ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

25 April, 2017

යලි විමසන්න එපා............

මොකක්ද මන්දා තරගයක් තියනවලු. ඔය තරග වලට නම් මම ලියලාම නෑ. මොකද ඉතින් ලීවා කියලා වැඩක් නැහැනේ..
එත් සයිබර් යායේ වල්ගාතරු ගැන ලියලා තිබුන නිසා මටත් බ්ලොග් එකක් තියනවා කියලා මතක් උනා..

කතාවක් ලියන්න වෙලාවක් නෑ මොකද දැන් බුකියේ කතා පිටුවක් කරගෙන යනවනේ. එකේ ලියපු කතාවක් මේකේ දාලා මේ අවුරුද්දෙත් බ්ලොග් සාමාජිකත්වය තියාගන්න ඕනා කියලා හිතුනා.. බ්ලොග් එකේ ලිය නොවුනත් බුකියෙන් එන්නේ මේ පැත්තේ.  එක එක විදිහේ කතා කියවන්න ලැබේවි

https://www.facebook.com/SrilankanRuwa/

යලි විමසන්න එපා............

සුදු නංගි....

ඔයාට ඔය නමින් කතා කරන්න පුලුවන්ද තිමිර

අවුරුදු 4කට පස්සේ. ඇයි අද මාව මතක් වෙලා

පහුගිය අවුරුදු 4 ටම උන්නද මලාද කියලා බැලුවද?

මම ගැන බැලුවේ නැතත් ඔයා නිසා බඩට ආපු ඒ අසරණයා ගැන බලන්න ඕනා කියලා හිතුනේ නැද්ද?

දෙවිවරු වගේ වෙච්ච මගේ අයියයි අප්පච්චි නොහිටින්න මමයි මගේ පොඩි එකයි අද පොලවේ පස් යට

සුදු නංගි මට සමාවෙන්න..

දැන් මොනවටද තිමිර සමාව ඉල්ලන්නේ...
කරන්න පුළුවන් හැම විදිහටම මාව අසරණ කරලා
දැන් සමාවත් ඉල්ලනවද? ඇයි අර රුප සුන්දරී නැද්ද ලග

මට වඩා සිය දහස් ගුණයකින් ලස්සනයි කියලා නේද ගියේ.. බඩට ළමයෙකුත් ආවට පස්සේ...

මට ජිවිතේ වැරදුනා තමයි සුදු නංගි
අද මම ඒවාට විදවනවා...

මම විදවන තරම් ඔයාට මොනවද තිමිර විදවන්න තියෙන්නේ...
මොනවා උනත් කමක් නැ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.
වදින්නම්

සුදු නංගි කෝ අපේ පුතා.

මොකක්..
මොන හිතකින්ද ඔයා ඔහොම දෙයක් අහන්නේ..
ඔයාගේ පුතෙක් මෙහෙ නැ.
උප්පැන්නේ පුතාගේ නමට තියෙන්නේ ඉරක් මිසක් තිමිර කියලා නෙමේ...

ඇයි අර ඉන්නේ රුප සුන්දරියක්දෙන්න එක්ක හදා ගත්තා නම් හරිනේ

එයා ඒවාට කැමති නැ. කැත වෙනවලු

මට මගේ පුතාව බලන්න පුලුවන්ද?

බැ ප්ලීස් තිමිර කරදර කරන්න එපා.. ඔයාට බලන්න ඔයාගේ ළමයි මෙහෙ නැ.

අවුරුදු 4ක් කතා කරලා දුක සැප අහපු නැති ඔයා..

කොහොමද ඔහොම මොනවත් වෙලා නැ වගේ කතා කරන්නේ...

මම තියනවා... අයෙ කතා කරන්න එපා.
පිං සිද්දවෙයි.
මටයි මගේ පුතාටයි සැනසිල්ලේ ඉන්න දිලා ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නනකෝ

කතා නම් ගොඩක් තියනවා... පුළුවන් අය ඇවිත් යන්න එන්න එහෙමනම්. 

ගිහින් එන්නම්. ලබන අවුරුද්දට කලින් මුණ ගැහෙන්න බලමු. 

මේ බ්ලොග් එකටම 04 / 30 ට අවුරුදු 6ක් පිරෙනවා.  කලින් බ්ලොග් එකත් එක්ක බලපුවහම ඉතින් අවුරුදු 7 කට වැඩි කාලයක් මම බ්ලොග් වල ඉදලා තියනවා..

ජය වේවා




9 comments:

  1. බුකියනං බුකිය බ්ලොග් නං බ්ලොග්. බොලා හදන්නෙ දෙකම එකක් කරල හොර ඡන්ද දාගන්නද? එවුව හරියන්නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. තරගේට මොනයි කරන්න ඕනා... දන්නේ නැනේ

      Delete
  2. ඇත්ත කථාවක්ද? සංවේදීයී

    ReplyDelete
    Replies
    1. කතා කියවන්න අර පිටුවට ආවනං

      Delete
  3. හම්මෝ බං ! දැක්ක කල්... මෙහෙම දෙයක් වෙන්නම ඕනේ බොලාටත් බ්ලොග් මතක් වෙන්න...

    ඔය කිව්වට අපිත් ඔහොමම තමයි බං !!!

    බ්ලොග් ඇනිවසරියට සුභ පැතුම් !!! ජයවේවා

    ReplyDelete
    Replies
    1. බුකියෙද් වත් දැක්කේ නැ තමා අය්යා
      ලොකේ සැහෙන්න වෙනස් වෙලා..

      කොහොමද ඉතින්

      Delete
  4. උඹට ඔය ලී කොට වලින් වැඩක් නෑ බං.. හැක්..

    ReplyDelete
    Replies
    1. තර⁣ගයක් තියනවායි කියලා දැක්කට හරි හමන් අප්ඩේට් එකක් නැ බන් මම දන්නේ

      Delete
    2. බ්ලොග් වසන්තය 2017 මත විමසුම ඇරඹුනා...!

      ඔව්, අප කියූ ලෙසටම 2017 දීත් ඔන්න වසන්තය ඇවිදින්.

      එන්න, ලියන්න, ජයගන්න, සතුටුවෙන්න.

      මෙවර වසන්තය වෙනුවෙන් නීති රීති වෙනදා වගේඅයි. බ්ලොග් වසන්තය ෆේස්බුක් පිටුවෙහි අද සිට මැයි 16 දක්වා පලවන සියලු ලිපි ඡන්ද විමැසීමට එක්කර ගනු ඇති.

      හොර ඡන්ද හෝ ඡන්ද කැන්වසින් යනු ඔබේ අයිතියකි. ඒව මැඩ පවත්වා සාධාරණ විනිශ්චයක් ලබා දීම අපේ වගකීමකි.

      එහෙනම් මිත්‍රවරුණි, අපි පට්ටාංගමු... ලියන්න..


      සැ/යු - ඔබට තේරීම මාරු කරන්නට අවස්ථාව ඇති නිසා ඡන්දය දැමීමට අන්තිම මොහොත වනතුරු ඉන්නට අවශ්‍ය නැත.

      https://upashantha.blogspot.com/2017/04/blog-post.html?showComment=1493200219940#c4914896512170657606 තොරතුරු අළුත් වෙන්නේ මෙතන



      Delete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....