ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

23 January, 2013

ඇත්තටම වැරදි ළමයින්ද ? දෙමාපියන්ද?

මිට කලින් පොස්ට් එකෙන් මම රුපවාහිනේයේ විකාශය වෙන සුජාත දියණි රුපවාහිනි කතා මාලාව කොයි තරම් මාකටින් වෙනවද කියලා හිතෙන දේ කීවානේ...

මේ කතා බහත් ලංකාවේ මාධ්‍ය ගැන නම් තමා.... හැබැයි ඉතින් මෙතන කෙලින්ම වැරැද්ද ගුවන් විදුලි නාලිකාව ට යොමු කරන්නත් බැ.

අර කොහෙත් කියනවා වගේ වෙල් එළියේ සරුංගල් යවපු  ,පොල්කොළ රුපෙති වලින් සෙල්ලම් කරපු අන්තිම පරම්පරාව අපි වෙනවා වගේම මුලින්ම පරිගණක  ක්‍රීඩා කරපු  මොබයිල් එක්ක මල් කඩපු පිරිසත් 80දශකයේ ඉපදුනු අපිම තමා...

අර සෑමා  ලගදී  දාපු  පොස්ට් එකක  කියලා තිබුනා  වගේම දැන්  ඉන්න පරම් පරාව  අපිට වඩා  ඒ අතින් ගොඩාක් ඉදිරියෙන්  ඉන්නේ,... ඉපදෙන කොට මොබයිල්  ෆෝන් අතේ තියාගෙන ඉපදෙන්නේ....



වෑල් වටාරම් ඕනේ නැ ඉතින්...

මේ සිදුවීම වෙන්නේ ලංකාවේ ගොඩාක් ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාවකසෙනසුරාදා උදැසන  ළමයින් වෙනුවෙනුත් වෙන් වෙන වගේ වැඩසටහන් යන වෙලාවක...

මම සාමානයෙන් ඉතින් රේඩියෝ අහන්නේ බස් එකක යනකොට විතරයි....  බස් රේඩියෝ එකේ නම් ඉතින් පුළුවන් වෙලාවට ආදරණිය  නිශාන්තය ත් අහනවා...

කොහොම හරි ඉතින්  වෙන කරන්න දෙයකුත් නොතිබුන නිසා මමත් ඔය චැනල් එක අහ අහ අවා.....

රේඩියෝ එකට කතා කරනවා ඉතින්.

(රේ)  හෙලෝ...... ගුඩ් මොනින්ග් ******
(අ)  ගුඩ් මොනින්ග් අක්කා....
(රේ) ඉතින් කොහොමද මොනවද කරන්නේ..
(අ) ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා අක්කා , මම තාම ඉකොලේ යනවා 7 වසරේ ඉන්නේ..
(රේ )  හ්ම්ම්ම්.... සෝ මොනවද දැන් ඉතින් නඟා ඉල්ලන සින්දුව කවුද එකතු කරගන්නේ....
(අ) මට අක්කා දෙන්නකෝ... " මට ඔයා මගෙ පන වගේ.. " සින්දුව දෙන්නකෝ....

මට ඔයා මගෙ පන වගේ...
ළග නැතත් මගෙ ළග වගේ...
හිත පුරා රැදි සෙනෙහසින්...
ඔබ මවෙත පිදූ දේ... ආදරේ...

ඔයා මගේ පන වාගේලු...
මට දරාගන්න බැරි ඒකලු...
හිනාවෙන්නෙ සද වාගෙලු...
මට බලා ඉන්න බැරි ඒකලු...
සද හොරා ගත්තෙ එක රෑකලු...
මට හිතාගන්න බැරි වෙන්නලු... 
මට නිදාගන්න බැරි ඒකලු.

 හ්ම්ම්  මේ කෙල්ල 7 වසරේ ඉදන් ඉල්ලපු සින්දුව මේකනේ කියලා හිත හිත මමත් ඉතින් ඔහොම එනකොට කතා කළා තව කෙනෙක්.....

(රේ) හායි  ගුඩ් මොර්නින්ග්  &**** නඟා....
(අ)  ගුඩ් මොනින්ග් අක්කා...
(රේ) හ්ම් ඉතින් නගා තාම ස්කොලේ යනවා නේද ? කිය වසරේද ඉන්නේ..
(අ) මම හතර වසරේ ...******** ස්කොලේ අක්කා... මගේ  ප්‍රින්සිපල් ******** , පන්තිබාර ටීච *******
(රේ ) හ්ම්ම්  එහෙමනම් නඟා ඉතින්  මොනවද ඉල්ලන සින්දුව...
(අ) මට  දෙන්නකෝ අක්කා  " නොදැක  ඉන්න බැ මට නම් " සින්දුව..

නොදැක ඉන්න බැ මටනම් මගේ ආදරි
නොලැබ ඉන්න බැ තවනම් ඔබේ ආදරේ
නොසිත ඉන්න බැ මටනම් කිසි දා ළදේ
නොවිද ඉන්න බැ ඔබේ ආදරේ
නොදැක ඉන්න බැ මටනම් මගේ ආදරි

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පැ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවෙනවා ඔබ කී කතා මුළු රැ පුරා
මතකේ දරා හිදිමි සදා //


අර ගැහනු ළමයා 7 වසරේ මේ ගැහණු ළමයා 4 වසරේ එත් ඉල්ලපු සින්දු නිකන් ජීවිතේට සම්බන්ද දේවල් වගේ ඉල්ලුවේ කියලා මට හිතුනේ..... 
අනිත් අයට නම් කොහොමද දන්නේ නැ එත් මට නම් ඔය වයසේදී ඔහොම රේඩියෝ එකකට හරි කොහෙට හරි කතා කරනවා නම් ගෙදර අයට නම් කියලා තමා කරන්න වෙන්නේ...

මේ කතා කරපු අයගේ දෙමාපියන්ට හොරෙන් ගෙදර දුරකතනයෙන් කෝල් කලාද දන්නෙත් නැ.. එත් දෙමාපියන් මේ ගැන නොදැන ඉන්න විදිහක් නැහනේ....

වයසට ගැලපෙන වැඩක්ද ඉතින් මේ කරන්නේ කියලා හිතන්න තරම්වත්  ඒ දෙමව්පියන්ට හිතුනේ නැත්තේ ඇයි...

ගුවන් විදුලි නාලිකාවටත් ඉතින් මේකෙන් නිදහස් වෙන්න විදිහක් නැ මම හිතන්නේ... ලයිව් උනත් ඉතින් සෝන්ග් එක දෙන්න ඕනා නිසා ඉල්ලු ගමන්.. කෝල් එක කනෙක්ට් කරන්න කලින් අහනවානේ මොකක්ද සෝන්ග් එක කියලා...
එකනේ ගොඩක් අය එකතු කරගන්න ලිස්ට් එක කියනකොට කියන්නේ මට මේ ලයින් එක කනෙක්ට් කරලා දුන්නු අය්ය්යාවත් එකතු කරගන්නවා කියලා....

ඒ අයටත්  පුළුවන් ඉතින් ළමා වැඩසටහනක් නම් ඒවාට ගැලපේන්න ඉතින් ගීත තෝරාගන්න අවස්ථාව දෙන්න....


ප .ලි  : මමත් ඉතින් ඔය සින්දු දෙකටම ගොඩාක් ආසයි.... ඒ හින්දා එක ඒ  වෙලේ ඉල්ලපු නංගිලා දෙන්නට තැන්ක්ස්.....

ප.ලි.ලි. : අර මොකක්ද බොලොග් ගේට්ටුවක්ද මොකක්ද තියනවලු නේද 27 දැන් කට්ටිය එන්න ලැසති එහෙම වෙලාද ඉන්නේ....

38 comments:

  1. "මට ඔයා මගෙ පන වගේ" සිංදුව ඉල්ලපු සීන් එක නම් මමත් අහගෙන හිටියේ මට අනේ අපොයි කියලා හිතුනා

    අපි පොඩි කාලේ වගේ නෙමෙයි දැන් හැදෙන එවුන් අපි ඕලෙවල් කරන කාලේ අපේ පන්තිවල ආදර සම්බන්දතා තිබ්බේ බොහොම අඩු ගානක් දැන් බලන්නකො බස් එකක ඉන්න කපල් වලින් 90%ක් ම පොඩි උන් අසභ්‍ය විදිහට හැසිරෙන්නෙත් එයාලම තමා

    ReplyDelete
    Replies
    1. අනෙද කියන්නේ ශානි.. ගොඩක් දැන් ඉන්නෙ පොඩි උන් නෙමේ තාත්තලා උන අය. ලන්කාව සමාජේ හැටි තමා ඉතින්.,

      Delete
  2. "මට ඔයා මගෙ පන වගේ" සිංදුව ඉල්ලපු සීන් එක නම් මමත් අහගෙන හිටියේ මට අනේ අපොයි කියලා හිතුනා

    අපි පොඩි කාලේ වගේ නෙමෙයි දැන් හැදෙන එවුන් අපි ඕලෙවල් කරන කාලේ අපේ පන්තිවල ආදර සම්බන්දතා තිබ්බේ බොහොම අඩු ගානක් දැන් බලන්නකො බස් එකක ඉන්න කපල් වලින් 90%ක් ම පොඩි උන් අසභ්‍ය විදිහට හැසිරෙන්නෙත් එයාලම තමා

    ReplyDelete
  3. මමත් අනන්තවත් අහල තියෙනව මචන්... ඒක දෙමවුපියන්ගෙ වරද නෙමෙයි... සමාජයේ වරද?? මොකද... එයාලට පොඩි කාලෙ ඉදන්ම ඇහෙන්නෙ ඔයවගේ ආදර, විරහ, වල්,. අනේ මන්ද ඔන්න ඔය වගේ සිංදුනේ..ඉතින් එයාල ඒකට කැමති වෙනව... ඉස්සර අමරදේව මහතාගෙ, වික්ටර් රත්නායක මහතා, ජොතිපාල මහතා..වගේ අයගෙ සිංදු දැන් ඉන්න පොඩි ලමයිට ඇහෙන්නෙ නෑ බන්.. එකයි වැරැද්ද... මීඩියා කාරයො තමා කාලකන්නි හැත්තවල්...

    ReplyDelete
    Replies
    1. සමාජෙ හැටි කියලා හිතලා බල බලා උන්නොත් තවත් මෙ දෙවල් වෙන එක නවත්වන්න වෙන්නෙම නැ ඉතින්. ‍යහපත් මද්‍ය සස්කෘතියක් නම් අනිවා ඇති කරන්න නිති ගෙන්නම ඔනා මෙ යන විදිහට නම්

      Delete
  4. වරද කරන්නේ කවුද කියන එක ගැටළුවක්. මාධ්‍ය, දෙමාපියන් වගේම අධ්‍යාපන ක්‍රමයත් මේකට වගකියන්න ඕන කියලයි මම හිතන්නේ. අද කාලේ ළමයි ගීතයක් රසවිඳින්න දන්නවද? කකුල් වලට කථාකරන සංගීතය සහ බොහොම සරල පදමාලා වලින් එහාට හිතන්න දරුවන් හුරු කරලා තියනවද? මනොවිද්‍යාඥයෝ කියන විදියට සංගීතය රසවිඳීම උසස් බුද්ධිමය ලක්ෂණයක්. ඒ අනුව බලපුවම අපේ දරුවන්ගේ බුද්ධිය ටිකෙන් ටික අඩු වේගන යනවද? පැහැදිලිවම ගැටළුවක්. 27 හම්බවෙමු. ජය....!

    ReplyDelete
    Replies
    1. ගැටලුවට විසදුම් හොයන්න දැනටමත් අපි ප්‍රමාද වැඩි ද මන්දා නෙද අයියා... එහෙමනම් එදාට මුන ගැහැමුකො

      Delete
  5. මම ඔයි කාලේ ඇහුවෙ මොනවද.... සික් මතක නෑනේ... හැබයි අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ වගේ එව්වනම් නෙවෙයි කියල ශුවර්.

    ReplyDelete
    Replies
    1. ඒහෙමනම් මොන වගෙ ඒවද ඇහුවෙ ඉතුන්., බයි ද රිවස් ඔෆ් බාබිලොන් වගේ එවාද..

      Delete
  6. අද ළමයි ටිකක් මේ තාක්ෂණ යුගයේ නිසා ඉක්මනින් වර්ධනය වෙනවා . නමුත් ඒ වේගයට අපේ මාධ්‍ය යහගුණයෙන් වර්ධනය වී නැහැ . ඒ හිස්තැන මේ කසිකබල් වැඩ සටහන් වලින් පිරවීමයි වෙලා තියෙන්නේ .
    කුස්සියේ පිහිය සහ තාක්ෂනය ඒ වගේ . පිහියෙන් එළවලු කපනවද බෙල්ල කපා ගන්නවද කියන එක වගේමයි මේ තාක්ෂනය .

    මට නම් ඔලුව කැක්කුමයි රේඩියෝ එකක් ඇහුවම . අනික හතරේ ළමයෙක් ටෙලි ෆෝන් එකෙන් මොනවද කරන්නේ කියල අම්මල දැනගන්න ඕනනේ . අර අක්කට කොන්ද තියෙන්න ඕන කියන්න . මල්ලි නංගී ඒ සින්දුව ඔයාගේ වයසට ගැලපෙන්නේ නැහැ .මන් ඔයාට හොඳ සින්දුවක් දෙන්නම් කියල වෙන දෙයක් දෙන්න .

    ඉස්සර මන් හැමදාම අම්මට හොරෙන් බුල්ටෝ කනවා .ගමේ කඩේ මුදලාලි අම්මට කියල තිබුණ . එහෙම නොකළ නම් මන් සල්ලි වංචා කරන එක පුරුද්දක් කරගනියි. ගමේ කඩේ මුදලාලිට තිබ්බ මලේ මාධ්‍ය වලට නැති එකයි දුක

    ReplyDelete
    Replies
    1. මට කියන්න තියෙන ටික ඔබ කියා ඇත...

      Delete
    2. කියපු හැමදෙයක් එක්කම 100% ක්ම එකග වෙනවා මිනිස්සුන්ට මොනවා හ‍රි කියවලා තමන්ෆෙ ආදායම වැඩි කරගන්න බලනවා විතරයි පෙන්න තියෙන්නේ.. මෙකෙන් කොයු තරම් හානියක් වෙනවද කියලා එ අය තෙරුම් ගන්නවා නම්, ........

      Delete
  7. //මට නම් ඔය වයසේදී ඔහොම රේඩියෝ එකකට හරි කොහෙට හරි කතා කරනවා නම් ගෙදර අයට නම් කියලා තමා කරන්න වෙන්නේ...ට////

    මට නම් තාමත් බෑ.. හි හි

    ඒ ලෙවල් කරන කාලේ පාන්දර ඔහොම එකකට කතා කරන්න ගිහින් මගේ වෙලාවට ඒක කනෙක්ට් උන් නෑ.. නැත්තම් එතනම කලන්තේ හැදෙනවා.. හි හි...

    මට තියෙන ලෙඩක්ද මන්දා ඔය වගේ සින්දු ඉල්ලන වැඩසටහන් අහන්න මට බෑ... ඇගේ හිරිගඬු පිපෙනවා ඔය සමහරු අහන, කියන දේවල් වලට..ඒක නිසා මං සින්දුව අහලා ටක් ගාලා වෙන එකකට මාරු කරනවා කෝල් එක ඉවර වෙනකම්... තාමත් එහෙමයි...හි හි

    කොල් වලින් අසන්නෝ සම්බන්ධ වෙන වැඩසටහන් වලින් මම පොඩ්ඩක් හරි අහන්නේ දේශපාලනික, සාමාජීය වැදගත් කතාවක් යන ඒවා විතරයි...

    පොඩි ළමයි කතා කරන ඒවා නම් අනේ මන්දා... එක දවසක් අහු උනා මොකක් හරි රේඩියෝ චනල් එකක් පොඩි ළමයින්ගේ වැඩසටහනක්.. ඒකෙදි නං ඇත්තටම ළමයින්ගේ හැකියාවල් වලටත් ඉඩක් දීලා ( කවියක් සින්දුවක් කියන්න) හොඳ ළමා ගීත තමයි දුන්නේ... කතා කරපු ළමයිනුත් කිව්ව කවි, සින්දු එහෙම ඇත්තටම ‌ළමා ගීත කියලා කියන්න පුලුවන් ඒවා..

    ReplyDelete
    Replies
    1. ශුවර් ද මේ කමෙන්ට් එක කලේ හිරු වාමද කියලා... හිරු ඔහොම බය නැනේ.

      Delete
  8. කියන්න දෙයක් නෑ හික්ස් !)

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නේ මොකද මල්ලෝ..........

      Delete
  9. ඕක ළමයින්ගේ වැරැද්ද කියන්න අමාරුයි. ළමයි ඉගෙන ගන්නේ අහන්න දකින්න ලැබෙන දේවල් වලින්. අද කාලේ ළමයෙක්ගෙන් අහලා බලන්න ආසම සිංදුව මොකක්ද කියලා. බොහෝ වෙලවට කියන්නේ සරසුන් ගීයක නමක්. මොකද එයාලට ඇහෙන ගොඩක් දේවල් හරසුන් !

    ReplyDelete
    Replies
    1. සමාජේ වරද කියලා අපිත් මුකුත් නොකර ඉන්නවා නම් කවදා වත් ඒවාගෙන් මිදෙන්න බැරි වෙනවනේ...... ඇහෙන්න හොද දේවල් වලට ළමයි යොමු කලොත්.............

      Delete
  10. දේවා මතුකරලා තියන ප්‍රශ්නය සාධාරණයි අපේ පරම්පරාවට සාපේක්ෂව..

    ඒත් කාලයෙන් කාලයට තාලය වෙනස් වෙද්දි වැඩිහිටියෝ වුනු අපේ කාර්යය කොහොම වෙන්න ඕනද කියලා කතා කරන්න පුළුවන් නම් වටිනවා..

    අපි ඔය දවස්වල හැසිරුනු විදිහට අපේ අම්මලා තාත්තලා සීයලගේ පරම්පරාවෙ කට්ටියත් කම්මුලේ අත තියා ගත්තා මතකයි..අපිත් ඊට වැඩි දෙයක් කරන්නෑ..

    ReplyDelete
    Replies
    1. එක තමා රු මාත් කිවේ.... අපිත් එහෙම බලාගෙන උන්නොත් තව පරම්පරාවකින් දෙකකකින් පස්සේ ඉපදෙන ළමයි මොන දේවල් කරාවිද කියලා හිතා ගන්න බැනේ....

      Delete
  11. මේකනේ..
    අද කාළේ පොඩි ළමයිංට අහන්න පොඩි සිංදු නෑනේ..
    ඉතිං උං ලොකු සිංදු ඉල්ලනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්............ එහෙමක බලනකොට සම්පුර්ණ වැරද්ද ඉතින් වැඩිහිටි පරම්පරාවේම තමා,....

      Delete
  12. පැහැදිලිවම වැරද්ද දෙමාපියන්ගේ .............. තමන්ගේ දරුවන්ට දැනෙන්න ආදරය කරන්න පුලුවන් නම් උන් අවුරුදු 17 ක්වත් වෙනකන් වෙන ආදරයක් හොයන්න යන්නේ නෑ ....
    ගෙවල් වලදී තමන්ගේ ලමයි ඇති වෙන්න හුරතල් කරන්න දෙමාපියෝ දැන ගන්න ඔනේ නැත්තං උන් ඒ හුරතලේ හොයන්නේ ඉස්කෝලෙන් ....කොල්ලෝ කෙල්ලොකියා වෙනසක් නෑ..
    තැන් තැන්වලදි අසීමිත විදිහට කැපී පේන්න දඟලන්නෙත් මේ වගේ හරි ආදරයක් නොලැබුන ළමයි තමයි ....

    ReplyDelete
    Replies
    1. වැරද්ද දෙමාපියන්ගේ පිටටම දැම්මත්.. ළමයි උනත් හිතන්න ඕනා නේද කරන වැඩේ හරිද කියලා,...

      එත් ඇත්තටම පුංචි වයස් වලදී ආදරේ හොයාගෙන යන්නේ ගෙවල් වලින් එහෙම නොලැබෙන අය කියන්න්නත් පුළුවන් නම් තමා ගොඩාක් තැන්වල..

      Delete
  13. කාලය මැවු වෙනසක අරුමේ තමා....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ඉතින්,.... අපි ඒ වෙනසට ඕනාවට වඩා වෙනස් වෙලාද මන්දා....

      Delete
  14. කවදා හරි ඒ නංගිලා ලොකු වෙනවානේ එතකොට ඉල්ලන සින්දු තමා දැන්ම ඉල්ලන්නේ.

    ReplyDelete
    Replies
    1. එතකොට බන් ලොකු උනහම මොනවද ඉල්ලන්නේ.... දැන් ඉන්න ආච්චි ලා ඉල්ලන්න ඒවාද තරුණ උනහම ඉල්ලන්නේ.....

      Delete
  15. මම නම් අහන්නෙ නෑ ඔය ප්‍රසිද්ධ තැනකදි ඇහුනොත් මිසක. අර නිවේදිකාවන්ගෙ බබා පාට් වලට මම ඇලර්ජික් බං.

    ReplyDelete
    Replies
    1. මමත් ඉතින් අහන්නෙම නම් නැ.... ඔහෝම තැනකදී ඇහුනොත් මිසක.....

      Delete
  16. සල්ලි නම් අහවල් නම....මිනිස්සු අද රේඩියෝ අහන්නෙ නෑ...ඇහෙනවා මිස...

    ReplyDelete
  17. ඔන්න මම එන එකක් නැතිවෙයි කියලා නාහෙන් ඇඬුවට... මෙන්න මම ආවා
    ඇත්තමයි දැන් විද්‍යූත් මාධ්‍ය බහුතරයක යන්නේ හරිම නිස්සාර දේවල්. ඇ උඩ තියන සිංදු මම දන්නෙ නැ. ඒත් හිනා ගියා ඒ ළමයි ඉල්ලපුවා අහලා. අපි ඉස්සර ඉස්කෝලෙන් විනොද චාරිකා යද්දි ගුරුවරු ඉස්සරහ පෙම් ගීත කියන් නැහැ. හරිම බයයි. ඒත් අද සමාජෙ ගොඩක් වෙනස් වෙලා. මේවට සම්පුර්ණ වරද වැඩිහිටියන්ගෙ. වැඩිහිටියන්ට පුළුවනි සුදුසු දේ පමණක් ළමයින්ට දෙන්න. මොනතරම් මාධ්‍ය තුළින් පුළුල් ප්‍රචාර ගෙනිච්චත්, නිවැරදි වැඩිහිටියො දන්නවා ළමයින්ව හදන්න ඕන පිළිවෙල. වැඩිහිටියො ඉන්නේ ළමයින්ට මාර්ගෝපදේශනය දෙන්න

    එහෙව් එකේ අද බහුතරය රැල්ලට ගහගෙන ගිහින් අතදරුවවත් කැමරාව ඉස්සර නටවන්නයි හීන බලන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සිත්තරි ඒ සින්දු දන්නේ නැදද? හ්ම්ම් සෝ මොනවගේ ඒවාද ඉතින් දන්නේ.... ගොඩක් වෙලාවට දැන් දෙමාපියන්ව හදන්න එන්නේ ළමයිනේ...

      අපිත් ඉතින් එහෙම තමා ඒ කාලේ නම්.. දැනුත් නම් ඒ ගුරුවරුනට අපි ගොඩාක් ගරු කරනවා....

      Delete
  18. අනේ මන්දා කාගෙ වැරැද්දද කියලා මලේ. දැන් යන සනහර සින්දු ඇහුවාමත් බඩේ පණුවො හිටන් දගලනවා.ඒ තරම් අප්පිරියයි.

    මං නම් රේඩියෝ අහන්නෙම නැති තරම්. අර කෙල්ලොන්ගෙ හිකි හිකි ඇහෙනකොට වමනෙට වගේ.

    ReplyDelete
    Replies
    1. එකනේ අක්කා.... ඒවා ගැන ඉතින් කතා කරලා වැඩක් නැනේ අක්කෝ...

      අෆෝ නිවෙදිකාවෝ නම් ඕනෙම නැ....

      Delete
  19. ane apoi thamai..madya saha demawupiyan wisin daruwange mal wage hith walata wadihitiyange lokayak aran awith.ada lamainta lamaa kalayak kiyala ekak na wage..

    Mama nam aththatama adara sinduwak miminuweth 9 wasaredi withara,ethakam ape amma nam oya wadihitiyange sinduwak dagena innawa ahunoth bainawa.ape gdara radio eke nam lama channel ma tamai e dws wala tune karala tiyaanne.

    Mama nam hithanne samajaya mona rallakata giyath dewupiyo danaganna one mkakda thamange daruwanta sudusu nusudusu kiyala..

    Demawupiyonuth wadihitiyange sindu lamai mumunanakota ekata thawa sahayogaya denawanam itin,e daruwanta e demawupiyangen labena maga penwima hodai kiyanna nam ba..

    Kalinawa katha kalayuthu maathrukaawak. .

    Jayama wewa aiye !!!

    ReplyDelete
  20. අහන්නත් කණගාටුයි... මටත් ඔය රේඩියෝ චැනල් කෙරුවාව එපා උනේ නිවේදක නිවේදිකාවොන්ගෙ තොඳොල් කතා හින්දා... ඒ නිසා ඇහිල්ල නැවතුනා...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....