ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 April, 2012

සුභ පැතුමන් අරන් එන්න...... ඇවිත් බලන්න ඒ මොකටද කියලා


හැමෝම ඉතින් ඔන්න සාදරයෙන් පිලිගන්නවා.....  කවදාවත් නැතුව මුනු පොතේත් ස්ටැට්ස් එකක් දැම්මානේ අද බ්ලොග් එක පැත්තේ එන්න කියලා....

අද පුන්චි දේව්.... පලවෙනි උපන්දිනේ සමරනවා.. 

බ්ලොග් ලොකේට ඇවිත් නම් අවුරුදු 2යි මාස 3ක් විතර උනත්... දේව් ගේ අඩවිය (කලින් එක එක නම් තිබුනා තමයි )  ලියන්න පටන් ගත්තේ 2011 අප්‍රියල් 30 ඒ කියන්නේ හරියටම අවුරුද්දකට කලින්....

ඉතින් මේ අවුරුද්දක කාලය ඇතුලත බ්ලොග් නිසා ඇත්තටම ගොඩාක් වටින යාලුවෝ සෙට් එකක් මුන ගැහුනා...

සයිබර් අවකාශයේ මෙහෙම එකතු උනු වෙන පිරිසක් ලොකේ කොහෙවත් නැතිව ඇති... බ්ලොගර් ස්ලා මේක සයිබරයට නිකුත් කරනකොටවත් එහෙම දෙයක් හිතන්න නැතුව ඇති....

ඒ හැම දෙයක්ම සිදු වුන මේ බ්ලොග් වලට මම ගොඩාක් ආදරෙයි......


අද ඉතින් ඔන්න දේව් පලවෙනි උපන්දිනේ සමරන ගමන්ම පුලුවන් තරම් කල් බ්ලොග් ලියන්න.. (ඔයාලට එපා උනත්) හිතා ගන්නවා....

නම් වශයෙන් මට මතක් කරන්න ගියොත් ඇත්තටම අද පොස්ට් එක ලියලා ඉවර කරන්න වෙන්නේ නැනේ...

ඒ නිසා මගේ බ්ලොග් එක කියවන නොකියවන ෆලෝ කරපු නොකරපු. බ්ලොග් ලියන බ්ලොග් නොලියන හැමෝටම ගොඩාක් පින්...

විශේශයෙන්ම ස්තුති කරන්න කෙනෙක් ඉන්නවා එයාට ස්තුති නොකලොත් මම කරන ලොකු වැරද්දක්... මාව බ්ලොග් ලෝකෙට  අරගෙන ඇවිත් මට හැමදෙයක්ම කියලා දුන්නු බ්ලොග් ලොකේ පරිණත මම ගොඩාක් ගරු කරන ජිවිතේ මල් බ්ලොග් එක ලියන දිල් අක්කට මම අදත් ගොඩාක් ආදරයෙන් ස්තුතියි අක්කේ මේ වගේ දෙයක් මට හදුන්වලා දුන්නට....


මේ අවුරුද්දේ ඇතුලත හිට්ස් දෙලක්ශ විසි දාහකට එහා වගේම (එක එක අය මොනවද කරලා කියලා කියනවා  අනේ මම නම් ඉතින් ඔය කියන කතා දන්නේ නෑ අනික මම දන්නේ නැ ඔය බ්ලොගර්ස්ලා දුන්නු හිට් කවුන්ටරේ ඔය කියන දේවල් කරන්න පුලුවන්ද කියලාවත්)

පොස්ට්171 ලියවිලා තියනවා වගේම මේ අවුරුද්ද ඇතුලත ෆලෝ කරපු ගාන 320 වෙලා තියන එක ගැන මට ගොඩාක් සතු‍ටුයි...

කමෙන්ට් උනත් කියන්න තරම් වරදක් නොවුන එක ගැන නිහතමානි සතුටක් එක්ක මම අද මේ මගේ උපන්දිනේ (බ්ලොග්) සමරනවා....

ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි කියන ගමන් හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ගොඩාක් ආදරයෙන් ඉල්ලනවා... මම ලියන ඒවා හොදනම්


ඔන්න පොස්ට් එක පුරා කේක් ඇති ඇති තරමක් කන්න.. මදි උනොත් කියන්න අනිවා ඊලග ගේට් එකේදි ඇති වෙන්න කන්න දෙනවා....

ඔන්න මුකුත් මම ගෙනාවේ නැ.. කැමති එකක් අරගෙන බීලා ඔන්න මට බිල් එක එවන්නකෝ

එහෙමනම් ඉක්මනට ආයේමත් පුරුදු සෙනහසින් මුන ගැහැමුකෝ..

ජය

97 comments:

  1. සුභ පැතුම් මල්ලි.. ඔන්න මම ආව පළවෙනි සුභ පැතුම අරන්.. කේක් කෑල්ලනම් මම පුරුද්ද්ක් විදිහට නොකන නිසා දෙවෙනියාට දෙන්න....

    ජය, දිරිය හා නිබඳ සතුට...

    ReplyDelete
    Replies
    1. හරි අය්යා දෙවෙනියාටවත් මම එහෙම දෙන්නම්කෝ.... ස්තුතියි අයියා...... එත් පුරුද්දක් විදිහට නොකන නිසා කිව එක තේරුනේ නම් නැ

      Delete
  2. ඔන්න මගෙන් උණුසුම් සුබපැතුම් යාලු...අවුරුදු 100 ක්ම බ්ලොග් ලියන්න ශක්තිය ලැබේවා පොස්ට් 100000000 ක් ලියන්න ලැබේවා.....ඒ වගේම මම කන්න ආවාට කන්න නෑනේ...වැඩේ කැතයි...බද පිරුණේ නෑ...:( එත් හිත පිරුනා....ඔයාට ජයෙන් ජයම වේවා යාලු...!!!!

    ReplyDelete
    Replies
    1. ඔයා හදන්නේ හිරු මම වෙන වැඩ කරන එක නවත්වන්න වගේ ඔය කියපු ගාන කොයි තරම්ද කියලා දන්නවාද? දවසකට කියක් පොස්ට් දාන්න වෙයිද මැරෙනකම් මම

      තැන්ක්ස් මගේ යාලු... කේක් එක මදිද?

      Delete
  3. සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  4. සුබ පැතුම් මල්ලියේ , ඔබේ බ්ලොග් අඩවිය මඟින් ඔබ මේ වසර තුල ජීවිතයක් බේර ගන්න පළමු ප්‍රචාරණ කටයුත්ත කළා , ඔබට මතකද මධුෂාණී ...දැන් ඇයට සුවයි , සතුටින් වැඩ කටයුතු කරගෙන යන බව පසුගිය දිනෙක මා අමතා කීවා ..මේ “දේව්ගේ අඩවියේ“ එක් සතුටු පිරි කටයුත්තක් , මේ සතුටම කෙතරම්දැයි ඔබට දැනෙනවා ඇති ..බොහොම පිං , ඉදිරියටත් දේව්ගේ අඩවිය , මනුස්සකම් වල රස සහ , අහිංසක පද සමඟින් බ්ලොග් අවකාශයේ තවත් දිගු කළක් රැඳේවා ...

    ReplyDelete
    Replies
    1. ඒ දේ කොහොම අමතක වෙන්නද අයියා.. අය්යාගේ මගපෙන්විම නිසා ජය ගත්තු වටිනා කියනා හැමදාම මතක් කරලා සතු‍ටු වෙන්න පුලුවන් පිනක්...

      ගොඩාක් ස්තුතියි අය්යා

      Delete
  5. සුභ උපන් දිනයක් වේවා..කේක් කන්න නම් බැහැ මම පැණිරස මොකුත් කන්නෙ නැති නිසා...ඔන්න එහෙනම් හොඳ කූල් වතුර එකක් බීල ගියා..තෑන්ක්ස්....

    ReplyDelete
    Replies
    1. ආහ්..... කැවේ නැද්ද? කමක් නැ ඉතින්... තැන්කු තැන්කු..... පැණිරස කන්නේ නැත්තේ ඇයි

      Delete
  6. අවුරුද්දක් පුරා ආපු ගමනට සුභ පැතුම් දේවා.. ඉදිරියටත් හොද දේවල් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි දිනේෂ් අයියා,...

      Delete
  7. සුභ පැතුම් දේව් අයියා
    මේ ජයට සමරන්න ඕනි සීන් එකක්නේ

    ReplyDelete
  8. සුබපැතුම් මල්ලි.... ඔයා දිල් අක්කට ස්තූති කලා වගේම මට ස්තුති කරන්න වෙන්නේ ඔයාට. මොකද මම සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තේ ඔයාගේ බ්ලොග් එක දැකලා. ඒකට බොහොම ස්තුතියි. ඒ වගේම දිගටම ලියන්න් ශක්තිය ලැබේවා. දිවි ගමන සාර්ථක වේවා.
    මමනම් කට්ටිය කෑවෙ නැති ඒවත් එක්ක කේක් කෑවා.... ම්....රසයි...

    ReplyDelete
    Replies
    1. අනේ අයියා අනිත් අයටත් ඉතුරු කරන්න හොදේ.... මොනවා උනත් ඉතින් අපි හැමොම එකතු වෙලා යන්න ඕන ගමනක්නේ මේක.... දැන් අය්යාත් ගොඩාක් හොද තැනක ඉන්නවානේ.. සතු‍ටුයි ඒකට

      Delete
  9. සුබ පැතුම් දේවක. ඇතිවෙන්ට කේක් කෑවා...:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩියේ.... ඔයා විතරයි මට ඔය නම බ්ලොග් අවකාශයේ කතා කරන්නේ...

      Delete
  10. ඔන්න මගෙනුත් සුබ පැතුම් !! කේක්‌ දිහා බලලා උදේට පාන් කෑවා. බඩ නම් මොකෝ මේවා කියවල හිතනේ පිරෙන්නේ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් පාන් මමත් ටිකක් කැමති කැමක්... ඇත්ත අක්කෝ එහෙම තමා

      Delete
  11. අවුරුද්දට සුභ පැතුම් ..... අපිට කේක් නැද්දෝ

    ReplyDelete
    Replies
    1. කේක් ඉවරවෙලාද? තැන්ක්ස් යාලු

      Delete
  12. ඉදිරියට මිටත් වඩා හොදට ලියන්න හැකියාව ලැබෙවා උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි ගුනේ අයියේ,..

      Delete
  13. ඔන්න ඊයේ ස්ටේටස් එකේදී කිව්වා වගේ මේ පැත්තට ගොඩ වැදුනා. ආවමනේ දැක්කේ මොකක්ද කේස් එක කියලා. මමත් සිංහල බ්ලොග් ගැන දැනගත්තේ ලියන්න පටන් ගත්තේ උඹේ බ්ලොග් එක දැකලා. ඔන්න මගෙත් උණුසුම් සුභ පැතුම්. අර එවන්න කියපු බිල එවන්න ඕනේ කොහෙටද කියලත් කිව්වනම්. :P

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ ගැන නම් මට සතු‍ටුයි අයියේ... බ්ලොග් ලොකේ කියන්නේ මට ගොඩාක් වැදගත් තැනක්... සෝ බිල මගේ නම දාලා එවපන්කෝ... මම කොහෙද ඉන්නේ කියලා පොස්ට් මාමලා දන්නවා නම කිවත් ඇති... හිකිස්

      Delete
  14. පොටෝ කේක් මදියෝ ඇත්ත කේක් දීපියෝ.. සුභ පැතුම් මචං

    ReplyDelete
    Replies
    1. ආයේ කවදා හරි මුනගැහුනොත් මතක් කරලා ඉල්ලන්න දෙනවා හොදේ

      Delete
  15. සුභ බ්ලොග් සංවත්සරයක් වේවා දේවා මල්ලියෝ...!!!

    ඊයේ රාත්තිරියේ අර වගේ status එකක් දැම්මේ මක්කද කියලා මම බැලුවේ... දැන් නොවැ තේරුණේ...

    දේව් මලයා මේක සඳරුගේ ලෝකය වගේ නමකින් පටන් ගන්න කොටත් මම මේක කියවන්න එනවා... අර කලිනුත් කිව්වා වගේ හැබැයි මගේ වැඩි කැමැත්තක් නම් තිබුනේ නෑ. හැබැයි මලේ... උඹ මේ ටිකට සෑහෙන්න දෙයක් මේ බ්ලොග් අවකාශයෙන්ම ඉගෙනගෙන තියෙනවා. ඒකට හොඳම සාක්ෂිය ඔයා වටේ ඉන්න කට්ටිය ! මේ වෙද්දී බ්ලොග් අවකාශේ අනන්‍යතාවයක් හදාගන්න ඔයාට පුළුවන් වෙලා තියෙනවා... ඒ වගේම කාලීන කථාබහ තුලින් බ්ලොග් අවකාශේ තුල කතිකාවක් හදන්නත් උඹ මුල් වෙලා තියෙනවා...

    මේ කරගෙන ආපු වැඩ ටික මීටත් හොඳින් ඉස්සරහට කරගෙන යන්න දේවා මල්ලිට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ඉස්සරම ඇවිත් බලලා හිත අමනාපෙන් ගියාට දැන් නම් මම මේකේ ස්ථිර සාමාජිකයෙක්... හැම එකටම කමෙන්ට් නොකලත් හැම ලිපියම මම අනිවාර්යයෙන් කියවනවා කියලා හිතේ තියාගනින් !

    දේව්ගේ අඩවියට ජයවේවා !!! හරවත් දේ වැඩි වැඩියෙන් බ්ලොග් අවකාශයට දෙන්නට ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිවොත් අයියේ... සමහර වැරදි අඩුපාඩු මගේ මුනටම කියල දුන්නු දෙන්නෙක් ඉන්නවා බ්ලොග් ලොකේ.. එක්කෙනෙක් ඔයා අනිත් කෙනා කල්හාර අය්යා... මගේ අයියලා දෙන්නෙක් වගෙමයි ඔයාලා මට..

      ගොඩාක් දේවල් හදාගෙන ඉස්සරහට යන්න ඔයාලගේ ශක්තිය මට ගොඩාක් වටිනවා.. ගොඩාක් ස්තුතියි අය්යේ

      Delete
  16. හරී රහයි බං කේක් එක. පෝ...ඩ්ඩක් ලුණු නං වැඩියි වගෙ!

    උණුසුම් සුබ පැතුම්!

    අර අපේ බ්ලොග් ලියන එවුන්ගෙ තියෙන සබඳකම් කතාව ඇත්තමයි. මට නම් මේක ෆේස්බුක් ට්විටර් වලට වඩා හොඳ සෝෂල් නෙට්වර්ක් එකක්,

    ජය වේවා!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි අය්යේ.. බ්ලොග් කියන්නේ ගොඩාක් ක්ලෝස් සොශල් නෙට්වර්ක් එකක් වගේ තමා....
      ලුනු වැඩිද? පොඩ්ඩක් ඉන්නකෝ මම ඕවා හදපු අයට 2ක් කතා කරනකන්

      Delete
  17. සුභ පැතුම් දේවා අයියේ!!!

    ReplyDelete
  18. සුභපැතුම් දේවා.. තව තවත් හොඳදේ ලියන්නට.. තව තවත් හොඳ දේ කරන්නට.. තව තවත හොඳ දේ අහන්නට ලැබේවායි පතනවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ගොඩාක් ස්තුතියි තනෝජා අක්කියෝ

      Delete
  19. වසරක් බ්ලොග් එකක් ලියනවා කියන්නේ හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. පටත්ගත් බ්ලොග් ගොඩක් මාස කීපයක් ගියතැන හොයන්නත් නෑ. එවන් පසුබිමක මේ අයුරින් ලියන එක සතුටක්.
    සුභ උපන්දිනයක් වේවා..!!!
    චිරාත් කාලයක් බ්ලොග් අවකාශයේ රැඳෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ප්‍රියන්ත අයියා.. පුලුවන් තරම් කාලයක් ඉන්න තමා මගෙත් එකම ආසාව අයියා..

      Delete
  20. ඔබේ ලිපි මුල සිටම බලපු කෙනෙක් වශයෙන් මේ වෙනකොට ඔබ ලබා ඇති දියුණුව ගැන ඉතාම සතුටු වෙන අතර , ඉදිරියටත් හොද නිර්මාණ බිහිවේවායි ඉත සිතින් පතමි .

    …ජය පතමි !

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකත් එක්ක ගොඩාක් කාලෙක ඉදන් එකතු වෙන කෙනෙක් කියන එක මට ගොඩක් ලොකු ශක්තියක්.. මම දන්න එකම කමෙන්ට් කාරුනිය බ්ලොග් එකක් නොලියන... ගොඩාක් ගොඩාක් ස්තුතියි ගිම් අක්කෝ....

      Delete
  21. හැපි බ්ලොග් ඇනිවසරි....

    ReplyDelete
  22. ෂා නියමයිනේ. සුභ පැතුම් දේවා. හදවතින්ම. කලින් පොස්ට් කියෙව්වා විතරනේ දැන් ඉතිං අපි හොද යාළුවෝ නේ. එල. ඇත්තමයි ඔයාගේ හිට්ස් කන්ද දැකලා මම හිතුවේ හෙන පරන සාමාජිකයෙක් කියලනේ.
    අනේ අර උඩම කේක් එක මම එද්දී ඉවර වෙලානේ. මට ඒවගෙන්ම කෑල්ලක් ඕන....

    ReplyDelete
    Replies
    1. ආහ්.... ඔය හිටිස් ඉතින් ආව ඒවනේ.. අපි තාම ඒ තරම් වයසක අය නම් නෙමේ... එල එල අපි දැන් යාලුවෝනේ නේද?
      මාර කේස් එකනේ ඒහෙම කේක් ආයේ හදන්න වෙන්නේම නැහැලුනේ..

      Delete
  23. මගේත් උනුසුම් සුබපැතුම් දේවා...දිගටම ලියහං ජය

    ReplyDelete
  24. මම හිතන්නෙ මුල ඉඳලම මේ බ්ලොග් එක ගැන දන්න කෙනෙක් තමා මම .....
    හදවතින්ම සුබ පතනවා මලයා .....

    ReplyDelete
    Replies
    1. පලවෙනි පොස්ට් එකේ ඉදන්ම අයියා මෙහෙම මාත් එක්ක ඉන්න එක ලොකු ශක්තියක් අයියා

      Delete
  25. සුභ උපන්දිනයක් අයියේ...
    කේක් එකනම් කන්න වුනේ නෑ...
    :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකද නංගෝ... එනකොට කාලා ඉවරයිද උඩ කට්ටිය

      Delete
  26. සුභපැතුම් දේවි අයියේ.....

    ReplyDelete
  27. සුභ පැතුම් කොල්ලො, යමු අපි ඉදිරියටම.... ජයවේවා...!

    ReplyDelete
  28. සුභ පැතුම් අයියෝ......!!!!
    දිගටම ඔයාට ලියන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනාකරනව.....:)

    ReplyDelete
    Replies
    1. අය්යෝ............ තැන්කු කිවා........ ආහ් නැ නැ තැන්ක්ස් අග්නි ධාරා

      Delete
  29. බ්ලොග් ලෝකෙට මනුස්සකමේ පාට ගාන්න පුරෝගාමී වෙච්චි ඔයාටත් මේ කඩඉමට ආපු බ්ලොග් එකටත් මගේ උණුසුම් සුභ පැතුම් අයියේ... තව දුරටත් චිරාත් කාලයක් බ්ලොග් ලියන්නත් සමාජ සත්කාර කරන්නත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ඊළඟ ගෙට් එකේදි බඩ පිරෙන්න කේක් කන්නත් මං බලාගෙන ඉන්නවා ඕං

    ReplyDelete
    Replies
    1. ඔය තරම් ලොකු දෙයක් මම කලේ නම් නැ නේද මල්ලියෝ,.. අපි අපිට පුලුවන් විදිහට උදව් කරන එක තමා වටින්නේ... සෝ අනිවා ඊලග එකේදි කමුකෝ කේක්

      Delete
  30. ජයෙන් ජය පතනව.....උණුසුම් සුභ පැතුම්.....!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිවා හිතහොද පිස්සාටත්......

      Delete
  31. නියමයි අයියා සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ආහ්.. තැන්ක්ස් වර්ණා නංගෝ...

      Delete
  32. දේව් මල්ලි ට මගෙ පුංචි බ්ලොග් එකෙනුත් සුභ පැතුම්. තව ගොඩාක් කල් මෙහෙම යමු නේද අපි හැමෝම? මල්ලිගෙ කතාව හරියම හරි. අපේ බ්ලොගර්ස්ලා තරම් එකතු බ්ලොගර්ස්ලා ලෝකෙ කොහෙවත් නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. ආහ්හ් කොහොමද සිදු ගේ බ්ලොග් එක පොඩි උනේ.... අපි හැමෝම එක වගේ අය තමා... ගොඩාක් ස්තුතියි කිවා ඔන්න

      Delete
  33. මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාව්‍යා ඔයාටත්

      Delete
  34. සුබ පැතුම් !!!

    ReplyDelete
  35. සුභම සුභ උපන් දිනයක් මචං...දිගින් දිගටම බ්ලොග්කරණයේ යෙදීමට ධෛර්්‍ය ශක්තිය ලැබේවා....

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් යාලුවා.. කට්ටිය සහයෝගයෙන් අපි මේ ගමන යමුකෝ

      Delete
  36. සුබ උපන් දිනයක් වේවා කීවා ඔන්න මමත් එහෙනම්

    //ඔන්න මුකුත් මම ගෙනාවේ නැ.. කැමති එකක් අරගෙන බීලා ඔන්න මට බිල් එක එවන්නකෝ//

    කුලියාපිටි පැත්තේ ආපු වෙලාවක දෙන්නම් ජම්බු හිටුකෝ... :D

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. කුලියාපිටිය කුරුණෑගල දෙකම. :D

      Delete
    2. ජම්බු ගහක් නම් අපේ ගෙදරත් තියනවා බන්.. මොනවා උනත් එන වෙලාවක කොල් එකක් දිලා වරෙන්කෝ.... ජම්බු මතක් කරලා අරගෙන එන්න

      Delete
  37. සුභ පැතුම් අයියේ අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. පාරත් කිවානම් ඇත්තටම ශොයි

      Delete
  38. සුභ පැතුම් අයියේ අපේ පැත්තටත් ඇවිල්ල යන්න කේක් නම් එපා ඇවිල්ල යන්නකෝ

    ReplyDelete
    Replies
    1. පාරත් කිවානම් ඇත්තටම ශොයි... ඇයි කේක් නම් එපා කිවේ

      Delete
  39. සුභ පැතුම් මලය !...
    කෑමක් තියෙනව කිව්ව හින්ද මතක තියන් ඉඳල ආව :)

    ReplyDelete
    Replies
    1. කැම කිව්වොත් ඉතින්... හරි හරි අය්යා ඇති වෙන්න කන්නකෝ

      Delete
  40. ඔන්න උණුසුම් සුභ පැතුම් සමග 321 වෙනි ෆලෝ එක මගෙන්.

    ReplyDelete
  41. ඔන්න උණුසුම් සුභ පැතුම් සමග 321 වෙනි ෆලෝ එක මගෙන්.

    ReplyDelete
  42. ජයෙන් ජය මචන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  43. සුබ පැතුම් මචන් තවත් දීර්ග කාලයක් ලිපි ලියපන්

    ReplyDelete
  44. සුබම සුබ සුබන්දිනයක් වේවා දෙව්ගේ අඩවියට. දිගටම ලියන්න. අපි පුළු පුළුවන් හැම වෙලේම මේ පැත්තේ ඇවිත් යන්න එනවා.

    ReplyDelete
  45. දේවගේ බ්ලොග් එකට සුබ උපන් දිනයක් වේවා!!!
    තවත් හොඳ පොස්ට් ලියන්න උනන්දුව ඇතිවේවා....

    ReplyDelete
  46. සුබ පැතුම් !!!
    ඔන්න මාත් කේක් කෑල්ලක් කෑවා. අපට බොන්ඩ කූල් එකකුත් තිබ්බා නම් තමා හොඳ !

    ReplyDelete
  47. ඔන්න දේව් අයියේ .කලා කාමී සුභ පැතුමක් මගෙනුත්,තව ගොඩාක් කාලයක් බ්ලොග් ලියන්න ශක්තිය ලැබේවායි පතමි

    ReplyDelete
  48. දේව්ගේ බ්ලොග් අඩවියට සුබ පැතුම්.
    තවත් දිගටම ලියන්න සිතුවුලි පහල වේවා.

    ReplyDelete
  49. දේව් අයියා.... ගොඩක් පෝස්ට් වලට මට එන්න බැරි උණා... තරහ වෙන්න එපා හොඳේ....

    තාම බ්ලොග් ලෝකෙට මාස 4 කට වඩා චුට්ටක් වැඩි කාලයක් ගෙවුණු මට ඔයා බ්ලොග් ලෝකේ ගොඩක් ලොකු කෙනෙක්....

    පළමු වසර සමරන දේව්ගේ අඩවියට මගේ සුභම සුභම සුභ පැතුම්....!!!

    පරක්කු වෙවී හරි මම දිගටම කියවන්නත් එනවා අයියේ......

    ReplyDelete
  50. සුභ පැතුම් දේවා අයියා..

    අයිය කිව්වේ ඇයි බලනව ඇති.. බ්ලොග් ලෝකේ බොලා මට අයිය කෙනෙක් මචං.. සෑමා උබට වඩා පොඩි එකෙක්. සෑමාගේ බ්ලොග පටන් ගත්තේ "SATURDAY, SEPTEMBER 17, 2011" නිසා.

    නැවතත් ජයෙන් ජය.. !

    ReplyDelete
  51. ඔන්න මමත් ආව සුබ පැතුමත් අරගෙන.. ඊයේ රෑ හැබැයි පොස්ට් ඒක කියෙව්වේ.. කෙමෙන්ට් ඒක දාන්න පරක්කු උනාට සමාවෙන්ට හොදේ.. ගොඩක් බ්ලොග් කියෙව්වට කමෙන්ට් නොකලත් මම තාමත් කියවන්න අමතක නොකරන බ්ලොගයක් තමා දෙව් ගේ අඩවිය.. එහෙනම් දිගින් දිගටම ලියන්ට ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා දෙව් අයියට..

    ReplyDelete
  52. පොස්ට් එකේ කමෙන්ට් වලට රිප්ලයි ඉක්මනටම දෙන්නම්කෝ... තරහ එපා

    ReplyDelete
  53. සුභ පැතුම් මචං... මේ බ්ලොග් කෙරුවාව නිසා ජීවිතේ අදුනගත්ත මිතුරන් අතරෙනුත් විශේෂ පුද්ගලයෙක් උඹ.... දිග ගමනකට මගෙන් ආයෙමත් සුභ පැතුම්... ලියන්න තව තව අදහස් හා ධෛර්ය ලැබේවා.... !!!

    ReplyDelete
  54. සුභ පැතුම් මලේ.....

    දැන් නම් කේක් නරක් වෙලත් ඇති නේද?පරක්කු වුනා නොවැ එන්න.සොරි හොදේ....:((((

    ReplyDelete
  55. සුභ පැතුම් අයියේ.. මේ exam වැඩ හින්දා මේ පැත්තේ එන්න බැරි උනා.. තව තවත් බ්ලොග් කෙරුවාවේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  56. සුබ පැතුම් අයියේ.......
    දිගට ම ලියන්න.. ජය!!!

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....