ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 February, 2012

මේ පාරත් සිහින උළෙල වෙයිද?......

ඔන්න ෆෙබරවාරි ඉවර වෙන්න ලගයිලු...

ඊට පස්සේ මාර්තු....

ඊටත් පස්සේ අප්‍රියල්....

මොනවද ඔය අප්‍රියල් එකේ තියෙන්නේ.... ආහ්.... අවුරුදු උත්සවේ....

මෙච්චර කාලයක් ගොඩාක් අය අවුරුදු උත්සව කියලා හිටියේ ගමේ නැත්නම් ඉන්න පලාතේ තිබුන උත්සව වලටනේ...

ඔන්න ඒකටත් එක්ක මේ අවුරුද්ද?

ගිය අවුරුද්දේ ටිකක් හිනාවෙන්න ලියන අභිත අයියා දැකපු හිනයක් විදිහට  ආරම්භ උනු මේ සයිබර් ෆෙස්ටිවල් එක ඔන්න මේ පාර තියෙන්නේ අප්‍රියල් 22ලු... (ගොඩාක් අය දන්නවානේ ඒක)

අභිත අයියාගේ වචන වලින්ම මේකට තනි අයිති කාරයෙක් නම් නැහැලු.. ඔබේ.. මගේ අපි හැමෝගෙම දෙයක් තමයි මේක...

ඉතින් වැල්ලවත්ත කුරේ පාර්ක් ක්‍රිඩාංගනේ උදේ 9.00 ඉදන් 4.00 වෙනකන් තමා මේක මේ පාර තියෙන්නේත්..

අර කිරිටොපි වර්ණාලාට උනත් කලින් එන්න පුලුවන් වෙයි මොකද මේක තියෙන්නේ කොලබට ලගනේ... නැත්නම් අපි  එදා කැවා වගේ හොද ටොපියක් කන්න තමා වෙන්නේ 11 විතර වෙනකන්....

ඔන්න එදා ඉරිදා දවසක් නිසා අමුතුවෙන් නිවාඩු දන්න නම් ඔනේ නැ.. ගාලු යන්න කලින් දවසේ ‍රැ 11ට කොච්චිය මිස් වෙලා බස් එකේ කොලබ ඇවිත් පාන්දර 4 ඉදන් කො‍ටුවේ පු‍ටු රත් කරපු නාකියා වගේ අයටත් මේකට එන්න හොදටම ඉඩ තියනවානේ..

ගිය පාරත් ඔන්න මේකට මත් වෙන දේවල් නම් තහනම් ලු....

ඔන්න ඒ නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න දැනටමත් නිල ලත් සයිබර් ආරක්ශක සේවයකට ඒ කොන්තාත් එක බාර දිලාලු..

හ්ම්ම්..

තව ගොඩාක් දේවල් ඔයාලා වෙනුවෙන් ලැස්ති කරලා තියන නිසා ඔන්න කට්ටියම එන්න ඕනා හොදේ....

ආහ්.... එදාට සයිබරේ කුමරා කුමරි වෙන්න එහෙම ඕනේ නම් දැන් ඉදන්ම සැලොන් වලට ගිහින් ෆේශල් එහෙම දා ගන්න ඕනා හොදද?

මෙන්න මේ තියෙන්නේ සයිබර් බක් මහ උලෙල නිල බ්ලොග් අඩවිය...

ඔන්න එහෙම නම් කට්ටියම එදාටම සෙට් වෙමු....

සයිබරේ යාලුවනේ එකතු වෙන්න අත්වැල් බැද....

ප.ලි : අලුත් වෙන තොරතුරුත් එක්ක තවත් බ්ලොග් පොස්ට් ගොඩාක් ඉස්සරහට බ්ලොග් ලොකෙයෙන් දකින්න එකතු වෙලා ඉන්න

44 comments:

  1. අහන්ට දෙයක් නැත සෙට් වෙමි.. එල !

    ReplyDelete
  2. සෙට්වෙන්නැතුව...

    ReplyDelete
    Replies
    1. අනිවා........... ප්‍ර.ස නැතුව කොහොමද?

      Delete
  3. නෑවිත් කොහොමද ඕයි ????

    ReplyDelete
    Replies
    1. අයියා නැතුව අපි කොරයි මේවා...

      Delete
  4. මමත් එන්නද මල්ලි.... එපා කීවත් එනවා ඉතින්.....

    ReplyDelete
    Replies
    1. නැවිත් කොහොමද අයියා ඔයා........

      Delete
  5. Replies
    1. මුන ගැහිමට කැමත්තෙන්...........

      Delete
  6. හම්මේ කනට මී පැනි දාල හයියෙන් රත් වෙන්න එකක් ගැහුවා වගේ

    ReplyDelete
  7. අර මත් වෙන ජාති පිළිබඳ පැහැදිලි කරලා වෙනම පෝස්ට් එකක් දානවද...

    ReplyDelete
  8. මාත් අනිවා එමි.සඳකිඳුරා නැතිව කොහොමෙයි මේ සයිබර් බ්ලොග් මුහුදට
    අනේ කවුරුන් හෝ පිංවතෙක් එහි සංවිධායක ඊමේල් ලිපින ලැයිස්තුවට මාවත් ඇඩ් කරන්න.මට ඊට අදාල ඊමේල් කිසිවක් ආවෙ නෑ තාමත් :(
    chirathfonseka@ymail.com

    ReplyDelete
  9. මෙන්න අලුත්ම නිවුස්..... සයිබර් සිහින උළලේ පලමුවන තරගය ලබනසතියේදී ඇරබෙනවා..... :D ඇලට් එකේ ඉන්න.... :D :D

    ReplyDelete
  10. දින ගනිමින්.... :o එකායි,දෙකායි,තුනායි.............................. :/

    ReplyDelete
  11. අපි මේ වැල්ලවත්තෙ කුරේ එකේ පදිංචි වෙලා ඉන්නෙ හරිය..

    ReplyDelete
  12. එන්නනම් ගොඩක් ආ....සයි...ඒත් අනේ....මන්ද....බලමුකො.....
    එන්න ලැබුනත් නැතත් හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව....:)

    ReplyDelete
  13. ගාල්ලේ ගෙට් එකට සෙට් වෙන්න බැරුව ෆොටෝ බල බල හූල්ලන්න වෙච්චි නිසා මේ සැරේ මේකට එන්නයි හිත....ඔය කියන කාලේ වෙද්දි මම නුවර තමයි කාලේ ගත කරන්න හිතාන ඉන්නේ කොහොමෙන් කොහොම හරි එන්නයි කංපනාව....

    ReplyDelete
  14. සෙට් වීමට නොහැකි වීම ගැන දුක ය...

    ReplyDelete
  15. මේ සැරේනම් එන්න ඉන්නෙ...සැඟවුනු අමුත්තාට ඉන්න බැරිවෙයිද දන්නෙ නෑ නේ මට??? ;)

    ReplyDelete
  16. අරන්තලාවේ හරි , මහඔයේ හරි, මහියංගනේ හරි තිබ්බ නම් මටත් එන්න තිබුනා ..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු,,,මම ගියොත් උඹට දවසක් කලින් ඇවිත් මම ඉන්න තැනක ඉඳල එදා ඕකට ඉඳල ආයෙ තව දවසක් විතර ඉඳල ගෙදර යන්න බැරියැ

      Delete
  17. මම නං ඉතින් තාම අලුත් එකා නෙව!

    ReplyDelete
  18. ගාල්ලේ එන්න ඉඳලා අන්තිම මොහොතේ බාල්දියක් වැටුණා. මේකටනම් එනවාමයි.

    ඔන්න හැමෝම මේ ඉවෙන්ට් එකට ජොයින් වෙන්න. http://www.facebook.com/events/197819820318911/

    මෙයා තමයි නිළ මාධ්‍ය ප්‍රකාශක (පොඩි මෑන්ට අනුව) http://www.facebook.com/profile.php?id=100003496014469

    ReplyDelete
  19. අප්‍රේල් මාසේ මුල සතියේ ලංකාවට ගොඩ බහින්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ...තාම ටිකට් එක නං හම්බුනේ නෑ..අනිවා 22 උදේ එතන...4න් පස්සේ අවුලක් නෑ නේ අර වැඩේට..මොකද ඔබා මාමත් එනව මගේ හිතේ....

    ReplyDelete
    Replies
    1. මොන වැඩේද බොලේ ? මාව හෙම ඕවට ගාව ගන්න එපා :-))

      Delete
  20. මට නම් ඉතින් මේ පාරත් මිස් වෙනවා...

    ReplyDelete
  21. බලමුනේ. නින්ද ගියොත් උදේම කෝල් කරන්ටත් කට්ටිය ඉන්නවලුනේ.:D

    ReplyDelete
  22. ඔකඳ එකේන් ලීසින් එකක් දාමුද

    ReplyDelete
  23. ඔන්න පිස්සත් එනවෝ......

    ReplyDelete
  24. එල එල එන්ඩමයි හිත

    ReplyDelete
  25. බලමු...බලමු.... :D

    ReplyDelete
  26. එල එල මැක්සා විදියටම කරපල්ලා ෆොටෝස් ගොඩා...කුත් අරගෙන මේකේ දාපන්

    ReplyDelete
  27. ඔන්න අපිත් ඒනවා හරිය...

    ReplyDelete
  28. අපිත් එන්න බලන්නම්.මමනම් ඕකට කෝඩුකාරයෙක්.

    ReplyDelete
  29. වාචාලයනම් මේපාර උ පෙල කරනවනෙ.එකට කමක් නෑ.හුරු පුරුදු උදව්වක් කල හැකියි.අකමැත්තක් නැත්නම් විතරක් වාචාලය ගානෙ,වාචාලයගෙ පුංචි ශබ්දාගාරෙ ඇතුලෙ හදල හොඳ තීමා ගීතයක් ඉදිරිපත් කරන්නම්.වාචාලයාගේ නිර්මාන ශක්තිය පිළිඅබඳව සැකයක් එහෙම තියෙනවනම් කෝඩුකාරයාගෙන් හරි ,ගැමියාගෙන් හරි අහන්න.පනිඋඩ මොනාහහි තියෙනවනම් බ්ලොග් එකෙ ලියන්න.මොකද විද්‍යුත් තැපෑල පිරික්සීම එපා වෙන කටයුත්තක් නිසා janith602@gmail.com

    ReplyDelete
  30. අනේ මාත් හරි ආසයි සයිබර් කුමාරයා වෙන්න. අදම යන්න ඕනෙ ෆේෂල් එකක් දාගන්න මරලා හංගන්නෙ නැති සැලෝන් එකකට.

    henryblogwalker the Dude

    ReplyDelete
  31. ඔන්න මාත් එන්ටයි හිතාන ඉන්නේ............ජය වේවා.......

    ReplyDelete
  32. මෙදාපාර නම් අනිවා එනවා !

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....