ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

08 February, 2013

ජිවිතේ හැම දෙයක්ම වෙන්නේ ලබා උපන් හැටියටද?

ජිවිතේ ගැන මට හිතෙන හැටි මම කලින් පොස්ට් එකකත් කතා කළා..... එත් මේ පොස්ට් එක ඒ ගැන නම් නෙමේ....

ලබා උපන් හැටි කියලා දෙයක් තියනවද? හැම දෙයක්ම වෙන්නේ ඒ විදිහටද? ලෝකේ හැමෝටම කියලා වෙන් උණු විදිහේ දෙයක් ජීවිතය මෙහෙමයි වෙන්න ඕනේ කියලා දෙයක්කොහේ හරි තියනවද? එකටද මේ ලබා උපන් හැටි කියන්නේ.. එහෙම දෙයක් තියනවා නම් එහෙම වෙන්න ඕනේ කියලා අපේ ජිවිතේ කොහේ හරි තියනවා නම් අපි ජිවත් වෙන්නේ මොකටද? එක ඒ විදිහට වෙනවනම් මේ ජීවිතෙන් වැඩක් තියනවද?

ජිවිතේ අපි ලග බලාපොරොත්ත්තු ගොඩාක් තියනවා... අහස උසට හින මාලිගා හදලා ඒවා කොහොම හරි අපේම කරගන්න හින මවනවා... ඉතින් ඔය දේවල් අතරට අපි හිතුවොත් හරි යාවිද ලබා උපන් හැටි කියලා දෙයක් තියනවා... මට මේ හින එකකවත් අයිතියක් නැ.. මට මේවා හීනයක් විතරයි කියලා....
එහෙම හිතුවොත් අපි ජිවිතේ දිනලද? නැ අපිට ලබා උපන් හැටි යට කියලා කියන හැමදේම වෙනස් කරන්න පුළුවන් වෙන්නම ඕනා.... එහෙම නැති උනොත් අපි ලබා ගත්තු මේ ජිවිතේ වටිනාකමක් නැත්තටම නැති වෙලා යනවා...

පුංචිලංකාවේ  අපි  උත්සහ කලොත්  අපිට  අපි  කැමති අපේ  ලෝකේ හදාගන්න එක ඒ තරම් අමාරු වෙන එකක් නම් නැ....
ලංකාවේ විතරක් නෙමේ ලෝකේ කොහේ උනත් දියුණු වෙලා හොද තැනක ඉන්න හැමෝම ලබා උපන් හැටියට හැමදේම වෙයි කියලා බලාගෙන උන්න නම් මේ හැමෝම මේ වගේ තැන වල ඉදීවිද?
ඇත්තේනම නැ... ඒ අය උත්සාහයෙන් හැමදෙයක්ම තමන්ට ඕන විදිහට කරගත්තු නිසා ලබා උපන් හැටියට හැමදේම වෙනවා කියන මතය වෙනස් කරපු පිරිසක් විදිහට ඒ අයව හදුන්වන්න පුළුවන්...

ලබා උපන් හැටියට කියලා හිතලා අපි අපේ ජිවිත වෙනුවෙන් මුකුත් නොකර බලාගෙන ඉන්න තාක් කල් , හැමදෙයක්ම වෙන්නේ ලබා උපන් හැටියට කියන එක වෙනස් කරන්න නම් ලැබෙන එකක් නැ...
අපි දුප්පත්., අපි ඉගන ගෙන නැ, අපිට සල්ලි නැ, අපි ලස්සන නැ, ...... ඔහොම මොනවා හරි හේතුවක් නිසා අපි මානසිකව හරි කොහොම හරි වැටෙනවානම් අපේ පරාජයේ ආරම්භය එතන....

ගොඩක් දෙනා ඔහොම දෙයක් උනහම , ප්‍රශ්න ජිවිතයට එනකොට කරන්නේ මේක මගේ ලබා උපන් හැටි , මම ජිවත් වෙලා වැඩක් නැ කියලා ජීවිතය නැති කරගන්න උත්සහ කරන එක... එකෙන් ඒ පුද්ගලයාට යහපතක් වෙන්නෙත් නැ... සමාජයට යහපතක් වෙන්නත් නැ...

ලියන්න හදපු දේ ඒ විදිහටම නම් ලිය වුනාද කියලා කියන්න බැ... එත් මේ දේලිය උනේ මෙහෙම ජිවිතේ හැමදේම වෙන්නේ ලබා උපන් හැටියට කියලා හිතාගෙන වැඩ කරපු  පෙර පාසල් සමයේ ඉදන් මිතුරෙක් උණු (පසු කාලයේ වෙනත් ප්‍රදේශයක ජිවත් උණු ) පුද්ගලයෙක් ආදරය සම්බන්ධ ප්‍රශ්නයකදී ඒ දේවල් තමන්ට උරුම නැ කියලා හිතාන වස පානය කරලා දැනට රෝහල් ඇදක  ප්‍රතිකාර ලබන නිසා...

ඇත්තටම එතන ප්‍රශ්නයක් තිබිලා නැති බව දැන් බලනකොට පේනවා.... එත් ඉක්මන් වෙලා ඒ දේවල් කරලා ජීවිතය අහිමි උනා නම්......................................

38 comments:

  1. ලබා උපන් හැටි නම් මොනවත් නොකර නිකම් හිටිය හැකිනේ ලබා උපන් දේවල් ලැබෙනකම්. "අත සෙලවූවොත් කට සෙලවේ" තමන් දෙයක් කරගත්තොත් තමන්ට තියෙයි. හැබැයි යාලුව කරගත්ත දේයින් නම් එයාට විතරක් නෙමෙයි අනිත් අයටත්. මනුස්සය ඉක්මනට සුව වෙලා ඇත්ත අවබෝධ කරගනී කියල හිතනව

    ReplyDelete
    Replies
    1. සමහර අය ඉන්නවනේ මුකුත් අවබොද කරගන්න බැරි විදිහේ ඩයල්.. මෙ යාලුවත් එ වගේ තමා... ටිකක් හොද වේගන එනකොට බලන්න එන අයටත් පාට් දානවලු......

      අත සෙලවුවොත් කටද සෙලවිය හැක... ඇත්ත...

      Delete
  2. අපි කාටවත් උපතින්ම විලි වහගන්න වස්තරයක් වත් ලැබෙන්නෙ නැහැ නොවැ. තමන්ගෙ මහන්සියෙන් හැම දේම කර ගන්නෝනි.

    ජය !

    ReplyDelete
    Replies
    1. සිරාවටම............... සමහරු අය ඕක තේරුම් ගන්නේ නැනේ....

      Delete
  3. මම හිතන්නෙ අපේ ජීවිතේ වෙනස් කමක් වෙනවනම් ඒක ලබා උපන් හැටි නෙමේ... අපිට අපේ ජීවිතේ ඕන විදියකට වෙනස් කර ගන්න පුලුවන්.... අපි හොදට ඉගන ගත්තොත් හොද ජොබ් එකක් කරන්න පුලුවන්.... හොදට හොයල බලල කලබල නොවී ගෑනු ලමයෙක්ට ආදරය කලොත් එයත් එක්ක ජීවිතේ ගෙවන්න පුලුවන්.... ඒක තමා මගේ මතේ.....

    ReplyDelete
    Replies
    1. සිරාවටම මචන්...... උබේ මතය තමා හරියටම හරි........

      බ්ලොග් එකක් ලියනවද ඉතින්..

      Delete
  4. ජීවිතයේ හැම දෙයක්ම සිදුවෙන්නේ ලබා උපන් හැටියටද?

    නෑ නෑ බඹා කොටපු හැටියට...:D

    ReplyDelete
    Replies
    1. ඉතින් පොඩ්ඩි ඔය බඹා කොටන්නේ කොහෙද ඉතින්....

      Delete
  5. ඇත්ත ලබා උපන් දේ හැටියට වෙනස් කරන්න පුළුවන් බව තේරුම් ගත්ත මිනිස්සු හින්දා තමා ලෝකය පවතින්නේ...

    ReplyDelete
    Replies
    1. එත් ඉතින් ගොඩාක් ඉන්නේ එහෙම නොතේරුම් ගත්තු අය නේද?

      Delete
  6. ලබා උපන් හැටි කියල නිකන් හිටියොත් මොකුත් ලැබෙන්නෙ නෑ... ඒත් එහෙම උත්සහ කරන්න හිතෙන්නෙත් ලබා උපන් හැටියට තමයි බන්.. අපි මේ ලොකෙට එද්දි අපි හැමෝගෙම කතාව ලියල ඉවරයි බන්... අපි කරන්නේ ඒ විදියට රඟපානවා... අපිට ඒක වෙනස් කරන්න බෑ...

    බීපු වෙලාවක එකෙක් කියපු කතාවක්

    ReplyDelete
    Replies
    1. මටත් තියන අවුල එහෙම අපි රගපානවා නම් වෙන්නේ මොනවද කියලා කලින් ලියලා තියනවා නම් මෙච්චර කොටස් රග නොපා ලාස්ට් මින්ට් එක විතරක් දීලා ඉවර නොකරන්නේ ඇයි....

      Delete
  7. අන්න නියම පෝස්ට් එක,, :D (Y)

    ReplyDelete
    Replies
    1. ඉතින් මොනවයි හිතෙන්නේ...........

      Delete
  8. දේව් අහලා තියෙනවද BoneyM ගයපු El Lute කියන සින්දුව?

    This is the story of El Lute.
    A man who was born
    to be hunted like a wild animal,
    Because he was poor.
    But he REFUSED TO ACCEPT HIS FATE,
    AND TODAY HIS HONOR
    HAS BEEN RESTORED.
    මට ඒක මතක් වුනා.
    මම කොහොමත් කැමතියි දෛවය වෙනස් කරන්න හදපු මිනිස්සුන්ට.

    ReplyDelete
    Replies
    1. හොයාගෙන අහන්න වෙනවා Dude, මොනවා උනත් ඔහේ ඉන්නවට වඩා හොදයි තමා මොනවා හරි වෙනසක් කරන්න ට්‍රයි කරන එක...

      Delete
  9. බොරු බං! උත්සාහය තමයි වැදගත් ම දේ!

    ReplyDelete
    Replies
    1. සමහරු කියනවනේ ඉතින් හැමදේම කලින් වෙලා තියනවා කියලා.. අපි උත්සහ කලත් ඒ කරන්නේ එහෙම කරන්න තියන නිසා , නොකලත් නොකරන්නේ එහෙම නොකර ඉන්න කියලා තියන නිසා කියලා........

      Delete
  10. බලාපොරොත්තු අපව ජීවත් කරවනවා... ඒවා ඉටු වෙන්නත් හැකියි නොවන්නත් හැකියි.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත නලින් අයියා......

      Delete
  11. මම හිතන්නේ අවශ්‍යතාවයට සීමාවක් නෑ කියලා...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අපිට කොහේද මොනවද ඇති වෙන්නේ...............

      Delete
  12. //පුංචිලංකාවේ අපි උත්සහ කලොත් අපිට අපි කැමති අපේ ලෝකේ හදාගන්න එක ඒ තරම් අමාරු වෙන එකක් නම් නැ....// ඇත්ත, වරමක් ඇත්නම් මා ඉල්ලනුයේ නැවත එම අවධියට යාමටයි.

    ජීවිතය ලබා උපන් හැටියට හෝ කේන්දරේ අනුව තීරණය වෙනුයේ නැහැ. එය තීරණය වීමට ජීව විද්‍යාත්මක පසුබිම මෙන්ම, සමාජ, දේශපාලනික, ආර්ථික, ආගමික .... යන සාධකයන්ද නොඅඩුව දායකත්වය සපයනවා.

    ReplyDelete
    Replies
    1. අපි ලොකු වෙලා කොයි තරම් පොඩි කාලෙට යන්න ආසයි කිවත් අපි පොඩි කාලේ බලාගෙන උන්නේ ඉක්මනට ලොකු වෙනකන් නේද?
      අනිවා අනිත් දේනම් හරි කියලා හිතන ගොඩාක්....

      Delete
  13. මාත් පැරදුනු මිනිහෙක්

    ReplyDelete
    Replies
    1. යකෝ පරාජය තමා ජයග්‍රහනයේ මාවත..!

      Delete
    2. අපි හැමෝම වගේ ජිවිතේ කොයිම මොහොතක හරි සුළුවෙන් හරි පෑරදීමකට ලක් වෙනවා බන්

      වී පොකුර අනිවා සහතික ඇත්ත

      Delete
  14. මම නං දන්නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා දන්නෙත් නැත්න්ම අපි කොහොම මේවා දන්නවද ඉතින්..........

      Delete
  15. උත්සාහය තියෙන්නම ඕනෑ. ඒ උනාට වාසනාව නැත්නම් උත්සාහය සඵල වන්නේ නෑ. කේක් ගෙඩිය තමයි උත්සාහය වාසනාව තමයි එකේ තියෙන අයිසින් ටික.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් උන් එක්කෝ අයිසින් ටික විතරක් කනවා,,.. නැත්නම් අයිසින් හුරලා කේක් ටික කනවා..... එහෙම නොවුනොත් ඉතින් කිවා වගේ ඔක්කොම හරි..........

      Delete
  16. මමනම ලබා උපන් හැටි කියලා කිසිම දිනක හිතන්නෙ නැති කෙනෙක්. උත්සාහයෙන් ලබා ගත් දේවල් බොහොමයි මේ වෙනකොට . ඒත් අර WMK කියනව වගේ යම්කිසි වාසනාවකුත් තියෙන්න ඔනෙ කියන එක මාත් විශ්වාස කරනවා .

    ReplyDelete
    Replies
    1. වාසනාව ඕනා කියන එක මමත් ගොඩාක් තැන වලදී විශ්වාස කරනවා...... උත්සහවන්තයා ජය ගනී කියලා කියන්නේ අදක ඊයේක ඉදලා නෙමේනේ නේද අක්කෝ..

      Delete
  17. මිනිස්සුන්ට ජීවිතය ජය ගන්න නම් අනිවාර්‍යයෙන්ම අරමුනක් තිබිය යුතුයි. ඒ අරමුනට විවිදාකාර භාදක හමුවෙන්න පුලුවන්, ප්‍රේමයත් ඒ වගේ ප්‍රේමය නොලැබීම බාදකයක් වෙනවාට වඩා...ධෛර්‍යයක් කරගන්න පුලුවන් නම් ජයග්‍රහනයක් නොවේද..?

    ReplyDelete
    Replies
    1. මම දන්නා කියන අය එක්ක බලනකොට නම් ඒ දේ ධෛර්‍යයක් කරගන්න පුළුවන් අය නම් ඉන්නේ ගොඩාක් ගොඩාක් අඩුවෙන්..... මොකද ඒ හැමෝම එක ජීවිතය කියලා හිතාන ඉන්න නිසා..

      Delete
  18. ලබා උපන් හැටි කියලා ෂේප් වෙන්නෙ කම්මැලියො....ලබා උපන් හැටි අවුල් උනත් උත්සාහයෙන් ඒ බව නැතිකර ගත්ත අයත් ඉන්නවා...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....