
අද පුන්චි දේව්.... පලවෙනි උපන්දිනේ සමරනවා..
බ්ලොග් ලොකේට ඇවිත් නම් අවුරුදු 2යි මාස 3ක් විතර උනත්... දේව් ගේ අඩවිය (කලින් එක එක නම් තිබුනා තමයි ) ලියන්න පටන් ගත්තේ 2011 අප්රියල් 30 ඒ කියන්නේ හරියටම අවුරුද්දකට කලින්....
ඉතින් මේ අවුරුද්දක කාලය ඇතුලත බ්ලොග් නිසා ඇත්තටම ගොඩාක් වටින යාලුවෝ සෙට් එකක් මුන ගැහුනා...
සයිබර් අවකාශයේ මෙහෙම එකතු උනු වෙන පිරිසක් ලොකේ කොහෙවත් නැතිව ඇති... බ්ලොගර් ස්ලා මේක සයිබරයට නිකුත් කරනකොටවත් එහෙම දෙයක් හිතන්න නැතුව ඇති....
ඒ හැම දෙයක්ම සිදු වුන මේ බ්ලොග් වලට මම ගොඩාක් ආදරෙයි......
අද ඉතින් ඔන්න දේව් පලවෙනි උපන්දිනේ සමරන ගමන්ම පුලුවන් තරම් කල් බ්ලොග් ලියන්න.. (ඔයාලට එපා උනත්) හිතා ගන්නවා....
නම් වශයෙන් මට මතක් කරන්න ගියොත් ඇත්තටම අද පොස්ට් එක ලියලා ඉවර කරන්න වෙන්නේ නැනේ...
ඒ නිසා මගේ බ්ලොග් එක කියවන නොකියවන ෆලෝ කරපු නොකරපු. බ්ලොග් ලියන බ්ලොග් නොලියන හැමෝටම ගොඩාක් පින්...
විශේශයෙන්ම ස්තුති කරන්න කෙනෙක් ඉන්නවා එයාට ස්තුති නොකලොත් මම කරන ලොකු වැරද්දක්... මාව බ්ලොග් ලෝකෙට අරගෙන ඇවිත් මට හැමදෙයක්ම කියලා දුන්නු බ්ලොග් ලොකේ පරිණත මම ගොඩාක් ගරු කරන ජිවිතේ මල් බ්ලොග් එක ලියන දිල් අක්කට මම අදත් ගොඩාක් ආදරයෙන් ස්තුතියි අක්කේ මේ වගේ දෙයක් මට හදුන්වලා දුන්නට....

මේ අවුරුද්දේ ඇතුලත හිට්ස් දෙලක්ශ විසි දාහකට එහා වගේම (එක එක අය මොනවද කරලා කියලා කියනවා අනේ මම නම් ඉතින් ඔය කියන කතා දන්නේ නෑ අනික මම දන්නේ නැ ඔය බ්ලොගර්ස්ලා දුන්නු හිට් කවුන්ටරේ ඔය කියන දේවල් කරන්න පුලුවන්ද කියලාවත්)
පොස්ට්171 ලියවිලා තියනවා වගේම මේ අවුරුද්ද ඇතුලත ෆලෝ කරපු ගාන 320 වෙලා තියන එක ගැන මට ගොඩාක් සතුටුයි...
කමෙන්ට් උනත් කියන්න තරම් වරදක් නොවුන එක ගැන නිහතමානි සතුටක් එක්ක මම අද මේ මගේ උපන්දිනේ (බ්ලොග්) සමරනවා....
ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි කියන ගමන් හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ගොඩාක් ආදරයෙන් ඉල්ලනවා... මම ලියන ඒවා හොදනම්
ඔන්න පොස්ට් එක පුරා කේක් ඇති ඇති තරමක් කන්න.. මදි උනොත් කියන්න අනිවා ඊලග ගේට් එකේදි ඇති වෙන්න කන්න දෙනවා....
ඔන්න මුකුත් මම ගෙනාවේ නැ.. කැමති එකක් අරගෙන බීලා ඔන්න මට බිල් එක එවන්නකෝ
එහෙමනම් ඉක්මනට ආයේමත් පුරුදු සෙනහසින් මුන ගැහැමුකෝ..
ජය