. අර තරමේ කොලිටි අඩු උනත් එක පාර දකින කෙනෙක්ට ඒක ගෑන එහෙමම හිතෙන්නේ නෑනේ... හිතන්නේ ඔරිජිනල් එකක් යුස් කරනවා කියලානේ

දෑන් ඉතින් මට ගෑලෑක්සි එස් 3 බලපොරොත්තුව නෑති උනා... අපි එකයි දහයක් දිලා අරගන්න එක 6000කට පාව්ච්චි කරන්න අය ඉන්නකොට අපරදෙනේ..

මොකද හිතන්නේ ඈත්තටම චයිනා කරයො නෙද වෑඩ කාරයො