ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

23 April, 2012

සයිබර් සිහින බක් මහ උළෙල - 2012 - මගේ ඇසින්

ලක් මව් තුරුලේ පමණක් නොව ලොකයේ කොහේවත් මෙහෙම බ්ලොග් කරුවන්ගේ එකමුතුවක් අත්විදින්න පුලුවන් වෙවි කියලා මම නම් හිතන්නේ නැ... මේ දිග හැරෙන්නේ ශ්‍රි ලාංකික බ්ලොග් කරුවන්ගේ සයිබර් සිහින උලෙල 2012 මම අත් විදපු හැටි...

කෙටියෙන්ම මේක හදුන්වනවානම් ඇත්තටම පට්ට....

නවක බ්ලොග් තරු වල දායකත්වයෙන්... ප්‍රවින බ්ලොග් කරුවන්ගේ අවවාද සම්පත් ශ්‍රම දායකත්වයෙන් දිග හැරුනු සයිබර් සිහින බක්මහ උලෙල 2012 වචනයේ පරිසමාප්ත අයුරින්ම සයිබරේ මිතුරන් හැමදාම අන්තර්ජාලයෙන්.. බ්ලොග් කමෙන්ට්, ෆේස්බුක් ඔන්ලයින් චැට් වලින් එකතුවෙලා ඉන්න මොහොතෙන් මිදිලා හැබැහින් එකතු වෙලා හැකියාවන් දක්ශතා පෙන්නන්න ගොඩ නංගපු සුපිරිම සුපිරි උලෙලක් කියලා කිසිම විවාදයක් නැතුව කියන්න පුලුවන්...

* විශ්වය මිටින් ගත් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය සදාතනික සහෝදරත්වයේ වින්දනිය කූටප්‍රාප්තිය*

වචන වලින් විස්තර කල නොහැකි ආශ්වාදයක්.. හදවතට දැනෙන සමිප සොදුරු බවක් එක්ක ගෙවුනු හෝරා කිහිපයක් අකුරු කරනවාට වඩා ඒ මොහොතේ මගේ පුන්චි කැමරා කාචයේ (ලොකු කැමරා තිබුනානේ ඒවාගේ 4ටෝ ඉක්මනට එලියට ඒවිනේ) සටහන් උනු සේයාරු කිහිපයකින් මෙලෙස සයිබරයේ බක් මහ උලෙල සදාතනික සිහිවටනයක් ලෙසින් බ්ලොග් පි‍ටු අතරට එක් කරන්නෙමු..

උත්සවයේ අවසාන මොහොත තෙක් ‍රැදිමට නොහැකි ඌ නිසාවෙන් සමහර තරග පිලිබද තවත් බ්ලොග් වලින් කියවන්න ලැබේවි..


මම යනකොට එතන මැච් එකක් ග්‍රවුන්ඩ් එකේ... වෙලාවට අනිත් පැත්ත තමා අපිට වෙන් කරලා තියෙන්නේ... නැත්නම් ඉතින් උදේ පාන්දර ගේම ඉල්ලන්න වෙනවනේ


මේ සෙට් එක උදේම පිට්ටනියට බැහැලා ඕං

හැබැයි සංවිධායක මණ්ඩලය එතනට නියම කෙනාව එවලා තිබුනා වැඩ ටික බලන්න...  පොඩි උනාට කෙල්ලගේ කටේ සැර තමා බලන්න ඕනේ
පේනවානේ වැඩ..
ඇතුල් වෙන්න කැම ටෝකන් ගන්න මුලින්ම ආවේ මෙන්න මේ දෙන්නා

මේ ඉන්නේ ආව අය


මේ ඉන්නේ ආව අය
මේ තියෙන්නේ පහන

එස් එල් ටි එකෙන් ප්‍රධාන අනුග්‍රහය


කථනයෙන් බස් රේඩියෝ

මේ ඉන්නේ ආව අය
සයිබර් අවකාශයේ කනා මුට්ටියට ගහන්නේ මෙන්න මෙහෙමයි..







කනවා කියලා කන්න ඕනද මෙහෙම බනිස්...




 

සමබර බ්ලොග් කරුවෝ 


තව ගොඩාක් 4ටෝස් තියනවා... තව කියන්න දේවල් ගොඩාක් තියනවා.. කොහොමත් හැමෝම දන්නවානේ මම ඉන්න පැත්තට සුපිරි වේගයකින් අන්තර්ජාලෙට ලොග් වෙන්න ෆොටෝ අප්ලොඩ් කරන්න පුලුවන් කියලා.... ඉතින් දැන් නම් ඒවා දන්න අමාරුයි... පුලුවන් උනොත් ඊලග පොස්ට් එකෙන් දාන්නම්කෝ ඔයාලා කැමතිනම්...

සයිබර් බක් මහ උලෙල අදහස ඉදිරිපත් කරමින් එය හිනයකින් යතාර්ථයක් බවට පත් කල ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන හැමෝම දන්න කියන අභිත අයියාට මගේ ස්තුතිය...

අභිත අයියාගේ ඒ හිනේ දෙවෙනි වර දකිමින් එය මෙලෙස සාර්ථක කරගන්න වෙහෙස මහන්සි උන රාජ් සහෝදරයා ඇතුලු අනික් පිරිසටද මගේ ප්‍රණාමය..

මේ හැම කටයුත්තකටම හදවතින්ම උපකාර කරන උපදෙස් ලබාදෙමින්මග පෙන්වන බ්ලොග් ප්‍රවිනයනටද මගේ ස්තුතිය..

ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ උනු හැම දෙනෙක්ටම සම්බන්ද වෙන්න නොහැකි උනත් ඒ වෙනුවෙන් වචනයකින් හරි උදව් කල හැමටමද ගොඩාක් ස්තුතියි...

THANKS

17 April, 2012

වෙඩින්ග් එකක් අරගෙන ගෙදරට එන මංගල යුවලට පොඩි ‍රැග් එකක්....

ටික දවසක් ඉතින් අවුරුදුත් එක්ක ඊට පස්සේ රාජකාරි කටයුතුත් එක්ක සම්බන්ද වෙන්න උන නිසා බ්ලොග් ලොකේ මොනවා උනාද කියලා දන්නේ නම් නැ..

ඇත්තටම ඉතින් මම ඉන්නේ මේ දවස් වල ගොඩාක් දුකෙන් තමා ඉන්නේ...

බ්ලොග් ලොකේ වැදගත්ම අවස්ථාවට සහභාගි විමේ වැට උඩ ඉන්න වෙලා,.... මොනවා කරන්න ද කියන එක එදාටම තිරනය කරන්න කරන්න වෙනවා...

ආවොත් හැමෝම එක්ක මටත් සතු‍ටු වෙන්න පුලුවන් වෙයි... නාවොත් ඉතින් මගේ දුකම තමා... සෝ ඉතින් හැමෝටම ගොඩාක් සතු‍ටු වෙන්න ලැබෙන්න කියලා සුභ පතනවා....

අලුත් අවුරුද්දේ බ්ලොග් එකේ වැඩ පටන් ගන්නකොටම අහන්න ඕන ප්‍රශ්නයක්....

සමහර පැතිවල මේක කරන්නේම නැතිව ඇති... ඇත්තටම අපේ පැතිවලත් ගොඩාක් වෙන්නේ නම් නැ.. ඒත් නොවෙනවාමයි කියන්න බැ...

කසාදයක් බැදලා වෙඩින්ග් එකක් අරගෙන ගෙදරට එන මංගල යුවලට පොඩි ‍රැග් එකක්.....

මොනවද ඉතින් මේ ‍රැග් එකට දෙන්නේ....

* මනාලයා මනාලියව කර මත තබාගෙන පයින් නිවසට පැමිණිම

* මනාලයා මනාලිය විල්බැරෝ (හරි නම දන්නේ නැ) මත තබා ගෙන පැමිනිම

* මනාලිය මනාලයාට පොල් ක‍ටු මාලයක් පැලදවිම

* පාපැදියකින් නිවසට පැමිණිම

* මනාලයා හා මනාලිය වතුරෙන් නැහැවිම

* මනාලයා හා මනාලිය වාඩි වෙන පු‍ටු මත පපඩම් ඇතිරිම

ඔය වගේ එකි නොකි (දන්න ඒවා තව කියන්න) ගොඩාක් දෙවල් කරනවානේ...

සෝ ඇත්තටම එක වදයක් වගේ පෙනුනට පස්සේ මතක් කර කර හිනවෙන්නත් පුලුවන් දේයක්....

(කැම්පස් වල ‍රැග් එක විතරයි ඒ කලේ මතක් වෙන්න තියෙන්නේ කියලා කියනවානේ ඒ සුන්දර නිසා වෙන්න ඇති)

ඇත්තටම මොනවද මේ ගැන හිතන්නේ...

13 April, 2012

සත් ගුණවත් නව අවුරුද්දක්‌ සැමටම

අමුතුවෙන් ඉතින් හැමෝටම මතක් කරන්න ඕනේ නැනේ අද කවදද කියලා.... පොඩි කාලේ ආසාවෙන් බලා උන්නු... තාමත් ලොකු පොඩ්ඩෝ උනත් පර්ස් එකට ටිකක් තදින් දැනුනත් කොහොම හරි සමරන අලුත් අවුරුද්ද තව හෝරා කිහිපයකින් උදා වෙනවා...

ඔන්න නැකත් එහෙම අමතක අයට මෙන්න දැන් හරි ඉතින් බලා ගන්නකෝ...

ලොකේ කොහෙවත් මෙහෙම රටක් එකම වෙලාවට මෙහෙම වැඩක් කරන්නේ නැතුව ඇති එකම වෙලාවකට..

අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕනා..

සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර

අලුත් අවුරුදු උදාව:
අප්‍රේල් 13 සිකුරාදා අපර භාග 07.20ට


පුණ්‍ය කාලය:
අප්‍රේල් මස 13 වන සිකුරාදා අපර භාග 12.56 සිට 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 01.44 දක්වා

ආහාර පිසීම:
අපේ‍්‍රල් 13 සිකුරාදා අපර භාග 07.42 ට

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය:
13 වන සිකුරාදා අපර භාග 10.28 ට


හිස තෙල් ගෑම:
15 වන ඉරිදා පූර්ව භාග 07.08 ට


රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම:
අප්‍රේල් මස 18 බදාදා පූර්ව භාග 06.22 ට

එහෙමනම් ඉතින් ආයේ අපි අලුත් අවුරුද්දේම මුන ගැහෙමු... එතෙක් බ්ලොග් ලියන කියවන ඔබ සැමට උදාවන්නාවු අලුත් අවුරුද්ද වාසනාවන්ත සියලු පැතුම් ඉ‍ටුවන සුභම සුභ අලුත් අවුරුද්දක්ම  වේවා කියලා  දේව්ගේ අඩවිය වෙනුවෙන් දේව් සුභ පතනවා..
 
 සිත් පැහැපත් වන අවුරුද්දක්‌
මෙත් සුවපත් වන අවුරුද්දක්‌
සෙත් සිරිඅත් වන අවුරුද්දක්‌
සත් ගුණවත් නව අවුරුද්දක්‌
 
නිසි කල වැසි ලැබ යල මහ දෙකටම
කෙත් වතු සරුවන අවුරුද්දක්‌.
හැම පැල්පතකම හැම වෙලකටම
ලිප ගිනි මොලවන අවුරුද්දක්‌

09 April, 2012

කෙල්ලනේ කොල්ලනේ ෆේස් බුකියේ චැට් කරනකොට මෙහෙම අයත් මුන ගැහේවි.. පරිස්සමින්

ඇත්තටම මම මේ පොස්ට් එක ලියන්නේ නම් පොඩි ආවේගයකුත් එක්ක.... මුනු පොතේ මට එපා උනුම සිද්දියක් නිසා..

කලින් පොස්ට් එකෙත් කනියා මල්ලි කියලා තිබුනානේ ආයේ ෆේස් බුක් යන්නේ නැතුව අප්ඩේට් බලන්න මෙහේ එනවා කියලානේ....

ෆේස් බුක් මම මාත් එක්ක චැට් කරන හැමෝම එක්ක වගේ මම යාලුවෙක් විදිහට චැට් කරනවා..

මේ පින්තුර ටිකත් බලන්න්කෝ ඇයි මට ටිකක් විතර තද උනේ කියලා....

මේ චැට් එක උනේ ඊයේ ගිම්හානි අක්කායි ප්‍රියන්ත අයියායි කරන ආදරණිය නිශාන්තය අහන අතර තුර ෆේස් බුකියේ මගේ







මෙතනින් එහාට නම්  ඇත්තටම මේ භික්ෂුන් වහන්සේ නමක් විදිහට පෙනි සිටින කෙනෙක් කියන එකත් මම අමතක කරලා ටිකක් සැරට කතා කලා..

ඔහොම අසහන කාරයෝ ෆේස් බුකියෙන් හොදට මම දැකලා තියනවා... එහෙම උන් චැට් කලා නම් චැට් නොකර ඉන්නවා හරි වදයක් වෙන්න ආවොත් බ්ලොක් කරලා දානවා.. එහෙම අය ඉතින් ගොඩාක් නම් නැ..

කොහොම උනත් සමහර කොල්ලෝ ඉන්නවා ඔහොම හාමුදුරු නමක්විදිහට ප්‍රොෆයිල් හදාගෙන කෙල්ලෙක් යාලු කරගන්න දගලන... මොකද සමහර කෙල්ලොත් එහෙම ඒවට කැමතිනේ...

මොනවා උනත් මම දන්නේ නැ මේ චැට් කරන්න ආව කෙනා ඇත්තටම එහෙම කෙනෙක්ද හාමුදුරු නමක්ද කියලා...

ඇත්තටම භික්ෂුන් වහාන්සේලාට ෆේස් බුක් පාවිච්චි කරලා ධර්ම් ප්‍රචාරේ යෙදෙන පුලුවන් කම හොදටම පවතිනවා.. ඒ වගේ දෙයක් කරනවා නම් රට තවත් ලස්සන වේවි......

ෆේස් බුක් පාවිච්චි කරන කෙල්ලෝ කොල්ලෝ ඔක්කෝගෙන්ම ඉල්ලන්නේ... බුදු දහමට විතරක් නෙමේ ඕනැම ධර්මයක අපහාස වෙන විදිහට හැසිරෙන ප්‍රොෆයිල් බ්ලොක් කරලා එහෙමත් නැත්නම් රිපොට් කරලා දාන්න...

ඇත්තටම මේ වගේ මානසික රෝගින්ට අපි මොනවද කරන්න ඕනේ

04 April, 2012

මේ ෆෝටෝ ගැන මොකද හිතන්නේ (අප්‍රියල් 01ට ගැලපෙනවද?)

කොකිල නාදය දසත ඇසෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තියෙන මාසෙත් උදාවෙලා.. දවස් තුනකුත් ගෙවිලා.. මාසේ ආරම්භ වෙනකොටම අපි ගොඩාක් දෙනෙක්ගේ ජාතික දිනය උදාවෙනවානේ...

එදා පොස්ට් එකක් දාන්න උනනත් අපි ඉතින් ඉන්න අති රමණිය පරිසරක උනත් අන්තර්ජාල පිවිසුමට ඩොටේ විම කරදරයක් නිසා කාළගුන අවුල් නිසා බැරි උනානේ...

අර මාළුවා ලගකදි දාල තිබුන කොහෙද පොස්ට් එක (අනේ ලින්ක් එක නම් දැන් නැ දන්න කෙනෙක් දාන්නකෝ) ඒකේ වගේ මම කුරුණැගල කිවට තව මෙහෙනේ...

කොහොමහරි කමක් නැ ඉතින්.. මේ මාක් අයියාගේ මුනු පොතේ පැය තුන හතරක රවුමකට පස්සේ එකතු උන පලවෙනිදා (අර මෝඩයාගේ දිනේ)මතක් වෙන්න ගැලපෙන ෆොටෝ කැලි ටිකක්... තව ඒව ඔයාලා ලගත් තියනවානම් මගේ වොල් එකට එහෙම එවන්නකෝ ටැග් කරලා