ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

05 May, 2012

බ්ලොග් ලියන්නේ මොකටද? (හිරු-පවර් වෙතට & බ්ලොග් ලියන කියවන ඔක්කොටම)

මැයි මාසෙටම මම මුකුත් ලියලත් නැ තවම අවුරුද්දේ පොස්ට් එකට විශ් කරපුවට තැන්ක්ස් කරගන්නත් බැරි උනා.. ඒත් මට මේ ටිකේම ලොකු ප්‍රශ්නයක් හිතේ තිබුනා.. මේක ඇනෝ ලියන්න ඕන විදිහේ පොස්ට් එකක් උනත් මට මේකට කමෙන්ට් ඔනේ නැති නිසාත් මගේ හිතේ මට දැනෙන දේවල් ලියන්න මට හොදම තැන මේක කියලා හිතෙන නිසාත් මේක ලියනවා...

ඇයි අපි බ්ලොග් ලියන්නේ.....

බ්ලොග් ලිවා කියලා කට හරි පුන්චි එක සත පනහක් වත් බ්ලොගර් එකේ අය දිලා තියනවද?

පොස්ට් එකකින් ලියන්න කරුණු දෙකක් හිතට වද දෙනවා

1. පවර් දගයා කියනා කෙනෙක් හිරුගේ කතාව කියා බ්ලොග් ලියන කෙනෙක්ට ප්‍රසිද්දියේ මඩ ගැසිම



ඇත්තටම හිරු කියලා බ්ලොග් එකක් මම දැක්කේ නම් ඔය හිරු කියන (මම හිතන්නේ මගේ වයසේ) බ්ලොග් එකෙන් තමයි.. මොනවා උනත් ඔය පවර් දගය නමින් කෙනෙක්ගේ ලියන්නේ නැතුව අතහර දමා නැවත ලියන්න පටන් ගත්තා කියන හිරු බ්ලොග් එකේ නමට ඔබට පේටන්ට් බලපත්‍රයක් ඇතිවා සේ කතා කරනා බවක් මට හැගේ.

බ්ලොග් කියන්නේ සහෝදරත්වයේ බැදිම සනි‍ටුවහන් කරන පුද්ගලික පලි ගැනිම් නැති සමාජයේ තවත් පැති කඩක්...  මා දු‍ටු ආකාරයට නම් බ්ලොග් යනු තනිකරම ඔබේ බුදලයක් කරගෙන හමාරයි... මේ පිලිබදව සටහන් උනු තෙඩ් එකකත් සදහන් උනා රාජ් සහෝ ලා දෙන්නා ගැන...  කවදාවත් ඒ දෙදෙනා මේ ගැන කත කරනවා වත් අපි නොදනි.. මන්ද ඔවුන් බ්ලොග් යනු කුමක්දැයි කියා හදුනා ගෙන සිටිනා බැවිනි.  බ්ලොග් යනු ජිවිතයම නම් නොවේ.. ඒ වගේම එය කාගෙවත් පුද්ගලික බුදලයකුත් නම් නොවේ..

උදහරනයකට එක් අයකුගේ නමක් තවත් කෙනෙක්ට දාන්න බැ කියලා නිතියක් තියනවාද?

එක වගේ නම් දෙකක් තියෙන්න බැරිද? නමකින් තවත් කෙනෙක් එක්ක සංසදනවාට වඩා තමන් කරන වැඩ වලින් තවත් කෙනෙක් එක්ක සසදලා බලන....

මෙතන වෙල තියන දේ පොඩ්ඩක් කත කලොත්...

පවර් දගයා නමින් හදුන්වන තැනත්තා... (සයිබර් සිහින උලෙල වැඩ කලා මම හිතන්නේ) හිරු කියාලා බ්ලොග් එකක් කාලයක් තිස්සේ පවත්වාගෙන යනවාලු ( සෝ මමත් අවුරුදු 2.5ක් විතර බ්ලොග් කියවනවා තාම නම් අහුවෙලා නැ මට)

මිට මාස කිහිපයකට උඩදි හිරුගේ කතාව නමින් බ්ලොග් එකක් පටන් ගත්තු ගර්ල් කෙනෙක් උන්නා... (මට ඒ බ්ලොග් එක නම් අහු උනා කියවන්න) හිරු කියන්නේ එයාට ආදරේ දුක කියලා දුන්නු තාමත් එයා ආදරේ කරන එයාව දාලා ගිය පෙම්වතා කියලා තමයි එයාව දන්න කියන අය නම් කියන්නේ..

බ්ලොග් ලොකෙට එයා එනකොට හිරු කියලා තවත් බ්ලොග් එකක් තියනවා කියලා දැන ගෙන ඉන්න නැතුව ඇති..

බ්ලොග් එකේ නම මොනවා උනත් අපි එවා කියවනවා අපි කැමති නම්..

කොහොම උනත් පවර් දගයා එයාගේ බ්ලොග් එකේ නම (පේටනට් හම්බුන එකක්ද කොහෙද?) හිරුගේ කතාව කියන බ්ලොග් එකට හොදා ගත්තා කියලා දරුනු විදිහට කෙල්ලෙක්ට කතා නොකරන විදිහට බැනුම් එල්ල කරන්න පටන් අරගෙන තියනවා බ්ලොග් ලොකෙන් එලවලා දානවා කියලා...

බ්ලොග් ලියන හැමෝම සහෝදරත්වයෙන් අත්වැල් බැදගෙන ඉන්න මොහොතක ඒකට මේ වගේ එක එක අයගේ දේවල් නිසා එල්ල වෙන්නේ ලොකු අඩුපාඩුවක්.... යාලුවා අපි බ්ලොග් කියවන්නේ නමට නම් නෙමේ ලියන දේවල් වලට..

මට ඔයත් එක්ක පුද්ගලික තරහක් නම් නැ.. කරන වැඩේ කැතයි නිසා කියන්නේ...

රාජ් ලා දෙන්නේක් උන්නා වගේම මම බ්ලොග් එක පටන් ගන්න කොට තිබුන සදරුගේ ලෝකය කියන නමටවත් හිස් අහස ලියන සදරු මල්ලි කවදාවත් මුකුත් කියන්න ආවේ නැ.. මම ඒක වෙනස් කරනකොටත් එහෙම කරන්න ඕනේ නැ කියලා කිවේ ඒ වෙනකොටත් ගොඩාක් ජනප්‍රිය කෙනෙක් උනු සදරු මල්ලි එවා තේරුම් අරගෙන තිබුන නිසා වෙන්න ඇති....

සෝ මට මෙහෙම පොස්ට් එකක් ලියන්න හිතුනේ බ්ලොග් ලොකේ හැමෝම එකට ඉන්නවා දකින්න ආස නිසා... හිරුගේ කතාව ආයේ මුනු පොතටවත් බ්ලොග් ලියන්නවත් නො එනවා කියලා තිබුනු නිසා.. ඒක වෙන්න ඕනා දෙයක් නෙමේ... සහොදරි කතවක් තියනවානේ බල්ලේක් බිරුවාට කන්දක් කඩා පාත් වෙන්නේ නැ කියලා...


ප.ලි  : දැනුවත් කිරිමට පමනි ගැ‍ටුම් ඇති කර ගැනිමට නම් නොවේ.. කමෙන්ට් බලාපොරොත්තු නොවෙමි...

101 comments:

  1. කමෙන්ට් එකක් දාන්න වෙනවනේ. මම නම් බනින්නේ හිරූට. කොහෙවත් යන කෙනෙක් බැන්න කියලා ඔක්කොම දමල ගහල යන්නේ පිස්සුද. මේක කාගේවත් බූදලයක් නෙමෙයි නේ.

    මටත් ඔය කතාව කලින් කියලා තිබුනා. ඒත් මම හිතුවේ නෑ ඔච්චර සීන් එකක් කියලා. අනිත් එක ඔය කියන දඟයට ඔය නම ඔච්චර ප්‍රශ්නයක් වුනා නම් හොඳින් කතා කරලා විසඳගන්නවා මිසක් එහෙම තර්ජනය කරන්න අයිතියක් කොහෙන්ද?

    මම නම් ඔය කලින් තිබුන කියන බ්ලොග් එක දැකලත් නෑ. හිරූ කියනකල් එහෙම එකක් දන්නෙත් නෑ.

    දඟයා, උඹ කරපු වැඩේ වැරදියි මචං. තමන් කැමති නමක් පාවිච්චි කරන එක තමන්ගේ අයිතිය. හැබැයි ඒක උඹට ඇත්තටම ප්‍රශ්නයක් වුනා නම්, උඹ කරන්න ඕන හොඳින් කතා කරලා විසඳගන්න එක. ඔහොම බැනලා එලවගන්න එක නෙමෙයි.

    මොනවා වුනත් හිරූ ආයෙත් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා!

    ReplyDelete
  2. තනි අලියාMay 5, 2012 at 4:26 PM

    කට්ටියම සෙට්වී දඟයා උත්තමයාව රිපෝට් කර දැමීම සුදුසුයයි හැඟේ! රටේම තියන බ්ලොග් වල නං උගේ නං බවට පත් වන්නට පෙර!

    ReplyDelete
    Replies
    1. එච්ච‍ර කලබල වෙන්නේ මොකද? :) බ්ලොග් වලට පේටන්ට් තියනවා යේ?

      Delete
  3. මේක දගයට මේ දවස් වල කරන්න වැඩක් නැති කමට පටන් ගන්න හදන සෙල්ලමක් මං හිතන්නේ. ඔය රාජ්ල දෙන්න ගහ ගන්නේ නැතුව ඉන්නවා වගේම තව කොයි තරම් නම් සමාන නම් තියෙන අය බ්ලොග් ලෝකේ ඉන්නවද? මේ බ්ලොග් එක තාමත් sadaru-world උඹ මේකේ නම දේවගේ අඩවිය කියල වෙනස් කරනකොටත් සදරු මල්ලි මේකට ඇවිත් කමෙන්ට් එකක් දාල ගිහිල්ල තිබ්බ වගේ මතකයි. මගේ රෙපාගේ අම්බලම වගේ මඩාගේ අම්බලම කියලත් එකක් තියෙනවා. මමත් ඒක ෆලෝ කරනවා. මොකද අපි බ්ලොග් ලියනවා කියල කියන්නේ විනොදෙට අපේ අදහස් බෙදාගන්න අලුත් යාළුවො එකතු කර ගන්න කරන දෙයක්. මේ නමකට ගහ මරා ගෙන මොනවා කරන්නද? සහෝදර සහෝදරියෝ වගේ මේකේ ඉන්න බැරි වලියට බර උන් කවද හරි පාඩමක් ඉගන ගනීවි. දෙවා කියනවා වගේ බල්ලෙක් බිරුවට කදු කඩා පාත් වෙන්නේ නෑ. අපි ඔක්කොම ඔයා එක්ක .....................

    ReplyDelete
  4. ela ayya! Mu meka kiyewwanam meka kiyawala therum gani :DD

    ReplyDelete
  5. බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙලා නෑ නේ, මේ වගේ දේවල් ගැන පෝස්ට් දාන්න තරම්වත් නෑ වැදගත් !

    ReplyDelete
    Replies
    1. පාත් වෙලා තියෙනවානේ. හිරු ගිහිල්ලනේ.

      Delete
    2. ආයෙත් ඉක්මනටම එවි... ඔය බල්ලෝ ඒ තරම් ලොකු කදු පාත් කරන්න තරම් ශක්තියක් නැ

      Delete
  6. හිරු කියලා නමක් තියෙන්නේ දඟයට විතරක් නෙමෙයි තව දෙතුන් දෙනෙක්ම ඒ නමින් බ්ලොග් ලියනවා.ඒ ගැන දඟයව දැනුවත් කලත් එයා ඒක කනකට ගන්නේ නෑ.අන්තිමේදි අහන්න සිද්ද වුනේ ඇත්තටම ඉරෙන් අහලද මෙයා නම දාගත්තේ කියලා....

    මොන දේ වුනත් මේ වගේ දෙයක් හින්දා බ්ලොග් ලෝකේ සහෝදරත්වය දෙකට නොබෙදෙයි කියලා මම විශ්වාස කරනවා.මොකද හිරු එලිය හරි කියන කට්ටියකුයි හිරුගේ කතාව හරි කියන කට්ටියකුයි එකතු වෙලා යුද්ධ ප්‍රකාශ කලොත් මෙච්චර කල් තිබුනු සහෝදරත්වය නැත්තටම නැතිවෙන්න පුළුවන්.ඒ නිසා හිරු එලියෙන්(දඟයගෙන්) ඉල්ලන්න කැමතියි නැති ප්‍රශ්න ඇති නොකර ඉන්න කියලා.

    දේව් අයියට ස්තූති කරනවා මේ ප්‍රශ්නය මේ විදියට හැමෝටම දැනගන්න සැලැස්සුවට.සිංහල රාජ්ව හා ඉංග්‍රීසි රාජ්ව අගයන්නත් ඕනේ අන්න නියම සහෝදරත්වය.මම ගෞරව කරනවා ඒ දෙන්නට.

    ReplyDelete
    Replies
    1. ඔව්.. කීයටවත් බ්ලොග් ලෝකෙ බෙදෙන්න දෙන්න එපා... කරුණාකරල හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේක දිහා සන්සුන්ව සාමකාමීව බලන්න.. දේව අයියත් අන්තිමට කියල තියෙන්නෙ ඒකයි... ගැටුමක් කියන්නෙ තවත් ප්‍රශ්නයක් මිස විසඳුමක් නෙමේ.. ගැමි අයියටත් බොහොම ස්තූතියි මුල ඉඳලම මේ අවුලෙදි අපි එක්ක ඉඳල අක්කගෙ හිත හැදුවට..

      Delete
  7. ගොඩාක් පිං අයියේ මේ වෙලාවෙ අපිත් එක්ක ඉන්නවට.. අක්කගෙ හිත ගොඩාක් සංවේදීයි.. මට දාහක් උදවු කරල තියනවා අමතක කරන්න බැරි තරමට... මට විතරක් නෙමේ.. අක්ක උදවු කරපු අනිත් අය මේක කියෙව්වොත් අනිවාර්යෙන් මතක් කරල යයි.. ඔය දඟය කියන මිනිහ මුලින්ම අක්කට බැනපු දවසෙ තමයි මට ඒක අහලා බ්ලොග් ලියන එකයි කියවන එකය් සේරම එපා උනේ.. මම වැඩිය ලියන්නෙ නැත්තෙ ඒකයි... මේ වෙලාවෙ අක්කගෙ හයියට ඉන්න හැමෝටම ගොඩාක් ස්තූතියි.. හැමෝටම පිං.. සුබ වෙසඟක්...!!

    ReplyDelete
  8. එකම නමින් දෙන්නෙක් හිටියට මොකද වෙන්නේ ? එහෙම අවුලක් නෑ. ඔය මගේ නමිනුත් කිහිපදෙනෙක්ම ඉන්නේ. ඉතින් මම ඕකට මරා ගන්නවා යෑ.

    ReplyDelete
  9. හිරු කියලා නමකට මරා ගන්න දඟයා පිස්සෙක්... ඌ බැන්නා කියලා බ්ලොග් එක දාලා ගිය හිරු ඊට වඩා පිස්සෙක්... කොහෙවත් යන වලියක් දාලා බ්ලොග් පොස්ට් එකක් දාපු උඹ ඊට වඩා පිස්සෙක්.. මේක කියවලා කමෙන්ට් එකක් කොටපු මම ඊටත් වඩා පිස්සෙක් බන්.....

    ReplyDelete
    Replies
    1. මන්දා... අභීත අයියට මේක දැනෙන්න නැතුව ඇති... ඒත් උඩින් බලනවට බලන්නෙ නැතුව ටිකක් ගැඹුරින් හිතන්න පුලුවන්නම් හොඳයි... උඩින් පේනවට වඩා මේක දරුණුයි... අයිය ඔය කිව්වට කාටවත් ම පිස්සු කියලනම් මම හිතන්නෙ නෑ.. මේ හැමදේම හින්ද අක්ක ගොඩක් අවුල් වුනා කියන එක මම දන්නවා.. අක්ක ඉන්න තත්වෙට ගිහින් හිතන්න පුලුවන්නම්...

      Delete
    2. අක්කා ඔය වගේ පොඩි දේවල් වලටත් ඔච්චර සැලෙනවා නම්..මනෝ වෛද්‍යවරයකුටවත් පෙන්නන්න. බ්ලොග් ලියනවා ෆේස් බුක් එකේ ඉන්නවා කියන්නෙ ජීවිතේ මහ ලොකු දේවල් නෙවෙයි. ජීවිතේ මහ ලොකු දේවල් එක්ක එන ප්‍රශ්ණ වලට අක්කා මූන දෙන්න ගියහම අනිවා සිය දිවි හානි කර ගනී..මල්ලි මම මේක කියන්නෙ අපහාසයට නෙවෙයි. ඇත්තටමයි.

      Delete
    3. බට්ටා... දැඟයා කියන්නෙ මගේ යාලුවෙක්... ඒත් ඌ මේ කරන වැඩේ වැරදියි ... .. ඒ වගේම ඌ මඩ ගහනව කියල බ්ලොග් එක නවත්තල මානසිකව වැටිල අප්සට් ගහල ඉන්නව කියන එකක මහ විකාරයක් බං... උඩින් පේනවට වඩා දරුණුයි කියන්නෙ යටින් උඩින් පේන් තරම්වත් දෙයක් නෑ ... මේ හැම දෙයින්ම අක්ක අවුල් උනානම් උඹට කරන්න තියෙන්නෙ මේක තේරුම් කරල දෙන එකයි එයාට... අක්ක පවු අක්ක පවු කිය කිය ඇවිත් එකෙක් තැලෙන කොට ඇවිත් තවත් තලන එක නෙවෙයි... ඔච්චර දෙයක්වත් තේරුම් ගන්න බැරි බබෙක් නං බ්ලොග් අවකාසෙ ඇවිල්ල ඉනන බැරිවෙයි මචං.. ඇනෝ කෙනෙක් ඇවිත් කුනුහරුප කිවුවොත් බෙල්ල වැල දාගෙන වෙන කාට හරි ඒ වගකීම පටලවාවි... ඒ වගේ අය බ්ලොග් අවකාසෙට එන්නෙ නැති එකමයි හොද... උඹල ඒවට උඩ ගෙඩි දෙන්න එපා... ඇත්ත තේරුම් කරල දීපං... අක්ක ඉන්න තත්වෙට ගිහින් හිතන්න මටනං ඕනෙ නෑ.. මොක්ද ම ආයෙ මොන්ඩි සෝරි මානසිකත්වෙට යන්න කැමති නැති නිසා...

      Delete
    4. තනි අලියාMay 6, 2012 at 9:08 AM

      ඔ්ක මෙහෙමයි බං! sensitivity කියල එකක් තියනව බං එ්ක උඹට නෑ! හැබැයි තියන අය ඉන්නව!

      Delete
    5. හ්ම්... මට තේරෙනවා.. ඇනෝයි පොඩි මෑනුයි කියන දේ මම කරපු දේට වඩා හරි.. ඒත් ඔය සිය දිවි නසා ගන්න වැඩේ නම් වෙන්නෙ නෑ... මට හිතන්නවත් බැරි දුකක් අක්ක විඳලා කොල්ලෙක් වෙච්ච මට වත් කරන්න බැටි වැඩ අක්ක කරලා තියනවා.. ඒත් මේක වැරදියට ම තේරුම් ගන්න එපා... මේක අක්කව නැලවීමක් කියල හිතන්නත් එපා.. මෙතන අසාධාරණේට විරුද්ධව කතා කිරීමක් විතරයි තියෙන්නේ.. එක එක්කෙනා එක එක විදියට බලන එක සාමාන්‍ය දෙයක් නේ.. ඒත් අසාධාරණේට විරුද්ධ වෙච්ච දේවා අයියට බනින එක වැරදියි නේද?? දේව අයිය නෙමෙයි මමයි වැරැද්ද කරේ... අක්ක ගිය ගමන් කලබල වෙලා මූණු පොතේ ස්ටේටස් එකක් දාපු එක.. ඒක නිසා දේව අයියට බැනල ඒ මනුස්සයගෙ හිත රිද්දන්නෙ නැතුව මට බනින්න ඕන එකෙක්.. මෙතන කිසිම කෙනෙක්ට කාටවත් වැරැද්ද පටවන්නවත් කාත් එක්කවත් රණ්ඩු වෙන්නවත් ඕනෙ නෑ කියල මම දන්නවා.. සේඒම අවුල වුනේ මගේ සහෝදරී එක්ක කතා කරන්න බැරි දුක ටිකක් වැඩි උන නිසයි.. සමාවෙන්න හැමෝම.. දේව අයිය වැරදි කාරයෙක් නෙමෙයි.. කියන දෙයක් මට කියන්න කියල ආපහු කියනවා.. ඕනම කෙනෙක් කෙලින් කියන්න.. තරහ වෙන්නෙ නෑ..

      Delete
    6. තනි අලියාMay 6, 2012 at 4:05 PM

      @Ano
      ඔ්ක මෙහෙමයි බං. එයාට මේ සීන් එකයි ඔයා කියන විදියෙ සීන් එකකුයි දෙකක් එකපාර උනා බං! :)

      Delete
  10. http://isuriuduwara.blogspot.com/2011/07/blog-post.html
    මේ කලකට ඉහතදි ලියපු තව කවිකාරියක්. එයා ආවහම මම කලේ මගේ පිටුවෙ පසුබිම වෙනස් කරලා අලුත් මුහුණතක් හදපු එක විතරයි. නැතිනම් පැටලේවි කියල හිතල http://emailkavikaari.blogspot.com/2011/08/blog-post_06.htmlමෙහෙම පෝස්ට් එකකිං කට්ටියට දැනුම් දුන්නා. එච්චරයි

    ReplyDelete
  11. බ්ලොග් එකක් කියන්නෙ දැනුම විනෝදය සඳහා කරන පුංචිම පුංචි විනෝදාංශයක්...මේක නොතේරෙන අයට කියල දෙන්න යන එකත් අපරාධයක්.....!!

    දැන් බලන්න 'රාජ්' ල දෙන්න......

    මම මගේ බ්ලොග් එකේ ලියන මේ ලෝකෙ මට හමු උන නරකම පුද්ගලයව නම් කරල තියෙන්නෙත් 'රාජ්' කියල..එතකොට රාජ් ල දෙන්නට එහෙනම් මොනා කියන්න කරන්න බැරිද? ඒත් එයාල ඇවිත් විහිලු කරල, කොමෙන්ට් කරල, යනව...

    ඇයි මිනිස්සුනේ මේ තරම් කුහක වෙන්නෙ..???????

    ReplyDelete
  12. ඔය හැමෝගෙම පෝස්ට් කියවලා,ඒවයේ තියන විවිධත්වය දැකලා පහන් හැගීමකින් ඉතාම මෑතකදී මේකට සම්බන්ධ වුනු කෙනෙක් මම.මේකේ ගැ‍ටුම් ආරවුල් ඇති තැනක් නොවෙනවා නම් පෞද්ගලිකව මම ඉතාම කැමතියි.මොකද මෙතනින් එලියෙදි අපි ඒවට ගොඩාක් මුහුණ දෙනවා.මෙතනවත් ඒවා නැති තැනක් වෙනවා නම්..........................? අනෙක දරුවනේ කාගෙවත් තර්ජන ගර්ජන වලින් සැලෙන්නේ දුර්වල මිනිස්සු. "දිරියෙන් ඉදිරියට".................! ජය.......!

    ReplyDelete
    Replies
    1. //මේකේ ගැ‍ටුම් ආරවුල් ඇති තැනක් නොවෙනවා නම් පෞද්ගලිකව මම ඉතාම කැමතියි.මොකද මෙතනින් එලියෙදි අපි ඒවට ගොඩාක් මුහුණ දෙනවා.මෙතනවත් ඒවා නැති තැනක් වෙනවා නම්//

      හ්ම් !!!

      Delete
  13. මම නම් බ්ලොග් කියවන්න අරන් මහ කාලයක් නැති හින්ද මේ "හිරු" අවුල ගැන එච්චර අවබෝධයක් නෑ. ඒත් මම දන්න විධියටනම් අකුරක්වත් වෙනස් නැතිව බ්ලොග් දෙකකට එකම නමක් ගන්න බෑ. ඒ අනුව "හිරුගේ කතාව" නමින් කලින් බ්ලොග් එකක් තිබුනද කියන එක සැක සහිතයි.

    "මව්බිම" පත්තරේ මුලින්ම කරන කොට ඒකටත් නඩුවක් වැටුනා. හේතුව "මව්බිම" කියන්නෙ කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පතක් නිසා. කොහෙමහරි අන්තිමට "මව්බිම"ට නීතිමය අවසරය ලැබුණා. ඒ නමින්ම පත්තරේ කරන්න...

    ඒ වෙනකොට කෙමියුනිසට් පක්ෂය කියන්නෙ කබල් මේසෙක දිරච්ච ලාච්චුවක තිබුණ කාවො කාපු රබර් සීල් එකක් විතරයි. එහෙව් පක්ෂෙක පත්තරේ.....??? ;);)
    "හිරු" නොසැලී දිගටම ලියන්න....

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ට් එක ++++++++++++++

      Delete
  14. මම දන්න ප්‍රායෝගික උදාහරනයක් දෙන්නම්. අග්නි ධාරා කියල ලියන නංගිගේ නම කලින් තිබේබේ 'නිසුගේ ලෝකය' කියල. ‍අපේ 'නිසුපා' ඉන්න නිසා එයා නම වෙනස් කලා අග්නි ධාරා කියල. කිසි ආරවුලක් ඇති වුනේ නැහැ.

    ඒ වගේම අපිට රාජ්ල දෙන්නෙක් ඉන්නවා.

    එකම නම තියෙන ගොඩක් අය ලංකාවෙ ඉන්නවා.

    පිටරට ටොමී මහත්තයා අපේ ගෙදර හිටපු බල්ලෙක් වෙන්න පුලුවන්

    * වැදගත් පෝස්ටුවක් දේවා. මේව බලල හැදෙන්න තියෙන තැන් හැදිලා අපිට හොද බ්ලොග් අහසක් ලැබෙයි.

    ජය !

    ReplyDelete
    Replies
    1. අග්නි ධාරා නංගිගේ බ්ලොගේ කලින් නම් "නිසූගේ ලෝකය" නෙවෙයි බං,"නිසපුගේ ලෝකය".

      මට නම් නම වෙනස් කරන්න තරම් අවුලක් වුනේ නෑ.මං ඒක නගාටත් කිව්වා...:))))

      Delete
    2. මාත් ලියන්න ගියේ මේ කමෙන්ට් එකම :)

      Delete
  15. එක්කෙනාගේ ආතල් විවිධාකාරයිනෙ බං~

    ReplyDelete
  16. පෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. යසිරු මල්ලි, තරහකට නෙවෙයි කියන්නේ !!! රැවුල ගිණි ගත්තම සුරුට්ටු පත්තු කරගන්න හදන්න එපා... හැම තැනම මේ වගේ කොමෙන්ට් කොට කොට ගිය දෙතුන් දෙනෙක් මීට කලිනුත් හිටියා. කරගත්ත වැඩක් නෑ චාටර් වුනා මිසක්... ඔයාගේ බ්ලොග් එක ගොඩක් හොඳයි... ඒකට අවශ්‍ය පිළිගැනීම ඉස්සරහදී ලැබෙයි... එක පාර ප්‍රසිද්ධ වෙන්න මේ වගේ වැඩ කරන්න එපා මල්ලී... තරහකට නම් නෙවේ කියන්නේ !!!

      Delete
    2. chathuranga ++++

      @යසිරු,
      මට තේරෙන විදියට මල්ලි උඹේ බ්ලොග් එකේ තනිකරම පොත් පිටපත් කිරීමක් කරලා තියෙන්නෙ, හරි ඒකත් කමක් නැහැ කියමුකෝ මොන ලබ්බකටද හැම පෝස්ට් එකක් යටටම ඇඩ් එකක් දාලා තියෙන්නෙ. අනික බලන බලන හුඟක් පෝස්ට්වල “පෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න“ කියලා කමෙන්ට් කරලා තියනවා. හිතනවද ඔය වැඩෙන් ඔය පැත්තෙ කවුරුවත් එයි කියලා. ඔය වැඩෙන් වෙන්නෙ නිකං පච වෙන එක විතරයි.

      සමස්තයක් විදයට ගත්තාම බ්ලොග් එක හොඳයි, ඔය යන යන තැන ඇඩ් දැමිල්ලයි, බ්ලොග් එක ඇතුලේ ඇඩ් දැමිල්ලයි නැවැත්තුවොත් තවත් හොඳයි. තරහට නෙවේ හැදෙන්නයි කිව්වෙ. ඔබට ජය!

      Delete
  17. අලේ මන්දා
    සිරාවටම මේවා..
    කාට කියන්නද

    ReplyDelete
  18. ඔය දගය කියන්නේ පොඩි එකෙක්. තවත් කියනවනම් අහංකාර මෝඩ කොලු පැටියෙක්. අනෙක් පුද්ගලයින්ගේ හිත් රිදවන එක උගේ විනෝදාංශය. අම්මගෙන් කිරි බීල තියෙනවනම් ඒ බීපු කිරි මතක් වෙන්න කාගෙන් හරි පාඩමක් ඉගෙන ගත් දාට ඌ හැදෙයි.

    අනිත් කාරණය බ්ලොග් එකේ නමට සමාන නමක් තිබ්බා කියලා කිසි කෙනෙකුට කිසිම දෙයක් කියන්න බැහැ. තමන්ගේ බ්ලොග් එකට වෙනමම ඩොමේන් එකක් තියෙන්නේ ඒකට තමයි. නිකන් ඔය මෝඩ කොලු පැටිය කැ ගැහුවට ඕව ගණන් ගන්න එපා සහෝදරී (හිරු).

    ReplyDelete
  19. ***මෙන්න මගේ කතාව***

    සොඳුරු සිතැති මිනිසාMar 17, 2012 12:35 AM

    ජිවිතේ ඔහොම තමා සහෝදරයෝ,ගණන් ගන්න එපා.ඒ දුක නැතිවෙන්න, " ගිය අයට දැනෙන්න,පේන්න" ජිවිතේ ජය ගන්න අලුත් අදහසක් හිතට අරන් දැන් ඉදන් වැඩ කරන්න.ඔබේ ජිවන සහකාරිය ඇය නොවේ.එකයි යන්න ගියේ.ගිය අය ගියා.බලෙන් තියා ගන්න එපා ,යන කෙනා කවද හිටියත් යනවමයි.බදින්න කලින් ගිය එක ගැන සතුටු වෙන්න.

    ප.ලි.
    මම ඔබේ බ්ලොගය නොදැක "සොඳුරු මිනිසා " නමින්ම බ්ලොගයක් පටන් ගත්තා.එත් දිනක් ඔබේ බ්ලොගය අහම්බෙන් මට නෙත ගැටුණු මොහොතේ ,ඔබ මට මිට බොහෝ කලකට පෙර එය පටන් ගත් බව දැක, වහාම මගේ බ්ලොගය "සොඳුරු සිතැති මිනිසා " ලෙස වෙනස් කලා.මුලින් එම නමින්ම පටන් ගැනීම ගැන සමා වෙන්න මිත්‍රයා........
    Reply
    සොඳුරු මිනිසාMar 17, 2012 01:21 AM

    අනේ මම URL එකවත් domain එකවත් බදාගෙන නෑ යාළු, හිතට ආපු නමක් මාත් දැම්මෙ ඔයත් දැම්මෙ, ඔයා කලින් නමට කැමති නම් සිංඩි වලින් අවුලක් නැත්නම් ඒ නමින් බ්ලොගේ කරගෙන යන්න මගෙන් කිසි අවුලක් නෑ, අදහස කියලා ගියාට ගොඩක් ස්තුතියි යාළු

    බ්ලොගේ දිගටම ලියන්න ජය වේවා

    ReplyDelete
    Replies
    1. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සොඳුරු මිනිස්සු.. දෙන්න ම... මගේ ඇස් වල සතුටු කඳුලු පිරෙව්වට ගොඩක් ස්තූතියි... දෙන්නට ම..

      Delete
  20. ඔය ඉරවල් දෙකේ සීන් එක නං මට මීටර් නැහැ, ඒත් මල්ලි උඹ මේ පෝස්ට් එක දාලා මේ කතන්දරේ ගැන කාටත් දැනගන්න වගේම මේ ප්‍රශ්නෙ කැමති නං ඔය ඉරවල් දෙකටම විසඳ ගන්න වේදිකාවක් හදලා දීපු එක ගැන නං මගේ උත්තමාචාරය, මොකද හුඟක් මිනිස්සු මේ වගේ ප්‍රශ්නයක් දැක්කාම අහක යන නයි මොකටද රෙද්ද අස්සෙ දාගන්නෙ කියලා අහක බලා ගන්නවා. ඒ අතින් මලේ උඹ කරපු වැඩේ අගය කරනවා මම .......

    ReplyDelete
  21. දේවා උඹ මේ පෝස්ට් එක දාපු එක හොදයි... ඒත් පැත්තක් ගැනීම වැරදියි... දඟය කරන වැඩේ වැරදියි... ඌට බැන්නත් කමක් නෑ... ඒත් කහිරුගෙ කතාවෙ පැත්ත ගනිපු එක වැරදියි... උබේ පෝට් එකේ එහෙම ගතියක් පේනවා.. එකෙක් බැන්න කියල දමල ගහල යන්න එච්චර වවාලද බං... තව කට්ටඉය එනව අක්කලගෙ මල්ලඉල බොහොම දුක් වෙච්ච... මල්ලිලට අක්කල ගැන එච්චර දුකනං අක්කට තේරුම් අක්‍රල දෙන එකයි.. මේ වගේ පෝස්ට් දාල එයාල තවත් බබාල කරන එකෙන් වෙන්නෙ අර එක්කෙන්ක් කරන්න ගියා වගේ බෙල්ල වලදාගෙන මැරිල කාගෙ හරි පිට වරද පටවාවි...

    ඒක නිසා මේ වගේ ප්‍රස්නෙකට කරන්න තියෙන හොදම වැඩේ වැරදි කරන එකාගෙ වැරද්දට බනිනව වගේම අසරන වෙච්ච ලාමක ටිං ටිං අක්කලට සුහු හුනු නොගා ඉදීමයි... එකෙල් බන්න කියල ඔච්චර අවුල් වෙනවද බං... බොරු ෂෝ... එහෙම වෙන්නෙ අක්කගෙ කදුලු පිහින්න ඉන්නවනෙ සූටි මල්ලිල...

    උඹ පෝස්ට් එක ලිවුව එක අවුලක් නෑ. හැමෝටම දැනගන්න.. ඒත් මානසිකව වැටිච්ච අක්කල නවලවන්න මෙතන මල්ලිල එන එකනං අමුම අමු බයිල...

    ReplyDelete
    Replies
    1. තනි අලියාMay 6, 2012 at 10:14 AM

      ඔ්ක මෙහෙමයි බං! හැම මිනිහෙක්ම මානසිකව වැටෙන්න වදින්න ඔ්න තැං තියනව බං! ඔයා මොන ලොකුකතා කිව්වත් ඔයාටත් තියනව. සමහරවිට තාම වැදිල නැති නිසා දැනිල නැතුව අැති!

      ඔයාටත් හරියට තැනට වැදිච්ච දාට (එහෙම නඅවේවා කියල පතනව) ඔයත් ළාමක ටිං ටිං තමා!

      Delete
    2. මම ප්‍රශ්නයක් අහන්නම් මුලු හිතින්ම අවංකව උත්තරයක් දෙනවනම් පොඩි මෑන් අයියේ... කරපු කිසිම වැරැද්දක් නැතුව ඔයාගෙ අම්මට, අක්කට, නංගිට කාටහරි කෙනෙක් බැනල ඒ අය ටිකක් අවුල් වෙලා හිටියොත් පොඩි මෑන් අයිය මොකද කරන්නේ??? අවංකව උත්තර නොදුන්නත් කමක් නෑ.. ඒ ගැන ටිකක් හිතල බලනවනම්.. ආපහු කියන්නෙ දේව අයියට බනින එක වැරඩියි...බනින්න ඕනෙ මටයි.. වැරැද්ද මගෙ අතේ.. සැකයක් නෑ.. අනික පොඩි මෑන් අයිය කියන ගොඩක් දේවලට මම එකඟයි.. සමහර ඒවට ඇර..

      Delete
    3. ඉතින් පොඩ්ඩෝ උඹම කියනවා දඟයා වැරදියි කියලා. දඟයා වැරදි නම් බං එතකොට ඉතින් හිරුගේ පැත්ත ගන්න වෙනවා නේ. මම ඔය සිද්ධිය ලොකුවට දන්නේ නෑ, හැබැයි කිසිම කෙනෙකුට අයිතියක් නෑ වෙන කෙනෙග්ගේ නමක් වෙනස් කරන්න කියලා තර්ජනය කරන්න. ඒ නිසා කිසිම කතන්දරයක් නෑ මම ගන්නෙත් හිරූගේ පැත්ත. අනිත් එක බං හිරු එළියයි, හිරුගේ කතාවයි කියන්නේ තනිකර දෙකක් නේ. එහෙම වෙලත් දඟයා ඔහොම හැසිරුණ එක කොහොමවත් අනුමත කරන්න බෑ.

      හැබැයි ඉතින් මම වැඩියෙන් බනින්නෙත් හිරුට තමයි. මොකද ඔහොම දේකට ඔක්කොම දාල යනවා කියන්නේ ජීවත් වෙන්න හරි අමාරුයි. මම ඒක ඒකිට කියලත් තියනවා. ඒක වෙනම කතාවක්, හැබැයි මෙතන ප්‍රශ්නයක් ඇති කලේ දඟයා නේ, ඒ නිසා ඉතින් හිරූගේ පැත්ත තමයි බං ගන්න වෙන්නේ.

      Delete
    4. මම කාගෙවත් පැත්ත ගන්නෙ නෑ... එක එක්කෙනා විවිදාකාරයි කියල මම හොදටම පිලි ගන්නවා. ඒවගේම හැම කෙනාටම දුර්වල තැනකුත් තියෙනව කියල මම පිලි ගන්නවා... මටත් එහෙමයි... ඒත් ඒ දුර්වල කමෙන් අපිට හානියක්නම් වෙන්නෙ ඒක වැරදිනං අපි හදාගන්න ඕනෙ... දගහ්ය හරි නෑ.. වැරදියි... හිරුහෙ කතාව ලියන සහෝදරීටත් ඔච්චර අප්සට් ගන්න දෙයක් වෙලා නෑ... එයා අප්සට් කිය කිය එකාගෙ කදුලු පිහිදාන්න ඔච්චර උවමනාවකුත් නෑ...

      @ බට්ටා ඇත්ත මචං අම්මට තාත්තට බැන්නම මට උනත් තදවෙන කාලයක් තිබුනා..... ඒත් ඒක වැරදියි... කොහේවත් යන එකෙක් අම්මට හු ### බැන්නොත් ඒක උගේ මානසිකත්වය හා උගේ තත්වය... මම ඕක පිලිඅරගෙන උඩ පැන්නොතින් තමයි මම ඒ වැඩේට ගිහින් තියෙන්නෙ.. ගනන් ගන්නෙ නැතුව් අදියනං.. අපි පිලිගත්තෙ නැතිනං එච්චර්යි... ඒකයි වෙන්න ඕනෙ දේ... මේ කියන මටත් එහෙම බැරි වෙන්න පුලුවන්... ඒත් ඒක වැරදියි.. ඒක පිලිගත්තොත් අපිත් මෝඩයො වෙනවා.. ඒකයි කියන්නෙ.. එහෙම පිලිඅරගෙන අඩාවැලපෙන කෙනෙක් හරි කෑගහන් කෙනෙක්ගෙ හරි පැත්ත ගන්නව කියන්න ඌත් මෝඩයා.. බට්ටා මම උඹට කිවුවෙ ඒකයි මචං..

      Delete
  22. මේකේ නම් ගනිද්දි අර ඊමේල් අර ගන්නවා වගේ එක නමින් දෙකක් තියෙන්න බෑ කියලා නීතියක් නෑ.. ඉතින් එකම නම තැන් කීපයක තියෙන්න පුළුවන් වගේම ඒ එකම නමින් ලියන අය එකට මුණ නොගැහෙන්නත් පුළුවන්.. මම ඉස්සරම පාවිච්චි කලේ "සිහින" කියන නම.. ඒනම ගොඩක් පාවිච්වි වෙන නිසා මම "වර්ණ" වලට මාරු උනා.. "වර්ණ" නම පාවිච්චි කරන තව අය ඉන්නවද කියන්න මම දන්නේ නෑ..

    ReplyDelete
  23. අමතක උනා මගේ " වර්ණ" වගේමනේ අපේ වර්ණා මන්දාකිණි නගානේ " වර්ණාගේ මතක" බ්ලොග් එක.. එයා ඒ නම වෙනස් කරද්දි මමමයි කිවුවේ එහෙම තියන්න මම "වර්ණ" ඔයා "වර්ණා" උනාම එකත් ලස්සනයිනේ කියලා.. :)

    ReplyDelete
    Replies
    1. ඇයි මම බට්ටි.. අපේ මලයා 'බට්ටා'ත් ඉන්නේ.....

      Delete
    2. අනිවා. මට මතකයි අයියා එහෙම කියුවා. මම එක කියන්න ගියා විතරයි කමෙන්ට් එක දැකලා ආවේ :) කෝ ඉතින් අපි ගහ මරා ගත්තේ නැහැනේ :)

      Delete
    3. හික්...මටනම් තාම සයුරු කෙනෙක් නැහැ වගේ :-\ ම්ම්ම්ම්

      Delete
  24. මේ දේ මම ආයෙමත් කියනවා මට මෙත්න කා ගැනවත් පුද්ගලික තරහක් වත් කැමත්තක්වත් නම් නැ.. මම කැමති බ්ලොග් ලොකේ හැමෝම එක පවුලක් වගේ ඉන්නවට.. දගයා මේ වැඩේ කරන විදිහ වැරදි කියලා මට දැනුන නිසායි මම මේහෙම පොස්ට් එකක් ලිවේ.. මට මේ ප්‍රශ්නේ අදාල නැ කියලා නොලියා ඉන්නවට වඩා හැමෝම මේක දැන ගන්න එක වටින නිසා..

    හිරු එලිය මෙතන වැරද්දක් කලා කියලා මට තාම නම් නොතේරේ. බට් හැබැයි ඉතින් ගොඩාක් සෙන්සිටිව් වෙන එකෙන් ජිවත් වෙන එක ටිකක් අමාරුයි තමා.. මොනවා උනත් බ්ලොග් ලොකේ හැමෝම එක පවුලක් වගේ වෙන්වාටයි මගේ කැමත්ත..

    ReplyDelete
  25. Raj සහ මම නං නිවුන්නු දෙන්නනේ. අපිනං වලි දාගන්නෙ නෑ. වලියට බර පොරවල් ඉන්නකොට අවුල් ඇතිවෙනව. එක නමෙන් දෙකක් නෙවේ ඊට වඩා වැඩි ගානක් තිබුනත් ටික දවසයි ටැපලෙන්නෙ. එච්චර අවුල් ඇතිකරගන්න ඕනෙයි ඕකට. :)

    ReplyDelete
  26. උඹලට පිස්සු බන්. භ්ලොග්ගින්ග් කියන්නෙ තවත් එක Sඔචිඅල් ණෙට්වොර්ක් එකක් විතරයි. මොනවද මේ බයිලා?

    1. සිංහල බ්ලොග් අවකාශය එකම පවුලක්ලු!
    2. අනිත් බ්ලොගර්ස්ලාට බනින්න එපාලු
    3. ගැ‍ටුම් ඇති කර ගන්න එපාලු.

    විකාර!

    සිංහල බ්ලොග් ලියන අති බහුතරයක් හිතාගෙන ඉන්නෙ තමන් Fඅචෙබූක් වලට වඩා එහා ගිය මහා සමාජ මෙහෙවරක් කරන වැදගත් පිරිසක් කියලා.

    ඇත්තම කිව්වොත් උඹලගෙයි. Fභ් එකේ විකාර නම් වලි ෆේක් ප්‍රොෆයිල් , ගෲප් හදාගෙන පිස්සු නටන කාලකන්නින්ට වඩා වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. කොහෙද යන පිස්සෙක්..

      Delete
    2. මන්ද මට ඔයාට කියන්න තියෙන්නේ ඔයා හරිම ක්‍රියේටිව් කියලා විතරයි. ලස්සන නමක් ඒත් එක ඇනෝ නේද? ඉතින් ඇහේ තියන පාරලේ අයින් කරලා එන්නකෝ.

      Delete
    3. සැබෑ කියවන්නානෙනි, බ්ලොග් ගැන කතා කරන්න කලින් අඩු ගානෙ බ්ලොග් හතරක් පහක්වත් කියවලා, ඒවට තියන ප්‍රතිචාර බලලා, මනසක් තියනවනම් විග්‍රහ කරලා, ඊ ළඟට තමන්ට කියල අනන්‍යතාවයක් හදාගෙන කොන්දක් තියන එකෙක් වගේ ඉස්සරහට ඇවිත් හිතේ තියන දේ කෙලින් කියන්න.. එතකොට මේ හැමෝම ඔය කියන දේ ගැන මීට වඩා බිංදුවක් හරි සලකල බලයි... ලියන එකා ලියන විලාසිතාව මොකක් උනත් කියවන එකාට දෙන්න හදන්නෙ හොඳ දෙයක් නම්, කියවන එකා ඒකෙන් රසයක් විඳිනවනම්, දැනුමක් ගන්නවනම් වෙන්න ඕනෙ ඒකයි.. දෙයක් ගැන නොදැන කතා කරන එක ටිකක් අවුල් කියල හිතෙන්නෙම නැද්ද?

      Delete
  27. බ්ලොග් එකක් නැති. ඒත් අහුවෙන හැම හොඳ නරක වල් පල් ආදර විරහ හිනා මනා වලි ජොලි කුනු හරුප එරොටිකා ඔය හැමදේම කියවන මම ඔන්න මේකත් කියෙව්වා...

    …මම දේවා එක්ක එකඟයි... පොඩි මෑන් එක්ක ඊට වඩා එකඟයි... පන්සල් හන්දිය එක්ක ඊටත් වඩා එකඟයි...

    …අර කතන්දර, විවේචන එකේ ලියල තිබුන මෙහෙම දෙයක්...

    …මේ ණයට ගත්තු කාලේ නිකං ඉන්න වෙලාවට කරන වැඩ ගැන මෙච්චර වාද විවාද වෙන්න ඕනෑද?

    ReplyDelete
    Replies
    1. තනි අලියාMay 6, 2012 at 5:47 PM

      පොඩිමන් එක්කනං එකඟ වෙන්න අමාරුයි පුතෝ! මිනිහ කරල තියෙන්නෙ තේරෙන නොතේරෙන ගානට ගඳයව සුද්ද කරපු එක විතරයි.

      හිත හදනව කියන වැඩේ දෙකයි පනහෙ මිනිස්සුන්ට කරන්නවත් තේරුං ගන්නවත් බෑ!

      Delete
    2. තනි අලියා.. උඹට මම කැමති මෙන්න මේ නිසයි... උබ කියන්න තියෙන දේය් කියනවා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක දැම්මාමත් එහෙමයි.... මෙන්න ඒකට මගේ ප්‍රනමය් පිලිගනින්...

      ද්ගයව සුද්ද කරන්නන්න දෙයක් නෑ.. ඌ වැරදියි.. මගේ යාලුව උනත් ඒකයි ඇත්ත... ඌට පිස්සු..නේවගේ දේකට ඇරගන්න එන්නෙ.. බ්ලොග් කියන්නෙ මොකද්ද කියල තේරුම් අරගෙබ නෑ ඌ.. ඒත් හැමෝම උගේ වැරදි පෙන්නන වෙලාවෙ අනිත් ඔඇත්තත් සර්ව සම්පූරන නෑ කියලයි මම කියන්නෙ.. අක්කලාගෙ පැත්තට ගොඩක් අය යනව හොයියා දාගෙන,,, අන්න ඒකයි මම කියන්නෙ... යාලු මිත්‍ර කමවත් සහෝදර කමවත් නිඔදන්න එකෙක් නෙවෙයි මම ඒත් මේවගේ අවස්තාවක කෙල්ලෙග්ගෙ පැත්ත ගන්න උන් වැඩියි කියලයි මම කියන්නෙ.. දඟයට කියන්න ඕනෙ හරියත් මම කියල තියෙන්නෙ... ඌ මගේ යාලුවා.. මම ඌට වැරද්ද තේරුම් කරල දුන්නා.. ඌ ආයෙ ඒක කරනවනං ඒක උගේ තියෙන මෝඬ කම

      Delete
  28. මම මේ පෝස්ට් එක දැමීම සම්බන්ධව ඇප්‍රිසියේට් කලා මිසක් වෙන මුකුත් කියන්න බැරි උනානෙ, ඇත්තටම බලපං මලේ අපේ මේ බොලොග් අවකාසේ පොඩි මෑන් කියල එකෙක් ඌට හිතෙන හැම එකම බ්ලොග් එකේ ඇදලා අරිනවා. ඌට කොච්චර නං කුණු කතා කියනවද, ඒත් ඌ නෙමේ සැලෙන්නෙ. ඌට දාන කමෙන්ට් ඕන එකකට උත්තර තියනවා. උදාහරණයක් විදියට, කවුරු හරි කිව්වොත් ඌ ලියන්නෙ කුණු හරප කියලා, ඌ කියන්නෙ කුණු හරප සාපේක්ෂයි කියලා. අන්න බලපං මල්ලි නියම ඩයල්. ඒ වගේ හොඳට බැලුවාම ඔය සිද්ධිය අධෝ වාතයක් තරමටවත් ගනන් ගන්න දෙයක් නෙමේ ...

    ReplyDelete
    Replies
    1. පංසල් අයියා... අපිට හැමෝම එක මිම්මෙන් මනින්න බෑ..මම ඉන්න විදියට වෙන එකෙක්ට ඉන්න බැරුව ඇති විශේෂයෙන් කෙල්ලෙක්ට.. ගෑනු පිටිමි අපි හැමෝම එකයි කියල උඩ පැන්නට අපේ මේ පුංචි රට ඇතුලෙ ගෑනියෙක්ට කවදාවත් පිටිමියෙක්ගෙ තැනට එන්න බෑ... කවදාවත්ම... මම හැම වෙලාවෙම හරිත් නැති වෙන්න පුලුවන්.. ඒත් මට මම හරි.. එයාට එයා හරි ඇති.. මට වඩා හොදියි කියල තියෙන දේයි මම කියන්නෙ.. මගේ විදිය හොදනං පිලිගත්තාවෙ නැතිනං ඒකත් එහෙම වෙච්චාවෙ.. ඒත් මුන් කියන් දෙයල් තේරුම් ගන්නෙ නැති හැටි... කැම්ති දෙයක් කරගනිපුවාවෙ.. තන්ගෙ මැට්ටං තන් මැට්ටං කියනවනෙ... :D

      Delete
    2. ඒ කතාව නම් සහතික ඇත්ත පොඩි මෑන් අයියේ.. අපිට නිතරම අපි හරි කියල හිතෙන නිසා තමයි අපි වාද කරන්නේ හැම දේටම.. ගොඩක් වෙලාවට ගැටුම් ඇති වෙන්නෙත් ඔය හේතුව නිසාදෝ කියල මට හිතෙනවා.. කොහොම උනත් හැම වෙලේම නැති උනත් ඔය මට මම හරි කියන සංකල්පය වැදගත් වෙන වෙලාවකුත් තියනවා.. අපි දෙයක් හරියටම දැන ගන්නේ ඔය සංකල්පයේ ඉඳගෙන වාද කරලනේ.. නැත්තං අපි හැමෝම වැරදි දේ අදහන මෝඩයො වෙයි.. කල්පනාවෙන් අවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කරන්න වටින අදහසක් ඒක..

      Delete
  29. කවුරු මොන දේවල් කිව්වත් අපි අපේ විදිහට ඉන්නවා න තමයි හොඳ.මනුස්සයෝ වුණහම හැම දේඅ දරා ගන්න පුළුවන් වෙන්න ඕනනේ.මම හැමදාමත් ගෞරව කරන්නේ හිස් අහස ලියන සඳරුගේ පිළිවෙතට.නැව ගිලුණත් බෑන්ඩ් චූන්.

    ReplyDelete
  30. මොකටද මේ නමකට ආරවුල් ඇතිකර ගන්නේ. තව මොන තරමි සිංහල භාෂාවෙ වචන තියනවද? හොඳම දේ සිත් තැවුල්, බිඳවැටීම් මැද ඉදිරිය සකස් කර ගැනිමයි.එකම නමින් කිපයක් තිබුණත් මොකද ලියන දේ කොපිවෙලා නැත්නම්. මීට වඩා සුහදශිලි අවබෝධයක් ගොඩනගාගැනිමයි වඩා වැදගත්.

    ReplyDelete
  31. හ්ම්.... මූනු පොතේ වැඩිය රෑට ඉන්නෙ නැති නිසා ඔය ජර මරේ දැක්කෙ නෑ.ඒත් හිරුගෙ කතාව යනවා කියලා තියෙනවා දැක්කා.මං ඒ බ්ලොග් එකට ගිහින් නෑ. දඟයත් සෑහෙන කාලෙකින් ලිව්වෙ නෑ.

    ඒත් නමක් කාටවත් වෙන් කරලා ගන්න බෑ නෙ නේද??? එක නම තියෙන අය මේ ලෝකෙ කොච්චර ඉන්නවද? බ්ලොග් ලෝකෙත් එහෙම තමයි..

    ReplyDelete
  32. උඹලට වෙන ප්‍රශ්න නැද්ද බං විසඳගන්න...........???????? තු: නෝදෝකිං

    ReplyDelete
  33. දගයා මමත් අදුනනවා. ඒත් කරපු වැඩේ වැරදියි. ඒකෙ දෙකක් නෑ. ගොඩක් දෙනා කිව්වා වගේ සංවේදී වෙලා බ්ලොග් ලියන එක අතඅරිනවානම් ඒකත් මෝඩකමක්. හැබැයි දොස් කියන එක අපේ ගොඩක් වුන්ගේ පුරුද්දක් වෙලා. එහෙම බනින බනින ගානෙ අපි කරන වැඩ අතඅරින්න ඕනෙ නෑ. මේ කොටසටනම් මම 100%ක් විරුද්ධයි.
    //සිංහල බ්ලොග් ලියන අති බහුතරයක් හිතාගෙන ඉන්නෙ තමන් Fඅචෙබූක් වලට වඩා එහා ගිය මහා සමාජ මෙහෙවරක් කරන වැදගත් පිරිසක් කියලා.
    ඇත්තම කිව්වොත් උඹලගෙයි. Fභ් එකේ විකාර නම් වලි ෆේක් ප්‍රොෆයිල් , ගෲප් හදාගෙන පිස්සු නටන කාලකන්නින්ට වඩා වෙනසක් නෑ.//
    සිංහල බ්ලොග්කරුවන්ගේ එකමුතුව ගැන දන්නේ නැති, එහෙම නැත්නම් ඒ කණ්ඩායමට එකතු වෙන්න බැරිකමක් තියෙන සමහරු තමයි ඔහොම කතා කියන්නේ. දන්නැත්නම් ඉතිහාසය දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසේ දැන්ගනින් හරියට, පොර් ටෝක් දෙන්න කලින්.
      ටැබු, බියොන්ඩ් ෆ්‍රේම්, කොලූ වගේ ප්‍රශස්ත මට්ටමේ රචකයෝ හිටපු සිංහල බ්ලොග් අවකාශේ දැන් ඉන්නේ දෙකයි පනහේ ලුම්පන් රචකයො, දේව්ගේ ලබ්බ, පොඩිමැන්ගේ කෝට්ට වගේ ගඳ ගහන සිල්ලර කරෝල කෑලි.

      Delete
    2. ඇනෝ මහත්තයා, පුංචි ප්‍රශ්නයක්... මේ පෝස්ට් එක ඉවර වෙනකං කියෙව්වද?? ඔය කියන විදියෙ අප්‍රසන්න දෙයක් නම් ඇයි මේ කියවල කොමෙන්ටුවකුත් කෙටුවේ??

      Delete
    3. දේවුට ලබ්බකුයි පොඩි මෑන්ට ජකොට්ටෙකුයි තියෙනවා.. ඒව කරෝල කෑලි වගේ ඟද ගනවා.. ඒ ඟදගහන කරවල කෑලි බල්ලෙක් හරි කාල බඩ පුරුව ගන්නවා... ඒත් අඩුම තරමෙ ඟද ගහන්නවත් වල්ලෙක්ට දෙන්නවත් ඇනෝට ලබ්බක්වත් නෑනෙ...

      Delete
    4. @AnonymousMay 6, 2012 06:15 AM,
      ටැබු, බියොන්ඩ් ෆ්‍රේම්, කොලූ මේ බ්ලොග් උඹට හොඳ වෙන්න පුලුවන් ගත යුතු දෙයක් තියෙන්නත් පුලුවන්, එහෙනං ඉතිං ලියන්න කියපං ආයෙත් එතකොට අපිට දැන ගන්න පුලුවන් දේව්ගේ ලබ්බ ද පොඩිමැන්ගේ කෝට්ටද එහෙමත් නැත්නම් ටැබු, බියොන්ඩ් ෆ්‍රේම්, කොලූ ද නැගලා යන්නෙ කියලා.

      බං මිනිස්සුන්ගෙ රස වින්ඳනේ එකිනෙකාට වෙනස් ඒක තේරුම් ගන්න බලපං මුලින්ම. උඹ හිතන්නෙ ටැබු, බියොන්ඩ් ෆ්‍රේම්, කොලූ කියවන අය තමා සම්භාව්‍ය රීඩර්ස්ලා මොකද උඹ කියන විදියට උන් ප්‍රශස්ත මට්ටමේ රචකයෝනෙ. අනික දේව්ගේ ලබ්බයි පොඩිමැන්ගේ කෝට්ටයි කියවන්නෙ තර්ඩ් ක්ලාස් එවුන් කියලද මොකද උන් දෙකයි පනහේ ලුම්පන් රචකයොනෙ.

      උඹට මේ දෙකයි පනහේ ලුම්පන් රචකයන්ගේ ඒවා හොඳ නැත්නං අහවල් එක කසනවද මේවා කියවලා කමෙන්ට් කරන්නෙ?

      උඹ ඔය උඩ තියලා කතා කරන ටැබූ උනත් අනාගත්ත තැන් තියනවා. ඒක නිසා තමා ටැබූට ලියන එකට තිත තියන්න උනේ. එහෙමයි කියලා මම කියන්නෙ නෑ ඒකෙන් උනේ හොඳ දෙයක් කියලා. මම කියන්නෙ ඔය උඹ කියන ප්‍රශස්ත මට්ටමේ රචකයෝ වගේම උඹම කියලා තියන දෙකයි පනහේ රචකයොත් මේ බ්ලොග් ලෝකේ ඉන්න ඕන.

      නිකමට පොඩි මෑන්ගෙ මේ පෝස්ට් එක කියවපං කොච්චර සංවේදීද කියලා. උඹ ඔය කියන ලුම්පන් රචකයන්ගෙත් හොඳ පෝස්ට් තියනවා.

      වියැකෙන මුදු සුසුම් හඬ
      සමග ගොරහැඬි රැවුම් හඬ
      ඇසී අවදිව පෙර දිනක
      සෙවුවා මම කෝ කොහෙද
      පැදුරේ නුඹ නෑ
      අනිත් කොන..

      මියැදෙන ලාම්පු දැල්ලට
      මැටි බිත්තියට මුවා වී හිද
      වලදන්න දී මත්
      රකුසෙකුට කුණු කය
      කැවුවා මට ඇනූ බත් ගුලි
      බඩගින්නෙ අඩන මා නලවන්න...

      සෙල්ලම් පිටිය පුරාවට
      පාසලේ කොට බිත්ති අතර මැද
      ගම්සභා පාර
      කඩමන්ඩියෙත් අද
      රැවුදුන්න හඬ හැමදාම
      නොදෝකින් අවජාතක
      වේසිගෙ පුතා උඹ....

      ආ බව නපුර අඳුරට මුවා වී
      දෙදරණ කුස්සි දොර කෑ ගසද්දී
      හොයන්නෑ පෙර වගේ මම නුඹ
      අවුල් කෙස් මැද ගිලුනු දෑසේ
      බෑ බලන්නට
      ඇති කඳුලු කැට...

      සින්න වූ පසුත් නුඹෙ
      උගස් කල ආලය
      දුන්න ඇති මට ඉඩ
      දකින්නට ලෝකය...
      වඩන්නට මා බිලිදී..
      නුඹ වතේ තාලය
      මතු බුදුවන්න කරපු පිං ඇති
      ආඩම්බරයි තව ඒ..

      Delete
  34. යකෝ හරි මගුලක්නෙ.. දැන් අපේ ජිවිතෙ ඇත්ත නමක් තියෙන එකෙක් සෙට් උනොත් ඌටත් මෙහෙම කුණුහරුපෙන් බනිනවද ඇයි යකෝ තෝ මගේ නම දාගත්තෙ කියලා ??

    ReplyDelete
  35. බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියල දැන ගත්තට අපේ බ්ලොග් කලාව ගැන නොදන්නා හාල් පාරුවෙක් කියපු ගොන් කතාවකුත් දැක්කා.. අනේ ඉතින් මුන් Real Reader ස් ලා කියලා උන් ම කියා ගන්නවා නේ.
    එක ම නමින් බ්ලොග් දෙකක් තියෙන එක නම් ටිකක් කරදරයි වගේ තමයි. ඒත් ඒක ප්‍රශ්නයක් නම් කතා බහ කරලා විසඳ ගන්න ඕන. නැතුව බනින එක නම් වැරදියි. මගේ අරුණැල්ල බ්ලොග් එක ගැන කිව්වම සමහරු අහනවා පේරේ කැම්පස් එකේ එකක් ද කියලා.. මම ලියන්න පටන් අරන් ටික කාලෙකින් තමයි දැන ගත්තේ ඒ නමින් පේරේ සමාජ සත්කාරය කෙරෙනවා කියලා. හරියට අපේ නෙලුම් විල වගේ. ඒත් එක වෙනස් කරන්න කියලා මට කවුරුවත් කිව්වේ වත්, මට හිතුනේ වත් නැහැ.. ඒ නිසා තාමත් මම අරුණැල්ල ලියනවා..

    ReplyDelete
  36. නමට ඔහොම මරාගන්නවා නම් තව කොහොම මරාගනීද තියන කන්ටෙන්ට්ස් කොපි කරලා තිබ්බනම්?

    ReplyDelete
  37. මට හිතෙන්නේ මීට පස්සේ මේ ගැටලුව ඇති නොවෙන විදියේ විසඳුමක් ගැන අදහසක් මට තියෙනවා. අපි ඒ වැඩේ ළඟදී ම පටන් ගන්නවා.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. කලින් නම් සහෝ අපි බුකියේ ඩොකියුමන්ට් එකක් අප්ඩේට් කරමින් උන්නා. ඒ හරහා අපි ගොඩක් බ්ලොග් ගැන දැනගත්තා.

      Delete
  38. සමගිය තියෙනවා නම් ඕන දෙයක් කතා කරලා විසදගන්න පුළුවන්.මාත් එහෙම කරා අච්චාරුව කියලා දාගෙන වෙන කෙනෙක් කොමන්ට් කරා එයාගේ බ්ලොග් එකත් අච්චාරුව කියලා.මං නිකමා එක කරද්දීත් මට අහුවුනා මට පස්සේ පටන්ගත්ත නිකමා නමින් බ්ලොග් දෙකක්.එයාලට තේරුම කරනවට වඩා හොදයි කියල මමම වෙනස් කරා නිකමා එක අරන් තිබ්බ ඩොමේන් එකත් මාරු කරලා

    ReplyDelete
  39. හිරු කියන්නේ මම මෑතකදී අදුන ගනිපු හොද හදවතක් තියෙන ඒවගේම හුගක් බුද්ධිමත් නංගියෙක්. එයා මට මමගේම සහෝදරියෙක් තරම්ම වටිනවා.මම දවස් දෙකකින් අදයි වැඩට ආවේ. ඒ එද්දී නංගා පණිවුඩයක් තියලා යන්න ගිහින්. මෙච්චර දවසක්ම එයා ඉවසුවා. මම කේන්ති අරගෙන ඇයි ඔයා ඔය තරම් ඉවසන්නේ කියලා අහද්දී එයා කිව්වේ නෑ අක්කේ මට කා එක්කවත් පැටලෙන්න ඕන නෑ කියලා. එයා ඒතරම්ම අහිංසකියක්. මුණු පොත වැහුවත් බ්ලොග් එක නතර කරන එකක් නෑ කියලා මම හිතනවා.හිරූ අපිට ඕන. හිරූ කියන නමින් බ්ලොග් සීයක් තිබුණත් කමක් නෑ. අපිට හොදයි කියලා හිතුනොත් අපි කියවනවා. එච්චරයි. බ්ලොග් එකේ තමන්ගේ නම වෙන අයට තිබුණට මොකද? අපේ උප්පැන්න සහතිකේ තියෙන නම කොයි තරම් නම් තියෙනවද?අපි එයාල එක්ක රණ්ඩු කරනවද මම ඔයාට කලින් ඉපදුනේ ඔය නම මගේ ඔයා නම වෙනස් කර ගන්න කියලා. කොහොමටවත් නෑ.
    තව කෙනෙක්ගේ හිතක් බිදලා, තව කෙනෙක් වට්ටලා , තව කෙනෙක් නැතිකරලා කරන දෙයකින් කිසිම දවසක කිසිම කෙනෙක්ට හොදක් නම් වෙන්නේ නෑ.......
    වෙසක් සතියේ කියන්න තියෙන්නේ අපි මේ ලෝකෙට එනකොට එන්නෙත් හිස් අතින් යනකොට යන්නෙත් හිස් අතින් කියලා.

    ReplyDelete
  40. බනියා කියල තියෙන කතාව ඇත්ත.... මගේ යාළුවො කීප දෙනෙක්ම ඉන්නවා සැබෑ ජීවිතයේදී එකම නම... ඉතින් ඔය අපූරුවට ඉන්නෙ... නමක් නිසා ඔය හැටි කෑගහනවා නම් දඟයාත් වැරදි... ඒකට බය වෙලා බ්ලොග් ලිවීම නවත්වන්න හදන හිරු අක්කත් වැරදි....

    ReplyDelete
  41. සෑහෙන්න බොන්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. වෙසක් එකට බාර් වහනවනේ

      Delete
    2. ඔන්න ඔබා මාමෙ අපි බොමු...

      Delete
  42. පුරුතුගීසීන්ගෙ නම් තියෙන පෙරේර ලා ඔහොම තමයි. උන්ට සිංහල නම්ගැන ඊරිසියායි. ඔහොම යනකොට උගේ නම තියෙන හැමෝටම ඔහොම බනියිනෙ.

    ReplyDelete
  43. විවේචකගේ බ්ලොග් එකත් කියවලයි මේ ආවේ... කාගේවත් පැත්ත ගන්න මට නම් වුවමනාවක් නෑ... එත් දැන් වෙලා තියෙන්නේ අනුන්ගේ දෙයකට අතදාන්න ගිය දේවාට කුණුගොඩ වැටිච්ච එක...

    හැබැයි ඒ වැඩෙන් දේවාටත් වාසියි... මේ ටිකේ දේවාගේ අඩවිය ගැන දන්නැති අයත් දැනගන්න ඇති.

    නම් ප්‍රශ්ණය ගැන නම් කියන්න දෙයක් නෑ. කියන්න ඕනේ ටික කොමෙන්ට් වලින් කියවිලා තියෙන්නේ... මට තියෙන ප්‍රශ්ණය මනුස්සකමක් ගැන කථා කරන එක, සහෝදරකම ගැන කථා කරන එක සමහරුන්ට පෙන්නන්න බැරි ඇයි කියලා... කුණුහරුප ගැනයි, කෙල්ලෝ එක්ක හෝටල් ගානේ ගිය ඒවයි, එක එක්කෙනාගේ අඩුපාඩු හොය හොය කුණු ගොඩවල් අවුස්සන පෝස්ට් පළ වෙද්දී ඇය ඒවට කවුරුවත් බනින්නැත්තේ ???

    නම් ප්‍රශ්නෙට පැටලුනු දෙන්නාම අඳුනන අය ඉන්න නිසා දෙගොල්ලෝ කථා බහ කරලා නම වෙනසක් කරගන්න උත්සාහයක් ගත්තා නම් හොඳයි ! ඉලංදාරියට, ජෙරූෂට, මධූෂානි ලට වචනෙකින් වත් උදව් කරපු නැති අය තමයි දැන් සහෝදර කැක්කුම ගැන කියන්නේ ??? :P


    පළ ඇති රුකටලු ගල් !!!

    ReplyDelete
  44. කලුගල් හරිම හයියයි නිකන් එක ඇඟිල්ලක් දිග්කරලා උට උබේ පැත්තට ඇඟිලි හතරක් නවාගත්තා වගෙ හිතුනා මොනා නම්ත් වැරදි තැනටයි ගැහුවේ.

    ReplyDelete
  45. raමට ආයෙමත් කියන්න ඕනේ නැ.. මම දගයාව දන්නවා... ගොඩාක් හොදට නම් දන්නේ නැ. මොකද සිහින බක් මහ උලෙලට ඇවිත් උන්න නිසා..

    ඔය බ්ලොග් අවුල ගැන මම දැනගත්තේ ෆේස් බුකියෙන්.... එක වැරදි කියලා මට හිතුන නිසා මම ලිවේ.. මොකද මේකේ තිම් එක නෙත් මානයේ ඇසෙන දකින හැමදේම කියන එකනේ..

    ඉතින් ඕක මම දැකපු දේයක්.. හිතුන නිසා කිවා වැරදියි කියලා... සමහර කමෙන්ට් දකිනකොට මට ඇත්තටම දුකයි.... බ්ලොග් ලියන්නේ විනෝදෙට මිසක් මේක නැති උනා කියලා මට වෙන පාඩුවකට හිතාගන්න බැ. මොකද මේක නිසා මට ලැබෙන සත පහකවත් ආදායමක් නැනේ..

    එක ඇනෝ කමෙන්ට් එකක් පබ්ලිශ් කරේ නැ.. මට නොතේරෙන දේයක් තිබුන නිසා කවුරු ගැනද කියලා ආයේ ලියලා තිබුනොත් දාන්නම්කෝ....

    මේ පොස්ට් එකේ ඇනෝලා ගොඩාක් ඉන්නවනේ ඔය අතරේ අපි දන්න කියන අය ගොඩාක් ඇති.. අනේ මුනට කියන ඔන දෙයකට මම නම් වැටෙන්නේ නැ... හා හොදයි මචන් කියලා හදා ගන්නවා වැරදි නම්..

    ඒ අතින් මම චතුරංග අයියාලා කල්හාර අයියලාව අගේ කරනවා කියන්න තියන දෙයක් මුනටම කියන එක ගැන..

    මම පිචං වෙලා කියලා තිබුනනේ අර පබ් නොකරපු කමෙන්ට් එකේ.... හා හොදා ඉතින් එහෙම අයත් ඉන්න ඕනනේ... හැබැයි ඉතින් ඔය බ්ලොග් එක විතරයි ජිවිතේ කියලා විතරක් හිතුවොත් නම් එතන ප්‍රශ්නයක්... එහෙම හිතන ඔය අයියා හෝ මල්ලි අනේ මන්දා ඔයා ගැන මම මොනවා කියන්නද?

    ReplyDelete
  46. මමනම් ගිය දවස් ටිකේ මුණු පොතේ හිටියේ නැති නිසා හිරූ ගිය කතාවක් දන්නෙත් දැනුයි. දගයා කියන කෙනාවනම් දන්නෙම නැහැ මම. එත් හිරූ කියන්නේ නිතරම මුණු පොතේ අපි එක්ක කතා කරන කෙනෙක්. ඒ නිසා මේ සිද්දිය කනගාටුදායකයි. නැවත හිරූ එයි කියලා විශ්වාස කරනවා..

    ReplyDelete
  47. මේ ප්‍රශ්නේ ගැන කතා කරලා විසඳ ගන්න පුළුවන්. එත් මොලයක් නැති මිනිස්සු හන්ද ඒක කර ගන්නත් බෑ. හිරු අක්කව මං හොඳට අඳුනන හින්දවත් දඟයා කවදාවත් දැකලවත් නැති හින්දත් හෝ කාටවත් බයේ ඒක පැත්තකට අදිනවත් නෙමෙයි. අනික සාධාරනෙට කඩේ යන එකේ වරද්දකුත් මම දකින්නේ නෑ. මොකද ඒක කඩේ යාමක් වෙන්නේ නෑ කොහොමත්.

    ඉස්සර ඉස්කෝලේ දෙක වසරේදී විතර සමහර යාළුවො තරහ වුනාම කරන්නේ ඉස්සෙල්ලම මං උගෙන් ගත්ත ඒවා ඔක්කොම ඌ ආපහු ඉල්ලා ගන්නවා. ස්ටිකර් මකන පැන්සල් වගේ ඒවා. වලිය දිගට දිගට ගියාම උගේ පැන්සල් කටර් එකෙන් මගේ පැන්සල උල් කරපු ඒවත් අරූ ඉල්ලනවා. තව උගේ මකනෙන් මකපුවත් ඉල්ලනවා. ඉතින් දෙයියනේ මම කල්පනා කරනවා මේවා දෙන්නේ කොහොමද කියල. උට කොච්චර තේරුම් කලත් උන් තේරුම් ගන්නේ නෑ මට ඒවා අපහු දෙන්නන බෑ කියල. මන් කල්පනා කරන්නේ මට පිස්සුද නැත්තම් උන්ට පිස්සුද කියල.

    මේකත් අන්න එහෙම වගේ එකක්. මේ ලෝකේ එකම නම ඕනේ කෙනෙක්ට තියෙන්න පුළුවන්. අනික අපි බ්ලොග් ලියන්නේ වෙන මොන මගුලටවත් නෙමෙයි. යාළුවො අඳුන ගන්න ඒවගේම තමන්ගේ හැකියාවන් දියුණු කරගන්න. ඒවා අගේ කරන පිරිසක් අඳුන ගන්න. එක එක අයට තව තව හේතු තියෙන්න පුළුවන් වගේම එක එක අය මේ ප්‍රශ්නේ දිහා ඕනේ විදිහකට බලන්නත් පුළුවන්. කියන දෙයක් තේරුම් ගන්න බැරි නම් කෙල්ලෙක්ට ඔය විදිහට තර්ජනය කරනවානම්, ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න බැරිනම්, මේකට මොකද කරන්නේ. මරාගෙන මැරෙන්නද ? බෑනේ.

    ජීවයක් නැති දෙයක් වෙනුවෙන් කුලල් කාගන්ඩ අපිට පිස්සුද. නෑනේ.

    දඟය ගේ නම හිරු අක්කගේ බ්ලොග් එකේ තිබුනට දඟයගේ බ්ලොග් එකේ තියන කිසිම දෙයක් හිරු අක්කගේ බ්ලොග් එකේ නෑ කියලත් මම දන්නවා. එහෙව් එකේ නමකට මේවගේ බ්ලොග් ලියන අය අතරේ තියන සහෝදර කම නැති කර ගන්න එක හරිද.

    කවුරු මොනවා කිවත් හිරු අක්ක බ්ලොග් ලියන එක නැවැත්තුව එක නම් අනුමත කරන්න බෑ. කවුරුවත් කාටවත් බයේ ජීවත් වෙන්න ඕනේ නෑනේ. කාගේවත් නමක් කාටවත් ගන්න බෑ කියල නීතියක් තියනවා කියල නෑනේ. (වෙළඳ නාම ගැන නෙමෙයි මම කියන්නේ)

    දේව් අයිය කරපු වැඩේ අගේ කරනවා.

    ReplyDelete
    Replies
    1. හිරුගේ පෝස්ට් මමත් කියවල තියෙනව... දේවාගෙ කතාව ඇත්ත... වැදගත් වෙන්නෙ බ්ලොග් එකේ නම නෙවෙයි... ඒකෙ ලියන දේවලුයි.. අපි කියවන්නෙ ඒකෙ ලියල තියෙන දේ මිසක්, නම නෙවෙයි...
      ඉතින් ඇයි නමකට මේච්චර දෙයක් කරන්නෙ..? අපේ නම වෙනෙ කෙනෙක්ට දැම්ම කියල අපිට රන්ඩු කරන්න පුලුවන්ද..? බෑනෙ.. ඉතින් මේක මහලොකු අවනඩුවක් නෙවෙයිනෙ..

      Delete
  48. ආ............ දේවක මල්ලි ....මාර ප්‍රශ්ණයක් නේද වෙලා තියෙන්නේ ?

    ReplyDelete
  49. දගයා ගැන නම් මම දන් නෑ..ඒත් හිරු අක්කා හොදට අදුනනවා...මටනම් තේරෙන විදිහට මේ දගයා හදන්නේ එයාට ප්‍රසිද්ධියක් ලබා ගන්න මේ සිද්ධියෙන්..අපි මේක ඇදන් යන්න යන්න මිනිහාට සතුටුයි...මොකද දගයා කියන එක ඒ නම තවත් ප්‍රස්ද්ධ වෙනවානෙ..කොහෙවත් නැති අතහැරලා දාපු බොලොග් එකක් ෆේමස් කරගන්න තමයි මේක කරනවා ඇත්තේ....කොහොම උනත් හිරු අක්කගේ හිත රිදෙන ගොඩාක් දේවල් කියලා තියෙනවා....හැමෝම එක වාගේ නෙමෙයිනෙ දුක සතුට උනත් දරාගන්න පුලුවන් විදි එක එක්කෙනා මත වෙනස් වෙනවා...කොහොමත් හිරු අක්කා බොලොග් කලාව දාලා යන් නෑ...එකෙක් නෙමෙයි දාහක් කෑගැහුවත් ඒ ගමන එයා යයි....මීට පස්සෙවත් මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට නොවෙන තැනට හැමෝම වග බලාගන්න එකයි වැදගත්..මම හැමදාම හිතපු දෙයක් තිබ්බා ඒ සිංහල බොලොගර්ස් ලා හැමෝම...එයාලා හැමෝම කරන්නේ ලොකු සේවාවක් ..අඩුම තරමේ බොලොග් එකක් ලියන්න ඔනැ කියලා හිතනා එකා සිංහලෙන් ටයිප් කරන්න හරි ඉගෙන ගන්නවා..ඒකම මදැ සතුටු වෙන්න..සිංහල වෙලා ඉපදිලා හරියට සිංහල කතා කරගන්න බැරි හරියට අකුරක් ලියා ගන්න බැරි මිනිස්සු ඉන්න රටේ අන්තර්ජාලයේ මේ වගේ සිංහල පිටු ලොකු ආඩම්බරයක්...හැමෝම එකා වගේ ඉන්න..සහොදරත්වයෙන් එකිනෙකාට උදව් කරගෙන..බොරුවට ලොකු ප්‍රස්ද්ධියක් ගන්න , මගේ එක තමයි හොදම බොලොග් එක මගේ එක තමයි ප්‍රස්ද්ධම එක..අරව මෙව්ව කිය කිය ලොකු ලොකු එව්වා දෙන් නැතුව සමගියෙන් හැමෝම වැඩ කරන්න...ඇත්තටම මේක ෆේස් බුක් එකට එහා ගිය සමාජ සේවයක් මම දැක්කා උඩින් රියල් රීඩර් කියලා වහු පැටියෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා මෙව්ව විකාර වැඩ කියලා මට නම් ඔය ඇනෝලා කියන්නෙ පෙන්නනම බැරි ජාතියක්. ඕකුන් බහුතරයක් කරන ලොකුම වැඩේ හැමදේටම වැරදියි වැරිදියි කියන එකම තමයි...ඒ වුනාට මොකා උනත් කියන්න දෙයක් තියනවානම් කොන්ද කෙලින් තියාගෙන කියාපල්ලා..හොද හෝ නරක හො විවේචන ඕන එකක් ඔව්ව ගැන සෑහෙන ලියන්න දෙවල් තියෙනවා...

    ReplyDelete
  50. මේකේ සමහර කමෙන්ට්ස් දැක්ක ම මට දුක හිතුණා. අපි එක පවුලක් වගේ බොහොම සහයෝගයෙන් කරගෙන යන බ්ලොග් කෙරුවාවේ හරි වටිනාකම ගොඩ දෙනෙක් හරිය ට හඳුනගෙන නෑ වගේ...

    ඇත්තට ම කිව්වොත් බ්ලොග් එකක ට දාන නම ට වඩා වැදගත් වෙන්නේ ඒකේ ලියන දේවල්. නම ට මුලින් ආකර්ශනය වුණත්, ලියන දේවල් වැඩක් නැත්තම් ඒ බ්ලොග් එක ට පැවැත්මක් නෑ...

    හිත ට එකඟ ව, තමන් කරන දේ හරිය ට කරනවා නම්, අනික් අය මොනවා කිව්වත් තමන්ගේ මාර්ගයේ ගමන් ගන්න ශක්තිය තියෙන්න ඕනේ. මේ වගේ සිල්ලර කාරණාවල ට තමන්ගේ වැඩ අත්හරින එක නම් අනුමත කරන්න බෑ....

    මේ වගේ ප්‍රශ්න එළි පිට කතා කරන එක හොඳයි අයියේ. එතකො ට හැමෝම ඒකෙන් ආදර්ශයක් ගනී නේ...

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
  51. මං බ්ලොග් ලියන්න කියවන්න පටන් අරගෙන තාම මස 2 ක් වත් නැ... මොන වුනත් හිරු අක්කා මට උදව් කලා මගේ බ්ලොග් එකට
    මං දන්නා තරමින් නම් හිරු අක්කා හොද කෙනෙක් ලියන ඒවත් ගොඩක් ලස්සනයි අක්කා අයෙ ඒ නමින්ම බ්ලොග් එක පටන් ගනී
    කියල මං බලාපොරොත්තුවෙන් ඉන්නවා ........ අපි කාටවත් බය වෙන් ඕනි නැ පල ඇති රුකටනේ ගල් ගහන්නේ
    ඔබට ජය ...............................

    ReplyDelete
  52. හප්පට සිරි...දැන් නේ වැඩේ තේරුනේ.....දැන් ප්‍රශ්නේ විසඳිලා නේ...ඒ ගැන සතුටුයි :)

    ReplyDelete
  53. නැවතත් හිරු ලියන නිසා දැන් ඉතින් කියන්න දෙයක් නැ,, ඉදිරියෙදිවත් නම් වලට ගැ‍ටුම් ඇති නොවෙනවානම් හොදයි.

    ReplyDelete
  54. දගයෝ...හිරු ටීවී බලනකොට, හිරු එෆ් එම් අහනකොට ගොඩක් තරහ යනවා ඇති නේද? මොකක් කරන්න ද මම‍ මේ පෝස්ට් එක දැක්කෙ ගොඩක් පරක්කු වෙලා. කාට කාටත් ජය වේවා!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....