ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

12 February, 2013

ලියන කියවන බ්ලොග් යාලුවනේ ලොකු උදව්වක් ඕනේ....

ඉතින් අද නම් බ්ලොග් ලියන , කියවන යාළුවො... මාළුවෝ යාළුවො නෙමේ උනත් ඔය හැමෝගෙන්ම පුංචි උදව්වක් ඕනා....

හැමොටම වගේ ඉතින් ඒ ලෙවල් කරලා නම් ඉන්නේ ඉතින් ඔය කාලෙට කරන ව්‍යාපෘති එහෙම මතක ඇතිනේ.... දැන් ඉතින් හිතන්න එපා මේ මමත් ආයේ උසස් පෙළ කරනවා කියලා එහෙමනම්...

මේක මගේ නඟා ගේ ප්‍රොජෙක්ට් එකට, අයිඩියා එකක් දෙන්න කීවහම ඉතින් මට මතක් උනේ මේ බ්ලොග් ගැන...

ඉතින් මේ ගැන මම කරන්න කිවාහම කරුණු වගේම මේ බ්ලොග් කරුවන් කාරිනියන් ගැන දැන ගන්න ඕනනේ...

එකට ෆිල් ඉන් ද  බ්ලෑන්ක් ෆෝම් එකක් දානවට වඩා ඔපන්ලි ප්‍රශ්න ටික අහලා කමෙන්ට් වලින් උත්තර ගන්නඑක හොදයි කියලාහිතුනා.. එතකොට ඕන කෙනෙක්ට බ්ලොග් කරන අය ගැන නොදන්නා දෙයක් උනත් දැන ගන්න පුලුවනේ....

ඕපන් දානවට අකමැති අය එහෙම දන්න එපා කිවොත් කමෙන්ට් එක පබ්ලිෂ් නොකර ඉන්නම්කො.....

මෙන්න ප්‍රශ්න ( හික්ස් කරුණාකර ප්‍රශ්නය නැවත නොලියා ප්‍රශ්න අංකය යොදා පිළිතුරු සපයන්න )

1. බ්ලොගයේ නම  (තිබේනම් පමණක් )
2. ඔබේ නම (බ්ලොග් අවකාශය තුල භාවිතා කරන )
3. ඔබේ නම ( උප්පැන්නේ තියන විදිහටම ඕනේ නැ )
4 බ්ලොගය පටන් ගත්තේ කොයි කාලේද ? (හරියටම ඕනේ නැ මාසේ අවුරුද්ද විතරක් ඇති)
5 රැකියාවක් කරනවද (එහෙමනම් මොනවගේ එකක්ද ?) 
6 බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද?
7 බ්ලොග් ලිපිනය
8. බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? (ලියන්නේ ඇයි )

ඔය ටිකට ඉතින් උත්තර දෙනවා නේද යාලුවනේ... අලුත් යාළුවො ගොඩාක් මේ දවස් වල බ්ලොග් ලියන නිසා මේකට උත්තර දෙනවනම් ගොඩක් කැමති අලුත් පරණ හැමෝම...





41 comments:

  1. අහ්හ්.... කියන්න අමතක උනා... අලුතෙන් බ්ලොග් එකට පොඩි ප්‍රශ්න අහන්න පුළුවන් තැනක් වෙන් කළා... ඕක ඉතින් අර රල් වජා ගේ උපදෙසක් තමා.. හිතෙන ප්‍රශ්නයක් එකෙනුත් අහන්න පුළුවන් හොදේ....

    ReplyDelete
  2. sithuwam
    sithuwam
    pubudu asanka
    2011/06
    yes/engineer-IT
    internet
    sithuwam.wordpress.com
    for fun.

    ReplyDelete
  3. 1) සමකය වටේ
    2)නලින් දිල්රුක්ෂ
    3)නලින් දිල්රුක්ෂ
    4)2012 අගෝස්තු මාසයේ..
    5)රැකියාවක් කරනවා එය මුද්‍රිත මාධ්‍ය ආයතනයකට අදාළවයි.
    6)වෘත්තිය ජීවිතයේ දී එය අප භාවිතයට ගන්නවා.
    7)http://samakayawate.blogspot.com
    8)ආත්ම තෘප්තිය, යම් සමාජ මෙහෙවරක්.

    ReplyDelete
  4. 1. සිත්තරීගේ තෙලිතුඩින් / සංස්කාර විනිවිද
    2. සිත්තරී මං
    3. තිලිනි ෂැල්වින්
    4 අවුරුදු දෙකකට පෙර
    5 කරමි. රාජ්‍ය ආයතනයක, සාම්ප්‍රදායික කලා කර්මාන්ත වලට සම්බන්ධව
    6 විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයෙන්
    7 http://sanskaravinivida.blogspot.com/
    8. පටන්ගත්තේ අධ්‍යාපනික වැදගත්කමක් සහිත ලිපි විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන්ට සැපයීමේ අරමුණින්... නමුත් වෙලා මදිකම මත දැන් කරන්නේ කවි ලියන එකත් රසවින්දනාත්මක වෙනත් දැ කරන එකත් විතරමයි :) ආස නිසා, තරමක් හැකි නිසා ලියනවා.......

    ReplyDelete
  5. 1)සොඳුරු සුව අසපුව
    2)මහේෂ් නිශාන්ත
    3) මහේෂ් නිශාන්ත
    4)2011/05/13
    5)සෞඛ්‍ය ක්ෂේත්‍රයේ
    6)අන්තර්ජාල පිරික්සුමකදි අහඹු සිදුවීමක් ලෙස
    7)http://www.nursinglk.com/
    8)ආත්ම තෘප්තිය, යම් සමාජ මෙහෙවරක්

    දේවා මල්ලී , නඟාගේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න හැකිවේවායි පතනවා , ඒ වගේම ඇත්තටම අළුත් , නිර්මාණාත්මක ව්‍යාපෘතියක් වන බව විශ්වාසයි .
    සුබ පැතුම් !

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. 1. CSK LANKA
    2. Chinthaka Supun
    3. Chinthaka Supun
    4. 2012 August
    5 Teaching
    6 Internet
    7 http://csklanka.blogspot.com/
    8. for fun & education

    ReplyDelete
  8. 1)මඩිස්ස
    2)මඩිස්සලේ නිශාන්
    3)නිශාන් ද සිල්වා
    4)2011 මැයි
    5)නැත!
    6)අන්තර්ජාලයේ සැරිසරද්දී අහම්බෙන් අසුවී!
    7)http://sinhalaya-lokayata.blogspot.com
    8)ආත්ම තෘප්තියට

    ReplyDelete
  9. 1. සමීගේ පුංචි ලෝකය
    2. සමී
    3. සමිත මදුෂාන්
    4 2012 නොවැම්බර්
    5 ඉගෙන ගන්නවා
    6 යාලුවො මාර්ගෙන්..
    7 http://samigepunchilokaya.blogspot.com
    8.හුදෙක්ම ආත්ම තෘප්තිය සඳහා

    ReplyDelete
  10. 1)හසරැල්ලක්
    2)හසරැල්
    3)චමත් හසරැල්
    4)2012 නොවැම්බර් තමයි වැඩේට බැස්සේ
    5)බැංකුවක වැඩ කරමි,
    6)අන්තර්ජාලයේ සක්මන් කරද්දී
    7)http://hasarallak.blogspot.com/
    8)ආත්ම තෘප්තියට,කම්මැලිකම යන්න,යාළුවො හදුනාගන්න,පොඩ්ඩක් හිනාවෙන්න,රාජකාරියේ වෙහෙස අමතක වෙන්න,වෙනසකට දැනුම බෙදාගන්න

    ReplyDelete
  11. 1.සිත් අහස
    2.ප්‍රාර්ථනා
    3.ප්‍රාර්ථනා සෙව්වන්දි
    4.2010 අප්‍රේල්
    5.නෑ
    6.අහම්බෙන් කියවන්න ලැබිලා.
    7.http://prarthana-nimnaya.blogspot.com
    8.හිතේ තියෙන අදහස් ඒ වගේම අත්දැකීම් එළියට දාන්න.ආත්ම තෘප්තියට

    ReplyDelete
  12. 1)ලක්ෂිතගේ බ්ලොග් අඩවිය
    2)ලක්ෂිත
    3)ලක්ෂිත චින්තන රණසිංහ
    4) 2009 දෙසැම්බර් 23
    5)පරිඝණක විධායක නිලධාරි (තේරෙන්නේ නැතිව ඇති බං - IT Executive)
    6)යාළුවෙක්ගේ බ්ලොග් කියවලා ආස හිතුවා..පස්සේ පොරගෙන්ම ඉගෙනගත්තා
    7)http://http://laksite.blogspot.com/
    8)ආත්ම තෘප්තියට/දන්න හැමදේම බෙදාගන්න/සමාජ සේවයට

    ReplyDelete

  13. 1. බ්ලොගයේ නම (Bunny ගේ සිතුවිලි)
    2. ඔබේ නම (ද බනී)
    3. ඔබේ නම ( අනුශ්ක ලක්මාල් )
    4 බ්ලොගය පටන් ගත්තේ කොයි කාලේද ? (2009)
    5 රැකියාවක් කරනවද (නෑ තාම ඉගෙන ගන්නවා)
    6 බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද? (යාලුවෙක්ගෙන්)
    7 බ්ලොග් ලිපිනය http://freeanushka.blogspot.com/
    8. බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? (විනෝදය, යම් දැනුමක් හා මගේ අත්දැකීම් වර්චුවල් සමාජය සමඟ බෙදගන්න)

    ReplyDelete
  14. 1.සිම්බාගේ අඩවිය
    2.සිම්බා මලයා
    3.ඉෂාන්
    4.2012/03/05
    5.රැකියාවක් නැත.තාම ඉගෙනගනිමි
    6.අන්තර්ජාලේ සැරිසරලා තමයි ඉතින්
    7.simbaadawiya.blogspot.com
    8.මම නම් විනෝදාංශයක් විදියට සහ කම්මැලිකම නැති කරගන්න දෙයක් විදියට ලියන්නේ...

    ReplyDelete
  15. 1. හිරු නැති හෝරාව/ Hiru Designs
    2. හිරු
    3. කෞශි ආරියබන්දු
    4 ජුලි 2010 / දෙසැම්බර් 2012
    5 ගෘහණියක් සහ නිදහස් ග්‍රෑෆික් නිර්මාණ ශිල්පිනියක්
    6 මිතුරෙක්ගෙන්
    7 http://hirunethihorawa.blogspot.com සහ http://hirudesigns.blogspot.com
    8. ආත්ම තෘප්තියට, රැකියාවට උපකාරයක් විදියට සහ අලුත් නිර්මාණ කියවන්න, සමාජ දැනුම ලබාගන්න වගේ දේවල් ගොඩක් තියෙනවා ඉතිං..

    ( අපිව හොයාගෙන සුදු වෑන් එන එකක් නෑ නේද.. හි හි... )

    ReplyDelete
  16. 1. බ්ලොගයේ නම (බුවගේ සිතුවිලි )
    2. ඔබේ නම (බුවා )
    3. ඔබේ නම ( --------- )
    4 බ්ලොගය පටන් ගත්තේ කොයි කාලේද ? (2010)
    5 රැකියාවක් කරනවද (----------)
    6 බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද? (යාලුවෙකුගෙන් /ටැබු සජ්බෙක්ට් බ්ලොගය කියවීමෙන් )
    7 බ්ලොග් ලිපිනය http://buwagesithuvili.blogspot.com/
    8. බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? ( දේශපාලනික සමාජීය සහ කාලින් සිදුවීම් පිලිබඳ මගේ මතය බෙදා හදා ගැනීම )

    ReplyDelete
  17. 1) නාඩියාගේ නාඩි
    2)නාඩියා නාඩිරත්න
    3)හරිත තිලකරත්න
    4)2012 මැයි මාසයේ..
    5)තාම ඉතිං කැම්පස් එකේ තමා
    6)අන්තර්ජාලේ ඉඳලාම තමා
    7)www.naadiyaonline.blogspot.com
    8)ආත්ම තෘප්තිය,සමාජයට පණිවිඩයක් දීමට...

    ReplyDelete
  18. 1. sAm cReations
    2. සෑම්
    3. සමින්දික
    4 2011/09/17
    5 ඹව්
    6 අන්තර්ජාලයෙන්
    7 www.samindikasrimantha.blogspot.com
    8. අත්දැකීම් බෙදා ගැනීම. රසිකයන් සතුටිත් තැබීම හා නොයෙක් අංශ වලින් සමාජය දැනුවත් කිරීමට

    ReplyDelete
  19. 1. බ්ලොගයක් නොකරමි. නමුත් අන්තිම පේලියේ ලියමි.
    2. උකුස්සා
    3. චිරාත්
    4. ලිවීම ආරම්භ කලේ 2012 ඔක්තෝබර්
    5. ටුවර් ඔපරේටර්, වෙබ් ඩිසයිනින්ග්
    6. අහම්බෙන් අන්තර්ජාලයෙන් දැක
    7. http://www.thelastrow.net/author/black-hawk/
    8. ආත්ම තෘප්තිය උදෙසා

    ReplyDelete
  20. 1. ---තරියාගේ කෙරුවාව---
    2. තරියා
    3. තරිඳු අබේසිංහ
    4 2012 පෙබරවාරි
    5 කරමි. ශ්‍රී ලංකා නිව්ස් ආයතනයේ ප්‍රවෘත්ති සංස්කාරක
    6 බ්ලොග් කියවලම තමා
    7 http://thariyagekeruwawa.blogspot.com/
    8. ආත්ම තෘප්තිය අපේක්ෂාවෙන්..

    ReplyDelete
  21. 1. බ්ලොගයේ නම (තිබේනම් පමණක් ) : ඇවිද්ද පය.
    2. ඔබේ නම (බ්ලොග් අවකාශය තුල භාවිතා කරන ): සුදීක
    3. ඔබේ නම ( උප්පැන්නේ තියන විදිහටම ඕනේ නැ ): සුභාෂ් දිල්රුක් කන්නන්ගර.
    4 බ්ලොගය පටන් ගත්තේ කොයි කාලේද ? (හරියටම ඕනේ නැ මාසේ අවුරුද්ද විතරක් ඇති):01.01.2012
    5 රැකියාවක් කරනවද (එහෙමනම් මොනවගේ එකක්ද ?) :ඔව්. මහජන බැංකුවේ පරිඝනක අංශයේ.
    6 බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද? : ඉංග්‍රීසියෙන් ලියවෙන් බ්ලොග් එකක් වන Cricket Through the eyes of an Irishman කියන බ්ලොග් එක නිසා. පස්සේ තේරුනේ ඕනනම් සිංහලෙනුත් ලියන්න පුළුවන් කියලා. D.
    7 බ්ලොග් ලිපිනය : http://awidda-paya.blogspot.com
    8. බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? (ලියන්නේ ඇයි ): මගේ ඔලුවට එන අදහස් මුදා හරින්න.

    ReplyDelete
  22. 1. බණ්ඩාගේ විත්ති
    2. බණ්ඩා
    3. සමීර බණ්ඩාර
    4. 2012 අගෝස්තු 5
    5. sound crew එකක සාමාජිකයෙකත් විදිහට / DJ
    6. අහම්බෙන් වගේ (අන්තර්ජාලේ සැරිසරන කොට අහම්බෙන් සැමාගේ බ්ලොග් එක දැකලා)
    7. bandarammsl.blogspot.com
    8. විනෝදයට, ආසාවට. හිතේ තියෙන දේවල් කියලා දාන්න. කම්මැලිකම නැති කර ගන්න

    ReplyDelete
  23. 1.SN ගේ දින සටහන්
    2. මගේ දිනපොත
    3. සමිදු නිමල්ක
    4. 2011 සැප්තැමිබර් වගේ
    5. නැත
    6. යාලුවෙක් කියලා
    7.Snimalka.blogspot.com
    8. විනෝදයට හිතේ තියෙන දේවල් කියලා දාන්න වගේ තමා ඉතින්

    ReplyDelete
  24. 1. සිතක සංකල්පනා
    2. මධුරංග
    3. චින්තක මධුරංග
    4 2010 ජුනි 01
    5 සිස්ටම් ඉංජිනේරුවෙක් (System Engineer) විදිහට රැකියාව කරනවා.
    6 අහම්බෙන් රත්ගමයගේ බ්ලොග් අඩවිය කියවීමෙන් හා අන්තිම පේලියේ කතා කියවීමෙනි.
    7 http://madurangacreations.blogspot.com/
    8. විනෝදය පිනිස හා අත්දැකීම් බෙදා ගැනීමට.

    ReplyDelete
  25. 1. මාතලන්
    2. මාතලන්
    3. ප්‍රියන්ත හේවගේ (නියම නම නොවේ)
    4. 2010 අප්‍රේල් 27
    5. කළමණාකරු - රක්ෂණ හා දේපළ වෙළඳාම්
    6. මුලින්ම රාවය පුවත් පතින්, ලියන්න පෙළබුනේ කතා නිසා.
    7. http://maathalan.blogspot.com/
    8. වොනෝදයට හා සමාජ අසාධරණකම් වලට එරෙහිව හඬක් නැගීම.

    ReplyDelete
  26. 1. දේශයේ ශක්තිය
    2.දේශ්
    3.හසිත
    4.2011 නොවැම්බර් විතර. ඒත් ඒ කාලෙ ටැස් කොරන්න වගේ දාපු පෝස්ට් අයින් කලා. ඊටත් ගොඩක් කලින් වැප් අඩවියක සිංග්ලිශ් වලින් කෙටුව ෆෝන් එකෙන්. peperonity.com එකේ ද කොහෙඩ.
    5.ඔව්, රෝහල් වල මෙඩිකල් ගෑස් පද්දති සම්බන්දව කටයුත් කරන පුද්ගලික ආයතනයක.
    6.ගූගල් දෙයියන්ගෙ පිහිටෙන් තමයි. සෙවීම් කරනකොට හම්බුනා.
    7.http://deshayeshaktheya.blogspot.com
    8.කියවන්න තමයි වැඩියෙන්ම කැමති, එක එක්කෙනාගෙ ජීවිත අද්දැකීම් කියවන්න ගොඩක් කැමති සමාජය ගැන දැනුමක් ඇතිකරගන්න පුලුවන් නිසා. බ්ලොග් එක නම් හැදුවෙ ලියන්න අදහසක් තියාගෙන නෙමෙයි. ඒත් හිතට එන ඕනම දෙයක් හංගන්නෙ නැතුව ලියනව. මම දකින විදිහිහ.

    ReplyDelete
  27. 1. හැපි ‍තෝට්ස්

    2. බ්ලු ලෝටස්

    3. මර්සි ෆොන්සේකා

    4. 2010. 12

    5. ගුරුවරියකි

    6. ඉන්ටනෙට් යද්දි

    7. සින්ග්‍රිස්වල ඉන්ග්‍රිසියෙන් අකුරු ගහන්න බැනෙ.

    8. මගෙ ලිවීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න,
    අනිත් අයගේ බ්ලොග්වලින් ඉගෙන ගන්න,
    ආත්ම තෘප්තිය සන්දහා,
    ජීවිතේ ඒකාකාරී නොවෙන්න,
    ලෝකය ගැන දැන ගන්න

    ReplyDelete
  28. 1. සිරාගෙ කාමරේ
    2. සිරා
    3. සංජීව සිරිවර්ධන
    4 2012 ජූනි 10
    5 ග්‍රැෆික් නිර්මාණ ශීල්පී
    6 අන්තර්ජාලයේ බ්ලෝග් සටහන් කීපයක් අහම්බෙන් කියවීමෙන් (දුකා/දුමී/සදරු)
    7 http://siragekamare.blogspot.com
    8. මුලින්ම පටන් ගත්තෙ විවේකී කාලය ඵලදායී දෙයකට යොමු කරන අදහසින්..දැන් නම් ආත්ම තෘප්තිය උදෙසා...

    ReplyDelete
  29. 1-තරූගේ ලෝකය
    2-තරුවා
    3-තරිඳු සචින්ද
    4-2011/07/11
    5-තාම ඉගනගනිමි
    6-යාළුවෙක්ගෙන්
    7-http://tharugelokaya.blogspot.com/
    8-මුලින්නම් හිතේ තිබිච්ච දේවල් ඔහේ ලියන්න සහ ආත්ම තෘප්තියට. දැන්නම් ඒවට අමතරව දන්න දෙයක් කියා දෙන්න සහ නොදන්න දේ ඉගන ගන්න

    ReplyDelete
  30. 1. නදී නිම්නය
    2. නදිනි අබේනායක
    3. නදිනි අබේනායක
    4. 01/02/2013
    5. පෞද්ගලික ලේකම් කෙනෙක්
    6. අන්තර්ජාලයේ සැරිසරද්දි තමයි ඉතින්
    7. http://nadiniabenayaka.blogspot.com/
    8. පාලුව නැතිකරගන්නයි, දැනුම වැඩිකරගන්න හා කියවීමට තියන ආසාව නිසා..

    ReplyDelete
  31. 1. අස්වැන්න

    2. දයානන්ද රත්නායක

    3. දයානන්ද රත්නායක

    4. 2011 නොවැම්බර්

    5. නීති ක්ෂේත්‍රයට අදාලව කරන වෘත්තියක්

    6. මගේ මිත්‍රයෙක් හදල දුන්නා වැඩක් කරපං කියලා

    7. http://aswanna.blogspot.com

    8. කාලයක් පුවත්පත් සහ වාර සඟරාවල නිදහස් ලේඛකයෙක් විදියට කලාව සාහිත්‍ය සිනමාව වගේ දේවල් ගැන ලිව්වා ඊට පස්සේ මා වටේ හිටි මිතුරන් කිව්වා ලේඛණ කලාව අතහැර දාන්න එපා. අන්තර්ජාලයෙන් මෙවන් වැඩකළ හැකියි කියලා ඒ නිසා තියෙන දැනුම බෙදාගන්නවා සුන්දර විදියට

    ReplyDelete
  32. 1. පළාමල්ල
    2. පිස්සා පළාමල්ල
    3. --
    4 2009 - 11
    5. රැකියාවක් කරමි.
    6. මලීගේ ඇබ්නොර්මල් මයින්ඩ්ස්, දුකා, මරණය, සඳුන් ගේ බ්ලොග් අඩවි හරහා...
    7. palaamalla.blogspot.com
    8. ආතම තෘප්තිය.

    ReplyDelete
  33. 1. බ්ලොගයේ නම .......වීපොකුර
    2. ඔබේ නම.................. වීයා
    3. ඔබේ නම.................. ඉන්දික
    4 බ්ලොගය පටන් ගත්තේ කොයි කාලේද ? .........2012 ජුනි
    5 රැකියාවක් කරනවද .........................නිවාස සැලසුම් ශිල්පී
    6 බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද?.......පුවත් පතක යම් ලිපියක් දැක අන්තර්ජාලය පිරික්සීමෙන්.
    7 බ්ලොග් ලිපිනය...හ්ට්ට්ප්://ව්පොකුර.බ්ලොග්ස්පොට්.චොම්/
    8. බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? .........ප්‍රධාන දේ මගේ තෘප්තියට අමතරව යාලුවන් හඳුනාගැනීමට.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න යම් වැරදීමක් උනා.

      7 බ්ලොග් ලිපිනය...http://vpokura.blogspot.com/

      Delete
  34. හැබෑවටම කෝ දේවකගේ තොරතුරු.. අපෙන් අහන් කලිං මලේ උඹ කියල හියනං කියල දැනුයි මතක් වුනේ..

    ReplyDelete
  35. 1. ලංකාප්‍රියගෙ සිතිවිලි
    2.සරත් ලංකාප්‍රිය
    3. සරත් ලංකාප්‍රිය
    4.2011 පෙබරවාරි
    5 බහුජාතික සමාගමක උපදේශක
    6.ඉන්ෆොලන්කා නිව්ස් සයිට් එකෙ කොත්තු කියවලා
    7 lankapriyagesithivili.blogspot.com
    8. මගෙ සිතිවිලි බෙදාගන්නයි විනෝදංශයක් හැටියටයි..

    ReplyDelete
  36. 1.හැලප කඩේ
    2.හැලපයා
    3.ඉන්ද්‍රසිරි(ව්‍යාජ නමකි(
    4.2012 නොවැම්බර්
    5.රජයේ සේවකයෙකි
    6.පුවත්පතකින් දැක අන්තර්ජාලය පිරික්සීමෙන්
    7.helapakade@blogspot.com
    8.ආත්ම තෘප්තිය උදෙසා

    ReplyDelete
  37. 1. බ්ලොගයේ නම (නිසූගේ කතා)
    2. ඔබේ නම (නිසුපා )
    3. ඔබේ නම ( නිසුපා හෙට්ටිවත්ත )
    4 බ්ලොගය පටන් ගත්තේ කොයි කාලේද ? (2011 මැයි)
    5 රැකියාවක් කරනවද (ඉංජිනේරුවෙක්)
    6 බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද? බ්ලොග් ලියන යාලුවො දෙන්නෙක්ගෙන්
    7 බ්ලොග් ලිපිනය http://nisugekatha.blogspot.com/
    8. බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? (ලියන්න පටන් ගත්තෙනම් නිකන් ඉන්න වෙලාවට කරන්න වැඩක් ඕනෙ නිසා සහ ආසාවට. බ්ලොග් වලින් දැනුම, විනෝදය කියන දෙක ලැබුනාම ඇති. :) )

    ReplyDelete
  38. තොරතුරු ලබා දුන් හැමටම ගොඩාක් ස්තුතියි..........

    දයානන්ද අය්යා ඇහුව නිසා මගේ තොරතුරැ.....

    නම නම් දේවක , බ්ලොගය ඉතින් කියවන මේක තමා (දෙවාගේ අඩවිය )බ්ලොගය පටන් ගත්තේ මේක නම් 2011 - 04 - 30 , අදට බ්ලොග් ලෝකෙට ඇවිත් අවුරුදු තුනයි...

    බ්ලොග් ගැන දන ගත්තේ නම් ඉතින් ජිවිතේ මල් ලියන දිල් අක්කා ගෙන් තමා
    බ්ලොග් වලින් ගොඩක් දේවල් ඉගන ගන්න හොද යාළුවො ටිකක් එක්ක ඉන්න එක තමා අරමුණ

    ReplyDelete
  39. 1. ප්‍රදීප්ගේ පිටුව
    2. ප්‍රදීප්
    3. ප්‍රදීප් ගුණරත්න
    4. 2011 නොවැම්බර් 29
    5. ඔව්. පරිපූරක වෛද්‍ය වෘත්තිකයෙක්
    6. දේවාගේ අඩවිය කියවලා
    7. http://pradeepot.blogspot.com/
    8. දන්නා දේ අනිත් අයත් එක්ක බෙදාගන්න. මගේ අත්දැකීම් ගැන පොර ටෝක් දෙන්න. මගේ මතවාදය පලකරන්න.

    ReplyDelete

  40. 1. බ්ලොගයේ නම? : කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව
    2. ඔබේ නම? : කෝරලේ මහත්තයා
    3. ඔබේ නම? : දිනාන් අතුකෝරල
    4 බ්ලොගය පටන් ගත්තේ කොයි කාලේද? :2012 අවුරුද්දේ ජුනි මාසේ
    5 රැකියාවක් කරනවද? : ඔව් ඩුබායි හි ප්‍රධාන පෙලේ ආයතනයක IT System Engineer කෙනෙක් විදියට
    6 බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද? : බ්ලොගර් සහ බ්ලොග් ගැන දන්නවා උනත් සිංහල බ්ලොග් එකක් හම්බ උනේ අහම්බෙන් සෑහෙන්න කාලයක් බ්ලොග් කියෙව්වා පස්සේ කොමෙන්ට් කරන්න ගත්තා පස්සේ හෙමින් හෙමින් මගේම කියල බ්ලොගක් හදාගෙන එක එක විදියේ අත්හදාබැලීම් වලින් අනතුරුව ලියන්න පටන්ගත්තා කට්ටිය බැලුව හොඳ නරක අඩුපාඩු පෙන්වල දුන්න ඒවා හදාගෙන ලියද්දි ප්‍රශංසා එහෙම එද්දී ඉබේම ලියන්න ආසාවක් ආවා. ඉතින් එහෙම පටන් ගත්ත එක මේ අත් දෙකේ පන තියෙනකල් මම ලියන ඒවා බලන කල් ලියන්න තමයි බලාපොරොත්තුවෙන්නේ. :)

    7 බ්ලොග් ලිපිනය? : http://chithula.blogspot.com/

    8. බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද ? : ඇත්තටම මම කරන රැකියාව අනුව අපේ සමාගමේ වෙනස් ව්‍යාපාර 7කම තොරතුරු තාක්ෂණ කටයුතු ඩේටා, සර්වර් පාලනය කිරීමේ කටයුතු පැවරිලා තියෙන්නෙ මට ඒ අතරේ ඔය ඔෆිස් එකේ එන අයිටී සපෝර්ට් වැඩි එක්කහු උනාම ඔලුව විකාර වෙනවා. බ්ලොග් අවකාශේ මට උදව් වෙනවා ඒ බර සැහැල්ලු කරගන්න හිතට නිදහසක් ලබාගන්න.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....