කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර වගේම ගොඩක් බ්ලොග් වල ගිම්හානි අක්කා කමෙන්ට් දාලා තියනවත් දැක්කා.
චතුගේ කතා කාලෙකින් දාලා තිබුන අනිවසරි පොස්ට් එක නිසා බ්ලොග් එකේ මකුළු දැල් අස්සෙන් ඔලුව දාන්න ඔනා කියලා හිතුනා.
ඇත්තටම 2010 පෙබරවාරි මාසේ වගේ තමා මුලින්ම මම බ්ලොග් කියන දේ ගැන දැන ගත්තේ ජිවිතේ මල් ගුරුතුමී ගෙන්. එහෙම නැතිනම් සංසාරේ අපි ටීචර් ගෙන්
අවුරුදු ගානක් ලංකාවෙන් ඈත ඉදලා මේ අවුරුද්දේ ලංකාවට එන්න කියලා හිතාන ඉන්න නිසා මේ අවුරුද්ද ටිකක් විශේෂ අවුරුද්දක්.
ඒ වගේම ඊයේ 2018 පෙබරවාරි 04 වෙනිදා 70 වෙනි නිදහස සමරනකොට පහුගිය අවුරුද්ද පුරා ෆේස්බුක් පිටුවල ලියපු දේවල් වලින් හා එකතු කරගත්ත අය එක්ක එකතු වෙලා හැමෝටම කියවන්න පුළුවන් විදියේ නවකතා, කෙටිකතා නිසදැස් එක්ක තව ගොඩක් දේවල් ලියවෙන වෙබ් අඩවියක් පටන් ගන්න පුළුවන් උනා..
එක තමා ඇත්තටම තියෙන විශේෂම කතාව..
බ්ලොග් වලින් ගොඩක් ඈත් වෙන්න හේතුව උනෙත් මම හිතන්නේ එකම තමා..
ලියන කතා ගොඩක් බලන්න ඒ පැත්තේ එන්න කියලා ආරාධනා කරන ගමන්
අවුරුදු 8 ක බ්ලොග් ජිවිතේ ලැබුන දේවල් අපමණයි.
ඒ හැමදේකටම හැමෝටම ස්තුතියි කියන ගමන් මකුළු දැල් ටික කඩලා යන්න ආව ගමන කොටපු පොඩි සටහනත් අවසන් කරනවා..
හැමෝටම ජය
අහ්හ් තව ටිකෙන් අමතක වෙනවා එන්න කීවාට එන්න පාර කිවේ නැහැනේ..
www.ruwa4u.com ඔය තියෙන්නේ පාර..
ඇවිත් යන්න එන්න එහෙමනම්
සතුටක් දේවා මල්ලී මෙහෙම හරි දකින්නට ලැබීම සිංහල බ්ලොග් තුල. වෙබ් අඩවිය පැත්තටත් ගියා , ලස්සනයි , කියවන්න නම් බොහෝ දේ තිබෙනවා වගේ.
ReplyDeleteවෙලාවක් ලැබුණොත් ආයෙත් බ්ලොග් එකටත් යමක් ලියන්න,
කලකට පස්සේ වෙලකට බැස්සෙ වගෙද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteloku deyak mehema hari mathak wechcha eka :) welcome again Deva
ReplyDelete