ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

21 August, 2012

Mobile Network මාකටින්........

හායි යාලුවනේ........ ගොඩාක් කාලෙකට පස්සේ..... සමහර අයට නම් එක හොදයි කියලත් කියලා තිබුනනේ.... අනේ ඉතින් මට හිතෙන පුළුවන් වෙලාවට ලියනවා බැරි වෙලාවට නොලියා ඉන්නවා....

ඉතින් මොනවද අද ලියන්නේ......

කෝ බලන්න මොබයිල් ෆෝන්පාවිච්චි කරන එහෙමත් නැත්නම් ශෝට් මැසේජ්  පාවිච්චි නොකරපු  අය ඉන්නවා නම් අත උස්සන්න බලන්න.... 



අනේ ඉතින් මම ෆෝන් එකක් දෙන්න නම් නෙමේ...... ඇත්තටම ඉතින් එහෙම පාවිච්චි නොකරපු කි දෙනෙක් එක එක අයගේ රැව්ටීම්  වලට  අහු වෙලා ඇතිද?

එක එක අයගේ එක එක තාලේ මැසේජ්  නිසා එහෙම වෙන්න වෙන අවස්ථා නම් ගොඩාක් වැඩියි නේ..

අපි කි දෙනක් ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, එයාටෙල්, හච්  නෙට්වර්ක් නිකරුනේ පෝසත් කරනවද?

මම  මේ කියන්නේ  අවශ්‍ය වෙලාවට ගන්න කෝල් මැසේජ් ගැන වත් යාලුවන්ට බෝයි ෆෙන්ඩ් ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ට යවන මැසේජ් කෝල් ගැන නම් නෙමේ.... ඒවා ඉතින් අතවශ්‍ය ඇමතුම් වෙනවනේ හැමෝටම..

එත් ඔයාලා කි දෙනෙක් මෙහෙම මැසේජ් යවලා ඇතිද? ප්‍රතිපලයක් ලැබිලා තියනවා ද?  එකෙන් ඉතින් අර කියපු නෙට්වර්ක් පෝසත් වෙන්න අපේ බිල් එක වැඩි වෙන එක විතරනේ වෙන්නේ...

'Magical msg!
2813/1221/199190
Send to 6 people. Then go to your inbox
Press # and then see your  lover name...
(its not a jke)Try it.


මේ දේවල් ඉතින් වෙන්න පුලුවන්ද මේක 6 දෙනෙක්ට යැව්වා කියලා ඉතින් ඔය කියන විදිහට ලවර් ගේ නේම් එක බලන්න පුළුවන් වෙන්න ඉතින් මේකට මාර හැකියාවක් තියෙන්න ඕනනේ....

අපි නම් අහුවෙයි මොබයිල් නෙට් වරක් මාකටින් වලට.....




"L O V E          IS NOT A  GAME" 
godaaaak kattiya love karanne aka sellamak kiyala hitan.

Oya hitanne aka sellamak kiyala nemeinam
me msg eka oyge hama yaluwektama yawanna. 
Matat ekka. Oyta reply 5k awoth 
oya adaraya karana kena oyata labewi. 
Reply 4 awoth eya oyta godaaaaak adarei.
Reply 3 k awoth eya oyawa rawattanawa.

Reply 2 k awoth eya oyata adare na.
Eta wada aduwen awoth oya yanne miriguwak passe....... 
(oya meka katawath yawwe nathnam oyaage adarey boruwak)
reply 5kta wada awoth eya oyagema witharayi..

සෝ මෙහෙම දේවල් ඔයාලත් ඇවිත් ඇති...  සමහර විට ඔයාලා රිප්ලයි කරලත් ඇති.. හැබැයි මට නම් හිතෙන්නේ මේවා මොබයිල් නෙට් වරක් වල මාකටින් වැඩ වලට හෙල්ප් කරන දේවල් කියලා...  

හැබැයි  ඉතින් ඔය අතරේ මෙහෙම එස් එම් එස්  එනවා... ඒවා නම් ඉතින් ආවට කමක් නැ..

13837 Oyage Wayasin Guna Karalala 
E Uththare 73n Guna Karannna.
balanna Uththare,
oyage Wayasa 4 Parak Repeat Wela Neda? 

මිට  වඩා ගොඩාක් දේවල් ඔයාලටත් ඇවිත් ඇති.... කැමැති නම් ලියලා යන්නකෝ ඔය පහලින්....  මොනවා උනත් මම නම් ඔහොම ඒවාට රිප්ලයි කරන්නේ ගොඩාක් අඩුවෙන්... අර මටත් එවන්න වගේ කියලා තිබුනොත්... තරහ වෙන වගේ කෙනෙක් නම් ඉතින් ආපහු රිප්ලයි එකක් විතරක් යවනවා...

ඉතින් යාලුවනේ සුබ කාලයක්..... ඉස්සරහට මොන මොන දේවල් වෙයිද දන්නේ නැ..... බලාගෙන ඉන්න තමා තියෙන්නේඉතින්....

ජය  වේවා


  

18 comments:

  1. මටත් ඔයවගේ මැසේජස් ඇවිත් තියෙනවා අයියේ. විශ්වාස කරන්න බෑ, මාර්කටින් වැඩක්දෝ කියලා මටත් හිතිලා තියෙනවා......

    Daga Malla

    ReplyDelete
  2. අපිට නිකන් මැසේජ් 100, 200 දෙනකොට ඒවට කරන්න දේකුත් තියෙන්න එපයි.

    http://nohimlokaya.blogspot.com/2012/08/blog-post_14.html

    ReplyDelete
  3. එක එකාට මැසේජ් ෆෝවර්ඩ් කරන්න කියල ආවහම මම නම් යවන්නෙ නැහැ :ඩී

    ReplyDelete
  4. EKA EKA JATHIYE MESSEGES EWANAWA .RING TONES, MATCH RESULTS, ETC. ME EKA KATAWATH RESPOND KARANNE NEHE.

    ReplyDelete
  5. මම නම් ඔය විදිහට මැසේජ් ආවාට කාටවත් ෆෝවර්ඩ් කරන්න යන්නේ නැහැ. කොහෙද අප්පා ඕවාට සල්ලි :)

    ReplyDelete
  6. මම නම් ඔය කිසි එකකට රිප්ලයි කරන්නේ නෑ..
    අර අන්තිම මැසේජ් එක නම් මරු !

    ReplyDelete
  7. යකෝ තව එවනවනෙ මෙන්න මේ වගේ ටෝක්ස් දීල,


    "ගම්පල පැත්තෙ පොඩි එක්කෙනෙක් අසනීප වෙලා ඔපරේශන් එක කරන්න ලක්ශ 15ක් යනව.ඒකට සල්ලි හොයාගන්න මොබයිල් නෙට්වර්ක් වලින් මේ එස් එම් එස් එක ෆෝවර්ඩ් කරන වාරයක් වාරයක් පාසා රුපියලක් දෙනව.ඒ නිසා මේ එස් එම් එස් එක ඔයාට පුලුවන් තරම් අයට යවල මේ අයට උදව් කරන්න"
    ලැජ්ජ නැතුව වැඩි විස්තර සඳහා කියල ටෙලිෆෝන් නම්බරේකුත් එවනව..

    මම එක පාරක් ඕක ආවට පස්සෙ අදාල නෙට්වක් එකට කෝල් එකක් දීල ඇහුව මොකක්ද මේ මගුල කියල.උන් දන්නෙවත් නෑ.එපාර ඒ එස් එම් එස් එක එවපු එකාට සීන් එක කියල යැව්ව.ඌට ඉතින් කුනුහරුප කියල වැඩක් නෑ නෙ.

    ReplyDelete
  8. අහ්... මමත් මේ ගැන ම ලිව්වානේ. වෙලාවක් තිබුණොත් ගිහින් බලන්නකෝ! ඇත්තටම බැලුවොත් සල්ලි වියදම් වෙන්නෙ අපෙනෙ, ඒ නිසා බුද්ධිමත් ව හිතලා වැඩ කරන එක තමයි වෙන්නෝන...

    ReplyDelete
  9. සමහර මැසේජ් වල තියෙන්නේ ඔයාගෙ හොඳම යාළුවෝ 5 දෙනෙකුට මේ මැසේජ් එක යවන්න. මාත් ඔයාගෙ හොඳම යාළුවෙක් නම් මටත් එවන්න කියලා. ඒ වගේ වෙලාවට මැසේජ් එක එවපු කෙනාට විතරක් යවලා ෂේප් වෙනවා. නැත්තම් තරහා වෙනවානේ.
    ඔයාගෙ බ්ලොග් එක කියවන්නේ ගොඩාක් දවස් ඉදන්. ඒත් අද තමයි මුලින්ම කමෙන්ට් කළේ.

    ReplyDelete
  10. ඇයි බං ඊ මේලුත් එන්නෙ තව මෙච්චර ගානකට ෆෝවර්ඩ් කරන්න නැතිනම් මැරිලා වැටෙයි කියලා.
    මටත් පේන්න බෑ ඔය chain e-mail!!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  11. මටත් යාළුවො ගොඩක් හිටපු කාලේ නම් ඔය වගේ මැසේජ් එකසිය ගානට එනවා දවසකට.

    ReplyDelete
  12. මම නම් ඔය අටමගල එකකට වත් රිප්ලයි කරන්න යන්නෙ නෑ...

    ReplyDelete
  13. අය්යෝ මම නම් ඕව ආපු ගමන් මකල දානව .

    ReplyDelete
  14. ඔන්නැතී එව්වා ඩිලිට් කොරහං එච්චරයි

    ReplyDelete
  15. මට එන එව්වනම් එතනින් එහාට යන්නේ හරිම අඩුවෙන්. මට ඔය ෆෝවඩ් කිරිල්ල එච්චර අල්ලන්නෙ නෑ... මං ඉතිං සයිලන්ට් මනුස්සයනේ... ජය..!

    ReplyDelete
  16. අපොයි මටත් ඕවා පෙන්නන්න බෑ.

    ReplyDelete
  17. අම්මෝ මටත් ඇවිත් තියෙනවා,,, එවපු කෙනාට 1ක් යවල ඉන්නවා...

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....