ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

18 June, 2012

ඔයලටත් මෙහෙම යාලුවෝ ඉන්නවද?

දවස් 15කටත් වඩා බ්ලොග් එකේ මුකුත්ම ලියලාත් නැහැනේ.. ඉක්මනට මේ වැඩ ඉවර කරගෙන එන්නත් ඕනා.. ජිවිතේ එක එක වෙනස් කම් ටිකකුත් වෙන්න තියනවා (අර හැමදාම ඇනෝ එන යාලුවා ඒ දෙවල් නෙමේ වෙනස් වෙන්න තියනවා කිවේ හොදේ ඒව හැමදාම එහෙමමයි)

ලියන්නේ මොනවද කියලා හිත හිතා ඉන්න කොට මතක් උන දේවල් ටිකක් ලියලා දාන්න හිතුවා...

ඔයාලටත් මේ දේවල් වෙලා ඇති..

විශේෂයෙන් ගොඩාක් යාලුවෝ එහෙම ඉන්නවානම්...

1. යාලුවෙක් බලන්න ගෙදරට ගියහම අහනවා කොහෙද මචන් මේ යන්නේ කියලා....

(මම මේ රිලවෙක් බලන්න ගහකට නගින්න හදන්නේ කියලා තමයි කියන්න වෙන්නේ)

2. ඩ්‍රාමා එකක්, ‍ෆිල්ම් එකක් බලන්න ගියහම යාලුවෙක් අහනවා මොනවද ඉතින් කරන්නෙ කියලා

( මම මේ නාන්න යනවා කියලා කියන්න හිතෙනවා එතකොට)

3. ‍රැ 12ට විතර කොල් එකක් දිලා අහනවා මචන් උබ නිදාගෙනද උන්නේ කියලා...

(අනේ නැ මම මේ මුකලන් බස්සෙක් කොල් කරනකන් ඇහැරිලා උන්නේ කියලා කියන්න වෙනවා)

4. අවුරුදු ගානකට පස්සෙ දැකපු යාලුවෙක් දැකලා අහනවා මචන් මේ ටික කාලෙට ඔයා ගොඩාක් ලොකු වෙලානේ කියලා

(නැ බන් මම මේ කාලේ වැඩිම පාලනය කරගෙනන ඉන්නේ අමාරුවෙන්)

5. කැම කන්න හෝටලයකට ගිහින් අහනවා මොනවද බන් දැන් කරන්නේ කියලා

( දැන් මම මේ ඩෙසට් එකට ගෙනවා වල් උරෙක්ව මෙතනම මස් කරන්න හදන්න කියලා)

6. පොදු ප්‍රවාහන සේවයක යන අතර මගදි අක්කා කෙනෙක් යකඩ කුරක් වගේ හිල් සපත්තු දාගෙන කකුල පාගලා අහනවා අනේ රිදුනද කියලා

(අනේ නැ අක්කො... මට ඉතින් හැගිම් දැනිම් නැහැනේ.. මට ලාදුරුනේ....)

 තව ගොඩාක් දෙවල් නම් තියනවනේ නේද?
දැන් මතක් වෙන්නෙත් නැ..

ඔයාලට මතක් වෙන දේවල් කියලා යන්නකො....

එහෙමනම් ආයෙත් දවසක මුන ගැහැමුකෝ....

ජය හා සතුට

43 comments:

  1. Replies
    1. අප්පෝ ඉන්න තරමක් ඉන්නේ ඔහොම එවුන්මනේ.එතකොට ඉතින් අපිත් නිකන්ම ඒ බෝට්ටුවේ තමා.

      Delete
  2. හිහි මොකද සහෝ මේ?
    මොනා වුනත් ඇත්ත ඔහොම යාළුවො ඉන්නවා මහා රෑ ජාමෙට කෝල් කරලා අහනවා උඹ නිදිද කියල?

    ReplyDelete
  3. අපේ එකෙකුත් ඉන්නවා. ඌ රෑ ඇහැරිල හිටියොත් අපි බයිට්

    දවසක් පාන්දර 3ට කෝල් එකක් ආවා. මම ඇහැරිලා කතා කලා.

    මචං උබ නිදිද

    ඔබ බං

    ‍මචං දැන් වෙලාව කීයද

    තුනයි බං (ෆෝන් එක දිහා බලල කියපු මම..) ඇයි හු.. උබලට නින්ද යන්නෙ නැද්ද අපිට ඇහරවන්නේ??

    නැහැ බං මාත් මේ නිදා ගන්න තමා වෙලාව ඇහුවේ. බලපං අපේ ඔරලෝසුව කැඩිලා..

    කෝමද ඉතිං සැප ?????????????

    ReplyDelete
  4. අක්කා කකුල පාගන එක ඇරෙන්න අනිත් ඒවා නම් ඉතින් හිතවත්කම වැඩිකමට අහන ඒවා නොවැ.... :D

    ReplyDelete
  5. ඇයි මොකක් හරි වැඩක ඉන්නකොට අහන්නෙ මචං උඹ වැඩක්ද කියලා... එතකොට කියන්නෙ නෑ බං මේ මම වැඩක් කියලා..

    ReplyDelete
  6. "අනේ නැ අක්කො... මට ඉතින් හැගිම් දැනිම් නැහැනේ.. මට ලාදුරුනේ...."
    hikzz

    ReplyDelete
  7. හි හි... මටත් හිටියා.... බෝඩිමේදි ඔය ජාතියෙ යාලුවො. 6ක්ම.... හි හි...

    ReplyDelete
  8. මෙහෙම ආපහු ඇහුවාම කතා කරන්න දෙයක් නැති කමට මනුස්සකමට අහන "ආ කඩේ යනවද?" වගේ ප්‍රශ්න මගදි නෑසෙන්න පුළුවන්...

    දැන දැනත් ඒ අහන්නේ අහක බලාගෙන යන්න බැරිකම හින්දනේ.හැබැයි රෑට රෑට කෝල් කරන එවුන්ටනම් හොඳට දෙසන්න ඕනේ අනිවාර්යෙන්ම

    ReplyDelete
  9. ඇයි යාලුවො මිස් කෝල් දීල අපි ලවා කතා කරවගෙන අපේ බිලට එයාලගෙ උවමනාව කියන්නෙ..ඒක කෝමද? හික්ස්..!!..

    ReplyDelete
  10. ඔහොම යාළුවෝ එකෙක්ක් හරි අපිට සෙට් වෙනවමනේ..

    ReplyDelete
  11. හොදටම බීපු වෙලාවක මචෝ උබට වෙරි ද කියල අහනකොට :D ............... #!@%^#$^&&*%*

    ReplyDelete
  12. ඔය හැම එකටම තියෙන එක උත්තරේ තමා උබ අහපන්

    "ඇයි ඇස් දෙක කටේ දාගනද ඉන්නේ පේන්නේ නැද්ද" කියලා

    ReplyDelete
  13. මමනම් හිතන්නේ ඒක අපේ සංස්කෘතියේ ලක්ෂණයක් පරිණාමය වෙලා ආපු දෙයක් කියලයි. අපේ ගම් වල අදටත් නාන්න යන මනුස්සයෙක් හම්බවුනාම අහනවා “නාන්න යනවද?“ කියලා. ඒක අපේ ලෙංගතුකම පෙන්නන දෙයක් විදියටයි පිලිගැනෙන්නේ.ඔය කියපු දේවල් අහන්නෙත් තරහටම නෙමෙයිනේ. යාළුකමටනේ...

    ReplyDelete
  14. mata mala paninne kadekata gihilla ara vidihata ahapuwama.ape un ohomamai.

    ReplyDelete
  15. :D බස්සො වගේ බුම්මගෙන ඉන්නෙ තැතිව ඔහොම දෙයක්වත් අහන එක එක අතකට හොඳයිද මන්ද!

    ReplyDelete
  16. අපිට නම් රෑට කොල් කරලා යාලුවෝ නිදිද අහන ප්‍රශ්න නෑ..මොකද මම 4න් හදලා තියෙන්නේ Schedule power on/off දාලා. එතකොට රෑ 10ට 4න් ඕෆවෙලා එලාම් එක වදින්න උදේ 5ට ඔන් වෙනවා. එතකොට ඉතිං කිසිම කරදරයක් නෑනේ. නිදහසේ හීනයක් බලාගෙන දෙයියනේ කියලා දොයියන්න පුළුවන්..

    ReplyDelete
  17. සපත්තු කේස් එක නම් මමත් කරනවා..ඒත් ඉතින් අනේ හිතලා කාගෙවත් කකුල් පාගන්නෑනෙ..
    සොරි කියලා ඊට පස්සෙ රිදුනද කියලා අහන්නෙ මනුස්සකමටනේ..

    හැබැයි අහන ප්‍රශ්න හැම එකකටම උත්තර දෙන්න ඕන කියලා නෑනේ..

    ReplyDelete
  18. May ithin dala thiyenne mama kiyana answer neme hodeee... Mata nam owaaa e tharam awulak naha

    ReplyDelete
  19. අනික් ඒවා කොහොම වෙතත් රෑ තිස්සෙ කෝල් කරන එක නම් විකාරයක්.හැබැයි අපේ ගෙදරනම් නිදා ගත්දි 12 විතර වෙනවා.සමහරු ඉතිං නිදා ගන්න කොට මහ රෑ වෙන බව දන්න නිසා වෙන්න ඇති 12 විතර කෝල් එකක් දීල බලන්නෙ. :))

    ReplyDelete
  20. අවුලක් නැත්තම් මොකටද බන් ඕවා දැම්මෙ???? :D :D
    ඔහොම අහන එක මම හිතන්නෙ අපේ සිරිතක්.හිතවත්කම පෙන්නන දෙයක්.දන්න අදුනන කෙනෙක් දැක්කම අහක බලාගෙන යන්න බෑනෙ.හිනා උනේ නැත්තම් කියන්නෙ ඌට මුල මත්ක නෑ,පොලවට අඩි ගානක් උඩින් යන්නෙ වගේ ඒව.හිනා වෙලා විතරක් ගියොත් පහුවෙනිදම ප්‍රචාරෙ යයි උගෙ අහන්කාරකම මාත් එක්ක වචනයක් කතාකලේ නෑ කියල.ඔන්න ඔහොමයි බන් මිනිස්සු...

    ReplyDelete
  21. කියන්න හිටිය කාරණාව Pradeep Gunarathna දාල තියනව. මේවගේ කතාබස් නැතිවුනොත් මේ සමාජය "මෙලෝ රහක් නැති" තැනක් වෙනව. ඒ නිසා නාන්න යන බව දැන දැන "නාන්නද යන්නෙ?" කියල ඇසීමේ වරදක් මම නං දකින්නෙ නෑ.

    ReplyDelete
  22. මං දවසක් ඔය කතාව අක්කි කෙනෙකුට ඇත්තටම කිව්ව.. :)

    ඊට පස්සෙ මොකද වුනෙ කියල කාට හරි හිතාගන්න පුලුවන්ද?

    ReplyDelete
  23. මං දවසක් ඔය කතාව අක්කි කෙනෙකුට ඇත්තටම කිව්ව.. :)
    ඊට පස්සෙ මොකද වුනෙ කියල කාට හරි හිතාගන්න පුලුවන්ද?

    ReplyDelete
  24. ඉන්නව නොවෙන්නම්..ඔහොම යාලුවො....!!

    ReplyDelete
  25. මටනම් ඉන්නවා ඔයිට වඩා වෙනස් යාලුවෙක් ,උ මහා රෑ බොන්න කතාකරන එකෙක් හරියටම කිව්වොත් පාන්දර 1ට 2ට වගේ ..

    ReplyDelete
  26. පිරිමි ළමයින්ට වගේ ගැහැණු ළමුන්ට මේ වගේ යාළුවො අඩුයි...හැබැයි මරු කථා ටික... හි හි හී අදයි මේ පැත්තෙ ආවෙ ගිහින් එන්නම්...

    ReplyDelete
  27. මටනම් තිං වැඩියෙන්ම ටලහ යන්නෙ මහ පාන්ඩර එකට දෙකට ඩැක ඩැක ඉන්න සැප හීනෙ කඩන එකට.....ඇයි අප්ප.....:‘(

    හැබැයි තිං ඒවෙලාවට හොඩ හොඩ උට්ටල ඩෙනව...^_^

    යාළුව:- උඹ නිදිද බං

    මං බබී:- නෑ බං මං මේ පණ දාගෙන උදේට උයන්න ලූණු සුද්දකරනව,ආච්චිව නාවන්න වතුර රත්කරනව,පොල් ගානව,මලගෙදරක නයිටක් ගහනව,,,,,,එක්සෙට්ට්‍රා එක්සෙට්ට්‍රා.......;)

    ReplyDelete
  28. අදමයි මේ පැත්තට ගොඩවැදුණේ..ෂා ශෝයි කතා ටික....(හේ..හේ..)

    ReplyDelete
  29. මටත් ඔය වගේ යාලුවො ඕන තරම් ඉන්නවා....සමහර එවුන් පාන්දර 1ට විතර කෝල් කරල අහනව මචෝ...උඹ නිදාගෙනද ඉන්නෙ කියල.....ඉතින් ඒ වෙලාවටනම් නිදිමතේ උනත් හොඳ සුද්ධ සිංහල මතක් වෙනව....

    ReplyDelete
  30. හ්ම්... අපිටත් ඔහොම යාලුවෝ ඇති අපිත් යාලුවන්ට ඔහොම වාත වෙලා ඇති හි හී

    ReplyDelete
  31. අපේ එකෙක් ගිටියා ඒ දවස්වල සෙනසුරාදා ඉරිදා මූව හොයා ගන්නවත් නෑ...ඇහුවම කියන්නේ ජා ඇල ගියා කියලා, මුංගේ නෑයෙක්වත් නෑ එහේ..පස්සේ තමයි කැන්ගරුවත් එක්කම ජා ඇලදී එකෙක් දැකලා තිබුනේ..ඒත් ජා ඇල නෙමෙයි කළුතර කැලිඩෝ බීච් එකේදි...

    ReplyDelete
  32. ඇයි බාල්දි හිටන් අරගෙන නාන්ඩ යනකොට කට්ටිය අහනවා නාන්ඩ ද යන්නේ කියලා.

    ReplyDelete
  33. මරු ඈ....මමත් ඔය වගේ බයිට් සීන් කරල තියනවා වගේම මටත් ඒවා වෙලත් තියනවා...

    ReplyDelete
  34. මේකට අදාල නැති වුනත් සමහර වෙලාවට අඳුරන්නැතිවුන් කෝල් දීලා අහනවා ඔයා කවුද කියලා... එතකොට කටට එන වාග් මාලාව නම්...

    henryblogwalker the Dude

    ReplyDelete
  35. ඇයි මගේ කකුලේ මාපට ඇඟිල්ලේ නියපොත්ත අමුවෙන් ගලවලා ඩොකා මගෙන් අහනවා "රිදුනද කියල"

    (මම ඩොකාගේ හත්මුතු පරම්පරාවම මතක් කරා කියල ඩොකා දන්නේ නෑනේ.)

    ReplyDelete
  36. හි හි.. අපොයි මගේ කකුලත් පාගලා තියෙනවනේ අක්කලා... මාර සනීපයි.... ඒ නිසාම මම හීල් දාගෙන බස් වල යන්නේ නෑ... :)))

    ReplyDelete
  37. කතාවට මුලක් පුරන්න වෙනකොට මේවගේ ප්‍රශ්නයක් අහනවා ඒක දෙකටම නැති අදහසක්. එයින් ජනිත වෙන්නේ. එයින් ලැබෙන උත්තරේ අනුව කතාව ඉදිරියට යනවද නැද්ද තීරණය කරන්න පුලුවන්

    ReplyDelete
  38. මගෙත් මොබයිල් ෆෝන් එක ‍රැ 7.00ට ඔෆ් වෙලා උදේ 6.00 ඔන් වෙන්න සෙටින්ග් හදල තියෙන්නෙ, අනිත්වානම් ඔන තරම් අහන යාළුවො ඉන්නවා... යාළු කමටනේ කියල ඉවසගෙන ඉන්නව....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....