ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

13 September, 2011

ටිකක් හිනාවෙන්න... උත්තරයක් දිලාම යන්න හිතත් හදලා

ලියපු බ්ලොග් ටික බලන්නවත් කමෙන්ට් කරපු සමහර අයගේ  කමෙන්ට් වලට රිප්ල්යි දාන්වත් හම්බ උනේ නැනේ.. හරියට වැඩක් කරන්නෙත් නැ.. මට හොදටම ශුවර් මේ පාර එක්සැම් අනාතයි කියලා.... ඇත්තම කියනවානම් මට තාම එකවුන්ට් වල මුල් පාඩම් ටිකවත් හරියට බැ වගේ.. මොනවා කරන්නත් චාර්ටඩ් එක්සැම් එකට දවස් 11යි ඒ උඩම බැන්කින් සබ් ටිකකුත් තියනවා.. මොලේ අවුල් වෙලා.. හිතට නිදහසකුත් නැ... මේවා ඔක්කොම කොහොම කරන්නද මන්දා.. නොකරත් බැනේ... දිග පොස්ට් එකක් දාන්නත් හිතාගන්න බැ මුකුත්...

පොඩි කතාවක් මතක් උනා..
යාලුවෙකුට ඉඩමක් බලන්න යන්න සෙට් උනා.. (තාම මට ඒ තරම් වත් කමක් නැනේ)

අපි ගියේ ඉඩමට නෙමේ.ඉඩම අය්තිකාරයාගේ ගෙදරට... එහෙන් උන කථාවක් තමා මේ... බලලා ඔයාලම කියන්නකෝ මම යාලුවට ඉඩම ගන්න කියන්නද කියලා..

මැන් ඉඩම බැලුවේ ටවුන් එක ලගමත් නැති ඇතමත් නැති තැනකින්

1 කථා බහ

මහත්තයෝ...
දැන් ඉඩමේ කොච්චරක් විතර පර්චස් තියනවද??

අනේ මහත්තයෝ ඒ තරම් ලොකු ඉඩමක් නෙමේ පර්චස් ගනන් වලින් කියන්න..

මුලු ඉඩමම අක්කර 2 හමාරයි

2 කථා බහ

දැන් ඔය ඉඩමේ ඉදන් හොස්පිට්ල් එකකට කොයි තරම් දුරද??
(ඩිලිවරි එකක් ලග නිසා ඒක අහුවේ)

හරියටම මහත්තයෝ හුවක දුර තමා තියෙන්නේ.

යාලුවා : හූවක් කිවේ කොයි වගේ එකක්ද පොඩ්ඩක් කියලා පෙන්නනවද??

අනේ මහත්තයෝ හුවක දුර කිවේ උපරිම රුපියල් 2.50ක දුර

මම අහපි බස් ගාස්තුත් අවම ගාන 6ක්ද කොහෙද නේද??

අනේ මහත්ත්යෝ මම කිවේ ටෙලිපොන් කොල් එක්ක දුර කියලානේ


ප.ලි : අනේ මන්දා.....

20 comments:

  1. මාර විහිළුව.කොහොම හරි එක්සෑම් එකත් ගොඩ දාගන්න.ඊළඟ පාර හරි

    සැමදෙයක්ම බ්ලොග් අඩවිය

    ReplyDelete
  2. අනේ මන්දා..ටෙලිපොන් කොල් එක්ක දුර

    ReplyDelete
  3. හිකිස්! ඒකනම් පට්ට කතාව, ඉඩම ගන්න එපා.. අර මනුස්සය පව් :D

    ReplyDelete
  4. පුදුම ඉඩම් හිමියෙක් නේ !!!
    මේ වගේ මිනිස්සු පට්ටය.
    එහෙනම් මල්ලි හොදට විභාගේ කරගන්නකෝ. හොදට විභාගේ කලාම කාටද ආඩම්බර

    ReplyDelete
  5. ඔය ඉඩම විකුණන පොර ඒක විකුනන්නෙ කීයටද දන්නෙ නෑ නේද? IDD කෝල් එකක ගානට ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ...

    බ්ලොග් වල කරක්ගහන්නෙ නැතුව විභාගෙ කරගනින්... අනාතයි කියල හිතන් ගියොත් නම් අනාතයි තමා... බොරු හරි ලියනව කියල හිතන් පලයන් ;)

    ReplyDelete
  6. හික්ස් මරු කතාව..ඇයි ඔය සමහර දැන්වීම්වල දාල තියෙන්නේ කොළඹට තනි බසයෙන් ලගා විය හැකි කියලා..දැන් ඉතින් යාපනේ ඉදන් උනත් කොළඹට තනි බස් එකේ එන්න පුලුවන්නේ..:-)

    ReplyDelete
  7. හික්ස්...
    අනිවා විභාගේ ගොඩ දාගනින් ඉස්සරලා...
    ඔන්න අපිට පාටියක් ඕනැ....

    ReplyDelete
  8. දේවා ..ඔබට පුළුවන් , බය නැතිව ලියන්න විභාගෙට , හිත හදාගෙන සූදානම් වෙන්න , ටිකක් සැලසුමක් හදා ගත්තනම් , summery notes තිබේ නම් refer කරන්න හොඳ කාළේ..නැත්නං යාළුවොත් එක්ක ප්‍රශ්න පත්තර හදාගෙන උත්තර ලියන්න ...සමහර විට අපි හදන ඒව වගේම එන්නත් පුළුවන් ...කොහොම හරි exam එක කරගන්න හොඳට ..
    මේ දවස් ටිකේ ලොකු බ්ලොග් නොලීවත් , හිත එක් තැනකට අරගෙන මූලික වැඩේට තැන දෙන්න , විශේෂයෙන්ම “සැලසුමක් “ හදා ගත්තනම් ඔය හිතේ කළබල ගතිය අඩු වේවි . මේ කතාව ගැන යමක් නොකීවේ මට ඊට වඩා කියන්නට අවශ්‍ය යැයි හැඟුනේ මෙය නිසා ...

    ReplyDelete
  9. මුළින්ම සහෝ විභාගේ ගොඩ දාගන්න. ඉවර වෙලා ලියමු නේද?
    ජය පතනවා

    ReplyDelete
  10. මේ විදියෙ කතා අපේ රැකියාව එක්කත් නිතරම රැඳී තියෙනවා..

    ReplyDelete
  11. කියන්න අමතක උනානේ..විභාගේ හොදට කර ගන්න සහෝ..

    ReplyDelete
  12. ආ...එක තාම මේ කතාවක් බහක් නැත්තේ......පාඩම් කරන්න හොඳට. එක්සැම් කරගන්න ඕනනේ මොනා කරන්නත්......

    ReplyDelete
  13. ඔව් . මාත් හිතනවා, අනිත් වැඩ පැත්තකින් තියලා, මේ වෙලාවේ ..මුලික වැඩේ විදිහට කරන්න ඕනේ... පාඩම් වැඩ කිරිම කියලා.

    කතාව නම් පට්ට.

    ReplyDelete
  14. විභාගේ කරලා ලියමු මලේ... මේ ටිකේ ඒ ගැන වද වෙන්න එපා... බ්ලොගේ වටිනවා තමා... ඊට වඩා ඔයාගේ ඉදිරි දියුණුව වැදගත්...

    ජයවේවා...!!!

    ReplyDelete
  15. විභාගේ ලියල වරෙන්
    ජයවේවා...!!!

    ReplyDelete
  16. කතාව නම් මරු...(අර ඉඩම නං ගන්නම වටිනව..හික්)
    එක්සෑම් ගොඩ දාගෙනම ලිව්වනම් නේහ් වටින්නේ..

    ReplyDelete
  17. එක් අතකින් ෆෝන් කෝල් එකක දුර නම් ඒකත් කමක් නෑ. හදිසියක් උනොත් එකක් ambulance වත් ගෙන්න ගන්න පුලුවන් වෙයි නේ. මම හිතන්නෙම ඔය ඉඩම තියෙන්නෙ අයියලාගෙ ගෙදර ලඟම වෙන්න ඕන. :D

    ReplyDelete
  18. මටත් කියන්න තියෙන්න මල්ලි මහේෂ් නිශාන්ත අයියයි,ගිම්හානි සහෝයි කියපු දේම තමයි. පෝස්ට් දාන්න කවදා බැරිද විභාගය ගොඩ දාගන්න කලින්.

    ජය වේවා.

    කතාවනම් සුරුදු පරිදිම පට්ටය...:))

    ReplyDelete
  19. ඔයවගේ දුරවල් තියනව.
    හූවක දුර,ගොල්ඩ්ලීෆ් එකක දුර.

    ReplyDelete
  20. ඔක්කොම කමෙන්ට් වලට රිප්ලයි ටික මේ කලබල ටික පොඩ්ඩක් අඩු උනහම දෙන්නම් හොදේ...

    මාත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....