ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 April, 2012

වෙඩින්ග් එකක් අරගෙන ගෙදරට එන මංගල යුවලට පොඩි ‍රැග් එකක්....

ටික දවසක් ඉතින් අවුරුදුත් එක්ක ඊට පස්සේ රාජකාරි කටයුතුත් එක්ක සම්බන්ද වෙන්න උන නිසා බ්ලොග් ලොකේ මොනවා උනාද කියලා දන්නේ නම් නැ..

ඇත්තටම ඉතින් මම ඉන්නේ මේ දවස් වල ගොඩාක් දුකෙන් තමා ඉන්නේ...

බ්ලොග් ලොකේ වැදගත්ම අවස්ථාවට සහභාගි විමේ වැට උඩ ඉන්න වෙලා,.... මොනවා කරන්න ද කියන එක එදාටම තිරනය කරන්න කරන්න වෙනවා...

ආවොත් හැමෝම එක්ක මටත් සතු‍ටු වෙන්න පුලුවන් වෙයි... නාවොත් ඉතින් මගේ දුකම තමා... සෝ ඉතින් හැමෝටම ගොඩාක් සතු‍ටු වෙන්න ලැබෙන්න කියලා සුභ පතනවා....

අලුත් අවුරුද්දේ බ්ලොග් එකේ වැඩ පටන් ගන්නකොටම අහන්න ඕන ප්‍රශ්නයක්....

සමහර පැතිවල මේක කරන්නේම නැතිව ඇති... ඇත්තටම අපේ පැතිවලත් ගොඩාක් වෙන්නේ නම් නැ.. ඒත් නොවෙනවාමයි කියන්න බැ...

කසාදයක් බැදලා වෙඩින්ග් එකක් අරගෙන ගෙදරට එන මංගල යුවලට පොඩි ‍රැග් එකක්.....

මොනවද ඉතින් මේ ‍රැග් එකට දෙන්නේ....

* මනාලයා මනාලියව කර මත තබාගෙන පයින් නිවසට පැමිණිම

* මනාලයා මනාලිය විල්බැරෝ (හරි නම දන්නේ නැ) මත තබා ගෙන පැමිනිම

* මනාලිය මනාලයාට පොල් ක‍ටු මාලයක් පැලදවිම

* පාපැදියකින් නිවසට පැමිණිම

* මනාලයා හා මනාලිය වතුරෙන් නැහැවිම

* මනාලයා හා මනාලිය වාඩි වෙන පු‍ටු මත පපඩම් ඇතිරිම

ඔය වගේ එකි නොකි (දන්න ඒවා තව කියන්න) ගොඩාක් දෙවල් කරනවානේ...

සෝ ඇත්තටම එක වදයක් වගේ පෙනුනට පස්සේ මතක් කර කර හිනවෙන්නත් පුලුවන් දේයක්....

(කැම්පස් වල ‍රැග් එක විතරයි ඒ කලේ මතක් වෙන්න තියෙන්නේ කියලා කියනවානේ ඒ සුන්දර නිසා වෙන්න ඇති)

ඇත්තටම මොනවද මේ ගැන හිතන්නේ...

39 comments:

  1. අපෝ දහස් ගණන් වියදම් කරල ගන්න සාරිය නිකම් සවුත්තු කරනවා.අපරාදෙනෙ.සමහරු පූල් එකට තල්ලු කරනවා කපල් එක.අපේ අක්කත් බයේ හිටියෙ සාරිය සවුත්තු වෙයි කියලා.ඒත් දුන්නෙ නම් අර වගේ පොඩි රැග් එකක්.ත්‍රීවීල් එක සරසලා අක්කව එක්කන් යන්න කිව්වා අය්යගෙ යාළුවො ටික

    ReplyDelete
    Replies
    1. නංගිගේ වෙඩිමට නම් එහෙම දේවල් ඊට වඩා වේවි... මොකද හොද යාලුවෝ සෙට් එකක් ඉන්නවානේ....

      Delete
  2. ane machan enna epaa epaaa ubala awath wadak nehane melo rahak nati dial ekak ne uba..sirawatama wada nodi gedarata wela idapan add ekak click kara kara...baniya

    ReplyDelete
    Replies
    1. haa anooo... oyaa kiyanakanmayi mama balaagena unne.. mama enne nathuwa innamkoa.... mokatada may baniyawa adala gaththe may kiyana ano thamnta kondayk nathi unata ona deyak munata kiyannna baniyata puluwan kondak thiynawa kiyala mama dhannawa..

      Delete
    2. අයියේ එන්ඩ එදාට මේ ඇනොලගේ කටවල් වැහෙන්නත් එක්ක

      Delete
    3. කොහොමහරි එන්න උත්සහ කරනවා සල්මන් බායි.... අනේ මම මල්ලි වෙන්න ඔනා නේද අයියා වෙන්න බැනේ

      Delete
  3. සූටි සූටි එව්වනම් කලාත කමක් නෑ කාටවත් හානියක් නොවෙන.....:)

    ReplyDelete
    Replies
    1. සුටි ඒවා කිවේ කොයි වගේ ඒවද? මතක තියාගෙන නංගිගේ එකටත් කරන්න කියන්න

      Delete
  4. ඇස් රතු නොවෙන තරම් දුර දිග නොයන රැග් නම් අවුලක් නෑ. ඒත් සමහර වෙඩින් රැග් තරමක් බිහිසුනුයි ප්‍රවේසම් විය යුත්තෙ එතැනදීය.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ... එහෙම ඒවානම් කොහොමවත් ගැලපෙන්නේ නැ.. යාලුවෝ උනත් ඒක තේරුම් අරගෙන වැඩ කරන්න ඕනා..

      Delete
  5. මොනා හිතන්නද බන් ඕවා මෙහෙ නම් සාමාන්‍යයි.බ්ලොගේ ලියන්න තරම් වත් කියන්න තරම් වත් දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කොහෙද බන් ඒ.... ඒ තරමට එහෙම ‍රැග් තියන පැත්ත කොහෙද?

      Delete
    2. කොළබ බන්.හැබැයි සුන්දර අත්දැකීම් තමා ඕවා ජීවිතේට.

      Delete
    3. සුන්දර අත් දැකිම් ජිවිතේටම එක පාරක් නිසා...

      Delete
  6. මේ මේ පෝස්ට් එක පැත්තකින් තියමු.. ඊට වැඩිය වැදගත් ප්‍රශ්ණයක් තියෙනවා විසදගන්න.. ප්‍රාර්ථනා කිවුවනේ දේවා මට වඩා වැඩිමල් කියලා.. මට මතක හැටියට දේවා තමයි ඉස්සෙල්ලම මට අයියා කිවුවේ.. මම 88..

    ඔන්න ප්‍රාර්ථනා කිවුවෙනම් මට වඩා දේවා නාකියි කියලා.. අපි නම් දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අම්මේ අයියේ ඔයාට 88ක් නම් දැන් මම ඔයාට වඩා ගොඩාක් බාලයි.. තම මට 23ක් විතරනේ... ඔයා අයියා වෙන්න ඕනා දිනේශ් අයියා.. මමත් 1988 නම් තමා.. හැබැයි නව වෙනි මාසේ...

      Delete
    2. 88 කිවුවේ අවුරුද්ද මලයා... එහෙනම් ප්‍රාර්ථනා අපි දෙන්නම නාකියි කියලා මඩක් ගහලා තියෙන්නේ... :)

      Delete
    3. දේව මල්ලි දිනේෂ් මල්ලි ඔයාට වෙන්නේ අයියා තමයි. එයා 88 වුනාට ජනවාරි. දැන් ඉතිං දිගටම දිනේෂ් අයියා කියන්න.
      සිතමින්...ඒකෙන් මේකෙන් මම මේ දෙන්නගෙම අක්කා වුනානේ.ඔන්න හැබැයි අක්කා කියලා හෙනට වයසයි කියලා හිතනවා එහෙම නෙවෙයි. දිනේෂ් මලයට වඩා වැඩි හරියටම මාස 2යි දින 10 ක්.

      Delete
    4. දිනේෂ් අයියා : කෝ මේ ප්‍රාර්.... ඔන්න මට වඩා අයියා පොඩ්ඩක් වැඩිමල්... හැමදාම මම අයියා කියලාම කියන්නම්කෝ...

      Delete
    5. බට්ටි නම් ඉතින් 87 නොවැ කියල මම දැන ගන උන්නද කොහෙද?
      අක්කා කියන්න හිතුන නැති නිසා එහෙමම කිවේ...

      කමක් නැනේ නේද?

      Delete
  7. Jodhaa Akbar ෆිල්ම් එකේ අක්බර් රජ්තුමාට කුමරියො කට්ටියක් අතරින් තමන්ගේ කුමරිය තෝර ගන්න දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අර රා - වන් එකේ වගේ හරි මනමාලිගේ විතරක් හෙවනැල්ලක් තිබුනනම් ලේසියිනේ

      Delete
  8. මමනම් ආසයි පොඩි පොඩි රැග් .පස්සෙ මතක් කරල හිනා වෙන්න පුලුවන් .

    ReplyDelete
    Replies
    1. අක්කා අනිවාර්යෙන්ම වෙඩින් එක කියන්නකෝ.... හැමදාම හිනාවෙන්න වැඩක් කරන්නම්කෝ අපි එකතු වෙලා

      Delete
  9. අපේ පුංචිගේ ඇඳුම් බෑග් එකේ ඇඳුම් අරගෙන ගල් දාලා තිබුනා. :පි

    අයියේ 22 එන්න. ඔය උඩ ජරා කරලා තියෙන ඇනෝ ලා කියන ඒවා ගණන් ගන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ආහ්... කාලෙකින් වර්ණා නගා මේ පැත්තේ ඇවිත් තියෙන්නේ.. කොහොමද ඔයා දැන් එන්න ලැස්තිද? මේ සැරේ නම් ගෙදර ඉදන් එන්න ලේසිනේ.... බලමුකෝ තවම නම් 100% සුවර් නැ‍තෝ

      Delete
  10. මොනාද කොල්ලනේ, කසාද බැන්දට පස්සෙ අරූ ජීවිත කාලෙටම ‍රැග් වෙන එකේ තව අමුතු ‍රැග් එකක් මොකටද?
    අහලා නැද්ද?
    MARRIAGE IS A THREE RING CIRCUS:
    ENGAGEMENT RING
    WEDDING RING
    SUFFERING
    ඉතින් තව වෙන මොනවද?
    මීට
    කසාද බැඳලා අවුරුදු ගනනාවක් වෙන
    henryblogwalker the Dude

    ReplyDelete
  11. අපි නම් ‍කරන්නේ දෙන්නට බොන්න දෙන බීම එකට හොද පදමට ලුණු ඇඹුල් දානවා.

    ReplyDelete
  12. රැග් කරන එක ජොලි වැඩක් ඒත් සමහරු සීමාව ඉක්මවල යද්දි තමා එපා වෙන්නෙ.....විශේෂයෙන් මඟුල් ගෙවල් වල බිව්වට පස්සෙ ඕක වෙනව.....

    ReplyDelete
  13. උඹලටත් තියන ප්‍රශ්න

    ReplyDelete
  14. හපෝ මමත් දැකල තියනවා මේවගේ රැග් නම්. අවුලකුත් නෑ ඉතින්.

    මම අහපු ඒක රැග් එකක් තමයි වෙඩින් එකට පස්සේ නවතින්න යන හෝටලේට අරන් යන ඇඳුම් වල ඔක්කොම වටේම මහනවලු. ඒ එලි වෙනකම් ලිහ ලිහ ඉන්න හරි එහෙම නැත්තම් එලි වෙනකන් අඳින්නේ නැතුව ඉන්න........

    ReplyDelete
  15. අවුලක් නැති සොමි රැග් එකක් දුන්නට නම් ඉතින් අවුලක්ම නෑ

    ReplyDelete
  16. මානුෂීය මුහුනුවරින් කළාට අවුලක් නැහැ :)

    ReplyDelete
  17. සමහරක් දේවල් තියෙනවා.අතම ගරුත්වය නැති වෙන ඒවත්.

    ReplyDelete
  18. දෙන්නා බර කරත්තෙක හරි, අස්වයෙක් පිටේ හරි යැව්වොත් කොහොමද? :)

    ReplyDelete
  19. හම්මටසිලි මාර රුග් තොගයක්නේ...

    ReplyDelete
  20. මට මතකයි එක මඟුල් ගෙයක දෙන්නා ගෙයින් පිටත් වෙලා යන කාර් එකේ වීදුරුවක ලියලා තිබ්බා "පෙට්ටියක් අවසන් ගමන් යයි !!!" කියලා. මම ඕක කියවලා කට කොනකින් හිනා වෙනකොට අපේ අම්මා මට වැලමිටෙන් ඇන්නත් එක්ක හිනා නොවී ඉඳින් කියලා.

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....