ජිවිතේ සමහර වැදගත් අවස්ථා උදා වෙන්නේ අපි නොහිතන විදිහට.......
ජිවිතේ මම ගොඩාක්ම සතුටින් හිටිය කාලේ පාසල් කාලේදී කියන එක මගේ විතරක් නෙමේ මේ හැමෝගෙමත් එහෙම තමයි කියන එකට විවාදයක් නැති වෙයි කියලා හිතනවා.....
කොලබ 7 පාසලකට ගියත් අඩු පහසුකම් තියන වෙන කොහේ හරි පාසලකට ගියත් හිතේ සතුටෙන් ඉගනගන්න එක වගේම ඒ ළමා කාලය ගෙවන්න ජිවිතේ හැමෝටම අවුරුදු 13ක්ම වෙන් කරලා තියන එක ගොඩාක් වටිනවා...
හැබැයි ඒ කාල අතරට 5 ශිෂ්‍යත්වය 11 වසර 13 වසර වල එක්සැම් නිසා ටිකක් ඒ සැහැල්ලුව නැති උනත් එකත් සතුටින් කරගන්න පුළුවන් කම් පාසල තුලින් කියලා දෙනවනේ....
වැඩිය කතා කරන්න ඕනේ නැ මිට අවුරුදු 7,8 කට කලින් ඉවත් උණු පාසල් මාතාව තුරුලට ලැබෙන ඉඩ කඩ අතර තුර ගොඩ වදින්න අමතක නොකරත් ඊයේ දවස ටිකක් වැදගත්....
ඉගනගත්තු පාසලේ උගන්වපු ගුරුවරු සමහරක් විශ්‍රාම අරගෙන තිබුනත් තවත් සමහර ගුරුවරු පාසල තුල ඉන්න කාලයක පාසලේ වර්ෂ අවසාන දක්ෂතා එලි දැක්වීම හා කුසලතා ඇගයීම වෙනුවෙන් සංවිදානය උණු එළිමහන් ප්‍රසංගය වෙනුවෙන් ආරාධිතයෙක් විදිහට සහභාගී වීමට ලැබුන එක මගේ ජිවිතේ ගොඩාක් වැදගත් අවස්තාවක්....
ඉස්සර අපි සෙල්ලම් කරපු පිට්ටනිය පන්ති කාමර පිටි පස්ස ටිකක් වෙනස් වෙලා,... ඒ කාලේ නොතිබුණු කම්පියුටර් කාමර , දියුණු උණු පුස්තකාල , වැඩි දියුණු උණු ගොඩනැගිලි පන්ති කාමර, වැඩි හරියක් ගෙවුණු විදුහල්පති කාර්යාලය (වැරදි කරලා එහෙම නෙමේ )එහෙම ගොඩාක් අලුතෙන් අලුත් වෙලා ....
ඒ කාලේ උදේම පාසලට යන පලවෙනි ළමයි 10 දෙනා අතර හැමදාම නොවුනත් ගොඩාක් දවස් වලට මමත් උන්නා... ඉගන ගන්න වැඩ විතරක්ම නම් නෙමේ කරන්න පුළුවන් හැම වැඩක්ම කරන්න ඒ කාලේ අපේ සෙට් ගොඩාක් හොදට එකමුතුව උන්නා....
ජිවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන ගුරුවරු කීප දෙනෙක්ම ඊයෙත් මේ පාසල් භුමිය තුලින්ම මුණ ගැහුන එක ගොඩාක් වැදගත් උනා වගේම හැමදාම ආදරේ කරන එක ගුරුවරයෙක් මේ දවස්වල මම කරන දේවල් ගැන අහලා දීපන්කො කොල්ලෝ අත ගොඩාක් සතුටුයි ඒ දවස් වල අපි කෑ ගහපුවගේ ප්‍රතිපල මෙහෙම දකින්න ලැබෙන එක ගැන ගොඩාක් සතුටුයි හැමදාම මම කියනවා වගේ " හොද දේවල් කරලා අම්මලාගේ තාත්තලගේ ගමේ , පාසලේ නම තියන්න ලෝකේ කොහේ උන්නත් මෙහෙටත් වැඩක් කරපන් පුතේ කියලා කියන කොට නම් මටත් ඇස වලට කදුළු පිරෙන්න ගත්තා....
ඒ කාලේ සර්ලා මිස්ලා කියන දේවල් සමහර වෙලාවට වදයක් උනත් අද අපේ ජිවිත වල පදනම වැටිලා තියෙන්නේ ඒ අය අපි වෙනුවෙන් කරපු දේවල් නිසා තමයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැ මගේ ජිවිතේ නම්
ඒ කාලේ ගුඩ් මෝර්නින් අය්යේ කියපු නංගිලා මල්ලිලා සමහර අය පාසල් ජීවිතේට සමු දීලා තවත් සමහර අය ඉහලම පන්ති වල..... තාමත් ඒ අය ට අපේ නම් වලින්ම අපිව මතකයි කියන එක හදවතට දැනෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න වචන නම් නැ මට ....
ඒ දවස් වල උත්සවයකට ආරාධනා ලබලා එන ආරාධිත අමුත්තන් අපිට මහා මෙරක් තරම් ලොකුවට පෙනුන නිසා එහෙම අවස්ථාවකට සහභාගී වීම් මට නම් ගොඩාක් වැදගත් අවස්ථාවක්...මොනතරම් ඉහලට ගියත් (තාම නම් මම පොඩි මිනිහෙක් ) හැමදාමත් අපේ ඉහලින් ඉන්නේ පාසල් මවුනි නුබයි...
මගේ පාසලට මගේ ගුරුවරුන්ට තාමත් මම ගොඩාක් ආදරෙයි ගොඩාක් ගරු කරනවා....
//ජිවිතේ මම ගොඩාක්ම සතුටින් හිටිය කාලේ පාසල් කාලේදී කියන එක මගේ විතරක් නෙමේ මේ හැමෝගෙමත් එහෙම තමයි කියන එකට විවාදයක් නැති වෙයි කියලා හිතනවා.....//
ReplyDeleteමේක නම් මටත් අඳාළයි.... විභාග මල වදේ නිසා ඉස්කෝලේ ගිහින් ඉවර වෙන්‌ෙන් කවද්ද කියලා ඇඟිලි ගැන ගැන හිටියට, ඊට පස්සේ තමයි ඒ කලේ තිබ්බ නිදහස කොච්චර වටිනවද කියලා තේරුනේ......
ඇත්තටම ඒ කාලේ අපි බලාගෙන උන්නේ කවදද අපි ලොකු මිනිස්සු වෙලා ජිවත් වෙන්නේ කියලානේ... එත් ආයෙත් යන්න දෙනවනම් මම නම් එන්නේ නැ ලොකු මිනිහෙක් වෙලා එලියට.....
Deleteඅනේ හිරු අක්කා කියන කතාවනම් ඇත්ත අප්පා...යද්දී නම් හිතෙනවා මොන වාදයක්ද මන්දා කියලා....ඒත් දැන්....ආයෙත් යන්න කල්පනා කරනවා....
ReplyDeleteඅනේ උමා මචන් යන්න ක්‍රමයක් සෙට් උනොත් මටත් කියන්න් හොදේ.....
DeleteTeacher කෙනෙක් වෙන්න කොල්ලෝ
Deleteබොහොම සතුටුයි... මමත් ඉතිං පාසලට අප්‍රමාණව ආදරය කරන එකෙක් නොවැ... උඹ සහභාගි වෙච්ච උත්සවේ ෆොටෝ කෑලි ටිකකුත් දැම්ම නම් පෝස්ටුව සම්පූර්ණයි...
ReplyDeleteඉස්කෝලේ කාලේ තමයි හොදම කාලේ..ඒකෙනුත් ඒ.ලෙවල් කාලේ.ආයේ දෙකක් නෑ
ReplyDeleteදැන් නම් මතක් වෙනකොටත් දුකයි... ආපහු පුංචි එකෙක් වෙලා ඉස්කෝලෙ යන්න ඇත්නම් කියල හිතෙනවා.. ඉගෙන ගන්න ආසාවට නෙවෙයි. ඉස්සර වගේ ආපහු දඟලන්න ආසයි......
ReplyDeleteහරිම නිදහසේ , සැහැල්ලුවෙන් හිටිය කාලයක් . පාසැලෙන් සමුගන්න දවසේ අම්මෝ මල ගෙයක් වගේ . දුකයි මතක් වෙනකොට . කරපු දඟ වැඩ මතක් වෙනකොටනම් හොඳටම හිනා .
ReplyDeleteපාසල් කාලය අමතක කරන්න බැරි තරම් සුන්දර නිසා වෙන්නැති බ්ලොග් වල වැඩිපුර මේ ගැන ලියැවෙන්නේ..
ReplyDeleteපාසල් කාලේ තරං හිතට නිදහස තිබුන කාලයක් තවම ආවේ නෑ ... ඒන එකකුත් නෑ ... ඒ අතරිනුත් ඒලෙවල් කරපු කාලේ තරං නිදහස අමතක වෙන්නේ නෑ මැරෙනකම්ම
ReplyDeleteඇත්තටම අපි කාගෙත් පාසල් කාලය හරියට සිහිනයක් වගේ.. ඒක නැවත නැවතත් දකිනවිට සමහර වෙලාවට හිතෙන් ඇවිදගෙන යනවා අතීතයට.
ReplyDelete"යාලුවො එහි නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක අරුමේ"
කෝ මම දැම්ම කමෙන්ටුව...?
ReplyDeleteඉස්කෝලේ කාලෙට ආයෙම යන්න තියෙනවනම් මරු. ඒ කාලේ වගේ නිදහසක් දැන් නෑ නෙ.
ReplyDeleteඅයියෝ ඒ කාලේ.
මම මෙතෙක් ජිවිතයේ වැඩියෙන්ම සතුටින් හිටිය කාලේ තමයි පාසල් කාලේ .. පාසලේ අන්තිම කාලේ උදෙන්ම පාසලට ආවේ මම.. පාසලේ දොරවල් කිහිපයක යතුරු මට භාර දීලා තිබුනා.. දන්නවද අවසාන අවුරුද්දේ මම අසනිපෙකටවත් එකම එක දවසක්වත් ගෙදර හිටියේ නැහැ..ඒ මොකද ඒවගේ ලස්සන කාලෙක අවසාන අවුරුද්ද ගෙවෙන්නේ කියල මම දැනගෙන හිටියා ඉතින් එක දවසක්වත් ඒ සුන්දර කාලේ අඩුකරගන්න මට ඕනේ උනේ නැහැ..අන්තිම දවසේ අපි ඔක්කොම පුදුම දුකකින් වෙන්වුනේ..
ReplyDeleteදැනටත් පාසල ලගින් යනකොට ආයෙමත් ඒ කාලෙට යන්න බැහැනේ කියලා ලොකු දුකක් දැනෙනවා..ඒ දවස් වල හිටිය ළමයි කවුරුත් දැන් නැහැ .පරණ ගුරුවරුන් කිහිප දෙන්නම් ඉන්නවා තවම එයාලාට තවමත් අපිව මතකයි...
කාලය මැවූ වෙනසක අරුමේ ...
මමත් ගුරුවරුන්ට ගොඩක් ගරු කරන කෙනෙක්.
ReplyDeleteපාසල් ජිවිතේ තරම් සතුටු උන කාලයක් තවත් කොයින්ද....
ReplyDeleteඒ කාලෙ තමයි ජිවිතේ හොදම කාලෙ..
යාළුවො,ගුරුවරු,ගුරු මෑණිවරු ඔය හැමෝවම අදටත් නම් වශයෙන්ම මතකයි...
අදටත් ඒ ගුරු මෑණිවරුන්ට,පියවරුන්ටත් අපිව මතකයි...
නැවත මුණ ගැහිල කතාබහ කරනකොට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න කොහෙත්ම බෑ..ඒ තරම්ම සතුටුයි..