ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

26 July, 2013

බැදලා ටික කාලෙකින් කොල්ල නැති උනොත් වැරැද්ද කෙල්ල ගේද ????

ජිවිතේ අපිට කවදා අපේ ජීවිතෙන් යන්න වෙයිද කියන එක හරියටම කියන්න පුළුවන් කෙනෙක් කියන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හරි මොනයම්ම දෙයක් මේ වෙනකොට නම් නැ කියලා මම නම් හිතන්නේ... ජිවිතේ ගොඩාක් දේවල් වෙන්න යන්නේ ඉතාම පොඩි කාලයක්.. සමහර දේවල් වෙන්න නම් කාලයක් ගන්නවා...

ජිවිතේ කෙනෙක්ගේ වැදගත්ම තීරණ අතරේ උඩින්ම තියෙන කිහිපය අතරේ කසාදයට හිමි වෙන්නේ ඉතින් වැදගත් තැනක්නේ.... තාම මට නම් එක වැදගත් වෙලා නැ මොකද ඉතින් තව ටික කාලයක් එකට ඉන්න ඕනනේ... (තාම මම පොඩි එකානේ)

කසාද බදින එක ඉස්සර නම් ගොඩාක් වෙලාවට උනේ යෝජිත විවාහ විදිහට ලුනේ... එතකොට ඉතින් ඔය පොරොන්දම් බලිලි කේන්දර බලිලි වගේ ඒවා නම් ගොඩාක් කෙරිලා තියනවනේ...
දැන් කාලේ යෝජිත විවාහ උනත් වැඩිපුර ආදර සම්බන්ධතා මුල් කරගෙන වෙන විවාහ වැඩි නිසා ඒ වගේ දේවල් හරියටම සිද්ද වෙනවා කියන්න අමාරුයිනේ

http://fc04.deviantart.net/fs71/f/2012/096/7/d/just_married_by_meago-d4v6nvr.png
ඇයි ඉතින් කොහොමද එහෙම කරන්නේ අවුරුදු 3,4ක් ලව් කරලා කසාද බදින වයස පහු වෙනකොට වගේ කසාදෙ කරන්න හිතනකොට ඔය පොරොන්දම් කේන්දර බලලා ඒවා ගැලපෙන්නේ නැ කිවොත් ඉතින් අත්හැරලා දාන්න පුළුවන් ද බැනේ.. බදාගත්තා නම් බෙරේ ගහන එකයි තියෙන්නේ කියලා.... අනික ඉතින් එහෙම දැනගත්තත් අවුරුදු ගානක් ලව් කරලා එහෙම දෙයක් නිසා කෙල්ලව හරි කොල්ලව හරි ඇත හැරලා යන්න හිතෙන්නේ කාටද?

ගොඩාක් වෙලාවට ඔය කේන්දර එහෙම දෙන්නගේ ගැලපෙනවද කියලා බලනකොට කියනවලුනෙ මේ කසාදෙ නම් කරන්න එපා කලොත් කාට හරි කරදරයක් ඉක්මනට වෙනවා කියලා... එක ඇත්තක්ද කියන්න මම දන්නේ නැ ඉතින්..

ඔහොම කිවත් නොකීවත් බැදලා ටික කාලයක් අතර තුර කොල්ලා ට මොනවා හරි උනොත් කවුරු කොහොම නැ කිවත් එකේ වැරැද්ද යන්නේ කෙල්ලගේ පිටින්.....
ගහක් ගලක් වගේ උන්නු කොල්ලා මේ කෙල්ලක් බදාගෙන ජිවිතෙනුත් යන්න ගියා.. මාර කාලකන්නි කෙල්ලක් තමා ඔහොම කතා ටවුන් වල කියා නොවුනත් ගම් වල නම් අනිවාර්යෙන්ම කිය වෙනවා

ඈත්තටම එක කෙල්ලගේ වැරද්දක්ද? කොල්ල නැති වෙන්නේ කොල්ලගේ පරිස්සමක් නැති වැඩක් හින්දා නම් එකට අර කෙල්ල පලිද? අනික ඉතින් මේ කොල්ලා නැති උනොත් එකේ වැඩිම පාළුව අර කෙල්ලට නේද? වැඩියෙන්ම වැටෙන්නේ තනි වෙන්නේ ඒ කෙල්ල නේද? දෙන්නා හරි ආදරෙන් උන්න නම් ඉතින් ඔය වගේ කතා ඇහුනොත් අර කෙල්ලට මොනවා හිතෙයිද?

ජිවිතේ අපි හැමෝටම ගෙන ආයුෂ ප්‍රමාණයක් තියනවා බැන්දත් නැතත් ඒ කාලේ ඉවර උනහම අපිට යන්න වෙනවනේ...

මට ඉතින් ප්‍රශ්න දෙකක් එනවා දන්නවනම් උත්තර දීලා යන්නකෝ

එත් කේන්දර බලන කොට එහෙම කියවෙනවා නම් මොකක්ද කරන්න ඕනේ ඕන දෙයක් උනාවේ කියලා ජිවිතේ ගැන රිසක් එකක් අරගෙන ඒ කසාදෙ කරන්න ඔනාද නැත්නම් ඉතින් ඒ කසාදේ ඕනේ නැ කියාලා ඇත හැරලා දන්න ඕනද?

එහෙම කසාද බැදලා අවුරුද්දක් වත් යන්න කලින් කොල්ලට මොනවාහරි උනොත් වැරැද්ද කෙල්ලගේද? ඔහොම දෙයක් කෙල්ලට උනොත් එකේ වැරැද්ද කොල්ලට කියනවද?

40 comments:

  1. යකෝ උබ මාර අමාරුවකනෙ දැම්මෙ... මට හිතෙන්නෙ දෙන්නගෙම වැරැද්ද? මොකටද බැන්දෙ....

    ReplyDelete
    Replies
    1. දින එක වැරද්දක් ද බන්.... මටත් ඕක තේරෙන්නේ නැනේ

      Delete
  2. ඔය මොකාට හරි කෙලවන්න මිනිස්සු හදාගත්ත බූරු කතා බං... දෙන්නෙක් හොඳින් ඉන්න‌ෙකාට ඒක කඩන්න එක එක ඒවා කියවනවා වගේ අර බඳින්න හදන උන් දෙන්නගෙත් ඔලු විකාර කරවනවා හඳහනුයි අරකයි මේකයි කිය කිය.. ඉතිං බැන්දමත් අරුන් දෙන්නගෙ හිතේ ඕවා වැඩ කරනවා... මොනවා උනත් හඳහන තමයි පලි...

    මැරෙන්න තියෙන එකා බැන්දා නැතා කියලා නෑ මැරෙනවා.. අනිත් ඒවා නං අපිට ඕනෙ හැටියට වෙනස් කරගත්තෑකි.. ඔය කේන්දර වල කියපුවා වෙනස් කරපු මිනිස්සු ඕනේ තරං ඉන්නේ...

    දැන් අර අපේ එකෙක් ඉන්නවා අවුරුදු ගාණක් යාලු වෙලා ඉඳලා කේන්දර බැලුවාම බැන්දොත් මූට හොඳ නෑ කියලා කිව්වම කෙල්ල එහෙනං බෑ කියලා... මූ මැරෙයි කියලා බයේ.... මේකා ආමි එකේ.. අනේ ඊට ටික කාලෙකින් යුද්ධෙත් ඉවරයි.. මූ පස්සෙන් ගිහින් ගිහින් බැරිම තැන වෙන කෙල්ලෙක් බැඳලා ඔය ඉන්නේ අගෙට ළමයෙකුත් හදාගෙන... අර කෙල්ල තාම ගෙදර... ගොන්කම තමයි... වෙන මුකුත් නෙවෙයි...

    ඔය කොල්ලෙක්ට මොනා හරි උනොත් කෙල්ලට වැරැද්ද කියන එක කේන්දර සීන් එකක්ම නෙවෙයි.. අපේ ගම්වල අම්මණ්ඩිලා හදාගත්ත කතන්දරත් ඕවට බලපානවා.. වැඩේ කියන්නේ මේ උගත් මිනිස්සුත් ඕවා විශ්වාස කරන එක.. ඔය කේන්දරකාරයෝ කියන තරමක් කියන්නේ බොරු තමයි.... ඕවා විශ්වාස කළාට කමක් නෑ ඔලුව උඩ තියාගෙන යමක් කරන්න කලින් කල්පනා කරන්න ඕනේ මෙහෙම කළොත් හෝ යමක් කිව්වොත් ජීවිතයක් හෝ කීපයක් විනාස වෙන්න පුළුවන් කියන එක... ඒත් ඉතිං ඊරිසියාව සහ තමන්ගේ බඩ වඩා ගැනීම ලොකු උන්ට නං මේවා තමයි උල්පත්...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකේ හැටියට පොඩි අන්ස්ර් එකක් දීලා බැ.. ටිකක් විතර බිසී ඒ නිසා ඇවිත්ම අන්සාර් එකක් දෙන්නම්.... මාස තුන හතරකට කලින් බැදපු මගේම යාළුවො දෙන්නෙක් ට උන ක් නිසා ඒ කෙල්ල අහන කතා සාධාරණද කියල හිතල හිතාගන්න බැරි නිසා ඇහුවේ

      Delete
    2. අහන්න දෙයක් තියෙනවයැ බං ඕකේ... අසාධාරණයි තමයි... කොල්ලා මලා.. ඒත් කෙල්ල ජීවත් වෙන්න ඕනේ.. කෙල්ලෙක් කසාද බඳින්නේ කොල්ලෙක්ට වඩා ගොඩක් ලොකු රිස්ක් එකක් අරන්... බලාපොරොත්තු ගොඩක් තියන්... දැන් මේ කෙල්ලව කවුද බලන්නේ.. ඒ කෙල්ලගේ තුවාල වෙච්ච හිත හදන්නේ මොකාද... තව කාලයක් ලස්සනට ජීවත් වෙන්න තිබ්බ ජීවිතයක් කරුමක්කාර ජීවිතයක් කරන්නනේ ඔය අම්මණ්ඩිලා හදන්නේ... දැන් ඔය කතා කියන අම්මණ්ඩිලා ටික අර කෙල්ලව ජීවත් කරවනවද... නෑනේ.. ඒ කෙල්ලටත් ජීවිතේ එපා කරවනවා... ( අපේ උන්දැ බයික් එකේ ඇරලා යනකොට මං ඔය ටික මතක් කරනවා පිටිපස්සේ ඉඳලා... )

      ආමි එකේ අයියා කෙනෙක් එක්ක යාලු වෙලා හිටිය අක්කා කෙනෙක්, බඳින්න ඔන්න මෙන්න කියලා ඒ අයියා මැරුනට පස්සේ අවුරුදු ගාණක් දුක් වෙවී ඉඳලා එයාව හොඳට තේරුම් ගත්ත අයියා කෙනෙක් බැඳලා අපේ ගෙවල් පැත්තට ආවා... අනේ අර කෙල්ලට මේ අපේ ගමේ උන් ඔය කතන්දරේ දැනගෙන කතා හැදුවනේ.. ඒ වෙලාවෙ නං මං බැන්නා පලු ගැලවෙන්න අපේ අම්මණ්ඩිලගේ... ඒ කෙල්ල ජීවිතේ විනාස කරගන්නේ නැතුව ලස්සනට ජීවිත් වෙන එකත් කොච්චර ලොකු දෙයක්ද.... මට නං ඒ අක්කා වීරවරියක්... ඔයාගේ යාලුවටත් මේ ටික තේරුම් කරලා දෙන්න... ඔය මෝඩ අම්මණ්ඩිලා කියන ඒවා කනකට ගන්නේ නැතුව ජීවිතේ හදාගන්න කියලා.. නැත්තං එයාට එච්චර ආදරේ කරපු මනුස්සයත් ඉන්න තැනක ඉඳලා දුක් වෙයි එයා දුක් වෙනවා බලලා...

      Delete
    3. මේ පෝස්ට් එක කියවගෙන එද්දිම මට මතක් වුණේ හිරුව. මං දන්නවා මේ කේන්දරයි නැකත් පතුයි ගැන කියනකොටම හිරුවට මල පනිනවා කියලා.. හි හි.
      හිතුව විදියටම වැඩේ වෙලා මේන්න බලනකොට...

      Delete
    4. යාලුවට නම් මේ කතා තේරුම් කරලා දෙන්න පුළුවන් වෙයි ඔය කියනවා වගේ අම්මණ්ඩිලා ටිකාව තමා හදන්න බැරි.... මැරිච්ච කොල්ලගේ අම්මලා තාත්ලාට නැති අමාරුවක් තමා උන්ට තියෙන්නේ කෙල්ල බැදලා මාස 4යි... අනිත් එක තාම කෙල්ලට අවුරුදු 21 විතර පව් ඉතින් ජිවිතේ විනාශ කරනවා...

      Delete
    5. හිරුවා ඉතින් කියන දේත් වැරද්දක් නැනේ නේද නලින් අය්යා.. ඕවා ජිවන අත්දැකීම් නේ..

      Delete
  3. මේ කතා වලට ටවුන් ගම් කියල වෙනසක් නෑ... අපේ මනුස්සයගේ ගෙදර මිනිස්සු හිතන විදිහට වටේ ගෙවල් වල මිනිස්සු මැරෙන්නෙත් මගේ කරුමෙට... අනික තමයි කේන්දර වල කියන දේවල් හරි වෙන්නත් වැරදි වෙන්නත් පුලුවන්.. මගේ අක්ක බදිද්දි කිව්වෙ අවුරුද්දයි එක ගෙදර ඉන්නෙ කියලා, දෙන්න වෙන්වෙනවා කිව්වා.. දැන් අවුරුදු 10ක් බබාලා 3 දෙනෙකුත් ඉන්නවා... ඔය ඉන්නෙ යස අගේට ආදරෙන්...

    ReplyDelete
    Replies
    1. එත් මොනවා හරි උනා නම් අක්කාට විසුමක් වෙන්නේ නැ නේද? කියලත් ඇහුවේ නැ කියල

      Delete
    2. එහෙම උනා නං මරාගෙන මැරෙනවා.. නැද්ද නදිනියෝ... හි හි...

      Delete
    3. මරාගෙන මැරෙන්න.... එතකොටත් කියයිනේ මෙකි බදින්න කලින් මෙහෙම නම් බැන්දහම අපේ එකට මොනවා කරාවිද කියලා.....

      Delete
  4. ane manda mamanam hithanne owa boru kiyala

    ReplyDelete
    Replies
    1. උමා ඉතින් බදින කාලෙට මොනවා කරාවිද දන්නේ ඉතින් උමා ම තමා

      Delete
  5. මේ ඔක්කොම මිනිස්සුම හිතින් හදා ගත්තු දේවල්. කේන්දරේ ඔලුවේ තියන් ඉන්නවා නම් ඉතිං ඒ මනුස්සයින්ට අපි මොනවා කිව්වත් වැඩක් නෑ.ඒකෙන් පිට දෙයක් එයාල හිතන්න කැමති නෑ.මගේ යාළුවෝ දෙන්නෙකුත් අවුරුදු ගානක් ආදරේ කරලා, ඔය කේන්දරයක් නිසා දැන් වෙන් වෙලා දුක් විදිනවා. අනේ මන්දා ඉතිං.....

    ReplyDelete
    Replies
    1. එතන නම් පට්ට අසාධාරණයි... මැරෙනවට අකමැති නිසා ද දන්නේ නැ එතකොට වැරද්දක් කියන පුලුවන්ද කියලා හිතා ගන්නත් බැ.... අනේ මන්දා යාලු වෙන්න කලින් ඕවා බලාලා උන්න නම් හරිද මන්දා

      Delete
  6. කොල්ලෝ.තෝ නම් බඳිනවා තියා බඳින්න හිතන්නවත් එපා.

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් අසරණ මම.......... මොකද බන් මට එහෙම කිවේ....

      Delete
  7. අනේ දේවෝ මෙවටනං කියන්න උත්තර නෑ. ඒ ඒ තැනැත්තන් හිතං ඉන්න විදිය හා ඔය දේවල් ඇගට ගත් මිනිසුන් සිටින තාක් තත්ත්වය ඕකයි.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් හා පරිනත බවත් එක්ක වත් හිතලා උත්තරයක් දෙන්නකෝ අය්යා

      Delete
  8. මෙහෙමයි මචන් මට හිතෙන්නෙ එ වගෙම මම කලෙත් .බදින්න තිරනය කරල නම් ඉට පස්සෙ පොරොන්දම් බලන්න එපා.පොරොන්දම් බලන්න ඔන කියල හිතෙනව නම් බදින්න තිරනය කරන්න කලින් බලන්න.අනික බදින දෙන්න තම තිරනය ගත යුත්තෙ.ඔය වගෙ මෑරෙන කතාවක් දෑන ගත්තොත් නම් බෑදල හොදින් ඉන්න්න අමාරුයි මොකද හිතෙ අවුල තියෙනව නෙ.විස්වාස කලත් නොකලත් හිතෙ අවුල් නම් එනවම තමයි.එක නිසා බලනව නම් එකෙ කියන විදියට කරන්න ඔන .එහෙම කරන්නෙ නෑත්නම් නොබල ඉන්න ඔන.මම මගෙ වයිෆ් ට පොරොන්දූනා යාලු වෙනකොට බදිනව කියල.එක නිසා මම ඔව බෑලුවෙ නෑ බෑන්ද.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඉතීන මේ කියපු කතාව තමා කරන්න වෙන්නේ බදින්න කලින් නෙමේ යාලු වෙන්න කලින් කැමැත්ත අහන්නත් කලින් කේන්දරේ ඉල්ලලා ගැලපෙනවද බලලා ඉන්න වෙයි ඉතින්...

      හිකිස් හැමෝම වගේ යාලු වෙන්නේ බදින්නනේ එහෙම කියලා ඉන්න අයනේ ඔය වගේ දෙයකදී වැනෙන්නේ...

      Delete
    2. එක නෙමෙයි බොලෙ වෙන්න ඔන ඔව විශ්වාස කරනව නම් යාලුවෙලා බදින්න එපා.යාලුවෙන්නෙ බදින්නමද බන්.පිස්සුද.මම යාලුවෙලා හිටපු කෙල්ලෙක්ගෙන් ගෑලවෙන්න ඔන උනාම මම කිවුව මට ඔයාව බදින්න වෙන්නෙ නෑ කියල මෙකි අහපි කවුද ඔයාට මාව බදින්න කිවුවෙ කියල.

      Delete
    3. උබටත් සෙට් වෙන කෙල්ලෝ බන්,...........

      Delete
  9. කේන්දර නම් මොනාද බං..

    තැන් තුනකින්ම කිව්වෙ කරන්න එපා කියල. එක තැනකින් කිව්ව කරන්න කියල.. අපෙ අම්ම ඒ එක තැනට ගරු කලා. විවාහය ඉදිරියේ සිද්ද වෙයි ඕං..

    මගෙ මගුල ගැන නෙවෙ ඕං කිව්වෙ :)

    ReplyDelete
    Replies
    1. කවදද බන් ඔය මගුල වෙන්නේ අපිටත් කාඩ් එකක් ඒවයි ද දන්නේ නැ.. ඉක්මනට වෙනවයි.....

      Delete
  10. හුරේ...
    මඟුල් එපෝ!!!!!!!!!!!!!!

    ReplyDelete
  11. ඔය අපි අතරේ තවමත් මුල් බැහැගෙන තියෙන ගෝත්‍රික ඇදහිලි සහ විශ්වාසවල අතුරු ඵලයක් විතරයි. කලබල වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. අර කෙල්ල ඒ උනාට පව් නේද ඉතින්,.. මේවා කවදා නැති වෙයිද?

      Delete
  12. මේ ප්‍රස්නේ අහපු එකා ගෙයි වැරැද්ද... චැහ්හ්.. උදේ පාන්දර අවුල් කොලා O.o

    ReplyDelete
    Replies
    1. ඒ කිවේ බන් මම ගැනද කිවේ,,......

      Delete
  13. බැඳපු අලුතම කොල්ල මළත්, කෙල්ල මළත් සිදුවන්නේ ජීවත්වන තැනැත්තාට මහා පීඩනයකට මුහුණ දෙන්න ඒ සමාජය විසින් ඇතිකරගෙන තියෙන පාරම්පරික සමාජ අදහස් නිසා. ඒකෙදි ජීවත්වන කෙනොට දෙස් දෙවොල් තැබිම වැරදියි. සමහර වෙලාවට කේන්දරේ ගැලපිමත් වැදගත් වෙන්නෙ ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. ලව් කරලා කරලා අන්තිමේ බදිනකොට ඕවා බලනකොට පෙරේහර ගිහින් ඉවරයි ඉතින් හොදම දේ ලව් කරන්න කලින් ඕවා බලනවානම් බලල ඉවර කරන එකද කොහෙද?

      Delete
  14. ඇයි යාලුවා.. ගෙදරින් බල කරනවාද ඉක්මනින් බඳින්න කියලා..

    ReplyDelete
    Replies
    1. අනේ බන් අසරණ මාව කොහෙන්ද මේක ඇතුලට අවේ... තව කාලයක් ඉන්න ඕනා බන් දැන්ම බැ බදින්න

      Delete
  15. සිරාවට ඔය අදහස් මිනිසුන්ගේ ඔලුවලට දාන අම්මණ්ඩිලාට කියන්න වදන් නෑ මට. ඔය වගේ වගත් හිතන් නැති උදවිය පවා ඒ පැත්තට නම්මගෙන අරකිට විරුද්ධව කඩේ යවන එක මාත් දැකලා තියෙනවා. ඒත් මගෙ තියෙන ද්රුවලතාවයක් වෙන කෙලින් කියන්න බැරි කමට මම අසරණ වුනු අවස්ථාත් තියෙනවාත කරන්න දෙයක් නෑ. මයින්ඩ් වොෂින් තමයි..

    ReplyDelete
  16. එත් කේන්දර බලන කොට එහෙම කියවෙනවා නම් මොකක්ද කරන්න ඕනේ ඕන දෙයක් උනාවේ කියලා ජිවිතේ ගැන රිසක් එකක් අරගෙන ඒ කසාදෙ කරන්න ඔනාද නැත්නම් ඉතින් ඒ කසාදේ ඕනේ නැ කියාලා ඇත හැරලා දන්න ඕනද?

    ඔයා ඔයාගේ ගෑණු ලමයට ඇත්තටම ආදරෙයි නං ඒක ප්‍රශ්නයක් කරගන්න එපා..මැරෙන දවසට මැරෙනවා, ඒක කාටවත් නවත්තන්න බෑ.. කාගේ වත් කේන්දරේක බලපෑමෙන් එහෙම වෙයි කියලා මගෙ පෞද්ග්ලික විශ්වාසයක් නෑ..ඒකට හේතුව අපේ අක්කෙකුයි අය්යෙකුයි වෙන් කරන්න ඔහොම බොරුවක් හදාගෙන ජ්යොතිශ්ය කරන කෙනෙක් ලව්ව ලියවගෙන ආපු එක.දැන් උන් දෙන්නා බැඳලා සතුටින් ඉන්නවා

    එහෙම කසාද බැදලා අවුරුද්දක් වත් යන්න කලින් කොල්ලට මොනවාහරි උනොත් වැරැද්ද කෙල්ලගේද? ඔහොම දෙයක් කෙල්ලට උනොත් එකේ වැරැද්ද කොල්ලට කියනවද?



    අනිවාර්යෙන් කියන්නෙ කෙල්ලගෙ කාලකණ්ණි කම කියලා..ඉස්සෙල්ලාම ඕක පටන් ගන්නෙ නැන්දම්මා...පස්සෙ දිගටම යනවා.. ඕකෙ අනිත් පැත්ත උනා කියලා ජීවිතේට කවදාවත් කවුරුත් මුකුත් කියන්නෙ නෑ කොල්ලට..ගම්වල විතරක් නෙවෙයි නගරෙත් ඔය අදහස්ම තමයි තියෙන්නෙ ඒක මේ සමාජ රටාවෙ කැත..!

    ReplyDelete
  17. අනේ මන්දන්නෑ ,කන්නත් නෑ ,බොන්නත් නෑ ,කෙල්ලොනම් ඕනිම නෑ

    ReplyDelete
  18. අවුරුද්දකින් නෙවෙයි
    මං දන්න කෙනෙක් wedding 1 ඉවර වෙලා hotel 1 ට ගිහින් හරී මහන්සි කියලා ඇඳේ නිදාගෙන.
    Bride wash1 දාගෙන එනකොට groom මැරිලා

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....