ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

30 July, 2011

එදා හා අද... ආධුනිකයි කියන ඔක්කොටම

මේ දවස් වල බ්ලොග් වල ‍රැල්ලක් යනවානේ අධුනිකයන්ට අත දිමක් ගැන.... ඇත්තටම මිට අවුරුදු එක හමාරකට විතර කලින් මේ ‍ෆිල්ඩ් එකට මම එනකොට මේ වගේ උදව් කරන වට පිටාවක් මම දැක්කේ නැ.... එක එක අය තමන්ගේ බ්ලොග් එක ලිය ලියා උන්නා.... ඒ අතරේ සමහර අය උන්නා එක එක දේවල් කියලා දෙන අයත්.... මගේ ගුරුතුමි මට හම්බ උනේත් ඒ හින්දානේ...... ගොඩාක් මගේ පොස්ට් වලදි මම ඒයාට ස්තුති කරනවා මොකද එයා නැත්නම් මම අද මෙතන නැ... ප්‍රශ්න කිපයක් නිසා මම මාසගානක් ඇත් වෙලා උන්නත් මේ ‍ෆිල්ඩ් එකෙන් එදාට වඩා අද ගොඩාක් හොද වට පිටාවක් හැදිලා තියනවා...

කවුරු කොහොම කතා කිවත් සිංහල බ්ලොග් සංසදය, ගොඩාක් මේකට උදව් කරනව.... ඒ වගේම තමයි ලාංකිය සිතුවිලි.... ගොඩාක් මේ වෙනුවෙන් කැප වෙලා තියනවා..... අනිත් සින්ඩි ගැන කතා නොකරනාවා නෙමේ... ඒවාගේ නම් නොකිවත් ගොඩාක් මේ සිංහල බ්ලොග් ක්ශේත්‍රයට වැදගත් මෙහෙයක් ඉශ්ට කරනවා...

බ්ලොග් එකක් කියන්නේ තමන්ගේ අදහස් අනිත් අයට කියන්න මුදල් නොගෙවා (නෙට් බිල ගෙවා) දැන්ව්ම් ප්‍රචාරය කරන්න පුලුවන් තැනක්.... ඒ ඇඩ් එකේ තමන්ට උන දෙයක්, තමන් කැමති දෙයක්, උපදෙසක් ,‍ෆිල්ම් එකක්, බන පදයක් , ගැජට් එකක් , සිංදුවක් , කවියක් අසාදාරනයක් , පුවත්ක් ඕන දෙයක් දාන්න නිදහස තියනවා.... මොකද බ්ලොග් එක ඔයාලගේ... කාට මඩක් ගැහුවත් ඒක ඔයාට තියෙයි....

කාටවත් කියන්න බැ.. කගෙවත් බ්ලොග් එකක මේවා ලියන්න එපා කියලා... මොකද බ්ලොග් එක ලියන්න එයාට බලන්න විතරක් නෙමෙනේ.... බ්ලොග් එක ලියන්නේ ගොඩාක් දෙනෙක්ට බලන්න.. අනිත් එක ලියන කෙනට හිතෙන දේ එයා කැමති දේ..... දැන් ඔයාලට උනත් මට බනින්න පුලුවන්.... මොකද මේ මට හිතෙන දේ ඔයාලා පිලි නොගන්න පුලුවන්.. ඒක ඔයාලගේ අයිතිය.... එත් ඔයාලා බනින කොට මම හිතන්න දැනගන්න ඕනා මම කලේ ඇත්තටම වැරදි දෙයක්ද කියලා.....

ඒක හිතලා හදා ගන්න දෙයක් තියනවා නම් හදා ගන්න එක තමයි කරන්න ඕනේ....

මම කියන්න ගියේ එදා හා අද වෙනස ගැනනේ.......
මිට අවුරුදු එක හමාරකට දෙකකට කලින් ලංකාවේ මේ තරම් පිරිසක් බ්ලොග් ලියන්න පටන් අරගෙන තිබුනේ නැ.... බ්ලොග් ගොඩාක් තිබුනෙත් නැ.... කියවන අය උන්නෙත් ඒ ලියන ටික දෙනා විතරයි (ඒ දවස වල ඉදන් උන්නු අයට මම වැරදි නම් හරිගස්සන්න පුලුවන්.... මොකද මේ මම කියන්නේ මම ඒ දවස් වල විදපුවා)
සාමානයෙන් ඒ දවස් වල බ්ලොග් එකකට ෆලෝ 100ක් හදා ගෙන උන්නේ එහෙමත් එක්කෙනෙක් විතරයි..... ඒකටත් මාස ගානක් යනවා... කමෙන්ට් ටිකක් වැටෙනේ කලා තුරකින්........ ඔන කෙනෙක්ගේ බ්ලොග් එකක් අරගෙන බලන්න එයාලගේ වැඩිම කමේන්ට් වැටිලා තියෙන්නේ අවුරුද්දකට මෙහා දාපු පොස්ට් එකකට නෙමේද කියලා..... ඒ කියන්නේ එදාට වඩා ගොඩාක් ‍ෆිලිඩ් එක දියුනු වෙලා..... එදා බ්ලොග් එකක් පටන් අරන් එක ෆලෝ කෙනෙක් හදා ගන්න පොස්ට් 5,6ක් දාන්න ඕනා.. ඒත් අද බ්ලොග් එකක් පටන් අරන් මේ මගේ පලවෙනි සටහන කියලා දාපුවහම කමෙන්ට් ෆලෝ කරන අය ඔයාලගේ බ්ලොග් වලට එන්නේ නැද්ද?  මම අත්දැකිමෙන් ඒක දන්න නිසායි කියන්නේ... මගේ කලින් බ්ලොග් එකේ මාස 8, 9 කට ෆ්ලෝ උන්නේ 40ක් විතර එත් මගේ මේක අදට පටන් අරන් මාස 3යි... ෆලෝ කරනවා 129ක් විතර... ඉතින් කොහොමද කියන්නේ උදව් කරන්න නැ කියලා කියන්නේ...
කමෙන්ට් ගත්තහමත් එක කියන්න පුලුවන්... ඔයාලම හිතලා බලන්න ඔයාලගේ බ්ලොග් වලත් මෙහෙම වෙන්නේ නැද්ද කියලා....

ඒකයි ඇත්ත ඒ දවස් වල ඒකට විදපු දුක් දැන් අලුතෙන් පටන් ගන්න අය දන්නේ නැ.... එහෙම දුකක් නොවිද කියනවා උදව් කරේ නැ කියලා... ඔයාලගේ බ්ලොග් එක ෆලෝ කරලා නැද්ද... ඔයාලට කමෙන්ට් දාලා නැද්ද?????

මෙහෙම දෙයකුත් තියනවා... ඔයාලගේ බ්ලොග් එක බලන්න ඇවිත් තියනවා එත් කමෙන්ට් ,ෆලෝ නැත්නම් ඔයාලට ඔයාලා ලියන ඒවා ගැන පොඩ්ඩක් ආයේ හිතන්න වෙනවා....

සමහර අය ඉන්නවා එයාලා මේ බ්ලොග් ‍ෆිල්ඩ් එකට ගොඩාක් මහන්සි වෙලා මේ තත්වෙට ගෙන්න උදව් කරපු අය.. මේ තත්වෙට ගෙනපු අය... අද ඒ අයට කමෙන්ට් එකක් දා ගන්න බැ.... මොකද එක කමෙන්ට් එකක් දාපු ගමන්ම එයාලගේ නමින් එක එක කමෙන්ට් දාලා එයාලගේ චරිතේ ගාතනය කරන අය ඉන්නවා.. ඉතින් ඒ අයට වෙනව කියවලා විතරක් නිකන් ඉන්න..... අදහස් ප්‍රකාස කරලා නම නැති කරගන්න ඕනේ නැනේ....

මේ දවස් වල සිතිවිලි පවුර කියලා බ්ලොග් එකමුතුවක් තියනවා කියලා ඔයාලා දන්නවනේ... මම ඒකේ ආරම්භක සාමාජිකයෙක් නම් නෙමේ... මට එකේ කිසිම ඇඩ්මින් කමක් වත් නැ... එත් මම ඒකට ගොඩාක් ආදරෙයි මොකද ඒ වගේ දෙයකින් බ්ලොග් ලියන හැමොටම එක පවුලක් වගේ එකතු වෙලා වැඩ කරන්න පුලුවන්.... මේ ‍ෆිල්ඩ් එක ගොඩාක් ඉස්සරහට ගෙනියන්න උදව්කරන්න පුලුවන් කියලා මට හිතුන නිසා... ඔයාලත් කැමතිනම් ඒකට එකතු වෙන්න

මට කියන්න ඕන උනේ හැමොම හැමොටම උදව් කර ගන්න ඕනා... දැන් එක ඉස්සරට වඩා ගොඩාක් හොදට බ්ලොග් ලියන අය කරනවා... ඔයාලා දැන් උදව් කලේ නැ කියලා කිව්වට ඒ දවස් වල හැටියට දැන් 100ට 20000 ගුනයකින් හොදයි.....
අපි එකතු වෙලා ඒක ඉස්සරහට ගෙනියමු...

ලාංකිය බ්ලොග් කලාව දිනේවා....

මේ වගේ පොස්ට් එකකට මට ප්‍රතිචාර තියෙයිද කියන එක මම දන්නේ නැ....... එත් මට හිතෙන දේවල් කිවේ.....

මම දන්න බ්ලොග් ලියන අනිත් අයගේ බ්ලොග් වලට ගොඩාක් උදව් කරන (උදව් කරනවා කියලා කරන්න  පුලුවන් ෆලෝ කරන එකයි. කමෙන්ට් දාන එකයි, නොදන්න දෙයක් කියලා දෙන එකයිනේ) අය ඉන්නවා ඕන තරම් එදාට වඩා....

ඒ හැමොම ගැන මම පස්සේ ලියන්න හිතාන ඉන්නවා......

හිතට දැනෙන දේවල් දේවා ඔන්න ඔහේ ලියලා දැම්මා.... හිත රිදෙන්න දෙයක් හරි වැරදි දෙයක් හරි කියලා තියනවා නම් සමා වෙන්න

72 comments:

  1. මේක හරියටම මට ලියවුවා වගේ...
    මම මේ ටික හොදට හිතට ගන්නම්.
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. ෆලොවර්සල ඇරුණාම අනික් දේවල් නම් මට ඇති තරම් ලැබෙනවා . බලන අය ගානට කමෙන්ටු අනුපාතයත් නරක නැ , පටන් අරන් අවුරුද්දක් වුනත් හරියට යමක් ලියන්න ගත්තේ මේ අවුරුද්දේ මුල වගේ ඒ ඊට පස්සෙ තමයි කමෙන්ටු එහෙමත් නිරන්තරයෙන් වැටෙන්න ගත්තේ

    ReplyDelete
  3. මී හරක් පිඩියා : ඇත්තටම ඔයාටම ලිවේ නම් නැ මම... එත් ඔයත් එහෙම පොස්ට් එකක් දාල තිබුනා කියලා මම දැක්කා... ඔයාලා වැරදි නම් නැ... එත් ඒ දවස් ගැන ඔයාලා දන්නේ නැ කියලා මට හිතුනා ඒකයි දැම්මේ මෙහෙම

    ReplyDelete
  4. සිරා කතාව දේවා..සීයට දෙසීයක්ම එකගයි ඔයා එක්ක..අපි ලියන දේ අනුව තමයි අනිත අය අපේ බ්ලොග් එක බලන්න එන්නේ..එයාල ෆලෝ කරන්නේ අපේ බ්ලොග් එකෙන් මොකක් හරි වැඩක් තියෙනවනම් නේ..උදාහරණයක් විදියට ලස්සන කවි/නිසදැස් , මනස සුවපත් කරන දේවල්,ජිවිතයට යමක් ගන්න පුළුවන් දේවල්..එහෙම දේවල් මොකක් හරි දෙයක තියෙනවනම් අපි නිතරම ඒ බ්ලොග් එකට යනවා

    ReplyDelete
  5. ඔයාත් එක්ක මම අනිවා එකග වෙනවා...අපි වැදගත් දෙයක් ලිවොත් අනිත් අය අනිවා ඇවිත් බලලා යනවා.. මොනවාම හරි කියලා යනවා... මේක විකරයක් කියලා හිතුනොත් මුකුත් නොකියා යනවා.. (සමහර විට මේ පොස්ට් එකත් සමහර අයට එහෙම දැනෙයි) එත් මම කිවේ මට දැනුන දේ ගොඩාක් ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට

    ReplyDelete
  6. ඔයාගෙ අදහස් වලට මම එක හිතින්ම එකඟයි මොකද ඔයා තමයි මටත් බ්ලොග් එක ලියන්න උදව් කරේ ඒකට නැවතත් ස්තූති කරනවා..

    ReplyDelete
  7. ඔව් මමත් එකඟයි ඔබේ අදහසට , මේ සහයෝගයන් , එකමුතු වීම් ඔස්සේ සාරවත් සිංහල බ්ලොග් කළාවක සිහිනය යථාර්ථයක් වෙමින් පවතින බවහැගේ , එය ශ්‍රී ලාංකිකයෙක් ලෙස සතුටි විය හැක්කේ “සිංහල බ්ලොග් සංස්කෘතියේ අයිතිය ශ්‍රී ලාංකීය අප සතු වනබැවිනි“ , විශේෂයෙන් ප්‍රවිණයන්ගේ අත දීමි , දිරි ගැන්වීම් මඟින් කඝ  හැකි පෙළඹවීම් ගැන මම ද අත්දැකීමෙන් දනිමි

    ReplyDelete
  8. මමත් අද ඉන්න තැනට එන්න ගොඩක් මහන්සි උනා. ඒ ගත්ත මහන්සිය අද සාර්ථක වෙලා තියෙන එක ගන නම් ගොඩක් සතුටුයි. ඒ වගේම තමයි මාත් කරන්නේ ගොඩක් අලුත් බ්ලොග් ලියන අයගේ බ්ලොග් වලට ගිහින් කියවලා කමෙන්ට් කරනවා.

    මොකද මාත් කාලයක් කමෙන්ට් එකක්වත් නැතුව ඔහේ තනියම ලිය ලියා හිටියා දැන් නම් කමෙන්ට් ටිකක් වැටෙනවා. කමෙන්ට් කියන්නේ අපී ඉතිරිය !!!!

    ReplyDelete
  9. ChammA : ඇත්තමයි චම්මා... මොකද බ්ලොග් එකකින් වෙන්න ඕනෙත් ඒකනේ.... එහෙම බ්ලොග් එකකට අපි නිතර ඇදිලා යනවා කියන එක නිරායාසයෙ වෙන දෙයක්.....
    ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  10. කුප්පයා : ගොඩාක් සතු‍ටුයි මට..... බ්ලොග් ‍ෆිල්ඩ් එකේ සදාකල් ‍රැදෙන්න ශක්තිය ඔයාට ලැබෙන්න කියලා සුභ පතනවා

    ReplyDelete
  11. මේක දාපු එක හොදයි දේවා අයියා.
    මමත් මේ ගැන ලියන්න කියලා හිටියේ ඒත් දැන් ඕනි නෑ වගේ..]
    දිගටම ලියන්න
    ජයෙන් ජය..

    ReplyDelete
  12. මට නම් හිතෙන්නේ ඔය දේවල් නැති වුනාට දන්න ව්දිහට මොන ක්‍රමේකින් අනිත් අය සමග සුහදව එකමුතුව සිට්යොත් කොතැනත් වරදින්නේ නැ අපට...

    ReplyDelete
  13. Mahesh Nishantha : ඇත්ත අය්යේ,.... මේ දේවල් අපිම විනාශ කරගන්න ඕනේ නැ..අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් එකතු වෙලා

    ReplyDelete
  14. මගේ ප්‍රධාන පරමාර්තය තමයි අනිත් අයට සහයෝගය දීම . ගොඩාක් හොද නිර්මානාත්මක අය ඉන්නවා. අපි ඒ අයගේ හැකියාවන් එලි දැක්වීමට පොඩි සහයෝගයක් දෙන්න ඕන..මට බ්ලොග් එකක් පවත්වාගන යෑමට වඩා මා සතුටුවන්නේ අනිත් අයට සහයෝගය දීමෙන්..
    සමහර අයට කමෙන්ට් එකක් දාන්න දවසක් දෙකක් මග හැරුනොත් එයාලට හොදට මතකයි . ඔයාටත් එහෙමනේ නෙද දේවා?
    එ කියන්නේ ඔයාලට අපිව වටිනවා කියන එක නේද?

    ReplyDelete
  15. මධුරංග : ඇත්තටම ඔයා එහේම උදව් කරන අය අතර ගොඩාක් ඉහලින් ඉන්නවා,, ඒවා සෙරම ඒ පොස්ට් එකෙන්ම මම කියන්න්ම්කෝ

    ReplyDelete
  16. ආසියා : මම හිතනවා මේක කාලින මාතෘකාවක් කියලා ඒකයි දැම්මේ... කමක් නැ ඔයත් ලියන්න...

    ReplyDelete
  17. එකඟයි! ඇත්තටම දැං ගොඩක් අලුත් බ්ලොග් කරුවන්ට පරණ බ්ලොග් කරුවන්ගෙන් ලැබෙන්නෙ මාර සහයෝගයක්..

    අනිත් කාරණය ඔයා කියල තියනව වගේ හරවත් ලිපි තිබුණොත් ඒ බ්ලොග් එකට අනිවාර්යයෙන්ම කමෙන්ට් වැටෙනව, ඒ වගේම ෆලෝවර්ස්ලත් වැඩි වෙනව.

    ReplyDelete
  18. වෙලාව ලගයි : මම මෙතන එහෙම ඉන්න ඕනේ නැ කියලා කිව්වේ නැ කියලා මම හිතනවා... මම කිවේ ඉස්සර වගේ නෙමේ ගොඩාක් අය දැන් උදව් කරනවා කියලා

    ReplyDelete
  19. නියමයි මචං... මාර වටිනවා.

    අනෙ මචං පුළුවං නම් මේ විජට්ස් ටිකක් අඩුකරපං. මට මේ බ්ලොග් එකට එන්න බැහැ ක්‍රෑෂ් වෙනවා.

    ReplyDelete
  20. මම නම් බ්ලොග් ලෝකෙට ඇවිල්ලා තවම මාස 2යි ඕං! මුලින්ම වැ‍ටුනේ ඇනෝ කමෙන්ට් එකක්.. "ගොන් කතා නොලියා ගිහින් නිදාගනින්!"

    එදා ඉඳන් මම හිතා ගත්තා අලුතෙන්ම බ්ලොග් සටහන් ලියන්න එන අය මම අවංකවම මට පුළුවන් විදියට දිරි ගන්වනවා කියලා.

    මොකද ලියලා ලියලා තමයි ලස්සනට ලියන්න හුරුව හදාගන්න ලැබෙන්නෙ. පුදන කොටම කාපි යකා වුණොත් ආයෙ මොන හිතකින් ලියන්නද?

    ඒ වගෙම මට උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි! ඔබලාගේ සහය නැත්නම්මම ලිවීම නතර කරන්නත් තිබුණා.

    ReplyDelete
  21. මුලින්ම කියන්න ඕනෙ ඔයා මට මෙ බ්ලොග් කෙරුවාවෙ රෑදී ඉන්න දුන්න උපදෙස් හින්දා තමයි මම අද සාර්ථකව මගේ බ්ලොග් එක කරගෙන යන්නෙ.ඔබට ස්තූතියි සහෝ

    ReplyDelete
  22. ගිම්හානි : මම ඒක ඔයාට කලින් කියලා තියනවා නේද? ඔයා බ්ලොග් ලියන්නේ නැති උනත් එහෙම ගොඩාක් උදව් කරන කෙනෙක්... ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැ මම හිතන්නේ... කමෙන්ට් පොස්ට් තුන 4 කට නැ‍ටුව යනවානම් ඒ ගැන හොයන්න මමත් නිකන්ම පුරුදු වෙලා.... ඒ තරම්ම ඔයා බ්ලොග් ලියන අයට උදව් කරනවා අක්කේ.....
    හැමදාම කියනවා වගේ අදත් කියනවා පුලුවන්නම් ඔයත් බ්ලොග් එකක් ලියන්නකෝ...
    ඇත්තටම ලියන අයට ඔයාලාව ගොඩාක් වටිනවා

    ReplyDelete
  23. සසීන්ද්‍ර වීරසිංහ : ඔයා කියන කතාවට මමත් 100%ක් එකගයි.... අලුත් පරන කියලා වෙනසක් නැතුව හැමොටම එකමුතුව යන්න පුලුවන් උනහම මේක ගොඩාක් ලස්සන තැනක් කරගන්න අපිටම පුලුවන්

    ReplyDelete
  24. Prasanna : මොනවගේ ඒවද බන් වැඩක් නැත්තේ.... මම අයින් කරල දන්නම්කෝ එත් තවම වෙන කවුරුවත් කිවෙත් නම් නැ... බලමුකෝ.......

    ReplyDelete
  25. විසිතුරු : ඇත්තටම ඇනෝ කමෙන්ට් කියන දේවල් ඒ තරම් දුරට හිතන්න යන්න හොද නැ... සමහර අය පුද්ගලික දෙවල් මෙවගෙන් පිරිමහගන්න හාදනවා වගේම අපි නමක් තියනකොට ඒකෙන් එන්න බැරිව ඇනෝ ලා කියන දේවල් වලට සැලෙන්නේ මොකටද?
    මම දන්නවා ඔයාට හොද අනාගතයක් තියනවා..

    ජය වේවා

    ReplyDelete
  26. rmpmcreation :මේ වගේ කතා ඇහෙනකොට ගොඩාක් සතු‍ටුයි..මොකද මමත් කිප දෙනෙකුටවත් උදව් කාරලා තියානවානේ
    දිගටම ලියන්න මල්ලියෝ

    ReplyDelete
  27. ඔයාගේ කථාවට 100% ක් එකඟයි දේවා... ඇත්තටම කිව්වොත් ආධුනික හා ප්‍රවීන කියන පරම්පරා දෙක අතර ඉන්න නිසා මට ඔය ගැන හොඳ දැක්මක් තියෙනවා. ඇත්තටම අපි කරන්න ඕනෙ සිංහල බ්ලොග් කලාව තව තවත් ව්‍යාප්ත කරන එක. අපේ යාළුවන්ව (විශේෂයෙන් මූණුපොත වගේ තැන් වල වුවමනාවට වඩා රස්තියාදු වෙන) බ්ලොග් කියවන්න උනන්දු කරන එක. එහෙම බ්ලොග් කියවන අය බ්ලොග් රචකයන් කරවන එක. එයාලට උදව් කරන එක. මමත් මේ ‍ෆීල්ඩ් එකේ දෙතුන් දෙනෙකුටම උදව් කරලා තියෙනවා. එක ගෝලයෙකුත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ආධුනික ප්‍රවීන කියලා බෙදෙන්න ඕනේ නෑ. ඇත්තටම අපේ ප්‍රවීන අයගේ එහෙම ලොකු කම් ඇත්තෙත් නෑ. දැන් පර...ණම සෙට් එක ටිකක් ඇක්ටිව් නෑ වගේ තේරුණත් දෙවැනි පරම්පරාවේ බ්ලොග් රචකයන් මේ ෆීල්ඩ් එකේ දියුණුවට මාර හයියක් දෙනවා. තමන්ගේ බ්ලොගේ ලොකු කරගන්නේ නැතුව හැමෝම හැමෝටම උදව් කර ගන්නවා නම් මේ සිංහල බ්ලොග් අවකාශය අනාගතයේ ගොඩාක් සුන්දර වේවි. දැන් මල් පොහොට්ටු පේනවා. ඒවා නොපිපී පරනොවී ලස්සනට පිපිලා ඵලබර වෙනවා දකින එක තමයි අපේ සතුට. ඔයා මේ වගේ පෝස්ට් එකක් දාපු එකට ගොඩාක් ස්තුතියි. ඒකෙන් මටත් කික් එකක් ආවා මේ වගේ පෝස්ට් එකක් කරන්න.

    කමෙන්ට් එක ටිකක් දිග වැඩි වුනා. තරහ නෑනේ. මේ වගේ හොඳ වැඩ දිගටම කරගෙන යන්න. සිංහල බ්ලොග් අවකාශය දිනේවා...!!! ජයවේවා !!!

    ReplyDelete
  28. ජය වේවා!! මමත් අලුතෙන් නේ ආවේ.... :)

    ReplyDelete
  29. ඔයාගේ කමෙන්ට් එක දිග වැඩි උනා කියලා තරහ වෙන්නේ මොකටද අය්යේ.... මැද පරම්පරාවේ ජිවත් වෙන අපි කරන්න ඕන කරන ගොඩාක් දේවල් ගැන ඔයා කියලා තියන්වා වගේම මගේ පොස්ට් එකෙන් නොකිව දේවල් ඔයා මටත් මතක් කරලා දිලා තියනවා.. ඒකට ඔයට ගොඩාක් ස්තුතියි අය්යේ... අපිට පුලුවන් හැම විදිහකින්ම මේ බ්ලොග් අවකාෂය වියාප්ත කරන එක තමයි අපි කරන්න ඕනේ...
    ඇත්තටම මගේන් මොනවාම හරි දෙයක් අහපු කෙනෙක්ට මම කවදාවත් උදව් නොකර ඉන්නේ නැ... මම දන්නේ නැත්නම් අනිවා දන්න කෙනෙක්ගෙන් හරි අහනවා..මොකද මේ බ්ලොග් ‍ෆිල්ඩ් එකට එන හැමෝම දිගු කාලයක් ඉන්න එක වටින නිසා....
    අනිවා අය්යේ ඔයත් පොස්ට් එකක් දාන්න... අය්යා කිවා වගේ
    බ්ලෝග් අවකාෂය දිනේවාඅ.... සදා වැජබේවා...

    ReplyDelete
  30. රත්ගමයා :දැන් කවුරුත් උදව් කරන්නේ නැද්ද ඔයාට,.... ඔයා ගොඩාක් ඉස්සරහින් ඉන්න කෙනෙක්නේ,...........

    ReplyDelete
  31. ඔව් අය්ය...අය්යගෙ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත...මම මේ බ්ලොග් කෙරුවාව කොරන්න පටන් අරන් එතරම් කාලයක් නැහැ....ඒනිසා මහා ලොකූ අත්දැකීම්නම් නැහැ ඉතින්..

    ReplyDelete
  32. දැනට වුනත් ඔය කියන කවිරුවත් මට උදව් කරේ නෑ.ලාන්කීයයි සින්ඩි ලන්කායි විතරයි උදව් වුනේ.ඒ ඇර වෙන කවිරුවත් උදව් කරේ නෑ.මන් බ්ලොගියේ රැදි සිටින්න හේතු වුනේ අත්වැල මමයි-වටිනාම දේ ඔබටයි හා සාතන් නිසා ඔව්න්ගෙ නොදැනුවත්ව හො කරපු කොමන්ට්ටු නිසා තමා මට බ්ලොගියෙ ඉන්න ආසාවක් ඇති වුනේ

    ReplyDelete
  33. ත‍ටු සිදුන සමනලි : ඇත්තටම නංගෝ කාලය පිලිබද නෙමේ ගැටලුව.. හැමෝම කියන පොස්ට් වල අන්තර්ගතය තමයි.... ඔයා ඒ අතින් ගොඩාක් වාසනාවන්තයි..

    ReplyDelete
  34. නිකමා : ඔයා කියන ඔය දේවල් ඇත්ත වෙන්න පුලුවන්.... මටත් උදව් කරපු අය ඉන්නවා... සමහර අය කැමති නැ එයාලා ගැන එහෙම කියනවට.... ඔයාත් ගොඩාක් වාසනාවන්තයි යාලුවා... මොකද ඔයාටත් කිප දෙනෙක්ම උදව් කරලා තියනවා..... ඔයාත් පුලුවන් හැම වෙලාවකම අලුත් හැමොටම අත දෙන්න... ජයවේවා..

    ReplyDelete
  35. ඔයත් නොදැනුවත්ව හො මට ගොඩක් උදව් කරලා තියෙනවා දේවා.ඔයගෙන් තමයි මන් ගොඩක් ගැජට් විජට් අහුලගෙන මගේ එකේ දාගත්තෙ .ඇත්තටම තැන්කු මචන්

    ReplyDelete
  36. එළ මචන් එල.ජයවේවා

    ReplyDelete
  37. හොද කාලීන ලිපියක් මචං
    බොරු කියන්නේ මොකටද මමත් මේ බ්ලොග් ලියන එක පටන් ගත්තේ අහම්බෙන්.

    ඒ දවස් වල අපිත් එක්ක වැඩ කරන අයට කියලා තමා කමෙන්ට්ස් දා ගත්තෙ

    ටිකක් කාලෙකට විතර පස්සේ ඔයාගේ කමෙන්ට් එක දැක්කට පස්සේ තමා පොඩි හයියක් ආවේ ඇත්තටම මාත් එක්කම බ්ලොග් ලියන්න පටන් ගත්ත රුකා අයියා ඇර ඔයා තමා බ්ලොග් ලියන අයගෙන් මට මුලින්ම කමෙන්ට් එකක් දැම්මේ.

    අපි ඔක්කොම එකතු වෙලා මේ සිංහල බ්ලොග් අවකාශය උස්සලා තියමු අයියා.ඔයාගේ මේ ප්‍රයත්නයට අපේ උපරිම සහයෝගය.

    ReplyDelete
  38. කොමෙන්ටු නැති වුනාම අප්සෙට් යන එක ඕනෙ කෙනෙක්ට තියෙනවා මයෙ හිතේ.
    ඒ හන්දා පුළු පුළුවන් විදියට කොමෙන්ටු දාලා අළුත් අයට ඒ සහයෝගෙ දෙන එක හරිම වටිනවා.
    සමහරුන්ගෙන් නම් පුද්ගලිකව උදව් ඉල්ලුවත් දෙන්නෑ.. ඒත් හුගක් අය එහෙම නෑ.. අනික අපි කිසිදෙයක් දැනගෙන ඉපදුනු අය නෙවේනෙ.අපි දන්න සෑම දෙයක්ම අපි දන්නෙ වෙන කෙනෙක් අපිට කියලා දීපු නිසා කියලයි මම හිතන්නෙ.ඉතින් එහෙම දැන ගන්න දේවල් තවත් අයට කියලා දෙන එක අපේ යුතුකමක්.නැත්තන් ඒ දැනුම අපිත් එක්කම වැළලෙනවා.(ඒ අතින් දේවා ඉස්සරහින් ඉන්නවා...)

    මාත් මේ බ්ලොග් ලෝකෙට අළුත් නිසා හැමෝම කියන ඒවා අහගෙන හොද ඒවා තෝරගෙන දිගු ගමනක් යන්න තමා ආසාවෙන් ඉන්නේ.බලමු පුළුවන් වෙයිද කියලා...

    ReplyDelete
  39. නිකමා : මම ලියපු මොනවාගෙන් හරි ඔයාලට වැඩක් උනා නම් මම ඒ ලියන හැම අකුරක් වෙනුවෙන්ම මම වැය කරපු මහන්සිය අපතේ ගිහින් නැ කියලා මට සතු‍ටු වෙන්න පුලුවන්..

    දිගටම ලියන්න.... ජය වේවා

    ReplyDelete
  40. දේවාගේ කථාව ඇත්ත... හැබැයි බොහෝ‍දෙනා කමෙන්ටු දාන්නේ හරි පරිස්සමින්... අවුරැදු 35 කට පස්සේ හමුවුන වේදිකාව බ්ලෝගේ... මම මට හිතෙන දේ අමුවටම ලියනවා....

    දේවාට ජය !!!!

    ReplyDelete
  41. කුරු ගුරු : ඔයාත් නැවත මගේ පැමිනිම ගොඩාක් ලස්සන කරන්න.. මුල ඉදන්ම මාත් එක්ක උන්නු කෙනෙක්.. මාව ෆලෝ කරපු.. පලවෙනි 5 ඇතුලත ඔයා ඉන්නවා... ගොඩාක් ස්තුතියි යාලුවා

    ReplyDelete
  42. චාලි : මට මතක විදිහට මම ඔයාගේ බ්ලොග් එකට ආවේ ලාංකිය සිතුවිලි එකේ අලුත් බ්ලොග් කියන එක හරහා.... අපු දවසේම මට දැනුනා හොද අනාගතයක් බ්ලොග් ‍ෆිල්ඩ් එකේ.....

    සතු‍ටුයි මට මාත් යමක් ඔයා මේ ‍ෆිල්ඩ් එකේ ඉන්න කරලා තියනවා කියලා දැනෙනකොට...

    එකතු වෙලා වැඩ කරමු යාලුවේ

    ජයවේවා

    ReplyDelete
  43. නාකියා : ඇත්ත යාලුවේ...... කමෙන්ට් කියන්නේ බ්ලොග් ලියන කෙනෙක්ට හුස්ම වගේ,.... ජිවිතේ ජිවත් කරවන රුධිරය වෙන්නේ ෆලෝ කරන අයයි...

    මම නම් පුලු පුලුවන් හැම වෙලේම අලුත් හැමෝ එක්කම ඉන්න ගොඩාක් උත්සහ කරනවා... සමහර ඒවාට කමෙන්ට් දැම්මේ නැත්ත ෆලෝ කරලා එනවා... ඒකත් බ්ලොග් ලියන කෙනෙක්ට ගොඩාක් වටිනවා කියලා මම අත්දැකිමෙන්ම දන්න නිසා....

    හැමෝම එකතු වෙලා ලොකු ගමනක් යමු./...
    ඔව් එකතු වෙලා අපිට ඒ දේ කරන්න පුලුවන්

    ReplyDelete
  44. බස්සා : සමහර එක එක අය කරන දේවල් නිසා කමෙන්ට් කරන එක ටිකක් පරිස්සමින් කරන්න වෙලා තමයි....

    එකතු වෙලා කියමු අපි ලාංකිය බ්ලොග් කලාවට ජය වේවා කියලා එකතු වෙලා අපි කියමු

    ReplyDelete
  45. දේවා..ඔයාලා ලියන අය මම කියවන කෙනෙක්,මම තාම බ්ලොග් එකක් පටන් ගත්තේ නැත්තේ මේක හැමෝටම කරන්නත් බැනේ,බොරුවට පටන් අරන් මගදී නවත්වන්නත් බැනේ,කොමඋනත් කියවන කෙනාට එපිලිබදව ආසාවක් ඇතිවෙන්නත් ඕන, කියවපු දේ වැටහෙන්නත් ඕන එහෙම උනාම නේද එක අදහසක් විදෙයට එලියට එන්නේ.

    මගේ අදහසක් පමනි.....

    ReplyDelete
  46. කතාව සම්පූර්ණ ඇත්ත... මමත් අලුත්නේ ... මුලින් blog කියවල comment දානකොට Sarath lankapriya අය්යා ( අය්යා කියල හිතනවා :D ) තමයි දිරි ගැන්නුවේ එකක් ලියන්න කියල :)
    මේ අදහසුත්, comment වල තියෙන දේවලුත් අපි වගේ පටන් ගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත්... ජයෙන් ජය !

    ReplyDelete
  47. ඔයා කිව්ව කතාව ඇත්ත..අපි ඉස්සර එද්දි මමත් නම් ඉස්සර කිව්වාට දැන් අවුරුද්දක් විතර වෙන්නේ..එත් එ දවස් වල කමෙන්ට් ෆලෝ කරන්න කට්ටිය හුගක් අඩුවෙන් හිටියේ..එත් දැන් එ තත්වේ නැ..අලුත් අය ආවම එයාලා එක්ක ඉන්න කට්ටියක්ම ඉන්නවා..එක හුගක් සතුටු වෙන්න පුලුවන් දෙයක්..එත් හෙමි හෙමින් ගමනක් ආපු අයටත් අද වෙද්දි සතුටු වෙන්න පුලුවන්..එ කොහොම උනත් ඔනේ එකමුතුකමෙන් හොදින් මේ ගමන යන එකයි..

    ReplyDelete
  48. මම අද තමයි මුලින්ම මේ බ්ලොග් එකට අවේ...ඇත්තම කිව්වොත් මගේ බ්ලොග් එක පටන් අරන් තාම දවස් 3යි ..ඉතින් අපි වගේ අයට ඔයාගෙ මේ අදහස් හරිම වටිනව..බොහොම ස්තූතියි

    ReplyDelete
  49. මම අද තමයි මුලින්ම මේ බ්ලොග් එකට අවේ...ඇත්තම කිව්වොත් මගේ බ්ලොග් එක පටන් අරන් තාම දවස් 3යි ..ඉතින් අපි වගේ අ ට ඔයාගෙ මේ අදහස් හරිම වටිනව..බොහොම ස්තූතියි

    ReplyDelete
  50. බ්ලොග් එකක් කියන්නේ තමන්ගේ හිතේ තියෙන කාටවත් කියාගන්න බැරි හැඟීම්, හෝ තමන් සතු දැනුම අනිත් අය එක්ක බෙදා හදා ගන්න තෝතැන්නක් කියලයි මම දකින්නේ. ඉතින් තමන්ගේ බ්ලොග් එකේ ලියන දේ කවුරු හරි බලල යනව නම් ඒක තමයි ලියන කෙනාට තියෙන ලොකුම සතුට. ඔයා ලියපු දේ ලස්සනයි, හොඳයි කියල කවුරු හරි කියනකොට දැනෙන සතුට කියල නිම කරන්න බෑ. කමෙන්ට්ස් හිට්ස් වලට වඩා වටින්නේ ඒ සතුට. ගොඩාක්ම වැදගත් දෙයක් අයියා කියලා තියෙන්නේ. මමත් පුළුවන් හැම වෙලාවකම දන්න කියන හැම බ්ලොග් එකකටම යනවා, ගිහින් කමෙන්ට් කරනවා. මට ගොඩාක් හොඳ මිනිස්සු අඳුන ගන්න ලැබුනා බ්ලොග් ලියන්න පටන් ගත්ත නිසා. සොඳුරු, සංවේදී ගොඩාක් අය අඳුන ගන්න ලැබුනා.

    ReplyDelete
  51. පොඩ්ඩක් පරක්කුයි.
    මමත් හිතනවා එදාට වඩා අද හොදයි කියලා.අදට වඩා හෙට හොදවේවි.

    ReplyDelete
  52. හ්ම්....අයියගේ කතාව සහතික ඇත්ත...මන් මේ බ්ලොග් කලාවට අවේ අපි හැමෝම දන්නා "මාරයා" අයියා මග පෙන්වපු නිසා...ඊට පස්සේ වැරදි අඩු පාඩු හදාගන්න ගොඩක් දෙනෙක් උදව් කළා. මන් මේ වෙලාවේ ඒ හැමෝටම ස්තුති කරනවා වගේම අයියා කියනවා වගේ අපි එකමුතුවෙලා හැමෝන්ටම උදව් කරන්න ඕන.

    ReplyDelete
  53. මම නම් අසැබි දේවල් ලියන්නේ නැහැ.ඒකාකාරී නොවෙන විධියට ඔබේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්න කියල ඉල්ලා සිටිනවා

    ReplyDelete
  54. කාලෝචිත ලිපියක් මල්ලී.
    මමත් හරිම අඩුවෙන් පෝස්ට් දාන්නේ.ඒ මගේ කාර්ය බහුලත්වය හින්දා.

    නමුත් මම පුලු පුලුවන් හැටියට comments නම් දානවා.

    අපි අනිවාර්යෙන්ම මේ බ්ලොග් කලාව රැක ගත යුතුයි.

    ReplyDelete
  55. ඒක නම් ඇත්ත කතාව. මටත් හුඟාක් අය උදව් කලා මේ බොලොග් කෙරුවවාට.

    ReplyDelete
  56. කාලීන වටිනාකමක් තියන ලිපියක් මල්ලී ..........

    ReplyDelete
  57. දිනුශා : අපිත් ඔන්න නිතරම ඒ පැත්තේ එනවා

    ReplyDelete
  58. නිම්ශා : ඇත්ත යාලුවා ඒ ගැන නම් තියෙන්නේ පුදුමාකාර සතුටක් මටත්

    ReplyDelete
  59. විශ්ව : දිගු ගමනකට මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  60. ප්‍රාර්ථනා : බ්ලොග් එකක් ලියන කෙනෙකුට මේ දේ කියන්නේ ඇත්තටම ලොකු දෙයක්.. ඒ අය බලපොරොත්තු වෙනෙත් එච්චරම තමා

    ReplyDelete
  61. රාජ් : අනිවාර්යෙන්ම යාලුවා... ඒ තැන අපිම තමා ගොඩ නගා ගන්න ඕනේ

    ReplyDelete
  62. සිතුවිලි නිහඩයි : ඇත්තටම මාරයා අය්යා මටත් ගොඩාක් උදව් කරපු කෙනෙක්... මමත් ඔයත් එක්ක එකතු වෙනවා ස්තුති කරන්න

    ReplyDelete
  63. ඇනෝ : මටද කිවේ ඇසැබි ලියන්න එපා කියලා... සමවෙන්න මම නම් එහෙම දේවල් ලියලත් නැ.. ලියන්නෙත් නැ

    ReplyDelete
  64. නිල් අහස : ඔයාගේ කමෙන්ට් ටිකත් මාර විදිහට වටිනවා බ්ලොග් ලියන කාටත්

    ReplyDelete
  65. අයේශා : මටත් එහෙම හිතුනා අක්කෝ

    ReplyDelete
  66. පන්සල් හන්දිය : ස්තුතියි අය්යේ ගොඩාක්

    ReplyDelete
  67. රතු මුහුද : ඔයාව මග ඇරිලානේ යාලුවා.... එත් ඔයා කියලා තියෙන්නේ ඇත්ත තමයි... ඒක එහෙම වෙන්න ඕනා

    ReplyDelete
  68. මේක හුගාක් වැදගත්.. මම බ්ලොග් එක පටන් ගත්තෙත් මේ අවුරුද්දෙ ජුනි මාසෙ විතර.. තාම සෑහෙන්න අලුත්.. මට මුලින්ම කමෙන්ට් කරල අදහස් දීලා උදව් කලේ.. මම දැනගෙනවත් හිටියෙ නැති මධුරංග අයියා.. එහෙම උදව් කරන ගොඩක් අය ඩැනට මගේ වටේ ඉන්නවා.. followers ලා 37ක්විතර දැනට එකතු වෙලා ඉන්නවා.. මේ ල්පියට හුගාක් ස්තූත්යි...!!! ඒ වගේම අළුත් අයට අත දෙන එකටත් හුගාක් ස්තූතියි...!!!!

    ReplyDelete
  69. mama ubage atical eka keyawa godakk danekk danna dann udawa karanawa adunikayannta
    ett esssara blog walata keima ekakk udaw dunne neee.....
    thanks ubage artical ekata

    ReplyDelete
  70. හිතුවක්කාරි : මධු කියන්නේ ඇත්තටම මාත් එක්කත් ඉන්න හොද යාලුවෙක්.. බ්ලොග් නිසා අදුන ගත්තු,.. ඒත් ඇත්තටම ඒ කාලේ එහෙම අය හිටියේ ගොඩාක් අඩුවෙන්...

    ජය වේවා

    ReplyDelete
  71. Wickramathilaka : ඇත්තටම දැන් බ්ලොග් කලාව දියුනුයි... මම දැක්කා ජාතික රුපවාහිනියෙනුත් බ්ලොග් එකක් පටන් අරන් තියනවා

    ReplyDelete
  72. ඔයාගේ බ්ලොග් එක හරිම hot අනේ...........

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....