ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

08 January, 2013

බලාගෙනයි....... මෙහෙම දේවල් ඔයාලටත් වෙන්න පුළුවන්.....

ලංකාව වේගෙන් රට පෙරෙට යනවා කියලා සමහර රේඩියෝ චැනල් වල සමහර ටීවී චැනල් වල නිවුස් බලනකොට තේරෙනවා....   එත් අද නම් ඒ ගැන නෙමේ මම කතා කරන්න යන්නේ.... සමහර රේඩියෝ චැනල් වලින් කරන සමහර අයට ගොඩාක් ලොකු උපකාරයක් වෙන වැඩ සටහන් අනුකරනය කරලා කරන දේවල් ගැන...

ගොඩාක් රේඩියෝ චැනල්  එයාලගේ චැනල් එක ජනතාව අතර ප්‍රචාරය කරගන්න මුදල් තෑගි දෙන වැඩසටහන් කරනවනේ....

ඒ දේවල්කරන එක නම් මම වරදක් විදිහට හිතන්නේ නැ..

එත් ඔය ගොඩාක් දේවල් අනුකරණය කරන අය ලංකාවේ ඉන්නේ නිසා ගොඩාක් අයව රවට්ටන්න ඕක සෙල්ලමක් කරගන්නවනේ.... විනොදෙට යාලුවෙක් පොඩ්ඩක් අන්දන්න බයිට් එකට

****හෙලෝ..... (නොදන්නා නම්බර් එකකින් )

####  (හිතමින් ) (නොදන්නා නම්බර් එකක් නිසා අර අහවල් චැනල් එකෙන්ද දන්නේ නැනේ ) හෙලෝ...... අහවල් චැනල් එක ගුඩ් මොර්නින්ග්......

**** අහ්හ් හරියටම අදුන ගත්තානේ නේද? එහෙමනම් මෙන්න ඔයාට සල්ලි.....

...................................................................................................................................

ඕක ඔහොම උනත් නොවුනත් යාලුවෙක් යාළුවෙක්ව බයිට් කරන්න ඔහොම කරන එක ඉතින් නතර කරන්න බැරි උනත් දැන් ඒ දේ උදව් කරගෙන සන්විදානාත්මක පිරිස් වංචා කරන්න උත්සහ ගන්නවා වැඩි වෙලාලු......

කෝල් කරලා අපි මේ  සිරසෙන්, සිගර් එකෙන් , සි අයි බි එකෙන් ,හිරු එකෙන් , .................... ඔයා අපේ දිනුම් ඇදිමෙකින් මෝටර් රථයක් , ශීතකරණයක් , මොනවා හරි විශාල තෑග්ගක් ගැන කියලා ඒ සදහා ඒ තෑග්ග ප්‍රවාහනය කිරීමට, වරායෙන් නිදහස් කරගැනීමට රුපියල් >>>> (සාමාන්‍ය මුදලක් ) කියලා ඒ මුදල තැන්පත් කරන්න ගිණුම් අංකයක් දෙනවලු....

ගොඩාක් ය ලැබෙන්නයන තෑග්ග වටිනාකම වැඩි නිසා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔය මුදල තැන්පත් කරන්න පෙලෙබෙන්න ඉඩ වැඩියි.....

................................................................................................................................

ඔන්න ඔයාලටත් මෙහෙම මොනවා හරි දෙයක් ගැන නිකමටවත් දන ගන්න ලැබුනොත් එහෙම ඒ ගැන පොලිසියකට හරි 119 එකට හරි කියන්න.. ඒ වගේම මුදල් තැන්පත් කරන්න කලින් බැංකුවටත් කියන්න....

අවදානමට පෙර විමසිල්ල කෝකටත් හොදයිනේ.....

කතාවක් නම් ලීවා..... එත් ප්‍රතිචාර අඩු ඉතින්  හොද නැති නිසාද මන්දා.....

03 January, 2013

ජිවිතේ ලස්සනයි... ඔබ ලැබෙනවානම් 1



ජිවිතේ කියන්නේ අමුතුම දෙයක් ගොඩක් ඇතට දුවලා යන්න ඕන දුරක නොතිබුනත් කෙනෙක්ගේ ජිවිතේ ලස්සනම කාලේ ගෙවුණු පාසල් කාලේ කියලා ටවුන් එකේ කටවුට් ගහලා කියන්න ඕනේ නැ කියලා මගේ හිත තාමත් කියනවා

සේනානායක කොලේජ්  එකේ අවුරුදු 13ක් ගෙවපු ඒ අතීතේ අපේ සෙට් එක පුදුම විදිහට ලං කලේ  ඒ ලෙවල් මැත්ස් පන්තියේ ඉදපු අවුරුදු දෙක කියන එක අමුතුවෙන් කියලා දෙන්න දෙයක් තිබුනේ නැ අන්ඩර් 20 ක්‍රිකට් ටීම් එකේ ජනප්‍රියම දගකාරයා උණු සාගර එහෙමත් නැත්නම් ගොඩක් අය බන්ටු කියල කතා කරපු සාගර සම්පත් සේනානායකට නම්
.....................................................................................................

බන්ටු අද කෙමා නිවාඩූද කොහෙද බන්..... අපරාදේ ඉගන ගන්න කියලා තිබුණු පීරියඩ් තුන  කියාගෙන අමිලයා පන්තියට ආවේ හරි ශෝක පාට් එකක් මුනට ඔබාගෙන....ඔබාගෙන කිවේ ඌට ඉතින් වැරදිලාවත් දුක හිතුනොත් ඒ හිතින් සතුට හිතෙන දෙයකදී විතරයි

අනේ ඉගන ගන්න එකා මෙහෙ වරෙන්කෝ මට මේ ගාන කියලා දීපන් කෝ එහෙමනම්, කියාගෙන අමිලයාව ලගට ගත්තේ අපේ සෙට් එකේ වැඩ බැරි ටාසන්.............

ඌට එහෙම කියන්නේ මු 10 වසරේදී පොඩි උන්ට සෙල්ලම් කරන්න තිබුණු සතුටු උයනේ වැලක් දිගේ උඩට නගින්න ගිහින් අත කඩගත්තු හින්දා..

අනේ මේ මට උබ ලගට ඇවිත් නම් මුකුත් කියලා දෙන්න බැ බන්... උබව සුවර් කරන්න කොහෙමද මම මෙච්චර කාලයක් බොහම පරිස්සමින් පරිස්සම් කරගෙන හිටපු පතිවෘතාවද මොකක්ද එක උබ නැති කලොත් එහෙම කියාගෙන අමිලය ටාසන් ලගින් ඇත් උනා
අනේ අනේ අමිලයෝ උබට එක නැති උනේ ඔය නයෝමි ලග දී නේද? කවදත් ඔහොම කතාවකදී කටට බ්රේක් නැති කැළුමත් නයෝමි දිහා බලාගෙනම අහනකොට නයෝමි මෙසේ උඩ තිබුණු වතුර බෝතලේ කැළුමගේ ඔලුව ඉලක්ක කරලා විදලා ඉවරයි..
ජෝන්ටිරෝල්ස් ගේ දක්ෂ පන්දු රැකීම එහෙමත් නැත්නම් මේ බන්ටු ගේ වැඩ නිසා කැළුමා තාම යහතින්......

දැන් ඉතින් මට නහුතෙටම තද වෙලා... දැන් ඉතින් අහන්න එපා ඔය නහුතෙ මොකක්ද කියලා ඕක ඉලක්කමක්ලු.... කොහොමත් 100 ට එහා තියන ගානක් කියලා මම ටක්කෙටම දැනගෙන උන්නා.... ටක්කේ තියෙන්නේ 10 ට එහා

හේ බෝයිස්...... දැන් ඉතින් තව මාසයකින් මල් සතිය අරබෙනවා අපි මොනවද කරන්නේ.....

බන්ටු අපි මුකුත් නොකර  චාටර් වෙන්න බැ අපේ වැඩ පෙන්නන ඕනා නැත්නම් අපි   විද්‍යාවෙන් ලොව දිනමු කියලා විතරක් බැජ් එකක් එල්ලගෙන ඉන්න එකේ තේරුමක් නැනේ......

මොකක්ද ඔය මල් සතිය කිවේ ඉපදුන දා ඉන්නම මේ බන්ටුව අයිති කරගෙන වගේ ඉන්න මල්කි අහනකොට කවදාවත් කතාවක් පටන් ගත්තොත් මයික් එක බිමින් නොතියන ටාසන් උගේ කතාව ස්ටාට් කරලා
මේකනේ මල්කි ඩාලින් ඔයා ඉතින් කොච්චර අපේ හීරෝ බන්ටුව අයිති කරගන්න දත කට මැදගෙන බේබි සබන් ගාගෙන උන්නත් වැඩක් නැනේ ඔයා හැමදාම නාන්නේ ඇල් වතුරනේ...... අපේ බන්ටු කැමති හොට් හොට් එවාටනේ..... ඉතින් එහෙම කෑලි ඉන්නේ  විශාකා  එකේ තමා...

අනේ යනවා ටාසන් යන්න අපිත් හොද හොට් තමයි....... විශාකේ කෙල්ලන්ට  පුලුවන්ද අපිට නිකමටවත් ලං වෙන්න....

අහ්හ් හා හා අපි බලමුකෝ අපේ මල් සතියට ඒ කිවේ සයන්ස් එක්ෂිබිෂන් එකට බහින විශාකේ කෙල්ලෝ ටික දැක්කහම ඔය හොට් කියපුවා අයිස් වගේ දියවෙන හැටි..... අමිලයා අනේ ඒ දවස් වල මතක් කරලා අර උබට කන්න ගෙනත් තියන දහයියා වලින් ගෝනියක් විතර ගෙනත් දාපන් අපේ පන්තියට හොදේ තාමත් ටාසන් මයික් එක බිම තියලා නැනේ...

මම කන්නේ නැ බෝල වලත්ත ටාසනයෝ.... ඒවා අම්මා ගෙනත් තිබ්බේ උබ අපේ ගෙදර එනවා කිවා නිවුස් එකට.... ඕනේ නම් අද යනකොට අරගෙන පලයන්..........
මට ඕනේ නැ බෝල අමිලයෝ ඒවා මේ හොට් කෑලි දියවෙනකොට පරිස්සම් කරගන්න මේවා උඩින් දාන්න පන්තියට අරගෙන වරෙන්න්කෝ
යකුනේ දැන්වත් නවත්තපල්ලකෝ ඔය අඩවැඩියාව..... දැන් ඉතින් කවුරුත් කතා කරලා ඉවරයි බන්ටු මයික් එකේ ස්විච් ඕන් කරගත්තා....
මෙතන තාම මගුල් කතා කරන්න කාගේවත් රෑවුල් ආපු වැඩිහිටියෝ නැනේ..... ඒ නිසා ඔය කතාව නවත්වලා එක්ෂිබිෂන් එකට කරන්න මොනවා හරි දෙයක් හිතපල්ලකෝ.....
මේ බන්ටු උබ දන්නේ නැති උනාට මල්කි ගේ නම් රැවුල තියනවලු..... මෙතන පෙන්නුවට කමක් නැද්ද කියලා අහනවා ආයෙත් ටාසන් මගෙන් මයික් එක ගන්න ලෑස්තිය...

පෙන්නපන් ඉතින් මම උබට කියන්නේ නැ ටාසන්...........

හරි හරි මේ ගැත්තාට අනුකම්පා කරලා දැන් ඉතින් දෙසන්නකෝ...... ටාසන් මටත් කැපිල්ලක් වගේ එකක් දාගෙන මයික් එක ටිකකට ඔෆ් කලා....

බන්ටු  ආයේ කාටවත් මයික් ඕන් කරගන්න නොදීම දෙසන්නයි මේ ලැසතිය, අපරාදේ කියන්න බැ මොන දේට උනත් බොක්ක හරි දෙන්න පුළුවන් එහෙම දෙන කොල්ලෝ ,කෙල්ලෝ සෙට් එකක් මේ මැත්ස් ක්ලාස් එකේ උන්නා..... අනිත් මැත්ස් ක්ලාස් වල උන් එකාට ඒකේක් නැතුව මැරිගෙන පාඩම් කරනකොට අපේ පන්තියේ මේ සෙට් එක කරන්න පුළුවන් හැම පිස්සුවක්ම කෙලලා... පන්තියේ වැඩ ටිකත් ශේප් නියායෙන් ගොඩ දා ගන්නවා...

මේ අහපල්ලකෝ.... මතකනේ ගිය අවුරුද්දේ එක්ෂිබිෂන් එකේ දී අපේ සින්නො කරපු වැ. අපි කොහොමවත් සෙකන්ඩ් වෙලා බැ... කවුරුවත් නොකරපු වැඩක් අපි කරන්න ඕනා......

හබැයි ඔය වැ කරන්න යන්නේ අර විශාකේ ළමයින්ට පෙන්න නම් අපි එන්නේ නැ මොනවටවත්.... මල්කි ආයෙත් අඩන්නයි ලැසතිය....

මල්කියෝ.... උන්ට විතරක් නෙමේ බලන්න එන හැමොටම බලන්න තමා අපි හැම දේම කරන්නේ.... ඕනේ නම් මම ඔයාව පිලි ගැනීමේ නිලධාරිනිය කරලා ගේට් එකට දාන්නම්.. එතකොට පුළුවන්නේ විශාකේ අය ආවහම මේ පැත්ත ඔයාලට තහනම් කලාපයක් කියලා ඒ අයට බලන්න නොදී ඉන්න හොදද මල්කියෝ......

සැම්පු ගාලා ෂවර් එකෙන් එන වතුර ටික ආතල් එකේ නා ගන්න තියනකොට මලකි හදන්නේ හැතම්ම ගානක් පයින් ගිහින් වතුර අඩියටම බැහැල තියන ලිදකින් පනිට්ටුවෙන් වතුර ඇදගෙනම නා ගන්නයි...

...........................................................................................

මේ ආරම්භයක් විතරයි... ඔයාලා කැමති නම් මේක සතියකට වතාවක් මේ බ්ලොග් එකේ ලියවේවි... ඇත්තටම මට කතා ලියන්න බැ.... එත් බැරි වැඩ පොඩ්ඩක් කරලා බලන්න හිතුනා.... අඩු පාඩු විවේචන ගොඩාක් බලාපොරොත්තු වෙනවා....
කතාවේ සමහර වචන මමත් අහුලා ගත්තු ඒවා.....  ඒවා ගැන ඒ තරම් හිතන්න එපා......

කතාව මාතෘකාවට තාම ලං වෙලාවත් නම් නැ.... අදහස් මත ලියවේවි... (අර කියනවා වගේ බ්ලොග් එකේ ලියන්න ඕනේ තමන්ට හිතෙන දේවල්නේ බලන අය කැමති නම් බලාවි.... අඩු පාඩු මට නම් කියන්න ප්ලිස්)

එහෙමනම් උදා වූ නව වසර බ්ලොග් කියවන ලියන හැම දෙනාටම සුභම සුභ වේවා.....


29 December, 2012

වසරක නිමාව..... සහ 2013.

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදා වෙනවා.... ගෙවන මේ 2012 අවුරුද්ද මගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබුන ගොඩක් දේවල් වෙනස් උන අවුරුද්ද්දක්, බ්ලොග් ලියන කියවන හැමෝටමත් එහෙම නේද?

අවුරුද්දේ අන්තිම පොස්ට් එක මේක වෙනවා වගේම ලබන අවුරුද්දේ ඉදන්ලොකු වෙනසක් නොවුනත් පුංචි වෙනස්කම් ටිකක් කරගෙන යන්න බලා පොරොත්තු වෙනවා....

පුංචි වැඩක් තියනවා..මගේ මල්ලි ඒ ලෙවල්වලට ක්ලාස් කරනවා.... තාමත් ඉතින් මටත් ඔය ඒ කාලේ කරපුවා වෙනස් වෙන හැටි සිලබස් බලනකොට පුංචි දෙයක් හිතුනා බ්ලොග් එකක් පටන් ගන්න ඒ ලෙවල් වලට.....
එත් මට උද්දව්ව්ක් ඕනා සයන්ස් සබ්ජෙක්ට් ටික නම් අවුලක් වෙන එකක් නැ.. අනිත් සබ්ජෙක්ට් කොමස් වල වගේ දන්නා කියන අය පොඩ්ඩක් මාත් එක්ක එකතු වෙන්න කැමති නම් කියන්න... එහෙම එකතු උනොත් ඒ බ්ලොග් එක පටන් ගනිමු ලබන අවුරුද්දේ.. බ්ලොග් ගැන තියෙන විශේෂ බලාපොරොත්තුව එපමණයි....

තව වෙනස් කම් උනොත් ඒවා බ්ලොග් එකෙනම බලා ගන්න පුළුවන්නේ....

මේ අවුරුද්දේ අන්තිම පොස්ට් එකෙන් මාත් එක්ක උන්නු හැමදෙනේක්ටම ගොඩාක් ස්තුතියි කියලා කියන්න කැමතියි....

නම් වශයෙන් කියන්න ගියොත් කාව හරි මග ඇරුනා කියලා චොදනවා එල්ල වෙන්න පුළුවන් නිසා නම් වශයෙන් කියන්නේ නම් නැ.....


එහෙමනම් ගෙවුණු නත්තල වගේම උදාවෙන නව වසර හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන.... තනිකඩ අය ඩබල් වෙන... ඩබල් අය එක වහලක් යටට යන, එක වහලක් යට ඉන්න අය දෙන්නා තුන්දෙනා වෙන , එහෙම අය ඊට වඩා වෙන... අතමිට කාසි පනම් ගැවැසෙන... හිතත් ගත්ත සතුටින් පිරි නැහවෙන වාසනාවන්ත  සුභම සුභ නව වසරක් වේවා කියලා මුළු හදවතින්ම හැම දෙනෙක්ටම මම පාර්ථනා කරනවා....

ප.ලි : ඉස්සර හොදට බ්ලොග් ලියපු, දැන්නොලියන, ඉස්සර හොදට කතා කරපු දැන් එහෙම නොකරන ඒ හැම දෙනාටම පරණ පුරුදු විදිහටම ඉන්න ලැබේවා කියලා විශේෂයෙන්ම පතනා....

ප.ප.ලි  ඔන්න ජනවාරි මාසේ අන්තිම ඉරිදා (27 ) බ්ලොග් ගේට් එකක් තියනවලු... කට්ටියම දිනේ වෙන් කරලා තියාගන්න හොදේ.....

කලින් පොස්ට් එක මිස් උනා නම් ... රියදුරු බලපත්  .. ලංකාවේ...
 

28 December, 2012

රියදුරු බලපත්...... ලංකාවේ

කොහොමෙන් කොහොමහරි දේවා ත් බයික් වලට විතරක් තිබුණු ලයිසන් එක වෙනුවට සැහැල්ලු වාහන , ත්‍රි විල් කියන වාහන පන්ති වලටත් රියදුරු බලපත් ගත්තනේ... ඔන්න ඒ කාලේ උණු දේවල් එක්ක ලංකාවේ රියදුරු බලපත්‍ර ගැනීමේ ක්‍රමය ගැන මම දකින හැටියට කතා කරන්න හිතුවා......

රියදුරු බලපත්‍ර මුකුත්ම අරගෙන නැති කෙනෙක්ට නම් ඉතින් මුලින්ම රියදුරු පුහුණු පාසලක ලියාපදිංචි වෙලාම ලයිසන් එක ගන්න යනවා නම් හොදයි කියලා මට නම් හිතෙනවා... (එක හිතෙන්නේ මටනේ )

මොනවා කලත් මුලින්ම මෙඩිකල් එකක් එහෙම අරගෙන මොනවා හරි අසනීප එහෙම තියනවද බලාගෙන බ්ලඩ් ගෘප් එක එහෙම හොයාගෙන වැඩේට රෙඩි වෙන්න වෙනවනේ..... එහෙම රෙඩි වෙලා ඉතින් තමන්ගේ ප්‍රදේශයේ රියදුරු බලපත් නිකුත් කරන තැනට ගිහින් එක්සැම් ලියන්න එහෙම වෙනවනේ ඒවාටත් ලෑස්ති පිට ඉන්න ඕනා.....

දැන් නම් ඉතින් ෆොටෝ එහෙම එතනින් ගන්න නිසා (එත් මෙහෙ අය නම් ෆොටෝ ගන්නේ නිකන් මහා ලොකු වැඩක් කරනවා වගේ.... ඔහේ ගන්නවා... මොනවා කරන්නද ජීවිතේටම ගන්න ලයිසන් එකේ ෆොටෝ එක නම් ගොඩක් අප්සට් ඒ ගන්න ගනිල්ලටනම්....)

ෆින්ගර්පින්ට් එහෙම තියලා එක්සැම් එක ලියන්න වෙනවා ඊට පස්සේ..... ප්‍රශ්න 40ක බහුවරණ පේපර් එකක් (එකේ හිනා මුණු නම් දාලා නැ ... එත් සමහර ඒවාගේ උත්තර ලකුණු කරලා වගේ තමා තියෙන්නේ.... එහෙම නැතත් ඉතින් තියෙන්නේ පේපර් දෙක තුනක් විතරයිලු ඒවා එක එක අයට මාරු කර කර දෙනවාලු....

ඕක ඉතින් කලින්ම ලැබෙනවලු...... එහෙම ලැබුනත් නොලැබුනත් ඉතින් එකට ලියන එක නම් ඉසි ගේමක්.... මට නම් එක ලියන්න පැයක් තිබුනත් ගියේ විනාඩි 5ක් විතරයි.....

ගාස්තු..

මේක නම් අනිවාර්යෙන්ම ශාන්ශෝධනය වෙන්න ඕනා මම හිතන්නේ නියමිත ගාස්තු ක්‍රමයක් එක්ක.....

දැනට මේක රියදුරු පාසල් වල අබිමතය පරිදි වෙන නිසා එකට නියමිත මිල ගණනක් නම් නැ...... රියදුරු පාසල් වල පැවිමට ගාස්තු වෙරියබල් වෙන්න ඕනා උනත් ඕනාවට වඩා ඒවා අතර ගැප් එකක් තිබුනොත් නම් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්....

මේ මම දැකපු එක තැනක මිල ගණන් කීපයක්.....                              තවත්තැනක

සැහැල්ලු වාහන , යතුරු පැදී ,ත්‍රි විල්  = 19000.00                                           15500.00
සැහැල්ලු වාහන , ත්‍රි විල්                   =  15500.00                                           14500.00
සැහැල්ලු වාහන ,යතුරු පැදී              =  14500.00                                           12500.00
යතුරු පැදී                                         = 10500.00                                             9000.00


එත් ඇත්තටම ගන්න ගාස්තු මෙහෙමයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සයිට් එකේ නම් තියෙන්නේ....


සමහර තැන වල මිල ගණන් මීටත් වඩා වැඩි ඉහල මට්ටම් වල පැවතීම නිසා මේවා හැම එකකටම මිල පරාසයක්වත් තිබුණ නම් ගොඩක් හොදයි කියලා මම නම් හිතනවා... කොහොමද එක්කෙනෙක්ගෙන් ගන්න ගැන පුහුණු පාසල...

මේ ගාස්තු හැම එකටම (ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවද දන්නේ නම් නැ) මෙඩිකල් රිපෝට් චාර්ජස් (අදාළ ඩොක්ටර් ට . ඒවාත් එක එක ලර්නස් එකෙන් කියන ඩොක්ටර් ම තාමා ) රු 700.00

විභාගේ ලියලා මාස තුනක් ඉන්න වෙනවනේ ට්‍රයල් වලට ඒ වෙනකන් එල් ප්‍රමිට් එකකින් එල් බෝඩ් ගහගෙන යන්න පුළුවන්... එකට එල් බෝඩ් එකට රු 500.00 (ලනrස්  එකට )

මිට අමතරව ට්‍රයල් දවසේදී ඒ කියන්නේ වාහන පදවන්න පුළුවන් කියලා පරීක්ෂක ඉදිරියේපදවන දවසෙත් විශේෂ ගාස්තුවක් රියදුරු පාසල මගින් ලබා ගන්නවා.. එය කලින් පරීක්ෂක ගාස්තු උවත් දැන් වාහන ගාස්තු විදිහට වෙනස් වෙලාලු... දවසකට එක පරික්ස්කයෙකු හට 60 දෙනෙකුගේ උපරිමයට යටත්ව පරික්ෂා කර බැලිය හැකි වන අතර වාහන පන්ති තුනටම (බයික් , සැහැල්ලු , ත්‍රිවිල් ) ඉදිරිපත් වන්නේ නම් බයික් සදහා - 1000.00 , ත්‍රිවිල් - 1300.00 සැහැල්ලු - 1500.00  මේ තුනටම ඉදිරිපත් වන නම් එක පරික්ෂකයකුට 60ක් දිනකට පරික්ෂා කල හැකි බැවින් = 60 * (1000 + 1300 + 1500 ) , = 60 * 3800 , = 228000.00

මේ හැමදාම මේ තුනටම එක පාර ගන්න 60ක්නැති වෙන්න පුළුවන් එහෙම උන්නොත් දවසකට 228000ක මුදලක් වාහන ගාස්තු විදිහට එකතු වෙනවා.. මම දන්නා විදිහට (වැරදි වෙන්න පුළුවන් ) ඒවා රජයට යන මුදල් නෙමේ... ඒ රියදුරු පාසල පරීක්ෂක අතරේ බෙදී යන මුදලක්.... ඇත්ත කොහොමද කියලා හරියටම දන්නේ ඉතින් ඒ අය තමා සමහර විට ඒවා රජයට යනවා ඈති...එත් මේ මම කිවේ දවසකගාස්තුව....මාසෙකට එහෙම නෙමේ.

මොනවා උනත් මම නම් කැමති ඔය ලයිසන් ගන්න ගන්න ගැන 50000ක් විතර වෙනවට.... එතකොට රටේ වෙන තරමක්  වෙන අනතුරු වලින්  80%කම නැත්තටම නැති කරගන්න පුළුවන් එහෙම උනොත්... මොකද ඔය හදිසි කාරයෝ ගොඩාක් එතකොට ලයිසන් ගන්න එක අඩු වෙයිනෙ.... ( ඊලග අය වැයෙන් මේකත් වේවා )


ලබන  අවුරුදෙදේ ඉදන් ලයිසන් ගන්න සාමාන්‍ය පෙළ ප්‍රතිපලත් බලනවලු  (එක වැඩක් වෙන්නෙත් නැ ඉතින් සම්පත් සර්ලා ඉතින් පිනට ලකුණු 19-20 දීලා හැමෝම පාස් කරවන්නේ.....

මම හිතන විදිහට නම් සාමාන්‍ය පෙළ ප්‍රතිපල බලල එක්සැම් එකෙන් පාස් අයට රියදුරු බලපත්‍ර ලබා දෙන එකේ හොද වගේම නරකත් තියනවා....

ඉගන ගන්න විදිහක් නැතුව ඉන්න කෙනෙක්ට කවදාවත් එතකොට රියදුරු රැකියාවක්වත් කරන්න වෙන්නේ නැ..... සාමාන්‍ය පෙළ සමත් අය රියදුරු අංශයේ රැකියා වලට ගන්න වෙනවා...

නීති ගරුක රියදුරු පිරිසක් බිහිවෙන්නත් ඉඩ තියනවා.. මොකද හැමෝම ඉතින් අද්යපනේ ලබපු අයනේ....

ලංකාවේ රියදුරු බලපත් ලබා ගැනීමේ ක්‍රමයගැනමොකද හිතන්නේ.... 

18 December, 2012

face book ඉන්නේ වැරදි කරන අය විතරමද?

ලංකාවේ වගේම ගොඩාක් තැන් වල අන්තර්ජාලය කිවොත් මුලින්ම වැඩිපුර භාවිතයක් තියෙන්නේ සමාජ ජාලා එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් එකට එකතු කරවන වෙබ් අඩවි වැඩිපුරම පරිශීලනය කරන වෙබ් අඩවි අතරේ තියනවා.....

මොන ක්‍රමය දාලා උනත් නවත්වගන්න බැරි xxx අඩවි වලටත් ඔය ගොඩක් දෙනෙක් යනවා කියන එකත් නොරහසක්නේ.....

එත් ලංකාවේ වැඩි පුරම  ඉන්ටනෙට් භාවිතා කරන අය ගෙන් 99.99% ක් විතරම මුණු පොත එහෙමත් නැත්නම් ෆේස් බුක් සාමාජිකයන්...

මුණු පොත එහෙමත් නැත්නම් මේ ෆේස් බුක්ගොඩ නගනකොට මාක් අය්යාටත් හිතෙන්න  නැතුව ඇති මේ තරම් මුණු පොත ජනප්‍රිය  වේවි කියලා......

මුණු පොත අද ලංකාවෙ බාවිතා කරන ගොඩාක් දෙනා එක පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට විතරමද?
පහුගිය සතියක ලක්බිම පුවත් පතෙත් එක අතිරේකයක පිටුවක්ම වෙන් කරලා තිබුනනේ ෆෙක් ප්‍රොෆයිල් ගැන කියන්න.... ඒ අය කියන විදිහට ෆේස් බුක් එකෙන් කරන්නේ නරක වැඩ විතරමයි......

කවදාවත් කොහෙදිවත් හොද වැඩක් වෙන්නෙම නැ...

ඉන්ටනෙට් පාවිච්චි කරන අයගෙන් 30%ක් 40ක් විතර පුවත් පත් බලනවා ඇති.....

එත් ඉතින් තාමත් ලංකාවේ වැඩියෙන් ඉන්ටනෙට් පාවිච්චි කරන යට වඩා පුවත් පත් කියවන පිරිස වැඩි නිසා එහෙම පුවතක් පල වුන ගමන්ම ෆේස් බුක් ගැන නොදන්නා කෙනෙක් උනත් එක පාරම චිත්‍රයක් ඇදගන්නවා ෆේස් බුක් කියන්නේ වැරදි කරන වැරදි වලට අනුබල දෙන වැරදි කරන අය විතරක් ඉන්න තැනක් කිඅලා..

ඊට පස්සේ ඉතින් දන්නා කියන කෙනෙක්ටවත් ෆේස් බුක් තහනම් කලාපයක් වෙනවා..... එත් ඇත්ත ඔකමද?

ලංකාවේ හොද දෙයක් මාකට් කරනවට වඩා වැරදි දෙයක් මාකට් කරන්න  පුළුවන් නිසාමද මන්දා හොද දේවල් ගැන කිය'වෙනවා අඩු....

ෆේස් බුක් සමාජ අඩවිය නිසා ඒ මගින් ගොඩ නැගුනු විවිද ගෘප් නිසා කොයි තරම් සමාජයට වැඩ දායක දේවල් කරනවද? එත් ඒ දේවල් ඔය තරමට ප්‍රසිද්ද නොවෙන්නේ ඒ කටයුතු වල නිරත වෙන අයට වටින්නේ ප්‍රසිද්දිය නොවේ කරන කටයුත්ත විතරක් වටිනා නිසා වෙන්නත් පුළුවන්... ඒ වගේම හොද දෙයකට මාකට් අඩු නිසා ඒවාගේ ප්‍රවුතිමය වටිනා කම අඩු නිසා වෙන්නත් පුළුවන්.......

මොනවා උනත් මගේ ජිවිතෙටනම් ෆේස් බුක් කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්....

ෆේස් බුක් වල නරක නැත්තේම නැ ගොඩාක් හොදම හොද තැනක් කියලා කියන්නෙත් නෑ මම......

අපි භාවිතා කරන කොට අවබෝධෙන් කරනවානම් ඕනෑම නරක දෙයක් හොද දෙයක් කරගන්න පුළුවන් අපිටමයි...

ප.ලි  : ඔන්න මම මැරුනේ නම්  නැ......

12 December, 2012

සියලුම බ්ලොග් කරුවන්,කාරියන් වෙත....

මිහිපිට ජිවත් වෙන හැමෝටම අද දිනය දාලා මොනවා හරි වැඩක් කරනවා නම් ඉතින් වැදගත් දවසක් තමයි... මොකද ඉතින් මේ මිහිපිටජිවත් වෙන කාටවත් තමන්ගේ මේ ආත්මෙදි ආයේ මෙහෙම දිනයක් දාලාමුකුත් කරගන්න ලැබෙන එකක් නැ..

මොකද අද 12 / 12 / 12 . ඊලග අවුරුද්දේ ඉදන් ඉතින් 13 , 14, 15 වගේ මාස අපේ දැන් භාවිතා වෙන දින දර්ශන වල මාස නැනේ... ඒ හින්දා අද අමුතු දවසක්...

ඇත්තටම බැලුවොත් ඉතින් මේකත් එක්තරා දවසක් විතරයි තමයි... එත් ආයේ 2101 - 01 - 01 වෙනිදාට තමයි  ලියන්න පුළුවන් වෙන්නේ 01 - 01 - 01 කියලා.... එත් ඉතින් තව අවුරුදු 88ක් 89ක් ජිවත් වෙන්න අපිට පුළුවන් වෙන එකක් නැනේ.....

මේ 12 -12 - 12 ගැන මොන තරම් කතා කීවද... මායාවරුන්ගේ දින දර්ශනය අනුව අදින් ඒ අයගේ කැලැන්ඩර් එක ඉවර වෙනවා.. ඒ කියන්නේ අද අපේ ජිවිත වල අවසන් දවසද?


 මේක ඉතින් 2009 ඉදන් කියන දෙයක්නේ බලලත් ඇති ඔන්න අද මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්ලු එහෙම උනොත් පරිස්සම් වෙන එක තමා හොදම දේ... පුලුවන්නම් කට්ටිය උදේම නැගිටලා තියන කළමනා ටික එකතු කරගෙන (අර දවසක් මාරයා දාලා තිබුණු කළමනා ටික ඇතිවෙයි මම හිතන්නේ ජිවත් වෙන්න )  වෙන ග්‍රහලෝකයක් බලා හරි ගමන් අරබන එක නුවනට හුරුයි කියලා තමා කියන්න තියෙන්නේ....

මරණේ වෙන හැටි සජීවීව බලාගන්න පින නැති උනොත් එහෙමඒ නිසා ඔය වීඩියෝ එක බැලුවත් කමක් නැ.. ඔහොමලුනේ වෙන්නේ......

 

 බ්ලොග් යාලුවනේ ඉතින් මේ ජිවිත කාලේ මගෙන් ලොකු ලොකු වැරදි අඩු පාඩු වෙන්න ඇති... ඉතින් මේ අන්තිම දවස් ටිකේ ඕවා හිත හිතා මැරෙන්න ඕනේ නැනේ.... ඔය ඉතින් හැමෝම කියන විදිහට (සමහරු කියනවා දෙසැම්බර් 21 කියලා සමහර ය කියනවා 12 කියලා ) ඔය කොයි දවස උනත් ඉතින් එහෙම බැරි වෙලාවත් පුරුවේ පිනකට මැරුනොත් (මගේ නෙමේ ඔහෙලගෙ ) ඊලග ආත්මෙත් අපි බ්ලොග් වලින්ම සෙට් වෙමු...

හොද හොද බ්ලොග් ගේට් තියමු.... අවුරුදු උත්සව වෙසක් කුඩු තරග 
(අන්තිම දවස  නිසා මේකත් කියලාම යන්නම්කො..... මේ අවුරුද්දේනොමරුනොත් මම කොහේ උන්නත් හිතාන උන්නේ සයිබරයෙන් හොදම වෙසක් නිර්මාණ තරගයක් තියලා එකෙන් දිනන අයට පොඩි තෑග්ගකුත් දීලා පොඩි වැඩක් කරන්න.......) වගේ ඒවා කරමුකෝ....

එක කරන්නත් බැරි වෙයි වගේ... එහෙම උනොත් ඊලග ආත්මේ වත් කට්ටිය එකතු වුනහම එක කරමුකෝ....

අමතක වෙයි කවදාවත් වැඩක් කරනකොට දිනයක් දැම්මේ නැතුව වැඩ කළා නම් හරි වැඩ කරනකොට හැමදාම දිනය දැම්මා නම් ඔන්න අදත් විශේෂයෙන්ම දාන්න අද 12 - 12 - 12 හොදේ......

ආයෙමත් කියනවා මොනවා හරි මගෙන් වැරද්දක් අඩු පාඩු වක් උනා නම් සමාවෙන්න............... අද නොමරුනොත් මමආයේ බ්ලොග් ලියනවා හොදේ.....  ඒ නිසා ඔය හිතට දැනෙන ඒවා කියලා යන්න....

අද  මැරුනොත්....

 

නොමැරී උන්නොත්




08 December, 2012

ලැබුනත් අත් තටු ඉගිලෙන්නට හැමදාමත් අපි නුබ සෙවනේ උන් පැටවුන්මය....

ජිවිතේ සමහර වැදගත් අවස්ථා උදා වෙන්නේ අපි නොහිතන විදිහට.......

ජිවිතේ මම ගොඩාක්ම සතුටින් හිටිය කාලේ පාසල් කාලේදී කියන එක මගේ විතරක් නෙමේ මේ හැමෝගෙමත් එහෙම තමයි කියන එකට විවාදයක් නැති වෙයි කියලා හිතනවා.....

කොලබ 7 පාසලකට ගියත් අඩු පහසුකම් තියන වෙන කොහේ හරි පාසලකට ගියත් හිතේ සතුටෙන් ඉගනගන්න එක වගේම ඒ ළමා කාලය ගෙවන්න ජිවිතේ හැමෝටම අවුරුදු 13ක්ම වෙන් කරලා තියන එක ගොඩාක් වටිනවා...

හැබැයි ඒ කාල අතරට 5 ශිෂ්‍යත්වය 11 වසර 13 වසර වල එක්සැම් නිසා ටිකක් ඒ සැහැල්ලුව නැති උනත් එකත් සතුටින් කරගන්න පුළුවන් කම් පාසල තුලින් කියලා දෙනවනේ....

වැඩිය කතා කරන්න ඕනේ නැ මිට අවුරුදු 7,8 කට කලින් ඉවත් උණු පාසල් මාතාව තුරුලට  ලැබෙන ඉඩ කඩ අතර තුර ගොඩ වදින්න අමතක නොකරත් ඊයේ දවස ටිකක් වැදගත්....

ඉගනගත්තු පාසලේ උගන්වපු ගුරුවරු සමහරක් විශ්‍රාම අරගෙන තිබුනත්  තවත් සමහර ගුරුවරු පාසල තුල ඉන්න කාලයක පාසලේ වර්ෂ අවසාන දක්ෂතා එලි දැක්වීම හා කුසලතා ඇගයීම වෙනුවෙන් සංවිදානය උණු එළිමහන් ප්‍රසංගය වෙනුවෙන් ආරාධිතයෙක් විදිහට සහභාගී වීමට ලැබුන එක මගේ ජිවිතේ ගොඩාක් වැදගත් අවස්තාවක්....

ඉස්සර අපි සෙල්ලම් කරපු පිට්ටනිය පන්ති කාමර පිටි පස්ස ටිකක් වෙනස් වෙලා,... ඒ කාලේ නොතිබුණු කම්පියුටර් කාමර , දියුණු උණු පුස්තකාල , වැඩි දියුණු උණු ගොඩනැගිලි පන්ති කාමර, වැඩි හරියක් ගෙවුණු විදුහල්පති කාර්යාලය (වැරදි කරලා එහෙම නෙමේ )එහෙම ගොඩාක් අලුතෙන් අලුත් වෙලා ....

ඒ කාලේ උදේම පාසලට යන පලවෙනි ළමයි 10 දෙනා අතර හැමදාම නොවුනත් ගොඩාක් දවස් වලට මමත් උන්නා...  ඉගන ගන්න වැඩ විතරක්ම  නම් නෙමේ කරන්න පුළුවන් හැම වැඩක්ම කරන්න ඒ කාලේ අපේ සෙට් ගොඩාක් හොදට එකමුතුව උන්නා....

ජිවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන ගුරුවරු කීප දෙනෙක්ම ඊයෙත් මේ පාසල් භුමිය තුලින්ම මුණ ගැහුන එක ගොඩාක් වැදගත් උනා වගේම හැමදාම ආදරේ කරන එක ගුරුවරයෙක් මේ දවස්වල මම කරන දේවල් ගැන අහලා දීපන්කො කොල්ලෝ අත ගොඩාක් සතුටුයි ඒ දවස් වල අපි කෑ ගහපුවගේ ප්‍රතිපල මෙහෙම දකින්න ලැබෙන එක ගැන ගොඩාක් සතුටුයි  හැමදාම මම කියනවා වගේ " හොද දේවල් කරලා අම්මලාගේ තාත්තලගේ ගමේ , පාසලේ නම තියන්න ලෝකේ කොහේ උන්නත් මෙහෙටත් වැඩක් කරපන් පුතේ කියලා කියන කොට නම් මටත් ඇස වලට කදුළු පිරෙන්න ගත්තා....

ඒ කාලේ සර්ලා මිස්ලා කියන දේවල් සමහර වෙලාවට වදයක් උනත් අද අපේ ජිවිත වල පදනම වැටිලා තියෙන්නේ ඒ අය අපි වෙනුවෙන් කරපු දේවල් නිසා තමයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැ මගේ ජිවිතේ නම්

ඒ කාලේ  ගුඩ් මෝර්නින් අය්යේ  කියපු නංගිලා මල්ලිලා සමහර අය පාසල් ජීවිතේට සමු දීලා තවත් සමහර අය ඉහලම පන්ති වල..... තාමත් ඒ අය ට අපේ නම් වලින්ම අපිව මතකයි කියන එක හදවතට දැනෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න වචන නම් නැ මට ....

ඒ දවස් වල උත්සවයකට ආරාධනා ලබලා එන ආරාධිත අමුත්තන් අපිට මහා මෙරක් තරම් ලොකුවට පෙනුන නිසා එහෙම අවස්ථාවකට සහභාගී වීම් මට නම් ගොඩාක් වැදගත් අවස්ථාවක්...මොනතරම් ඉහලට ගියත් (තාම නම් මම පොඩි මිනිහෙක් ) හැමදාමත් අපේ ඉහලින් ඉන්නේ පාසල් මවුනි නුබයි...


මගේ පාසලට මගේ ගුරුවරුන්ට තාමත් මම ගොඩාක් ආදරෙයි ගොඩාක් ගරු කරනවා....

03 December, 2012

සෙන්සිටිව් වෙන එක හොදද ? නරකද?

පොස්ට් 200ක් ලියලා ඉවරත් උන එකේ ලියන වේගේ ගොඩාක් අඩුත් වෙලා..... මේ දවස්වල ලියන්න දේවල් මතක් වෙන්නෙත් නැ....

මුලින්ම මගේ දයාබර මෑණියන්ට අද සමරන 47 වන ජන්ම දිනය සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ගොඩාක් ආදරයෙන් සුභ පතනවා.....

......................................................................................................................

මේ දවස් වල ඉතින් රාජ කාරියේ ටිකක් හිර වෙලා ඒ අතරේ අලුතෙන් වැඩට ආපු සහෝදර සහෝදරියෝ නිසා මෙහෙම දෙයක් හිතුනා... (ට්‍රේනින් එන අය මාස 6කට )

සාමානයෙන් නුහුරු පරිසරයක වැඩට එක පාර යන්න උනහම ඉතින් ටෙන්ෂන් එකක් එන එක නෝමල් දෙයක්නේ....

සමහර අය එන්නේ මාස ගානක් වැඩ කරලා පල පුරුද්ද තියනවා වගේ...

තවත් සමහර අය එන්නේ නිකන් පහට ගනින්න බැ වගේ ( හැබැයි යනකොට 5000000000 ටම ගැනලා තමා යන්නේ )

තවත් සමහර අය එන්නේ නෝමල් චරිත විදිහට....

තවත් සමහර අය ඉතින් ගොඩාක් සෙන්සිටිව් අය විදිහට එනවා....

දැන් ඉතින් ඔය එක එක ආකාරයේ චරිත ඉන්න එක මේ සමාජයේ සාමාන්‍ය දෙයක්නේ.....

අද මම කතා කරන්න හිතුවේ ඕනාවට වඩා ඕනෙත් නැති පොඩ්ඩක් වත් නැතුව වැඩකුත් නැති ඔය සෙන්සිටිව් එහෙමත් නැත්නම් සංවේදීතාවය ගැන....

( මේක ලෙඩක් වෙන්නත් පුළුවන් මම දන්නා විදිහට ඒ ගැන ඉතින් ප්‍රදීප් ගේ පිටුවෙන් හෝ සොදුරු සුව අසපුවෙන් කතා කරවිනේ.... )

ඇත්තටම ජිවත් වෙන්න සංවේදී වෙන්නම ඕනද?

රාජකාරී පරිසරයක් තුල වැඩ කරනකොටනම් ඉතින් සෙන්සිටිව් වෙන එක ඕනවට වඩා තිබුනොත් ඒ රැකියාව එපා වෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක් මොකද අලුතෙන් ආව ගමන් හැම වැඩක්ම හරියට කරන්න අපි දන්නේ නැ වගේම එහෙම මොනවා හරි අතපසුවීමක් සිදු උනොත් අහන්න දේවල් නිසා ඕනවට වඩා සෙන්සිටිව් වෙන්න ගියොත් නම් අඩන්න වෙනවා ගොඩක්....

අපේ ජිවිත එක්ක ගෙවෙනකොට සංවේදී නොවෙන අය එක්ක ගොඩාක් වැඩ කරන්න වෙන නිසා අපි ඕනාවට වඩා සංවේදී නොවෙන එක තමා මම හිතන විදිහට හොදම.....

ඔයාලත් ගොඩාක් සංවේදී කෙනෙක්ද? සංවේදී උනහම ඔයාලට ලැබුනේ වාසියක්ද? එහෙමත් නැත්නම් දුකක් විතරක්මද?

.............................................................................................................................

මටත් නොතේරෙන දෙයක් නිසා හිතට දැනෙන නිසා ප්‍රශ්නයක් විදිහට පොඩිම පොඩි පොස්ට් එකක් දැම්මේ....

.............................................................................................................................

ප.ලි  : කතා ලියන්න දන්නේ නැති මම පොඩි කතාවක් ලියන්න ට්‍රයි කරනවා හරි ගියොත් අනිවා දාන්නම්කො.....  එපාද?

30 November, 2012

200ක් ඉවරයි..... තව ඉස්සරහට යනවද?

ගොඩක් වෙලා අරගෙන ගොඩක් දේවල් ගැනලියපු පොස්ට් එක පබ්ලිෂ් කරන්න යනකොටම ඩිලිට් වෙනකොට මොන තරම් ආතල්ද කියලා මේ දැන් අත්වින්ද නිසා ආයේ ඒ ගැන මතක් කරන්න නම් මම කැමති නැ...  200 වෙනි සටහන බ්ලොග් අවකාශයේ ඉතා ලොකු ඉලක්කමක් නොවුනත් මගේ බ්ලොග් ඉතිහාසයේ මට වැදගත් සටහනක්....

2010 මාර්තු මුල මගේ ෆේස්බුක් මිතුරියක් උණු ජිවිතේ මල් එහෙමත් නැත්නම් සංසාරේ අපි ලියන දිල් අක්කා නිසා බ්ලොග් අකුරු කරවපු මම තවත් බොහෝදෙනෙක්ගේ උදව් අවවාද උපදෙස් බැනුම් නරක කමෙන්ට් අතරේ පොස්ට් 200ක දුරක් ඇවිත් ඒ පිලිබදව මම ගොඩාක් සතුටු වෙනවා.... මේ පොස්ට් 200 පුරා මාත් එක්ක උන්නු හැම දෙනෙක්ටම මම ගොඩාක් ස්තුති වන්ත වෙන ගමන් පුලුවන්නම් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා...

කලින් පොස්ට් එක නැතිඋන නිසා මේ පොස්ට් එක නම් දිගින් වැඩි වෙන එකක් නැ

මේ පොස්ට් දෙසිය තුලදී... මාව ෆලෝ කරපු පිරිස 409ක් වන්නත් කමන්ට් 6285ක් වෙනත් මගේ පිටු පෙරලපු පිරිස දෙලක්ෂ හතලිස් දහස පසු  කරන්නත් උණු එක ගැන මට ඇතටම ලොකු සතුටක් තියනවා....

මේ පොස්ට් දෙසිය ඇතුලේ මම කරපු දායක වෙන්න ලැබුන හොදම ක්‍රියාව විදිහට අසනීප උණු මදුශානි නංගිව සුව කරගන්න මෙහෙයුම විදිහට මම දකිනවා....

ඒ හැමදෙයක් එක්කම ගොඩාක් හොදයාළුවො ගොඩක් මගේ ජීවිතේට බ්ලොග් එකතු කරලා දුන්නා...

ඉදිරියටත් ඒ හැමෝම එක්ක හොදින් ඉන්න හොද දෙයක් කරන්න බලාපොරොත්තු වෙන ගමන්ම මම 200 වෙනි පොස්ට් එක පුංචි සටහනකින් ඉවර කරනවා..... ---- 201 න මුණ ගැහෙමු....

--- උපුටනය - සයිබර් සැණකෙළි බ්ලොග් අඩවිය 2012 - 11 - 19 ----

පසුගිය වසර මුළුල්ලේ 
Raj, සඳකිඳුරා, යසන්ත, චතුමිතු, ගයාන්, දුෂ්, පොඩිමෑන්, බිම්සර, දේවා, ප්‍රාර්ථනා, හිමහංසි, ජනරඟ, මලිත්, උදිත්, ජිංජිබිරිස්, යැංකි, ප්‍රදීප් සහ දඟයා 
කියන සංවිධායක මණ්ඩලයේ සාමාජිකයින් දැක්වූ දායකත්වයත්, 2011 වසරේ සංවිධායක මණ්ඩලයෙන් ලැබුණු මගපෙන්වීම් හා බස්රේඩියෝ, සියළුම සින්ඩිකේටර්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදි ආයතන හා සංවිධාන දැක්වූ සහයෝගයත්, විශේෂයෙන්ම ලොව පුරා විවිධ ස්ථාන වල සිට විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ සියළුම බ්ලොග්කරුවන්ගේ උනන්දුවත් නොවන්නට අපට මෙතෙක් ආ මග එන්නට නොහැකි වන්නට තිබුනා.

ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෞරවණිය ස්තුතිය පල කරන අතර මේ විවෘත කරන්නේ දයාබර ඔබගේ අවස්ථාවයි.

පසුගිය දෙවසර තුල ලැබූ අත්දැකීම් ඔස්සේ ඉදිරියට යමින් සිංහල බ්ලොග්කරුවන් අතර සහෝදරත්වය වර්ධනය කරන්නටත් ඉදිරි වසරේ නවමු වැඩසටහන් සංවිධානය කරමින් පවත්වන්නටත් ඔබට හැකිනම් අප සොයන්නේ ඔබයි.

සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙක්/ සාමාජිකාවක් ලෙස 2013 වර්ෂය පුරා බ්ලොග් අවකාශයේ මිතුරෝ මෙහෙයවන්නට, ඒ වෙනුවෙන් දායක වන්නට ඔබ කැමතිනම් නොවැම්බර් මස 30 වන දිනට පෙර මේ පෝරමය පුරවා ඔබේ කැමැත්ත පල කරන්න. මේ අවස්ථාව ඔබේ හෙට දවස වෙනස් කරන අවස්ථාවක් නොවේ යැයි කිවහැක්කේ කාටද?




----- උපුටන අවසන් ----

අද අවසන් දිනය කියලා තියන නිසා ඉක්මනින් ඔබේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් ලබා ගන්න්න

එහෙමනම් ආයේ හමු වෙමු 201

23 November, 2012

සුදු මහත්වරුගේ හිගා කැමේ පිළිවෙතද මේ....

මේක සත්‍ය කතාවක් නම් තමයි එත් ඇත්තටම එක උනේ එහෙමමද කියලා කියන්නත් බැ.... එත් මේ වගේ දෙයක් වෙන කොහේ හරි වෙනවනම් එතන වංචාවක් සිද්ද වෙනවා කියන එක ස්ථිර නිසා එක වළක්වාගන්න පුංචිම හරි දෙයක් මේකෙන් වෙන්න ඉඩ තියන නිසා කියන්න හිතුනා.....

මේක මට අදාළ තැනක සිදු උනාද නැද්ද කියන එක නොහිතා (මට උනා කියලා හිතන්නම එපා ) මෙහෙම වෙන්න පුලුවන්ද කියලා හොයලා බලමු...

ස්ථානය  :- සෙනග ගැවසෙන සමාජයේ පිළිගත්තු ආයතනයක්..............

පුද්ගලයා : සුදු මහත්මයෙක් සමග ශ්‍රී ලාකික සවේදී හදවතක් ඇති වැදගත් මහත්මයෙක්.....

වෙලාව : රාජකාරි වෙලාව තුල මිට සතියකට පමණ පෙර.....

............................................................................................................

ශ්‍රී ලාකික සමාජය අදටත් වඩා ආගන්තුක සත්කාර වලට බෙහෙවින් ලැදී ජාතියක් කියලා ඒ කාලේ ඉදන් ගොඩාක් දෙනා කියලා තියනවා උනත් මේ කාලේ එහෙම දේවල් ගොඩාක් වෙනවා අඩුයිනෙ.....

ලංකාවේ ගොඩාක් දෙනා පිටරටවල් වලට යන්නේ රැකියාවක් හොයාගෙන..... එහෙ ගිහින් ඒ වැඩ කරලා සල්ලි අරගෙන ලංකාවට එන එකනේ කරන්නේ....

කොහොමද ලංකාවට හිගාකන්න ඔෆිසියල් විදිහට පිට රට සුදු මහත්වරු මෙහෙට ආවොත්....

ඇත්තටම මම මේ කියන පුද්ගලයා ආවේ එහෙමද කියලා මම දන්නේ නම් නැ එත් ඉතින් උනේ එහෙම දෙයක් නම් තමයි.... මොකද දවස් 2කින් මුදල් ආපහු දෙනවා කියලා කිවත් එක නොවුන නිසා

යම් ආයතනයකට හදිසියේ කඩා වැදුනු කොට කලිසමක් හා අත් කොට කමිසයක් ඇද ගත්තු සුදු මිනිසෙක් තමන් දැඩි අසරණ තත්වයකට පත් වෙලා තියන්නේ...  තමන් ලංකාවට ආවේ යාළුවන් පිරිසක් එක්ක.... ඒ අසන්නේ පවතින නගරයකදී ඒ අයව මග හැරුනා... ඒ අය මේ පුද්ගලයාව දාලා ගිහින්..

දැන් මට යාපනේට යන්න ඕනා.. සුනාමි කාලේ මම ගොඩාක් ලංකාවට උදව් කරා... මම හදලා දුන්නු ගෙදරකුත් යාපනේ තියනවා....

මේ වෙලේ මට සල්ලි ගෙන්න ගන්නවිදිහකුත් නැ.. මට පුළුවනි නම් රුපියල් දෙදාහක් දෙන්න  ( අපේ හිගන අය ඉල්ලන්නේ මහත්තයා නෝනා දීලා යන්න කියල රුපියලක් දෙකක් පහක් දහයක්නේ... එත් මෙතන කෙලිනම් 2000ක්.... කොයි තරම් ලොකු සලරියක් ගත්තාත්  රු 2000ක් එහෙම ඉල්ලපු ගමන් දෙන්න බැනේ...

කොහොමහරි එකටත් සාධාරණ තර්කයක් අරගෙන ආවා මේ සුදු මහත්තයා..... හැමෝගෙන්ම මෙහෙම ඉල්ලන්නත් බැ මොකද හැමෝටම කියන දේ තේරෙන්නේ නැ කියන එක... අනිත් එක රුපියල් දෙදාහක් කියන්නේ ලොකු ගානක් කියලා හිතුවට අපේ රටේ නම් ඩොලර් විස්සක් විතරයි....

ඒ නිසා අනුකම්පා කරලාඋදව් කරන්න කියලා...

තව ගොඩාක් දේවල් කිවා.....මේ තත්වයටපත් උණුශ්‍රීලාංකික පුද්ගලයා හිතට එකගව ඇති උණු අනුකම්පාවත් එක්ක රු 1500ක් මුදලක් මේ සුදු අන්කල් ට දුන්නා...

තාමත් ශ්‍රීලාකිකයන් ගේ හිත තුල අනුන්නට උදව් කිරීම ගොඩාක් හොදින් තියනවා කියන එකට මේක පුංචි උදාහරණයක්විතරයි....

ඒ වගේම මේ පුද්ගලයා ආපහු මේ මුදල් එවන්නත් පොරොන්දු වෙලා දැනට සතියකට වැඩි(ආපහු ගන්න බලාගෙන දුන්නු එකක් නම් නෙමේ.... එත් මේකතවත් සන්විදානාත්මකහිගා කමක්ද දන්නේ නැනේ...)

ඔන්න ඔහොමලු සුද්දෝ ඔෆීෂියල් විදිහට හිගා කෑවේ....

(මේ හිගා කැවා කියන එක මම වෙනස් කරනවා ඒ පුද්ගලයා අන්තිමට කිවා වගේ මුදල් ආපහු ලැබෙන්න සැලැස්සුවා කියලා දැනගන්න ලැබුනොත්.....)

17 November, 2012

යාලුවන්ව බයිට් කරමු SMS වලින්

කාලෙකින් මුකුත්ම ලියලා නැ.... දැන් ඉතින් ලියන්න දෙයක් හිතන කොට මේ දවස් වල ෆෝන් එකට ආපු එක එක එස් එම් එස් ටික මතක් උනා.... ඉතින් එහෙමනම් ඔයාලත් මේවා යවලා බලන්නකෝ.... මේවා ජෝක් එස් එම් එස් විතරක්ම නෙමේ.....


අපේ ගෙදර කෑම උයන්නේ ALASTAIR COOK,
වාහනේ ගෙනියන්නේ JESSY RIDER,
ඇදුම් මහන්නේ ROSS TAYLOR,
ගෙදර වාහනේ TENDULKAR එකක්...
රැට කන්නේ CHIKEN BURA....
SHANE BOND වලින් තමයි අලවන්නේ.....,
MICHEAL MASON තමයි අපේ ගේ හැදුවේ ...
ගෙදර ගාලා තියෙන්නේ CAMERON WHITE පාට .....
ලිපට දාන්නේ PAUL COLLINGWOOD...
ගෙදර සින්දු කියන්නේ YUVRAJ SINGH.
අල්ලපු ගෙදර දුවට කියන්නේ M.S. DHONI. 


(මේක නම් මම ෆේස් බුකියේත් දැම්මා )

.............................................................................................................

දවසක් බස් 1ක් කනත්තක් පාස් කරගෙන යනවලු. හිට්යේ ඩයිවර් විතරලු. කනත්ත ලගදි ගැනු කෙනෙක් අත දැම්මලු. එයා ඇදලා හිට්යෙත් සුදු පාටලු. ඩයිවර් ටිකක් මනමාල හින්දා ගැනු කෙනාව නග්ග ගත්තලු. එයත් බස් 1 උන්තිම සිට් 1න් ඉදගත්තලු. පස්සෙ ඩයිවර්ට මතක් උනලු එය නැග්ගෙ කනත්ත ලගින් කියල. මිනිහට හීන් දාඩිය දගෙන එද්දි අහෙනවලු බස් 1 පිටිපස්සෙන් කරස්! කරස්! ගාල සද්දයක්. මිනිහා හොදටම බයවෙල පිටිපස්ස බලද්දි ගැනු කෙනා හිනා වෙවි
මන්චී සුපර් ක්‍රිම් කැකර් 1ක් කනවලු.

..............................................................................................................

සල්ලි මතක් මතක් වෙන්නෙ දුප්පත් උනම....
බෙහෙත් මතක් වෙන්නෙ ලෙඩ උනම...
හද මතක් වෙන්නෙ අමවක දාට....
කලා කරුවො මතක් වෙන්නෙ මරුනම.
අව්ව මතක් වෙන්නෙ වහිනකොට...
දෙවියො  මතක් වෙන්නෙ වැරදුනම...
මාව මතක් වෙන්නෙ 4න් එකේ සල්ලි නැති උනහම... 

..............................................................................................................

අද මහ වැස්ස. හරිම සීතලයි.. කම්මැලි…
ඔය අතර තුරෙ මට ඔයාගෙ කටහඩ අහුනා.
මම පුදුම වෙල ඇදෙන් නගිටලා, හැම පැත්තම බැලුවා.
එත් මම ඔයව දැක්කෙ නැ.
ආයෙත් ඔයාගෙ කටහඩ අහුනා. මම හොදින් බැලුවා.
ඇත්තටම මට අදහගන්නත් බැරි උනා.
එයා ඔය වගෙමයි. ඇස් දෙකත් ඔයගෙ වගෙමයි.
ඒ කවුද දන්නවද??
ඔයා වගෙම “මහ තඩි හැල ගෙම්බෙක්”
කානුවක ඉදගෙන මහ හයියෙන් “බක බක” ගනවා

................................................................................................................

උදේට තනි කකුලෙන් ඉන්නවා කියන්නෙ ඇත්තද?
නැ???
ශුවර් ද????
මොහොතකවත්?
නෑ???
බොරු කියන්න එපා…
හෑමොම ඉන්නවා!
මතක් කරලා බලන්න!
මතක නැ???
බොරුනෙ කියන්නෙ
එහෙනම් ඔය උදේට අන්ඩවෙයාර් 1  අදින්නෙ කොහොමද??
හි හි හෙ…හූ

.................................................................................................................

ගර්ල් - අනේ කවුරුහරි දක්කොත් ප්‍රස්නයක් වෙයි....ඉක්මනට කරන්න
බොයි-තව ටික වෙලවක් ඉවස්සන්න...කවුරුවත් දකින්නේට් නැතිවෙයි ..එහෙම්මම තව ටිකක් උස්සල පෙන්නුවහම මම වැඩේ ඉක්මනට ඉවර කරනවා...
ගර්ල්- ඇයි පෙන්නුවෙ නැත්තම් මොනව කරන්නද?
බොයි -ඔයා පෙන්නුවෙ නැත්තම් මම..."එක්සෑම් 1න් "ෆෙල්"වෙයී .ප්ලිස් හෙල්ප් මි...


...............................................................................................................

මේවා නම් ඔයාලා දැකලා ඇති.... මොනවාකරන්නද බනින්න එපා.. තව ආපුවනම් ගොඩාක් තියනවා... එත් වැඩක් නැත්නම් දාලා වැඩකුත් නැනේ...

එහෙමනම් ජය වේවා.....

වෙනස් වෙන්න හිතකුත් තියනවා ඉස්සරහට.... බලමුකෝ