ඔන්න දේව් ආසයි එකතු වෙනවානම් ඒත් බැරිනම් බලෙන් කරන්නත් බැනේ..

31 March, 2012

ඇයි ඇත්තටම මිනිස්සු මේ තරම් කපටි..... වංක

ඇත්තටම මිනිස්සු කියන්නේ පුදුමාකාර කොටසක්....  ජිවිතේ ගෙවාගන්න පුදුම දේවල් කරනවා... සමහර අය විනෝදෙට කරන දේවල් තවත් සමහරු ජිවත් වෙන්න කරනවා...

සමහර අයට නාන්න සල්ලි තියනවා...  සමහර අයට ජිවතේ ගැට ගහ ගන්නවත්  සල්ලි නැ.....

මම මේ රටේ දේශපාලනය ගැන කියනවා නෙමේ... උදේ පාන්දර මම දැකපු පොඩි සිදුවිමක් මට හිතගන්න බැරි උනා මොනවා නිසා එහෙම කලාද කියලා...

කැමට කඩයකට ගිය මට සල්ලි ගෙවන්න යනකොට කවුන්ටර් එක ලග පොඩි කථාවක්...

මමත් පොඩ්ඩක් අහගෙන උන්නා... උදේ පාන්දර අවුරුදු 40ක 45ක විතර අන්කල් කෙනෙක් මේ කඩෙන් කැම අරගෙන....

කැම කාල බිල ගෙවන්නේ නැතුව කියනවා උදේ පාන්දරනේ 2000ක් මාරු කරන්න නැහැනේ.. මම ශෙඩ් එකට ගිහින් මාරු කරගෙන එන්නම් කියලා....

ඇත්තටම ඉතින් උදේ පාන්දරම එහෙම කරන එක හරි නම් නැ තමා.. එත් ඉතින් කාපුවට සල්ලි දෙන එක මෙයාගේ වගකිමනේ..

කැශියර් අය්යා කියනවා කමක් නැ මහත්තයා 2000 දෙන්නකෝ මම මාරු කරලා ගන්නම් කියලා...
ඇත්තටම කාපු කැම වලට බිල රු 80ක් විතර.. එතකොට 1920ක්  ආපහු දෙනවා කියන්නේ ඉතින් කඩේ මාරු ටික ඔක්කොම ඉවරයි වගේ තමා...

(ඔය කට්ටිය යනවා වගේ මැක්ඩොනල්ඩ්, ........ වගේ ලොකු ලොකු ඒවට නම් නෙමේ මම යන්නේ)

එතකොට අර කාපු මනුස්සයා ආයෙමත් කියනවා ඒක මේ උදේ පාන්දර හරි නැ මම මාරු කරගෙන එන්නම් කියලා මිනිහා මාරු වෙලා ගියා...

ශොප් එකේ අනිත් අය මේක දැක්කද කියලා මට වැඩිය මිටර් උනේ නැ.. කොහොම උනත් වෙන කොහෙන් හරි ඕක මාරු කරගෙන ගෙනත් දෙනවට වඩා කාපු තැනින් මාරු කරගන්න එක වටිනවානේ.. එතකොට කාපු ඒවාවත් ඇගට අල්ලනවානේ..

ඇත්තටම මිනිහට සල්ලි නැතිවද?

බැනේ එක වෙන්නේ කොහොමද අතේ 2000ක් තිබුනනේ...

හැමදාම  ඔය 2000න් ද දන්නේත් නැනේ කන්නේ....

බලාගෙන යනකොට මිනිහාත් මාරයි...

ඇයි ඇත්තටම මිනිස්සු මේ තරම් කපටි..... වංක


අහ්.... පොඩි දෙයක් අමතක උනානේ කියන්න... මාව ෆලෝ කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි... මම දැන් 300 පහු කරලා

59 comments:

  1. කඩේ මුදලාලියා එලෝගෙන ගියේ නැද්ද? හැමදාම මාරුවෙන්නේ නැති 2000ද දන්නෑ......සල්ලි නිසා මිනිස්සුන්ගේ මනුස්සකම බල්ලට ගිහිල්ලා....

    ReplyDelete
    Replies
    1. සල්ලි නිසා ඇත්තටම එහෙම වෙලා තමා... කඩේ මුදලාලි... උදේ පාන්දර දානයක් දුන්නා කියලා වැඩ කරගෙන ගියා... කාලෙකින් දැක්කේ.... මේ දවස් වල වැඩ වැඩිද?

      Delete
    2. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි ම්නිස්සු කරන පින් පව් අනුව තමයි ඒ මිනිස්සුන්ට හැමදේම ලැබෙන්නේ සල්ල වුනත් එහෙමයි ඒ කෙනා කරපු දේට එයාට ඒ ප්‍රත්පලය ලැබේවි

      Delete
    3. කරපු දේවල් අනුව ප්‍රතිපල කොහොමත් ලැබෙනවා කියලා මමත් ඉගන ගෙන තියනවා... ගොඩාක් ඔය වගේ වැඩ කරන අය හිතන්නේ ඒ අයට එහෙම වෙන්නේ නැ කියලා.... ඒකයි ප්‍රශ්නේ..

      Delete
    4. වැඩක් කරන්න හිතෙන්නේ නෑ අප්පා..ගෙදර එන්න ලෑස්තිවෙනවා..ලබන සතියේ මම ලංකාවට එනවා..අවුරුදු කන්න....

      Delete
  2. Replies
    1. කාටද අග්නි.... මුදලාලිටද? නැත්නම් අර මනුස්සයාටද?

      Delete
  3. //කොහොම උනත් වෙන කොහෙන් හරි ඕක මාරු කරගෙන ගෙනත් දෙනවට වඩා කාපු තැනින් මාරු කරගන්න එක වටිනවානේ.

    ඉතිං හරිනේ මිනිහා කාපු තැනින් ඔය අපූරුවට මාරු වෙලා ගිහින් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කපු තැනින් මාරු කරගන්නවා කියන්නේ ඉතින් මාරු වෙලා යන එකද කනි........ කොහොම උනත් වැඩේ කැතයි බන්

      Delete
  4. උඹ මේ මොනවා කියනවද දේව්, අලුතෙන් ගෙයක් කුලියට ගන්න ගිහින් ඌත් එක්ක ගාන පොරොන්දු වෙලා එන දිනෙත් කියලා ඔක්කොම සෙට් කරගෙන ඉන්දැද්දි මූ ඒක දොස්තර කෙනෙකුට දීලා කියනවා දොස්තර කෙනෙක් තියාගන්න එක ගුරුවරයෙක් තියාගන්නවට වඩා හොඳයිලු.
    ඊලඟ ට වෙන ගෙදරක් හොයලා අර විදියටම පොරොන්දු වෙලා ඊට පස්සෙ මූ මග ඇරියා. බලනකොට වෙන එකෙක් තව පන්සීයක් වැඩියෙන් දෙන්න කැමතිලු. මම හොඳ වෙලාවට මිනිස්සුන්ව සහ උන්ගෙ වචන වැඩිය විශ්වාස කරන එක අත් හි‍ටුවලා තියෙන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සල්ලි මත්තේ මැරෙන මිනිස්සු ඇත්තටම දවසක පාඩමක් ඉගන ගන්නවා... මම දන්න කිප දෙනෙකුටම එහෙම උනා....

      ඔය වගේ ගෙදරක නවතින්න ආව කට්ටියක් මේ පැත්තේ ගෙයක්ම සුද්ද කරගෙන ගිහින් තිබුනා... (කලින් කට්ටියට වඩා මසෙකට රුපියල් 600ක් දෙන්නම් කියලා ඇවිත්)

      Delete
  5. හැබැයි ඉතින් එයා සල්ලි මාරු කරලා ආපහු ගෙනත් දුන්නද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ආහ්...... එහෙම කලා නම් කොයි තරම් හොදද? පස්සේ බස් එකක යනවා දැක්කා මම, සමහර විට බස් එකටත් ඒ පොතමද දන්නේ නැ....

      Delete
  6. යකෝ . . . එහෙම තමයි 2500න් මාසයක් නොමැරී ජීවත් වෙන්න කන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද අයියේ... ඒ 2500 කතාව (මල්ලි බබා)

      Delete
    2. @ඕනයා

      අන්න එකනේ අයියා...ඔහොම නොකෑවොත් ඉතින් ලොවෙත් නෑ

      Delete
  7. හයියෝ සල්ලි....

    කාපුවට ණය වෙන එක නම් චාර්ටර් නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කෝ මේක ණයකුත් නෙමේ මංකොල්ලයක්නේ.....

      Delete
  8. කැෂියර් එකේ හිටියේ හරකෙක්ද...? ඕකත් පොතක්.. මම දැකලා තියෙනවා අනන්තවත් බස් වලින් බස්සනවා.. හැබැයි ඉතින් නැති බැරි කම තමයි හේතුව..

    ReplyDelete
    Replies
    1. නැති බැරි කමට නම් අයියේ මොනවා හරි කරන්න බැරියැ.. තනිකරම මේක නම් වංචාව.....

      Delete
  9. කැෂියර් එකේ හිටියේ හරකෙක්ද...? ඕකත් පොතක්.. මම දැකලා තියෙනවා අනන්තවත් බස් වලින් බස්සනවා.. හැබැයි ඉතින් නැති බැරි කම තමයි හේතුව..

    ReplyDelete
  10. දේවා අය්යා කුරුණෑගලද මේ සීන් එක උනේ,කුරුණෑගල කඩවල් වල මුදලාලිලානම් ඔහොම යන්න දුන්නොත් පුදුමයි 5000 ක් දුන්නත් මාරු කරලා ගන්නවා

    ReplyDelete
  11. මිනිස්සු දැන් සල්ලි නිසා වල්මත් වෙලා ඉන්නේ....................

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත නංගෝ.... මිනිස්සු දැන් සල්ලි පස්සේ විතරමනේ දුවන්නේ

      Delete
  12. මුව ඉතින් උල තියන්න එපෑ.. කරල තියෙන අසමජ්ජාති වැඩේට.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... කෝ ඉතින් රජා ලා මුකුත් ඇක්ශන් එකක් ගන්නෙත් නැනේ

      Delete
  13. මමනම් හිතන්නේ ඕක කවදාවත් මාරු නොවෙන 2000ක්.. එකම කඩේට හැමදාම මෑන් යන්නේ නැතුව ඇති.. නැත්නම් ඉතින් කඩේ මාරු කරලා දෙන්නම් කියද්දිත් එහෙම කියන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා අයියේ.... නැත්නම් ඉතින් ඔහොම කරයිද?
      මොනවා උනත් දවසක කාගෙන් හරි හොදට කාවි මදි නොකියන්න කරපු හැම දේකටම

      Delete
  14. දැන් සමාජේ ඉන්නේ ඔය වගේ බහුතරයක්ම පහත්, කපටි මිනිස්සු. අනිත් මනුස්සයට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ වැඩේ කෙරෙනවා නම්...එත් කවද හරි තමන් කරන වැරැද්දට දඩුවම් ලැබෙනවානෙ..:(

    ReplyDelete
  15. කපටිකම් නැති වෙන්නෙ නෑ අයියෙ මිනිසුන්ගෙ......සුභ පතනව....!!!

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර කිවාත් එක නම් නැති කරන්න බැරි වෙයි තමා.... තැන්ක්ස් මල්ලි..

      Delete
  16. ඒ මනුස්සයා සල්ලි ආයෙත් ගෙනත් දුන්නද දන්නේ නෑ නෙව....? අද මං සහභාගී වුණු ධර්මා සාකෂ්ෂාවකදී හරි අපූරු කරුණක් ගැන අදහසක් ලැබුණා.. මේක කිවුවේ කුකුල්පනේ සුදස්සි හාමුදුරුවෝ.. රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ ගෝල හිමි නමක්..

    සමහරුන්ට පවු කරන්ට කරන්ට හරි යනවා.. සමහරුන්ට පිං කරන්ට කරන්ට හරි යනවා.. (මෙතන හරි යනවා කියන්නේ භව භෝග සම්පත් වැඩෙනවා කියන එක) තවත් සමහරුන්ට පිං කළා කියලා අමුතු සෙතක් නෑ.. තවත් සමහරු පවු කමක් කළොත් ඒකට ඉක්මණට රිටර්න් එක හම්බ වෙනවා (හරියට හොර කමක් කළොත් මාට්ටු වෙනවා.. වගේ..)

    1. වැනි කට්ටියට හරි යන්නේ ඔවුන් සාංසාරිකව පවු කිරීම ප්‍රගුණ කරලා තියෙන නිසා.. ඔවුන්ට පවු කිරීමේ වාසනා ගුණයක් හිමියි.. එවන් අය පවු කරන්ට කරන්ට බැබලෙනවා.. හැබැයි කවදා හරි නරකාදියක ඉපිද මහත් සේ දුකට පත් වෙනවා..
    2. වැනි පුද්ගලයා සාංසාරිකව පිං කිරීම ප්‍රගුණ කළ අයෙක්.. ඔහුට පිං කිරීමේ වාසනා ගුණයක් පිහිටලා තියෙනවා.. ඒ නිසා පිං කරන්ට කරන්ට හරියනවා..
    3. වැනි අය ට පිං කරලා ගත්තු සංසාර පුරුද්දක් නෑ.. එහෙම නැත්නම් ඒ වාසනා ශක්තිය මදි.. ඉතිං එයාලා පිං කම් කළාට ප්‍රථිඵල පේන්නේ නෑ.. මේ අය දැං වත් වීර්‍යය අරගෙන උත්සාහ වෙන්ට ඕන පිං කම් සංසාරික පුරුද්දක් බවට පත් කරගන්ට..
    4. වැනි අය කරන පොඩි වැරැද්දටත් දඬුවම් ලැබෙනවා.. ඒ පවු කරලා සංසාරයෙන් ගෙනා වාසනා ගුණයක් නැති අය.. ඒ අයට සංතෝෂ වෙන්න පුළුවන් තමන් සංසාරික පවු කාරයෝ නෙවෙයි කියලා.. තව තවත් උත්සාහ වෙන්න පුළුවන් සංසාරික පිං කාරයෝ වෙන්න..

    මේ හාමුදුරුවන්ගේ අදහස සංක්ෂිප්තව මිස හාමුදුරුවන්ගේ වචන නොවන බව කරුණාවෙන් සලකන්න.. ඔය අංක දැම්මෙත් මම.. හරි අංකනයේදී ඔයිට වඩා ප්‍රභේද ගණනක් තියෙනවා.. ප්‍රභේද 6ක් විතර..

    සමා වෙන්න කමෙන්ටුව දිග වැඩි ඇති..!

    ReplyDelete
    Replies
    1. කමෙන්‍ටුව දිග වැඩි වුනාට අයි අයියේ සමාව ඉල්ලන්නේ.. ගොඩාක් වටින දැන ගන්න ඕන කරන කරුණු ගොඩාක් නේ අයියා කියලා තියෙන්නේ.. ගොඩාක් ස්තුතියි මේ වගේ දේවල් බෙදා ගන්නවාට..

      Delete
  17. මුදලාලිට තිබුනෙ සමුසෙ ඉන්නවා මම සල්ලි මාරුකරල දෙකං කියල මිනිහා ටිකක් රස්තිදු කරන්නයි.එතකොට ආයෙ කරන්නෙ නෑ ඔය වැඩ

    ReplyDelete
  18. අද සමාජයේ ඉන්නේ බහුතරයක්ම පහත්, කපටි මිනිස්සු. අනිත් මනුස්සයට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ වැඩේ කෙරෙනවා නම්...එත් කවද හරි තමන් කරන වැරැද්දට දඩුවම් ලැබෙනවානෙ..:(

    ReplyDelete
  19. බීම බෝතලයක් බීලා පන්දාහේ කොලයක් දික් කරපු එකෙක්ට අපේ හන්දියේ කඩේ නැන්දා දුන්නා කොහු පාරක් . ඒ විතරක් නම් මදෑ පන්දාහ තියාගත්තා බීම බොටල් එකේ රුපියල් හතලිහ ගෙනද්දෙනකම් ..

    ReplyDelete
    Replies
    1. මම එතන උන්න නම් තව ඉදල් පාරකුත් දෙනවා....

      Delete
    2. ගොඩාක් ස්තුතියි මල්ලි මේ දේ කිවාට නම්.. ඔය පැත්තේ එනකොට මාරු කොළ ටිකක් අරන් එන්න ඕනා නැත්නම් ඉතින් ඉදල් කොහු පාරවල් කන්න වෙනවානේ..

      වින්චැට්කිරිල්ලි :අම්මෝ ඔයාගේ සැර..

      Delete
  20. මිනිහා වංක නෑ, අවංකයි ! හැබැයි කපටියි...එච්චරයි.
    මේකත් ඔය වගේ කතාවක්..
    කුඩා කොළුගැටයකු සමග සැලූනයකට ඇතුළුවන මැදිවියේ මිනිසෙක්...මුලින්ම මිනිහගේ කොණ්ඩය කපාගෙන කොළුගැටයාව පෙන්නලා බාබර්ට මෙහෙම කියනවා

    මිනිසා:-මම සිගරට් එකක් බීලා එනකල් මේ ළමයගේ කොණ්ඩෙ කපනවා....

    දැන් බාබර්, කොළුවගේ කොණ්ඩෙ කපලා...පවුඩර් එහෙම ගාලා තුවායෙනුත් තට්ටුවක් එහෙම දාලා
    කොළුවගෙන් මෙහෙම අහනවා

    බාබර්:-ඈ ළමයො මොකද දන්නෑ තාත්තා මෙච්චර පරක්කු...?
    කොළුවා:- ඒ තාත්තා නෙවෙයි
    බාබර්:- එහෙනම්...?
    කොළුවා:- මම පාරෙ යනකොට ඒ අන්කල් මගෙන් අහුවා "පුතා....නිකන් කොණ්ඩෙ කපාගන්න කැමතිද" කියලා....මම හා කිව්වා.

    ReplyDelete
  21. තව ඉස්සරහට මේ වගේ සිදුවීම් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේනම් නැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අක්කෝ.... ලෝකය කුරිරු වෙනවා ගොඩාක්..

      Delete
  22. මහ මෝඩ කැෂියර් කෙනෙක්නේ. මම නම් මළාට යන්න දෙන්නේ නෑ. 2000 තියාගෙන ඉතුරු ගන්න දවල් වෙලා එන්න කිව්ව නම් නැති සල්ලිත් අනිවා එළියට එනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මුදලාලිලා :P

      Delete
    2. ශික් ඕක කියන්න මට මතක් උනේ නැනේ.... ඔය කලින් කිවා වගේ ඔයාට නම් මේ ජොබ් එක නියමෙට ගැලපෙනවා බට්ටියේ.. මොකද කියන්නේ දාමුද හවුලේ කඩයක්...

      Delete
    3. දැනුත් නිකන් ලාවට ඒවගේ වගේ.අනාගතේනම් අනිවා වෙනවා :P
      හවුල් ව්‍යාපාරේ අදහසත් නරකම නෑ දේවා.

      Delete
  23. කඩේ ඉතුරු වලට හරියන්න සල්ලි තියනවා කියද්දීත් මු ලිස්සල ගියපු හින්දා ඌ ගැන පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න තිබුනේ. ඕනේ තරම් ඔය වගේ මිනිස්සු ඉන්නවා. අපි දන ගන්න ඕනි උන්ගෙන් බේරිලා ඉන්න. එත් අපිව උන් කොහොම හරි අන්දනවා. එක උන්ගේ සහජ හැකියාව.

    ReplyDelete
    Replies
    1. මට ඉතින් ඒක කියන්න යන්නත් බැහැනේ.... මොකද ඉතින් මගේ කඩයක් නෙමේනේ.. අපි ඇත්තටම පරිස්සම් වෙන්න ඕනා තමා මල්ලි.....

      Delete
  24. ඔහොම තමා බං මිනිස්සු.. මහ කපටි..

    ReplyDelete
    Replies
    1. හැමෝම අපි වගේ හොද නම් නැ තමා නේද සැම්........

      Delete
  25. බොලිවුඩ් වලත් ඉන්නවා කපටි යක්ෂයෝ

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා,,,,,,,,, දැන් ඉන්දියාවේත් මගේ බ්ලොග බලනවද?
      ඇති ඇති ඔහේ ඉන්නේ විශ්වාස කරන්න බැරි මිනිස්සු කියලා මටත් ඊයේ පෙරේදා තේරුනානේ....

      Delete
  26. අනේ මන්දා මලේ.ඕවා ඊළඟ ආත්මෙදි හම්බ වෙයි.මාරු නැති වෙන වෙලාවල් තියෙනවා තමා.ඒත් ඔහොම ශේප් වෙලා යන එක මහ පව් වැඩක්. වෙලාවට මහ ලොකු ගානක් නොවුනේ.

    ReplyDelete
    Replies
    1. මාරු නැතිම වෙලාවකනම් ඔහොම ලොකු කොළ දුන්නට කමක් නැ අක්කෝ.. එත් එහෙම දිලා මාරු කරලා දෙන්නම් කිවහමත් ඉතින් මාරු වෙලා යන එකනේ මෙතන ප්‍රශ්නේ....

      Delete
  27. අපිට නම් ඔහොම මුදලාලිලාව සෙට් වෙන්නේ නැහැ බං :)
    ඔය වගේ වැඩ කරන උන්ට එවෙලෙට සතුටු වෙන්න පුළුවන් වුනාට කවදාවත් ඇත්තටම සතුටු වෙන්න බැහැ බං කවදාහරි හොද හෝටලේකින් කන්න ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිට ඔහොම සෙට් උනත් බන් එහෙම කරන්න හිතෙන එකකුත් නැ.. මොනවා උනත් ඇත්තටම ඕක පුරුද්දක් විදිහට කරනවා නම් වැඩි කල් කරන්න වෙන එකක් නම් නැ තමා

      Delete
  28. කමෙන්ට් කිහිපයක්ම ස්පැම් ගොඩට ගිහින්.. ඒවා පබ්ලිශ් නොවිම ගැන විමසමින් මාව දැනුවත් කල අයට ගොඩාක් ස්තුතියි.. ඒ වගේම ඒවට ඉක්මනටම පිලිතුරු සපයන්නම්.... ඒවා මැද තියනකොට පහල ඒවට පිලිතුරු සපයලා කියලා හිතන්න එපා ඒවා ස්පැම් වෙලා තිබිලා දැන් පබ්ලිෂ් කලේ..

    ReplyDelete
  29. මාර සීන් එක නේ !!!

    ReplyDelete

ඔබේ වටිනා කාලයෙන් මොහොතක් මෙහි අකුරු කරන්නට වැය කරනවාට ගොඩාක් ස්තුතියි...... Follow & Comment ශක්තියක් මට.....