ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

28 January, 2013

ගම්පහ ගේට්ටුව විත් මඩ

කාලෙකට පස්සේ ඉතින් ඔන්න බ්ලොග් ලිය ලිය උන්නු දෙන්නෙක් තුන්දෙනෙකට හිතුනලු කට්ටිය එකතුකරගෙන  ඒ අයට කැම වේලක් එහෙම දීලා දානමය  පින්  කමක් එහෙම කරගන්න....

සාමන්යෙන් ඉතින් දානයක් දෙන්න කලින් බණක් කියනවනේ....  සැමා ඉතින් ඒක ඊයේ කරලා කියලා දන ගන්න ලැබුනේ දැන් ආයේ ෆේස් බුකියේ මැසේජ් බලනකොට,....

බන අහලා ඒ පින් ටිකත් එකතු කරන් අද (27)  කට්ටිය්වම දානමය පින්කමට සහබාගි කරගෙන ( රු 200 ගානේ එකතු  කරන් ) ඔන්න ඉතින් ඒ  පින් කමත්  කළා......

....................................................................................................................................

2013 - 01 - 27

වෙනදා හිරු උදාවෙන විදිහටම හිරු උදාවුනත් මේ දිනේ  ඊට දවසකට කලින් කිතුල් ගල ගිහින් පට්ට ආතල් ගොඩක් අරගෙන අතේ පයේ අමාරු තිබුනත් උදේ 5.30 ට විතර ඇහැරිලා ඉතින්  6 ට විතර බස් එකක එන්න පිටත් උනේ බ්ලොග් කරුවන්ගේ ගේට්ටුව තියනවා කියපු ගම්පහ  හෙනරත් ගොඩ මල් වත්තට 

කොහොම හරි 8 විතර වෙනකොට ගම්පහ ට එන්න පුළුවන් උනත් ඉතින් කලින් සැමා ගන්න එන්නම් කිවත් ඉතින් එක නොවුන නිසා මන්තුමා සුපියල් 100 ක් දීලා විල් එකක් අරගෙන එතනට ආවේ පරක්කු වෙලා ඇති කියලා හිතලමයි....

අනේ ඉතින් මම යනකොට ලස්සන ලස්සන නංගිලා අයියලා එක්ක ගේට්ටුව ලගට වෙලා ඉන්නවා පාක් එකේ ගේට්ටුව අරිනකන්...... (ඒ නංගිලා ගැන කිවේ මම ගේට්ටුව අරින්නත් කලින් එතන කියන්න හොදේ ) 

ඔන්න ඉතින් වට පිට බලනකොටඑක පුරුදු ඩයල් එකක්වත් නැති නිසා මමත් පැත්තකට වෙලා ඉන්න ගමන්  සැමා ටත් සිරා ටත් කතා කලහම තව විනාඩි 15න් ඔතන කියලා කිව නිසා මමත් බලාගෙන ඉන්නකොට එක මල්ලි කෙනෙක් ඇවිත් අය්යා ගේට්ටුවටද කියලා අහපු නිසා පොඩි චැටක් දාගෙන උන්නා ..(මට ඒ මල්ලිගේ බ්ලොග් එකේ නම මතක නැනේ.. මේක බැලුවොත් ලින්ක් එක කමෙන්ට් එකකින් දාන්න හොදේ )

ඔහොම ඉන්න කොට ආවාහුරු පුරුදු නංගී කෙනෙක්.... ආපු ගමන් ඉතින් වැඩි කතා බහක් නැ.. ඇතුලට යනවා එතන ගේට් එකේ අය එක්ක කතා කරනවා ආයේ එනවා යනවා මටත් ඉතින් ඉන්න බැනේ.. මොනවද බන් කරන්නේ කියලා ඇහුවා ෆිට් එකටම... මම මේ ගයිඩ් කෙනෙක් හොයනවා බන් කියලා කිවා මාත් ඉතින් ඒ නංගිට ඒ වැඩේ කරගන්න දීලා ඉන්නකොට ආවා අපේ සංවිදායක සත් ගුණවත් සිරා කොලුවා....

කෝ කවුද වෙන ඇවිත් ඉන්නේ කියාගෙන ඇවිත්... අර ගරල් කෙනෙක් ඉන්නේ පවනි තරංගා කියලා තාම ඇවිත් නැද්ද එයා තමා ගයිඩ් කෙනෙක් හොයලා දෙනවා කිවේ කෝල් කලහම තාත්තා කතා කරලා කිවනේ වැඩේ හරි කියලා සිරා කීවහම ඉතින් මට හොදටම තේරුනා සිරා හොදටම නාලා ඇද ගෙනම කියලා

පවනි තරංගා ත් එතනම උන්නු නිසා ඉතින් ඒ ගැන මුකුත් නොකියා ඉන්න උනා

ඇත්තටම  වෙලා  තියෙන්නේ  මෙකලු.....

ගාඩ්න් එක අවටින් දන්නා කියන කෙනෙක් සිරා හොයනකොට ගයිඩ් කෙනෙක් සෙට් කරගන්න මුණ ගැහිලා තියෙන්නේ පවින් තරංගා විතරයි....
පවනි තරංගා කියන්නේ කොල්ලෙක් කියලා සිරා අද වෙනකන් දැනගෙන ඉදලා නැති නිසා පවනි හොදටම සීරාව අන්දලා පවනි ගේ ම නම්බර් එක දීලා තාත්තා ගේ එක කියලා.. සිරා කෝල් කරලා

සි : හෙලෝ...
ප : හෙලෝ (පිරිමි කටහඩක් )
සි  අන්කල් පවනි තරංගා ඉන්නවද?
ප : දුව නම් ගෙදර නැ කවුද කතා කරන්නේ...
සි : මම මේ සිරා කියලා කෙනෙක් නංගී සමහර විට කීවද දන්නේ නැ අපි 27 ගම්පහ ගාඩ්න් එකේ ලංකාවේ  හැම පැත්තේම ඉන්න බ්ලොග් ලියන කට්ටිය එකතු වෙන්න බ්ලොග් ගේට්ටුවක් තියනවා
ප : අහ්හ් ඔව් ඔව් දුව කිවා ඉතින් ඒ වැඩේ කරලා දෙන්නම් ඒ ගැන බය වෙන්න එපා දුවත් ඒවිනෙ එදාට...

ඔන්න ඔහොමලු පවනිගේ තාත්තා එක්ක කතා කරනවා වගේ පවනිත්  එක්ක කතා කරලා නාගෙන තිබුනේ...

ගේට්ටුව ඇතුලට යන්න කලින් දන්නා කියනා බ්ලොග් කරුවන් ගොඩක් එක්ක කතා කරන්න ලැබුනානේ....

සත් ගුණවත් සිරා , සැමා  ප්‍රවේශ පත්‍ර අලවිය කම්මල ට බාර දෙමින්...

6 වෙනකොට ගම්පහ ට ආවලු චතු මිතු හැබැයිගේට්ටුවට අවේ නම් මම අවට පස්සේ







කතා නැතුව බලමු ෆොටෝ.......................................

බ්ලොග් ගේට්ටුවේ මුල්ම ටිකට් පත චතු මිතු මිලට ගනිමින්...
 ඔන්න මේ අයත් ආවලු..........



මෙයා මේ කියවන්නේ කා ගැනද ඉතින් කියමු බලන්න දන්නා අය

වෙන ගේට්ටුවලදී  මම මේක දැකලා නැ ඉතින්...... එන අය දන්නා කියන අය එක්ක  කතා බහ කරලා ඉන්නවා වගේම හැමෝම ඉස්සරා තමන්කවුද කියලා හදුන්වලා දෙන්න අවස්තාවක් දුන්නඑකගොඩාක් වටිනවා

ඔහොම තමන් ගැන හදුන්වලා දුන්නට පස්සේ  ඉතින්  අර පවනි නංගි  හොයලා දුන්න ගයිඩ් නැති උනත් සිරා කොලුවා  ලංකාවේ ප්‍රථම  රබර්  ගහ  හිටවපු  තැන. (දැන් එතන  ලංකාවේ දෙවෙනි  රබර් ගහේ  මුල විතරක් දකින්න ලැබෙන වලු )  දැනට ලංකාවේ තියන ලොකුම කද  මහත රබර් ගහ පෙන්නන වත්ත වටේ එක්කගෙන ගියාලු.....

මේ තියෙන්නේ ඒ මුල  ලු....

සත් ගුණවත් සිරා ගයිඩ් වැඩේ කරමින්....
ගයිඩ් වැඩේ ගැන සැහෙන උනන්දුවෙන් බ්ලොග් පිරිස (ෆොටෝව තරියා ගෙන් හොරෙන් )


මෙතන  සිරා රබර් ගහේ උපතේ සිට විපත දක්කවාම ඒ කාලේ උන්නා වගේ එතන තිබුන බෝඩ් එක බලාගෙන කිවේ නැ කියලා තමා මම ලග උන්නු අය කිවේ....

ඔය අතරේ අපේ ලිමෝල් හිමි බනි තුමා ඔක්කොම කද  මහත ගස් වල ෆොටෝ අරගෙන ගියේ ඒවා තාත්තා ට පෙන්නලා ඉරන්න හොද ගස් තියනවා නම් ඒවා කපන්න කියලා තමා තතු දන්න අය කිවා කිවේ....
ඔන්න ඉතින් හෙට අනිද්දා ඔය ලංකාවේ ලොකුම කද  මහත රබර් ගහ එහෙම නැද්ද කියලා ගම්පහ පැත්තේ ඉන්න අය හොයලා බලනවා නම් හොදයි....

ඔහොම ඇවිදලා  ආවට පස්සේ බස් රේඩියෝ ටීම් එකෙන් පිරිමි  අපචාරයකුත් උනාලු.... මේ තියෙන්නේ එකට ශාක්ෂි.....

බලහත් කාරකමට සුදානමින්...


බලහත් කාරකම අතර තුර

බලහත් කාරකමින් අනතුරුව...
මම හිතන විදිහට ශ්‍රීලාකික  බ්ලොග් ඉතිහාසයේ ප්‍රථම වරට  (කලින් වතාවක පවත්වන්න උත්සහ කරලා කරගන්න බැරි උන ) ක්‍රිකට් තරගාවලියක් මෙවර ගම්පහ  ගේට්ටුවේදී පවත්වන්න යෙදුනා...
මේක ඉතින් අපි ඔය බලන කණ්ඩායමකට 11 ගානේ ඉන්න පන්දු ඕවර 50,20 තරගයක් නෙමේ කණ්ඩායමකට 2 බැගින් කණ්ඩායම් 12ක් තරග වැදුන එක පිලක් පහර දෙනකොට අනිත් ටීම් එකොළහම ඒ කියන්නේ 22ක් පිට්ටනියේ පන්දු රකින පන්දු ඕවර දෙකකට සිමා උණු පිති කරුවන් ඊට පෙර දැවී ගියොත් ඉනිම අවසන් වෙන විදිහේ කාටත් විනෝද වෙන්න පුළුවන් තරමක් අසීරු තරගයක්... (ටීම් එකක 11ක් රකිනකොට බැට් කරන්න බැරි අය 22ක් රකිනකොට ලේසි නැනේ )

ඔන්න ඒ තරගෙට මන්තුමා සමග සිංහයා ( නිරෝෂන් ) කණ්ඩායම් ගත වෙලා ක්‍රිකට් ගහන්න කියලා පිට්ටනියට ගියා..... (එකේ වැඩිය ෆොටෝ නම් නැ... ගේමට එන්ටර් වෙලානේ )

වලත්ත රජා එක පන්දුවකට පමණක් මුහුණ දී දැවී ගිය මොහොත

විනිසුරු සු  දී  ක  අවදියෙන්,...

ලොකු ෂෝ දමමින් පිටිය සකසා පහර දී ලකුණු නොලැබූ කිකට් තරුව

කඩුල්ල පිටුපස ස්කුබි...

වේගවත් පහරකට සුදානමින්...
තරගය කණ්ඩායම් දෙලහම පහර දීමෙන් අනතුරුව දිවා අහාරයට තරගය නතර කලේ අවසන් මහා ක්‍රිකට් ගැටුමට  මම තුමා නායකත්වය දරපු  වයබ ටීම් එකත් සැමාගේ බල ප්‍රදේශය කැලණිය නියෝජනය කරපු කස්සා ගේ අය්යා මලෝ ටීම් එකත් සුදුස්සන් බවට පත් කරමින්...

සැමා ගේ දානමය පුන්‍ය කර්මය ගැන ඊලගට ලියන්න ඉඩ තියලා බ්ලොග් අවකාශයේ ක්‍රිකට් සුරයන් ගැන කතා කරලා ඉමුකො...

දෙදහසක අධික බ්ලොග් කරුවන් අතරෙන් තෝරාගත් තරගකරුවන් 24 අතරේ පැවතුන මේ ක්‍රිකට් ගැටුමේ  අවසාන මහා තරගයේදී  කස්සා ගේ පිල ලකුණු 9කින් තියුණු ලෙස පරාජය කිරීමට නිරෝෂන් ගේ දක්ෂ පන්දු යැවීමත්  දේවා නොහොත් මෙතුමා ගේ  වමත් දකුණත් පන්දු පහර දීමත් හේතුවෙන් මේ වසරේ ක්‍රිකට් කිරුල වයබ පුරවරයට රැගෙන ඒමට පුළුවන් උනා.....

ලන්ච් එක දෙන්න කලින් සැමා ගේ සපත්තු දෙකහංගලා නිසා කැම ගේන්න යන්නේ නැතුව සැමා පිට්ටනියේ වර්ජනයකුත් කළා.. ඒ තරහටමද කොහෙද කැම ගෙන්න පැයක් විතර ගත්තේ බ්ලොග් කරුවන්ගේ ඉවසීමේ ගුණය කොයි තරම් තියනවද කියලා බලන්නලු..

ඔහොම කාලය ගෙවිලා ගිහින් අන්තිමේ කැම ගෙනාවත්.. කැම එක්ක දෙන්න ගෙනාපු පපඩම් පාර්සලේන කාටවත් පපඩම් නොදී එක සම්පුර්ණයෙන් ගෙදර අරගෙන යන්න සැමා සමත් උනා කියලා කිවොත් මම හරි නේද?

ආපු අයගෙන් අහන්නේ කාටවත් පපඩම් එහෙම ලැබුනද?


කැම  වලදන බොල්ග් කරුවන්.
අත් සේදීමේ යහපත් ගුණය ඇති පිරිස කැමෙන් පසු

බ්ලොග් කාන්තාවන් වෙනුවෙන් පමණක් පවත්වන්නට යෙදුනු තොප්පි හුවමාරුව


ජයග්රාහිකව චාතු මිතු

2013 බ්ලොග් සිහින බක්මහ උළෙල අප්‍රියල් 21 බව නිවේදනය කරමින්

ගියෙන් ගිය



සුපිරි ඩාන්ස් සමගින්

කවුද මෙයාව ඔතාගෙන ආවලු

සුපිරි වීරයා ගියෙන් ගිය ජයගත්

ආව අයගෙන් කොටසක්

හවලිවීමට බොහෝ දේ තිබුනත් පොස්ට් එක ටිකක් දිගයි වගේ ඒ නිසා බ්ලොග් ඉතිහාසයේ තවත් අමතක නොවෙන දවසක් අපිඅ ලබා දුන්නු සැම් සිරා  අටම්  ඇතුලු සැමට ගොඩාක් ස්තුතියි කියලා අදට නවතිනවා..

ප.ලි. : මඩ ලිවේ උපහාසයට මිස අපහාසයකට නම් නෙමේ... මද නොතිබුනා නම් ආතල් එකකුත් නැනේ...





132 comments:

  1. ගෙට්ටුව හොඳට තිබිලා වගේ.

    ඒ උනාට එක්කෙනෙක්ගේ, දෙන්නෙක්ගේ ඇර කාගෙවත් මූනු පෙන්නෙන්නේ නැත්තේ ඇයි? වැඩි හරියක් ඉන්නේ පින්තූරුවලට පිටිපස්ස හරවලා.:(

    කෑම පාර්සල් එකේ තිබුනේ මොනවද අනේ? පපඩම් තිබුනු බව දන්නවා...:-)

    ReplyDelete
    Replies
    1. පපඩම් තිබුනට කාටවත් කන්න ඒවා හම්බුනේ නම් නැ ඒවා අරගෙන යන්න ඇති අනේ.... මොනවා උනත් කියන්න ඕන කැම එක නම් හොදයි.....

      කට්ටිය පත්තර වල මුණු වැටෙයි කියලා බයටනේ ඉතින් ඔය....

      Delete
    2. අක්කා කෙනෙක්ගෙ පපඩමක් මං උදුර ගත්තා... නැත්තම් ඉවරයි..

      Delete
    3. පපඩම් දුන්නා...ටිකක් වෙලා ගිහිල්ලා තමයි පපඩම් ගැන මතක් වුනේ...

      Delete
    4. නෙරංජි සුලක්ඛනා උදුරා ගන්නවත් දැක්කේ නැනේ... පපඩම් ටික කැම අරගෙන එනකොට විතරනේ දැක්කේ.......

      Delete
    5. සිරාගෙ කාමරේ : පපඩම් දුන්නා පස්සේ.. කෝ අපිට ලැබුනේ නැනේ.... තව දෙයක් ආයේ ගේට්ටුවක් සංවිදානය වෙනකොට පැරිස් ලා සෙලිනාලා එන්න තියන නිසා හෑදී ගරුප්පු එහෙම ලෑසති කරනත් මතක තියාගන්න වෙයි...

      Delete
    6. සිරාගෙ කාමරේ තව ටිකෙන් අමතක වෙනවනේ ඉතින්..... සොරි හොදේ....

      Delete
    7. //පපඩම් පාර්සලේන කාටවත් පපඩම් නොදී එක සම්පුර්ණයෙන් ගෙදර අරගෙන යන්න සැමා සමත් උනා කියලා කිවොත් මම හරි නේද?//
      බලපං පපඩම් බෙදන්න දීපු එකා පැත්ත පලාතෙ හිටියෙ නැහැ. ඒක අපි දැනගත්තෙ ඌ බෑග් එක පැත්තකින් තියල ගිහින් කියල දැක්කම :(

      Delete
    8. පපඩම් තිබුණේය. මමද කෑවේය. එකට කාපු කස්ටියට බෙදන්නට අහුරක් අරගෙනද ගියේය. අවසන් වරට දකින විට තිබුණේ කණ්ණාඩි දෙකක් දැමු හීන්දෑරි පුරුෂයකු අතේය.

      Delete
    9. සිරා කොලුවා ලඟටම විත් පපඩමක් ප්‍රදානය කර යාම අගය කරමි :P

      Delete
    10. sAm (සෑම්) : කවුද ඔය පපඩමා.......... නොබෙදා මාරු උන.............

      Delete
    11. තහනම් වචන : ඒ කවුරු ගැනද කිවේ කියලා හිතන්න ගියොත් පිස්සු හැදෙයි..... ඒ නිසා පපඩම් තිබුනේ නැ කියලා හිතනවා....

      Delete
    12. සමී : අපිට කොහෙන්දෝ පුසෝ මාළු... අපි යනවයි මුදු...........

      Delete
  2. අඩේ උබ ලියලනේ බන් මම ලියන්න හිටපු ටික. ස්තුතියි ආවට. ජය....!

    ReplyDelete
    Replies
    1. කමක් නැ බන් අයියේ... උබත් ලියපන්කො..... අනේ ඒ මොකෝ ආවට තැන්කු කියන්නේ අපි පොඩි මිනිසුනේ.....

      Delete
  3. Mechcharada bn mada. Iye Kawuda ekek mage nama dagena okata awalu ne. E awe mama nam newey.

    ReplyDelete
    Replies
    1. ආයෙමත් අහන්නෙ ඇත්තටම රෙපා බබාද ඈ

      Delete
    2. නෑ බං රෙපයි ඔය ආව කියන හොර රෙපයි දෙන්නම බබාලා...

      Delete
    3. රෙපාට මල එහෙං පැන්නේ නැහැලු ඊයේ

      Delete
    4. රෙප් මහත්තයා : කවුද බන් එහෙම එකෙක් ආවා කියලා කිවේ.... මට හිතෙන්න නම් කවුරු හරි උබට බොරුවක් කියලා... ඔය වගේ ලොකු උත්සව වලට ඒ වගේ පොඩි මිනිස්සු ඒවිද බන්..

      Delete
    5. desh දේශ් , සිරාගෙ කාමරේ : අනේද කියන්නේ.......

      Delete
    6. නොහික්මුණු ඇස : එහෙම එකකුත් උනාද? අපි දන්නෙවත් නැනේ.... මොනවද ඇත්තටම උනේ.....

      Delete
  4. අපි නං ආවලු ඇ ...............

    ReplyDelete
    Replies
    1. ආවද ඇත්තටම ......... අපි දැක්කෙත් නහලුනේ.......

      Delete
  5. අඩේ පට්ට ගති බන්.... එන්නයි තිබුනෙ..... ලස්සනට කරල තියෙනව....

    ReplyDelete
    Replies
    1. ආවේ නැත්තේ මොකද........... අපරාදෙනේ.....

      Delete
  6. කෝ යකෝ සෑමෝ පපඩම්..?? අපි දැක්කෙත් නෑනේ බන්..

    මුණ ගැහෙන්න ලැබීම සතුටක් දේවා.. (කව්රුත් මාව ඔතාගෙන ආවේ නෑළු- හිකිස් :පී)

    ReplyDelete
    Replies
    1. පපඩම් ටික සැමා බයිට් එකට තියා ගත්ත කියලා නිල නොවන ආරංචි මාර්ගයකින් දන ගන්න ලැබුනා

      Delete
  7. කෝ යකෝ සෑමෝ පපඩම්..?? අපි දැක්කෙත් නෑනේ බන්..

    මුණ ගැහෙන්න ලැබීම සතුටක් දේවා.. (කව්රුත් මාව ඔතාගෙන ආවේ නෑළු- හිකිස් :පී)

    ReplyDelete
    Replies
    1. ඔතාගෙන ආවේ නැ......... අපි මුකුත් දැක්කේ නැහැලු......

      Delete
  8. ෂා ගෙට්ටුව හොඳට තිබිලා වගේ.. අපිට එන්ට බැරි වීම ගැන දුකායි..ඊළඟ එකකටවත් එනවා..අපි ඉතිං තාම අලුත්නේ..
    CSK LANKA

    ReplyDelete
    Replies
    1. අලුත් අයත් ගොඩාක් ඇවිත් තිබුනා.... එන්නනේ තිබුනේ ඉතින්.....

      Delete
  9. gettuwa ela..
    Payakata asanna kalayak badaginne thabima gana imahath sathutata pathwemi.. :p

    Bath eke agama hariyedi,papadam kallak mata nam hambuna onna..

    Pera nodutu bohomayak dena,daka haduna ganna labima gana bohoma sathutui.
    Samahara aya ekkanam katha krannath bari una.bakmaha ullelatath enna puluwn unoth e ayath ekkath katha karamuko..

    Sanwidayaka mandale hamotamai.hithadara blog karuwanta,kariyanta saha blog kyawana hamotama isuthi..

    Hamuwima sathutak.. Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක කාපු කාටවත්ම පපඩම් නම් ලැබුනෙම නැ ඔන්න....

      හමුවීම සතුටක්.... බලමුකෝ අවුරුදු උළෙලට එන්න...... සුවර්ම නම් නැ හොදේ....

      Delete
  10. උඹේ සුහඳශීලී ආමන්ත්‍රනය,හඳුන්වාදීම මට තාම මතකයි ලඟටම ඇවිත් අතට අත දීල.

    උඹලද දිනුවෙ..!

    පව් බං.....පපඩම් අපිටනම් දෙපාරක් බෙදුව..!

    කෝ බං ඔය පොටෝවල මම නෑනෙ එකකවත්..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..... ඔන්න අපි තමා ලු දිනුවේ....

      අපේ පපඩම් ඉතින් උබලත් කාලනේ...

      කලින් ගියා නේද? හවස දැක්කේ නැනේ...

      Delete
  11. සිරා මාසයක් ට්‍රේන් උනාලු ගයිඩ් වැඩේට. හැමදාම පොරක් තනියෙන් රබර් ගහ ගැන විස්තරයක් කරනවා කියලා පාක් එකේ අයට අප්සට් වෙලා දෙන්නෙක් විතර අංගොඩ ගෙනිච්චයි කියලත් ආරංචියි....

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ නොපැමිණීම මම දැඩිව හෙළා දකිමි.

      Delete
    2. සිරාවට........ ඒ පැහැදිලි කිරීම එතන බෝඩ් එක බලාගෙන උනත් සුපිරියටම කලා..... එතන ගම්පහ මහත ම කඩ කියලා එතන උන්නු බ්ලොග් කාරිනියකට අත දික් කරලාම පෙන්නපු එක නම් අප්සෙට් ද මන්දා?

      Delete
    3. හැබැටම මොකද මාතලන් නාවේ..... මේකට පොඩි මිනිසසු විතරක් එන නිසාද?
      හැබැයි ඉතින් වැප් අය්යලා ඕනේ අය්යලා වගේ ලොකු පොරවල් ආවනේ...

      Delete
  12. අඩේ!!! කොහොමත් වයඹ කොල්ලෝ තමයි කප් එක ඉස්සුවේ ඈ! එතකොට බං අර රත්තාගේ ලෝකල් සෙලීනා සින් එක???

    ReplyDelete
    Replies
    1. එකේ පින්තුරයක්ජ් ගන්න මම මහත් අමාරුවෙන් සමත් උනා :D

      Delete
    2. මගේ කැමරාවෙත් තිබුනා අහම්බෙන් වැටුණු ෆොටෝ එකක් සෙලිනා කෙල්ලගේ ..

      Delete
    3. නාඩියා නාඩිරත්න රත්තගේ සින් එකේ ෆොටෝ ගත්තට වැදිලා නැද්ද කොහෙද බන්....

      Delete
    4. නොහික්මුණු ඇස : කොහෙටද අප්ලෝඩ් කලේ.........

      Delete
    5. චමී4යූ~chami4u : බුකියේම අප්ලෝඩ් කළා නම් හොදයි නේද? ටැග කරලම

      Delete
  13. අඩෝ පට්ට පට්ට හොඳේ...

    ReplyDelete
  14. අඩෝ පට්ට පට්ට හොඳේ...

    ReplyDelete
    Replies
    1. උබ ආවද බන්... කතා කරපු බවක් මීටර් නැනේ...

      Delete
  15. හරිම සතුටුදායක හමුවක් වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කේ.............. අක්කලවනම් දකින්නම වෙන්නේ නැ වගේ....

      Delete
  16. හයියෝ.... මං මේ ටිකේ බ්ලොග් බලන එක නවත්තනවා..

    ඊයේ වෙනකම් ඉන්න දුන් නෑ හැම තිස්සෙම ඕක මතක් කර කර.. මට එන්න වෙන්නේ නැ කියලා දන්න නිසා ඒ කේන්තියට බැන බැන හිටියා.. දැං මේවා දකින කොට ඊයේ කාපු කට්ට මතක් වෙලා කේන්ති යනව... ගර්ර්ර්ර්ර්ර්........

    හොඳට කෑවා නං එච්චරයි කට්ටියම.. හි හි

    ReplyDelete
    Replies
    1. සිරාවටම එන්න තිබුනේ ආ

      Delete
    2. හිරු හැ...... එතකොට ඊයේ වෙඩිමක් තිබුනේ නැතුවා,,,,,, අපිට කොලේ වහලා ගහලා ද මන්දා....

      Delete
    3. නොහික්මුණු ඇස : එකට ටිකක් වැඩියෙන් පින් තියෙන්න ඕනා මම හිතන්නේ...

      Delete
    4. දැන් මේ කල්පනා උනේ... වෙඩිමට ගිය එකෙන් ඔහොම බේරුනා.. ඕකට ආවානං මොනවයින් මොනවා වෙයිද දන් නෑ නේ.. හි හි....

      Delete
    5. හිරු : අහ්හ්..... ආවානම් ඉතින් කොයි තරම් ලස්සන වෙන්න තිබුනද කියලා බලාගන්න තිබුනනේ... ඔය මද පොඩ්ඩක් වැදුනත් මොකද?

      Delete
  17. අඩෝ මම පන්දු 3කට මුහුණ දුන්නා ඈ!!! :) :)

    ඊට පස්සේ පිටිපස්සේ බංකුවක් උඩ පන්දු රැක්කා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. 2ක් වයිට් වෙන්ටැ

      Delete
    2. මම නම් එක පන්දුවකට විතරයි ලු :P

      Delete
    3. අඩවි රජ : වෙන්න බැ..... පන්දු රැකක්ද? නැත්නම් බෝල අල්ලනවා බල බල උන්නද?

      Delete
    4. desh දේශ් : එහෙවත් උනාද මන්දා ඉතින්..

      Delete
    5. නොහික්මුණු ඇස : පන්දුව දෝලනය වුනා ඔනාවටත් වඩා නේද? වායු ගෝලයේ ජල වාෂ්ප වැඩි මම හිතන්නේ... ඒ වෙලාවේ..

      Delete
  18. ශා ...........මාරයි ..ඉරිසියයි ...වෙන මුකුත් කීන්න බෑ මයි :(

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ගොඩාක් දේවල් කියන්න තිබුනා ආවනම්.......

      Delete
  19. අපරාදේ. එන්න උනේ නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. අතලග තිබුන එකට ඉතින් ආවේ නැනේ....

      Delete
  20. ලස්සනට තිබිල තියන බව පේනව . අපිවත් මතක් කරන්න ඇති නේද :D

    ReplyDelete
    Replies
    1. ලස්සනට නම් තිබුනා අක්කෝ...... ඔයාව ඉතින් අපිට අමතක වෙන්නේ නැනේ... පොඩ්ඩක් දෙයක් හිතුනා එක අහන්නම් පස්සේ සෙට් උන වෙලාවක... හිකිස්

      Delete
    2. ආ ඔව්!!!! ලොකු ජෝනා මට කීවා ඔයා කෝල් කලා කියලා :)

      Delete
    3. අඩවි රජ : හ්ම්ම්ම්..............

      Delete
  21. ආහ් 26 කිතුල්ගල ආවැයි? 26 දවසම මාත් ගෙදරනෙ හිටියේ. ආයෙමත් ආවොත් බුකියට වත් මැසේජ් එකක් දාන්ට ඇ.

    එන්න බැරිවුනු එක ගැන දුකයි. වෙන දවසක හමුවෙමු ඇ

    ReplyDelete
    Replies
    1. mokak da machan umbe blog eaka

      Delete
    2. මම ආවේ 25 බන්... උබ ඒ පැත්තේද ඉතින්... අපි උන්නේ නම් අර ගග අයිනේම තියෙන රෙස්ට් එකේ... කැලේ පැත්තෙත් රවුමක් දැම්මා...

      ආයේ ආවොත් කියන්නම්කො,,

      Delete
    3. දිනෙල්ක මෙන්න බන් ලින්ක් එක... http://deshayeshaktheya.blogspot.com/

      Delete
  22. මගෙන් මරුම් කන්න එපා @*&@#@^#*@& :D

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් ඇත්තනේ කිවේ.... මරනවානම් පෙට්ටියකුත් ඔය කපලා ඉරාන මල්වත්තේ ලි වලින්ම හදලා දිපන් බනියෝ...

      Delete
  23. අපිට( මටයි වීය ටයි ) නම් පපඩම් නාන්න ලැබුනා මොකද බෙදන තැනනේ උන්නේ

    ReplyDelete
    Replies
    1. මට එකක්වත් නැ

      Delete
    2. Loku John : අන්තිම අසාධාරණයි..................

      Delete
    3. අටම්පහුර : සංවිධායක මණ්ඩලයත් නැති කොට අප ගැන කවර කතාද?

      Delete
  24. කට්ටිය මඩ නාලා වගේ මේ මදි හැබැයි..
    ඔන්න අපිට නම් ඔය පැත්තේ එන්න උනේ නෑලු....O.o
    අපරාදේ මිස් උනේ චාන්ස් එක..:D

    ReplyDelete
    Replies
    1. ඔයාලා ගොඩාක් බිසී මිනිස්සුනේ නේද ඉතින්.... ගම්පහ ට එන්න පාර හොයා ගන්න අමාරු වෙන්න ඇති එක නිසානේ නාවේ නේද?

      Delete

  25. ලෙසටම ගෙට් එක තිබුණි , තව මඩ ගහන්න එවුන් ඉන්න නිසා තව ලියන්න තියේ :D

    ReplyDelete
    Replies
    1. තව ලියන්න නම් තිබේ කියා මටත් හිතේ........

      Delete
  26. Replies
    1. චුට්ටක් විතර ෂර්ට් එක ලොකු වැඩි කම ඇරෙන්න..... හිකිස්.... තැන්කු තැන්කු....

      Delete
  27. එන්න හිටියේ....

    ReplyDelete
  28. හොදට තිබිල වගේ... ඔහේ හිටියනම් අනිවාර්යෙන්ම එනවා... අපරාදේ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් හොදට තිබුනා.............. ආයේ මෙහෙ එනකාලේ එකක් සෙට් කළා නම් හරි............

      Delete
  29. කමෙන්ට් වලට හොද හොද උත්තර දෙන්න තියෙනවා. මෙ වෙලාවෙ බැන්ක් එකේ වැඩ ගොඩයි අද රැටම එවා දාන්නම්කො

    ReplyDelete
  30. පපඩම් ලැබුණේ නැත,බත් එක අරන් ආපු කෙනත් ලැබුණු පපඩම් දෙකම මගදි කාලා.. :/ අර සෙලීනා අක්කයි රත්ගමයයි ඉන්න පොතෝ එක මම ගාව ඇත.. ;)

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝව අප්ලෝඩ් කරලා මුණු පොතේ අපිවත් ටැග කරන්න.... මේ දවස්වල රික්වෙස්ට් දන්නා බැ ලිම්ට් වැඩි නිසා මාක් අය්යා මාව බ්ලොක් කරනවා පොඩ්ඩ ඇත්නම්....

      අපෝ මේ ශම්මි ආඩම්බර කාරියක්ද මන්දා කතා කළෙම නැනේ..

      Delete
  31. අර ඉස්සෙල්ලම හම්බුනු නම මතක නැති මල්ලී මමය :D

    ReplyDelete
    Replies
    1. කෝ මම කිවනේ බ්ලොග් ලින්ක් දාන්න කියලා මල්ලිට.....

      Delete
    2. http://samigepunchilokaya.blogspot.com/ :)

      Delete
    3. තව දෙයක්.. මොකද අර කමෙන්ට් එකක දාල තිබුනෙ අන්තිම ගෙටෙක කියලා??:O:O

      Delete
    4. ගොඩාක් වෙලාවට එක එහෙම වේවි.......

      Delete
  32. හරිම සතුටුයි කොල්ලෝ මේ දවස පුරාම මාත් හිටියේ උඹලගේ දස්කම් කෙළි කවට කම් හොදින් විදිමින්...උදාවෙන්නේ උඔලගේ හෙට දවසයි. ඒ දවස පැහැබරයි...
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. නලින් අය්යා නිකන් වයසයි වයසයි කීවට මට නම් එහෙම පෙනුනේ නම් නැ හොදේ.... උදාවෙන දවස අපි හැමෝගෙමයි අයියේ...

      Delete
  33. කට්ටිය හොදට විනෝද වෙලා තියෙන්නෙ. සිරා මටත් එන්න කිවුවා. බ්ලොග් වලට අලුත් නිසා සහ වැඩක් යෙදුන නිසා ආවෙ නැහැ. ලබන පාර එනවා අනිවාර්යයෙන්ම. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වල අලුත් පරණ කතා වක් නම් එතන තිබුනේ නැ මම දන්නා විදිහට.... අනිවා ඊලග වතාවේ එන්නකෝ..... හැබැයි ඉතින් මෙතනට ආව නම් ක්ලාස් එකකට ළමයි සෙට් කරගන්නත් තිබුනා

      Delete
  34. ‍කට්ටිය හොදට විනෝද වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  35. ශා...........

    පට්ට දවසක්නේ.
    මටත් ආය ඔය වගේ එකක් තිබ්බොත් එන්ඩ අසයි.
    but මාව කට්ටිය වැඩිය දන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. නොදන්නා කට්ටිය දැන ගන්න.. දන්නා කට්ටිය ගැන තව ටිකක් වැඩියෙන් දන ගන්න.... තමා මේවා තියෙන්නේ.... ඔහොම ලැජ්ජා නොවී ඊලග එකට එන්නකෝ.....

      Delete
  36. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  37. අෆොයි....මට නම් අන්තිමට මරු සම්බොලෙකුත් සෙට් උනා...තාම කන කීන් ගානවා

    ReplyDelete
    Replies
    1. එකනම් අපිටත් ආරන්චියි.........

      Delete
  38. මටත් පපඩම් හම්බුණේ නැනේ

    ReplyDelete
  39. සුපිරියි දැන් නන් ගියා වගේ තමයි

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එහෙම බැලු එන්නම ඕනලු.......

      Delete
  40. මට නම් පපඩම් හම්බවුනා.මන් හිතන් හිටියේ දේවා කියන්නේ සූටි කොල්ලෙක් කියලා එවෙලේ දැනගත්තේ දෙවා කියන්නේ අයියා කෙනෙක්නෙ කියලා.මොනා වුනත් මාත් පොඩි එකෙක්නෙ කියලා කීපු එක හෙලා දකිනවා ඈ :)

    ReplyDelete
    Replies
    1. පොඩි උන් හිතාන ඉන්නේ ලොකු උන් කියලා නේද? හිකිස්............ අපිත් පොඩියි හොදේ........

      Delete
  41. අඩෙ උබත් ගියාද බන් අපරදෙ මට එන්න බැරි උනානෙ

    ReplyDelete
  42. හිල් වෙච්ච සැල්ලඩෙන් වැලි හලනකොට වගේ ඇගිලිකරු අස්සෙන් බෝලෙ වැටෙන හැටි....විකට් එක කොහේද දන්නෙ නැතුව යවන දැවැන්ත වයිඩ් පන්දු....කලාතුරකින් විකට් එකට එන‍ බෝලෙට, දෑත බදලා පොල් අඩි ගහන්න ගිහින් වැරදිලා පොලු ගැලවෙන හැටි......
    ඕව මෙවා දැකලා ඇඩුනෙ නැතුව විතරයි....එච්චරටම කූජිතයි කට්ටියගේ ක්‍රිකට් ගැහිල්ල....

    වැඩිම දෙනෙක් දාපු තොප්පියේ නිල හිමිකරු මමයි...

    ReplyDelete
    Replies
    1. හොදට හෝදපං සුමියා උකුනෝ බෝවෙයි :)

      Delete
  43. :):) අවසානේ සියල්ලොම සතුටින් ගෙවල් බලා විසිර ගියහ...


    දැකලා කතා කරලා අඳුරගන්න ලැබිම ගැන නම් හරිම සතුටුයි ඈ

    ReplyDelete
  44. //කොහොම හරි 8 විතර වෙනකොට ගම්පහ ට එන්න පුළුවන් උනත් ඉතින් කලින් සැමා ගන්න එන්නම් කිවත් ඉතින් එක නොවුන නිසා//
    මේ වරදේ සම්පුර්ණ වගකීම තරියාට භාර කරමි. බලපං ඌව නැගිට්ටවන්න ගෙදරට යන්න වුණා.

    //පපඩම් පාර්සලේන කාටවත් පපඩම් නොදී එක සම්පුර්ණයෙන් ගෙදර අරගෙන යන්න සැමා සමත් උනා කියලා කිවොත් මම හරි නේද?//
    බලපං පපඩම් බෙදන්න දීපු එකා පැත්ත පලාතෙ හිටියෙ නැහැ. ඒක අපි දැනගත්තෙ ඌ බෑග් එක පැත්තකින් තියල ගිහින් කියල දැක්කම :(

    අඩො මම කැතයි අර මයික් එක තියන් ඉන්න විදිහ :/

    ReplyDelete
  45. අඩේ මං සෝ දාලා ළකුණු දෙකක් රැස් කලා ඈ...
    අපිනං පපඩං කෑවා නිකං බත් කනවා වගේ..
    මොකෝ පපඩං බෑග් එක තිබ්බේ මං ගාවනේ...

    ReplyDelete
  46. මගෙ ෆොටෝ එකක් ප්‍රසිද්ද ස්ථානයක පල උනාමද කොහෙද ? හොදවෙලාවට පස්සෙ ගත්ත ෆොටෝ නැත්තෙ.

    ReplyDelete
  47. ගම්පහ උන්නැහෙලට අපේ ස්තුතීය

    ReplyDelete
  48. නියමයි...... ඔක්කොමලගේ පෝස්ට් කියෙව්වම අපිත් ගියා වගේ තමා දැනෙන්නේ.......

    ReplyDelete
  49. මටනම් පපඩම් 2ක් ම හම්බවුනා බං...

    ReplyDelete
  50. තෑග්ගෙන් බාගයක් අපිට ගන්න බැරි වෙයිද මන්දා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....