ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

11 February, 2012

ජිවිතේදි ඔයාලා වංකද? එහෙමනම් මෙහෙම චාන්ස් මිස්වෙයි...

ජිවිතේට වැඩියෙන්ම වටින්නේ මොකක්ද කියලා ඔයාලාගෙන් ඇහුවොත් .............

එක එක උත්තර තියෙවි නේද?  ආදරවන්තයා , ආදරවන්තිය , ‍රැකියාව , මුදල් , ................... ඔය වගේ ගොඩාක් දේවල්

ඒත් ඔය ඔක්කොම වෙනුවෙන් වටින එක දෙයක් ඔයාලට මතක් වෙයිද කියලා නම් මට ඇත්තටම ප්‍රශ්නයක්...

ඔය ඔක්කොම වෙනුවෙන් අපි අවංක වෙන්න ඕනා නේද?

කෙල්ලට හරි කොල්ලට හරි අවංක නොවුනොත් එතන ප්‍රශ්නයක්....

රස්සාවට අවංක නොවුනොත් එතනත් ඔන්න ලොකු ප්‍රශ්නයක්... ඇත්තටම අවංක කම ජිවිතේට ගොඩාක් වැදගත්..

ඔයාලා හැමෝම 100%ක්ම අවංකද? මම නම් ඇත්තටම 100%ක් අවංක නැ.. මොකද සමහර තැන් වලදි අපිට වෙනවා පොඩ්ඩක් අවස්ථානුකුල වෙන්න... ඒත් කොයිම මොහොතකවත් වැරද්දක් කරන්න නම් මට ඕනේ නැ..

ඇත්තටම අද රටේ අවංක විමේන් දියුණු වෙන්න පුලුවන්ද?

මම අහලා තියෙන දැකලා තියන විදිහට එහෙම අවංක අයට වඩා ගොඩාක් ඉක්මනට අනිත් අය දියුනු වෙනවා...

ඉතින් එහෙම අවංක වෙන එකේ වැඩක් තියනවද?

ඒත් ඇත්තටම අවංක වෙන එකේ ගොඩාක් වැදගත් කමක් තියනවා....  මොකද අවංක නොවි දියුනු වෙන පුද්ගලයාගේ පැවත්ම තාවකාලිකයි..

ඒ වගේම අවංක විමෙන් අපිට ගොඩාක් දේවල් හම්බ වෙනවා.. මම කියවපු තැනක තිබුනු මේ කතාව මට මේ පොස්ට් එකට ගොඩාක් ගැලපෙනවා... බලන්නකෝ කියවලා

එක්තරා රටක රජ කුමාරයෙකුට ඕනා උනාලු තමන්ට ගැලපෙන විශ්වාසවන්ත ආදරය කරන කෙනෙක් තමන්ගේ බිසව විදිහට හොයාගන්න ඕනා උනාලු...

දැන් වගේ බ්ලොග් පොස්ට් දාන්න ඒ කාලේ විදිහක් තියෙන්න නැතුව ඇතිනේ.. ලංකාවේ වගේ අණබෙර ගැහුවද දන්නෙත් නැහැ... කොහොම කොහොම හරි හැමෝටම පණිවිඩේ දුන්නලු.

රාජ කුමාරිකාවෝ.. සි‍ටු දියණිවරු, රටේ සල්ලිකාර ලස්සන කුමාරිකාවරු ගොඩාක් මේ තොරාගැනිමට ඉදිරිපත් උනාලු..

මේ අතරේ රජ මාලිගේ සේවය කරපු කෙනෙක්ගේ දුවකුත් මේ රජ කුමාරයට හිතින් පෙම් කලාලු.. මේක ඒ තැනතියගේ අම්මාත් දැන ගෙන උන්නලු..

අම්මා ඇවිත් මෙහෙම දෙයක් තියනවා කිවහම දුවත් යන්න ලැස්ති උනාලු...

අම්මා දුවට කියනවාලු.. අනේ දුවේ මොකක්ද ඔය කරන්න හදන වැඩේ.. එතන ඉන්න අය එක්ක අපිට මොකක්ද තියන තත්වේ... නිකන් බොරුවට දුක් වෙන්න එපා ලමයෝ

නැ අම්මේ මම දුක් වෙන්නේ නැ... කුමාරයා එක්ක ඒ මොහොතවත් ලගින් ඉන්න ලැබෙන එක මට ගොඩාක් වටිනවා.. ඒ හින්දා මම යන්නම ඕනා කියලා මේ වැඩකාරකම් කම් කරන කාන්තාවගේ දුවත් මේ ‍තෝරගැනිමට ඉදිරිපත් උනාලු..

කුමාරයා හැමෝ එක්කම කතා කරලා ඉවර වෙලා හැමෝටම ලස්සනට මල් හැදෙන මල් ගහක බිජයක් දුන්නලු.. මාස 6කින් ලස්සනම මලකුත් එක්ක අරගෙන කෙනාට තමයි තමන්ගේ අග මෙහෙසිය වෙන්න පුලුවන් කියලා හැමෝටම එක ගානේ දුන්නලු...

අර කලින් කිව වැඩ කරන ගැහැනු කෙනාගේ දුවත් මේ ඇටේ පැල කරන්න හරි හමන් විදිහේ දැනුම නැති උනත් උත්සහ කලාලු..

කොහොම හරි මොනවිදිහේ කලත් මේ මාස 6 ඇතුලත ලස්සන මලක් තියා පුන්චි අංකුරයක්වත් මේ මල් පැලේ ආවේ නැහැලු...

මාස 6අ ගෙවිලා ඔය කියන දවස උදා වුනා,

අර ගැහැනු දරුවත් මලක් තියා පැලයක් වත් හැදිලා නැති මල් පොච්චියත් අරගෙන යන්න හදනකොට අම්මා අහනවලු මල් පැලයක්වත් නැතුව ගිහින් රාජ දඩුවම් අපහාස විදින්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න කියලා....

ඒත් මේ ගැනු දරුවා කියනවා අද විතරයි මට මෙහෙම කුමාරයා ගාවට යන්න වෙන්නේ.. ඉතින් මේ අවස්ථාව නැති කරගන්න මම කැමති නැ කියලා..

අනිත් හැමෝම ලස්සනට විශාල මල් හැදුනු මල් ගස් අරගෙන ඇවිත් තියනකොට මේ ගැනු දරුවා විතරක් හිස් පොච්චියක් තියාඅගෙන

අන්තිමේ කුමාරයා තිරනය කලා මේ වැඩකාර අම්මාගේ දුවව කසද බැදලා තමන්ගේ අග මෙහෙසිය කරගන්න...

හැමෝටම පුදුමයි... මේ තරම් ලස්සන මල් තියනකොට මේ මලක්වත් නැති කෙල්ලට කැමති උනේ ඇයි කියලා...

එතකොට කුමාරයා කියනවා මෙතන ඉන්න හැමෝගෙන්ම අවංකම කෙනා තමයි මේ.. මම දුන්නු එක ඇටයක්වත් පැල වෙන එවා නෙමේ නරක් උන කල් පැනපු ඒවා...

*****************************************************************************

ඉතින් ඔයාලාත් හැමදාම අවංක නොවි වැඩ කරනවද?

66 comments:

  1. කෝ කෝ .. රාජ කුමාරියෙක් කොහේ හරි ඇට බෙදනවද.. මාත් යන්න

    ReplyDelete
    Replies
    1. එක ඇටයක් මට !!! අනිත් ඇටේ අයියට !!!!
      බලමු කාගේ ඇටේ ද පැලවෙන්නේ කියලා !!!

      Delete
    2. දැන් රාජ කුමාරිකාවෝ කොහේ ඇතිද? ලංකාවේ නම් නැ ඔන්න

      Delete
    3. මටත් එකක් ඕනා.... දාමුද ඒකටත් ඔට්‍ටුවක් මධුරංග අයියා...

      මට නොදි ගන්න නේද කට්ටිය ලැස්තිය

      Delete
    4. මට නම් මල් එපා රාජ කුමාරය දැක ගත්තා නම් එළ

      :)

      Delete
    5. මධුරංග,
      විනාසයක් මල්ලි වෙන්නෙ ඇටේ පැලඋනොත් එහෙම

      Delete
  2. මෙහෙමයි වාසි වගේම අවාසිත් තිබේ..වංක නොවුනොත් සමහර වෙලාවට අපිට හබක් වෙනවා...තැනේ හැටියට ඇනේ ගහන්න ඕන සින් එකක් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමා චම්මා... ඒත් ගොඩාක් වෙලාවට වෙන්නේ අපේ අය වංක නේද?

      Delete
  3. ෂඃ මාර ස්ටෝරිය නෙ... ඔයා දන්න දේවල් !!!
    ජීවිතයට වටිනා පාඩමක්... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ශානි.... මම ඉතින් බබානේ... පොඩි අය දන්නවා ගොඩාක් දේවල්....

      ඇත්තටම...

      Delete
  4. අවංකෙන්ම මරු කතාව......

    ReplyDelete
    Replies
    1. අවංකයෙන්ම ජිවත් වෙන එක තමා ඇත්තටම වටින්නේ

      Delete
  5. අර ඇට අතරේ හොඳ ඇටත් බැරිවෙලාවත් තිබුණද දන්නෑ නේද!!!
    …කතාව නම් ඇත්ත, ඒත් සමහර වෙලාවල් තියෙනවා අවංක නොවී හැබැයි වංක ත් නොවී ඉන්න වෙන වෙලාවල්!

    ReplyDelete
    Replies
    1. නැහැලු ලහිරු.. ඔක්කෝම ඇට පැල නොවෙන ඒවාලු.. කට්ටිය කඩෙන් මල් පැල අරගෙනලු ඇවිත් තියෙන්නේ...

      මාර මොල තමා ඉතින්

      Delete
  6. අඩේ මරු කතාව !
    ඒක නෙමෙයි මලේ ජිවත් වෙනකොට හැමවෙලේම අවංක වෙලා ජීවත් වෙන්ඩ බෑ !!
    පොඩ්ඩක් වංක වෙලාත් ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියා.. එත් ඔනාවට වඩා වංක උනොත් අවුල් නේද? ටිකක් වංක වෙලා ගොඩාක් අවංක වෙමුකෝ

      එතකොට කුමාරිකාවක් ඒවි අප්පා..

      Delete
  7. මන්නම් කොහොමත් අවංකයි.ඒත් මට හැමදාම ඒකෙන් අවාසි තමා වෙන්නේ.එහෙමයි කියලා මං කවදවාත් වංක වෙන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම යාලුවා.. ඒක තමා වෙන්න ඔනා.. කොහොම උනත් ඔය වංක වෙලා වැඩ කරනකොට ඒවාගේන් ලැබෙන වාසි තාවකාලිකයි...

      admire u

      Delete
  8. ආ.. ඔන්න ඔය හැමවෙලේම අවංක වෙන්න ගිහින් මට වැඅර්දුණු තැන් හුඟාක් තියෙනවා...:( :/ අර කිව්වත් වගේ තැනේ හැටියට ඇණේ ගැහුවානම් හරි තමා..

    ReplyDelete
    Replies
    1. තාවකාලිකව එහෙම උනත් කවදා හරි අවංක කමේ වටිනාකම ලැබෙනවා හිතු... ඒ හින්දා කවදාවත් ඒ දෙවල් ගැන අඩුවෙන් හිතන්න එපා හොදද?

      Delete
  9. හ්ම්ම් ආදර්ශමත් කතාවක්

    ReplyDelete
    Replies
    1. වර්ණා බේබිව දැකපු කල්.... ස්තුතියි නංගෝ

      Delete
  10. Replies
    1. ස්තුතියි නිසපු.... මෙහේ නතර වෙලා ඉන්න එක නම් මම දැක්කේ නැ.. සෝ පැමිනිම මට ශක්තියක් හැමෝම

      Delete
  11. ඇනෝ : ඔයා දාපු කමෙන්ට් එක පල නොකලේ ඔන්න හොද නැති වචන තියන නිසා.. එත් කියපු දේට උත්තරයක් දෙන්න ඕනානේ.. මම ජොබ් එකට එහෙම දෙන්න ගියාද මේ පොස්ට් එකෙන්,. ඇත්ත අපිත් අවංක වෙන්න ඔනා තමයි... අපි වැරද්දක් කලොත් අපිටත් පනිශ්මන්ට් තියනවා තමයි.. මම ජොබ් එකේ රුල්ස් වලට අනුව කිසිම දෙයක් ගැන කතා කරලා නැ...

    ඇත්ත මට මගේ ජොබ් එක මට ගොඩාක් වටිනවා.. මම ඒකට ආදරේ කරනවා

    ReplyDelete
  12. පුද්ගලයෙක් අවංක වෙන්න ඕනෙ..ඒත් 100% වෙන්න ගියොත් නම් පරිප්පු තමා......බුද්ධිමත් කම..ස්ථානෝචිත ප්‍රඥාව දෙකමත් එක වගේ තියෙන්නෙ ඕනෙ......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කිරිල්ලියේ... අවංක කම කියලා ලවක් දෙවක් නැතුව උන්නොත් පරිප්පු කන්න වෙන්නේ හොදි නැතුවම....,,

      Delete
  13. ඇත්තටම අවංකව වැඩ කරන්න ආසයි අයියේ...ඒ වුනාට එහෙම වැඩ කරන්න අද ලෝකෙ ඉඩ අඩු වීම ගැන නම් මට ගොඩාක් කණගාටුයි...ඒත් ඉතින් අපි කියල මොනව කරන්නද...?

    ReplyDelete
    Replies
    1. අපිට මිනිස්සු නම් හදන්න බැරිවෙයි කොඩු කාරයා මල්ලියේ... ඒත් අපිට පුලුවන්නේ අවංක වෙන්න... ලොකේ ඉඩ අඩු උනත් තාමත් අවංක කම අගය කරන අය ගොඩාක් ඉන්නවා මම හිතන විදිහට

      Delete
  14. නියම කතාව අයියා.. ඇත්තටම ලොකු ආදර්ශයක් දෙන්නෙ.. :)
    ස්තූතියි බෙදාගත්තට.. :D

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මල්ලියෝ.... අපි අවංක උනොත් දවසක හරියනවාමයි

      Delete
  15. ආදරය කරද්දි ගොඩාක් අවංක වෙන්න ඕනේ ජීවිතේදි ඊට වඩා අවංක වෙන්න ඕනේ විවාදයක් නෑ ඒත් අවංක වෙලා බේරගන්න බැරි ප්‍රශ්න ආවොතින් අර සම්‍යයක්ප්‍රෙව්ගයක් දාලා ගැටළු නිරාකරණය කරගන්න ඕනේ කියලයි මට හිතෙන්නේ...

    උදාහරණයක් විදියට මම මට වෙච්චි දෙයක් කියන්නම්....

    මම ලෙඩකින් පීඩා විඳින කාලේ මගේ ආදරි නිතරම ඇහුවේ දැන් සනීපද කියලා මට ඒ හැටි සනීපයක් නැතත් මම උත්තර දුන්නෙ ඔව් සනීපයි කියලා එහෙම නොකීවා නම් ඒ ලමයා විභාගේ අනාගන්නවා.... කියලා අම්මලා තාත්තලා වුනත් මගෙන් සනීපද කියලා අහද්දි මම කිව්වේ දැන් තනියෙන් ගෙදර එන්න පුළුවන් කියලා එහෙම නොකීවනම් එයාල දහස් ගනන් වියදම් කරන් දවස ගානේ මාව බලන්න එනවා...

    ඉතිං හැමතිස්සෙම අවංක වෙන්න බැරි සාදාරණ හේතු එනවනේ ඒ ඒ වෙලාවට සුදුසු හොඳම තීරණය ගන්න එක නේද හොඳම

    ReplyDelete
    Replies
    1. ගැමි මල්ලිගේ කතාව සමග මාත් එකගයි.. ඇත්තටම එතන අවංක නොවිමක් නෙමේ නේද වෙන්නේ.. අපි එතන ඇත්තටම වැරද්දක් කලා එහෙම නෙමේනේ..

      අර උඩ කට්ටිය කිවා වගේ අවස්ථාවට අනුව වැඩ කරලා තියනවා...

      කොහොම උනත් ආදරේදි නම් අවංක කම ගොඩාක් වැදගත් වෙනවා..........

      Delete
  16. කතාව නම් ෂෝක්.. සෙන් කතාවක් වගේ.....

    100%ක් කාටවත් අවංක වෙන්න බෑ. එහෙම පුළුවන් කියනවනම් ඒකත් වංකකමක්...
    තමන් කරන කටයුත්ත මොකක් වුනත් ඒකට අවංකනම් ජයග්‍රහණය ස්තීරයි...!!

    ReplyDelete
    Replies
    1. 100%ක් කියන කථාව ටිකක් ප්‍රායෝගික නම් නැතිව ඇති.. එත් පුලුවන් උපරිමයෙන් එහෙම ඉන්න උත්සහ කරන එක තමා වටින්නේ...

      Delete
  17. පට්ට කතාව බං.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් කසුන්.......................... :D

      Delete
  18. කොල්ලෝ දැනටත් ඉන්නවා ඔය වගේ ම පරීක්ෂණ කරන,,ඔයාලට හම්බ උනේ නැත්තනම් හිතාගන්න බැහැ ඒත් එහෙම එවුන් ඉන්නවා හරිය.....
    @ Sumith Niriella 100% ක් අවංක අය තාමත් ඉන්නවා.ඒ අය එක පෙන්නන විදිය වෙනස් උනාට එහෙම නෑ කියල කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඒ කිවේ මෙහෙම ඇට බෙදන.. නැත්නම් මෙහෙම පරික්ෂන කරන අයද?
      ඇත්තට්ම මටත් මුන ගැහිලා නම් නැ//

      Delete
  19. නියම උපමා කතාව
    රස වින්දා


    ළමායී අවංක වෙන්න පුරුදු වෙන්න හොදේ

    ReplyDelete
    Replies
    1. අපි නම් අවංකයි ඔන්න......... පලමු පැමිනිම සාදරයෙන් පිලි ගනිමි..

      Delete
  20. අවංකයා.. අවංකවම සිරා පෝස්ටුව..

    වංක කමින් ගොඩ ආපු මිනිස්සු දැන්වත් අවංක වෙන්න හොදේ ?

    ReplyDelete
    Replies
    1. අනිවා සැමා.. වංක කමෙන් පලක් නැතේ.... අවංක වි ඉමු සැමදා

      Delete
  21. කුමාරය ගොඩ ගියේ ඇටෙන් එහෙනං.... මාත් ඇට බෙදල දෙන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි බන් දැන් ඇට බෙදන්න කෙල්ලෝ සෙට් එකක් ඉන්නවද??

      Delete
  22. රජ කුමාරයෝ ගැන කතාකරද්දී මට කතාවක් මතක වෙනව, කීවට කමක් නැද්ද?
    ඔන්න ඉස්සර බොහොම සාරවත් දේශයක තරුණ රජ කුමාරයෙක් හිටියලු, මේ රජ කුමාරයට කසාද බදින්න හිතිලා අල්ලපු රටේ රජතුමාගේ දුවගෙන් බදින්න ඇහුවලු, ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරාලු, ඉතින් ඊට පස්සේ එ කුමාරයා බොහොම සතුටින් සනීපෙන් ගොඩ කාලයක් ජීවත් වුනාලු!

    ReplyDelete
    Replies
    1. කිවට කමක් නැ යාලුවා.. ඇයි බන් ඒ කතාව එහෙම ඉවර උනේ....

      Delete
    2. ඒක තමා මල්ලි ලෝකෙ කෙටිම සුරංගනා කතාව

      Delete
  23. වංක කෙනා සමහර විට අවංක කෙනාට වඩා ඉදිරියට යාවි.. අවංක කෙනා වංක කෙනාට වඩා ටිකක් දුක් විදීවි.. ඒත් අන්තිමේ ලැබන සතුට වැඩියෙන්ම ලැබෙන්නේ අවංක කෙනාව.. වංක කෙනාට ඉතුරු වෙන්නේ පසු තැවිල්ලක් සමහර විට..

    ReplyDelete
    Replies
    1. දිනේශ් අයියා.... මම හිතන්නෙත් කියන්න ඕනා උනෙත් ඕකම තමා... අවංක කෙනාට කවදාවත් වරදින්නේ නම් නැ....

      Delete
  24. වන්ක මිනිස්සු ඉක්මනටම ගොඩක් උඩ යනව,හැබැයි මම හිතන්නෙ නෑ ඒ අය සතුටින් ජීවත් වෙනව කියල.අවන්ක කම මනුස්සයෙකුට හොඳ ආබරණයක්.කාලෝචිත මාතෘකාවත් මචන්.

    ReplyDelete
  25. මේ සිද්දිය උනේ ලංකාවේ නම් වෙන්න බෑ. අර එකෝමත් ඒක රටක් කියන දිහාවේ වෙන්න ඇති. මෙහේ කියන්නේ අවංක මා සැමදා දුකේ කියලනේ. :D

    ReplyDelete
  26. dan ethakota blog post danne "kumarikawo" hoyanta wentathi maye hithe??
    :)

    ReplyDelete
  27. ඕනෙවට වඩා අවංක වෙන්න ගිහින් මටත් ගොඩක් දේවල් නැති වෙලා තියනවා... එහෙමයි කියල වංක කමෙන් ඒවා ලබාගන්න උත්සහ කරන්නෙත් නෑ.. නමුත් අද අවංක කමට වඩා වංක කමෙන් ගොඩක් අය පලප්‍රයෝජන ගන්නවා. අවංක මිනිස්සුන්ට වඩා වංක මිනිස්සු ඉදිරියෙන් දෙව් කියනවා වගේ.

    ReplyDelete
  28. දැන් ඕක අද කාලෙට ගැලපෙන විදියට හදාගෙන හොඳ ගෑණු දරුවෙක් හොයාගන්න විදියත් කියමුකෝ බලන්න..
    :D

    ReplyDelete
  29. තමන් තමන්ට අවංක වුනා නම් හරි.
    henryblogwalker the Dude

    ReplyDelete
  30. වංක සීන් එක නිසා කෙල්ලෝ කීයක් මිස් උනාද....කෙහෙද ඉතින් ගෙදරට කියන්න ඕනේ...අම්මට කියන්න ඕනේ...තාත්තා ඔයාව හම්බෙන්න ඕනේ කිව්වා..ඔහොම නරක වදන් ඇහුන ගමන් කොල්ලා මාරු.....

    ReplyDelete
  31. මට අවශ්‍ය තැන්වලටවත් වංක වෙන්න තේරෙන්නේ නෑ. මව ලගින් ආශ්‍රය කරන අය මට හුගක් බනිනවා ඔය තරම් විවෘත වෙන්න යන්න එපා කියලා.සමහරු කියන්නේ මම මෝඩයි කියලා. ඒත් මම හිතන්නේ මේ ඉන්න විදියට ඉදලා මැරිලා ගියත් මට ඒක සැපක් කියලා. අවංක කම නැති තැන වෙන කිසිම දෙයක් තියෙන්න විදියක් නෑ. අපි කෙනෙක්ට දෙයක් දෙන්න ඕන අපිට දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. එයාගේ සතුට මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරලා.

    ReplyDelete
  32. දේවා මොකෝ සීන් එක බූට් මතකයක්ද?

    ReplyDelete
  33. මං මේ තාම කල්පනා කොරන්නෙ වංක වෙනවද අවංක වෙනවද කියල...හෙහ්..හෙහ්..

    ReplyDelete
  34. අර ඩූඩ් කිව්ව වගේ මට හිතෙන්නෙත් තමන් තමන්ටම අවංක උනා නම් හරි කියලයි....

    ReplyDelete
  35. කාලෙකින් දේවාගේ බ්ලොග් එක පැත්තේ ආවේ, මේ ටිකේ වැඩ වැඩි වෙලා කිසිම එකක් කියවන්න බැරි වුනා. මේක කියවද්දි මතක් වුනා ගොඩාක් කතා. ඒත් සමස්තයක් විදිහට මෙහෙම අවංක වෙච්ච මිනිස්සු නිකම්ම මැරිලා යනවා. පගා ගහන උන් වැජබෙනවා. එහෙම කියලා වංක වෙන්න ඕනේ නෑ. මොකද කරන කලට පව් මිහිරිය පැණි සේ වගේම තමා ඔව්වා කවදා හරි ගෙවද්දි. සමහර විට මේ ආත්මෙදි නෙවේ ඊලග ආත්මයකදි හරි. :) බලං යද්දි දේවාත් දන්නේ මාර කතා නේ :)

    ReplyDelete
  36. අවංක කම ගොඩක් හොද දෙයක් තමයි....
    එත් ඉතින් අද සමාජයේ නම් බොහොමයක් අවංක නම් නෑ...වෙලාවකට වංක නොවීත් බැරි අවස්ථා අපේ ජිවිත වලටත් එනවා.ගොඩක් දුරට වංක කමින් අපි බලාපොරොත්තු වෙන්නෙ අපේ ආත්මාර්ථකාමී අවශ්‍යතා සපුරා ගන්නනෙ.එත් වංක කම පරාර්ථකාමී යහපත් අරමුණු සපුරා ගන්න මුල් වෙන අවස්ථා නැතුවම නෙවෙයි...
    එත් තමන් හැම විටම අවංක වෙනවනම් ඒ ගුණය බොහෝවිට තමාටත් අනුනටත් යහපතට පවතීවී.
    එත් කණගාටුවෙන් වුවත් කිව යුත්තේ අපේ රටේ ජනදිපතිගේ පටන් මොන්ටිසෝරි දරුවා දක්වා අවංක කමට වඩා ඇත්තේ වංක කම බවයි..බොහෝවිට දරුවන්ට වංක බව උගන්නන්නේද දෙමව්පියන් වීම තවත් ශෝකනියයි....

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....