ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

17 January, 2013

ලංකාවේ සුජාත දියණි මාකට් වීම.

කාලෙන් කාලෙට ලංකාවේටීවී බලන ප්‍රේක්ෂක ජනයා ආකර්ෂණය කරගන්න විවිද වැඩ සටහන් එලියට එනවනේ..... කාලයක් හැමෝම බැන බැන එත් හැමෝම වගේ බලපු වැඩසටහන් කිහිපයක් විදිහට ශාන්තිගෙන් පටන් අරන් මහගෙදර ප්‍රවීනා...වගේ රන් දෙ පැය  වගේ ඒවාට මිනිස්සු එකතු වෙලා උන්නානේ.....

ගොඩාක් දෙනා දැන් එකට එක එක කතා කියන්න ගත්තානේ.... ගෙවල් වල කැමක් බිමක් හදන්නේ නැ.. ගෙදර ළමයි එක්ක කතාවක් නැ... ගොඩාක් ගැනු අයගේ ලොකුම වැඩේ මේ -ගොන් රන් දෙ පැය බලන එක කියලා.....

දැන් ඉතින් ඒවා ඉවරනෙ........ දැන් ඒ හැමදෙනාම එකතු වෙලා ඉන්නේ සුජාත දියණි වටානේ.... මේක එහෙම එකක් නෙමේද? මේකෙන් වයිරය ගැන කියවෙන්නෙම නැද්ද? අර ඒ පවුලේ කතාවල ඒ කාලේ ඒවා ගැනමයි කියලා කිවනේ...

සුජාත දියණි ඇත්තටම ඉතින් මොනවගේ කතාවක්ද කියලා මට නම් ඒ හැටි වැටහීමක් නැ... මොකද මම ඉතින් එක හැමදාම බලලා නැති නිසා වෙන්න ඇති...

මෙහෙම තමා මම දකින්නේ නම් හැමදාම ..

හැබැයි ඉතින් මම බලපු දවස් වල නම් ඉතින් හැමදාම දකින්නේ මොනවා හරි කැමක් හදනවා.... එක කනවා.... ඊට පස්සේ... ඉතින්  අත් දෙක බදාගෙන එහෙට මෙහෙට දුවනවා.....



JEWEL IN THE PALACE කොරියන් කතා මාලාවේ සිංහල අනුවධනයක් වන සුජාත දියණි කොටස් 54ක් එහෙ විකාශනය උනත් දැනට ලංකාවේ නම් මම හිතන්නේ කොටස් 60ක විතර විකාශය වෙලා තියනවා....

මොනවා උනත් ඉතින් දැන් මේක වටා ගොඩාක් දෙනා එකතු වෙලා ඉන්නවනේ... සමහරඅය ගෙදර ඔක්කොම වැඩ පැත්තකට දාලා මේක බලනවනේ.. එත් ඉතින් මේකේ මම දකින ලොකුම හොදේ ඉතින් එකෙන් ලැබෙන ආදායම් වලින් 40%ක් සමාජ සුබ සාධනයට වෙන කරන එක...

LEE YOUNG AE එහෙමත් නැත්නම් කතා නායිකාව 2003 විතර ඔය නාටකයේ රගපානකොටත් වයස 32ක් විතරනේ... බලනකොට තිස් ගානක් කියලා හිතන්නවත් බැ මම හිතන්නේ.... දැන් නම් 41 ලු



දැන් ඉතින් ඔය ඔක්කොමත් නෙමේ ප්‍රශ්නේ දැන් හැම දෙකටම ඔය සුජාත දියනිය ම ඉස්සරහට එන එකනේ....

ක්ලාස්  එකේ සර් ගේ ටියුට් එකේ මුල් පිටුව සුජාත දියණිය,.... පන්තියේ කාඩ් එක සුජාත දියණිය,  බැග් එකේ ඉන්නේ සුජාත දියණිය, ගොසිප් සයිට් වල ෆෙමස් ම කැරැක්ටර් එක සුජාත දියණිය , ෆේස් බුක් එකේ වැඩියෙන්ම ශෙයා වෙන්නේ දැන් සුජාත දියණිය , ෆෙක් සුජාත් දියණි එකවුන්ට් වැහි වහලා.....

ඒ ඔක්කොමත් හරි මේ පැත්තේ නම් පෙරහැරක ආධාර එකතු කරගන්න ගහලා තියන නොට් බුක් එකේ ඉන්නෙත් සුජාත දියණියනේ....

ලංකාවේ ඕන දෙයක් ඉතින් තාවකාලිකයි තමා... අරතැලෙන යකඩේ තැලෙන වෙලාවට හොදටම තලා ගන්න ලංකාවේ තරම් දක්ෂ අය වෙන කොහෙවත් නම් නැතිව ඇති....

ඇත්තටම ඉතින් මේ ජුවෙල් ඔෆ් පලස් එක හදපු කෙනාවත් ලංකාවේ මිනිස්සු හොයන තරම් ආදායමක් ඔය ඩ්‍රාමා එකෙන් හොයලා නැතිව ඇති....


77 comments:

  1. ඔබේ අදහස එක වරම බැහැර කරන්නට අමාරුයි. ඒ කියන්නේ එකඟතාවකුත් තියනවා කියන එකනේ. ඒත් වෙනත් බහුරු කෝලම් එක්ක ගත් කල මෙය නරකම නෑ කියලයි හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර තැන වලදී නම් මම මේකෙත් අර කලින් කියපු කතා වගේම ඒවා දකිනවා.... මේකේ නරකක්ම මමත් කියන්නේ නම් නැ.. ලංකාවේ සමහර ඒවා එක්ක බලනකොටනම් මේක සුපර්.... නමුත් මට නම් 100%කම හරිත් නැ.... මේක ඕනාවට වඩා මාකට් වෙලා වගේ

      Delete
  2. හැක්... මාත් ඕක බලනවා හරිද... හි හි...

    නෑ අනේ.. කාලෙකින් අමුතු ජාතියේ කතාවක් නිසා මේක බලන්න ආස.. එකක් මේක පැයක්ම යනවා.. ඒ කියන්නේ අඩු ගානේ බලන්න දෙයක් තියෙනවා... නැත්තම් ඉතිං පැය බාගෙට ඇඩි දැම්මම කතාවේ බලන්න දෙයක් නෑ නේ...

    කෑම හැදිල්ල ගැන කියනවා නං මට නං ලැජ්ජ හිතෙනවා.. ඇයි අප්පා .. අපි හදන්නේ ‌මොනවද ඒවා දැක්කම.. හි හි

    හැබැයි ඇත්ත කතාව.. මාත් දැක්කා ටියුෂන් ක්ලාස් වල ටියුට් වලත් ඉන්නේ සුජාත දියණි.. හි හි..

    ReplyDelete
    Replies
    1. කෝ මේ හිරු වගේ මහත්තයා...... වැඩ ඉවර වෙලා ගෙදර එන වෙලාවටම ඕක දාගෙන පෑයක් බල බල ඉන්නකොට ඉතින් නිකමටවත් නො කතා නො සිනා ද දන්නේ නැනේ... ටි එකත් හදා ගන්නේ මහතැන ම නේද?

      අම්මෝ ඒ කැම හොදද අනේ... මට නම් ඒ මොනවද කියලා තමා හිතුනේ.....

      Delete
    2. බැරි වෙලා හරි ඒ වෙලාවට ආවොත් ඉතිං ආනිවා බැනුමක් අහනවා.. හි හි.. හැබැයි ඒ වෙලාවට එනවා අඩුයි...ඒක නිසා බේරිලා... හි හි

      කෑම හොද නෙවෙයි.... අර කරන ජාති දැක්කම.... ඇයි අප්පා අඹරලා, පෙරලා, තම්බලා, ගුලි හදලා.... මොනවද නොකරන්නේ.. හි හි

      Delete
    3. අනිවා මහතැනට හැමදාම බැනලා බැනලා එපා වෙලා වෙන්න ඇති... (හිකිස්) ඕනේ නම් අහලා බලන්න කලින් වැඩ ඉවර උනත් බනින්න බැරි කමට 7.30 පහු වෙලා ගෙදර එනවා නේද කියලා...

      අපෝ මේ දවස් වල කෑම අත ඇරලා බේත් බදාගෙන ලු නේද?

      Delete
  3. මාත් ඕක සමහර දවස් වල දකිනවා. කියන තරම් අවුලක් නම් දැකලා නෑ. ලංකාවේ තියෙන අර ගොන් කතා වලට වඩා නම් හොඳයි මම හිතන්‍‍නේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කියලා කිවේ මේ දවස් වල සතියේ දින 5ම එක දිගට දුවන මෙගා සිරිස් ද? මට නම් ඒවා එකක් වත් අල්ලන්නේ නැති නිසා ඒවා බලන්නෙම නම් නැ.....

      මේකේ අවුලක් ගැන නම් නෙමේ කිවේ මේක ඕනාවට වඩා ලංකාවේ මිනිස්සු මාකට් කරනවා කියලා,

      Delete
  4. හොදද නරකද කියල දැන ගන්න මම ඕක කවදාවත් බලල නැහැ. මොන චැනල් එකේ මොන වෙලාවට යනවද කියල දන්නෙ නැහැ. :)

    එක එකා කියන ඒව තමා දන්නෙ !

    ReplyDelete
    Replies
    1. රූපවාහිනී.. 1830 ට... ඔන්න බලපන් මම රට ඉඳලත් දන්නවා.... :D

      Delete
    2. ජාතික රුපවාහිනි හවස 6.30 සිට 7.30 දක්වා.....

      Delete
    3. සැමා , බලපන් ඉතින් ඔය..... මෙහෙ ඉන්න අයට වඩා රට ඉන්න අය මෙහෙ වෙන දේවල් දන්නවනේ......... සෙන්නා ගැන අපි ආඩම්බර වෙන්න ඕනා

      Delete
    4. මූට රූපවාහිනි ඇලජික්

      Delete
    5. අනේ මම ගැන ආඩම්බර වෙන්න දෙයක් නෑ බන්... මම ඔය පහු ගිය දොහේ ලංකාවෙ ඉද්දි කට්ටිය වට වෙලා බලන එක මොකක්ද කියලා විපරම් කරද්දියි මට ඔය තොරතුරු ටික හම්බුනේ.. මම නම් එකක්වත් ඕකෙ බලලා නෑ... ඔෂින්නම් මම නොවරදවාම මුල සිට අගටම බැලුවා ඒදවස් වල...

      @ Luku John,

      රූපවාහිනිය ආණ්ඩුවට කඩේ ගියාට මගේ තක්සේරුව අනුව තාම බලන්න පුලුවන් දෙයක් පෙන්නන්නෙ ඒකෙ විතරයි.. ටෙලියක් ගත්තත් ඒකෙ යන ඒවා අනික්වයෙ යන ඒවට වැඩිය ඉස්තරම්..

      Delete
    6. loku jhon : සැමා ට ඉතින් එස් එෆ් මාමා ඉන්නවනේ... දවසක් අතින් ඇල්ලුවත් කිවනේ.....

      Delete
    7. senna : ඒ කතාව එක්ක නම් මම 100 %ක් එකග වෙන්නේ නැ... ජාතික රුපවාහිනි එකේ හොද දේවල් යනවා තමයි දැන් සිරසේ යන ඒවා ටිකත් නරකමයි කියලා අයින් කරන්න බැ..... අර ඉන්දියානු ඒවා නවත්වලා ලංකාවේ ඒවා යන එක මට නම් හොදයි වගේ....

      Delete
    8. රූපවාහිනි තියා මම එක චැනල් එකක් වත් බලන්නෙ නැහැ බං. ප්‍රවෘත්ති බලනවා සෝමාගේ චැනල් එකේ.

      ඒ ඇර දැන් ටීවි එකේ බලන්න දේවල් තියෙන්නෙ ගෑනු කස්ටියට විතරයි :/

      Delete
    9. සෝමා ආන්ටිගේ චැනල් එකද බලන්නේ ඉතින් නිවුස්..... හ්ම්ම්ම් මම නම් මොකද මන්දා නොබලනම චැනල් එක දැන් එක වෙලා.....

      Delete
  5. මම නම් බලල නැත... ඕක ගැන දැනගත්තෙත් සුජාත දියණී ෆේස් බුක් විරෝධතාවය හින්ද :)

    ReplyDelete
    Replies
    1. මුණු පොතේ එහෙම විරෝධතාවයකුත් යනවද අයියා... මේ පැත්තේ නම් වෙන්නේ එකත් මාකට් වෙන එක තමා ලයික් කමෙන්ට් වලට සුජාත දියණි ෆෙක් ප්‍රොෆයිල් පිටු ගොඩක් තියනවා නම් තමා

      Delete
  6. මටනම් තාම එක දවසක්වත් මේ කතාව බලන්න බැරි උනා . ඒත් ලගදි දවසක මේ කතාවට හඬ කවන ශිල්පීන් රූපාවාහිනියෙ කල වැඩ සටහන නරඹන්න අවස්ථාව ලැබුනා . අදහසක් කියන්න අමාරුයි නරඹලා නැති නිසා .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මේ දවස් වල ගිම් අක්කි ගොඩාක් බිසී වෙලා වගේ.... මොනවා මොනවා හරි මේ අවුරුද්දේ වෙයි වගේ.....

      ඒ කතාව හඩ කවන්නත් ලොකු පිරිසක් ඉන්නවා මම හිතන්නෙත්....

      Delete
  7. මමත් දවස් දෙකතුනක් බැලුවා ඒක. මට හිතෙන විදියට කාලේ කන්න නම් හොදයි ඒක... හි...හි.. මගේ එක්කෙනත් ගෙදර එන්නේ ඔක බලන්නම තමා...

    ReplyDelete
    Replies
    1. කාලේ කෑම කෙසේ වෙතත් එකේ කියන සමහර දේවල් නම් මට ඒ තරම් අල්ලන්නේ නැ.... නමුත් සාපේක්ෂව ඉතින් නරකමයි කියලාත් කියන්නේ නම් නැ මමත්...

      ගොඩාක් එහෙම අය තමා එකට අදික්ට් වෙලා ඉන්නේ...

      Delete
  8. නෙද්දකින් ! ශික් !
    මල ජරා කතාවක් ඕක. !
    වචන දහයක් කතා කලොත් ඒකෙන් අටක්ම "පාලිකාව" කියන එක !
    කනවා බොනවා විතරමයි කතාවේ තියෙන්නේ !
    මේ කතා සෙට් එක මොකට ලංකාවේ පෙන්වනවද මන්දා. සුජාත දියනි නෙමේ ඕක පජාත දියනි !

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙම කියන්න එපා මදුරංග අයියා.... ඕවාට ඔහොම කතා කියන්න ගිහින් ජනතාව පොලු අරගෙන ඒවි අයියාගේ ඔෆිසියටම.....

      පජාත දියණි හොදට අහලා පුරුදු වචනයක් කොහේ හරි ගොසිප් සයිට් එකක

      Delete
    2. මොකෝ මල්ලිත් බලනවද ? :)
      අපේ ගෙදර නම් මල්ලියි අම්මයි කටත් ඇරගෙන බලනවා. අම්මා ආස නිසා මොකුත් කියන්ඩත් බෑ. මල්ලි විතරක් බලනවා නම් මෙලහට්ට පජාත දියණි යන වෙලාවට ටීවි එක වහලා රිමෝට් එක රාජසන්තක වෙලා තියෙයි !

      Delete
    3. මම නම් එහෙමම බලන්නේ නම් නැ... ගෙදර එන්නේ ඒ ටයිම් නේ.... නඟා නම් බලනවා ඉතින්....

      බලාගෙන යනකොට අය්යාත් එසේ මෙසේ කෙනෙක් වගේ නෙමේනේ...... හිකිස්

      Delete
  9. මට නම් ඔක්කොම හොදයි.මුන් ලියන භාෂාවෙන් කතා කරන එක තමයි පෙන්නන්න බැරි.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ !

      Delete
    2. එකනම් ටිකක් විතර තියනවා නම් තමා ඇනො.....

      Delete
    3. මදුරංග අයියා... කන්නම තමා හදන්නේ මට පෙන විදිහට......

      Delete
  10. තාම බලන්න හම්බ උනේ නෑ නෑනේ! අනිවා බලන්න ඕනේ!!!!

    ReplyDelete
    Replies
    1. ඉවර උනහමද නාඩියා.... තව සතියක් දෙකකට වඩා දුවන එකක් නැ මම හිතන්නේ නම්...

      Delete
  11. i like Good Tele drama....i Watch DVD pack....... i don't like watch Sri Lanka TV Channel ....

    ReplyDelete
    Replies
    1. hmmmm i cant understand wt u say..... r u hate SL tv Channel or drama?????

      Delete
  12. හැමදාම බලන පවුල් කතාවලට වඩා වෙනස් දෙයක් තියන නිසා රසිකයින් මේ කතාව වැළඳගන්න කැමතියි..අනික් අතට කොරියානු සිනමාව හා ටෙලිනාට්‍ය දියුණු වී තියෙන හැටි බලපුවාම මේ කතාවට මිනිස්සු මෙච්චර කැමතියි ඇයි කියන එක තේරුම් ගන්න අමාරු නැහැ..

    හැමෝම ටීවි බලන්නේ රසයක් වින්දයනයක් බලාපොරොත්තුවෙන්නේ..මේ කතාවේ වෛරය උලුප්පන බව පේන්නෑ මට නම්...ඊට වැඩිය මට තේරුනේ කෑම බෙහෙත් වෛරය පිරිමසා ගන්න පාවිච්චි කරන්න හොඳ නෑ කියන එක තමයි..

    දැන් වෙළඳපල තුල මේ වගේ ජනප්‍රිය දේවල් මාකට් වෙන එක නවත්තන්න අමාරුයි දේවා..අපි කැමති වුනත් අකමැති වුනත්..

    ReplyDelete
    Replies
    1. මෙතන පවුල් කතාවක් නම් යන්නේ නැ කියන එක මමත් පිලි ගන්නවා.... කොරියානු සිනමාව ටෙලි නාට්‍ය අපේ රටේ සමහර දේවල් වලට වඩා ගොඩාක් ඉහලින් ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නම් නැ.....

      කතාවේ වයරයක් නැ කියන්නම නම් බැ... මොකද ඉතින් ඔය ප්‍රධාන පාලිකා තරගේ ගැන ඊට පස්සේ ඔය කතා නායිකාව එක්ක කොයි තරම් තරහක් තියනවද? මම එහෙම දකිනවනේ....

      ඕනාවට වඩා මාකට් උනහම අපිට එක එපා වෙනවනේ...

      Delete
  13. බලල නෑ. හැබැයි කීප තැනකම කතාවෙනව නං ඇහුව.

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩු වෙලාවක කොටසක් වත් බලන්නකෝ අය්යා....

      Delete
    2. //බලල නෑ.

      බලන්න එහෙම උත්සහ කරන්න එපා.
      අර බොම්බයි මොටයි තියෙනවා නේ ? අන්න ඒවා කෑවා වගේ තියෙයි. කනකන් හොඳයි. කෑවට පස්සේ මොනවහරි කෑවද කියලාවත් හිතාගන්න බැරි වෙයි.
      ඒ තරමටම චාටර් කතාවක් !!!!

      Delete
    3. මදුරංග අය්යා ට නම් හොදටම ඇල ජික් වෙලා වගේ......

      Delete
  14. පුංචි කාලෙ බලපු ඔශින් වගේ අද පරම්පරාවට අනාගතෙ කියන්න දෙයක් ඉතුරුවෙවි

    ReplyDelete
    Replies
    1. බය නැතුව ඔෂින් ගැන කියන්න පුළුවන් උනත් මට මේක ගැන නම් ඒ තරම්ම්ම නම් හොදයි කියලා කියන්න බැ.....

      Delete
  15. අනේ මේක ගැන මතයක් ප්‍රකාශ කරන්න බෑ දේවා. මේක දැක්කෙත් අර නිවාඩුවට ලංකාවට ගිහින් ඉන්න දවස් ටිකේ විතරයි. හැබැයි අපරාදෙ කියන්න බෑ අර හඬ කවපු කොයි කතාවෙත් වගේ කෙඳිරි ගානවා නම් ඇහෙනවා ලෙසටම.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේක සමහර විට එහෙම පොඩි හරි අවුලක් ඇති වෙලා තියෙන්නෙත් ඔය කියන හද කැවීම් නිසාමද කියල කියන්නත් නම් බැ....
      අර මදුරංග කිවා වගේ. පාලිකාවනි............ පාලිකාවනි කියන එක නම් ඇහෙනවා ලෙසටම හැම වෙලාවේම..

      Delete
  16. ///හොදද නරකද කියල දැන ගන්න මම ඕක කවදාවත් බලල නැහැ. මොන චැනල් එකේ මොන වෙලාවට යනවද කියල දන්නෙ නැහැ. :)

    එක එකා කියන ඒව තමා දන්නෙ !///

    math me tika thama danne...

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ලබන සදුදා සවස 6.30 ඉදන් 7.30 වෙනකන් ඉතින් වෙලාව වෙන් කරගෙන බලන්නකෝ.... සතියේ දවස් 5ක්ම ඕක යනවනේ......

      Delete
  17. ලස්සනම හදවතට දැනෙන කතාවක්......

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එකට 60%ක් විතර තමා මට නම් ඉතින් ඔව් කියන්න වෙන්නේ....

      Delete
    2. අවුලක් නෑ බහුතරය කියන්නේ 51% නේ ......දැන් ඔය 60%ක්ම තියෙන්නෙ.. :P

      Delete
    3. ඒ ඉස්සර 51 % වලට තැනක් තිබුනේ දැන් එහෙම බැ අනිවා 2/3 ක් ඕනා ඒ කියන්නේ 66.67 % ක් ඕනා කරනවා. නැද්ද මම අහන්නේ..........

      Delete
    4. අෆ්ෆා ඒකත් එහෙමනේ!............. අයියෝ සල්ලි...

      Delete
  18. මාත් බලනවා බං..
    හැබැයි ඒ බලන්නේ කොරියන් කාරයිංගේ කැමරා ටෙක්නික්, ස්ක්‍රිප්ට් ටෙක්නික්ස් හොයන්න...
    ඒවනං සිරා මේ කතාවේ...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නැති උනට ලෝක අනිත් රටවල කොරියන් නාට්‍ය හා චිත්‍රපට හරි ජනප්‍රියි පොදාකට මේ ෆිල්ම් ටිකත් බලන්න
      My Sassy http://www.youtube.com/watch?v=JuyX_3V-98o
      Speed Scandal http://www.youtube.com/watch?v=Ccu1MH0z_4U
      Old Boy http://www.youtube.com/watch?v=leJDjTEe7Wc
      100 Days With Mr. Arrogant. http://www.youtube.com/watch?v=WDizA3X8vTc

      Delete
    2. තරියා........ ඒ ෆීල්ඩ් එකේද වැඩ කරන්නේ............

      Delete
  19. ලංකාවේ නැති උනට ලෝක අනිත් රටවල කොරියන් නාට්‍ය හා චිත්‍රපට හරි ජනප්‍රියි පොදාකට මේ ෆිල්ම් ටිකත් බලන්න
    My Sassy http://www.youtube.com/watch?v=JuyX_3V-98o
    Speed Scandal http://www.youtube.com/watch?v=Ccu1MH0z_4U
    Old Boy http://www.youtube.com/watch?v=leJDjTEe7Wc
    100 Days With Mr. Arrogant. http://www.youtube.com/watch?v=WDizA3X8vTc

    ReplyDelete
  20. ඇඩ්මින් ඓඉය අපේ කොම්මෙන්ට් දන්නේ නැත්ද ?මේ චැනල් එකෙත් ලස්සන කොරියන් ෆිල්ම් ටිකක් තියනව මට්ටු වෙන්න කලින් බලන්න try කොරන්න
    http://www.youtube.com/user/tetikila?feature=watch

    ReplyDelete
    Replies
    1. අපෝ එහෙම නොදා ඉන්නේ නම් නැ මම....... මට්ටු වෙන්න කලින් කිවේ.... කාටද?

      Delete
  21. අනේ බං මං ඔය ගැන දන්නෙත් මුණු පොතෙන්. හොද දෙයක් නං අවුලක් නෑ. ඩබින් එකක් වෙන්නැති... ඒ උනත් උඹ සෑහෙන්න විස්තර හොයාගෙන තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් මුකුත් හොයන්න ගියේ නම් නැ යාලු.... වට පිට නෙත් මානයේ ඇසෙන දකින දේවල් තමා.... ඕනාවට වඩා මාකට් වෙලා එක දැන් නම්

      Delete
  22. youtube ඉන්න වග පාලුවෝ ඔවා රිපෝර්ට් කරන්න කලින්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්........ නිවාඩු පාඩුව බලන්න නම් ගොඩාක් දේවල් තියනවා..... තැන්කු ඇ.....

      Delete
    2. බලලා ඉවරවෙලා හොද විචාරයකුත් දාන්න මතක ඇතුව :)

      Delete
    3. අනිවා..... බලන්න ටයිම් ලැබුන ගමන් එන්නම්කෝ.... ( වයි )

      Delete
  23. ලාංකේය මාකටිං ඔහොම තමයි.. කාලෙන් කාලෙට පුලු පුලුවන් දේ මාකට් කරනවා.. ඒ මාකට් කරන්නේ සුනාමියද, දෝෂාභියෝගයද, සමිතගෙයි අතුලගෙයි ඩිවෝස් එකද, ප්‍රවීනද, එහෙමත් නැත්නම් සුජාත දියණියද කියන එක රැල්ලට වැදගත් නෑ.. මොනා උනත් සුජාත දියණිට තැන තියෙන්නේ තවත් කවුරු හරි අසාධාරණයෙන් පීඩිත වෙච්ච ගෑණු පරාණයක් එනකන් විතරයි ... එතකන් ඉවසල ඉන්ටකෝ.. :D

    ReplyDelete
    Replies
    1. එකනේ මම කිවේ වෙන කොහෙවත් නැ ලංකාවේ තරම් තැලෙන යකඩේ ගොඩාක් හොදට තලා ගන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ වෙන කොහෙවත්....

      තව ටික දවසකින් ඉවර වෙනවා නේද?

      Delete
  24. අපේ ගෙදර පොඩි උන් නැති හින්දාද කොහෙද මේ කියන දියණියට අපේ නිවසෙ තැනක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඉතින් සිරා හදා ගන්න හිතුවොත් නරකද?

      Delete
  25. චික් මේ කවුදෝ දියනියක් ඇවිත් නිදහසේ මලක් නෙලපු වෙලාවත් අඩු උනා. කොහෙද එයාටත් මට වඩා මේ දියනිව ලොකු උනානේ.

    ඊට පස්සෙ තමා මමත් බලන්න ගත්තෙ. කොහොමත් පෙරදිග පැත්තෙ කතා වලට මමත් ආසයි. සුසුරන් / ඔශීන් වලට වඩා මේක නම් ඉතින් හොඳයි වගේ, ඒත් හරියටම වටහීමක් එන්න හැමදාම බලන්න එපැයි. අපිට කොහෙන්ද ඔව්වට වෙලා.

    ඒ හින්ද Download කරන්න දැම්ම. ඕනෙනම් ඔයාලත් අරන් බලන්න

    free download

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ලින්ක් එකත් එකක්ම දුන්නට.... ඔය බලන්න බෑරි උන හැමෝම එකෙන් අරගෙන බලන්නකෝ....

      ගොඩක් දෙනෙක්ට ඒ පැය නම් වෙන වැඩකට යොදවාගන්න බැරි වෙලා වගේ...

      Delete
  26. බලලා නම් නෑ .හැබැයි සමහරු පිඉසු හැදිලා වගේ බලනවා නම් දකිනවා.ඔෂින් වගේ එකක් වෙන්න ඇති මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර ඒ වගේ තමා.... මේකේ ළමයි බලාගන්නවා වෙනුවට තියෙන්නේ කෑම හදන හැටි තමා....

      Delete
  27. බලලා නම් නෑ. ඒත් අපේ පුංචිලත් පිස්සු වැටිලා බලන බව අහලා තියෙනවා. :D

    ReplyDelete
  28. ජනවාරි පළවෙනිදා චංගුමි බැලුවෙමි. ( විළි නේද ) http://nawathuma.wordpress.com/2013/01/01/sujatha-diyani-review/

    ReplyDelete
  29. කවුරු මොන කිව්වත් ඔක හොද drama එකක්...........මම නම් මිස් නොකර බලනවා...............එකම දවසක් මිස් උනා class එකේ වැඩක් හින්දා,,,එකත් download කරලා බැලුවා..........කිව්වාට තරහා ගන්න එපා..... ගොඩක්,.,.,.,.,.,.,.,.,.,.,.,.,.FB එකේ වැඩක් නැති..........Page හදනවා.ප්‍රසිද්ධියට.........කට හරි මඩ ගහනවා.................

    ReplyDelete
  30. සුජාත දියණී. මොනවාද අපිට දුන්නේ? නැතිවෙන්නේ අපිට මොනවාද? සිතිය යුතු කාරනා. හොඳ කලා කෘතියක් යනු යථාර්ථය සෞන්දර්යාත්මකව මිනිස් මනසේ ප්‍රකෘතිමත් කරන නිර්මාණයකට යි.
    ඇයි මිනිසුන් මෙතරම් විචාරශීලී නොවෙන්නේ?

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....